11/01/2019

මේ කව්ද? මොනවද කරන්නේ?

කතෘ:යුතුකම     11/01/2019   No comments
1988 කාලේ ජනපතිවරණේ මතක අයට මේ පෝස්ටරේ මතක ඇති. අපි ටිකක් කතා කරමු අපේ මතකයෙන් ඒ කව්ද? මොනවාද කලේ? සහ මේ කව්ද? මොනවද කරන්නේ? කියන එක පැහැදිලි කරගන්න. විශේයයෙන් අවු 18ත් 35ත් අතරේ අපේ ඡන්ද දායකයින්ට ප්රශ්නයක් ඇති ඇත්තටම මේ ප්රේමදාස යුගේ කියන්නෙ මොකක්ද කියල. ආපහු එහෙම එකක් එනවනම් ඒ ගැන දැනගෙන් ඉන්න එක හොඳයි. කෙටියෙන් කියන්නම්.

අපේ රට දැන් තියෙන අගාදයට ඇද දමන්න මුල පිරෙන්නේ 1977 JR ගේ ආණ්ඩුවෙන්. ඒගැන විස්තර මිට පෙර ලියා ඇති නිසාත් කාලය ඉතුරු කරගැනීමට අවශ්ය නිසාත් කෙලින්ම උධෘත මාතෘකාව ගැන කතාකරමු.

1977 මැතිවරණ සමයේ එජාප උපනායක කෙනෙකු නොසිටියත් "එජාප උපනායක ඔබ අමතයි" යනුවෙන් පෝස්ටර් ව්යාපාරයක් දියත් කිරීම මගින් ආර්. ප්රේමදාස බලෙන්ම එජාප උපනායකයා බවට පත්වුණා. JR ගෙන් පසු එජාප නායකත්වයට ඔහුගේ ප්රියතමයන් වුයේ ගාමිණි දිසානයක සහ ලලිත් ඇතුලත්මුදලි. එහෙත් JR ට ප්රේමදාසගේ බලපෑමට අවනත වීමට සිදුවීම නිසා ප්රේමදාස උපනායකයා වී 1977 රජයේ අග්රාමාත්ය වරයා වුයේය.(පහුගිය කාලේ මෛත්රිපාල සිරිසේනත් මේ උපක්රමය භාවිතා කරන්න ගියා "ඊළඟ අගමැති පොළොන්නරුවෙන්" කියලා පෝස්ටර් ව්යාපාරයක් දියත් කරමින්. නමුත් මහින්දගෙන් විරෝධතාවය මත ඒක අකුලාගෙන පසුව පලිය ගත්තා 2015දී)

මේ රජයේ නිවාස සහ මහා මාර්ග ඇමති වුයේ ප්රේමදාසය. ඒකාලයේ පාරවල් වල ගිය අයට පාරවල් තිබුනේ කොහොමදැයි මතකයට නගාගත් හැකිවනු ඇත. මහාමාර්ග අමාත්යංශයේ මුදල් ඔහුගේ ඡන්ද පදනම වැඩි කරගත හැකියයි සිතු උදාගම් ව්යාපාරයට යෙදවීය. පාරවල් නඩත්තු නොකිරීම නිසා රටපුරා ගමනාගමනය ඉතා අසීරු තත්වයකට වැටී තිබුණි. මොකක්ද මේ උදාගම් ව්යාපාරය? කොහොමද එක කරලියට ආවේ? කුරුණෑගල ගල්ගමුව ගරහා අනුරාධපුර පාරේ මහවට හැරෙන දළදා ගම හන්දිය පසුකර ටිකක් දුර යනවිට තියෙනවා අඹන්පොල කියල ගමක්. මෙහෙ තිබුනා ප්රේමදාසට අයිති පොල්වත්තක්. ඉතින් මේ පොල් වත්තට විදුලිය ගන්න බොහෝ දුරක සිට විදුලි රැහැන් අදින්න වෙනවා. ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ කාලේ ඒ කිටුවකටවත් විදුලිය් තිබුනේ නෑ. මේ කිට්ටුව රොඩී ගමකුත් තිබුණා. මාඑළිය වගේ නමක් මතකයේ විදියට. ඉතින් දවසක් ප්රේමදාස නිවාඩුවට මේ ඉඩමට ගිය වෙලාවක, ඔහුගේ අමාත්යංශයේ ඉහල නිලධාරියෙක් අපූරු අදහසක් දෙනවා මේ ඉඩමට විදුලිය ගැනීම සම්බන්ධව. නිවාස අමාත්යාංශයත් ප්රේමදාස යටතේ නිසා ඔහු යෝජනා කරනවා මේ රොඩී ගමේ මිනිස්සුන්ට ගෙවල් හදල දීලා එකට රජයේ වියදමින් විදුලිය ගෙනාවම අල්ලපු වැටේ තියෙන ප්රේමදාසගේ ඉඩමට නිකම්ම විදුලිය ගන්න පුළුවන් කියලා. ඉතින් මේ ගමට ගෙවල් හදල දීලා විදුලියත් දීලා ප්රේමදාසගේ වැඩෙත් කරගන්නවා වක්රාකාරයට රජයේ වියදමින්. මේ ගමට නම තිබ්බේ "උදාගම" කියලා. මේක තමයි ආරම්භය. ඊට පස්සේ හදපු ගම වලට විවිධ නම් දුන්නා. මේ ගම තිබුනේ යාපහුව ආසනයේ. ඊට පස්සේ හැදුනු හැම සියවෙනි ගමම දුන්නේ යාපහුවට. "සිය ගම" "දෙසිය ගම" "තුන්සිය ගම" ආදී වශයෙන් මේවා නම් කළා. හැබැයි මේ ගෙවල් පස්සේ පස්සේ නිකම්ම රජයෙන් හදලා දුන්නේ නෑ. පොඩි ණයක් දීලා සිමෙන්ති ටකරන් කීපයක් වගේ දීලා තමයි ගෙවල් ගාන වැඩිකර ගත්තේ.

ප්රේමදාසගේ මුල් යුගය ඉතා දුගී දුප්පත් බව කියවෙනවා. අපි ඇත්තටම ඒ ගැන ආඩම්බර වෙන්න ඕන. මොකද ඒබ්රහම් ලින්කන් කියන්නෙත් සපත්තු මහන්නේක්ගේ පුතෙක්. ඒවගේ පහල මට්ටමේ මිනිහෙකුට රටේ ඉහලම තැනට පත්වෙන්න පුළුවන් නම් ඒ රට කොච්චර සාධාරණ සමාජයක් තියෙන එකක්ද කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් මෙතන තියෙන්නේ වෙනම කාරනාවක්. අනුර බණ්ඩාරනායක මිනිස්සුන්ගේ දුගී දුප්පත්කම සමච්චලයට පත් කරපු කෙනෙක්. 1977 මැතිවරණයේදී අනුර බණ්ඩාරනායක කිව්වා ප්රේමදාස කියන්නේ කෙහෙල්වත්තේ ලැවරිය විකුනපු අම්මගේ පුතා කියලා. හැබැයි ප්රේමදාස මේකට ප්රතිචාර දැක්වුයේ බලයට පත්වුනාට පස්සේ ප්රථම පාර්ලිමේන්තු කතාවේදී. ඔහු කිව්වා වලව්වක අවජාතක පුතෙක් වෙලා ඉපදුනාට වඩා පැල්පතක සහජාතක පුතෙක් වුනු එක ගැන ආඩම්බරයි කියලා. අනුර බණ්ඩාරනායක ජෙයරාජ් ප්රනාන්දු පුල්ලේ ගැනත් මෙහම කිව්වා පසු කලෙක. සෙරෙප්පු දාගෙන බයිසිකල් කට්ටකින් ආපු මිනිහා කියලා. ප්රේමදාස ඒ වගේ නිහතමානි වෙනවට වඩා පසුව ඔහුගේ හිනමාන ස්වභාවය උඩට ආවා කියල බොහෝ දෙනා කිව්ව.ඉතින් ඔහු ඔහුගේ පරම්පරාව ගැන අතීත ශ්රිවිභුතිය ගැන නොයෙක් කතා මැව්වා. ඔහු මේ පොල්වත්ත ගත්තේ කොහොමද කියලා හරියටම දන්නේ නෑ. පාර්ලිමේන්තු එන්න කලින් ඔහු දේශපාලනයේ ගොඩක් කල් හිටියා නගරසභාවල. ඉතින් කොහොම හරි මේ පොල් වත්ත ගන්න ඇති. නමුත් ඔහු කිව්වේ පොඩිකාලේ තාත්තා එක්ක කාරෙකෙන් අනුරාධපුරේ යනකොට ඉඩම් වෙන්දේසියක් දැකලා ත්තත්තා මේ ඉඩම ගත්තා කියලා. ඊට පස්සෙත් ඔහුගේ මේ ස්වභාවය මතු වුනු තැන් තියෙනවා. පියගම කියලා එකක් හැදුවා අහංගම පැත්තේ. හිසේ නැමි පනාවක් ගහලා ටුවිට් රෙද්දක් අන්දලා කෝට් එකක් දාපු තාත්තාගේ පිලිමෙකුත් එතන හදලා තිබුනා කොලොනියල් කාලේ හිටපු ප්රභූවරයෙක් විදියට. ඒ කාලෙත් අද වගේම මේ උදාගම් නම් සම්බන්ධව කතා ඇතිවෙලා තිබුණා. ඊළඟ ගම සංගීත කරයින්ට "සරිගම" කියන වගේ කතා.

මේ උදාගම් ව්යාපෘතියට සම්බන්ධ නොයෙකුත් කතා තිබුනා. ප්රෙමආස උගත් මිනිසුන්ව පහත් කරලා සමච්චලයට ලක් කරලා කතා කරපු තැන් තිබුනා. මේ ව්යාපෘතිවල වැඩකරපු ඉංජිනේරුවන්ගේ පවා වැඩ තහනම් කරලා තිබුනා තාක්ෂණ ප්රශ්න නිසා ඔහු කියන විදියට කරන්ඩ අපහසුයි කියපු අයව. මේ උදාගම් වල කොන්ත්රාත් කලේ ඔහුගේ දේශපාලන හෙන්චයියන්. මහජන මුදල් විශාල වශයෙන් කාබාසිනියා උනා ඒ විදියට. සොත්ති උපාලි කියලා ඔහුට සම්බන්ධ පාතාලේ මැරයෙක් තමයි උදාගම්වල පිඩැලි ඇල්ලීමේ කොන්තරාත්තුව කලේ කියලා ඒ කාලේ ප්රසිද්ධ වුනේ.

JR ගේ පලවෙනි කාලය ඓවර උනාම සිරිමාවෝගේ ප්රජා අයිතිය ආහොසි නොකර, 1982දී සාමාන්ය පරිදි ජනපති වරණය පැවැත් වුයේ නම්, සිරිමාවෝ ජයගන්නටත් අවු 30 තිස්සේ අප රටට විනයක් වූ යුද්දයත් ඇති නොවෙන්න ඉඩ තිබුණා. ඡන්දකොල්ලය මැරබලය නිසා තමයි මේවා මේ විදියට උනේ. ඒවගේම 1988 දෙසැම්බරයේදීත් නැවත වතාවක් එය වැලකි ගියා.

මේ අතරතුරේ විවිධ මිනි මැරුම් විරුද්ධවාදීන් මාධ්යවේදීන් ඝාතන සිදුවූ බව ප්රකට කරුණක්. ආර්යාව පිහිනුම් තටාකය අසල සිටින ඡායාරුපයක් ගත් පුවත්පත් ඡයරුපශිල්පියෙක් මෙලෙස අතුරුදන් උනා. මේ ළඟදිත් ඒ කතාව ඉස්සරහට ඇවිත් තිබුනා ඒ පින්තුරයත් සමගම. ඒ අතරේ බෙදුම්වාදී අරගලය උග්ර උනා. JR ගේ අදුරදර්ශී විදේශ ප්රතිපත්තිය තමයි මුලික හේතුව. ඒ වගේම ප්රේමදාසත් ඉන්දීය විරෝධියි. අන්තිමේ JRගේ යැංකි මාස්ටර්ලා JR බේරගන්න ආවේ නෑ.ඉන්දියාවත් එක්ක ප්රශ්නය නිරාකරණය කරගැනීමට ඔහුටම බාරදුන්නා. ඉතින් වෙන විකල්පයක් නොමැති තැන JR ඉන්දියාවට දනගහලා ඉන්දීය සාම හමුදාව ගෙන්වාගත්තා. ඔහුට වෙන කරන්නට දෙයක් නොතිබුණෙන් අකමැත්තෙන් මේ පියවර ගැනීමට සිදුවුනා. නැත්නම් ඉන්දියාව ලංකාව ආක්රමණය කරන්නත් තිබුනා. මේකට කලින් ඉන්දියාව ලංකාවේ ගුවන් සීමාව උල්ලංඝනය කරලා ගුවනින් යාපනයට පරිප්පු දැම්මා. එකෙන් තමයි JRට උතුර දකුණ මාරු උනේ. ඉතින් JR 1987 ජුලි වලදී ඉන්දියාවත් එක්ක ගිවිසුමක් ගැහුවා. ඒක ඉතින් ඉල්ලලා ගත්තු ආක්රමණයක්ම තමයි. මේකට විරුද්ධව එකල භුගත ව වැඩ කරමින් සිටි ජවිපෙ දේශප්රේමී ජනතා ව්යාපාරය කියල එකක් හදාගෙන ආයුධ සන්නද්ධ සටනකට එළඹුනා. නාවික හමුදා භටයෙක් රජීව් ගාන්ධිගේ පිටට තුවක්කුවෙන් පහරක් එල්ල කරන්නේ මේ ගිවිසුම අත්සන් කරපු වෙලාවේ හමුදා පෙරෙට්ටුවේදී.

මෙතැනදී ප්රේමදාස මේ ගිවිසුමට විරුද්ධවෙලා ඒකට සම්බන්ධ නොවී ඉන්නවා. මෙතනින් පස්සේ ජවිපෙ එජාප රජයට සම්බන්ධ මිනිස්සු මරන්ඩ පටන් ගත්තා. මේ එකවුන්ට් එකට දාලා විවිධ දේශපාලන ඝාතන සිදුඋනා ඒකාලේ. PRA (Peoples Red Army ), කළු බළල්ලු ආදී නම් වලින් විවිධ para military කණ්ඩායම් ක්රියාත්මක උනා. බොරවතුරේ මාලුබාන්නට ප්රේමදාසට මේ තත්වය මහඟු ආශිර්වාදයක් උනා. රටේ තත්වය උග්රයි. ඉන්දියාවට බැරි උනා LTTE මර්ධනය කරන්න දකුණේ භිෂණය උත්සන්නයි රට අරාජිකයි.

මේ අතරේ ප්රේමදාසට ජනාධිපතිකම දෙන්න අකමැති වුනු JR තුන්වෙනි වරටත් ජනපතිවෙන්න ව්යවස්ථා සංශෝධනයකට සලදුම් කළා. එක යෝජනා ස්ථිර කලේ අගලවත්තේ මෙරිල් කාරියවසම් සහ කුලියාපිටියේ ලයනක් ජයතිලක කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. එජාපයේ සභාපති හර්ෂ අබේවර්ධන හා ලේකම් නන්දලාල් ප්රනාන්දු මේකට උදව් කරනවා. මේ හතරදෙනාම නන්නාදුනන තුවක්කු කරුවාගේ ප්රහාරයට ලක් වී ඝාතනය වන අතර ජවිපෙ එකවුන්ට් එකටයි වැටෙන්නේ. නමුත් දන්නා අය මෙය ප්රේමදාසගේ ව්යාපෘතියේ කොටසක් වුබව ඒ කාලයේත් දන්නවා. ඒ වගේම විජය කුමාරතුංග ඝාතනය. ඔහු ඊට කලින් කටානේ අතුරු මතිවරනේදී අනු නවයෙන් බේරෙන්නේ. ඔහුගේ රියදුරා වෙඩිපහරින් මියගිහින් ඔහු බේරෙනවා. නමුත් තමන්ගේම නිවසේදී 1988 පෙබරවාරියේදී ඔහු ඝාතනය වනවා ජවිපෙ එකවුන්ට් එකට. ජවිපෙ තමන්ගේ එජාප සහ අනෙකුත් වාමවාදී විරුද්ධ වාදීන් ඝාතනය කල අතර රජයෙන් එජාප විරෝධී කොටස් විශාල වශයෙන් ඝාතනය කළා.

1987/89 රටේ පැවතුනු කැරළිකාරි තත්වය ප්‍රේමදාසට නැවත බලය ලබා ගැනීමට ඉතා සුදුසු වාතාවරණයක් ඇති කිරීමට ඉවහල් වුණා. JR තුවෙනි වර ඉල්ලිම අතහැර දමා ප්රේමදාසට අපේක්ෂකත්වය දෙන්නට එකඟ උනා. වෝඩ් පෙදෙසේ JRගේ නිවසට ගොස් ප්රේමදාස ඔහුට තර්ජනය කල බවත් මරාදමාවියයි යන බය නිසා ප්රේමදාසට අපේක්ෂකත්වය දුන් බවත් ඒ කාලයේදී කියවුනා. නමුත්, ප්රේමදාසගේ ඉන්දීය විරෝධය නිසා ඔහුට අපේක්ෂකත්වය දීම සඳහා ඇමෙරිකාවෙන් JR ට බලකළ බව විශ්ලේෂකයෝ පවසනවා.

ප්‍රේමදාසගේ චන්ද ව්යාපාරය පටන් ගත්තේ "මේ කව්ද? මොනවද කරන්නේ?" කියන නමක් ගමක් නැති පෝස්ටර් ව්යාපාරයකින්. මේකාලේ ජවිපෙන් කසිප්පු පෙරාපු මිනිස්සුත් මරුවා කියලා කතාවක් තිබුනා. ඉතින් මේ පෝස්ටරේ කවුරු හරි ගහලා ගිහින් තිබුනා පොඩි පෙට්ටි කඩේක. ඒවගේ තැනුත් පාලුවෙලා තිබුනේ ඒ කාලේ. කසිප්පු ජාවාරම කරමින් කෙනෙක් ඉඳලා තියෙනවා ඒ අසල. ඉතින් මිනිහා බයවෙලා මේකේ ලිව්වලු "මම සිරිසේන පොඩි බිස්නස් එකක්" කියලා.

අවුරුදු 10ක එජාප පාලනය තිත්ත වෙලා හිටපු මිනිස්සු ජවිපෙ අරගලයට වක්රව කැමැත්තක් තිබුනා කිව්වොත් නිවැරදියි. මේකාලේ රිචඩ් ද සොයිසා කියලා ITN එකේ ඉංග්රීසි news කියන තරුණ මාධ්යකරුවෙක් හිටියා. ඔහු නාට්යවලට සම්බන්ධ කෙනෙක්. ඔහු නාට්යක් ලියලා වේදිකාගත කරන්න සුදානමින් හිටියා. එකේ නම "මේ කව්ද? මොනවද කරන්නේ?". මේක ප්රේමදාසට විරුද්ධව හදපු එකක් කියලයි කියවුණේ. රෑ ඇවිත් මොහුව අරන් යනවා. එහෙමයි සුදු වෑන් සංස්කෘතිය ඒකාලේ ක්රියාත්මක උනේ. ඔහුගේ මව වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු මැතිනිය මේ ගැන කීප සැරයක් මාධ්යයට කියලා තියෙනවා. ඇය 2001දී මිය යනවා. නැවත ඔහු එවනවා කියලා මවටත් පොරොන්දුවෙලා තමයි ගෙනිහින් තියෙන්නේ. නමුත් පහුවදා ඔහුගේ මල සිරුර ගල්කිස්ස මුහුදු වෙලරට පාවෙලා තිබිලා හමුවෙනවා. හෙලිකොප්ටරයකින් මල කඳ ගෙනිහින් මුහුදට දැම්ම කියල තමයි කතාව තියෙන්නේ.

ඡන්ද ව්යාපාරයේදී මොහු රජීව් ගාන්ධිට අපහාස කරනවා. 1977 දී JR ඉන්දිරා ගාන්ධිටත් ඇයගේ පුත් ස්න්ජය ගාන්ධිටත් cow and calf කියා අවමන් කරනවා. මෙතැනදී ප්රේමදාස කිව්වා ඉන්දියාව නමැති නෙළුම්විලේ නේරුලා වගේ නෙලුම් මල් තිබ්බත් රජීව් ගාන්ධි වගේ ගෙම්බොත් ඉන්නවා කියලා. කලබල මුවාවෙන් විරුද්ධ පක්ෂ අපේක්ෂිකාව වූ බණ්ඩාරනායක මැතිනියට විශාල වශයෙන් ඡන්ද ලැබුණු ප්රදේශ කිහිපයක ඡන්ද පෙට්ටි අවලංගු කළා. මේ හේතුවෙන් බණ්ඩාරනායක මැතිනියගේ ජයග්රහණය වලකන්නට හැකිවි ආර් ප්රේමදාස ජනාධිපති වූ අතර එජාප පාලනය එලෙසම ඉදිරියට ඇදුනේය. රට ව්යසනයෙන් ගොඩ ඒමට තිබු තවත් අවස්තාවක් මෙලෙස මග හැරි ගියා.

ප්රේමදාස ඉස්සරවෙලාම තමන්ට පාර කපල දුන්නු ජවිපෙ සමුලඝාතනය කළා. 60000ක් මැරුණා කියල නිල වාර්තාවල දැක්වුනත් නිල නොවන වාර්තා කියන්නේ 100000ක් විතර මැරුනා කියලා. පාරවල් වල ටයර් සෑය මත දැවෙන තරුණ මල සිරුරුවල දර්ශන දිනපතා සාමාන්ය දෙයක් උනා. ගංගාවල මිනි පාවෙනවා. මිනිස්සු මාළු කන්නේ නැතිව අතහැරියා මොකද ගංගාවල මුහුදේ මාළු මිනි කනවා කියලා ඒදවස්වල. මේ භිෂණය ගැන අහලවත් තියෙන කෙනෙක් ආයෙත් ප්රේමදාස යුගයක් ගැන හීනෙකින්වත් හිතන්නේ නෑ. 1989 නොවැම්බරයේදී විජේවීර අල්ලලා පණපිටින් බොරැල්ල කනත්තේ උඳුනට දැම්ම කියල තමයි කියන්නේ. මෙතනින් පස්සේ ඒ භීෂණ සමය යම් දුරකට නිමාවෙනවා. මේවාට සම්බන්ධ රන්ජන් විජේරත්න නැමති ඇමතිවරයා පසුකලක තිඹිරිගස්යායේදී පොලිස් ක්‍රීඩාපිටිය අසලදී බෝම්බෙකට අහුවෙනවා. මෙයට කෙලින්ම සම්බන්ධ රොනී ගුණසිංහ කියන පොලිස් නිලධාරියා ප්රේමදාසත් එක්කම ආමර් වීදියේදී බෝම්බෙට අහුවෙලා අඟුරුවෙලා යනවා 1993 මැයි 1 දා. මෙම ස්ථානයට මිනිස්සු කිව්වේ වෙන නමක් පස්සේ කාලේදී. කාටුන් ශිල්පියෙක් කාටුන් එකක් ඇඳලා තිබුනා ඒ කාලේ බයිසිකලයක් සමග බාබු (මරාගෙන මැරෙන බෝම්බය පුපුරවාගත් තැනැත්තා) ඉන්න පිළිමයකට මිනිස්සු ගෞරවාචාර දක්වනවා. මේ මරණය සැලවෙනවාත් සමගම රට පුරා රතිඥ්ඥා දැල්වුණා. මිනිස්සුන්ගේ කැකෑරෙන වෛරය පිටවුනේ එහෙම. නැතිනම් අපේ මිනිස්සු සතුරෙකුගේවත් මරණයකදී කම්පාවෙනවා මිසක් සතුටුවෙන ජාතියක් නොවෙයිනේ. ඒකාලයේ රටේ තිබුණු භිෂණය කොහොමද කියන්න ඊටවඩා උදාහරණ අවශ්‍ය වෙන්නේ නෑ.

මේ වෙනකොට ඉන්දියාවත් LTTE එකත් එක්ක සටන් කරලා එක නවත්තගන්න විදියක් නැතුව හිටියේ. ප්රේමදාස රජය මගින් LTTE ත්රස්තවාදීන්ට මුදල් සහ අවි ආයුධ ලබාදෙනවා ඉන්දීය හමුදාවට විරුද්ධව සටන් කරන්න කියලා. මේ අවි ආයුධ පසු කලකදී LTTE ය රජයේ හමුදාවලට විරුද්ධව පාවිච්චිකරනවා. මේකාලේ ප්රේමදාස ඉන්දියාවට කියනවා ඉන්දීය හමුදාව ඉවත් කරගන්න කියලා. ඉන්දියාවත් අඬන්න ඉන්න එකාට ඇඟිල්ලෙන් ඇන්නාවාගේ හමුදාව ඉවත්කරගෙන යනවා. LTTE ය ආපහු ප්රේමදාස රජයට විරුද්ධව යුද්ධ ප්රකාශ කරනවා. මුලතිවු ප්රදේශයේ පොලිස් නිලධාරී 600කට ආයුධ බිම තබා ත්රස්තවාදීන්ට යටත්වීමට අණ කිරිමෙන් පසුව ත්රස්තවාදීන් විසින් ඔවුන් සියලුදෙනාම අමු අමුවේ ඝාතනය කරනවා. මේ කාලේදී කොකාවිල් රුපවාහිනි සම්ප්රේෂණාගාරයට එල්ල වුනු ත්රස්ත ප්රහාරය මැඩලීමට සහය හමුදා යෙදවීමට නොහැකිවීමෙන් එහි සිටි සේනාංකය විනාශකර සම්ප්රේෂණාගාරය ත්රස්තවාදීන් විසින් යටත් කරගන්නවා. ජනපති ආර්යාවගේ ආරක්ෂාව සඳහා හෙලිකොප්ටර් යානා යෙදවීම නිසා සහාය හමුදා යැවීමට නොහැකි වූ බව එවකට ප්රසිද්ධ වුනා.මේ වකවානුවේ ජනාධිපති පවුල විසින් යාල අභය භූමියේ කරන ලද නිදන් හැරිම ඇතුන මරා ඇත දල එකතු කිරීම ආදී දේවල් ප්රසිද්ධවූ අතර දේශ පාලන වේදිකාවේ තවමත් ඒ ගැන කියවෙනවා.

ජනාධිපතිට විරුද්ධව ගෙන එන ලද පළමු දෝෂාභියෝගයෙන් ඔහු බේරෙන්නේ කතානායකව සිටි එම් එච් මොහොමඩ්ට පින්සිදුවන්නටය. නමුත් ගාමිණි දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි එජාපයේ ඉවත්විගොස් රාජාලියා නමින් අලුත් පක්ෂයක් හදනවා. මෙය ප්රේමදාසට ලොකු අභියෝගයක් උනා. 1993 අප්රේල් අවසාන සතියේදී කිරුලපන පිටියේ රැස්වීමක් අමතමින් සිටියදී ඇතුලත් මුදලි වෙඩි වැඩි මියයනවා. ඒ මරණය පිළිබඳවත් ඇඟිල්ල දිගු වුයේ ප්රේමදාස සහ සගයන්ට. සිරිසේන කුරේ නමැති ප්රේමදාස රජයේ ප්රබලයා මේ ක්රියාකාරකම් ක්රියාත්මක කල බවට කතා පැතිරුනා. මේ පාලන සමයේ අදුරදර්ශී ක්රියාකලාපය නිසා රටම ව්යසනයට පත්වී අවසානයේදී රටේ ජනාධිපති ඝාතනය කිරීමට පවා LTTE යට හැකිවන අයුරින් රටේ ආරක්ෂක තත්වය ඉතාමත් දුර්වල තත්වයකට අද වැටී බෙදුම්වාදීන්ට යටත්වන තත්වයකට පත්වුනා. 1993 දී LTTE ය විසින් ප්රේමදාස ජනපති ඝාතනයත් සමග එපාපයේ මැරබලය දුර්වල වූ අතර සියලුම දේශප්රේමී බලවේග එජාපය පැරදවීම සඳහා ඒකරාශි විය.

ප්රේමදාස ජනාධිපතිගේ කාලයේදී ජනාධිපති මන්දිරයේ තිබු ඉතා වටිනා කෞතුක වස්තු රැසක් අතුරුදන් වි තුබූ බව එවකට ප්රසිද්ධ වුණා.

1994 දී එජාපය පරාදවි පොදුජන එක්සත් පෙරමුණ බලයට පත්වුණා. 1988/89 භීෂණ සමයේදී ඇඹිලිපිටියේ පාසැල් සිසුන් පිරිසක් ඝාතනය කිරීම සහ ඔවුන් වල දමන ලද සුරියකන්න්දේ සමුහ මිනීවල පිලිබඳ පරීක්ෂණය මෙම මැතිවරණ ව්යාපාරයේ කැපිපෙනෙන මාතෘකාවක් උනා.අන්තිමේදී බලපුවාම චන්ද්‍රිකාත් බලයට ආවේ ෆෙඩරල් වාදීන්ගේ වුවමනාවට. මිනිසුන්ට මේක තෙරෙඋනේ පහුවෙලා. චනද්‍රිකා ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේනකොට 1999දී. චන්ද්රිකාගේ ඒ උත්සාහයත් අසාර්ථක කරමින් මහින්ද රාජපක්ෂ 2005දී බලයට පත්විම නිසා අවුරුදු 30ක් ඇදීගිය බෙදුම්වාදී යුද්ධය අවසන් කරන්නට හැකි වුනා. ඒත් තවමත් ඒ බෙදුම්වාදයේ අඳුරු සෙවනැලි වලින් අපි පිඩා විඳින්නෙමු. 2015 දී නැවතත් හිස එසවූයේ මේ බෙඋම්වාදී ව්‍යාපෘතියයි. මෙය නැවත නැගිටින්නට නොහැකිවන් අයුරින් තිත තැබීමට සියලුම දේශප්රේමින් මේ එන ජනපතිවරණයේදී නිවැරදි තීරණය ගත යුතුය.

පොහොට්ටුවට ජයවේවා! මවුබිම දිනේවා!
- ප්රකාශ් වැල්හේන
29.10.2019

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook
https://www.facebook.com/yuthukama

8/31/2019

ජවිපෙ කොයිබටද?

කතෘ:යුතුකම     8/31/2019   No comments
අමාත්‍ය ධුර 4ක් දරමින් තමන්ගේ කාර්ය හරි හැටි ඉටුකිරීමට අපොහසත්වී කිතුල් ගසට නැගී මිනිසා මෙන් නිදහසට දහසකුත් එකක් කරුණු කියමින් එවකට රජයෙන් ඉල්ලා අස්වි විපක්ෂයේ සිට කෑ මොරදීම වැඩකරනවාට පහසු බව ජවිපෙ ප්‍රත්‍යක්ෂ කරගත්තේය. තමන්ගේ නොහැකියාව අවබෝධකරගත් ඔවුන් විශාල ඡන්ද පදනමක් සකස් කර ගත හැකිව තිබු ඒ අමාත්‍යංශ ක්‍රියාත්මක කර ගත නොහි ජනතාවගෙන් පලාගියේය.

ඉතා අපහසුවෙන් ජවිපෙ ජය තහවුරුකරගෙන උදම් අනමින් පිහිටුවා තිබු තිස්සමහාරාම එකම ප්‍රාදේශීය සභාවද මේ නයින් අහිමි කරගත්තේය.

යුද්දය පටන්ගත්තාට පසු රජයෙන් ඉවත්වී ආණ්ඩුව කඩා දමා යුද්දය නැවැත්වීමට කල උත්සාහය මහින්ද විසින් නවතාගත්තේ ජවිපෙ ගැන ඔහු මනාව දැන සිටි නිසාවෙනි. එජාප 17 මහින්ද සමග එකතු නොවුවානම් 2009 යුද්ධය ඉවර කරන්නට වන්නේ නැත. මෙහිදී ජවිපෙ සිට ගත්තේ දේශ ද්‍රෝහී පිලේය

මහින්ද සමග වෛරය පිරිමැසීමට ඇමෙරිකාව විසින් ගෙනෙන ලද පොන්සේකාට සහයෝගය දී යුද ජයග්‍රහණයේ සම්මානය දෙකට බෙදා මහින්ද පිල දුර්වල කිරීමට 2010 දී ජවිපෙ පෙරමුණ ගත්තේය. මෙහිදීද ජවිපෙ සිට ගත්තේ දේශ ද්‍රෝහී පිලේය. දැන් පොන්සේකා සිටින්නේ කොහෙද ඔහු ජවිපෙට සහාය දෙනවාද යන්න ජනතාව පැහැදිලිවම දනී.

2015 දී රනිල්ගේ එජාප ආණ්ඩුවක් එන බව දැන දැනම මෛත්‍රීපාලට සහයෝගය දක්වා යහපාලනය තුලින් රාජ්‍ය දුර්වල කර ජාතික ආරක්ෂාව අකර්මන්‍ය කර ජිවිත 300ක් බිලිගැනීම දක්වා වූ ක්‍රියාන්විතයට ජවිපෙ පෙරමුණ ගත්තේය. මෙහිදීද ජවිපෙ සිට ගත්තේ දේශ ද්‍රෝහී පිලේය

අප්‍රේල් 21 බෝම්බ කරුවන් ජවිපෙ ජාතික ලයිස්තුවේ සිටි බව හෙලිවුයේ සහරාන්ට පින්සිදු වන්නටය. ගම්මිරිස් මිල අඩුවීමට එරෙහි විදි බසින ජවිපෙ හොර ගම්මිරිස් ජාවාරම කරන එකා තමන්ගේ ජාතික ලයිස්තුවේ බව ගම්මිරිස් ගොවියන්ගේ වසන් කළේය.

ප්‍රාදේශීය සභා සඳහා නියෝජිත සංඛ්‍යාව වැඩිකර ගනිමින් ප්‍රාදේශීය සභා තවදුරටත් ජනතාවට බරක් කිරීම සඳහාද පළාත්සභා කල්දමිමේ ක්‍රියාවලියටද ජවිපෙ එජාපයට නොමදසහයෝගය ලබාදීමෙන් ජවිපෙ නැවතත් දේශ ද්‍රෝහී පිලේ සිටගත්තේය.

බැඳුම්කරය පිලිබඳ ඩිව් ගුණසේකර COPE වාර්තාවේ රනිල් වික්‍රමසිංහ ප්‍රධාන වග උත්තර කරුවෙක් වුවත් හඳුන්නෙත්ති COPE වාර්තාවෙන් විශ්මය ජනක ලෙස ඒ නම ඉවත් විය. ජවිපෙ නැවතත් යහපාලන රැකගත්තේ මෙලෙසිනි.

2018 තාවකාලික ආණ්ඩු පෙරලියේදී එජාපය ගෙදර යවා මහමැතිවරණයකට යාමට තිබු අවස්තාව ව්‍යවර්ථ කර දමා එජාප රජය රැකදීමේ වගකීම තනිවම කරට ගෙන ජවිපෙ නැවතත් දේශ ද්‍රෝහී පිලේ සිටගත්තේය. මේ වෙන කිසිවක් නොව රාජපක්ෂ වෛරය සහ පළිගැනීමේ න්‍යාය පත්‍රය ජාතිය ගොඩ නැගීමට වඩා ඉහලින් තබා ඇති නිසාවෙනි. මෙය මෙසේ නොවුනා නම් අප්‍රේල් 21 විනාශ වූ මිනිසුන් අදටත් ජිවතුන් අතරය. ජාතික ආරක්ෂාව මිට වඩා ශක්තිමත්ව ඉදිරියට යනවා නොඅනුමානය.

2019 දී ජවිපෙ නැවතත් දේශද්‍රෝහී පිලට දර දිය අදිමින් රටේ බහුතරයගේ අනුමැතිය සහ ආශීර්වාදය ඇතිව දැනටමත් දියත්වී ඇති පොදුජන පෙරමුණු මැතිවරණ ක්‍රියාවලිය පිලි පැන්නවිමට උපරිම වෙර යොදා සටන් කර ජාතික ආරක්ෂාව සහ ආර්ථිකය නැවත මේ දේශද්‍රෝහී පිලට විනාශකිරීම සඳහා බාරදිමේ භාරදුර කාර්යයට අත ගසා සිටි. ඡන්ද පදනම 4%ක් තබාගෙන පොදු පෙරමුණු ඡන්ද පදනමට ඔවුන්ට කල හැකි බලපෑමක් නොමැති වුවත් වෛරී ද්‍රෝහී මඩ ප්‍රචාර මගින් රටට කරන විනාශය ඒ 4%ට වඩා විශාලය.

රටේ ආර්ථිකයත් ජාතික ආරක්ෂාවත් සංහිඳියාවත් ප්‍රතිස්තාපනය කිරීමේ කර්තව්‍ය වෙනුවෙන් පොදුපෙරමුණ වටා රොක් වී ඇති ජනතාව මෙවර ජවිපෙයට ඉතිහාස ගතවන පාඩමක් උගන්වනු නොඅනුමානය

ප්‍රකාශ් වැල්හේන 22.08.2019

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

7/24/2019

රට ගිල ගන්නා විදෙස් බලවේග පැරදවිමට අප සුදානම්ද?

කතෘ:යුතුකම     7/24/2019   No comments
දැන් දස අතින් ජනපතිවරණ අපේක්ෂකයින් මතුවන්නේ හුඹස් වලින් මතුවන මෙරුවන් මෙනි. සමහරුන් දැන්මම පාර ඉඩ නොදුන්නායයි මහ මගදී ජනතාව පෙලන්නට පටන් ගෙන ඇත. මෙරුවන් මෙන්ම මොවුන්ද වැඩි දුර හෝ වැඩි කල් ඉගිලෙන්නේ නැත. නමුත් ඔවුන්ගේ අභිප්‍රාය යහපාලන රජය නැවතත් නව ජවයකින් ඉදිරියට යාමට අවශ්‍ය ඉන්ධන සැපයීම මිස වෙන් කිසිවක් නොවේ. යහ පාලනය වංචා දුෂණ මැඩලීම ප්‍රජාතන්ත්‍රවාදය වැනි 2015 දී කැවු සිනි තැවරු වස ගුලිය තව තුරටත් වලංගු නොවන හෙයින් අප්‍රේල් 21 මෙන්ම අනපෙක්ෂිත බොහෝ දෑ ඉදිරියේදී සිදුවීමට ඉඩතිබේ. මේ සියලු සෙප්පඩ විජ්ජාකාරයින් නිසා අද ප්‍රධාන ප්‍රශ්නය මග හැරි ඇත. මේ සියල්ල සෘජුව හෝ වක්‍රව ඇමෙරිකා ප්‍රමුඛ බටහිර ව්‍යාපෘතියට අස්වැසිල්ලක් ගෙන එයි. එයට විරුද්ධව යෙදවිය යුතු ශක්තිය මේ හාල් පාරුවන් මැඩලීමට යොදවන අතරේ ප්‍රධාන ප්‍රතිවාදීන් නිසොල්මනේ ඉදිරියටම ඇදෙයි. විපක්ෂය මේ අනතුර හරි හැටි හඳුනා නොගෙන අඳුරේ අතපත ගානවාද, එය පැරදිවිමට අවශ්‍ය නිවැරදි ක්‍රමෝපායයන් ගලපනවාද යන්න තවමත් අප ඉදිරියේ අපැහැදිලිය. ඒ අතර වහාබ් වාදයට විරුද්ධව හඬ තලන ප්‍රමාණයට, විවිධ ජනපති අපේක්ෂකයින්යයි කියා ගන්නා උම්මත්තකයින් මවන මාධ්‍ය විගඩම් වලට ප්‍රතිචාර දක්වන ප්‍රමාණයට, ප්‍රධාන උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කරන ප්‍රමාණය ඉතාමත්ම අල්ප බව හැඟෙයි. 2017 දී මේ මර උගුලේ ප්‍රධාන කොටසක් හමාර කර ඇති බවවත් අවධාරණයෙන් තේරුම් ගෙන ඇත්දැයි සැක සහිතය. ඊට් අමතරව රහසිගතව යහපාලන රජය මේ විදේශ බලවේග වලට කිනම් දේ පොරොන්දුවී ගිවිස ගෙන ඇත්දැයි අප තවමත් අඳුරේය. විදෙශ වලින් වැටුප් ලබන සේවකයින් පාර්ලිමේන්තුවේද මැතිවරණ කාර්යාලයේද අරක් ගෙන ඇති බවට විවිධ තොරතුරු අසන්නට ලැබේ. දශක තුනක් ඉකුත්වී ගියද 1987දී ඉන්දියාව ගැසූ ගැටයේ අප තවමත් උපරිමයටම හිරවී සිටි. එකල එයට විරුද්ධව දිවිහිමියෙන් සටන් කල දේශප්‍රේමී බලවේග අද විදේශිකයින්ගේ ඔඩොක්කුවටම වැටී සිටීම අතිශය කනගාටුදායකය. මෙවර ඉන්දිය මැතිවරණයෙන් පසුව තව අවුරුදු 5කට ලංකාවේ අත අඹරන්නට ඉන්දියාවද සැදී පැහැදී ඉන්නා බව දැන් ඉතාමත්ම පැහැදිලිය.

අවසානයේ සියලු ජාතික බලවේග පරදවා මේ විජාතික බලවේගය අපේ රට තව පරම්පරා කීපයකට අලුත් පන්නයේ යටත් විජිතයක් කිරීමට සැරසෙන ලකුණු දැන් දැන් ඉතා පැහැදිලිව දෘශ්‍යමාන වෙයි. මැද පෙරදිග ගොස් සොච්චමක් සොයාගත් අපේ ගැහැණුන් ඇමෙරිකානු කඳවුරුවල ගණිකා වෘතියෙන් ඩොලර් උපයා සැපසේ දුක් විඳි ජීවිතය වෙනුවට දුකසේ සැප වින්දින්නට පෙළඹෙන කාලය වැඩි ඈතක නොවේ. දැනටමත් අත්සන් කර ඇති ACSA වෙන් සපයන සේවාවන් මේවාය. මෙවන් ගිවිසුම් අත්සන් කල පැනමාවට සහ අනෙකුත් රටවලට සිදු වූ දේ අප සිහියට ගත යුතුය. සිංහල බෞද්ධ ඡන්ද කෑලි කෑලිවලට කඩා, දෙමල මුස්ලිම් ඡන්ද නැවත එක පැත්තකට ගොනු කර, තමන්ගේ සුරතලුන් හොබවන මේ ආණ්ඩුව නැවත බලයට ගෙන ඒමට ඇමෙරිකාව ඇතුළු බටහිර අවසාන මොහොත දක්වා සටන් කරන බව අප මොහොතකටවත් අමතක නොකළ යුතුය. අපේ ජනතාව 2005දී කළා මෙන් එයට එරෙහි දැඩි තීරණයක් ගතහොත් තාවකාලිකව හෝ ඔවුන් අඩියක් පස්සට ගන්නවා ඇත. භේද භින්න ඉවතලා ඒ සඳහා ජනතාව යොමු කිරීම මව්බිමට ආදරය කරන සියල්ලන්ගේම අද දිනයේ කාර්ය භාරයයි. වෙනස් වන ජාත්‍යන්තර තත්වයන් නිවැරදිව කියවාගෙන අපට වාසිදායක අයුරින් ඒවා කළමනා කරණය කිරීම අද විපක්ෂය් සතු විශේෂ වගකීමයි.

මේ අදිසි බලවේගය දැන්වත් හඳුනාගෙන එය පරදවා හෙළබිමේ ස්වෛරී ධජය එසවීමට තැනින් තැන තනි තනිව කරන සුළු සටන් නවත්වා ප්‍රධාන ප්‍රවාහයකට සියලු ජනතාව ගොනුකල යුතුය. සැනසුමකට ඇත්තේ අප මේ වන විට දෙවරක් මේ බලවේගය පරාජය කර ඇති බවය. එක 2004 දී සාමගිවිසුමෙන් රට දෙකඩ කිරීම නැවැත්වීමය. දෙක 2009 නන්දිකඩාල් කලපු ඉවුරේදිය. එහිදී අප පරාජය කලේ ප්‍රභාකරන් නොව මේ බටහිර බලවේගයයි. එය එක පොකුරට ගෙන මරු පහරක් එල්ල කලෙන් ඔවුන් දැන් මරු විකල්ලෙන් අප හඹා එන්නේ වෙඩි කෑ උරන් ලෙසටය.. තෙවැනි වතාවට සදහටම මුන් නවතාලීමට තවමත් අපට ශක්තිය ඇත්තේය. මේ පින් බිමේ අපට ඇති ශක්තිය එයයි. දැන්වත් මෙය හඳුනාගෙන සිව් දෙසින් කඳවුරු බැඳගෙන අවසාන ප්‍රහාරයට අප මීට වඩා සුදානම් විය යුතුය. නැතිනම් විනාශ වන්නේ අප නොව අපේ මව් බිමය, අපේ අනාගත පරම්පරාවන්ය. ඒ සඳහා ඔබ සුදානම්ද?

-ප්‍රකාශ් වැල්හේන 21.07.2019
 
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

2/15/2018

පොහොට්ටුව ඉදිරියේ ඇති මාර්ග බාධක පිලිබඳ අනතුරු ඇඟවීමයි: බිය වන්නට නොව දිරි ගන්නටය.

කතෘ:යුතුකම     2/15/2018   1 comment
පොහොට්ටුව ඉදිරියේ ඇති මාර්ග බාධක පිලිබඳ අනතුරු ඇඟවීමයි:
බිය වන්නට නොව දිරි ගන්නටය.


පුංචි මැතිවරණය හමාර වී ඇත. විවිධ බාධක මැද ලබා ගත් මේ ජයග්‍රහණය බොහෝ පැතිවලින් ඉතිහාස ගතවෙන කරුණු කාරනා ඉස්මතු වී තිබේ. පොහොට්ටුව අළුත්ය. ජනතාව අතරට යාමට සැලකිය යුතු කලක් නොලද්දේය. ලාංඡනය ජනතාවට නුහුරුය. එයට සහය දුන් මන්ත්‍රීනට මන්ත්‍රී දුර අහෝසි කරනා බවට විවිධ ගර්ජනා සහ තර්ජනය. ඔවුනට විරුද්ධව විවධ චෝදනා මත සිරගත කිරීම් සහ නඩු පැටලවිම්ය. රාජ්‍ය බලය අහිමිය. සංවිධාන කටයුතු සඳහා ප්‍රතිපාදන හිඟය. මාධ්‍ය අවකාශය නියම ලෙස නොලැබෙන වාතාවරනයක්ද පෙනෙන්නට තිබිණ. මේ සඳහා වැඩ කල උනට පොලිසිය ඕනෑවටත් වඩා නිතිය ක්‍රියාත්මක කිරීමට සැදී පැහැදී සිටියේය. එජාප, ශ්‍රීලනිප සහ ජවිපෙ තුන් කොන් ප්‍රහාරයට නිබඳවම ලක්විය. සමහර නාම යෝජනා ඉතා සුළු කාරණා මත ප්‍රතික්ෂේප විණ. මේ සියලු කෙනෙහිලිකම් මැද සර්වජන ඡන්ද බලයේ පරිනත භාවය හුවා දක්වමින් සබුද්ධික සවිඥ්ඥානික ඡන්ද දායකයා පොහොට්ටුව වැළඳ ගත්තේය. ඔවුනට අපේ හද පිරි උත්තමාචාරය හිමිවේ.

අවස්තාව එන තුරු බලා සිටි ඡන්ද දායකයා බුරුතුපිටින් මහා ඡන්දයකදී මෙන් ඡන්ද පොලට ඇදුනේ 2015 දි කල වරද නිවැරදි කිරීමටය. ඒ පුංචි ඡන්දයකදී මෙතරම් ප්‍රතිශතයක් වාර්තා වුනු ඉතිහාසයේ පළමු වතාවය. පුංචි ඡන්දයකදී බලයේ සිටි පක්ෂ මෙතරම පහලට වැටුණු පළමු වතාවය. ශ්‍රීලනිපය එහි ඉතිහාසයේ වාර්තා කල අඩුම ඡන්ද ප්‍රතිශතය විය. පොහොට්ටුව 70% පමණ කොට්ඨාශ දිනා ගත්තේය. ඒ සියල්ල ඓතිහාසිකය. එනිසා ඒ සඳහා දර දිය ඇද්දවුන් ජයග්‍රහණය භුක්තිවිඳිය යුතුය. නමුත් මෙය ආරම්භයක් මිස අවසානය නොවන බව තරයේ සිහියට ගත යුතුය. මේ යහපාලන පිළිලය දිවයිනෙන් අතුගාදමා ඒකීය රාජ්‍යයේ බලය ස්ථාපිත කරන තුරු අපට ගිමන් හරින්නට නොහැකිය.

පොහොට්ටුව දිනවිමට නොව ඊට එරෙහිව වැඩකළ විවිධ කොටස්, ඊනියා යහපාලකයින්,. ඊනියා සිවිල් ක්‍රියාකාරිකයින් හා NGO කුක්කන් දැන් විවිධාකාරයට මැතිවරණ ප්‍රතිපල විග්‍රහයක යෙදේ. යහපාලනය සමගම පරාජය වී ඇත්තේ ඔවුන්ගේ බලාපොරොත්තුය. ඔවුන් දැන් මීළඟ ආණ්ඩුව කරන හැටි සමාජ ජාලා මගින් මහින්දට රාජපක්ෂට අනතුරු අඟවමින් උපදෙස් සපයමින් සිටි. පොහොට්ටුව දිනවන්නට දර දිය ඇදි සියළු දෙනා කල්පනාවෙන් ඉදිරි වැඩකටයුතු සංවිධානය කරගත යුතුය. මොකද යහපාලන කොන්ත්‍රාත්තුව තවම අවසන් වී නොමැති බැවින් කුමන හෝ උප්පරවැට්ටි යොදා ඔවුන්ගේ අභිමතාර්ථ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ඉෂ්ඨ කර ගැනීම වලක්වාලිය යුතු නිසාය.

පුංචි මැතිවරණය ආණ්ඩු වෙනස් කරන මැතිවරණයක් නොවන බව සැබෑය. නමුත් ආණ්ඩුව වෙනස් කරන මැතිවරණයක් සඳහා මෙම ප්‍රතිඵලය මගින් ඕනෑවටත් වඩා ආණ්ඩුවට බල කර ඇති බව කිව යුතුය. ජන මතයට හිස නමන අවංක ප්‍රජාතන්ත්‍රවාදී නායකයින් සිටිනම් වහාම ආණ්ඩුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට ගොස් අළුත් ජන මතයක් ලබාගත යුතුය. නමුත් යහපාලන ආණ්ඩුව එසේ කරාවියැයි බලාපොරොත්තු විය නොහැකිය. එයට හේතුව යහපාලන ආණ්ඩුව බලයට ගෙනා ව්‍යාපෘතිය බිම්මට්ටමේ කරුණු කාරනා මත යතාර්තවාදීව සිදුවූවක් නොව විදේශ බලවේග හරහා කෘත්‍රිමව සිදුවූ කුමන්ත්‍රණයක් නිසාමය. ඉරාකයේ සදාම් හුසේන් හෝ ලිබියාවේ ගඩාෆි මරාදමා බලෙන් බලය ඩහැගෙන එම රටවල් නන්නත්තාර කිරීමට යෙදවූ ප්‍රමාණයටම නැති වුවත් මේ සඳහා විදේශීය මුදල් කෝටි ගණනින් වැය කරන ලද බවට තොරතුරු ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් විසින්ම පසුකලකදී හෙළිකරන ලදී. මේ මුදල් ලබාගත් යහපාලන කොන්ත්‍රාත් කරුවන් ඒ කුමන්ත්‍රණ කරුවන්ගේ අභිලාෂයන් ඉටුකිරීමට බැඳී සිටි. ඔවුන් ඒ යුතුකම ඉටු කිරීමට කෙසේවත් පසුබට නොවනු ඇත.

පළමුව හොරකම දුෂණය යහපාලනය ආදී මනඃකාන්ත වචන සමුදායක් යොදා බොරුව වපුරමින් කෙතුමතියක් මවා පෙන්වමින් ඡන්ද දායකයාගේ ඇස් නිලංකාර කර නොමග හැරියේය. දෙවනුව හොරුන්ට දඬුවම් දීමේ මුවාවෙන්, පැවති රජයේ නායකයින් නැවත බලයට පත්වීම වැළැක්වීමේ උපාය උපක්‍රම ක්‍රියාවට නගන ලදී. බුද්ධ පුත්‍රයින් පවා සිරගත කලේය. මේ සියල්ල කලේ ඔවුන්ගේ මුලික අරමුණ සඳහා ආවරණයක් සපයා ගැනීමටය. එනම් ආයුධ සන්නද්ධ අරගලයකින් බෙදීමට නොහැකි වූ රට ව්‍යවස්ථාපිත ෆෙඩරල් ක්‍රමයක් මගින් දෙකඩ කිරීමය. ඔවුන්ගේ ප්‍රධාන සහ එකම අභිප්‍රාය මෙයයි. ඒ සඳහා අවශ්‍ය බලය මැතිවරණයෙන් නොලැබුනත් ජාතික ආණ්ඩුවක් හරහා එය සාක්ෂාත් කරගැනීමේ මාර්ගය යම් තාක් දුරකට හෙළිකර ගත්තේය.

දෛවයේ සරදමකට මෙන් හොරු අල්ලන සටන්පාඨයට මුවා වී කරන ලද බැඳුම්කර මගඩිය අනපේක්ෂිත ලෙසත් සැඟවිය නොහැකි ලෙසත් එලි දැක්කේය. කරුණු කාරණා කෙසේ වුවත් රට බෙදීමේ ෆෙඩරල් ව්‍යාපෘතිය නවතා දමා නැත. යහපාලන නායකයින් ඒ සඳහා බැඳී සිටි. කෙසේ හෝ රට බෙදීමේ ව්‍යවස්ථාව සම්මත කර ගත හොත් ඊළඟ ඡන්දයේදී පරාද වුවත් ඔවුනට කම් නැත. කිමද වෙනත් ආණ්ඩුවක් බලයට පත්වුවද ෆෙඩරල් රාජ්‍ය වෙනස් කල නොහැකි වනු ඇති නිසාය. ඊළඟ ඡන්දයේදී පරාද වුවත් පසු දිනෙක ඔවුන්ට නැවත බලයට පැමිණිය හැකිවනු ඇත. මෙතැනදී ජනපති සහ අගමැති පිටින් විරසක බවක් පෙන්නුවද ඒ අභිමතාර්ථය ඉටුකරගැනීම සඳහා ඇතුලතින් ඉතා සහයෝගයෙන් ක්‍රියාකරයි. මේ ඉලක්කය සඳහා ආණ්ඩුව ඉදිරි කාලයේ කෙසේ හැසිරෙනු ඇත්ද?

ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට අවශ්‍ය 2/3 බලය ලබාගැනීම දැනටමත් අසීරු කරුණක් වී ඇතිබව පෙනේ. එහෙත් ජනතාව රවටා ඇස්බැන්දුම් මගින් අලුත් ව්‍යවස්ථාව පසෙක තබා තිබෙන ව්‍යවස්ථාව සංශෝධනයකින් අවශ්‍යතාවය ඉටු කරගැනීමට මාන බලනවා විය යුතුය. සමහර විට පොහොට්ටුවට උදව් දුන් මන්ත්‍රී වරුන් සන්ධානයෙන් එළවා දමා ඒ වෙනුවට ව්‍යවස්ථාවට ඡන්දය දෙන ජනපතිගේ සගයන් පත් කිරීමට ඉඩතිබේ. එලෙස අගමැතිට අවශ්‍ය 2/3 සාදා දී පොදු පරමාර්ථය ඉටුකරගැනීමට ඉඩ තිබේ. මෙසේ වුවොත් සහ එයට විරුද්ධව ජනයා පාරට බැස්සොත්, ඒ විරෝධය ලෙයින් යකඩින් වුව මර්ධනය කිරීමට මේ යහපාලකයින් පසුබට නොවනු ඇත. ඔවුනට මුදල් හා උපදෙස් සපයන විදෙස් බලවේග වල හා එක්සත් ජාතින් යයි කියාගන්නා ඒ බලවේග විසින්ම මෙහෙයවන සංවිධානයේ නොමද ආවරණය ඒ සඳහා ඔවුන්ට ලැබෙනු ඇත. මානව හිමිකම්, NGO කුක්කන් සහ සිවිල් ක්‍රියාකාරිකයින් ඒ සඳහා නොමද සහයෝගය ලබා දෙනු ඇත. ලෝකයේ වෙනත් රටවල් වල මෙවැනි ව්‍යාපෘති සිදුවන්නේ එසේය. එය එසේ වුවොත් 2020 දී පොහොට්ටුව ආණ්ඩුව ගත්තත් ෆෙඩරල් රට ආපසු හැරවිය නොහැකි වනු ඇත.

මේ පොහොට්ටුව ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගයයි. මේ බව පොහොට්ටුව බලයට ගෙනා සියලු දෙනා තරයේ සිහි තබා ගෙන ඉදිරි උපාය උපක්‍රම සැලසිය යුතු වන්නේය. දැනටමත් සමහර කොටස් මේ ජයග්‍රහණයෙන් ඔද වැඩි අන්තවාදී සිංහල බෞද්ධ ආදී මතවාදයන්ට පණ පොවමින් සිටි. ජයග්‍රහණය කෙතරම් වර්ණවත් වුවත් පොහොට්ටුවට ලැබී ඇත්තේ 45% ක් බව අමතක නොකළ යුතුය. එනම් හංසයා බලයට ගෙනා සියලුකොටස් එක්ව ගත් කල 55%කට ආසන්න ප්‍රමාණයක් තවමත් ඔවුන් සතුව පවතී. මෙය ඊළඟ ජනපති වරණයේදී තීරණාත්මක සාධකයයි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනා ඡායා මාත්‍රයක් හෝ දැනට පෙනෙන තෙක් මානයක නොමැත්තේය. එනිසා පොහොට්ටුව මේ සඳහා සුදානම් විය යුතුය. මේ සඳහා විශේෂයෙන්ම දෙමළ, මුස්ලිම් ඇතුළු ශ්‍රීලනිපයට එජාපයට ඡන්දය දුන් සියළු දේශප්‍රේමී ජනයා දිනාගත යුතුය. මේ සඳහා වැඩ පිළිවෙලක් තිබිය යුතුය. මේ ජයග්‍රහණය භුක්ති විඳින අතරම ඒ සඳහා පිඹුරු පත් සකස් කල යුතුය. පාර්ලිමේන්තු මැතිවරණය අලුත් ක්‍රම වේදයකට කොට්ඨාශ මිශ්‍ර ක්‍රමයකට පැවැත්වුවොත් පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ලබා ගැනීමට ඉලක්ක කල යුතුය. එසේ වුවහොත් යහපාලන ආණ්ඩුව අවසාන මොහොතේ හෝ ඇති කල හැකි ව්‍යවස්තාවක් වුවත් වෙනස් කරගත හැකිවනු ඇත.

1815 දී ගැත්තෝ රට විදේශ බලවේග වලට පාවා දුන් නේය. 2015 දී ද ගැත්තෝ රට විදේශ බලවේග වලට පාවා දුන්නේය. 1818 දි කැරැල්ල පටන් ගත්තේ වෙල්ලස්ස බින්තැන්න ආදී ග්‍රාමීය නායකයින්ගේ ප්‍රධානත්වයෙනි. 2018 දි රැල්ල පටන් ගත්තේ ද ගමෙන් බව මේ නිම වූ ප්‍රාදේශීය සභා ඡන්දයෙන් ඉතා පැහැදිලිය. මෙය මේ ධර්මද්වීපයේ ඉතිහාසය නැවත සිදුවන බවට හොඳම සාක්ෂියක් සපයයි. 1818 කැරැල්ල රටට වඩා වෙනත් සුළු කාරණා ගැන වද වූ ප්‍රධානීන්ගේ මත බේද උඩ ඇති වූ අසමගිය නිසා විදේශිකයින් සහ ගැත්තන් විසින් පරාද කරණ ලදී. 2018 දීද විදේශ බලවේග සහ ඔවුනට නොමද සහය සපයන දේශීය ගැත්තෝද මේ රට රැක ගැනීමේ බලවේගය පරාජය කිරීමට සැදී පැහැදී සිටින බව නිසැකය. ඒත් එය මෙවර එසේ වන්නට ඉඩදී බලා සිටිනු නොහැකිය. එනිසා සියල්ලෝම අවදියෙන් සිටිය යුතුය. දිවි හිමියෙන් රට රැක ගැනීමට ජාති ආගම් කුල පක්‍ෂ ආදී සියලු වාද බේද පසෙක ලා සමගි විය යුතුය.

1818න් පසු නැවත ඉපිද 2018 ගමේ සටනට පණදුන් කිවුලේ ගෙදර මොහොට්ටාලලාට, බූටෑවේ රටේ රාළලාට, මොනරවිල කැප්පෙටිපොළලාට, නුවරවැව මහා දිසාවේලාට, කොහු කුඹුරේ රටේ රාළලාට, ඇල්ලෙපොලලාට, මිගස්කුඹුරේලාට, කන්දෙපොලලාට, ලේනවලාට, වෑගොඩපොලලාට, වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් ප්‍රමුඛ සියලුම බුද්ධ පුත්‍රයින්ට, විවිධ අයුරින් ජය තහවුරුකළ සියලුම ජනතා විරුවන්ට ඉතිහාසයේ නොයෙක් වර කරන ලද අයුරින් මේ විදෙස් බලවේගය නසා දමා ඒකීය රට රැක ගැනීමට ශක්තිය ධෛර්‍ය තිබෙන බව විශ්වාසය. පොහොට්ටුව අතැතිව දිවයිනේ සිව් කොනින් වට්ට ගාමිණි අභයලා බිහිවී හමාරය. පොහොට්ටුවට ජයවේවා! ඒකීය ශ්‍රීලංකාවට ජයවේවා!

-ප්‍රකාශ් වැල්හේන
12.02.2018

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

11/10/2016

හිලරි පරාජය කිරීම වෙනුවෙන් සහෝදර ඇමෙරිකානු ජනතාවට උත්තමාචාරය!

කතෘ:යුතුකම     11/10/2016   No comments
-ප්‍රකාශ් වැල්හේන-ඇමෙරිකාවේ පක්ෂ දෙකෙන් මොකක් බලයට ආවත් ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තියේ මහා ලොකු වෙනසක් වේයැයි බලාපොරොත්තු විය නොහැක. මහා වෙනසක් කිරීමට සද්ද දමමින් පැමිණි ඔබාමාටද කලහැකි වූ කෙංගෙඩියක් නැත. තම වර්ගයා වෙනුවෙන් සෞඛ්‍ය රක්ෂණයක් වූ Obamacare වත් හරියට කරගත නොහැකි වූ අතර, 2007 දී පටන් ගත් ආර්ථික අගාදයටද පිළියම් කල නොහැකි විය. විදේශ ප්‍රතිපත්තියේ ලොකු වෙනසක් නොමැති උවත් ඔළුගෙඩි වෙනස් වීමත් ජාත්‍යන්තර තත්වයන්ගේ වෙනස් වීමත් තුලින් අපටත් ලොකු අවාසි තුල සුළු වාසි ලැබිය හැකිය. බිල් ක්ලින්ටන්ගේ කාලයේදී කදිරගාමර් ඇමති තුමාගේ දක්ෂතාවය නිසා ඇමෙරිකාවේ එල්ටීටිය තහනම් විය. Twin Tower 911 සිද්ධියෙන් පසු, ත්‍රස්තවාදීනට එරෙහිව යුද ප්‍රකාශ කල බුෂ් ආණ්ඩුවෙන් එල්ටීටීයේ නැව් විනාශ කිරීම සඳහා සමහර තොරතුරු ලැබුණු අතර එල්ටිටිය මර්දනය කිරීමට සුළු සහයෝගයන් ද ලැබුණු බව සඳහන් වේ.

මෙවර ඇමෙරිකා ජනාධිපතිවරණය වෙනදාට වඩා ලංකාවට විශේෂ වැදගත් කමක් තිබුනේ ඇයි ? ඒ ඇමෙරිකාවේ ප්‍රථම ජනාධිපතිනිය වීමට කැස කැවූ හිලරි ක්ලින්ටන් නිසාය. ප්‍රසිද්ධියේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණය පැතු සුළුතරය අතර මගේ ද ඒකායන අපේක්ෂාව වුයේ ඇයගේ පරාජයි. ඒ ට්‍රම්ප් ඇයට වඩා හොඳ නිසාවට වඩා ඇය ට්‍රම්ප්ට වඩා භයානක නිසාය. ට්‍රම්ප්ට ජන්දය දුන්නේ ඇයිදැයි මාධ්‍යවේදියෙකු අමෙරිකානුවෙකුගෙන් විමසු විට ඔහු පවසා ඇත්තේ I hate Mrs Hillary Clinton little more than I hate Mr Donald Trump කියාය. (මා ට්‍රම්ප්ට මහතාට අකමැති ප්‍රමාණයට වඩා ටිකක් වැඩියෙන් ක්ලින්ටන් මහත්මියට අකමැති නිසාය). ඔබාමා සමග 2008දි සටන් වැදුණු ඇය Shame Obama, Shame Obama කියමින් සිට පසුව ඔහුගේ රාජ්‍ය ලේකම් වරිය වුවාය. මෙවර ට්‍රම්ප්ට විරුද්ධව, ස්ත්‍රී ඡන්ද අරමුණු කරමින්, ට්‍රම්ප් ස්ත්‍රීන්ට එරෙහි දුෂ්‍ය ලිංගික කතාවන් කර ඇතැයි පරණ වීඩියෝ ගෙනහැර දක්වන්නට ගොස් තම ස්වාමි පුරුෂයා වූ බිල් ක්ලින්ටන්ගේ පරීක්ෂණයකට බඳුන් වී ප්‍රසිද්ධ වූ ලිංගික අපයෝජනයක් ගැන මාධ්‍ය හමුවට ගෙන ඒමට ට්‍රම්ප්ට අවස්තාව දෙමින් හොඳහැටි නාගත්තාය.

ඇය අපට සැලකුවේ මෙලෙසය. ලෝක මුල්‍ය අර්බුදයට මුහුණ දෙමින් 2008 වනවිට, එල්ටීටිය අවසන් කිරීමේ අවසන් යුද්දයට එළඹී සිටි, මුල්‍ය වශයෙන් වැටී සිටි රාජපක්ෂ රජයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබාගත හැකිව තිබු (ජා. මු. අ. සාමාජිකයින්ගේ හිමි කමකි -entitlement) ණය මුදල ලබා නොදීමට පියවර ගන්නා ලදී. නමුත් රාජපක්ෂ රජය ලිබියාවේ ගඩාෆි ජනපති තුමන් ලබාදුන් ඩොලර් මිලියන ගණනක් සහ ඉරානය තෙල් සඳහා ලබාදුන් සහන ඇතුළු අනෙකුත් මිත්‍ර රටවල් වල ආධාරය ඇතුව, යුද්දය ඉවර කර රට ගොඩනගන්නට පියවර ගන්නා ලදී. මෙතරම් බාධක මැද එල්ටිටිය විනාශ කිරීමෙන් උරණ වූ හිලරි ක්ලින්ටන්, යුද්දය අවසාන වෙනවාත් සමගම තමිල්නාඩුවට ගොස්, එතෙක් එල්ටිටි විරෝධී වූ ජයලලිතා ලංකාවට එරෙහිව මෙහෙයවිය. ඒ කෙනහිලිකම් තවමත් ඉවර වී නොමැත. අප රටට යුධ අපරාධ චෝදනා ගොනු කිරීමේ මුලික කටයුතු සිදුවන්නේද ඇයගේ මුලිකත්වයෙනි. මේ ඉලව් අවු අස්සේ හිලරි ක්ලිටන් ඇමෙරිකාවේ ජනාධිපතිනිය වූයේනම් අපේ රටේ ත්‍රස්තවිරෝධී ජනතාවට සිදුවිය හැකිව තිබුනේ අයහපතක්මය. තවත් කරුණක් ඇත. ඇය චන්ද්‍රිකා කුමාරතුංගගේ හිතවතියක් බව පැවසේ. ප්‍රංශයේදී හෝ වෙනත් රටකදී ඉගෙන ගන්නා කාලයේදී ඇතිවූ හිතවත් කමක් බව කියවේ. චන්ද්‍රිකා ජනපතිනිය වූ පසු ඇය රාජකාරි නොවූ ගමනක් (unofficial) ලංකාවට අවුත් චන්ද්‍රිකා හමුවූ බව එකල පල විය. රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි ක්‍රියාදාමයන්ට මෙයද හේතුවක් වන්නට ඇත. එම නිසා හිලරි ක්ලින්ටන් බලයට ඒම වැලක් වූ සහෝදර ඇමෙරිකන් ජනතාවට මාගේ උත්තමාචාරය පිරිනමන්නෙමි. ඒ ට්‍රම්ප් හොඳ නිසා නොව, ඇය තරම් ඔහු නරක විය නොහැකියැයි සිතෙන බැවිනි. විශාල මාධ්‍ය ප්‍රචාරයන් තුලින් ඔහු පරාජය කිරීම සඳහා විශාල ව්‍යාපාරයක් දියත් කර තිබිණ. සියලුම මාධ්‍ය සමීක්ෂණ වලින් දිනා සිටියේ හිලරි ක්ලින්ටන්ය. නමුත් අමෙරිකානු ජනතාව අපට යම්කිසි සාධාරණයක් කර තිබේ. ඩේවිඩ් මිලිබෑන්ඩ්ගේ පටන් අප රටට එරෙහි වූ සියලු ජාත්‍යන්තර බල මුළු මේ වන විට දේශපාලනයෙන්ම විසිවී ගොස් ඈත. මෑතකම සිදුවීම බ්‍රිතාන්‍යයේ ඩේවිඩ් කැමරන්ගේ අනපේක්ෂිත විසිවීමය. අලුත්ම ගොදුර හිලරි ක්ලින්ටන්ය. මොවුන් මෙසේ එළවා දමන සියලු සහෝදර ජනතාවට මාගේ ප්‍රණාමය පිරිනමන්නෙමි.

- ප්‍රකාශ් වැල්හේන (09.11.2016)

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

8/26/2016

එක් වෙමු ! රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව කෙසේ හෝ පරදවමු !!

කතෘ:යුතුකම     8/26/2016   No comments
ෆෙඩරල් ව්‍යවස්ථාව හකුලා ගැනිමට බල කරමු.
-ප්‍රකාශ් වැල්හේන-

ෆෙඩරල් වාදීන් ඉතිහාසයේ ඔවුන්ගේ ඉලක්කයට යා නොහැකි වූ සියලුම දුර්වලතාවයන්, අසාර්ථකත්වයන් මගහරවා ගනිමින් දැඩි අධිෂ්ඨානයකින් ඔවුන්ගේ කාර්යය සාර්ථකව සිදුකර ඇතිබව 2015 ජනවාරි 9 දා හිමිදිරි පාන්දරම අපට දැනගන්න පුළුවන් උනා. විදේශීය අරමුදල්ද, මතවාදී වශයෙන්ද, ගොබෙල්ස් න්‍යාය අනුව ගොතන ලද පුන පුනා කියූ බේගල් ද තුලින් නොමද සහයෝගය ලැබුණු අතර රටට ආදරය කරන ජනතාවගෙන් සෑහෙන පිරිසක් මෙම කුමන්ත්‍රණයට නොදැනුවත් කමින් ගොදුරු වුනා. කෙසේ නමුත් ෆෙඩරල් වාදීන් වෙනදාටත් වඩා මෙවර සන්නද්ධවී ඇතිබව පලවෙනි දින 100 දීම ප්‍රකට විය. පළමුව කරන ලද්දේ 2004දි මේ වැඩපිළිවෙල කරගෙන යාමට බාධාවක් වූ, වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවා දැමිය හැකි වැකිය 19 වෙනි සංශෝධනය මගින් ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමයි. ස්වාධීන කොමිෂන් සභා ආදියට මුවාවෙමින් අති දක්ෂ ලෙස මේ කාරණය ජනතාවගේ ඇසට වැලි ගසා ඉටුකර ගනු ලැබිණ. දැන් උගුලෙන් බැරිනම් හබකෙන් හෝ තම ෆෙඩරල් සිතැඟි ඉටුකරගැනීමට ඇති තරම් කාලය ලබා ගෙන තිබේ. අවුරුදු 4ක් යනු මේ සියල්ලම කර රට බෙදා දැමීමට ඕනෑවටත් වඩා කාලයකි. මේ සියල්ලට ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයද යම් පමණකට වගකිව යුතුය. ජනවාරි පරාජය හමුවේ ඔවුන්ද කෙටි කලකට නන්නත්තාර වූ නිසා එසේ වියයි අනුමාන කල හැකිය. කෙසේ නමුත් අගෝස්තුවේදී මේ බලවේග පරාජය කිරීමට බල මුලු ගන්වා ගැනීමට රටට හිත කාමීන්ට හැකි වුවද ඔවුන්ට පක්ෂයද රටද යන්න තීරණය කර ගැනීමට නොහැකි වුයෙන් නැවතත් ඇතුලතින්ම ඇතිවූ කුමන්ත්රණයකට ගොදුරු විය.

වරද නිවැරදි කර ගැනීමට තිබු ඉඩකඩ 2015 අගෝස්තුවේදී තව දුරටත් කුමන්ත්‍රණ කාරිලෙස අවුරා දැමිය. දැන් ඉතින් මේ ෆෙඩරල් උගුලෙන් අපට ගැලවීමක් තිබේද? ෆෙඩරල් වාදීන් ඉතා හොඳින් ඔවුන්ගේ මාර්ගයේ ඇති සියලු බාධා ඉවත් කිරීමට කටයුතු කරන බව තව දුරටත් පැහැදිලිය. පාරිභෝගික සමාජයේ තරඟයෙන් ඇස් නිලංකාර වී ඇති ජනතාවගෙන් කොටසක්, තවමත් තද නින්දේය. ඔවුන් අවට සිදුවන දේ ගැන ඔවුන්ට සිතීමට අවශ්‍ය නොවේ. තමාගේ ඊළඟ ආර්ථික ඉලක්කය පසු පස හඹා යාම සඳහා ක්‍රමානුකුල ලෙස ඔවුන්ගේ මොළ සෝදා හමාරය. ඔවුන් ඔවුන්ගේ ආර්ථික ඉලක්ක සපුරා නොගත යුතුයැයි මෙයින් අදහස් නොකෙරෙන අතර ඔවුන්ගේ ඒ කර්තව්‍යයේදී රටට සිදුවන දේ ඔවුන්ගේ විඥ්ඥානයෙන් ඉවත් වීම ගැටලුවකි.

මේ අතර තුර, නැවත රටට හිතැති රජයක් බලයට පත්වුවද වෙනස් කල නොහැකි අයුරින්, ෆෙඩරල් වාදීන් විසින් ප්‍රජාතන්ත්‍ර වාදය, යහපාලනය වැනි වදන් වලට මුවාවෙමින් තමාගේ ඉලක්ක කරා වේගයෙන් ගමන් කරමින් සිටි. මෙය ජනතාවගෙන් සුක්ෂම ලෙස වසන් කිරීම සඳහා ඊට වඩා අඩු වැදගත් කමකින් යුතු කරුණු වලට ප්‍රමුඛස්ථානය දී එවැනි එතරම් නොවැදගත් කරුණු සමාජයේ සාකච්ඡාවට ගෙන කල් කරමින් ජනතා අවධානය වෙනතකට යොමුකිරීමද මේ වනවිට සාර්ථකව සිදුවෙමින් පවතී. අතුරුදහන් වුවන්ගේ පනත මෙහි ඉතා සුළු කොටසක් වුවත් එය සැලකියයුතු ප්‍රමාණයකට සමාජයේ සාකච්ඡා වුයේද? මෙවැනි පනතක් නොමැතිව රටේ පවතින නිතිය අනුව අතුරුදන් වූවන් ගැන කොමිසමක් මගින් මේ වන විටත් කරුණු සොයාබලා තිබෙනවා නේද? මෙවැනි පනත් වල ඇති යටි අරමුණු ක්‍රියාත්මක වන බව ජනතාවට දැනෙන විට පෙරහැර බොහෝ දුර ගොස්ය.

එදා 1987දි දැඩි ජනතා විරෝධය යකඩින් මර්ධනය කරමින් ජිවිත 150ක් පමණ විරෝධතාවයේදී බිලි ගනිමින් 13 වන සංශෝධයනය බලහත් කාරයෙන් අප මත පැටවිණ. ඉන් පසු බලයට පැමිණි කිසිම රජයකට එය වෙනස් කල නොහැකි වූ අතර ඉන් එහා ගිය සංශෝධනයන් වෙනුවෙන් බලපෑම් එල්ල විය. චන්ද්‍රිකා 2000 දී සම්මත කර ගැනීමට වෙර දැරූ ෆෙඩරල් ව්‍යවස්ථාව, ජනතා විරෝධය නිසා හකුලා ගැනීමට සිදුවිය. දැන් එය ඊට වඩා බලගතුව නව ව්‍යවස්ථාවක් ලෙස එළිදැක්වීමට පාර කපා අවසානය.එයට සමගාමිව 1987දි 13 වන සංශෝධයනය බලෙන් පැටවුවා සේම ECTA ගිවිසුමද බලහත්කාරයෙන් පැටවීමට සුදානම්ව සිටි. ප්‍රශ්නය නම් මේවාහි ඇති බැරෑරුම් කම හඳුනාගෙන ඒවාට විරුද්ධ වීමට තරම් තරම් බලයක් ජන විඥ්ඥානය තුල ගොඩ නොනැගි ඇත්තේ මන්ද යන්නය.. ඉතා සුළු ජන මාධ්‍ය කිහිපයක් හැරුණු කොට විශාල කොටසක් පෙළ ගැසී ඇත්තේ මේ පිලිබඳ ජනතා අවබෝධය උද්දිපනය කිරීමට නොව දැනටමත් මේවාට විරුද්ධව ගොඩ නැගී ඇති ජනබලය විනාශ කිරීමටය. මේ අනුව ෆෙඩරල් වාදීන්ගේ මනා සුදානම් වීම හැම පැත්තකින්ම ප්‍රකටව පෙනෙන්නට තිබේ.

මේ තත්ත්වය මග හැරීමට, රටට විරුද්ධ බලවේගයන් පරාජය කිරීමට තවමත් අප ප්‍රමාද නැති බව කිව යුතුය. ඒකාබද්ධ විපක්ෂය සියලු මර්ධනයක් හමුවේ සීමිත සම්පත් භාවිතයෙන් උපරිමව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක ඇති නමුත් එය කෙතරම් දුරට ජන විඥ්ඥානය තුලට කිඳා බැස ඇත්ද යන්න නැවත විමර්ශනය කල යුතුය. ඉතා වේගවත් අලුත් වැඩපිළිවෙලක් යටතේ කාර්යක්ෂමව ක්‍රියා කල යුතුය. ජනතාව නින්දෙන් අවදි කිරීමට කුඩා කොටස් මාර්ගයෙන් සියලු ජනයා මේ ව්‍යසනය පිලිබඳව සරල භාෂාවෙන් දැනුවත් කල යුතුය. දැනටමත් යම් යම් සංවිධාන මේ ගැන ක්‍රියා කරමින් සිටින අතර එම වැඩ පිළිවෙල තව තවත් ශක්තිමත් කල යුතුය. වාද භේද ඉවත ලා රට බේරා ගැනීමේ කටයුත්ත වෙනුවෙන් සියලු දෙනා එක්වියයුතුය. තුර්කියේ මෑතකදී සිදුවූ හමුදා කුමන්ත්‍රණය ජන බලය විසින් ව්‍යවර්ත කර දැමුවානම් අපට මේ අභියෝගය ජය ගැනිමට ශක්තිය තිබිය යුතුය. අප සියලු දෙනාට අනෙක් සියලු මත භේද ගැන රණ්ඩුවීමට පළමුව රටක් තිබිය යුතුයි. ඒ වෙනුවෙන් අප සියලු දෙනාම දනන් නින්දෙන් මුදවන සොඳුරු අඬහැරය විය යුතුය. ඒකීය රටක් වෙනුවෙන්, රට බේරාගත් මුතුන් මිත්තන්ගේ නාමයෙන් ෆෙඩරල් වාදයට දැඩිව එරෙහි වෙමු. ෆෙඩරල් ව්‍යවස්ථාව හකුලා ගැනිමට බල කරමු.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions