1/20/2017

රටේ ආර්ථිකය මරණාසන්න කළ රට විකුණන ආර්තික ඔස්තාර්ලා...

කතෘ:යුතුකම     1/20/2017   No comments
ආර්ථිකය අද මරණාසන්න වී ඇත්තේ දෙන බේත්වල වරදින්
-ආචාර්ය ලලිතසිරි ගුණරුවන්

දශක ගණනාවක්‌ තිස්‌සේ අපේ රටේ ආර්ථිකයේ මතුව ආ අර්බුදය අද බරපතළ තත්ත්වයකට පත්ව ඇති බව සියලු දෙනාම පාහේ පිළිගන්නා කාරණයකි. මේ අර්බුදයෙන් ගොඩඒම සඳහා පස්‌ අවුරුදු, දස අවුරුදු ආදී සැලසුම් නොයෙක්‌ වර ක්‍රියාත්මක වුවද අර්බුදය දිනෙන් දින බරපතළ වූ බවද කවුරුත් දනිති. කවර රෝගයක්‌ වුවද නිසි ලෙස විනිශ්චය නොකර නිවැරදි ප්‍රතිකාර ලබා නොදුනහොත් රෝගියා මියයන ලෙසින්ම වැරදි රෝග විනිශ්චය සහ නිවැරදි ප්‍රතිකාර නොලැබීමෙන් අපේ ආර්ථිකය අද මරණාසන්න වී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලලිතසිරි ගුණරුවන් පවසයි. වර්තමානයේ අපේ රටේ මතුව ඇති ආර්ථිකයේ අර්බුදයට හේතුව සහ ඊට විසඳුම පිළිබඳ ආචාර්ය ලලිතසිරි ගුණරුවන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකි මේ.

ඔබ දකින විදියට අපේ රට අද මුහුණ දීල තිබෙන ප්‍රධාන ආර්ථික අභියෝග මොනවද?
අද කවුරුත් පිළිගන්න අපේ රටේ ආර්ථිකයේ තිබෙන අර්බුදය නොවිසඳී එය එන්න එන්නම උග්‍ර වීමට හේතුව අපේ රටේ ආර්ථික විශේෂඥවරු මේ රෝගය විනිශ්චය කරගත් ආකාරය සහ ඊට නියම කළ බෙහෙත් නිවැරදි ඒවා නොවීම බවයි මගේ අදහස.

අපේ රට අද මුහුණදීල තිබෙන ප්‍රධාන ආර්ථික අභියෝග ගණනාවක්‌ තිබෙනවා. අපේ රටේ ගෙවුම් ශේෂයේ අද ඇතිවී තිබෙන ප්‍රශ්නය එහි අංක එක ලෙසයි මම දකින්නෙ. මෙය කාටත් තේරෙන විදිහට කිව්වොත් ගෙදරක ආර්ථිකය පිළිබඳ තිබෙන ලොකුම අර්බුදය හටගන්නේ ලැබෙන ආදායමට වඩා වියදම් කළොත්. අපේ රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක්‌ වන්නේ අපනයන වගේ දෙගුණයක්‌ ආනයනය කිරීම. එනම් ආනයන සඳහා අපි පාවිච්චි කරන විදේශ සම්පත් ප්‍රමාණය අපනයනවලින් උපයන විදේශ සම්පත් ප්‍රමාණය වගේ දෙගුණයක්‌. මේක හරියට ලැබෙන ආදායමට වඩා දෙගුණයක්‌ වියදම් කරන ගෙදරක්‌ වගේ. මෙහෙම වෙනකොට බරපතළ අර්බුදයක්‌ මතුවෙන බව තේරුම් ගන්න ආර්ථික විද්‍යාවක්‌ උවමනා නෑ. ගෙදරක වුණත් සමහර මාසවල ආදායම අඩුවෙනව. එතකොට ණය වෙනව. එවැනි උච්චාවචන තියෙන්න පුළුවන්. හැබැයි ඊළඟ මාසෙ වැඩිපුර වැඩකරල ඒ ණයත් බේරගෙන ගියොත් තමයි අර්බුදයක්‌ නැතුව යන්නෙ. හැම මාසෙකම ආදායමට වඩා වියදම් කරනව නම් ණය බේරන්නත් ණය ගන්නව නම් අන්තිමට ගෙයයි ඉඩමත් විකුණන්නත් වෙනව.

අපේ රට දැන් දශක ගණනාවක්‌ තිස්‌සේ මේ අර්බුදයට මුහුණ දෙමින් නේද ඉන්නෙ? ඇයි ඒ?

මේක මේ අද ඊයේ ඇතිවෙච්ච අර්බුදයක්‌ නෙමෙයි. මම කියන්නෙ 1975 ට පස්‌සෙ. 1975 පමණ කාලයේ මේ අර්බුදය ඇතිවුණත් එය යම් තරමකට පාලනය වීමේ ක්‍රමයකුත් තිබුණ. ඒ තමයි ආර්ථිකයේ මතුවුණු හිඟයට ගැලපෙන්න විදේශ ඉපැයීම් වෙන පැතිවලින් කළා. සංචාරක කර්මාන්තයෙන් යමක්‌ ඉපයුවා. සංචාරක කර්මාන්තයෙන් ඉපයූ ඩොලර් ටික ත්‍රස්‌තවාදී යුද්ධයත් සමඟ අපට නැතුව ගියා. ඊළඟට ඇඟලුම් කර්මාන්තය පදනම් කරගත් අපනයන තුළිනුත් විදේශ ඉපැයීම් කළා. එය අදත් යම් තරමකට පැවතුනත් එය යායුතු මට්‌ටම් දක්‌වා එය ප්‍රවර්ධනය කරගෙන නැති බවයි මගේ අදහස. ඊළඟට මේ හිඟය පියවගන්න ගත්ත පියවර තමයි අපේ කාන්තාවන් විදේශ සේවයට යෑවීම. ඊළඟට තේ, රබර් සහ පොල් වගාවන්ගෙන්. විශේෂයෙන් තේ වගාවෙන්. තේ දලු නෙළීම ඇතුළු තේ වගා කටයුතුවලටත්, ඇඟලුම් කර්මාන්තයටත් විදේශයන්හි ගෘහ සේවයටත් වැඩිපුරම යෙදෙන්නෙ කාන්තාවො. ඔවුන් අති දුෂ්කර, වහල් මෙහෙයට සමාන මෙහෙයක යෙදිලයි අපේ රටට ඩොලර් උපයන්නෙ. අපේ කාන්තාවො වහල් මෙහෙයෙ යෙදිල මේ උපයන ආදායමෙන් අද රටේ එක්‌තරා පිරිසක්‌ සුඛෝපභෝගී ජීවිත ගත කරනවා නේද? පිටරටින් ගෙන්වන අත්‍යාවශ්‍ය නොවන භාණ්‌ඩ සඳහා ඒ ආදායම වැයකරනවා නේද? දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි බොහෝ දේ පිටරටින් ගෙන්වනවා නේද?

ආනයන අපනයන හිඟය පාලනය කරගන්න කළ යුත්තේ අපේ රටේ නිෂ්පාදන දියුණු කිරීමයි. අපනයන ප්‍රවර්ධනය කිරීම වරදක්‌ නොවෙයි. නමුත් ඊට ඩොලර් වියදම් කිරීම තරමටම ඩොලර් ඉතුරු කිරීමටත් අපි අවධානය යොමු කළ යුතුයි. අපි කිරිපිටිවලට කොයිතරම් වියදම් කරනවද? කිරිපිටි රට ඇතුළෙම නිෂ්පාදනය කරල වැඩි මිලකට ගත්තත් එයින් රටේ ආර්ථිකය ශක්‌තිමත් වෙනවා නේද? ඒ වැඩිපුර මුදල යන්නේ අපේ රටේ කිරි ගොවියට නේද? එක්‌ අවස්‌ථාවක ආර්ථික සමුළුවකදී අනුර කුමාර දිසානායක මහතා මේ ගැන අපූරු කතාවක්‌ කිව්වා. හම්බන්තොට සෝමක්‌කා එයාගෙ හරකුන්ගෙන් දොවා ගන්න කිරි ගෙනිහින් කිරි මධ්‍යස්‌ථානෙකට අලෙවි කරනවා. ඒ කිරි ටික බවුසරයකින් කිලෝ මීටර් 200 ක්‌ ගෙනියනවා අඹේවෙලට. අඹේවෙල කර්මාන්ත ශාලාවෙදී කරන්නෙ මේ කිරිවල වතුර ටික අයින් කරල ඒවා පිටි කරන එක. ඒ පිටි ටික ලොරියක දාගෙන තව කිලෝමීටර් 200 ක්‌ ඇවිත් කොළඹට එනව. කොළඹදී පැකට්‌ කරල රුපියල් 450 - 500 වගේ මිලක්‌ දාල ආපහු හම්බන්තොට යනව. හම්බන්තොට සෝමක්‌කගෙ ගෙදරට අල්ලපු ගෙදර ඉන්න කමලක්‌කා ඒ කිරි පැකට්‌ එක කඩෙන් සල්ලි දීල අරගෙන වතුර දාල බොනව. අපේ රටේ ආර්ථික විශේෂඥයොයි කළමනාකරණ විශේෂඥයොයි ප්‍රතිපත්ති තීරකයොයි අපේ රටට උරුම කරල තියෙන ආර්ථිකය මේකද? මේ කිරි ටික රට වටේ ගෙනිච්චෙ වතුර ටික අයින්කරල දාල ආයෙමත් වතුර දාල බොන්නද? දියර කිරි විදිහටම ඒ කිරි ටික බිව්ව නම් නරකද? වෙළෙඳ ප්‍රවර්ධනයක්‌ සඳහා සැපයුම් දාමයක්‌ කියල එකක්‌ ක්‍රියාත්මක වෙනව. නමුත් ඒ සැපයුම් දාමය පලදායී එකක්‌ද? ඔය කිරි ටික ඉන්ධන වියදම් කරගෙන අඹේවෙල ගෙනිහින් සේවකයන්ට පඩි නඩි ගෙවාගෙන වතුර අයින්කරල ආයෙත් ඉන්ධන වියදම් කරගෙන කොළඹ ගෙනත් සේවක පඩි නඩි ගෙවල පැකට්‌ කරල ආයෙත් ඉන්ධන වියදම් කරගෙන හම්බන්තොට ගේනකොට අපේ කිරි පැකට්‌ එකකට යන වියදම පිටරටින් ගෙන්වන කිරි පැකට්‌ එකකට වැඩියි. එතකොට අපේ කිරි පැකට්‌ එකේ ගාණ වැඩිවෙනකොට රජය මැදිහත් වෙලා ඒ ආනයන පාලනය කිරීමට යම් ආකාරයක ආරක්‌ෂණ ක්‍රියා පිළිවෙතක්‌ අනුගමනය නොකළොත් වෙළෙඳ පොළේ ලාබ වෙන්නෙ අපේ කිරි පැකට්‌ එක නෙමෙයි, පිටරටින් එන එක. එතකොට කමලක්‌ක බොන්නෙ සෝමක්‌කගෙ කිරි පැකට්‌ එක නෙමෙයි, අර පිටරටින් එන එක. මේ එක උදාහරණයක්‌ විතරයි. තවත් මෙවැනි බොහෝ දේ තිබෙනවා. මේ අපරාධය නතර කරන්න නම් අද රටේ ආර්ථික අර්බුදයට හේතු වුණු මේ මූලික රෝග විනිශ්චය නැවත විග්‍රහ කරගත යුතුයි.

රජය මැදිහත්වීමෙන් ඉවත් වෙලා විවෘත වෙළෙඳපොළ තුළ තරගකාරිත්වයක්‌ ඇතිකිරීමෙන් මෙය පාලනය කළ හැකි බව නේද පසුගිය ආණ්‌ඩු කිහිපයම ක්‍රියාත්මක කළ ආර්ථික ක්‍රමෝපාය?

ආණ්‌ඩු ක්‍රියාත්මක කළේ රජය මැදිහත්වෙලා මේව කරන්න බෑ, කිරිපිටි පිටරටින් ගෙන්වන එක ලාබයි ඒ නිසා වෙළෙඳපොළ විවෘත කරන්න එතකොට කිරි පිටි ලාබෙට ලංකාවට එනවා එතකොට මිනිස්‌සුන්ට අඩුගාණට කිරි බොන්න පුළුවන්, එතකොට මිනිසුන්ගෙ ජීවන වියදම පාලනය වෙනවා, එතකොට වැටුප් ඉහළ දාන්න තියෙන පීඩනය අයින්වෙනවා, එතකොට කර්මාන්ත ලාබ වෙනවා, ඒ කර්මාන්තවලින් හදන නිෂ්පාදන පිටරට පටවලා අපට ආදායම් හොයන්න පුළුවන් කියන න්‍යායයි. මේකත් කමලක්‌කගෙ සෝමක්‌කගෙ කතාව වගේම මිනිස්‌සු මුළා වෙච්ච මෝඩ කතාවක්‌. අපේ ආර්ථිකය අද බරපතළ අර්බුදයකට වැටුණෙ මේ මෝඩ න්‍යාය නිසයි. අද අපේ රටේ සහල් ප්‍රශ්නයක්‌ තිබෙනවා. කෘෂිකර්මාන්තයට තරුණයන් යොමු නොවීමේ ප්‍රශ්නයක්‌ තිබෙනවා. ජපානය මේ ප්‍රශ්න දෙකම විසඳුවේ කොතරම් සහල් මිල වැඩිවුණත් සහල් ආනයනය තහනම් කිරීමෙනුයි. සහල් ආනයනය කිරීම තහනම් කිරීම නිසා ජපානයේ සහල් මිල තුන්ගුණයක්‌ විතර වැඩිවුණා. ඒ නිසාම ජපානයේ වී වගාව අතිශය ලාබ ලැබෙන ව්‍යාපාරයක්‌ බවට පත්වුණා. මේ නිසා ජපානයේ වී ගොවිතැනට බොහෝ දෙනෙක්‌ යොමුවුණා. ජපානය ඔවුන්ට උවමනා සහල් ජපානය තුළම නිෂ්පාදනය කරල ඒ ආදායම ගොවියන්ට ලබාදීල තියෙනව. ගොවියාට ණය නැතිව ජීවත්වෙන්න පුළුවන් පසුබිමක්‌ හදන්නෙ නැතිව කොහොමද කෘෂිකර්මාන්තය දියුණු කරන්නෙ? 1975 - 76 ඉඳල අපි කළේ වෙළෙඳපොළ විවෘත කරල ගොවියට කියන්න පටන්ගත්ත ඕව කරල වැඩක්‌ නෑ අක්‌කරයක්‌ දෙකක්‌ වගාකරල ඕක කරන්න බෑ මහා යාන්ත්‍රික කෘෂිකර්මයකට යන්න වාණිජ ව්‍යාපාර කරන අයට ඉඩම් දුන්නොත් විශාල අස්‌වැන්නක්‌ අරගෙන හාලුත් පිටරට යවයි. ඕකනෙ අපි හිතුවෙ? ඒ ප්‍රතිපත්තිය අවුරුදු තිහ හතළිහක්‌ අනුගමනය කරල අද හාල් පිටරටින් ගෙන්වන තැනට අපි පත්වෙලා.

අද රාජ්‍ය ආයතන, ගුවන් තොටුපළ, වරායයන් සහ ඉඩම් විදේශ සමාගම් වෙත ආයෝජන සඳහා ලබාදීමේ ක්‍රමවේදයක්‌ තුළින් රටේ ආර්ථිකය නංවාලීමේ වැඩපිළිවෙළක්‌ ආණ්‌ඩුව ක්‍රියාත්මක කර තිබෙනවා. මෙය ප්‍රතිපලදායක වෙයිද?

අපේ රටේ අවුරුදු තිහ හතළියක්‌ අසාර්ථක වූ ක්‍රමය මේ හදන්නෙ තවත් වේගයෙන් ක්‍රියාත්මක කරන්නයි. මෙච්චරකල් දුන්නු බේත අසාර්ථක නිසා අලුත් බේතක්‌ දෙන්න නෙමෙයි මේ හදන්නෙ පැරණි බේතෙම ඩෝස්‌ එක වැඩිකරන්නයි. ලෙඩා අසාධ්‍ය වෙන්නෙ ගත්තු බේත් මදි හින්ද කියල මේ අය කියන්නෙ. මේ ලිබරල්වාදී ආර්ථික වෛද්‍යවරු හදන්නෙ රටේ සියලුම දේ වෙළෙඳපොළට බාරදෙන්න. ලෙඩා මැරෙන්න යන්නෙ දීපු බේත මදි හින්ද නෙමෙයි මෙච්චර කල් දුන්නු බේත වැරදි හින්ද කියල මේ දොස්‌තරල නිකමටවත් හිතන්නෙ නෑ. දීර්ඝ කාලෙක ඉඳන් අපේ රටේ ආර්ථිකයට වැළඳිලා තියෙන මේ රෝගය හරිහැටි නිශ්චය කරගෙන දැන්වත් නිවැරදි බේත නොදුන්නොත් ලෙඩා මැරෙන එක වළක්‌වන්න බෑ. ආර්ථිකය තවත් ලිබරල් කරල, හම්බන්තොට විකුණල, ත්‍රිකුණාමලේ විකුණල, කොළඹ වරාය විකුණල, බලාගාර ටික විකුණල නව ලිබරල්වාදය කියල මේ ක්‍රමයෙන් ආර්ථිකය ගොඩගන්න බෑ. ආනයනවලට උත්තර දෙන්න අපේ අපනයනවලට බැරිවීම නිසා ඩොලරය ඉහළ යැම නවත්වන්න බෑ. ආනයන සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලෝක බැංකුවට වඳින්න සිද්ධවෙනවා. ඔවුන් අපට ණය දෙන්නෙ ඔවුන්ගෙ කොන්දේසිවලට. මොනවද ඒ? රාජ්‍ය ආයතන තව විකුණන්න. රජය තවත් මේවායින් ඉවත් වෙන්න. ආර්ථිකය තව විවෘත කරන්න.. අවසානයේ ග්‍රීසියට වුණෙත් ඔය ටික. වැරදි බේතක්‌ වැරදි මාත්‍රාවට දිගින් දිගටම ගන්නකොට ලෙඩේ උත්සන්න වීම පුදුමයක්‌ නෙමෙයි.

[Divaina :
සාකච්ඡා කළේ පාලිත සේනානායක ]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

12/17/2016

රට විකුණන අසාර්ථක ආර්ථික ගමන නවතමු !!! - ආර්ථික විශේෂඥයන්ගෙන් රතු එලියක්...

කතෘ:යුතුකම     12/17/2016   2 comments
රට යන්නේ හරි පාරේද?
-ආචාර්ය ලලිතසිරි ගුණරුවන්-

රජය අධි වේගයෙන් ධාවනය කිරීම අරඹා ඇති සෙයකි.හම්බන්තොට වරාය විකිණීමට අත ගැසීමත් සමග ඉඩම් හා ජාතික සම්පත් ද විකුණා දැමීමට ද රජය මේ වටයේ දී අවතීර්ණ වී ඇත.

මෙම ගනුදෙනුව නිසැකවම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අප ගෙන් ඩැහැගනු පිණිස ඉන්දියාව පොළඹවනු ඇත. එමෙන්ම, ඉන්දියාවට / ඇමරිකාවට ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ සහ ගාලු වරායනුත් පුදනු පිණිස අප හට පීඩනයක් එල්ල කිරීම සඳහා මෙම ගනුදෙනුව විසින් එම රටවල් වලට අවශ්‍ය පාර කපා දෙනු ඇත. මෙය අවසන් වනු ඇත්තේ කො තැනින් ද ? රටේ හතර කොණ උගස් වූ විට අපි කෙ සේ අත පය දිග හැර නිදමු ද?

මෙම ගනුදෙනුව තුළින් රටට ඇමෙරිකානු ඩොලර් මිලියන 1000ක විනිමය ලැබෙනු ඇතැයි පැවසේ. එනමුත් අපට පෙනෙන පරිදි නම් මෙම මුදල යෙදවෙනු ඇත්තේ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය උදෙසා ලබා ගත් ණය පියවීම උදෙසා නො වේ. මේ වනතෙක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නිසි පරිදි ණය සේවා ගෙවුම් පියවමින් සිටි මෙම ණය පංගුව දැන් අප කවුරුවත් නොදන්නා හේතුවක් උදෙසා මහා භාණ්ඩාගාරය විසින් අවශෝෂණය කෙරෙයි. තම ණය මත ගෙවිය යුතු වන විදේශ ණය සේවා ගෙවීම සිදුකිරීමට අවැසි විදේශ විනිමය පුමාණය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මෙම අවස්ථාව වනවිටත් පහසුවෙන්ම උපයමින් සිටින බව ද පැවසේ. එමෙන්ම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියට අහිමි නොකළහොත් කිසිදු කරදරයකින් හෝ වාරික අතපසු කිරීමකින් තොරව වසර 2019 න් ඔබ්බට ද ඔවුනට එම ණය සේවා ගෙවීම සිදු කර ගෙන යා හැකි බව ද පැවසේ. එසේනම් භාණ්ඩාගාරය විසින් මෙම ණය කන්දරාව අවශෝෂණය කිරීම අපට තේරුම් ගත නො හැකි පියවරකි. මෙම විකුණුමෙන් ලැබෙන ධනස්කන්ධය වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීම සමහර විට එහි අරමුණ විය හැකි ය. මින් අපට අනුමාන කළ හැක්කේ වෙනත් ණය ගෙවීම සඳහා මිස හම්බන්තොට වරායේ ණය ගෙවීම උදෙසා මෙම විකුණුමෙන් ලැබෙන මුදල් යෙදවීමක් සිදු නොවීමට ඉඩ ඇති බවයි.

තව ද, ණය බරින් මිරිකෙන රාජ්‍යයක් හැසිරිය යුතු වගකීමකින් යුතුව කටයුතු කරන ආකාරයක් මෙම රජයේ ක්‍රියා කලාපය තුළින් පෙන්නුම් නොකෙරෙයි. 2015 වසරේදී වාහන ආනයන සිමා ලිහිල් කිරීම උදාහරණයකි. මේ නිසා කුඩා ප්‍රමාණයේ වාහන ආනයනයේ අධික වර්ධනයක් ජනිත වූ අතර ඒ හරහා සිදු වූයේ ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල අඩු වීම නිසා අපට ලබා ගැනීමට හැකිව තිබූ විදේශ විනිමය වාසිය බරපතල ලෙස ඛාදනය කරගැනීමකි. එලෙසම දේශීය වෙළඳපොළේ පෙට්‍රෝලියම් ඉන්ධන මිල පහත දැමීම ද ඉන්ධන පරිභෝජනය විශාල ලෙස උත්තේජනය කළ අතර ඒ තුළින් ද විදේශ විනිමය වැය බර මත වඩාත් බරපතල පීඩනයක් එල්ල කෙරුණි. රුපියල් දස දහසේ වැටුප් වැඩි කිරීම හරහා රජයේ සේවකයන් සැලකිය යුතු පිරිසකට වාහන මිලදී ගනු පිණිස හා පෙට්‍රල් / ඩීසල් වැඩිවැඩියෙන් පරිභෝජනය කිරීමට අවශ්‍ය ක්‍රය ශක්තිය උදා කෙරිණි. තව ද, සුඛෝපභෝගී/අත්‍යවශ්‍ය නොවන ආනයන පාලනයකට කිසිදු උනන්දුවක් තිබූ බවක් නොපෙනිණි. ආනයන ආදේශනය කෙරෙහි කිසිදු අවධානයක් නොමැත. අප ඉදිරියෙහි නිර්මාණය වෙමින් පවතින අර්බුදය පිළිබඳව කිසිදු තැකීමක් නොකරමින් සියල්ලන්ම ස්පෘෂීය පරිභෝජන නැඹුරුවක නිමග්න ව සිටින බව පෙනේ. මේ සියල්ල විදේශ ණය බරින් මිරිකී සිටින රාජ්‍යයකින් දැකීමට අපේක්ෂා කළ නොහැකි ප්‍රතිපත්තිමය නොගලපීම්ය.

එලෙසම, ආනයන මත බර තබන ව්‍යාපෘති සම්බන්ධයෙන් හරවත් තර්කාපනයක් ඇති බවක් නොපෙනේ. ව්‍යපෘති වල වාසි-අවාසි පිළිබඳ නිසි හා හරවත් ශක්‍යතා අධ්‍යයනයන් කිරීමක් පිළිබඳ නැමියාවක් තවමත් ඇතිකරගෙන නොමැත. ඒ වෙනුවට සැලසුම් හා ආයෝජන වල වාසි අවාසි සම්න්ධයෙන් නිසි හා හරවත් අධ්‍යයනයන් කිරීමේ වගකීම උසුලන කාර්යාංශය වන ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව නොසලකා හැර ඇති බවක් දිස් වෙයි. ප්‍රසම්පාදනයන් හි තරගකාරීත්වයේ ආර්ථික වාසිය අත්කරගනු පිණිස අවශ්‍ය විනිවිද පෙනෙන තරගකාරී මිල ගණන් කැඳවීම වෙනුවෙන් කිසිදු උත්සාහ දැරීමක් දක්නට නොමැත. අත්‍යවශ්‍ය නොවන ව්‍යාපෘති මෙන්ම දේශීය සම්පත් හා ව්‍යවසාය යොදා ගනිමින් පහසුවෙන් දේශීයව නිමවිය හැකි ව්‍යාපෘති ද අධික විදේශ ණය බරක් දරමින් විදේශ කොන්ත්‍රාත් කරුවන් වෙත ලබාදීමේ පිළිවෙත අවසන්ව නැත…. ආර්ථිකය විදේශ විනිමය අර්බුදයක සිරවී සිටින විට දැකිය යුතු හරයාත්මක හැසිරීමක් ලෙස මෙම භාවිතාව සැලකිය සැලකිය නොහැක.

එමනිසා හම්බන්තොට විකිණීම හරහා ඉපැයෙන ඩොලර් මිලියන කිහිපයෙන් කිසි ප්‍රතිපලයක් අත් නොවනු ඇත. මෙහි විකුණුම් ආදායම නොසැලකිලිමත් හා සුඛෝපභෝගී ආනයන මත නාස්ති කෙරෙනු ඇත. ඩොලර් කිහිපයක් හෝ උපයා ගැනීමට ඉවහල් වන වරායත් අපට අහිමි කෙරෙද්දී අපගේ ගේ ණය බරත් තවදුරටත් ඉසිලීමට සිදුවීමට ඉඩ තිබේ. ඒ අනුව අනුමාන කළ හැක්කේ තත්වය තවත් නරක අතට හැරිමක්ම පමණකි.

ගෙවුම් ශේෂ හිඟය වර්ධනය වෙමින් පවතින තත්වයක් තුළ ඇති කෙරෙන විදෙස් ණය අර්බුදයෙන් ගොඩ යාමක් ජාතියේ මුඛ්‍ය හා අතිශය වැදගත් සම්පත් විකිණීම තුළින් අපේක්ෂා කෙරෙන්නේ නම් එහි කෙළවරක් නොමැත. රජය විසින් කරනු ලැබිය යුත්තේ ආනයන පාලනය තුළින් ගෙවුම් ශේෂය යහපත් කර ගැනීම ය. එසේ ම, සිය ණය හිමියන් සමග ණය කොන්දේසි නැවත සාකච්ඡා කිරීමකින් ණය ආපසු ගෙවීම් ක්‍රමය නැවත සැලසුම් කිරීම ය. එ සේ නොමැතිව එදිනෙදා ජීවත්වීම උදෙසා දේපොළ හා ජාතික සම්පත් විකිණෙන්නේ නම් එය හුදු වරදක් පමණක් නොව අපරාධයක් ද වනු ඇත.

මෙම ත්ත්වයට එරහිව දේශප්‍රේමින් ඉදිරියට නො එන්නේ ඇයි ? විශේෂයෙන්ම සමාජවාදී හා ජාතිකවාදී මංපෙත් වල සිටින දේශපාලන පක්ෂ මුනිවත රකින්නේ ඇයි ? සාමාන්‍යයෙන් වෙනදා පුද්ගලීකරණයට එරහිව හඬ නගන්නන් මෙම සිදුවීමේ දී හම්බන්තොට වරායේ අහිමිවන රැකියා හා මාධ්‍යවේදීන්ට පහරදීම වැනි කරුණු වලට පමණක් ලඝු වෙමින් සම්පත් විකිණීමට එරෙහිව හඬක් නොනඟන්නේ ඇයි ? එම වැරදි කිසි සේත් සාධාරණීකරණය කළ හැකි වැරදි නොවුවත් මෙම සම්පත් විකුණුම ඒ සියල්ලටම වඩා අතිශය හානිකරය. එනමුත් කවුරුන් වත් මෙම තර්කය අවබෝධ කර නොගන්නේ ඇයි ?

රජය තුළ සිටින ආර්ථික ජාතිකවාදීන් හා දේශප්‍රේමින් තම නිහැඬියාව බිඳිමින් විවෘතව මෙයට එරහිව හඬ නගනු පිණිස කරලියට පැමිණීමට දැන් නිසි කාලය උදා වී ඇත. එලෙසම, විපක්ෂයේ දේශපාලන පක්ෂත් මෙයට එරහිව හඬ නගනු පිණිස කරළියට ඒමට නිසි කාලය උදා වී ඇත. විශේෂයෙන්ම වරායේ හා අනෙකුත් පරිශ්‍රයන්හි වෘත්තීය සමිති වෙතත් මෙම අන්තරාය අවබෝධ කරගෙන වහා ක්‍රියාවට අවතීර්ණ වීමට යුතුකමක් පවතී. නිහැඬියාව තුළින් හෝ පිළිබිඹු වන අක්‍රියත්වය නිසැකවම තුඩු දෙන්නේ ව්‍යසනයකටය.

සැබෑ ශ්‍රී ලාංකිකයිනි, කරුණාකර අවදි වනු මැනැවි !

ආචාර්ය ලලිතසිරි ගුණරුවන්
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආර්ථික විද්‍යා අංශය, කොළඹ විශ්වවිද්‍යාලය

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions