8/06/2016

මුරලිගේ දුස්රාව...

කතෘ:යුතුකම     8/06/2016   No comments
-පුනර්ජි දඹොරගම-
ඒ අපේ ක්‍රිකට් ජ්‍යාත්‍යන්තරය තුල නමක් දිනා ගත් කාලය යි. '96 ලෝක කුසලානයද ඉන් එපිට ද දඟ පන්දු යවන්නන් ඉදිරියේ ස්වභාවයෙන්ම දුර්වල වූ සුදු ජාතිකයන්ට මහත් හිසරදයක් වූයේ මුරලිය. ඔහු පන්දුව දමා ගැසීමේ චෝදනාවට ලක් වූයේ ඒ නිසාය. මුරලි දුස්රාව යැවූයේ ඔවුන් වෙත ය.

මුරලි දමිළ ජාතිකයෙකි. එහෙත් අපට වෙනසක් දැනුනේ නැත. ඔහුට එරෙහි සුද්දන්ගේ අඩත්තේට්ටකම් වලට එරෙහි වූයේ අප අපමය. එහෙත් සුදු ජාතිකයන් අපේ ක්‍රීඩයන්ට එරෙහිව ක්‍රියා කරන විට ඒ පිළිබඳව අපේ පුහු උගතුන් නැගූ කතිකාව කුමක් ද? ඒ පිළිබඳ හඬක් නොනැගීමට තරම් ඔවුන් දීන වීද? අද පවා එංගලන්ත සංචාර වලදී අපේ ක්‍රීඩයන්ට සුදු ජාතිකයන් සලකන්නේ කෙසේදැයි ඔවුන් සොයා බැලුවා ද? ඊනියා දෙමළ ප්‍රශ්නයක් පිළිබඳ නන් දොඩවන පුහු උගතුන්ගේ වහල් බව කොතරම් ද? මුරලි අපේම අයෙකු ලෙස අපට නොසිතුනේ ද? ගැටලුව ඇත්තේ දෙමළා බෙදුම්වාදියෙකු වීම තුල මිස දෙමළා දෙමළෙකු වීම නිසා නොවන බව මෙයින් නොකියවේ ද? දෙමළා බෙදුම්වාදියෙකු නොවීම තුල එංගලන්තය ඇතුලු බටහිර රටවල් අනුගමනය කරන පිළිවත කුමක් ද? ඔවුන්ට අවශ්‍ය වන්නේ දෙමළ බෙදුම්වාදය පෝෂණය කිරීම මිස ඊනියා මානව හිමිකම් රැකීමක් නොවන බව පැහැදිලි නොවේද? මුරලිගේ දෙවන දුස්රාව යැවෙන්නේ මේ පුහු උගතුන් වෙත ය.

මුරලි මෑතකදී කතා බහට ලක් වූයේ ශ්‍රී ලංකා පිළට එරෙහිව තරඟ වදින ඕස්ට්‍රේලියානු පිලට දඟ පන්දු යැවීම පිළිබඳ දින දහයක පුහුණුවක් ලැබීම පිළිබඳව ය. එහෙත් ඔහු සම්පූර්ණ තරඟාවලිය සඳහා එම තනතුර භාර නොගත්තේ තමන්ගේ රටේ කණ්ඩායම පිටියේ තරඟ වදින විට ප්‍රතිවාදී පිලේ ක්‍රීඩාගාරයේ සිටීම නුසුදුසු යැයි ඔහු හෘද සාක්ෂියට දැනුනු නිසා ය.

අප ඔහු ගැන ආඩම්බර වෙමු. ගැටලුව ඇත්තේ යුධ අපරාධ චෝදනා සම්බන්ධව, අවාසිදායක ජ්‍යාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සම්බන්ධව මෙන්ම රටේ ස්වරීභාවය සම්බන්ධව ප්‍රතිවාදී පිලේ ඉත්තන් වී ඔවුන්ගේ ක්‍රීඩාගාරයේ සිටින අපේ නිවට පාලකයන් ගැන ය. මුරලිගේ ඊලඟ දුස්රාව යැවෙන්නේ ඔවුන් වෙත ය.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

7/13/2016

සදාචාරයේ බැම්ම කඩා කැමරා ඉදිරියේ නිරුවත් වීම.

කතෘ:යුතුකම     7/13/2016   1 comment
-ඩිහාන් කීරියවත්ත-
පසුගිය දිනක පෞද්ගලික බැංකුවක් තුල දෙදෙනෙකු පැවැත්වු ලිංගික සබඳතාවයක් දැක්වෙන වීඩියෝවක් පිළිබදව සමාජජාල ඔස්සේ විශාල කතා බහක් ඇතිවිය. මෙවැනි වීඩියෝවක් දකින විට පැන නගින මූලික ප්‍රශ්නයක් වන්නේ අතිශය පෞද්ගලික දෙයක් මේ ආකාරයෙන් වීඩියෝගත කරේ ඇයි කියාය. ස්ලැවෝජ් ජීජැක් නම් මනෝ විශ්ලේෂික දාර්ශනිකයා පවසන්නේ ලිංගික සම්බන්ධතාවයක් සෑම විටම රදා පවතින්නේ අනෙකෙකුගේ දැක්ම (gaze) මත බවයි. මෙය පැහැදිලි කිරීමට ඔහු ග්‍රාම්‍ය විහිළු කතාවක් ගෙනහැර දක්වනවා. නැවක් අනතුරකට ලක්වී මුහුදුබත් වීමෙන් පසු එහි සිටි එක් පුද්ගලයෙක් පාළු දූපතකට පාවි එනවා. එම දුපතේදී ඔහුට Cindy Crawford නමැති සුරෑපි නිරෑපිකාව හමුවෙනවා. එහිදී අර පුද්ගලයාට Cindy සමඟ ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීමට හැකි වෙනවා. ඒම කටයුත්ත අවසානයේදී Cindy ඔහුගෙන් විමසන්නේ ඔබ අප අතර සිදුවු දෙයින් තෘප්තිමත්ද කියාය. පුද්ගලයා පවසන්නේ එයින් තමන් තෘප්තියක් ලැබු බවත්, තවත් එක් සුළු දෙයක් ඇයට තමන් වෙනුවෙන් කර හැකිනම් තමන්ගේ තෘප්තිය පරිපූර්ණ වන බවත්ය. ඔහු පවසන්නේ ඇයට තමන්ගේ හොඳම මිතුරාගේ පෙනුමට සැරසෙන ලෙසයි. තමන් කිසිදු විපරීත ක්‍රියාවකට සුදානම් නොවන බවට ඔහු පොරොන්දු වෙයි. එයට එකඟවන ඇය කලිසමකින් සැරසි උඩු රැවුලක්ද සකසා ගනී. වෙස්ගැන්වීම අවසන්වූ පසු අර පුද්ගලයා නිරෑපිකාව සමීපයට ගොස් තමාගේ වැලමිටෙන් ඇයගේ ඇලපතට ඇන අශ්ශීල සිනහවක් සමඟින් මෙසේ පවසයි. "එ්යි උඹ දන්නවද වැඩක්. මම Cindy Crawford එක්ක දැන් ටිකකට කලින් සෙක්ස් කරානේ". මෙයින් කියවෙන්නේ ලිංගික සබඳතාවයකට තුන්වැන්නෙක්ගේ දැක්ම අවශ්‍ය වනවා කියන එක. මේ තුන්වැන්නාගේ දැක්ම පිළිබද හැඟීම අවිඥානික එකක් විය හැකිය.

බැංකුවක් තුල ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වු යුවලගේ සිදුවීමෙදී මෙම තුන්වැන්නාගේ කාර්ය සිදුකරේ වීඩියෝ කැමරාවය. කැමරාව එම කාර්ය සිදු නොකරන්න පිරිමියාට සිදුවන්නේ තමන්ගේ හිතවතුන්ට "උඹලා දන්නවද වැඩක්. මම අරකිත් එක්ක ඔෆීස් එක ඇතුලෙදි සෙක්ස් කරානේ" කියා පැවසීමටය. එහෙත් එසේ සෑම කෙනාටම පැවසීම ආරක්ෂාකාරී නැත. කැමරාව හරහා ගොඩනගා ගත් අනෙකාගේ දැක්ම නිසා එම සංවාදය වලක්වාගෙන ඇත.

ලැකානීයානු යෙදුමක් වන මහ අනෙකා (Big Other) යනුවෙන් හැදින්වෙන්නේ භාෂාව, නීතිය, සංස්කෘතිය, සමාජ සම්මත යනාදියය. ලිංගික සම්බන්ධයක් පැවැත්වීමට යාමේදි ස්ථානය, සම්බන්ධය පවත්වන කෙනා ආදිය තීරණය කිරීමෙදි අප මහ අනෙකාගේ දැක්මට අවනත වේ. අපට ඕනෑම කෙනෙක් සමඟ ඕනෑම ස්ථානයක ලිංගික සබදතාවක් පැවැත්විය නොහැක. ශිෂ්ඨාචාරය විසින් පැනවු සදාචාර පද්ධතියට අප අවනත විය යුතුයි. ජීජැක් පවසන්නේ වර්තමාන ලිබරල් සමාජයේදී මානව හිමිකම් යනුවෙන් හැදින්වෙන දෙය ක්‍රිස්තියානියේ ඉගැන්වෙන සදාචාර පද්ධතිය වන දස පනත (ten commandments) උල්ලංඝණය කිරීමට දුන් නීතිමය අවසරයක් බවයි. මෙම අදහස ක්‍රිස්තියානියේන් ඔබ්බට රැගෙන ගොස් කිවහැක්කේ ඔබ යම්කිසි සදාචාර පද්ධතියක් උල්ලංඝණය කරන විට ඔබගේ ගැලවුම්කාරයා වන්නේ මානව හිමිකම් කියාය. මේ වනවිට ලිංගික සබඳතා පැවැත්වීමට තිබු සදාචාරාත්මක බාධක ඉවත්වී ගොස් හොදින් වැඩුනු වැඩිහිටියන් දෙදෙනෙකු දෙදෙනාගේ කැමැත්තෙන් ලිංගික සබඳතාවක් පවත්වනවා නම් ඔබට පාන්ද? යනුවෙන් ප්‍රශ්න කිරීම දක්වා තත්වය ලිහිල් වී ඇත. ඒ අනුව මහ අනෙකා වශයෙන් ක්‍රියාකල නිතීය, සමාජ සම්මත ඉවත්වී දැන් ආදේශවී ඇත්තේ අවට සිටිනවුන්ගේ අතරැදි ස්මාට් ෆොන් හා CCTV කැමරාය. එමනිසා අප බිය වන්නේ නීතිය, සමාජ සම්මත උල්ලංඝණය කිරීමට නොව, නීතිය උල්ලංඝණය කරන ආකාරය ඇතුලත් වීඩියෝවක් පසුදින සමාජජාල වෙබ් අඩවිවල දක්නට ලැබේ යැයි කියාය. බැංකු සිද්ධියෙන් දෙන පණිවිඩය නම් දැන් නීතියට, සමාජ සම්මත වලට වඩා ඔබ බියවිය යුත්තේ කැමරා වලට කියාය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

7/11/2016

අනාගමික රාජ්‍ය සහ ධර්ම රාජ්‍ය....

කතෘ:යුතුකම     7/11/2016   No comments
-පුනර්ජි දඹොරගම-
රටේ පොදු ජන මතයට එරෙහිව ද රටේ ස්වෛරීභාවයට එරෙහිව ද පාළකයන් කටයුතු කරද්දී එහි ව්‍යවස්තාමය පිළිලය වන නව ව්‍යවස්ථා සංශෝදන නිර්දේශ වාර්තාව නිකුත් වී තිබේ. එහි ආකෘතිමය ස්වරූපය වූයේ මහජන අදහස් විමසා කමිටුවක් මගින් පළමුව එහි නිර්දේශ වාර්ථාවක් ලබා ගැනීම ය.

ව්‍යවස්ථාවක් සැකසීමට මහජන අදහස් ලබා ගැනීමෙහි වරදක් නැත. එහෙත් එම මහජන අදහස් සම්පින්ඩනය කර වාර්තාවක ස්වරූපයෙන් ඉදිරිපත් කිරීමේදී ප්‍රායෝගික ගැටළු රැසක් මතු වේ. රට පුරා විවිද අදහස් ලබා ගෙන අවසාන නිර්දේශ වාර්ථාව ඉදිරිපත් කරන්නේ කමිටුවක් විසිනි. මෙම කමිටුවට පත් කරන්නේ කුමන පුද්ගලයන් ද? එම පුද්ගලයන් තේරීමේ නිර්නායක මොනවා ද? අනෙක් කාරනය නම් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද්දේ මහජන මතය නම් එම අදහස් නිර්දේශ ලෙසට තෝරා ගැනීමේදී ඒ ඒ මහජන අදහස් වලට දුන් බර කොපමණ ද? එසේත් නැත්නම් එම මහජන අදහස් නිර්දේශ ලෙස ඉදිරිපත් කිරීමේදී සලකා බැලූ නිර්නායක කවරේද?

මෙම කමිටු වාර්ථාවේ 20 දෙනෙකුගෙන් 18 දෙනෙකුම තම නිර්දේශය සටහන් කල වාර්ථාවේ සඳහන් ගැටළුකාරී යෝජනාවන්ගෙන් එක් යෝජනාවක් වන්නේ අනාගමික රාජ්‍ය පිළිබඳ යෝජනාවයි. දැනට පවතින ව්‍යවස්ථාවේ සඳහන් වගන්ති වලින් මෙයින් ආදේශ වන්නේ ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය වශයෙන් සඳහන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතුය යන යෝජනාවයි. අනාගමික රාජ්‍ය සංකල්පයම සාපේක්ෂ වූවකි. එය තම තමන් ආගම වශයෙන් සලකන්නේ කුමක්ද යන්න මත රඳා පවතින්නකි. අනාගමික රාජ්‍ය සංකල්පයම බටහිර රටවල ආගමික අන්තවාදීන්ගෙන් ජනයාට සිදු වන අහිතකර බලපෑම් නිසා වර්ධනය වූ සංකල්පයකි. එහෙත් එම සංකල්පය ප්‍රජනනය වූ බටහිර ද ආගමික රාජ්‍ය සංකල්පය අතහැර නොමැත. අපේ රටට අනුව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම යන්න මගින් අනෙක් ආගම් වලට අසාධාරණයක් සිදු වේ ද? එසේත් නැත්නම් උපතින් බෞද්ධයෙකු වූවෙකුට බලපෑමක් කෙරේ ද? බුද්ධාගම ආගමක් වශයෙක් හැඳින්වුවද එයට එදිය හැකි සුදුසුම නම ධර්මය යි. ධර්මයේ අනුසාරයෙන් පාරම්පරිකව පැවත එන දැනුම් සම්භාරය මත සිංහල බෞද්ධ සංස්කෘතිය ගොඩනැගී තිබේ. ඒ අතර ඕනෑම කෙනෙකුට අනුන්ට හින්සාවක් නොවන ලෙස තමන් කැමැති ආගමක් ඇදහීමට හෝ මතවාදයක් දැරීමට නිදහස අපේ සංස්කෘතිය තුල ඉඩ ලැබී ඇත.

පෙර සිරිතට අනුව ධර්මයේ පැවත්මට සහ එය වටා ගොඩ නැගුනු සංස්කෘතියේ පැවත්මට අවශ්‍ය කටයුතු සැලසීම් වශයෙන් වෙහෙර විහාර සෑදීමත් භික්ෂූන් වහන්සේට සිවු පසයෙන් උපස්ථාන කිරීමත් ඒ හා සම්බඳ කළා ශිල්පාදිය පවත්වා ගැනීමට පහසුකම් සැලසීමත් රාජ්‍යත්වයේ වගකීමක් විය. ව්‍යවස්ථා නිර්දේශ සැකසීමේදී මේ පෙර සිරිත් ගැන අවධානය යොමු වීද? තවමත් ජීවමානව පවතින රටේ ඓතිහාසික සංස්කෘතියේ පැවැත්ම මුලුමනින්ම ඝාතනය කිරීමට තැත් කිරීම බරපතල සංස්කෘතික ඝාතනයක් නොවන්නේද?

රජය කෙරෙහි ජනතා විරෝධය දැඩිව පවතින අවස්ථාවක ජන මතය ලබා ගන්නා මුවාවෙන් විකෘති ව්‍යවස්ථා නිර්දේශ සැකසීම ජනතාවගේ ඇසට වැලි ගැසීමකි. නව ව්‍යවස්ථාව සැකසෙනු ඇත්තේ මේ නිර්දේශ මතය. අනාගමික රාජ්‍ය යෝජනාවට අමතරව බෙදුම්වාදය පෝෂණය කිරීමටද රටේ සංස්කෘතිය විනාශ කිරීමට ද මෙම නිර්දේශ වාර්තාව මගින් ඉදිරිපත් කරන අහිතකර යෝජනා බොහෝ ය.

තමන්ට බලයට පත් වීමට උපකාර කල උන් සැනසීමට ජනයාද දේශයද පාවා දෙන අවස්ථාවාදී දේශපාළකයන්ගේ නිසා මුලු මහත් ජාතියටම අයත් වනු ඇත්තේ කටුකදායක ඉරණමකි.අප යා යුත්තේ බටහිර ආකෘතියට සැකසූ අපට නොගැලපෙන යෝජනා පදනම්ව අනාගමික රාජ්‍යක් කරා නොව නිදහස් නිවහල් රටක් ලෙස ධර්ම රාජ්‍යයක් කරා ය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

7/02/2016

1998 දී “CEPA” - අද “ETCA” හරහා ගොස් නවතින්නේ, 1949 “ආචාර්ය පට්ටාභි සීතාරාමයියා” බලාපොරොත්තු වූ තැන ද?

කතෘ:යුතුකම     7/02/2016   No comments
-ජයන්ත මීගස්වත්ත-
1998 දී “CEPA” වලින් පටන්ගෙන අද “ETCA” හරහා ගොස් නවතින්නේ, 1949 අප්‍රේල් මාසයේදී ඉන්දියාවේ “ආචාර්ය පට්ටාභි සීතාරාමයියා” බලාපොරොත්තු වූ තැන ද?

ශ්‍රී ලංකාවේ අගමැති ප්‍රමුඛ ආණ්ඩුව කරවන්නන් මේ දිනවල කථාකරන ආකාරයෙන් හැඟීයන්නේ, එක්සත් රාජධානියේ මහ ජනතාව විසින්, මෑතදී පැවැත්වූ ජනමත විතාරණයේදී, ඩේවිඩ් කැමරන්ට දුන් කම්මුල් පහර වැදී ඇත්තේ, ඔහුටත් වඩා ශ්‍රී ලංකාවේ අගමැති ප්‍රමුඛ ආණ්ඩුව කරවන්නන්ට බවයි. එම කනේ පහර කොතරම් සැරට වැදී ඇත්දැයි දැනෙන්නේ මෙතෙක් කල් ගබ්පෙරහර නියමාකාරයෙන් සිදුනොකර ප්‍රශූත කරගැනීමට බැරිව විලිරුදාවෙන් පෙළුණු “ETCA”ව, හදිසියේ, ”සීසර්” ශල්‍යකර්මයක් මගින් අඩුවයසින් අංග විකලයතු ලෙස බිහිකර ශ්‍රී ලංකා ජනතාවට භාරදීමට ලැහැස්ති වන නිසාය. ඉන්දියාව මේ වන විටත් එම ”සීසර්” ශල්‍යකර්මය සඳහා “ගර්බනී මාතාව” සකස් කර ශල්‍යාගාරයටත් ගෙන හමාරය. ඉන්දියාව බලාසිටියේ ශ්‍රී ලංකාවේ නිරවින්දන වෛද්‍ය වරුන් එම ශල්‍යකර්මය සඳහා ඉන්දියාවට පැමිණෙන තෙක්ය. එංගලන්තයේ ඩේවිඩ් කැමරන්ට වැදුනු කනේ පහරින් අන්ද මන්ද වූ අපේ ඇත්තන්ට ඇතිවූ කරකැවිල්ල නිසා එම ගමන ඉක්මන් කර ඇත.

මෙසේ අඩුවයසින් උපදවීමට අපගේ ආණ්ඩුව තැත්කරන මෙම අංග විකල “ETCA” දරුවා, අනාගතයේදී ශ්‍රී ලංකාව ගෙනයන්නේ කොයිබටද? එය 1949 අප්‍රේල් මස බොම්බායේ දී එවකට ඉන්දියානු ජාතික කොංග්‍රසයේ සභාපති වූ “ ආචාර්ය පට්ටාභි සීතාරාමයියා” ගේ ප්‍රකාශයකින් බලාපොරොත්තු වූ තැන නොවිය හැකිද?

එම තැන කුමක් දැයි වටහා ගැනීමට, දැනට වර්ෂ 60 කට පමණ පෙර 2500 ශ්‍රී බුද්ධ ජයන්තිය වෙනුවෙන් ඩී. සී. විජයවර්ධන මහතා ලියූ “The Revolt in the Temple” නැමැති ග්‍රන්ථයේ 472 පිටුවේ දක්වා ඇති 2 වෙනි ඡෙදය කියවන්න. ඔබගේ පහසුව සඳහා එම ඡෙදය මෙහි පහත දක්වා ඇත.

At the moment, though statesmen are interested in a union of Southern Asian States, there is a certain feeling that, for better or worse, each State should preserve its national sovereignty. Yet the ordinary man in the street is still very uncertain what it is all about. A statement made in Bombay in April, 1949, by Dr. Pattabhi Sitaramayya, the then President of the Indian National Congress, that“ Ceylon should be integrated with India,” created a storm of protest in Ceylon. The fear of the people in Ceylon that India would seek to dominate Ceylon was a natural sentiment in view of India’s size and power. Dr. Pattabhi, elaborating his speech in Bombay to the New Delhi correspondent of a Ceylon newspaper, said that “ India must sooner or later enter into a treaty with the Ceylonese people so that Ceylon may become an organic part of the body politic.” Commenting. on Dr. Pattabhi’s statement, Mr. S.W.R.D. Bandaranaike expressed the national viewpoint when he said: “ Although Ceylon is a small country its people have always been jealous of their sovereign rights for which, in the long history of this country, they have always fought and striven. Having once again regained our freedom and sovereignty, it is not at all likely that the majority of the people of this country will submit to the type of subordination which obviously Dr. Sitaramayya has in mind.”
(උපුටා ගැනීම “The Revolt in the Temple” පොතින්)

එස්. ඩබ්ලිව් ආර්. ඩී. බණ්ඩාරනායක මහතාව “කොන්ද පණ නැති සෙවල බණ්ඩා” ලෙස එදා ලංකාවේ ප්‍රතිගාමීන් ඔහුට සමච්චල් කළත්, ශ්‍රී ලංකාවේ නිදහස සහ ස්වාධීනත්වය පිළිබඳව අන් රටවල් ඉදිරියේ නිර්භයව ප්‍රකාශ කිරීමට තරම් එඩිතරකමක් බණ්ඩාරනායක මහතාට තිබුණි.

එහෙත් අද අප රට කරවන ඇත්තන්ට රට වෙනුවෙන් එවැනි නිර්භීත ප්‍රකාශයක් කළ හැකිද?

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

5/28/2016

දින කිහිපයකට " මිනිස්සු" රටේ ආණ්ඩු කළේය

කතෘ:යුතුකම     5/28/2016   No comments
-පුනර්ජි දඹොරගම-
පසුගිය දිනවල පැවති ගංවතුර හා නායයෑම් නිසා අවතැන් වූ මිනිසුන් පිළිබඳ අපට ඇති වූයේ ඉමහත් සංවේගයකි. ඒ පිළිබඳව රට පුරා අප සියල්ලෝ සහන සැළසීම සඳහා විවිද අයුරින් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වූහ. ඔවුන්ට දේශපාළන පක්ෂ තිබුනේ නැත. ඔවුන්ගේ දේශපාළනය රට ජාතිය ය. මිනිස්කම ය. කහ සිවුරද හමුදා ඇඳුම ද එහි පුරෝගාමී නිළ ඇඳුම් විය.

ස්වභාවයෙන්ම කරුණාව මෛත්‍රිය අතහැරීම පුරුදු කල සංස්කෘතියකින් පැවත එන අපට ඔවුන්ට උපකාර කිරීමට වෙනත් උත්ප්‍රේරක අවශ්‍ය නොවී ය. රට මුහුණපා ඇති ආපදා තත්වය පිළිබඳ හොඳ අවබෝධයක් අප තුල තිබුණි. ඒ පිළිබඳ සංවේදී වීමට තරම් මිනිසත් ගුණදම් ද අප තුල දක්නට ලැබුණි. ආපදාවට පත් වූවන්ගේ ජන ජීවිත යථා තත්වයට පත් කිරීමට උපරිම අන්දමින් සහය වීම අපගේ යුතුකමයි. එහෙත් මේ රට මුහුණ දෙන එක් අභියෝග එයින් කෙළවර වේ ද? රට මුහුණපා ඇති අනෙක් අභියෝග කෙරෙහිත් මෙලෙසින්ම අප සංවේදී විය යුතු නොවේ ද?

එක අතකින් රටේ ආර්ථිකය බිළි දෙමින් අන් රටවල් සමඟ වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමට ආණ්ඩුව සැරසෙයි. අනෙක් අතින් ජාතියේ අභිමානය වූ යුධ හමුදාව ජාත්‍යන්තරය තුල හෑලිලුවට ලක් කිරීමට විවිධ බලවේග සැරසෙයි. බෙදුම්වාදීන් රට දෙකඩ කිරීමට අර අදියි. ජාතියේ ආරක්ෂක පවුර වූ සංස්කෘතිය විනාශ වෙමින් පවතී. එහි මුර දේවතාවුන් වහන්සේලා වන මහා සංඝරත්නය එම ඓතිහාසික කාර්යභාරයෙන් ඉවත් කිරීමට මග හසර විවර වෙමින් පවතී.

තව නොබෝ දිනකින් දේශපාළන නරි නාටක ආරම්භ වනු ඇත. රටේ ජාතික අවශ්‍යතා පසෙකලා තම පටු දේශපාළන වුවමනා වෙනුවෙන් උන් කටයුතු කරනු ඇත. සැබෑ පොළොවේ ගංවතුර බැස ගිය ද රට දැය නැමැති පොළොවේ ආපදාවන් පහව ගොස් නැත.

"මිනිස්සු" නැවත රටේ ආණ්ඩු කල යුතු ය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 

(Like us on facebook)
https://www.facebook.com/yuthukama

4/30/2016

"ඒකාබද්ධ විපක්ෂය" ඇලජික් වූ කවුද බොලේ මේ බෝපගේ?

කතෘ:යුතුකම     4/30/2016   No comments
කවුද බොලේ මේ බෝපගේ?
-ධර්මන් වික්‍රමරත්න-

කොවුලාට මිහිරි කටහඩක් ඇත. නමුත් උගේ පෙනුම සුන්දර නැත. මොණරාගේ පෙනුම සුන්දර වුවද උගේ කටහඩ මිහිරි නැත. උඩක පිපෙන්නට පින්කර තිබුණද නාමලට පැහැයක් නැත. පැහැය තිබුණාට පෙති ගොඩක් තිබුණද නෙළුමකට උඩට පිපෙන්නට බැරිය. මේ අනුව පෙනී යන්නේ කෙනෙකුගේ කුමන දක්ෂතා තිබුණද ඔහු එයට අනුගතව ක්‍රියානොකරන කල්හි එය මැකෙන්නට කුමන හෝ අඩුවක් ඇති බවය.

මේ සියළු අටුවාටීකා කිවේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිමල් බෝපගේ විසින් ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂයක ලේකම් ලෙස ඔහුගේ අත්සනම යොදමින් නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනයක් හේතු කොටගෙන ඇතිවූ අර්බුදකාරි තත්ත්වයක් හේතුවෙනි. එයට තෙදිනකට පෙර එම තනතුරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කල ලේකම්වරයාවූ බෝපගේ, පැය 72ක් තුළ ජනමාධ්‍ය තුළින් ලැබූ ප්‍රචාරය 1948 නිදහසින් පසු කිසිම අමාත්‍යාංශයක ලේකම්වරයෙක් නොලැබූ ප්‍රතිචාරයකි. ඒ හොදට නොව නරක වෙනුවෙනි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් වශයෙන් බෝපගේ නිකුත් කල නිල ප්‍රවෘත්ති නිවේදනයේ සදහන් වූයේ ඒකාබද්ධ විපක්ෂය නමින් දේශපාලන පක්ෂයක් නැති බැවින් එය ප්‍රවර්ධනය කිරීම සඳහා දායකවීමෙන් මාධ්‍යවේදීන් නීතිය ඉදිරියේ ප්‍රතිබන්ධනය වීමට ඉඩ ඇති බවය. එම නිවේදනය මාධ්‍ය නිදහස අගයන්නන් සහ මාධ්‍යවේදීන් අතර තදබල විවේචනයකට සහ තිගැස්මකට ලක්වූ අතර රටපුරා එක් රැයක් ඇතුලත ආන්දෝලාත්මක මාතෘකාවක් බවටද පත්විය. අදාල අමාත්‍යාංශයේ අමාත්‍යවරයාවූ ගයන්ත කරුණාතිලක වහ වහා අවධාරණය කළේ අදාල නිවේදනය අමාතාංශ ලේකම් බෝපගේ ගේ පෞද්ගලික මතයක් මිස රජයේ මතය නොවන බවය. ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක අප්‍රේල් 28වැනිදා අස්ගිරි පාර්ශවයේ වරකාගොඩ ඤාණරත්න මහානාහිමියන් හමුවූ විට උන්වහන්සේ කියාසිටියේ මාධ්‍යයට නිදහස නොදුන්නහොත් සත්‍ය තොරතුරු හෙළිනොවන බවය.

උද්ගතවූ තත්වය අනුව එය තමන්ගේ පෞද්ගලික මතය ප්‍රකාශ කිරීමක් බවද නියෝගයක් නොව ආයාචනයක් බව පසුව අප්‍රේල් 29 සිකුරාදා මාධ්‍ය හමුවකදී පිළිගැනීමට බෝපගේට අවසානයේදී සිදුවිය. ‘යහපාලන’ ආණ්ඩුවේ එක් පොරොන්දුවක් වූයේ සිවිල් සංවිධානවලට නිදහසේ කටයුතු කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රීය අයිතිය පිළිගැනීමය. කිසිවෙකුට හෝ අගතියක් සිදුවේනම් ඒ සඳහා පවතින නෛතික රාමුවේ හෝ ඉන් බාහිරව පුවත්පත් කොමිසම හමුවේ පිළිසරණක් පැතිය හැකිය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 53 ක් පමණ නියෝජනය කරන බහුතර පාර්ශවයකට ඒකාබද්ධ විපක්ෂය කියා පාවිච්චි කිරීමේ හිමිකම අහිමි කිරීමට කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් නැත. එසේම බෝඩ්ලෑලි සංවිධාන බඳු පුරවැසි බලය, අලුත් පරපුර, වීදියේ විරෝධය, සාධාරණ සමාජයක් සදහාවූ ව්‍යාපාරය වැනි සිවිල් සංවිධානවලටද එම නමින් පෙනී සිටීමේ ඇති අයිතියටද කිසිවෙකුට එරෙහි විය නොහැක.

ජනමාධ්‍ය අමාත්‍යාංශයක ලේකම් තනතුර යනු දැලි පිහියෙන් කිරි කන වැඩකි. මෙයට පෙර එහි ලේකම්වරුන් වශයෙන් ලයනල් ප්‍රනාන්දු, කුමාර් අබේසිංහ, ඩබ්ලිව්.පී එස් ජයවර්ධන, තිලක් රණවිරාජා, ඒ. දිසානායක, ඩබ්ලිව්. පී ගනේගල, වජිර නාරම්පනාව වැනි කීර්තිමත් සිවිල් පරිපාලන නිලධාරින්ද ජනදාස පීරිස්, චරිත හේරත්, කරුණාරත්න පරණවිතාන වැනි පරිපාලන සේවයෙන් බාහිර අයද වසර ගණනාවක් අදාල තනතුරේ කටයුතු කලද කිසිදා මෙවැනි හිතුවක්කාරි නිවේදන නිකුත්කර නැත. කලින් සිටි ලේක්ම්වරුන් සියළුදෙනාම වාගේ පොදු මාධ්‍යවේදීන් සමඟ පමණක් නොව ඇත්තේ බී.ඒ. සිරිවර්ධන, ජනදින සරත් නාවාන, රාවය ප්‍රවෘත්ති කර්තෘ නිව්ටන් සෙනෙවිරත්න වැනි අය සමඟ පවා 70 දශකයේ සිට සිටියේ යහළුවන් මෙනි. රජයේ ක්‍රියාපිලිවෙත කෙසේ වෙතද බලපෑම්වලින් තොරව මාධ්‍ය නිදහස තහවුරු කරන පරිසරයක් උදාකරදීමට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙතෙක් සිටි හැම ලේකම්වරයෙකු හැකි සෑම පරිශ්‍රයක්ම දැරූ බව 1984 ජනවාරි සිට ඔවුන් සමඟ වෘත්තීය ලෙස කටයුතු කල ලියුම්කරු දනී.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තනතුරට පත්වූ නිමල් බෝපගේ නීතිඥයෙකි. ගණකාධිකාරිවරයෙකි. කවුද බොලේ මේ බෝපගේ? එය සැමට කුතුහලයකි. නිමල් බෝපගේ ඉපදුනේ මාතර කඹුරුපිටියේදීය. වර්තමානයේ දෙදරු පියෙකි. අවාහ වූයේ ගාල්ල දිසාපතිව සිටි දැන් අමාත්‍යාංශ ලේකම්වරයෙකුවූ රවීන්ද්‍ර හේවාවිතාරණගේ සොහොයුරියක් සමඟය. කොළඹ සරසවියේ නීති පීඨයේ උපාධි අපේක්ෂකයෙකු ලෙස ඔහු එක්වූයේ 1981/82 කණ්ඩායමටය. නීති උපාධියෙන් 1994 වන විට සමත් විය.

කොළඹ සරසවියේදී 1980 පෙබරවාරි 2වැනිදා ආරම්භවූ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙක් බවට බෝපගේ පත්විය. එහි තෙවන සභාපතිවරයා වශයෙන් 1984/85 කාලයේ පත්වූ විද්‍යා පීඨයේ දයා පතිරණගේ නායකත්වය යටතේ ස්වාධීන ශිෂ්‍ය සංගමය රැඩිකල්වාදී වාමාංශික නැඹුරුවක් ගත් අතර සරසවිය පාලනය කළේ තග් බලයෙනි. කොළඹ සරසවිය තුළ ජවිපෙ කටයුුතු තහනම්කර ජවිපෙ ගිහි පැවිදි සරසවි සිසුන්ට 1986 ඔක්තෝබර් 2වැනිදා අමානුෂික ලෙස පහරදී පලවා හැරීය. එම ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස ජවිපෙ දෙවැනි කැරැල්ලේදි 1986 දෙසැම්බර් 15වැනිදා දයා පතිරණ ජවිපෙ අතින් ඝාතනයට පත්විය. පතිරණගේ ඝාතනයෙන් පසු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සභාපතිධූරයට 1986 දෙසැම්බර් 17වැනිදා පත්වූයේ එහි ලේකම්වරයා වශයෙන් කටයුතු කල කේ.එල්. ධර්මසිරිය. එහිදී ප්‍රධාන ලේකම් බවට පත්වූයේ නිමල් බෝපගේය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ බලය ලබා ගැනීම සදහා ස්වාධීන ශිෂ්‍ය සංගමය නාමික අන්තරයක්ද 1987 ජනවාරි 2 ගොඩනැගීමට කටයුතු කරන ලදී. එම රැස්වීම කැඳවුයේද ලේකම් නිමල් බෝපගේය. මොරටු සරසවියේ ඇඩම්ස් අන්තරේ කැඳවුම්කරු වූවද එය සිසු පදනමක් නොමැති නිසා ලත් තැනම සතියකින් ලොප් විය. අවසානයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මැර බලයට එරෙහිව කොළඹ සරසවියේ පොදු සිසුන් එක්වී 1987 මාර්තු 24වැනිදා ප්‍රහාරයක් එල්ලකර ස්වාධීන සිසුන් පරාජය කර බලය ලබා ගත්හ. අවසානයේ ලේකම් බෝපගේ ඇතුළු පිරිසක් ඉවත්වූ අතර ධර්මසිරිගේ නායකත්වයෙන් ස්වාධීන ශිෂ්‍ය සංගමය පාලනයකින් තොරව ක්‍රියාත්මක වෙමින් ප්‍රා සංවිධානය සමඟ එක්වී සරසවි සිසුන් 200කට ආසන්න පිරිසක් ඝාතනය කළේය. අනතුරුව ජවිපෙ මගින් ධර්මසිරිද මරා දැමූ අතර ස්වාධීන ශිෂ්‍ය සංගමය 1989 දෙසැම්බර් 15 වැනිදා විසුරුවා හැරි බව එම සංගමය ප්‍රකාශයට පත්කළේය.

කොළඹ සරසවියේ නීති උපාධිධාරියෙකුවූ බෝපගේ පසුව පරිපාලන සේවයට ඇතුළත්වූ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරයෙකු වශයෙන් කෙටි කලක් කටයුතු කළේය. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංචිතයට මාරු කිරීමෙන් පසු අර්බුදයක් හේතුවෙන් රාජ්‍ය සේවයට ආයුබෝවන් කීවේය. පසුව 1994දී පත්වූ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුව යටතේ අමාත්‍ය ජී.එල්. පීරිස්ගේ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයෙකු වශයෙන් සුදු නෙළුම ව්‍යාපෘතියේ සම්බන්ධීකාරකවරයෙකු ලෙස ඇමති මංගල සමරවීර සමඟ සමිපතවම කටයුතු කළේය. පසුව එම තනතුරින් වසර එකහමාරකට පසු ඉවත්වන බෝපගේ එජාපය සමඟ සමීප සබදතා ගොඩනගා ගත්තේය. කලක් දේශපාලනයෙන් නිහඬවී වෘත්තීය වශයෙන් නීතිය සහ ගණකාධිකාරි දේශකයෙකු වශයෙන්ද වෘත්තිකයෙකු වශයෙන්ද කටයුතු කළේය. වසර 2000 මහා මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික් එජාප අපේක්ෂක රවින්ද්‍ර රන්දෙණියගේ ජයග්‍රහණය සඳහා වෙහෙසුන්ය.

යළි දේශපාලනයෙන් බැහැරවූ බෝපගේ 2005 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ කටයුතු කළේය. එවකට එහි සභාපතිවරයා වූයේ පසුකළෙක රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුවේ සභාපතිවරයාවූ ජගත් වැල්ලවත්තය. දෙදෙනාම සරසවි සමකාලීන්ය. වරෙක බෝපගේ ව්‍යාපාරකයෙකු වශයෙන්ද කටයුතු කළේය. රජයේ ජාතික මිනිස් පවුර සංවිධානයේ සභාපතිවරයා වශයෙන් 2008දී පත්විය.

ඇමති ඩලස් අලහප්පෙරුම යටතේ සේවයට එක්වන බෝපගේ ප්‍රවාහන අමාත්‍යවරයාගේ සම්බන්ධීකාරකවරයෙක් වශයෙන් කලක් කටයුතු කළේය. නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු ඇමතිවරයා ලෙස ඩලස් අලහප්පෙරුම පත්වීමෙන් පසුව ඔහු ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් විය. ජාතික ආධුනිකත්ව හ කාර්මික පුහුණු අධිකාරියේ උප සභාපතිවරයෙක් වශයෙන් 2009 අගෝස්තු 18වැනිදා පත්වූ ඔහු වසරකට ආසන්න කාලයක් එහි කටයුතු කළේය. එහිදී ඇතිවූ ගැටුම් සමථය කිරීම සඳහා එම තනතුර වෙනුවට බෝපගේට මානව සම්පත් සංවර්ධන සභාවේ සභාපතිවරයා ලෙස 2010 අගොස්තු 19 සිට මාස 22ක් කටයුතු කළේය. රජයේ තරුණ ප්‍රවර්ධන ව්‍යාපෘතියක්වූ 9එෆ් බලකාය භාරවද කටයතු කළේය. එහිදි අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු සමඟ ඇතිවූ හබයකින් පසු ඉන්ද ඔහු ඉවත් විය.

එක්සත් ජනතා නිදහස් සංධානයෙන් 2009දී බස්නාහිර පළාත් සභාවට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟකර පරාජයට පත්විය. එසේවීමට එක් හේතුවක් වූයේ නියේජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න සහ ඔහුගේ කණ්ඩායම සමඟ ඇතිකරගත් මතභේදකාරි හේතූන්ය. ජනමාධ්‍ය ලේකම් චරිත හේරත්ගේ සහාය මත ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් 2014 ජනවාරි මස පත්වූ බෝපගේට එම සේවය කල හැකිවූයේ මසකට ආසන්න කාලයක් පමණි. රූපවාහිනියේ ගාමිණී රාසපුත්‍ර සහ රාසපුත්‍රගේ හිතවත් සේවකයින් සමඟ ඇතිවූ ආරවුලක් එයට මුල්විය.

ඇමති ඩලස් අලහප්පෙරුමගේ මැතිවරණ කමිටුවට ක්‍රියාකාරීව එක්වන බෝපගේ මලික් ජයතිලක සහ ශිරාල් ලක්තිලක සමඟ ඔහුන්ගේ දේශපාලනයේ සමීපතමයෙකු වේ. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 2015 ජනවාරි ජනාධිපතිවරණය වෙනුවෙන් අරඹන ලද එක් මාධ්‍ය මෙහෙයුම් කාර්යාලයක කලමණාකරු වන්නේ නිමල් බෝපගේය. ඒ වෙනුවෙන් ඔහුට වාහනයක් සමඟ සියළු දීමනා හිමිවිය. එම කාර්යාලය 2014 ඔක්තෝබර් 11වැනිදා සිට 2015 ජනවාරි 10 දක්වා පවත්වාගෙන ගියේ කොළඹ 7 හෝර්ටන් උද්‍යානයේ නිවසකදීය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයෙන් ජයගත් පසු ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වූයේ ශිලාල් ලක්තිලකය. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වූයේ කරුණාරත්න පරණවිතානය. පසුව ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිවරයා බවට 2015 මාර්තු මස පත්වූ ඔහු සේවය කළේ සති කිහිපයකි. පාර්ලිමේන්තු මහ මැතිවරණය 2015 අගෝස්තු පවත්වන විට එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් හෙළ උරුමය නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ කල කරුණාරත්න පරණවිතානගේ මැතිවරණ ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයෙක් බවට ඔහු පත්විය. ඉනික්බිති 2016 පෙබරවාරි සිට රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපතිවරයා බවට පත්වූ අතර අප්‍රේල් දක්වා කටයුතු කළේය. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පත්වූයේ 2016 අප්‍රේල් 25වැනිදාය. එදින බෝපගේ අමාත්‍යාංශයේ සේවකයින්ට තම දැක්ම ඇතුලත් මුද්‍රිත පත්‍රිකාවක්ද බෙදාහැර තිබිණි. අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ දැක්ම වියයුත්තේ අදාල ඇමතිවරයාගේ මඟ පෙන්වීම යටතේ ආණ්ඩුවේ දැක්මය.

නිමල් බෝපගේ කැපවීමෙන් වැඩ කරන්නෙකි. සංවිධායකවරයෙකි. එහෙත් කණ්ඩායම් හැගීමෙන් වැඩකිරීමට දුර්වලය. ඔහුගේ බොහෝ සේවා ඉවත්වීම් හෝ ඉවත්කිරීම් සිදුවන්නේ ප්‍රශ්ණගත ආකාරයෙනි. ගෞරවාන්විතව නොවේ. ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගරුත්වය සම්බන්ධයෙන් උපදේශන න්‍යාමයන් සකස්කිරීමට ගොස් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ රටට පෙන්නුම් කළේ තමන්ගේ නොහැකියාවද? එසේත් නොමැතිනම් ‘යහපාලන’ ආණ්ඩුවේ වත්මන් මාධ්‍ය ප්‍රතිපත්තියේ සැබෑ ස්වරූපයද? කෙසේ වෙතත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ඔහු නිකුත්කල ආන්දෝලාත්මක ප්‍රවෘත්ති නිවේදනය ඉල්ලාගෙන කෑමකි. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයෙකුගේ වගකීම පමාවී හෝ දැන්වත් ඔහු අවබෝධ කරගත යුතුමය.

Rivira

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

4/06/2016

ජයග්‍රහණය සහ ජාතිකත්වය

කතෘ:යුතුකම     4/06/2016   No comments
-පුනර්ජි දඹොරගම-
පසුගිය දින වල බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් විසින් විස්සයි විස්ස ලෝක කුසලානය, කාන්තා ලෝක කුසලානය සහ 19න් පහල ලෝක කුසලානය දිනාගන්නා අයුරු අප දුටුවෙමු. මෙහිදී ඔවුන් ක්‍රීඩා පිටියේදී මෙන්ම ඉන් පිටතදී ද ජයග්‍රහණය සැමරීම සඳහා ඔවුන්ටම ආවේණික වූ නර්තනයක යෙදෙනු දැක ගත හැකි විය. විශිෂ්ඨ රගර් කණ්ඩායමක් වන නවසීලන්ත රගර් පිළ ද තරඟයට පෙර මෙලෙස තමන්ටම ආවේණික වූ නර්තනයන්හි නිරත වෙයි. මෙය හුදෙක් ආනන්දජනක අත්දැකීමක් ලෙස ලඝු කොට නොතැකිය යුතු අතර මෙය ක්‍රීඩකයන්ගේ එකමුතුවද තරඟකාරීත්වය ද ජයග්‍රහණය ද කෙරෙහි බෙහෙවින් බලපාන සාධකය කි.
රටක් ජාතියක් යනුද එවැනිම කණ්ඩායමකි. රටක් ජාතියක් ජයග්‍රහණය කරා යෑමට, උදාසීන නොවීමට තමන්ටම ආවේණික වූ ජාතිකත්වයක් තිබිය යුතුය. එය තම ජාතියේ ආධ්‍යාත්මය තුලින් ශක්‍යතාවය තුලින් ගොඩනැගිය යුතු ය.
අප රටේද එෙතිහාසික වශයෙන් සිංහල බෞද්ධයා තුල ආවේණික වූ ජාතියේ ප්‍රගමණය සඳහා වූ බලවේගයක් තිබුණි. එනම් සිංහල ජාතිය ලෝ සසුන් බැබළවීමටත් සම්බුද්ධ සාසනය චිරාත් කාලයක් ආරක්ෂා කිරීමට ත් බැඳී සිටින බවයි. සටන් ශිල්ප ද කළා ශිල්ප ද සාහිත්‍ය ද ආර්ථිකය ද ගොඩනැගුනේ එම සුවිශේෂී උත්තේජකය මත යි. අප බතින් බුලතින් සරු වූයේ ද ආධ්‍යාත්මිකව ශක්තිමත් වූයේ ද පරසතුරන් පළවා හැරියේ ද සම්බුද්ධ සාසනය සුරක්ෂිත කිරීමේ උතුම් අරමුණ ඇතුව ය.පාවා දෙන්නන් විසින් ඉංග්‍රීසීන්ට අපේ මව්බිම පවරා නොදෙන්නට කිසි කලෙක විදේශීය ආක්‍රමණ වලට සම්පූර්ණයෙන් මේ දෙරණ යටත් කර ගත නොහැකි වූයේ ඒ නිසා විය යුතු ය.

ලෝකය තුල සහජීවන සංකල්පයේ භාවිතාව විය යුත්තේ ඒ ඒ ජාතීන් තම ජාතිකත්වය ගොඩ නැගීමෙනි. ජාතීන්ගේ ජාතිකත්වය විනාස කර දමා බටහිර අනුකාරකත්වයේ පොදු සාධකයක් ගොඩනැගීමට යාමෙන් ජාතින් පිරිහී යයි. එවිට කුමන සහජීවනයක් ද?

ජාතීන් ජයග්‍රහණය ලබන්නේ තම තම අන්න්‍යතාවය හඳුනා ගැනීමෙනි. බටහිර වෙළදපොළට අවශ්‍ය ලෙස හුදු අනුකාරකත්වයක යෙදීමෙන් අපට කිසිවක් ඉතිරි නොවේ. අප අපට අනුකූල ජාතිකත්වයක් ගොඩනැගිය යුතු ය. අතොරක් නැතිව මංමුලා වී තවමත් අපට නොගැලපෙන න්‍යායන්ගෙන් ජයග්‍රහණය සොයා නිෂ්ඵල ගමනට දැන්වත් තිත තැබිය යුතුව ඇත.

ජයග්‍රහණය උදා වනුයේ අප අපවම හඳුනා ගත් පසු ය.

-යුතුකම සංවාද කවය

www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

3/24/2016

යුරෝපය; 'විවෘත සමාජයේ' සිට 'විවෘත සිරගෙය' දක්වා

කතෘ:යුතුකම     3/24/2016   No comments
-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ-
පසුගිය පැරිස් ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වූ සලේ අබ්දෙස්ලාම් බ්‍රසල්ස් නුවර දී අත්අඩංගුවට ගෙන සතියක් යෑමටත් පෙර ඊට පළිගැනීමක් ලෙස අයිසිස් ත්‍රස්තයන්ට යුරෝපයේ හදවත තුළ ඊයේ වන් ප්‍රහාරය සැලසුම් කිරීමට හැකි වීම සැමගේ විමතියට ලක්ව තිබේ. යුරෝපය පුරා විසිරී සිටිමින් අවශ්‍ය වූ විට මහා පරිමාන ප්‍රහාර එල්ල කළ හැකි තරම් දියුණු තත්වයට අන්තවාදි ඉස්ලාම් ත්‍රස්ත ජාල ක්‍ෂණික හා සක්‍රීය බව මින් පැහැදිළි වේ. මෙය එම කලාපයේ ආරක්‍ෂාව දුබලවීම පිළිබඳ පැහැදිළි සත්‍යයකි. බුෂ් සමයේ ඇමරිකානු ආරක්‍ෂක ලේකම්වරයෙකු වූ ඩොනල්ඩ් රම්ස්ෆෙල් නිග්‍රහ‍ාත්මක අර්ථයෙන් යුරෝපය චොකලට් හදන රටවල් ලෙස නම් කළේ ඔවුන්ගේ බොලඳ බව නිසා ය. ප්‍රශ්නය වන්නේ එසේ වෙමින් සිට, ඔවුන් ඇමරිකානු පදයට නටමින් ලොව පුරා තෝරාගත් ත්‍රස්ත කණ්ඩායම්වලට මුදලින් හා භූමියෙන් ද ආධාර කිරීම ය. එල්ටිටිය තනිකර වැඩුනේ යුරෝපා උදාසීනත්වය නිසා ය. මේ අතර, තම භූ දේශපාලන අභිලාෂ ඉටුකර ගැනීම සඳහා ලොව පුරා ත්‍රස්ත කණ්ඩායම් යුරෝපය විසින් යොදා ගන්නේ සෙල්ලම් බඩු සේ නොසැලකිල්ලෙනි. ඇෆ්ගනිස්ථානය, ඉරාකය, බොස්නියාව, ලිබියාව හා සිරියාව ආසන්නත ම නිදසුන් ය. එහෙත් ප්‍රශ්නය වන්නේ මේ සුදුකරපටි අපරාධකරුවන් හා ඝාතකයින් මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදෙවියන් ලෙස හා ත්‍රස්තවාදයට එරෙහි ව සටන් කරන රටවල් හා මිනිසුන් ලෙස ලොව හමුවේ පෙනී සිටීම ය. දැන් දැන් බෝම්බ ලෙස මේ ඇසෙන්නේ ඇත්ත වශයෙන් ම ඒ දෙබිඩිබවේ හා කුහක බවේ හඬ ය.

බ්‍රසල්ස්, පැරිස් හා ලන්ඩන් වැනි නගරවල ත්‍රස්තවාදීන්ට හිතු සේ ක්‍රියාත්මක වන්නට තවත් සාධක බලපා තිබේ. ඒ නම් එම රටවල මුස්ලිම් හා සෙසු සුළු ජාතික කොටස්වල‍ට එල්ල වී තිබෙන ප්‍රවේණිගත ජාතිවාදී පීඩනයයි. විශේෂයෙන් ම මුස්ලිම් ජාතිකයින් නිරන්රයෙන් පොලිස් අත්අඩංගුවට ගැනීම, හිරිහැරකිරීම් හා මහමග දී නිති පරීක්‍ෂා කිරීමට ලක් කිරීම වැනි දෙය මැද මට්ටමේ සාධක ලෙස පෙන්වා දිය හැකි ය. මීටත් යටින් තව බොහෝ සාධක තිබේ. ප්‍රමාණවත් අධ්‍යාපනයක් ලබා ගැනීමට ඇති මං ඇහිරීම, අමාරුවෙන් හෝ එවැන්නක් ලබා ගත්ත ද ඊට සරිලන රැකියාවක් ලබා ගැනීමේ දී බාධා පැමිණවීම මෙන් ම ඇතැම් අවස්ථාවක පොදු සමාජය තුළ කොන් කිරීම වැනි දෙය සුලබ සිදුවීම් ය. යුධ සමයක දී පවා ශ්‍රී ලංකාව වැනි රටක් තම සුළුජාතිකයින්ට සැලකූ අයුර පිළිබඳ මොවුන්ට කොතරම් වැදගත් පාඩමක් ඉගෙනගත හැකි ද? එය මෙරට බොහෝ සුළුජාතිකයින් පවා තේරුම් නොගැනීම ඛේදයකි. කෙසේ වෙතත්, ඉහත වන් හේතු නිසා ම අයිසිස් වෙනුවෙන් සටන්කරුවන් බඳවා ගැනීමට යුරෝපය ඉතා සරු ගොදුරු බිමක් වී තිබේ. මේ වන විට යුරෝපා මුස්ලිමුන් 5000ක් පමණ සිරියාවේ හා ආශ්‍රිත ප්‍රදේශවල බටහිරට එරෙහි සටනෙහි නිරත ව සිටිති. ඊයේ ප්‍රහාරය එල්ල කළේ ද බෙල්ජියම් ජාතික මුස්ලිමුන් විසින් ම ය. ඇතැමුන් යුරෝපය හඳුන්වන්නේ විවෘත සමාජ (open society) ලෙස ය. එහෙත් ඇත්ත වශයෙන් ම අද එය එහි අනිත් පැත්ත ය. යුරෝපය යනු විවෘත සිරගෙයකි (open prison). සුළුජන කොටස්වලට විශේෂයෙන් එය එසේ ය. අවාසනාවකට අප වැනි රටවල සංහිඳියාව හා සමාජ වටිනාකම් කියා දීමට එන්නේ ඒ සිරගෙවන් පාලනය කරන ජේලර්ලා හා ඔවුන්ගේ දේශීය නියෝජිතයින් වීම දෛවයේ සරදමක් නොවන්නේ කෙසේ ද?

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

3/23/2016

පිස්සුද හැටිද?

කතෘ:යුතුකම     3/23/2016   2 comments
-හොඳම පිස්සෙක් වර්තමාන පාර්ලිමේන්තුවේ අගමැති වීම?

ලංකාව සහ ඉන්දියාව යාකරන පාලමක් ඉදිකිරිම පිලිබඳ ඉන්දීය ලෝග් සභාවේදි එරට මහා මාර්ග කටයුතු පිලිබඳ ඇමතිවරයා වන නිතින් ගධ්කාරී පසුගිය බදාදා ප්‍රකාශ කල බව එරට "The Hindu" පුවත්පත පැහැදිලිව වාර්තාකර තිබිණි. එමෙන්ම එම ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව මුල්‍යමය පහසුකම් සපයන බවද එම පුවතේ සඳහන්ව තිබිණි.

මේ පිලිබඳ මෑතකදී උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා විසින් වර්තමාන පාර්ලිමේන්තුවේ අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ප්‍රශ්නයක් යොමු කල අවස්ථාවේ ඔහු ඔහු ලබාදුන් පිළිතුර සලකා බැලීමේදී ඇත්ත වශයෙන්ම ඔහු වඩාත් ගැලපෙන්නේ පිස්සන් කොටුවේ පිස්සන්ගේත් හොඳම පිස්සා ලෙස කිරුළු පැළඳවීමට බව මේ දෙස බලාසිටි සාමාන්‍ය දැනුමක් ඇති කෙනෙකුට වුවද වටහා ගත හැක.
ඔහු ලබාදුන් පිළිතුරෙන් ගම්‍ය වන්නේ එක්කෝ ඉන්දියාව මේ වනවිට ලංකාවට අදාල කටයුතු පිලිබඳ තීරණ ගන්නේ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ලංකාවේ රජයට නොදන්වා බවයි, නොමැතිනම් එරට ලෝග් සභාවේදි ලංකාවට සම්බන්ද එවැන්නක් ප්‍රකාශ කරන්නේ කෙසේද. එමෙන්ම ආසියානු සංවර්ධන බැංකුවද ලංකාවට සම්බන්ද කටයුත්තකට මුල්‍ය පහසුකම් ඉන්දියාවට ලබාදීමට එකඟ වීමේදී ලංකාවේ රාජ්‍ය තන්ත්‍රයෙන් ඒ පිලිබඳ කිසිවක් විමසා සිටීමට උනන්දු නොවන්නේ ලංකාවේ මෝඩයින් හෝ පිස්සන් ඉන්දියාව කියන ඕනෑම දෙයකට කැමැත්ත පලකරනු ඇතැයි විශ්වාස කරන නිසා වියයුතුය.
මෙවන් මෝඩයින් "නළුවන් නොව මොල කරුවන්" ලෙස පසුගිය කාලයේ හැදින්වූ උන් අද මේ පිස්සු විකාර නොදැක්කා සේ ඇඳන්යට සැඟවී සිටීමනම්, රටේ අවසනාවම බව නොකියාම බැරිය.

-තිවංක අමරකෝන්
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

3/08/2016

"රනිල්ට බෑ" - දෑස් ඉදිරිපිට ඔප්පු වේ...

කතෘ:යුතුකම     3/08/2016   1 comment
මහින්දට හැකි පොළොවේ රනිල්ට නටන්න බැරි ඇයි?

අද පාර්ලීමේන්තුවේ දී රනිල් වික්‍රමසිංහ කීවේ එක් දෙයක් පමණි. එනම් මංගල සමරවීර වරක් කීවා සේ ‘රනිල්ට බෑ’ යන්න පමණි. ආසියාවේ හොඳම මොළය යැයි සිය ගෝලබාලයින් විසින් තැකූ රනිල්ගේ කතාවෙන් උපුටා ගත් පහත එන කොටස ඔහුට ද නොදැනීම ඔහුගේ සමස්ත කතාවට ම- එනම් රාජපක්‍ෂලා ආර්ථිකය විනාශ කළාය යන චෝදනාවට ම එරෙහි දැවැන්ත ප්‍රතිතර්කයක් ගොඩනගනවා. අලුතින් ප්‍රාග්ධන බද්දක් හඳුන්වා දීම සාධාරණීකරණන රනිල් මෙහෙම කියනවා.

“1987 වසරේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වර්ධනය ඉපැයීම් මත බදු අය කිරීම සිදු කළේ නෑ. කෙසේ වෙතත් පසුගිය දශකයේ දී රට තුළ විශේෂයෙන් සමාජයේ ඉහළ ස්ථරයන් තුළ පෞද්ගලික ප්‍රාග්ධනයේ අතිවිශාල වර්ධනයක් දැකිය හැකි වුණා. ඉඩම් මිල ඉහළ යෑම සහ කොටස් මිල ඉහළ යෑම මෙම විශාල ප්‍රාග්ධන වර්ධනයට හේතුවක් ලෙස සැලකිය හැකියි. මේ තත්ත්වය පසුගිය වසර 10 පුරා පැවැතුණා.”

යු‍රෝපය, ඇමරිකාවේ හා සෙසු ලෝකය දරුණුත ම ආර්ථික කඩා වැටීමක තිබිය දී ලොව දරුණුතම ත්‍රස්ත සංවිධානයට එරෙහි යුද්ධයක් ද කරන අතර තුර රටේ දළ දේශීය නිෂ්දිතය ඩො. බිලියන 24 සිට 2014 දී ඩො.බිලියන 76කට තුන් ගුණයකින් වැඩිකළ මහින්ද යුගය ගැන රනිල් කියන්නේ ඇත්තක්. පහුගිය කාලේ රටේ ප්‍රාග්ධය පදනම විශාල ලෙස පුළුල් වුණා. මුළු සමාජ දේහය පුරාම මෙය විහිදුනා. මේක තේරුම් ගන්න ආර්ථික දැනුමක් අවශ්‍ය නැහැ. බලන්න අද රට පුරා අඩියෙන් අඩිය සුපිරි වෙළඳසැල් කීයක් හැදිල තියෙනව ද කියල. කොච්චර තිබ්බත් ඒ එකකින් භාණ්ඩයක් මිළඳී ගන්න අප‍ට සෑහෙන වෙලාවක් පෝලිමේ ඉන්න වෙනවා. මිනිස්සුන්ට සල්ලි තිබ්බෙ නැතිනම් මේවා මෙහෙම ඇරෙයි ද? ඒවා නොවැසී ති‍යෙයි ද? බලන්න පහුගිය කාලේ කී දෙනෙක් රෝද 2 හා 3 හා 4 වාහන ගත්ත ද කියල. වාහනයක් කියන්නේ සුඛෝපභෝගී භාණ්ඩයක් යන අදහස සමාජයෙන් තුරන් වෙනකං මිනිස්සු වාහන ගෙනාවා. අද රනිල්ට තමන්ගේ දුබලතාව වහගන්න බදු ගහන්න ඉතිරි වෙලා තියෙන්නෙත් මේ පුළුල් වූ ආර්ථිකය. ඒත් ප්‍රශ්නය ම ඒකයි. සුපිරි ධනවතුන් වන රනිල්ලටත්, ලංකාවේ දුප්පතා දුප්පත් ලෙස තියාගන්න උත්සාහ කරන ජවිප වැනි සුළු ධනේශ්වර පක්‍ෂවලටත් එක අතකින් ඉවසන්න බැරී මේක, අනිත් අතින් පවත්වාගෙන යන්න ප්‍රඥාව නැත්තෙත් මේක.
ණය බර දළ දේශීය නිශ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස පසුගිය දශකය පුරා අඩු වී ඇති අයුරු
අද රනිල් මෙහෙම කියනවා; “රාජපක්‍ෂ කළේ අපේ රට ණය උගුලක සිර කිරීම පමණයි. රාජපක්‍ෂ රෙජීමයේ හිතුවක්කාරී ක්‍රියා පිළිවෙත නිසා මේ වන විට අපේ රට රුපියල් ට්‍රිලියන 9.5 ක ණය උගුලක හිරවෙලයි ඉන්නේ. අපේ ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 74.9 ක්.” රනිල් කියන්නේ ඇත්ත ද? මෙන්න දත්ත. 2001 දී අපේ ණය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්‍ෂව සියයට 103.2 යි. 2006 දී 87%යි. 2008 දී 81.4%යි. 2010 දී 81.9%යි. 2012 දී 79.2%යි. 2014 දී 75.5%යි. දැන් ඔබට පේනවා නේ ද රාජපක්‍ෂල ණය බර අඩුකරල ද වැඩි කරල ද කියල. 2001 දී සියයට 103 ක් වෙච්ච ණය බර ඔවුන් යන්න ගියේ වාර්තාගත ලෙස සියයට 75ට අඩුකරල.

දැන් තියෙන ප්‍රතිශතය මහලොකු එකක් නෙමෙයි. ජපානය සියයට 226ක් ණයයි. සිංගප්පූරුව 111ක්. ජර්මනිය 76ක්. ඇමරිකාව 102ක්. ණය නෙමෙයි ප්‍රශ්නය. කැපවීම, දැනුම හා කළමනාකරණය. අපට ජනවාරි 08 අහිමි වුණේ රාජපක්‍ෂල විතරක් නෙමයි ඒ සියල්ල. මෙන්න මේකයි අපි ඒ කැරැල්ලට මෝඩයාගේ කැරැල්ල කියන්නේ.

-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ
http://www.mahindapathirana.com/

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

3/03/2016

ජනවාරි 08 රටට අහිමි වූ පිළිවෙල හා නායකත්වය යළි ගොඩනැගීම එකම විකල්පයයි

කතෘ:යුතුකම     3/03/2016   2 comments
උසාවි අසල හා මහදවල් මහපාරේ දිනක් නෑර නාදුනන තුවක්කුකරුවන් අතින් වෙඩි වැදී මියෙන පුද්ගලයින් දකිනකොට ගෝඨාභය රාජපක්‍ෂත්, නායකත්වයක් නොමැති ව අයාලේ යන රටේ ආර්ථිකය පිළිබඳ දිනපතා පිරිහෙන ඉලක්කම් දකින විට බැසිල් රාජපක්‍ෂත්, මේ සිද්ධි දෙකම එකවර සිහිවන විට මහින්ද රාජපක්‍ෂත් මේ රටේ පුරවැසියන්ට මතක් නොවෙනවනම් ඔවුන්ට ප්‍රභාකරන් කීවා සේ සති දෙකෙන් අමතක වීමේ සින්ඩ්‍රෝමය හැදිල තියෙන්න ඕන. රුවන්වැලිසෑය හැදුවේ දුටුගැමුණු මිසක් මේසන් බාස් නොවන බව මේ තුන් දෙනා සීන් එකෙන් ඉවත් වුනාම රටට වෙච්ච හරියෙන් දැන් හොඳට ම පේනවා.

නිදහසින් පස්සේ මේ රටට නොතිබුණු එකම දෙය උජුපටිපන්න නායකත්වය හා ඉලක්කය විතරයි. රටකට නායකත්වය තියෙනවනම් වෙන මොනවත් ඕන නැ. අවුරුදු 500ක් අපට අහිමි ව තිබූ එය අපට ලැබණෙ 2005 දී. බොහෝ පමා වී ආවා වුනත් මහින්දල 2005 ඉඳල මේ රටට පිළිවෙළ (order) ගෙනාව. ඒ තම ඍජු නායකත්ව ගුණාංග දේශපාලන මෙහෙයුමක් බවට පරිවර්තනය කිරමින්. මහින්දල අතින් යම් ‘කොස්මෙටික්’ වැරදි සිදු වුණත් ඒ වැරදිවල මුල් සොයාන ගියාම ඒවා ඔහුට පෙර සිටි නායකයින්ගේ ප්‍රවේණිගත රෝගවල සම්බන්ධ වෙන්නෙ. ‘කොස්මෙටික් වැරදි’ කියන්නේ පද්ධතියට හානි නොකරනසුළු එහෙත් මතුපිටින් දිළිසෙන වැරදි. මේ මතුපිට දිළිසෙන වැරදි ම අතිශෝක්තියට නංවල තමා, මහින්ද පාලනය මගින් කාටත් නොපෙණී රට‍ට ගෙනා අභ්‍යන්තර පිළිවෙල හා ආර්ථිත සෞභාග්‍ය පරාද කරන්නෙ. දළ දේශීය නිෂ්පාදය 2005 දී ඩොලර් බිලියන 25 ඉඳලා 2014 වෙනකොට 76ක් කිරීම ලෙහෙසි පහසු දෙයක් ද? ඒක පුද්ගල ආදායම ඩොලර් 800 ඉඳලා 3000 වීම කොහොම ද?. අපේ අසල්වැසි රටවල් පවා ඊර්ෂ්‍යව ‍කළ මේ ගමනයි ජනවාරි 08 වෙනිදා පරාජය කළේ. ඇත්තට ම ඒ ඊර්ෂ්‍යාව නේද අපට කනකොකා ගෙනාවේ !

‘යහපාලනය’ හා ‘ප්‍රජාතන්ත්‍රවාදය’ හා ‘නිදහස’ වැනි ‘ලොකු වචන’ තුන්වැනි ලෝකය නතුකරගැනීම යොදා ගැනීම යෝජනා කළේ 1919 ඇමරිකාව පාලනය කළ වුඩ්රෝ විල්සන් නම් ජනපතිවරයා. ඒකම නේ ද ලංකාවේ ජනවාරි 08 සිදුවුණේ. අපි හැමෝම දන්නවා බඩගින්න හැදුනාම ඔය එක වචනයක්වත් වලංගු නැතිබව. ජාතික ආරක්‍ෂාව හා ජාතික ආර්ථිකය අතින් අවිනිශ්චිත අනාගතයක් ගැන කියන රටක කොහොමද ප්‍රජාතන්ත්‍රවාදය පැළවෙන්නෙ? මෙතනයි මේ සියළු සංකල්පවල හෙළුව පේන්නේ. විකල්ප සෙවිය යුත්තෙ මෙනිසායි. මේක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. ජාතික ප්‍රශ්නයක්.

-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ
http://www.mahindapathirana.com/

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

3/02/2016

යහපාලන මායාව හරහා හිස ඔසවන ෆෙඩරල් මාරයා...

කතෘ:යුතුකම     3/02/2016   No comments
ෆෙඩරල් භයානක බෝවන රෝගයකි

උතුරෙන් ඉඳහිට "බළලා මල්ලෙන් එළියට පනින" කතන්දර ඇසේ. ඒ ෆෙඩරල් බළලාය. සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටිනවාය කියන බොහෝ දෙමළ නායකයන්ගේ ශරීරය පුරාම, දිනපතාම මේ ෆෙඩරල් විෂ දුවන බව කිව යුතුය.

මේ ෆෙඩරල් බළලා නැවතත් උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන්ගේ මල්ලෙන් එළියට පැන තිබෙන බව ඊයේ "දිවයින" පුවත්පත වාර්තා කර තිබිණි. කතාව මෙසේය, උතුර නැගෙනහිර ෆෙඩරල් පාලනයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා මැදිහත් වන ලෙස උතුර මහ ඇමැතිවරයා ඉන්දීය රජයෙන් ඉල්ලා තිබේ. උතුර මහ ඇමැති විග්නේෂ්වරන් ඒ ගැන "රසකර" කියා තිබුණේ වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවට ගිය උතුරේ විද්වතුන් පිරිසක්‌ ආපසු යාපනයට පැමිණි මොහොතකය. දෙමළ ඩයස්‌ පෝරාවට සැනකෙළි පැවැත්විය හැකි (අවශ්‍ය නම් ශ්‍රී ලංකාවේ වුවද) මේ සුබ පණිවිඩය අනාවරණය කර තිබුණේ බී. බී. සී. සේවාවය.

2009 වර්ෂයේ යුද්ධය අවසන් වූ පසු උතුරට වී සැපගන්නා දෙමළ ජනතාවගේ ගැලවුම්කරුවන් යෑයි ජාත්‍යන්තරයට පෙන්වන බොහෝ නායකයන් හිටිහැටියේ මෙවැනි "ෆෙඩරල් ආතල්" ගැනීම හදිසියේ ඇතිවූවක්‌ යෑයි කිසිවකුත් වරදවා වටහාගත යුතු නැත. මේ පැරණි සැලසුමේම අලුත් පරිච්ඡේදයන්ය. ජාතික ගීය දෙමළ බසින් ගායනා කළ පසු අප්‍රමාණ ප්‍රීතියට පත්ව පන්සල් ගිය විග්නේෂ්වරන් තමන්ගේ ෆෙඩරල් ඉල්ලීම සාධාරණීකරණය කිරීමේ සාධක ද ඉන්දියාවට ඉදිරිපත් කරන්නේය. ඒ අනුව ඔහු කියන්නේ 1987 ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම යටතේ උතුර සහ නැගෙනහිර පළාත් සභා ලබාදීමට මැදිහත් වූ ආකාරයට ෆෙඩරල් පාලන ක්‍රමයක්‌ සඳහා ද මැදිහත් වන ලෙසය. රටේ අභ්‍යන්තර ප්‍රශ්නයකට මැදිහත්වීමට යෑයි වෙනත් රටකට ඇරයුම් කිරීමට විග්නේෂ්වරන් උන්නැහේට ඇති බලය ගැන ප්‍රශ්න කළ යුත්තේ රටේ ජනතාව නොව රටේ පාලකයන්ය. එය කිසිසේත්ම සංහිඳියාවට නරක අන්දමින් බලපාන කාරණයක්‌ නොවන බවද සිහිපත් කරමු.

ඉඳහිට ඇසුනද මේ වන විට "ෆෙඩරල්" සන්නිය බෝවන රෝගයක්‌ ගාණට පැතිර යමින් තිබෙන බවක්‌ පෙනේ. මෙවැනි කතා නිතර නිතර කීම තුළ ඇත්තේ කවර අරමුණක්‌ දැයි උතුරු දේශපාලනයේ අතීතය ගැන දන්නා කවරකුට වුවද අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. තවත් ටික දිනකින් මේ කතාව උතුරේ තෝරාගත් තරුණ පිරිසකගේ මොළ සෝදන්නට ද යොදා ගැනීමේ ඉඩකඩ වැඩිය.

2015 අගෝස්‌තු මාසයේ උතුරු පළාත් ඇමැතිවරයකු වන ටී. කුරකුලරාජා පවසා තිබුණේ දෙමළ ජනතාව වෙනුවෙන් උතුරේ වෙනම රාජ්‍යයක්‌ පිහිටුවීම යුගයේ අත්‍යාවශ්‍ය කරුණක්‌ වී ඇති බවය. ඉදිරි පරම්පරාව වෙනුවෙන් උතුර ආරක්‍ෂා කළ යුතු බවත්, එය කළ හැක්‌කේ වෙනම රාජ්‍යයක්‌ බිහිකරමින් බවත් කුරුකුලරාජා අවධාරණය කර තිබිණි. යාපනයේ හිටපු කොටි නායකයා වූ තීපන්ගේ මස්‌සිනා වන ශ්‍රීධරන්ද ඒ දිනවල කියා තිබුණේ 2016 වර්ෂයේදී උතුර - නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට සියලු බලතල විමධ්‍යගත කරමින් ෆෙඩරල් පාලනයක්‌ ගෙන එන බවය. මේ සියලු කතා රටේ සංහිඳියාව ගැන කතා කරන බොහෝ දෙනකුට අමතකව ඇති කාරණා බව පෙනේ. නොඑසේනම් "වුවමනාවෙන්ම" අමතක කළා වන්නට ද පුළුවන. එහෙත් තාමත් රටට ආදරය කරන කිසිවෙකුටත් එවැනි "කතා" ලෙහෙසියෙන් අමතක වන්නේ නැත. "ෆෙඩරල්" ගැන විග්නේෂ්වරන් කියන කතා ගැන රටේ ජනතාව ටිකක්‌ විතර කලබල වීම සාධාරණ යෑයි අප කියන්නේ එහෙයිනි.

දැන් ෆෙඩරල් ගැන පරඬැල් කතා කියන දෙමළ ජනතාවගේ ගැලවුම්කරුවන් යෑයි කියන නායකයන් රටේ සංහිඳියාව ඇති කිරීමට රජය ගන්නා වෑයමේදීත් දෙබිඩි පිළිවෙතක්‌ අනුගමනය කරන බව පෙනෙන්නට තිබේ. එය මේ කියන උදවියට පමණක්‌ සීමා වූ කාරණයක්‌ නොවේ. 1949 සිටම දලුලා වැඩුණු දෙමළ ජාතිවාදී දේශපාලන පක්‍ෂවලත් ඒවායේ නායකයින්ටත් පොදු ධර්මතාවකි. දෙමළ ජනතාවට ඊනියා විමුක්‌තියක්‌ පෙන්වමින් අන්තවාදයත්, අවස්‌ථාවාදයත් වැපිරීම හැර වෙනත් දේශපාලන න්‍යාය පත්‍රයක්‌ මේ නායකයන්ට හා දේශපාලන පක්‍ෂවලට නැත.

නැවතත් කිව යුතුය, මේ ෆෙඩරල් කතා කට කහනවාට කියන ඒවා නොවේ. උතුරට වෙනම රාජ්‍යයක්‌ ඉල්ලන විටත්, ෆෙඩරල් අවශ්‍ය බවත් කියන විට ඒවා කොමඩි හැටියට බාරගන්නා උදවියට කීමට ඇත්තේ අශ්වයා පැන ගිය පසු ඉස්‌තාලය "ඩයස්‌පෝරා කානිවල්" සඳහා යොදා ගැනීම සුදුසු වන බව පමණකි.

-දිවයින කතුවැකිය -2016-03-02
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

2/22/2016

ශ්‍රීලනිපය විනාශ නොකර පිටවෙනු..! ගිය තැනකටම යනු ! සිරිසේන මහතාට පාක්ෂිකයකුගෙන් පණිවිඩයක්..

කතෘ:යුතුකම     2/22/2016   No comments
මීට මාස 14කට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු තනිවම තරග කර ඔනෑම මැතිවරණයක් ජයග්‍රහනය කිරීමට තරම් ශක්තිමත් තනි පක්ෂයක්....නමුත් එහි මහ ලේකම් තුමා ගහපු කරණමෙන් පසුව එම තත්වය සම්පුර්ණයෙන්ම වෙනස් වූ බව කාටත් නොරහසකි. එය එසේ වීමට ප්‍රධානතම හෙතුව වුවේ අන් කිසිවෙකු නොව රාජපක්ෂ මහතා ලගම සිට පරාජයට පසු ඔහු අතහැර අපේ සභාපති මයිත්‍රී කියමින් ඔහුට එකතු වූ අප්පච්චි මලෝ කණ්ඩායමයි... නිදහස් පක්ෂයේ සභාපති කම නීතියට අනුව සිරිසේන උන්නැහේට හිමි නොවූ අතර එය සිදු වුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම සිට යටින් සිරිසේනට උදව් කල දෙපිට කාට්ටු මන්ත්‍රී වරුන්ගේ උපදෙස් මතයි..ඔවුන්ගේ ඉල්ලීම උනේ එජාපයෙන් තම පාක්ෂිකයින්ට සිදුවන හිරිහැර වලට තිබෙන එකම විසදුම මහින්ද මහතා සභාපති කම සිරිසේන මහතාට බර දීම පමණක් බවයි. ඒ අනුව බොහෝදෙනෙකුගේ අකමැත්ත තිබුනත් කීපදෙනෙකුගේ ඉල්ලීමට තම පාක්ෂිකයන්ගේ ආරක්ෂාවට එය පිටුවහලක් වේ යැයි සිතූ මහින්ද රාජපක්ෂ මහතා සභාපති කම සිරිසේනට පවරන්න කටයුතු කලා.

මෙම නාටකයේ දෙවැනි පරිචචේදය පටන් ගන්නේ ජනතා කැමැත්ත කණපිට පෙරලමින් සිරිසේන නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති කම ලබා ගැනීමත් සමග තනතුරු වරප්ප්‍රසාද වෙනුවෙන් ඔහුට එකතු වීමට ඇතැම් මන්ත්‍රී වරුන් ගත් තීරණයෙන් පසුවයි. මෙය අතිශයින්ම නිදහස් පක්ෂයට චන්දය පාවිච්චි කල පනස් අට ලක්ෂයක් ජනතාවගේ මහත් පිළිකුලට ලක් වූ බව අමුතුවෙන් කිවයුතු නොවේ. මෙහි තවත් හාස්‍යජනකම සිදුවීම වන්නේ ජනපතිවරණයට නිර්පාෂික අපේක්ෂකයා විදියට ඉදිරිපත් වී ඊටපසුවත් නිර්පාක්ෂිකව ජනතාවට සේවය කරනවා යයි මහ ජනතාවට දුන් පොරොන්දුව අමතක කරන්නට සිරිසේනට ගත වුවේ දින 7ක් .එහෙමත් නැතිනම් පැය 168ක තරම් ඉතාම කෙටි කාලයක් වීමයි. ඉන් පසුව ඔහු තවත් කපටි කමක් කලේ තම පක්ෂයේ ජනතාව තවත් වරක් රවටමිනි. ඒ මහින්ද මහතාට චන්දය ඉල්ලීමට අවස්ථාව ලබා දී මැතිවරණයට දින දෙකක් තිබියදී තම පක්ෂය පරාද කරවීමට කටයුතු කිරීමයි.

එයිනුත් නොනැවතුණු සිරිසේන , මහින්ද මහතා සමග රටට ආදරය කල බොහෝ දෙකෙකුගේ දහදියෙන් ලබාගත් චන්දවලට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර කීපය මංකොල්ල කෑවේ කිසිදු හිරිකිතයකින් තොරවය.

ඒ සියල්ල මෙසේ සිදුවෙමින් පවත්ද්දී අවාසනාව නම් වසර 10කට කිට්ටු කාලයක් පසුගිය රජයේ ඉතාම ප්‍රබල ඇමති තනතුරු දැරූ සිරිසේන ඇතුළු දැනට ඔහුට සහය දක්වන අනෙකුත් මැති ඇමතිවරු පසුගිය රජයේ තමන් දෑතම උස්සා සම්මත කල බොහෝ දේවල් ඔවුන්ට අමතක වී තිබීමය.දැන් ඒ සියල්ලම් සිදුකර ඇත්තේ මහින්ද රාජපක්ෂ පමණක් වීම පුදුම දනවන කරුණකි. මේ අපේ සිංහලයාගේ හැටි.....අපට එහෙම සිතීම පුදුම නොවුනත් මේ තරම් පාවාදීම් මිනිසුන්ට කල හැකිද?....පොන්සේකගෙන් පටන්ගත් මෙම පාවාදීම් ..නැවත සිරිසේනගෙන් පටන් ගෙන මර්වින් සිල්වා සචින් වාස් දක්වා ගියේ කෙසේද?අහෝ මගේ රටේ මිනිස් කම කෝ .....කල ගුණ අමතක වීම මේ තරම්ම දරුණු උනේ කොහොමද?... රටක් බේරාගත් නායකයෙකුට මේ තරම් කුහක ලෙස සලකන්නේ සිතක් පපුවක් තිබෙන මිනිසුන්මද?.......නැතිනම් ඔවුන්ගේ සිත් මේ තරම් වෙනස් කරන්නට ඔවුන්ට ලැබෙන වරදාන වලට මෙතරම්ම හැකියාවක් තිබේද?.....

මේ සියල්ල මගේ රටට යහපතක් කරනවානම් ඒ ගැන සිතා සතුටු වීමට හැකියාවක් තිබුනත් දැනට සිදුවෙමින් පවතින බොහෝදේවල් අනුව මගේ රටට අත්වන ඉරණම අති භයානක එකක් බවට හේතු සාධක දැනටමත් පහල වී ඇත. ඉතින් මේ සියල්ල පිළිවෙලකට සිදුවෙමින් පවතින බවට බොහෝ විට අපට සිතේ. අති භයානක සිරකරුවන් නිදහස් කිරීම ....ඉඩම් නිදහස් කිරීම..... .. රට වෙනුවෙන් හඩක් නගන හිමිවරුන් සිරගත කිරීම.... මාධ්‍ය නිදහස දෙනවා කියල මාධ්‍යට තර්ජනය කරමින් ඒවා නිහඩ කිරීම...මේ සියල්ලටම වඩා ජාතික ගීය දෙමලෙන් ගායනා කිරීම ඊ ලගට පිළිවෙලින් ජාතික කොඩියේ සිංහයා ඉවත් කිරීම හෝ අළුත් කොඩියක් ලබා දීම...... ඒ වගේම චන්දෙදි පොරොන්දු උනා වගේම අලුත් රටකුත් ඉබේම නිර්මාණය වේවි.

ඉතින් යහපාලනය.... කියා අපි තවත් ඉවසමුද? .... මගේ රට වෙනුවෙන් දහස් ගණන් ජීවිත දුන් ඒ අහිංසක රණවිරුවන්ට ඒ ජීවිත් පරිත්ත්‍යාගයේ වටිනාකම රැක ගැනීමට අප කුමක් කල යුතුද?... අත, පය,ඇස් නැතිව අදටත් ජීවත් වන තවත් දහස් ගණනක් රණ විරුවන්ට මොනවා සිතේවිද ?..

එකක් කිව යුතුය මගේ මව් රටට මවට සේ ආදරය කරන තවත් ලක්ෂ ගණනක් මේ සිංහල රටේ තවමත් ජීවත් වන බව....ඒ නිසාවෙන් රටට වැදගත් තීරණ ගැනීමේදී මේ යහපාලුවන්ට තවත් වරක් සිතා තීරණ ගන්නේ නම් එය ඔවුන්ගේ යහපතට හේතුවක් වනු ඇති බව මගේ වැටහීමයි .

ඒ වගේම කිසිදු හිරිකිතයකින් තොරව අනුන්ගේ ගෙයකට රිංගා පවුල් කන සිරිසේන ජනපති වරයාට නැවතවරක් මතක් කර දීමට සිදුවන්නේ ඔබ ජනපතිවරණයට පෙර ජනතාවට පොරොන්දු වුවේ කිසිදු පක්ෂයක් සමග දීග කන්නේ නෑ කියා නේද? එසේ නම් ....ඔබට නිවැරදි වීමට තවත් අවස්ථාවක් ඇති බව ඔබට පහදා දීමට කැමැත්තෙමි . ඔබ අනුන්ගේ ගෙදරට වැදී කල දේ හොදටම ඇති .... ඔබ දැන් වත් ඔබට හිමි ගෙදරට යන්න.... ඔබට හිමි ඔබට චන්දය දුන් එජාප නිවස මිසක්.. ඔබට විරුද්දව චන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවන බව දැන්වත් තේරුම් ගන්නවානම් .... එයම මේ රටට වගේම ඔබටත් යහපතක් වනු ඇත . එසේ වූ පසු ඔබ ආදරය කරන ශ්‍රීලංකා නිදහස් පක්ෂය කැඩෙන්නේ නැති බවත්..ඔබට කවුරුන් හෝ දොස් නගන්නේ නැති බවත් ඉතා විශ්වාසයෙන් පැවසීමට කැමැත්තෙමි.

එජාප චන්දයෙන් ජනපති වූ ජනපති තුමනි ....ඔබ තව දුරටත් ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ සිට එය මෙහෙයවීමට අදහස් කරනවානම් එය ඔබගේ ජීවිතයේ ඔබ ගත් අ
ණුවනම තීරණයක් බව ඔබ ලබන දරුණු පරාජයෙන් පසුව ඔබට වැටහෙනවා නියතය. කෙටියෙන් කියනවනම් ....ඔබලග දැනට වට වී සිටින සියලුම දෙනා ඔබ ලග රැදී සිටින්නේ ඔය වරදාන ඔවුන්ට ලබාදෙන තුරු පමණි. තව දුරටත් ඔබ ඔය මාර්ගයම තෝරා ගන්නේ නම් ලක් ඉතිහාසයේ ඔබේ නම සටහන් වනුයේ මෙතෙක් ලංකාවට පහල වූ කුජීතම පජාත නායකයා ලෙසයි.......

-නීල කුමාර නාකන්දල

[යුතුකම පාඨක ලිපියකි... ]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

2/10/2016

ඔපෙරා සහ කොස් ඇට

කතෘ:යුතුකම     2/10/2016   4 comments
දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා හඬින් ගැයීම ගැන තාමත් සාකච්ඡා වෙන හින්ද තවත් පොඩි දෙයක් කියන්ඩ ඕනෙ කියල හිතුන. සමහරු ඒ ගායනය කරපු කිශානි ජයසිංහට විවිධ නරක වචන කියමින් බැනල තිබ්බ අතරෙ ඒ ගායනය විවේචනය කරල තිබ්බ අයව ගල් වැද්දන්ට සමාන කරමින් රටේ සංස්කෘතියට ගරහන්ඩ අවස්ථාවක් උදාකරගත්ත අයත් හිටිය.

මේ ගායනය ගැන හිතද්දි මට මතක් වුනේ කාලෙකට ඉස්සෙල්ල ජාතික රූපවාහිනියෙ විකාශය වෙච්ච කන්දෙ ගෙදර-2 ටෙලි නාට්ටියෙ කුඩා සිද්ධියක්. මේ නාට්ටියෙ කතානායකය "බාල මහත්තය" (රෝහණ බැද්දගේ). බාල මහත්තය ගමේ හැදිච්ච, ගමේ නම්බුකාර චරිතයක් වුණු සර්ව සම්පූර්ණ ගැමියෙක්. බාල මහත්තයගෙ ලොකු පුතත් ගමේ හැදුනු වැඩුණු කෙනෙක් වුනාට නගරෙ උසස් රැකියාවක් කරන කෙනෙක්. බැඳල ඉන්නෙ නගරෙ හැදිච්ච, අර අපි කියන පොෂ් පැලැන්තිතියෙ කෙනෙක්. ඉතින් මේ දෙන්නගෙ ළමයිනුත් (විශේෂයෙන් දුව) හැඳි ගෑරප්පුවලින් විතරක් කන, නගරෙ විදිහට හැදිච්ච අය. වරක් මේ ලොකු පුතාගෙ පවුල යනව ගමේ, ඒ කියන්නෙ බාල මහත්තයගෙ ගෙදර. අර ලොකු පුතාගෙ දුවට ගමේ දේවල් පුරුදු නැති හින්ද පොඩි පොඩි අකරතැබ්බවලට මුහුණ දෙන්ඩ වෙන්ඩ දෙන අතරෙ හොඳම වැඩේ වෙන්නෙ කෑම මේසෙදි. කෑම මේසෙ තියෙන්නෙ ඉතිං බාල මහත්තයල කන ගමේ කෑම තමා. ඒ වුනාට අර දුවට හැඳි ගෑරප්පුවලින්ම කන්ඩත් ඕනෙ. බොහොම අමාරුවෙන් කන අතරෙ බත් පිඟානෙ තිබ්බ තම්බපු කොස් ඇටයක් කන්ඩ කියල ගෑරප්පුවෙන් ඇනපි. කොස් ඇටේ පිඟානෙන් එළියට විසික් වෙලා යනව නිකං අර කොටින්ට ගහපු මල්ටි බැරල් රොකට් එකක් වගේ. බාල මහත්තය ඇතුළු පිරිසට හිනා. ඕක තමා සිද්ධිය.

දැන් අර වෙච්ච වැඩේට හිනාගිය බාල මහත්තයට ගල් වැද්ද කියල බැනල හරියන්නෙ නෑ. එක්කො කොස් ඇටේ ඇඟිලිවලින්ම ඇරං කන්ඩ ඕනෙ. ගෑරප්පුවෙන්ම කන්ඩ ඕන්නං කොස් ඇටේ හොඳටම තම්බල ගන්ඩ ඕනෙ ගෑරප්පුවෙන් ඇනල ගන්ඩ පුළුවන් ගාන වෙනකං. නිදහස් දවසෙ දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා හඬින් ගැයීම ගැනත් මේ වගේ දෙයක් තමා කියන්ඩ තියෙන්නෙ. එතන වුනේ සිංහල ගීතයක් අමුවෙන්ම ඔපෙරා ශෛලියකින් ගායනා කිරීමක් විතරයි. එතන කිසිම නිර්මාණාත්මක දෙයක් වෙලා තිබ්බෙ නෑ. ඉංග්‍රීසි ඇක්සන්ට් එකකින් හූ කියනව වගේ ඒක අපිට ඇහෙන්නෙ ඒ හින්ද. අර ඉතාලි ඔපෙරාවල කරනව වගේ "ර්"යන්න වැඩියෙන් උච්ඡාරණය කිරීමෙන්ම පේනව එතන වුණේ අමුවෙන්ම අනුකරණයක් කියල. නමුත් කේමදාස මාස්ටර්ගෙ සිංහල ඔපෙරාවල මෙහෙම ප්‍රශ්නයක් නෑ. ඒවා ඔපෙරා වුනාට ඒවායේ සිංහල හෝ උත්තර භාරතීය සංගීතයේ මුද්‍රාව තිබ්බ. ඔපෙරා අනුකරණය කරන්ඩ ගියේ නෑ. ඔපෙරා ශෛලිය අඩුපාඩු සහිතව හරි අපේම දෙයක් කරගත්ත එක කරේ. කේමදාසයන්ගේ ඔපෙරාවල සිංහල වචන උච්ඡාරණය වෙන විදිහ අහල බලන්ඩ. සාමාන්‍ය සිංහල උරුවක් තියෙන්නෙ. නමුත් ඔපෙරාවල වගේ යම් යම් වචන/ශබ්ද අලංකරණ යොදාගන්නව, ඇක්සන්ට් නෑ. කේමදාසයන්ගෙ විශිෂ්ඨම ඔපෙරාවක් වෙච්චි "පිරිනිවන් මංගල්‍යය" අහල බලන්ඩ. ගමේ සාමාන්‍ය උපාසක අම්ම කෙනෙක්ට වුනත් වැඩි අපහසුවකින් තොරව අහං ඉන්ඩ පුළුවන්. කේමදාස මාස්ටර් සංගීතවත් කරපු නාට්‍ය සහ චිත්‍රපටිවලත් මෙම ඔපෙරා ශෛලිය යොදාගත්තත් සාමාන්‍ය කෙනෙක්ට ඒක වැඩිපුර ඉස්මතු වෙලා පේන්නෙ නෑ. මොකද ඒවා අමු ඔපෙරා නොව, අපේම කරගත්ත ඔපෙරා වෙච්චි හින්ද.

ඉතිං ඕක තමා කතාව. කේමදාස මාස්ටර්නං කොස් ඇටේට ගෑරප්පුවෙන් අනින්ඩ කලින් හොඳටම තම්බගත්ත. අඩුම ගානෙ එහෙම කරන්ඩ උත්සාහ කරා. කිශානි ජයසිංහ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඇන්න කොස් ඇටේට ගෑරප්පුවෙන්. ඉතින් කොස් ඇටේ විසිවෙලා ගියා. කොස් ඇටේ විසිවුනා නේද කියල අපි ඇහුවම, කිශානි නෝන හැඳි ගෑරප්පුවලින් ඉංග්‍රීසි කෑම කාල ගත්ත සම්මානවලින් අපිට දමල ගහල වැඩක් නෑ. ඕං ඔහොමයි මට මේ වැඩේ දැනුනෙ.

ප.ලි: බාල මහත්තයගෙ මිනිපිරීගේ කෑම පිඟානෙ මුරුංග ව්‍යංජනයකුත් තිබ්බද කියල හරියටම මතක නෑ.

-සධීර බණ්ඩාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

හුසේන් හුසේන් ! ගෙදර යන ගමන් ලිබියාවටත් යන්න

කතෘ:යුතුකම     2/10/2016   No comments

ගෙදර යන ගමන් ලිබියාවටත් යන්න

යුද සමයේ සිදුවීම් විමර්ශනයට විදෙස්‌ පරීක්‍ෂණ එපා යෑයි මල්වතු - අස්‌ගිරි මහනාහිමිවරු වදාරා තිබිණි. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්‌ සෙයිද් අල් හුසේන් කුමරු උන්වහන්සේලා බැහැදුටු මොහොතේ මේ අභීත වටිනා ප්‍රකාශය කර තිබිණි. ඇත්තෙන්ම උන්වහන්සේලා වදාරා තිබුණේ මේ මොහොතේ රටම එක්‌ව කියන්නට අවශ්‍ය දේ බව අපි නැවත සිහිපත් කරමු.

හුසේන් කුමාරයා මේ රටට පැමිණෙන්නේ යාල සµdරියක යෙදීමට නොවේ. හික්‌කඩුවේ වෙරළේ අව්ව තැපීමට ද නොවේ. දේශීය ආයුර්වේද සම්බාහනයක ආතල් ගැනීමට ද නොවේ. එහෙත් පැමිණි දිනයේ පටන් ඔහු රට පුරාම යන බවක්‌ පෙනේ. රාජ්‍ය තාන්ත්‍රිකයන් යෑයි කියමින් පැමිණ ඔත්තු බලා යන බොහෝ විදෙස්‌ රාජ්‍ය නිලධාරීන්, මානව හිමිකම් කොමසාරිස්‌වරු, සහායකයන් සේම, මේ කුමාරයා ද මුලින්ම ගියේ උතුරටය. එසේ උතුරට යැම ගැන අපේ කිසිදු ආරෝවක්‌ නැත. එසේ යැමට 2009 මෙපිට කිසිවකුවත් තහංචි දැමුවේද නැත. ප්‍රශ්නය වන්නේ මේ හැම දෙනාටම "දකුණ" අමතක වීමය. හරියටම කිව්වොත් අපේම සමහර උදවියට මේ රටේ සිටියදීත් උතුර - දකුණ මාරුවන (අමතක වන) ආකාරයටමය. "කනට ගැහුවම උතුර - දකුණ මාරුවුණා..." යෑයි කතාවක්‌ තිබේ. කුමාරයෙක්‌ නිසා (රාජ්‍ය තාන්ත්‍රිකයෙක්‌ නිසා) මානව හිමිකම් කොමසාරිස්‌වරයාගේ කනට කවුරුත් නොගැසූ බව ඉඳුරාම සහතිකය.

ඒ කතා පසෙකින් තබමු. හුසේන් කුමාරයාගේ ගමන සූදානම් වන්නේ හරියටම වසරකට කලිනි. ඒ 2015 වර්ෂයේ පෙබරවාරියේ ශ්‍රී ලංකා රජයේම කළ නිල ආරාධනාවකට අනුවය. මෙරට ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළට අදාළව විශේෂ සාකච්ඡා කිහිපයක්‌ පැවැත්වීම සංචාරයේ මූලික අරමුණ බව මහකොමසාරිස්‌වරයා සඳහන් කර තිබිණි.

කෙසේ හෝ "සම-හරක්‌" අයට හුසේන් කුමරුගේ පැමිණීම සත් දිනක්‌ සාඡ්ජ දැමීමට තරම් කාරණයක්‌ වී ඇති බව පෙනේ. රටට ආදරය කරන බොහෝ පිරිසක්‌ මේ ගැන පළකරන අදහස්‌ "දිය කොරහේ කිඹුලන් දැකීමක්‌" ලෙස ද, රට නැවත ආපස්‌සට ඇද දැමීමක්‌ ලෙස ද ඒ සුළු පිරිස තර්ක කරති. මානව හිමිකම් කවුන්සිලය යෝජනා කළ දෙමුහන් අධිකරණය වත්මන් රජය වළක්‌වා ගත්තේ දේශීය යාන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක කරන බව කියමිනි. එහෙත් පසුගිය කාලයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින්ම ජාත්‍යන්තර මැදිහත්වීම් පිළිගන්නේ නැති බවත් දේශීය යාන්ත්‍රණය ගැන ජාත්‍යන්තර ප්‍රජාව කරදර වීමට අවශ්‍ය නැති බවත් පැවසූ බව අමතක නොකළ යුතුය. හුසේන්ගේ ලංකාගමනය වඩාත් ප්‍රශ්නකාරී වන්නේ ඒ නිසාය.

අල් හුසේන් මෙරටට පැමිණෙන්නේ පෙබරවාරි 06 වැනිදාය. පෙබරවාරි 05 වැනිදා ඊළම වෙනුවෙන් කැසකවන නීතිඥයන් පස්‌දෙනෙක්‌ ඔහුට සංදේශයක්‌ යවා තිබිණි. එහි සඳහන්ව තිබී ඇතැයි කියෑවෙන්නේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ ප්‍රතික්‍ෂේප කර ඇති නිසා ජිනීවා යෝජනාව අනුව අදාළ පියවර ක්‍රියාත්මක කරන ලෙසය.

හුසේන් කුමරුට මෙවැනි යෝජනා, පෙත්සම්, දුක්‌ගැනවිලි බොහෝමයක්‌ ඉදිරිපත් කෙරෙන්නේ බෙදුම්වාදී පාර්ශ්වයන්ගෙන් බව පැහැදිලි කාරණයකි. ඒ නිසාම ඇටවීමට නියමිත යුද අධිකරණයේ තත්ත්වය ගැන පූර්ව ප්‍රචාරක පට තවදුරටත් අවශ්‍ය නොවේ.

දකුණ අමතක කළ කුමාරයාට, කොටි සංවිධානය විසින් අමු අමුවේ ඝාතනය කළ, අතුරුදන් කළ පිරිස ගැන සොයන්නට විස්‌තර විමසන්නට උදව් කළේ කවරහුද? අතුරුදන් වූ සෙබළුන් 6000 කට ආසන්න පවුල්වල සාමාජිකයන් හමුවීමට පහසුකම් සැලැස්‌වීමට ඉදිරිපත් වූයේ කවරහුද? රටට ආදරය කරන අය "දිය කොරහේ කිඹුලන් දකින්නේ" ඒ නිසාය.

අපි හුසේන් කුමරුට කළ නොහැකි යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු. අද නැවත පිටව යන ගමන් ලිබියාව, ඉරාකය, සිරියාවට ද ගොස්‌ මානව හිමිකම් උල්ලංඝනය වන්නේදැයි සොයා බලා යන ලෙසය.

[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

2/05/2016

යහ පාලකයෝ මාධ්‍ය මන්තරය ජප කිරීමේ රහස වටහා ගනිමු

කතෘ:යුතුකම     2/05/2016   No comments
තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන් මහා ඝෝෂාවක් ද සමඟ, දහසකුත් එකක් පොරොන්දු රට හමුවේ තබමින් බලයට පත් වූ වත්මන් යහ-පාලකයෝ, මාධ්‍ය සම්බන්ධයෙන් මේ දිනවල බොහෝ අර්තකථන දෙමින් සිටින බව පෙනෙන්නට තිබේ. මේ උද්ගතවෙමින් ඇති තත්ත්වය පහසුවෙන් නොසලකා හැරිය යුතු නොවේ. 1948 න් පසු මෙරට දේශපාලන ඉතිහාසය මැනැවින් පරිශීලනය කරන ඕනෑම කෙනෙකුට මෙවන් ප්‍රවණතාවන්ගෙන් පසුව, පාලකයින් මාධ්‍ය කෙරෙහි දැක් වූ ප්‍රතිචාර අධ්‍යයනය කළ හැකිය. එය මාධ්‍යයන්ට පමණක් නොව රටටම කන කොකා හැඬ වූ යුගයක පෙර නිමිති බව ද අමතක නොකළ යුතුය.

ශ්‍රී ලංකාවේ සිටි ප්‍රවීණ මාධ්‍ය වේදියෙකු වූ ගුණදාස ලියනගේ සූරීන්ගේ “පුවත්පත් මෙල්ල කිරීම” නම් කුඩා වුවත් වැදගත් ග්‍රන්ථය, මුද්‍රිත මාධ්‍ය පමණක් තිබූ යුගයේ සිට මේ දක්වා වූ මාධ්‍ය මර්දන විකාශය ගැන යම් පමණක සාධනීය විග්‍රහයකට මග පාදාගත හැකි ලියවිල්ලකි. එම ග්‍රන්ථය ලියැවුණු කාලයට සාපේක්ෂව අද සංසන්දනය කිරීමේදී එය ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රවණතාවයේ ප්‍රාථමික යුගය ලෙස ද හඳුනාගත හැකිය. 1970 දශකයේ ඇමි. ඩී. ගුණසේන පවුලේ මාධ්‍ය ජාලය වූ “දවස” පුවත් පත් ආයතනයට සීල් තැබීමේ ක්‍රියාන්විතය මහත් ආන්දෝලනයක් ඇති කළේය. 1977 ආණ්ඩු පෙරළියේ දී “කතරගම රූමතිය” තරමටම “දවස“ - “රිවිරැස“ පත්‍ර සීල් තැබීම තීරණාත්මක සාධකයක් ලෙස එවක එක්සත් ජාතික පක්ෂයට ආශීර්වාදයක් වීය.


ඊට පෙර, ලේක්හවුසිය රාජ්‍යය සන්තක කර ගත්තද ජනසතු ව්‍යාපාර නම් ප්‍රවණතාව හමුවේ ඊට හිමි වූයේ “දවස“ ට අත් වූ ලංසුවට වඩා අඩු ලංසුවකි.

රැජිණගේ ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසූ රෝහණ විජේවීරගේ නායකත්වයට අපරාධ යුක්ති විනිශ්චය කොමිසම යොදා දඬුවම් පැමිණවීමෙන් අනතුරුව, “71 කඳුළු“ තම අවිය කරගත් එක්සත් ජාතික පක්ෂය, ප්‍රේමවතී මනම්පේරි තමන්ගේ සුජාත දරුවෙකු බවට පත්කරගන්නට වෑයම් කළේය. ඒ කඳුළු “කිඹුල් කඳුළු“ බව වටහා ගන්නට 1987 වන විට ලෝකයාටම හැකි වීය. 1971 දී අටදහසක් වෙනුවට 1990 වන විට ලක්ෂයක් පමණ දෙනා ටයර් සෑය නම් අපූරු සෑයක මිහිදන් කරන්නටද ධර්මිෂ්ට පාලකයෝ සමත් වූහ.

මේ සියල්ල අතුරතුර පළමුව ඍජුව සහ වක්‍රව විවේචනයට බඳුන් වූයේ මාධ්‍යයන්ය. මෙවන් විවේචන පිළිබඳ විශ්ලේෂණයන්ගෙන් අපට හමුවන වැදගත් නිගමනය නම් ප්‍රජාතන්ත්‍ර විරෝධී හෝ අත්තනෝමතික හෝ හිතුවක්කකාරී හෝ සංස්ථාපිත ක්‍රියාදාමයක් අත ළඟ බවය. 1975 සිට 1977 දක්වා වූ පාලන කාලය දීර්ඝ කිරීමේ ඉතිහාසයේ සිට කුපක්‍රට 1982 ජනමත විචාරණය දක්වා මේ තත්ත්වය මැනැවින් නිරීක්ෂණය කළ හැකිය. 1982 න් පසුව රටම අමු සොහොනක් කළ එක්සත් ජාතික පක්ෂයේ භාවිතාව තවම සමාජයේ දෝංකාර දෙමින් පවතින යථාවක් බැවින්, ඒ පිළිබඳ අටුවා-ටීකා-ටිප්පණි අනවශ්‍යය. පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම්, 1977 න් පසුව ඉපැදී, එනමුත් මෑත ඉතිහාසයවත් අත් නොවිඳින, මෑත ඉතිහාසයවත් අධ්‍යයනය නොකළ දුහුනන්ටය. සැබැවින්ම එවන් දුහුනන්ගෙන් වන හානිය ද අතිමහත්ය. එය එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය මන්තරයට ආශීර්වාදයක්ය.

කෙසේ වෙතත්, මාධ්‍ය ආයතනයන් නම් කරමින්, මාධ්‍ය වේදීන් නම් කරමින් පාර්ලිමේන්තු වරප්‍රසාදයන්ට මුවා වී, රටේ අග්‍රාමාත්‍යවරයා මේ සූදානම් වන්නේ කවරාකාරයේ කස්තිරමකටද යන්න මේ අනුව පැහැදිලි කර ගත යුතුය. ඒ තුළින් ඇති කරගන්නා නිගමනයන් වහ වහා සමාජ ගත කළ යුතුය. වත්මනෙහි මාධ්‍ය හිමිකාරීත්වයේ සිට පාඨකයා දක්වා ඇති බැරෑරුම් වගකීම එයයි. එය ප්‍රමාද කරන සහ ප්‍රමාද වන තරමට යළිත් වරක් අතීතය හා එහි අඳුරු සෙවනැලි සමස්ත සමාජයම වසා ගැනීම සීඝ්‍ර වනු ඇත.
1977 ජූලි වන විට තිබූ සාමකාමී දේශය, 1987 ජූලි වනවිට මිනී කන්නන්ගේ දේශයක් බවට පත් වූ ඉතිහාසය අපි කිසිසේත්ම අමතක නොකළ යුතු වන්නෙමු. එය මතක් කර දීම ඉතිහාස කාමයයැයි කෙනෙක් වහසි බස් දොඩවන්නේ නම් විද්‍යාත්මක දේශපාලනයෙන් ඇති ඵලක් නැත. එනම්, දේශපාලනය හා ඉතිහාසය අතර ඇත්තේ අත්‍යන්ත බැඳීමක් වන බැවිනි.
“...දේශපාලන විෂයය, ඉතිහාසයට, අර්ථ ශාස්ත්‍රයට හා ආචාර විද්‍යාවට ද ඉතා ආසන්න වේ.

ඉතිහාසය නම් පෙර සිදු වූ දේවල් හා ව්‍යාපාරත් ඒවා ඇති වීමට හේතු හා ඒවායේ අන්‍යෙන්‍ය සම්බන්ධයත් කියාපාන වාර්තාවකි. ආර්ථික, ආගමික, මානසික හා සාමාජික සංවර්ධනය පිළිබඳ පරීක්ෂණයක් මෙන්ම, රාජ්‍යයන්, ඒවායේ ඇතිවීම, වැඩීම හා ඒවායේ සංවිධානය හා ඒවායේ අන්‍යොන්‍ය සම්බන්ධතා පිළිබඳ සමීක්ෂණයත් එකී විෂයයට ඇතුළත් වේ.

දේශපාලනය හා ඉතිහාසය අන්‍යොන්‍ය සම්බන්ධයෙන් යුක්තය. සමහර ඓතිහාසික කරුණු දේශපාලන විද්‍යාවේ මූලධර්ම වශයෙන් ගැනේ. දේශපාලන මතාන්තර අධ්‍යයනය සඳහා උපයෝගීවන සමහර කරුණු - විශේෂයෙන් ඓතිහාසික වූ දේ - දේශපාලන විද්‍යාව ඇතිවීමේ හේතුකයන් වශයෙන් සලකනු ලැබේ. වෙනත් වචනවලින් දක්වතොත් ඉතිහාසය මහාර්ඝ වනුයේ දේශපාන විද්‍යාව නිසා යැයි කිව හැකිය.....” මෙසේ පවසන්නේ, ඒ. අප්පාදුරෙයි නම් දේශපාලන විද්‍යා ලේඛකයාය. එය ඔහුගේම මතයක් නොව, ඔහු විසින් සම්පිණ්ඩණය කරන දේශපාලන විද්‍යා දාර්ශනිකයන්ගේ මතාත්තර සාරයයි.

තවත් උදාහරණයක් ලෙස, ආණ්ඩු විපර්යාසයන්, ඒවා ඇතිවීමට හේතු හා ඒවාට කරන ලද පිළියම් ද සලකා බලයි. ඓතිහාසික විප්ලව වන 1688 ඉංග්‍රීසි ආණ්ඩු විප්ලවය ද, 1789 ප්‍රංශ ආණ්ඩු විප්ලවය හා 1917 රුසියන් ආණ්ඩු විප්ලවය ද දේශපාලන විද්‍යාව හදාරන්නන්ට වැදගත් වේ. ඒ සා විශාල දුරාතීතයකටවත් නොගොසින්, මෑත ශ්‍රී ලාංකේය ඉතිහාසය අපි අධ්‍යයනය කළ යුතු වන්නේ ඉන් අත් වූ සෙතට වඩා විපත අප තවමත් පෙළන බැවිනි. වත්මනෙහි ද කුප්‍රකට කියමනක් වන “ඉතිහාසයම පුනර්ජීවය ලැබීම විගඩමක් සහ ඛේදයක් වීම” යන්නද බහැර කළ හැක්කක් නොවේ.

මාධ්‍ය භාවිතය හා මාධ්‍යයට එල්ලවන බලපෑම විග්‍රහ කර ගත යුත්තේ ද මේ ආස්ථානයේ සිටය. ඒ අනුව 1977 න් ඇරඹි සමාජ විපර්යාසයන් සහ විකාශය අපට අත් කර දී ඇති ප්‍රගමණික තත්ත්වය මෙහිලා අත්විඳීම වැදගත්ය.

මෙම ලියුම්කරුගේ සජීවී අද්දැකීම්වලට අනුව 2015 ජනවාරි 08 යනු 1977 ජූලි 23 ට සමානය. “බලධාරියා විසින් කපාහරින ලදී..” යනුවෙන් සඳහන්ව, විමල් එස්. සුරේන්ද්‍රගේ සිට රිචඩ් ද සොයිසා දක්වාත්, රෝහණ කුමාර ගේ සිට ලසන්ත වික්‍රමතුංග දක්වාත් ලියැවෙන්නේ මේ පාදඩ සංස්කෘතියේම දිගුවකි. මේ අතරතුර, එක්සත් ජාතික පක්ෂයේ ගහලයින් විසින් තිරස්චීන ලෙස ඝාතනයට ලක් කළ එච්. ඊ. දයානන්ද නම් අභීත මෙන්ම ප්‍රගතිශීලී රාජ්‍ය සේවකයා ගැනවත් අද ඇතැමුන්ට මතකයක් ඇතිවගක් නැත. ඉවසිය නොහැකි ඛේදනීයම තත්ත්වය නම්, මේ බහු විධ හා යුගයේ දැවැන්තම ඛේදයන්ට වගකිව යුතු පාර්ශව අමතක කර මුව හම්වලට තඩිබාන ඊනියා වාමාංශිකයින්ගේ ක්‍රියා කලාපයයි.

මේ සියලු තප්පුලෑම් හමුවේ වත්මන් යහපාලකයෝ ද මාධ්‍ය මන්තරය ජප කිරීමේ උච්චම අවස්ථාව, අදට සාපේක්ෂව වෙනස්කම් හා උදාසීනතාවයෙන් යුතු 68 වන නිදහස් සැමරුමේ දී ද දෝංකාර දුන්නේය. ඒ, සිරිසේන ජනාධිපතිවරයාගේ මුවින් පිටවූ මාධ්‍ය කෙරෙහි වූ අවවාදාත්මක වදන් හරහාය. එය ද විශේෂත්වයකි. අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදීත්, ජනාධිපතිවරයා නිදහස් සැමරුමේදීත් මාධ්‍ය මන්තරයට වැඩි අවධානයක් යොමු කිරීම විශේෂ නොවන්නේ කෙසේද ?

මේ අනුව, ඉදිරියේ දී අපට බොහෝ වෙනස්කම් නොවන විපර්යාසයක් රැසක් දැක ගැනීමට ඉඩ වැඩි බවට පෙරමග ලකුණු පහළ වෙමින් තිබේ. ප්‍රගතිශීලීන් ලෙස හා ශ්‍රී ලාංකේය ජාතියක් ලෙසින් මේ තත්ත්වයට අප මුහුණ දිය යුත්තේ කෙසේද ? මාධ්‍ය අඬහැරය භීතිකාවක් වී ඛේදයක් වීමට පෙර අප විසඳා ගත යුතු පැනය එයයි.

-ජනිත් විපුලගුණ -
2016 පෙබරවාරි 05

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

2/01/2016

නැවත බෝම්බ පුපුරයි ද?

කතෘ:යුතුකම     2/01/2016   No comments
ලංකාව තුල නැවත බෝම්බ පිපිරෙනවා දැකීමට කැමති අය සිටියි ද? පුනරුත්ථාපනය නොවූ හිටපු කොටි ක්‍රියාකාරීන් ඇතැම් විට කොළඹ බෝම්බ පුපුරනවා දැකීමට ( හෝ එවැන්නක් නැවත සිදුවූ බව ඇසීමට) කැමති වනවා ඇත. නමුත් සිංහලයින් හා අනිත් සාමාන්‍ය දෙමළ ජනයා අතර එවැනි සිද්දි අපේක්ෂා කරන අය සිටිය හැකිද? තමන් සිංහල බෞද්ධ යැයි කියාගන්නා ඇතැම් අය කරන කියන දේවල් අනුව නම් අපට පෙනීයන්නේ ලංකාව තුල නැවත බෝම්බ පිපිරෙනවා දැකීමට ඔවුන් තුල ඇති කැමැත්ත අකමැත්ත කෙසේවෙතත් එවැන්නක් සිදුවුවහොත් ඒ පිළිබඳව ඔවුන් තුල සියුම් සතුටක් ඇතිවියහැකි බවයි. එම සතුට සියුම් උවද පහත් සතුටකි. පහත් ක්‍රියා කිරීමෙන් හෝ දැකීමෙන් ඇතැමුන් පහත් සතුටක් ලබයි.

රටේ ජාතික ආරක්ෂාව දුර්වල වන ආකාරයෙන් කටයුතු යෙදීම පහත් ක්‍රියාවකි. විශේෂයෙන් ත්‍රස්තවාදය විනාශ කිරීමෙන් පසු කොළඹ නගරය තුල විටින් විට සිදු වූ බෝම්බ පිපිරිම් නැවතුණි. පහුගිය වසර 6 තුල කුඩා ප්‍රමාණයේ හෝ බෝම්බයක් පුපුරවා හැරීමට රටින් පැනගිය හෝ රටේ සැඟවීසිටි කොටි හිතවාදීන්ට නොහැකි විය. ඔවුන් ඒ සඳහා කීප විටක්ම උත්සහ ගත් බව එක්නැලිගොඩ සිද්දිය මගින් එළිවිය. නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ හා ගෝටාබය මහතාගේ මගපෙන්වීම ඔස්සේ ක්‍රියාකළ රණවිරුවන්ට එම සියලු ප්‍රයත්න ව්‍යර්ථ කලහැකිවිය.

දෙමළත්‍රස්තවාදය හමුදා මෙහෙයුම් මගින් පරාජය කිරීමට නොහැකි යැයි පැවසූ සිංහලයෝ සිටියහ. මහින්ද රාජපක්ෂ මහතා ඔවුන්ගේ මතය දේශපාලනිකව පරාජය කර දැමුවේය. එයින් ඔවුන්ට දුකක් ඇතිවුවද රටට යහපතක් විය. නමුත් නැවත බෝම්බයක් දෙකක් පිපුරුවහොත් දෙමළ ත්‍රස්තවාදයට හමුදා මෙහෙයුම් වලින් විසදුමක් දිය නොහැකි යැයි ඔවුන් මතුරමින් සිටි කරුණ නැවත කරලියට ගෙන ඒමට ඔවුන්ට අවස්ථාවක් විවර වෙයි.
චන්ද්‍රික නෝනා , රනිල් මහතා හා සිරිසේන මයා වැනි අය නිතර පවසන්නේ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසදුමක් ලබාදෙන බවයි. (මින් ඔවුන් අදහස් කරන්නේ ව්‍යවස්ථා විසඳුමකි. ඔවුන්ට හමුදා ක්‍රියාමාර්ග දේශපාල ක්‍රියාමාර්ග නොවේ. නමුත් හමුදා මෙහෙයුම් වල වැරදි සිදුවුනේ යැයි කියමින් පීඩනය එල්ල කරන්නේ මහින්ද රාජපක්ෂ හා ගෝටාබය මහත්වරුන්ටය .) ඔවුන්ට අනුව ඔවුන්ගේ පෙඩරල් හෝ පැකේජ් හෝ විසඳුම මීට ඇති එකම පිළියමයි. එය ඉටු කිරීමට ඔවුන්ට දැඩි හදිස්සියක් ඇති බව පෙනෙයි.

නමුත් සාමාන්‍ය ජනතාවට එලෙස ඉතා කඩිනමින් විසඳිය යුතු බරපතල ජනවාර්ගික ගැටළුවක් රටේ ඇති බවක් දැන් නොපෙනෙයි. ඔවුන් තම එදිනෙදා රැකි රක්ෂා කටයුතු හා ළමයින්ගේ කටයුතු කරගෙන ජීවත්වෙයි. නමුත් අයවැයෙන් හා ආණ්ඩුවේ ආර්ථික නොහැකියාව නිසා ජනතාවගේ ජිවන රටාවට අහිතකර බලපෑම් එල්ල වෙමින් පවතියි. රටේ මේ වන විට වඩා බරපතල ගැටළුවක් වී ඇත්තේ වස විසෙන් තොර අහාර නිපදවන්නේ කෙසේ ද? යන්නයි. නමුත් ඒවා විසඳීමට කඩිනම් ක්‍රියාමාර්ග නොගන්නා ආණ්ඩුවේ ප්‍රධානීන් හඳුනා නොගත් දෙමළ ප්‍රශ්නයකට ව්‍යවස්ථා විසඳුමක් දීමට වලිකයි. ඒ කගේ උවමනාවකට ද? ඒ සිංහල බෞද්ධ විරෝධී රටවල උවමනාවට බව යුතුකම පාඨකයින් දනියි.

නමුත් ආණ්ඩුවේ ප්‍රධානීන් පෙන්වීමට උත්ත්සහ ගන්නේ මේ ව්‍යවස්ථා විසඳුම ගෙන එන්නේ ජනතාවගේ උවමනාවට බවයි. දැවෙන දෙමළ ප්‍රශ්නයකට විසඳුමක් ලෙස බවයි. දැන් එක්තරා සාමයක් ඇති බැවින් සාමාන්‍ය ජනයට දැනෙන දෙමළ ප්‍රශ්නයක් නැත. බෝම්බ නොපුපුරන නිසා ත්‍රස්තවාදය පෙන්වා පෙඩරල් දීමට අපහසුය. එබැවින් දෝ ආණ්ඩුව දිගට හරහට ත්‍රස්තවාදී සැකකරුවන් නිදහස් කරයි. අධිආරක්ෂිත කලාප හකුලුවයි. බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවේ තබයි. බුද්ධි අංශ ක්‍රියාත්මක වූ හමුදා කඳවුරු මුද්‍රා තබයි. මේවා පහත් ක්‍රියාය. එහි ප්‍රතිපලයක් ලෙස කොළඹ නැවත බෝම්බ පිපිරීමට ඉඩ ඇත. ඉන් ඇතැම් අයට පහත් සතුටක් ලබිමටද ඉඩ ඇත. එවැනි පහත් වින්දනයන් ලැබීම වැළැක්වීමට මඩු වලිගයක් නොව මහින්ද මහතාගේ නායකත්වයෙන් නව පක්ෂයක් අවශ්‍ය වී තිබේ.

-උදයංග සුගතපාල
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

1/22/2016

"රට බෙදන ව්‍යවස්ථා මර උගුල" ගැන යුතුකම සම්මන්ත්‍රණය අද (22 දා )

කතෘ:යුතුකම     1/22/2016   No comments
විධායක ජනාධිපතිධූරය අහෝසිය, මැතිවරණ ක්‍රමය සංශෝධනය ආදී වෙස් මුහුණු ඉදිරියට දමාගෙන බෙදුම්වාදය දිනවන ව්‍යවස්ථා සංශෝධනයට හවුල් ආණ්ඩුව සූදානම්ව සිටී.
ජනවාරි 26 වනදා පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳ තීරණාත්මක චන්ද විමසීමක් පැවැත්වේ.

විපක්ෂය දිය කර හරිමින් එකිනෙකට නොපෑහෙන කණ්ඩායම් එකතු කර හවුල් ආණ්ඩුවක් ඇටවූවේම මේ රට බෙදීමේ ව්‍යවස්ථා සංශෝධනය කර ගැනීමට මිස වෙනකකට නොවන බව දැන් ඔනෑවටත් වඩා පැහැදිලිය.සැබෑව නම් 'හොරු අල්ලන්නට ' ආණ්ඩුව මාරු කළ බොහෝ දෙනා පවා මේ බියකරු තත්වය අපේක්ෂා නොකළ බවයි. අද අප පසුකරමින් සිටිනුයේ අපේ මාතෘභූමිය එක රටක් ලෙස තවදුරටත් තබාගන්නේද නැද්ද යන්න තීරණය කෙරෙන තීරණාත්මක සංධිස්ථානයකි.

50% කවත් ජනවරමක් නැති පාර්ලිමේන්තුවක් විසින් තක්කඩි ලෙස ඉදිරිපත් කරන්නට යන මේ කඩිමුඩි සංශෝධනයට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ යුතුකම සංවාද කවය සංවිධානය කරන දීප ව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවේ එක් සම්මන්ත්‍රණයක් අද (ජනවාරි 22 ) සවස 3.15 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

අතිපූජ්‍ය එල්ලාවල මේධානන්ද නාහිමියන් මුලසුන හොබවන එහිදී මානව හිමිකම් පිළිබඳ නීතීඥ කල්‍යාණන්ද තිරාණගම මහතා, රියර් අද්මිරාල් අරත් වීරසේකර මහතා , ජනාධිපති නීතිඥ මනොහරද සිල්වා මහතා සහ ගෙවිඳු කුමාරතුංග මහතා අදහස් දැක්වීමට නියමිතය.
එම අවස්ථාවට සහභාගී වන ලෙස සංවිධායක කමිටුව විසින් සියළු දෙනාට ගෞරවයෙන් ආරාධනා කර සිටී..

-සටහන :යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

1/03/2016

ජනවාරි 08 ජාතික ශෝක දිනයක් වන්නේ ඇයි?

කතෘ:යුතුකම     1/03/2016   No comments
වසරින් වසර අඩුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළ ශ්‍රී ලංකාවේ විරැකියාව දැන් එහි ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් කරමින් සැලකිය යුතු පමණින් වැඩිවෙමින් තිබෙන බව ජන හා සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම දත්ත වලින් හෙළිදරුව් වේ. 2013 වසරේ දී විරැකියාව සියයට 4.3ක් ලෙස සටහන් විය. එය 2014 වසරේ දී 4.2 දක්වා අඩු වී තිබුණි. කෙසේ වෙතත්, 2015 අවසන් කාර්තුවේ දී විරැකියා ප්‍රතිශතය සියයට 5.0 දක්වා වැඩි වී ඇත.

මේ අතර, ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපල පසුගිය 2015 වසරේ දී සියයට 5.5ක් තරම් විශාල ප්‍රමාණයකින් පහත වැටුණු බව රොයිටර් පුවත් සේවය පසුගිය දා වාර්තා කොට තිබුණේ ය. එම වාර්තාවට ම අනුව, 2014 වසරේ දී රටතුළට ගලා ආ විදේශ ආයෝජන රුපියල් බිලියන 22.07 සාපේක්‍ෂ ව 2015 වසරේ දී රුපියල් බිලියන 4.43ක් රටින් බැහැර ගොස් ඇත. වත්මන් ආණ්ඩුව පිළිබඳ ව, විශේෂයෙන් එහි දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විදෙස් ආයෝජකයින්ගේ අවිස්වාසය මෙම තත්වයට බලපා ඇති බව මේ අනුව පැහැදිළි වේ. කිසිදු ආර්ථික ක්‍රමෝපායකින් තොරව, අතනින් මෙතනින් බදු එකතු කිරීම හරහා ම රට කරවීම එකම විකල්පය කරගත් වත්මන් අයවැය හමුවේ 2016 වසරේ දී ද විදෙස් ආයෝජන පමණක් නොව, දේශීය ආයෝජන පවා දැඩි පසුබෑමකට ලක්වීමට නියමිත බව පැහැදිළි ය. අයවැය යෝජනා නිසා දේශීය බැංකු ක්‍ෂේත්‍රය තුළ මේ වන විටත් හටගෙන ඇත්තේ දැඩි නොසන්සුන්තාවකි.

මේ අතර, පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ද සියයට 19.05කින් අඩු වූවේ ය.එකී අඩුවීම තුළ ලංකාවේ සියළු ප්‍රධාන පෙළේ අපනයන වර්ග වන තේ, රබර් හා ඇඟළුම් ද ඇතුළත් ව තිබුණි. මැණික්, දියමන්ති හා ස්වර්ණාභරණ අපනයනය සියයට 40කින් පමණ පහළ බැස්සේ ය. මේ අතර, ප්‍රවාහන නිෂ්පාදය අපනයන ආදායම 2014 වසරට සාපේක්‍ෂ ව පහළ ගොස් තිබුණේ සියයට 85ක් තරම් වූ විශාල ප්‍රතිශතයකිනි. කෙසේ වෙතත්, ආනයන බිල පසුගිය වසර තුළ දී සියයට 30.4ක ප්‍රමාණයකින් අඩු ව තිබීම විශේෂයෙන් සටහන් කළ යුතු ය. ඒ අන් හේතුවක් නිසා නොව, ලෝක වෙළඳපොලේ බොරතෙල් මිළ විශාල ලෙස පහත බැස තිබූ හෙයිනි.

පසුගිය වසර තුළ ඩොලරයට සාපේක්‍ෂ ව රුපියල බාල්දුවීමේ ප්‍රවණතාව වාර්තාගත එකකි. මේ වන විටත් එය සිදුවෙමින් තිබේ. අපනයන ආදායම් සඳහා මෙසේ වීම යහපත් එකක් වුව ද පසුගිය වසරේ ලංකාවේ අපනයන ආදායම විශාල ලෙස පහත වැටීම තුළින් පෙනී යන්නේ එය ද සාර්ථක වී නැති බව ය. කෙසේ වෙතත්, රුපියල බාල්දුවීම නිසා මේ වන විටත් ආනයන භාණ්ඩ විශාල ප්‍රමාණයක මිළ ඉහළ යෑම වැළකිය නොහැකි එකක් බවට පත් වී ඇත.

අයවැයෙන් වැඩිකළ බදුවර්ග අටෝරාසියක් ජනවාරි පළමුවැනි දා සිට ක්‍රියාත්මක වීම හේතුකොට ගෙන ඉතා අවම තත්වයකට පැවති උද්ධමනය ද විශාල ලෙස වැඩිවීමට නියමිත ය. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වක්‍රව පනවා ඇති බදුහේතුවෙන් ඒවාහි පාලන මිලට භාණ්ඩ ලබාදිය නොහැකි බව මේ වන විටත් වෙළඳුන් විසින් රජයට දන්වා ඇත. කෙසේ වෙතත්, මේවන් අසීරු ආර්ථික තත්වයකට රට පහත ‍හෙලීම සනිටුහන් කළ ජනවාරි 08 ආණ්ඩු වෙනස සතියක් පුරා සමරනු වස් නිවෙස්වල ජාතික කොඩිය ඔසවන ලෙස රජය ජනතාවට දන්වා තිබේ.

-මහින්ද පතිරණ >>

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

12/31/2015

2016 අඳුර විනිවිඳින වසරයි!

කතෘ:යුතුකම     12/31/2015   1 comment

අවසන් වූ 2015 වසර, ඊට සිය වසකට පෙර උදා වූ 1915 වසරට ද ඊටත් සිය වසකට පෙර උදා වූ 1815 වසරට ද සමාන වන්නා වූ රට දැය සමය කෙරෙහි අතිශය අශුභ වසරකි. 2009 ත්‍රස්තවාදය කෙළවර කළ නිසා ම දේශමාමකයින් රැසකට නේක කරදරවලට මුහුණ දීමට සිදු වූ මේ වසර රට දැය සමයට කළු වසරකි. ඒ අප සතුරු කල්ලියක් නිර්මාණය කළ ට්‍රෝජන් අශ්වයෙකුට රැවටුණු හෙයිනි. ඒ ට්‍රෝජන් අශ්වයා තුළ සැඟව සිටි පිරිස ගොඩනැඟෙමින් පැවති රට නැවත බටහිර ඉන්දිය වහල් දේශයක් කළ හෙයිනි.
එහෙත් අපේ මුතුන් මිත්තෝ 1816 මෙන් ම 1916 ද සියලු මර්දන, තර්ජන, ගර්ජන පරදා සිය අඩුපාඩු සකසා ගෙන නැවත නැඟී සිටියහ. 2016 වසර ද සියලු සතුරු බලවේග පරයා අප නැවත නැඟී සිටිය යුතුම ය. අනාගත ඉතිහාසයේ ලියැවෙන ජාතික වීරයින් මේ අඳුර මැදින් පායා එනු ඇත. හාත්පස වෙළාගෙන ඇති ඉච්ඡා භංගත්වයේ අඳුරෙහි වල්මත් නොවී එම අඳුර විනිවිද යා යුතු නිසි මඟ හඳුනා ගැනීම සඳහා රට වැසි සැමට ශක්තිය, ධෛර්යය, ප්‍රාඥාව පහළ වේවා!

-නාමල් උඩලමත්ත
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 

(Like us on facebook)https://www.facebook.com/yuthukama

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions