6/14/2015

ජවිපෙ හාන්සි කළ සිරි අයියාගේ මල්ටි බැරල් ප්‍රහාරය...

කතෘ:යුතුකම     6/14/2015   No comments

සෝමවංශ අමරසිංහ නොහොත් 'සිරි අයියා' යනු ලාංකීය දේශපාලන කථාන්දරය තුල 'ජනතා විමුක්ති පෙරමුණ' යන නාමය නොමැකී යන තුරු නොමැකී යන ඒ හා තදින් බැඳුනු නාමයකි... ඒ ගැන වාද විවාද ද අවශ්‍ය නොවේ... මක් නිසාද යත් 87/90 ධවල භීෂණයෙන් කුඩු පට්ටම් වී අළු දූලි වී ගිය 'පක්ෂය' ඉතා දුශ්කර වටපිටාවක් තුල වසර කිහිපයකදී දෙපයින් සිටු වීමට තරම් උපක්‍රමශීලී තීන්ඳු තීරණ ගැනීමේදී 'සිරි අයියා'ගේ අත්දැකීම් දැණුම කොතරම් තීරණාත්මක වූවා දැයි එකල පක්ෂය ගොඩ නැගීම වෙනුවෙන් දර දිය ඇදි කිසිවෙකුට නොදැනුන දෙයක් නොවේ...

සියල්ලේ 'අනිත්‍යය' තහවුරු කරමින් එසේ ජවිපෙ නැවත ගොඩනගන සටනේ තීරණාත්මක නායකයා වූ සිරි අයියා ද පක්ෂය හැර පියා තනියම පාරට බසින්නේ...
ජවිපෙ නැවත ගොඩනැගීමේ දුශ්කර කටුක සටනේ අමිල සේවයක් පක්ෂයට කල විවිධ හේතූන් නිසා පක්ෂයෙන් වෙන් වූ නායකයන්ගේ සිට බිම් මට්ටමේ සාමාජිකයන් දක්වා 'වත්මන් ජවිපෙ නායකත්වයට' එල්ල කල පොදු චෝදනා රැසක් එල්ල කරමිනි....

සිරි අයියා.. ජවිපෙ 'දේශපාලන මණ්ඩලය'ට පසුගිය දා ' මල්ටි බැරල් රොකට් ' ප්‍රහාරයක් එල්ල කරන ලදී... ඔහුට අනුව...

* 'නව' ජවිපෙ යනු තවදුරටත් රෝහණ විජේවීර ගොඩ නැගූ ජනතා විමුක්ති පෙරමුණ නොවේ...
* 'නව' ජවිපෙ කිසියම් කණ්ඩායමක පදයට නටන.. 'ඔඩොක්කු කුක්කන්' පිරිසක් බවට පත් වී ඇත...
* විවිධ පර්ශව වලින් 'මුදල් කුට්ටි' ජවිපෙ වෙත ගලා එමින් ඇත....
* විජේදාස රාජපක්ෂගෙන් ලක්ෂ 25ක් ගත් බවට අනුර කුමාර දිසානායක පක්ෂය දැනුවත් කර නැත... චෝදනාව ප්‍රතිශේප කොටද නැත...
* අනුර කුමාර දිසානායක බොහෝ වැඩ කරන්නේ දේශපාලන මණ්ඩලයට දන්වා නොවේ..
* අනුර කුමාර දිසානායකගේ හඩ පිටුපස සැඟවුනු අලි පැටවු ඇත...
 
මේ ප්‍රබල චෝදනා බිඳ දමන්නට ජවිපෙ දේශපාලන මණ්ඩලය නියෝජනය කරන කිසිඳු නායකයෙකු මේ දක්වා සමත් වී නැත... ඒ වෙනුවට ඔවුන් 'ප්‍රසිද්ධියේ සරම කැඩී නිරුවත් වුනු' එකෙකු කළඹල වන්නේ යම් සේ ද එසේම හැසිරෙමින් ඇත... හදිසියේම මෙතෙක් නොතිබුනු 'බොළද' 'සිව්මැලි' එජාප විරෝදයක් මවා පාමින් තිබෙන්නේ ලිඳ ලඟ සංගමයකට ගිය එන්සිනාගේ 'විවේචන' සිහිගන්වමිනි...

එහෙත් අපේ 'ලක්' එකට බුකියේ අපට හමුවන... නිතරම ජවිපෙ දේශපාලන මණ්ඩලයට පවා සහභාගී වන... සෝමවංශ අමරසිංහටත් වඩා ජවිපෙ ගැන දන්නා... 'භක්තිමත් බුකී විප්ලවකරුවන්' නම් පක්ෂයෙන් යන ඕනෑම 'හිටපු' ආදරණීය සහෝදරයෙකුගේ ඇගේ අලවන 'ද්‍රෝහියා' 'ධනපතියන්ගේ කටු ලෙවකන්නා' 'කුණු ගොඩ' 'ප්‍රතිගාමියා' වැනි ලේබල් සෝමවංශ අමරසිංහගේ ඇග පුරාම අලවන්නට තරම්... තම නායකත්වය ගැන ඇති 'දේව භක්තිය' 'විශ්වාසය' 'ඇදහිල්ල' හා 'වන්දනාව' මොනවාට පෙන්වා ඇත.

-විශ්ව චින්තන

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions