1/18/2015

ඒක පට්‌ටපල් බොරුවක්‌ - මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය

කතෘ:යුතුකම     1/18/2015   7 comments
- මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය

ප්‍රශ්නය - පසුගිය 08 වැනි දා පැවැති ජනාධිපතිවරණය පිළිබඳව මේ වන විට විවිධ අදහස්‌ ප්‍රකාශයට පත් වී තිබෙනවා. ඒ පිළිබඳව ඔබට සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්‌ද?

පිළිතුර - විශේෂයෙන් සඳහන් කරන්න දෙයක්‌ නෑ. ඡන්දදායකයන්, ඡන්දය ප්‍රකාශ කළා. අපි එය ගණනය කරලා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළා.

ප්‍රශ්නය - පසුගිය ජනාධිපතිවරණය පැවැති ජනවාරි 08 වැනි දින රාත්‍රියේ දී එම මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීම නවතා දැමීම සඳහා යම්කිසි සැලසුමක්‌ ක්‍රියාත්මක වූ බවට චෝදනා එල්ල වී තිබෙනවා.එම චෝදනා පිළිබඳව ඔබට ප්‍රකාශ කිරීමට තිබෙන්නේ කුමක්‌ද?

පිළිතුර - එහෙම කිසිදු ක්‍රියාමාර්ගයක්‌ තිබුණේ නෑ. ඒක පට්‌ටපල් බොරුවක්‌.

ප්‍රශ්නය - මැතිවරණයට පසු දින ජාතික රූපවාහිනියේ විකාශය වූ "සුළඟට පසු" නම් වූ වැඩ සටහනට සහභාගි වෙමින් අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළා, මැතිවරණය දා රාත්‍රියේ සිදුවීමට ගිය දේ පිළිබඳවත් මැතිවරණ කොමාසාරිස්‌තුමා ප්‍රකාශයක්‌ කරනවා නම් හොඳයි කියලා. ඒ පිළිබඳව ඔබට ප්‍රකාශ කිරීමට තිබෙන්නේ කුමක්‌ද?

පිළිතුර - මගේ ප්‍රකාශය තමයි, මට කවුරුවත් බලපෑම් කිරීමට ආවේ නැහැ කියන එක. කවුරු හරි කියනවා නම් ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීම ප්‍රමාද වූවා කියලා, ඇත්තටම පැය බාගයක්‌ පමණ ප්‍රතිඵල ප්‍රමාද වී තිබෙනවා. එයට හේතුව තමයි පරිගණකවල ස්‌වර් වල වැඩිපුර ෆයිල් තැන්පත් වීම නිසා, මාධ්‍ය ආයතන වල පරිගණකවලින් ලබා ගැනීමට නොහැකි වීම. පරිගණකවලින් ප්‍රතිඵල ලබාදීමේ යම්කිසි ප්‍රමාදයක්‌ සිද්ධ වුවත් ෆැක්‌ස්‌ මගින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට සහ කච්චේරිවලට ප්‍රතිඵල ලබාදීම අඛණ්‌ඩව සිද්ධ වූවා. නමුත් කිසිවෙකු අපට බලපෑම් කළේ නෑ.

ප්‍රශ්නය - ඒ වගේම මැතිවරණ කොමසාරිස්‌ කාර්යාලය පවා හමුදා රථවලින් වට කරල, හමුදා මැදිහත් කිරීමට සූදානම් වූ බවත් සමහරුන් ප්‍රකාශ කරනවා. එම ප්‍රකාශ පිළිබඳව ඔබට කුමක්‌ද ප්‍රකාශ කිරීමට තිබෙන්නේ?

පිළිතුර - එහෙම සූදානමක්‌ තිබ්බද නැද්ද කියන්න මම දන්නේ නැහැ. නමුත් හමුදාව නම් අපිව වට කිරීමට ආවේ නෑ. එස්‌.ටී.එෆ්. එක නම් සිටියා.

නමුත් මට වෙනත් ස්‌ථාන පිළිබඳව නම් මොකුත් කියන්න බෑ. නමුත් මම එකක්‌ විශ්වාස කරනවා. අපේ රටේ හිටපු ජනාධිපතිතුමා හෝ ඒ වගේ ප්‍රමුඛ දේශපාලනඥයන් තමන් පරාජයට පත් වූ පසු බලෙන් බලයේ රැඳී සිටීමට උත්සාහ කරාවි කියා මම විශ්වාස කරන්නේ නෑ. ආසියාවේම රටවල්වලින් හමුදා හෝ ඒකාධිපති පාලනයක්‌ තිබිලා නැත්තේ ලංකාවේ සහ ඉන්දියාවේ පමණයි. අපේ දේශපාලන සංස්‌කෘතියට එහෙම දේවල් ඔරොත්තු දෙන්නේ නෑ.

එරික්‌ ගාමිණී ජිනප්‍රිය (2015.01.18 දිවයින ඉරිදා සංග්‍රහය )

සැ .යු . - මැතිවරණ දින රාත්‍රියේ මහා මෙහෙයුමක් (හමුදා කුමන්ත්‍රණයක් ) දියත් කළ බව අමුලික බොරු කියා ජනතාව නොමග යැවූ මංගල සමරවීර, චම්පික රණවක හා අතුරලියේ රතන හිමියන්ගේ කුහක සහ වෛරී සහගත හැසිරීම අපි තරයේ හෙළා දකිමු. සමාජය තුල වෛරය වපුරවන අතිශය නින්දා සහගත ක්‍රියා සමඟින් "මෛත්‍රී යුගයක්" ඇරඹිමෙන් ඒ පිලිබද විශ්වාසය තැබූ ලක්ෂ ගණනක් ඡන්දදායකයින් නුඹලා විසින් අවඥාවට ලක් කර ඇත. එවැනි කුමන්ත්‍රණයක් වලකා ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට ස්තුතිය පල කරන්නට තරම් පහත් ලෙස කුමන්ත්‍රණකාරීව හැසිරුනු නුඹලා මිනිස්කමට නිගාවක් නොවේද?

විශේෂ ලියුම් කරුවන් හා සමාජ වෙබ් අඩවිවල ඒවා හිතු මතේ ප්‍රචාරය කළ අයගේ දැන ගැනීම පිණිසත් සත්‍යය වෙනුවෙන් පෙනී සිටින ඔබ සැම දෙන විසින් මෙය බෙදාහරිනු ඇතැයි සිතමු.

මෙය සම්පුරණ සකච්ඡාව නොව, හමුදා කුමන්ත්‍රණ කළේ යයි ගෙන යන ප්‍රලාපයට අදාල පිළිතුරු පමණක් උපුටා ගැනීමකි. සම්පුර්ණ සාකච්ඡාව සඳහා 2015.01.18 ඉරිදා දිවයින බලන්න.


යුතුකම සංවාද කවය
www.yuthukama.com

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions