6/27/2015

මාර දූ පුත්තු

කතෘ:යුතුකම     6/27/2015   1 comment

ධර්මන් වික්‍රමරත්න ලියන මුරගල තීරු ලිපිය - 110
2015 ජුනි 26 සිකුරාදා

මිස්ටර් බීන් එක් පැත්තකය. චෞර රැජිනි තව පැත්තකය. ජෙප්පෝ ඉන්නේ අත්තක් උඩය. තරු හැලිච්ච ජෙනරාල්ට තරු ගොඩක්ය. කන්න දුන්න අත හපලා හකීම් දැන් අවුලකය. ඇමරිකානු ඩොලර්වලට එන්.ජී.ඕ. මැතිරිල්ලක්ය. අනේ අනිච්චංය. මෙහෙම ගියොත් කන්න වෙන්නේ රටට බජරිය.

ඒ අස්සේ මහා මුග්ධ හඩකි. ‍එම්බා මහින්ද, බෙලිඅත්තෙන් මා සමඟ එනු සටනට! දූෂිතයින්ට නොමිනේෂන් දුන්හොත් එජාප සිරිකොත හබක්ය. ඩාර්ලි රෝඩ් ශ්‍රිලනිපට ගේමක්ය. සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නගේ ලොකු පුතාට පිස්සුවේ හොඳ එකය. මෝඩකමට සීමා නැත. "මලයණ්ඩි බිය නොවන්න, නෝන්ඩි වෙන සැටි මං පෙන්වන්නං" කියා ලොකු පුතා චතුර සේනාරත්න ඔහුගේ මලයා වන එක්සත් සේනාරත්න සමඟ ඔට්ටුවක් ඇල්ලුවාද දන්නේ නැත.

මහින්ද රාජපක්ෂ යනු තිස් වසරක කොටි ත්‍රස්තවාදී යුද්ධය පරදවා මව්බිමට විජයග්‍රහණය ගෙනා එකම දේශපාලන නායකයාය. මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුව ප්‍රථම වරට මන්ත්‍රීවරයෙකු ලෙස ඇමතුවේ හරියටම මෙයට වසර 45කට පෙර 1970 මැයි 27 හත්වැනි පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් ජය ලැබීමෙන් පසු 1970 ජුනි 14වැනිදා පස්වරු 4.07ටය. ඒ වන විට චතුර සේනාරත්න ලොවෙත් නැත. ‍ලොවි ගහෙත් නැත. අගමැති රනිල් වික්‍රමසිංහගේ වට්ටක්කා සම්මානයෙන් පුද ලද වාසුදේව නානායක්කාර සහෝදරයා ‍සිටියානම් ආතතියෙන් හෝ කියනු ඇත්තේ එදා පාර්ලිමේන්තුවේ කීවාක් මෙන් මෙදා පුතා යන වචනයේ ඉදිරියට අකුරු තුනේ තවත් වචනයක්ද එක් කරමිනි.

මුහුණු පොතේ බයියලා සහ ටොයියලා දිගට හරහට අසන්නේ "ගහේ කටු උල්කරන්ඩ ඕනිය ආයිබෝන්ඩ?" කියාය. බයියෝ සහ ටොයියෝ එසේ කීවද තවමත් අප සිතන්නේ එදා මෙන් අදද රාජිත සේනාරත්න ප්‍රගතිශීලි කඳවුරේ බවය. 'යහපාලන' ආණ්ඩුවේ රාජිතලා වැනි අය සිටීම එක් අතකින් හොඳය. අපට පක්ෂ දේශපාලනයක් නැතත් දේශපාලනයක් ඇත. වෛද්‍ය රාජිතගේ ඉතිහාසයද සටන්කාමීය. පේරාදෙණිය සරසවියෙන් 1974දී රජයේ සේවයට එක්වූ රාජිත රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වූයේ 1975දීය. වසර 19ක් එම තනතුරු දැරූ රාජිතගේ නායකත්වයෙන් 1986දී ජේ.ආර්.ගේ එජාප ආණ්ඩුව දණ ගස්සවා දින 26ක අඛණ්ඩ වැඩ වර්ජනයක් මගින් දන්ත වෛද්‍යවරුන්ගේ සියළු ඉල්ලීම් දිනා ගැනීමට සමත් විය.

ජේ.ආර්. ආණ්ඩුවට එරෙහිව ගොවිබිමේද, වැඩබිමේද, සරසවියේද සටන් සමඟ රාජිත සේනාරත්න එක්විය. ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරළි සමයේ තමාට මරණ වරෙන්තු නිකුත්කර තිබියදී පවා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව රටපුරා රැස්වීම්වලට රාජිත එක්විය. මේවා ඇසූ දේ නොව සියසින් දුටු දේය. ඔහුගේ බිරිඳවූ වෛද්‍ය සුජාතා සියල්ල පසුපස සිට දිරි දුන්නාය. කලෙක ධර්මසිරිලාද පසු කලෙක එරාජ්, බොරැල්ලේ සුදත්, සරත් සහ වැල්හේනේ හාමුදු‍රුවෝ ඇතුළු පිරිසක් ඔහුගේ සටන් සගයින් අතර සිටියා මතකය.

මහින්ද රාජපක්ෂ සමඟද ප්‍රගතිශීලි සටන්වලට රාජිත නිරතුරුව එක්විය. ජනපති මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට වරෙක එජාපයේ 18 දෙනෙකු සමඟ ආණ්ඩුවට එක්විය. එබැවින් 'යහපාලන' ආණ්ඩුව යටතේද ගෝඨාභය රාජපක්ෂට තම නිවසේ කෑමකටද ඔහු ආරාධනා කරයි. පාසැල් මිතුරෙකු වන හිටපු ඇමති බැසිල් රාජපක්ෂගේ සුවදුක් විමසීමටද රෝහලට යයි. රාජිත සේනාරත්න එදා සිටම හැප්පුනේත් ගැටුනේත් දේශපාලන මතවාදයන්ට එරෙහිව මිස පුද්ගලයින්ට එරෙහිව නොවේ. එහෙත් චතුර සේනාරත්න ඒ සදාචාරාත්මක හැදියාව පියා ගෙන් ඉගෙනගත් සැටියක් පෙනෙන්නට නැත. ඇටි කෙහෙල් කෑ උගුඩුවෙකු මෙන් ලතෝනි දෙන්නේ එබැවිනි.

චතුර සේනාරත්න ඇසුරු කළේ අතුරලියේ රතන හිමි සහ අශෝක ගුණවර්ධන වැනි අය බව කියති. ඒ දෙදෙනාම දශක තුනක් වාම දේශපාලනයේ තෙම්පරාදුවූ උගතුන්ය. එම පැසුණු පොල් මැදට වී තමන්ද පොලයක් ලෙස පෙනී සිටීමට ඔහු තැත් කලද මහින්ද රාජපක්ෂයන්ට එරෙහිව අභියෝග කිරීමෙන් පෙන්නුම් කළේ තමා පොලයක් නොව පොල් කෝම්බයක් බවය. කෝම්බයා කිසි විටකත් කෝම්බයක් සේ නොසිතයි. ඔහු සිතන්නේ තමන් පොල් කෝම්බයක් නොව කාල බෝම්බයක් බවය. එබැවින් මුඛරි කටෙන් හතර අතේට වනයි. ඇතුලේ මදේ පමණක් නොව ලොඳවත් නැතිබව පෙනෙන්නේ එවිටය.

චතුර සේනාරත්න මේ අභියෝගය කළේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදීය. එහි ආසන 5,000ක් පමණ ඇත. ඉන් 3,200ක් පමණ පිරී සිටි බව සැබෑය. සෙනඟ බහුතරයක් ගෙන ආවේ ජාතික ධීවර මහා සම්මේලනය මගිනි. එය පිහිටුවූයේ 2010දී රජයේ ධීවර අමාත්‍යාංශය මගිනි. ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරි ධීවරයින් ලක්ෂ 5ක් පමණ සිටින අතර ඉන් 105,000ක් පමණ මෙහි සාමාජිකයින්ය. රජයේ ධීවර සහන මෙම සම්මේලනය මාර්ගයෙන් ලැබෙන හෙයින් සමස්ථ ධීවර ප්‍රජාවගෙන් පහෙන් එකක් මෙහි සමාජිකත්වය ලබාගෙන ඇත. නිල බලයෙන් එහි සභාපති ධීවර ඇමතිවරයාය. ඒ අනුව වර්තමානයේ සභාපතිවරයා වන්නේ ධීවර ඇමති සහ හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රිලනිප මන්ත්‍රී මහින්ද අමරවීරය. ධීවර සම්මේලනයට පිටස්තරින් ධීවරයින් නොවන පුද්ගලයින්ද 5 දෙනෙකු නම් කල හැකිය. ඒ අනුව ධීවර ඇමති මහින්ද අමරවීරට ඇති බලතල අනුව පත්කල 5 දෙ‍නාගෙන් අයෙකු වූ චතුර සේනාරත්න එම ධීවර සමිති සම්මේලනයේ මහලේකම්ය. බෙලිඅත්තේ මහින්ද රාජපක්ෂට චතුර අභියෝග කරන්නේ තංගල්ලේ මහින්ද අමරවීරගේ තල්ලුවෙන්දැයි සාධාරණ සැකයකි.

චතුරගේ සමුළුවට දිස්ත්‍රික්ක 10කින් ධීවර සමිති නියෝජිතයෝ බස් 20කින් පැමිණ තිබේ. බස්වලට ණය නැත. මුදල් ගෙවා ඇත. ඒ අතින් හොදය. බත් පැකට් එකක්ද ලබාදී තිබිණි. එය පින් අතේ වැඩකි. හම්බන්තොටින් පමණක් බස් 5ක් පැමිණි බව කියති. හම්බන්‍තොටදී ධීවර සම්මේලනයේ නියෝජිත ලාල් ඇතුළු පිරිසක් බර ඇද්දේය. ධීවරයින් කොළඹට ගෙන ආවේ ධීවර ගැටළු සාකච්ඡා කිරීමටය. එහෙත් නොදනුවත්ව ධීවරයෝ පැමිණ සිටියේ වෙන තොවිලයකටය. කුම්බලා මාළු කෑවානම් දුක විදපන් බළලෝ කීවාක් මෙන් ධීවර ඇමති මහින්ද අමරවීර සතුටු කරන්නට ගොස් චතුරගේ හුඹස් කට විවර විය.

කොළඹ පදික වෙළෙන්දෝද සිය ගණනක්ද එම රැස්වීමට පැමිණ තිබිණි. කොළඹ පදික වෙළෙන්දෝ වර්තමානයේ සංගම් තුන හතරකට කැඩී ඇත. ලොකු බෑය මහින්ද කහඳගමගේ අතේය. පිරිසක් ඌවතැන්නේ සුමන හිමියන්ගේ නායකත්වයට යටතේය. තවත් පිරිසක් කොළඹ නගරාධිපති මුසාමිල් පසුපසය. ඒ නගරාධිපති බිරිඳ මුසාමිල් නෝනා ඉදිරි ඡන්දයේදී පාර්ලිමේන්තුවට යවන්නටය. තව පිරිසක් චතුර සේනාරත්න වටා රොක් වෙමින් සිටී. මේවාට පින් සිදුවන්නට පදික වෙළෙඳුන්ට යළි කොටුවේ වීදි තුනක පිනුම් ගසන්නට යළි ඉඩදී ඇත. සංචාරකයින්ගේ හිත දිනාගත් කොළඹ නගරයට දැන් ලොව ප්‍රථම ස්ථානයය. හෙට අනිද්දා වන විට අන්තිම තැන හිමිවූවද පුදුම විය යුතු නැත.

මහින්ද රාජපක්ෂ ගෙදර ගොස් නැත. ජනයා සමඟ ඇත. ඩාර්ලි පාරේ ශ්‍රිලනිප‍යේද මහින්ද නැත. ශ්‍රිලනිප නායක ජනාධිපති මෛත්‍රීපාල ඉකුත් සඳුදා පැවසූ පරිදි මහින්ද පමණක් නොව ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 127ක්ද ඩාර්ලි පාරේ ශ්‍රිලනිප බිල්ඩිමට පැමිණ නැත. ශ්‍රිලනිප සභාපතිත්වය ව්‍යවස්ථා වගන්තියකින් මෛත්‍රීපාල සිරිසේනට මාරු වූවද අති බහුතරයම ශ්‍රිලනිප පාක්ෂිකයෝ එජාප ආණ්ඩුව සමඟ එවැනි සීරු මාරුවලට අකමැතිය. ඒ අනුව මහින්දගේ ලක්ෂ 58 ඡන්ද මල්ලේ ශ්‍රිලනිප ඡන්ද තවමත් නායකයා ලෙස පිළිගන්නේ මහින්ද රාජපක්ෂය. ශ්‍රිලනිප යනු ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානය හෝ පක්ෂයේ අත ලකුණ නොව සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය රැස්වෙන තැන බව මහින්ද රාජපක්ෂ කියන්නේ ඔලොක්කුවට නොවේ. මීලඟ මහා ඡන්දයේදී ශ්‍රිලනිප සැබෑ නායකයා ලෙස ශ්‍රිලනිප පාක්ෂිකයින් මහින්ද රාජපක්ෂ ඔසවා තබනු ඇත.

වර්තමානයේ මහින්ද රාජපක්ෂගේ දිනූ දේශය රැක ගැනීමේ වර්තමාන භූමිකාවට එරෙහිව සමච්චල් කරන මාර දූ පුත්තු කිහිපදෙනෙකි. 'යහපාලන' ආණ්ඩුවේ ඇමතිවරුන් වූ ලක්ෂමන් යාපා අබේවර්ධනගේ පුත්‍රයා වන මාතර දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී පසඳ අබේවර්ධන, ජීවන් කුමාරතුංගගේ දියණිය වන මල්ෂා කුමාරණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති උපදේශක දි.මූ ජයරත්නගේ පුත් අනුරාධ ජයරත්න, දිවංගත භාරත ප්‍රේමචන්ද්‍රගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, හිටපු ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඒ අතර වෙති. චතුර සේනාරත්නද අයත් වන්නේ එම පරපුරටමය. ඔවුන්ට කිව හැක්කේ "බඩුත් අපේ, නඩුත් අපේ, මයි කාර්, මයි පැට්‍රෝල්" යන්න පමණි. 'යහපාලන' ආණ්ඩුව මගින් මහින්ද රාජපක්ෂට කෙලින්ම පහර ගැසීමෙන් වැඩක් නොවන නිසා ශ්‍රිලනිපයේ මාර දූ පුත්තු ලවා පහරදීම අලුත්ම උපක්‍රමය බවට පත්වී ඇත.

මූදු පුත්තු කියන්නේ මහගමසේකරගේ සහ ගුණසේන ගලප්පත්ති‍ගේ නාට්‍යයක්ය. එය ස්පාඤ ජාතික සිවිල් යුද්ධයේදී මියගිය කිවියෙකුගේ කෘතියක් ඇසුරින් නිෂ්පාදනය කරන ලද්දකි. මාර දූ පුත්තු කියන්නේ පැරණි ටවර්හෝල් ගී ඛණ්ඩයකින් එන වදනකි. විශාරද නන්දා මාලනී සහ සුනිල් එදිරිසිංහයන් එය යළි ජනගත කළේය. "නන්වන් වෙස් ගෙන විලාස, දාර පිඹුරු නයි පොළොංගු දරණ වෙලා පටලාගෙන, ඇතා පිටින් වැටුණයි අධිපති මාරයා දෙරණ" යන්න එහි එක් ගී පැදියකි. එනම් මහා බෝධි මූලයේදී බුද්ධත්වයට පත්වන අවස්ථාවේදී එයට බාධා කිරීමට විවිධ වෙස්ගෙන මාර සේනාව පැමිණ ඇත. නමුත් බුදුන් වහන්සේගේ කරුණා ගුණයෙන් මාර උන්නැහේලා ඇතා පිටින් වැටෙන හැටි මෙම ගීයෙන් මනාව පිළිඹිඹු වේ. මාර දූ පුත්තු විවිධාකාර වෙස්ගෙන පැමිණියද සත්‍ය හමුවේ ඔවුහු කල්යල් නොගොස් හිරුදුටු පිනි මෙන් වියකී යන බව මින් සක්සුදක් සේ පැහැදිලිය.

පළුද්දක්, වැරදීම්, අතපසුවීම් නැති අතීතයකට ලොව කිසිවකු උරුමකම් කියන්නේ නැත. ඒවා පසුතැවීමට හේතුවක් විය යුතුද නැත. මීලඟ අවස්ථාවේදී මාරුතයක් සේ නැගී සිටිය යුතුය. සාර්ථකත්වය යනු පරාජය කනපිට පෙරලීමකි. මහින්ද සුළඟ ඇස් බැන්දුමක් ‍නොවේ. එය හෙට දිනයේ සැබෑවන යථාර්ථයකි. අපට දුක, මහින්ද චින්තන ප්‍රතිපත්ති මත පදනම්ව ජනතාවගෙන් ඡන්දය ඉල්ලා ඉන් ජයගෙන හොම්බ බිම ඇනගෙන ඉව අල්ලමින් 'යහපාලනය' සොයන්නට වෙහෙ‍සෙන ඩාර්ලි රෝඩ් ශ්‍රිලනිපයේ මේ මාර දූ පුත්තු ගැනය.

www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. These are un-educated duu/puththu,...........what else can they do than trying to getting into the business of robbing people's money.........??

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions