11/01/2019

මේ කව්ද? මොනවද කරන්නේ?

කතෘ:යුතුකම     11/01/2019   No comments

1988 කාලේ ජනපතිවරණේ මතක අයට මේ පෝස්ටරේ මතක ඇති. අපි ටිකක් කතා කරමු අපේ මතකයෙන් ඒ කව්ද? මොනවාද කලේ? සහ මේ කව්ද? මොනවද කරන්නේ? කියන එක පැහැදිලි කරගන්න. විශේයයෙන් අවු 18ත් 35ත් අතරේ අපේ ඡන්ද දායකයින්ට ප්රශ්නයක් ඇති ඇත්තටම මේ ප්රේමදාස යුගේ කියන්නෙ මොකක්ද කියල. ආපහු එහෙම එකක් එනවනම් ඒ ගැන දැනගෙන් ඉන්න එක හොඳයි. කෙටියෙන් කියන්නම්.

අපේ රට දැන් තියෙන අගාදයට ඇද දමන්න මුල පිරෙන්නේ 1977 JR ගේ ආණ්ඩුවෙන්. ඒගැන විස්තර මිට පෙර ලියා ඇති නිසාත් කාලය ඉතුරු කරගැනීමට අවශ්ය නිසාත් කෙලින්ම උධෘත මාතෘකාව ගැන කතාකරමු.

1977 මැතිවරණ සමයේ එජාප උපනායක කෙනෙකු නොසිටියත් "එජාප උපනායක ඔබ අමතයි" යනුවෙන් පෝස්ටර් ව්යාපාරයක් දියත් කිරීම මගින් ආර්. ප්රේමදාස බලෙන්ම එජාප උපනායකයා බවට පත්වුණා. JR ගෙන් පසු එජාප නායකත්වයට ඔහුගේ ප්රියතමයන් වුයේ ගාමිණි දිසානයක සහ ලලිත් ඇතුලත්මුදලි. එහෙත් JR ට ප්රේමදාසගේ බලපෑමට අවනත වීමට සිදුවීම නිසා ප්රේමදාස උපනායකයා වී 1977 රජයේ අග්රාමාත්ය වරයා වුයේය.(පහුගිය කාලේ මෛත්රිපාල සිරිසේනත් මේ උපක්රමය භාවිතා කරන්න ගියා "ඊළඟ අගමැති පොළොන්නරුවෙන්" කියලා පෝස්ටර් ව්යාපාරයක් දියත් කරමින්. නමුත් මහින්දගෙන් විරෝධතාවය මත ඒක අකුලාගෙන පසුව පලිය ගත්තා 2015දී)

මේ රජයේ නිවාස සහ මහා මාර්ග ඇමති වුයේ ප්රේමදාසය. ඒකාලයේ පාරවල් වල ගිය අයට පාරවල් තිබුනේ කොහොමදැයි මතකයට නගාගත් හැකිවනු ඇත. මහාමාර්ග අමාත්යංශයේ මුදල් ඔහුගේ ඡන්ද පදනම වැඩි කරගත හැකියයි සිතු උදාගම් ව්යාපාරයට යෙදවීය. පාරවල් නඩත්තු නොකිරීම නිසා රටපුරා ගමනාගමනය ඉතා අසීරු තත්වයකට වැටී තිබුණි. මොකක්ද මේ උදාගම් ව්යාපාරය? කොහොමද එක කරලියට ආවේ? කුරුණෑගල ගල්ගමුව ගරහා අනුරාධපුර පාරේ මහවට හැරෙන දළදා ගම හන්දිය පසුකර ටිකක් දුර යනවිට තියෙනවා අඹන්පොල කියල ගමක්. මෙහෙ තිබුනා ප්රේමදාසට අයිති පොල්වත්තක්. ඉතින් මේ පොල් වත්තට විදුලිය ගන්න බොහෝ දුරක සිට විදුලි රැහැන් අදින්න වෙනවා. ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ කාලේ ඒ කිටුවකටවත් විදුලිය් තිබුනේ නෑ. මේ කිට්ටුව රොඩී ගමකුත් තිබුණා. මාඑළිය වගේ නමක් මතකයේ විදියට. ඉතින් දවසක් ප්රේමදාස නිවාඩුවට මේ ඉඩමට ගිය වෙලාවක, ඔහුගේ අමාත්යංශයේ ඉහල නිලධාරියෙක් අපූරු අදහසක් දෙනවා මේ ඉඩමට විදුලිය ගැනීම සම්බන්ධව. නිවාස අමාත්යාංශයත් ප්රේමදාස යටතේ නිසා ඔහු යෝජනා කරනවා මේ රොඩී ගමේ මිනිස්සුන්ට ගෙවල් හදල දීලා එකට රජයේ වියදමින් විදුලිය ගෙනාවම අල්ලපු වැටේ තියෙන ප්රේමදාසගේ ඉඩමට නිකම්ම විදුලිය ගන්න පුළුවන් කියලා. ඉතින් මේ ගමට ගෙවල් හදල දීලා විදුලියත් දීලා ප්රේමදාසගේ වැඩෙත් කරගන්නවා වක්රාකාරයට රජයේ වියදමින්. මේ ගමට නම තිබ්බේ "උදාගම" කියලා. මේක තමයි ආරම්භය. ඊට පස්සේ හදපු ගම වලට විවිධ නම් දුන්නා. මේ ගම තිබුනේ යාපහුව ආසනයේ. ඊට පස්සේ හැදුනු හැම සියවෙනි ගමම දුන්නේ යාපහුවට. "සිය ගම" "දෙසිය ගම" "තුන්සිය ගම" ආදී වශයෙන් මේවා නම් කළා. හැබැයි මේ ගෙවල් පස්සේ පස්සේ නිකම්ම රජයෙන් හදලා දුන්නේ නෑ. පොඩි ණයක් දීලා සිමෙන්ති ටකරන් කීපයක් වගේ දීලා තමයි ගෙවල් ගාන වැඩිකර ගත්තේ.

ප්රේමදාසගේ මුල් යුගය ඉතා දුගී දුප්පත් බව කියවෙනවා. අපි ඇත්තටම ඒ ගැන ආඩම්බර වෙන්න ඕන. මොකද ඒබ්රහම් ලින්කන් කියන්නෙත් සපත්තු මහන්නේක්ගේ පුතෙක්. ඒවගේ පහල මට්ටමේ මිනිහෙකුට රටේ ඉහලම තැනට පත්වෙන්න පුළුවන් නම් ඒ රට කොච්චර සාධාරණ සමාජයක් තියෙන එකක්ද කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් මෙතන තියෙන්නේ වෙනම කාරනාවක්. අනුර බණ්ඩාරනායක මිනිස්සුන්ගේ දුගී දුප්පත්කම සමච්චලයට පත් කරපු කෙනෙක්. 1977 මැතිවරණයේදී අනුර බණ්ඩාරනායක කිව්වා ප්රේමදාස කියන්නේ කෙහෙල්වත්තේ ලැවරිය විකුනපු අම්මගේ පුතා කියලා. හැබැයි ප්රේමදාස මේකට ප්රතිචාර දැක්වුයේ බලයට පත්වුනාට පස්සේ ප්රථම පාර්ලිමේන්තු කතාවේදී. ඔහු කිව්වා වලව්වක අවජාතක පුතෙක් වෙලා ඉපදුනාට වඩා පැල්පතක සහජාතක පුතෙක් වුනු එක ගැන ආඩම්බරයි කියලා. අනුර බණ්ඩාරනායක ජෙයරාජ් ප්රනාන්දු පුල්ලේ ගැනත් මෙහම කිව්වා පසු කලෙක. සෙරෙප්පු දාගෙන බයිසිකල් කට්ටකින් ආපු මිනිහා කියලා. ප්රේමදාස ඒ වගේ නිහතමානි වෙනවට වඩා පසුව ඔහුගේ හිනමාන ස්වභාවය උඩට ආවා කියල බොහෝ දෙනා කිව්ව.ඉතින් ඔහු ඔහුගේ පරම්පරාව ගැන අතීත ශ්රිවිභුතිය ගැන නොයෙක් කතා මැව්වා. ඔහු මේ පොල්වත්ත ගත්තේ කොහොමද කියලා හරියටම දන්නේ නෑ. පාර්ලිමේන්තු එන්න කලින් ඔහු දේශපාලනයේ ගොඩක් කල් හිටියා නගරසභාවල. ඉතින් කොහොම හරි මේ පොල් වත්ත ගන්න ඇති. නමුත් ඔහු කිව්වේ පොඩිකාලේ තාත්තා එක්ක කාරෙකෙන් අනුරාධපුරේ යනකොට ඉඩම් වෙන්දේසියක් දැකලා ත්තත්තා මේ ඉඩම ගත්තා කියලා. ඊට පස්සෙත් ඔහුගේ මේ ස්වභාවය මතු වුනු තැන් තියෙනවා. පියගම කියලා එකක් හැදුවා අහංගම පැත්තේ. හිසේ නැමි පනාවක් ගහලා ටුවිට් රෙද්දක් අන්දලා කෝට් එකක් දාපු තාත්තාගේ පිලිමෙකුත් එතන හදලා තිබුනා කොලොනියල් කාලේ හිටපු ප්රභූවරයෙක් විදියට. ඒ කාලෙත් අද වගේම මේ උදාගම් නම් සම්බන්ධව කතා ඇතිවෙලා තිබුණා. ඊළඟ ගම සංගීත කරයින්ට "සරිගම" කියන වගේ කතා.

මේ උදාගම් ව්යාපෘතියට සම්බන්ධ නොයෙකුත් කතා තිබුනා. ප්රෙමආස උගත් මිනිසුන්ව පහත් කරලා සමච්චලයට ලක් කරලා කතා කරපු තැන් තිබුනා. මේ ව්යාපෘතිවල වැඩකරපු ඉංජිනේරුවන්ගේ පවා වැඩ තහනම් කරලා තිබුනා තාක්ෂණ ප්රශ්න නිසා ඔහු කියන විදියට කරන්ඩ අපහසුයි කියපු අයව. මේ උදාගම් වල කොන්ත්රාත් කලේ ඔහුගේ දේශපාලන හෙන්චයියන්. මහජන මුදල් විශාල වශයෙන් කාබාසිනියා උනා ඒ විදියට. සොත්ති උපාලි කියලා ඔහුට සම්බන්ධ පාතාලේ මැරයෙක් තමයි උදාගම්වල පිඩැලි ඇල්ලීමේ කොන්තරාත්තුව කලේ කියලා ඒ කාලේ ප්රසිද්ධ වුනේ.

JR ගේ පලවෙනි කාලය ඓවර උනාම සිරිමාවෝගේ ප්රජා අයිතිය ආහොසි නොකර, 1982දී සාමාන්ය පරිදි ජනපති වරණය පැවැත් වුයේ නම්, සිරිමාවෝ ජයගන්නටත් අවු 30 තිස්සේ අප රටට විනයක් වූ යුද්දයත් ඇති නොවෙන්න ඉඩ තිබුණා. ඡන්දකොල්ලය මැරබලය නිසා තමයි මේවා මේ විදියට උනේ. ඒවගේම 1988 දෙසැම්බරයේදීත් නැවත වතාවක් එය වැලකි ගියා.

මේ අතරතුරේ විවිධ මිනි මැරුම් විරුද්ධවාදීන් මාධ්යවේදීන් ඝාතන සිදුවූ බව ප්රකට කරුණක්. ආර්යාව පිහිනුම් තටාකය අසල සිටින ඡායාරුපයක් ගත් පුවත්පත් ඡයරුපශිල්පියෙක් මෙලෙස අතුරුදන් උනා. මේ ළඟදිත් ඒ කතාව ඉස්සරහට ඇවිත් තිබුනා ඒ පින්තුරයත් සමගම. ඒ අතරේ බෙදුම්වාදී අරගලය උග්ර උනා. JR ගේ අදුරදර්ශී විදේශ ප්රතිපත්තිය තමයි මුලික හේතුව. ඒ වගේම ප්රේමදාසත් ඉන්දීය විරෝධියි. අන්තිමේ JRගේ යැංකි මාස්ටර්ලා JR බේරගන්න ආවේ නෑ.ඉන්දියාවත් එක්ක ප්රශ්නය නිරාකරණය කරගැනීමට ඔහුටම බාරදුන්නා. ඉතින් වෙන විකල්පයක් නොමැති තැන JR ඉන්දියාවට දනගහලා ඉන්දීය සාම හමුදාව ගෙන්වාගත්තා. ඔහුට වෙන කරන්නට දෙයක් නොතිබුණෙන් අකමැත්තෙන් මේ පියවර ගැනීමට සිදුවුනා. නැත්නම් ඉන්දියාව ලංකාව ආක්රමණය කරන්නත් තිබුනා. මේකට කලින් ඉන්දියාව ලංකාවේ ගුවන් සීමාව උල්ලංඝනය කරලා ගුවනින් යාපනයට පරිප්පු දැම්මා. එකෙන් තමයි JRට උතුර දකුණ මාරු උනේ. ඉතින් JR 1987 ජුලි වලදී ඉන්දියාවත් එක්ක ගිවිසුමක් ගැහුවා. ඒක ඉතින් ඉල්ලලා ගත්තු ආක්රමණයක්ම තමයි. මේකට විරුද්ධව එකල භුගත ව වැඩ කරමින් සිටි ජවිපෙ දේශප්රේමී ජනතා ව්යාපාරය කියල එකක් හදාගෙන ආයුධ සන්නද්ධ සටනකට එළඹුනා. නාවික හමුදා භටයෙක් රජීව් ගාන්ධිගේ පිටට තුවක්කුවෙන් පහරක් එල්ල කරන්නේ මේ ගිවිසුම අත්සන් කරපු වෙලාවේ හමුදා පෙරෙට්ටුවේදී.

මෙතැනදී ප්රේමදාස මේ ගිවිසුමට විරුද්ධවෙලා ඒකට සම්බන්ධ නොවී ඉන්නවා. මෙතනින් පස්සේ ජවිපෙ එජාප රජයට සම්බන්ධ මිනිස්සු මරන්ඩ පටන් ගත්තා. මේ එකවුන්ට් එකට දාලා විවිධ දේශපාලන ඝාතන සිදුඋනා ඒකාලේ. PRA (Peoples Red Army ), කළු බළල්ලු ආදී නම් වලින් විවිධ para military කණ්ඩායම් ක්රියාත්මක උනා. බොරවතුරේ මාලුබාන්නට ප්රේමදාසට මේ තත්වය මහඟු ආශිර්වාදයක් උනා. රටේ තත්වය උග්රයි. ඉන්දියාවට බැරි උනා LTTE මර්ධනය කරන්න දකුණේ භිෂණය උත්සන්නයි රට අරාජිකයි.

මේ අතරේ ප්රේමදාසට ජනාධිපතිකම දෙන්න අකමැති වුනු JR තුන්වෙනි වරටත් ජනපතිවෙන්න ව්යවස්ථා සංශෝධනයකට සලදුම් කළා. එක යෝජනා ස්ථිර කලේ අගලවත්තේ මෙරිල් කාරියවසම් සහ කුලියාපිටියේ ලයනක් ජයතිලක කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. එජාපයේ සභාපති හර්ෂ අබේවර්ධන හා ලේකම් නන්දලාල් ප්රනාන්දු මේකට උදව් කරනවා. මේ හතරදෙනාම නන්නාදුනන තුවක්කු කරුවාගේ ප්රහාරයට ලක් වී ඝාතනය වන අතර ජවිපෙ එකවුන්ට් එකටයි වැටෙන්නේ. නමුත් දන්නා අය මෙය ප්රේමදාසගේ ව්යාපෘතියේ කොටසක් වුබව ඒ කාලයේත් දන්නවා. ඒ වගේම විජය කුමාරතුංග ඝාතනය. ඔහු ඊට කලින් කටානේ අතුරු මතිවරනේදී අනු නවයෙන් බේරෙන්නේ. ඔහුගේ රියදුරා වෙඩිපහරින් මියගිහින් ඔහු බේරෙනවා. නමුත් තමන්ගේම නිවසේදී 1988 පෙබරවාරියේදී ඔහු ඝාතනය වනවා ජවිපෙ එකවුන්ට් එකට. ජවිපෙ තමන්ගේ එජාප සහ අනෙකුත් වාමවාදී විරුද්ධ වාදීන් ඝාතනය කල අතර රජයෙන් එජාප විරෝධී කොටස් විශාල වශයෙන් ඝාතනය කළා.

1987/89 රටේ පැවතුනු කැරළිකාරි තත්වය ප්‍රේමදාසට නැවත බලය ලබා ගැනීමට ඉතා සුදුසු වාතාවරණයක් ඇති කිරීමට ඉවහල් වුණා. JR තුවෙනි වර ඉල්ලිම අතහැර දමා ප්රේමදාසට අපේක්ෂකත්වය දෙන්නට එකඟ උනා. වෝඩ් පෙදෙසේ JRගේ නිවසට ගොස් ප්රේමදාස ඔහුට තර්ජනය කල බවත් මරාදමාවියයි යන බය නිසා ප්රේමදාසට අපේක්ෂකත්වය දුන් බවත් ඒ කාලයේදී කියවුනා. නමුත්, ප්රේමදාසගේ ඉන්දීය විරෝධය නිසා ඔහුට අපේක්ෂකත්වය දීම සඳහා ඇමෙරිකාවෙන් JR ට බලකළ බව විශ්ලේෂකයෝ පවසනවා.

ප්‍රේමදාසගේ චන්ද ව්යාපාරය පටන් ගත්තේ "මේ කව්ද? මොනවද කරන්නේ?" කියන නමක් ගමක් නැති පෝස්ටර් ව්යාපාරයකින්. මේකාලේ ජවිපෙන් කසිප්පු පෙරාපු මිනිස්සුත් මරුවා කියලා කතාවක් තිබුනා. ඉතින් මේ පෝස්ටරේ කවුරු හරි ගහලා ගිහින් තිබුනා පොඩි පෙට්ටි කඩේක. ඒවගේ තැනුත් පාලුවෙලා තිබුනේ ඒ කාලේ. කසිප්පු ජාවාරම කරමින් කෙනෙක් ඉඳලා තියෙනවා ඒ අසල. ඉතින් මිනිහා බයවෙලා මේකේ ලිව්වලු "මම සිරිසේන පොඩි බිස්නස් එකක්" කියලා.

අවුරුදු 10ක එජාප පාලනය තිත්ත වෙලා හිටපු මිනිස්සු ජවිපෙ අරගලයට වක්රව කැමැත්තක් තිබුනා කිව්වොත් නිවැරදියි. මේකාලේ රිචඩ් ද සොයිසා කියලා ITN එකේ ඉංග්රීසි news කියන තරුණ මාධ්යකරුවෙක් හිටියා. ඔහු නාට්යවලට සම්බන්ධ කෙනෙක්. ඔහු නාට්යක් ලියලා වේදිකාගත කරන්න සුදානමින් හිටියා. එකේ නම "මේ කව්ද? මොනවද කරන්නේ?". මේක ප්රේමදාසට විරුද්ධව හදපු එකක් කියලයි කියවුණේ. රෑ ඇවිත් මොහුව අරන් යනවා. එහෙමයි සුදු වෑන් සංස්කෘතිය ඒකාලේ ක්රියාත්මක උනේ. ඔහුගේ මව වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු මැතිනිය මේ ගැන කීප සැරයක් මාධ්යයට කියලා තියෙනවා. ඇය 2001දී මිය යනවා. නැවත ඔහු එවනවා කියලා මවටත් පොරොන්දුවෙලා තමයි ගෙනිහින් තියෙන්නේ. නමුත් පහුවදා ඔහුගේ මල සිරුර ගල්කිස්ස මුහුදු වෙලරට පාවෙලා තිබිලා හමුවෙනවා. හෙලිකොප්ටරයකින් මල කඳ ගෙනිහින් මුහුදට දැම්ම කියල තමයි කතාව තියෙන්නේ.

ඡන්ද ව්යාපාරයේදී මොහු රජීව් ගාන්ධිට අපහාස කරනවා. 1977 දී JR ඉන්දිරා ගාන්ධිටත් ඇයගේ පුත් ස්න්ජය ගාන්ධිටත් cow and calf කියා අවමන් කරනවා. මෙතැනදී ප්රේමදාස කිව්වා ඉන්දියාව නමැති නෙළුම්විලේ නේරුලා වගේ නෙලුම් මල් තිබ්බත් රජීව් ගාන්ධි වගේ ගෙම්බොත් ඉන්නවා කියලා. කලබල මුවාවෙන් විරුද්ධ පක්ෂ අපේක්ෂිකාව වූ බණ්ඩාරනායක මැතිනියට විශාල වශයෙන් ඡන්ද ලැබුණු ප්රදේශ කිහිපයක ඡන්ද පෙට්ටි අවලංගු කළා. මේ හේතුවෙන් බණ්ඩාරනායක මැතිනියගේ ජයග්රහණය වලකන්නට හැකිවි ආර් ප්රේමදාස ජනාධිපති වූ අතර එජාප පාලනය එලෙසම ඉදිරියට ඇදුනේය. රට ව්යසනයෙන් ගොඩ ඒමට තිබු තවත් අවස්තාවක් මෙලෙස මග හැරි ගියා.

ප්රේමදාස ඉස්සරවෙලාම තමන්ට පාර කපල දුන්නු ජවිපෙ සමුලඝාතනය කළා. 60000ක් මැරුණා කියල නිල වාර්තාවල දැක්වුනත් නිල නොවන වාර්තා කියන්නේ 100000ක් විතර මැරුනා කියලා. පාරවල් වල ටයර් සෑය මත දැවෙන තරුණ මල සිරුරුවල දර්ශන දිනපතා සාමාන්ය දෙයක් උනා. ගංගාවල මිනි පාවෙනවා. මිනිස්සු මාළු කන්නේ නැතිව අතහැරියා මොකද ගංගාවල මුහුදේ මාළු මිනි කනවා කියලා ඒදවස්වල. මේ භිෂණය ගැන අහලවත් තියෙන කෙනෙක් ආයෙත් ප්රේමදාස යුගයක් ගැන හීනෙකින්වත් හිතන්නේ නෑ. 1989 නොවැම්බරයේදී විජේවීර අල්ලලා පණපිටින් බොරැල්ල කනත්තේ උඳුනට දැම්ම කියල තමයි කියන්නේ. මෙතනින් පස්සේ ඒ භීෂණ සමය යම් දුරකට නිමාවෙනවා. මේවාට සම්බන්ධ රන්ජන් විජේරත්න නැමති ඇමතිවරයා පසුකලක තිඹිරිගස්යායේදී පොලිස් ක්‍රීඩාපිටිය අසලදී බෝම්බෙකට අහුවෙනවා. මෙයට කෙලින්ම සම්බන්ධ රොනී ගුණසිංහ කියන පොලිස් නිලධාරියා ප්රේමදාසත් එක්කම ආමර් වීදියේදී බෝම්බෙට අහුවෙලා අඟුරුවෙලා යනවා 1993 මැයි 1 දා. මෙම ස්ථානයට මිනිස්සු කිව්වේ වෙන නමක් පස්සේ කාලේදී. කාටුන් ශිල්පියෙක් කාටුන් එකක් ඇඳලා තිබුනා ඒ කාලේ බයිසිකලයක් සමග බාබු (මරාගෙන මැරෙන බෝම්බය පුපුරවාගත් තැනැත්තා) ඉන්න පිළිමයකට මිනිස්සු ගෞරවාචාර දක්වනවා. මේ මරණය සැලවෙනවාත් සමගම රට පුරා රතිඥ්ඥා දැල්වුණා. මිනිස්සුන්ගේ කැකෑරෙන වෛරය පිටවුනේ එහෙම. නැතිනම් අපේ මිනිස්සු සතුරෙකුගේවත් මරණයකදී කම්පාවෙනවා මිසක් සතුටුවෙන ජාතියක් නොවෙයිනේ. ඒකාලයේ රටේ තිබුණු භිෂණය කොහොමද කියන්න ඊටවඩා උදාහරණ අවශ්‍ය වෙන්නේ නෑ.

මේ වෙනකොට ඉන්දියාවත් LTTE එකත් එක්ක සටන් කරලා එක නවත්තගන්න විදියක් නැතුව හිටියේ. ප්රේමදාස රජය මගින් LTTE ත්රස්තවාදීන්ට මුදල් සහ අවි ආයුධ ලබාදෙනවා ඉන්දීය හමුදාවට විරුද්ධව සටන් කරන්න කියලා. මේ අවි ආයුධ පසු කලකදී LTTE ය රජයේ හමුදාවලට විරුද්ධව පාවිච්චිකරනවා. මේකාලේ ප්රේමදාස ඉන්දියාවට කියනවා ඉන්දීය හමුදාව ඉවත් කරගන්න කියලා. ඉන්දියාවත් අඬන්න ඉන්න එකාට ඇඟිල්ලෙන් ඇන්නාවාගේ හමුදාව ඉවත්කරගෙන යනවා. LTTE ය ආපහු ප්රේමදාස රජයට විරුද්ධව යුද්ධ ප්රකාශ කරනවා. මුලතිවු ප්රදේශයේ පොලිස් නිලධාරී 600කට ආයුධ බිම තබා ත්රස්තවාදීන්ට යටත්වීමට අණ කිරිමෙන් පසුව ත්රස්තවාදීන් විසින් ඔවුන් සියලුදෙනාම අමු අමුවේ ඝාතනය කරනවා. මේ කාලේදී කොකාවිල් රුපවාහිනි සම්ප්රේෂණාගාරයට එල්ල වුනු ත්රස්ත ප්රහාරය මැඩලීමට සහය හමුදා යෙදවීමට නොහැකිවීමෙන් එහි සිටි සේනාංකය විනාශකර සම්ප්රේෂණාගාරය ත්රස්තවාදීන් විසින් යටත් කරගන්නවා. ජනපති ආර්යාවගේ ආරක්ෂාව සඳහා හෙලිකොප්ටර් යානා යෙදවීම නිසා සහාය හමුදා යැවීමට නොහැකි වූ බව එවකට ප්රසිද්ධ වුනා.මේ වකවානුවේ ජනාධිපති පවුල විසින් යාල අභය භූමියේ කරන ලද නිදන් හැරිම ඇතුන මරා ඇත දල එකතු කිරීම ආදී දේවල් ප්රසිද්ධවූ අතර දේශ පාලන වේදිකාවේ තවමත් ඒ ගැන කියවෙනවා.

ජනාධිපතිට විරුද්ධව ගෙන එන ලද පළමු දෝෂාභියෝගයෙන් ඔහු බේරෙන්නේ කතානායකව සිටි එම් එච් මොහොමඩ්ට පින්සිදුවන්නටය. නමුත් ගාමිණි දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි එජාපයේ ඉවත්විගොස් රාජාලියා නමින් අලුත් පක්ෂයක් හදනවා. මෙය ප්රේමදාසට ලොකු අභියෝගයක් උනා. 1993 අප්රේල් අවසාන සතියේදී කිරුලපන පිටියේ රැස්වීමක් අමතමින් සිටියදී ඇතුලත් මුදලි වෙඩි වැඩි මියයනවා. ඒ මරණය පිළිබඳවත් ඇඟිල්ල දිගු වුයේ ප්රේමදාස සහ සගයන්ට. සිරිසේන කුරේ නමැති ප්රේමදාස රජයේ ප්රබලයා මේ ක්රියාකාරකම් ක්රියාත්මක කල බවට කතා පැතිරුනා. මේ පාලන සමයේ අදුරදර්ශී ක්රියාකලාපය නිසා රටම ව්යසනයට පත්වී අවසානයේදී රටේ ජනාධිපති ඝාතනය කිරීමට පවා LTTE යට හැකිවන අයුරින් රටේ ආරක්ෂක තත්වය ඉතාමත් දුර්වල තත්වයකට අද වැටී බෙදුම්වාදීන්ට යටත්වන තත්වයකට පත්වුනා. 1993 දී LTTE ය විසින් ප්රේමදාස ජනපති ඝාතනයත් සමග එපාපයේ මැරබලය දුර්වල වූ අතර සියලුම දේශප්රේමී බලවේග එජාපය පැරදවීම සඳහා ඒකරාශි විය.

ප්රේමදාස ජනාධිපතිගේ කාලයේදී ජනාධිපති මන්දිරයේ තිබු ඉතා වටිනා කෞතුක වස්තු රැසක් අතුරුදන් වි තුබූ බව එවකට ප්රසිද්ධ වුණා.

1994 දී එජාපය පරාදවි පොදුජන එක්සත් පෙරමුණ බලයට පත්වුණා. 1988/89 භීෂණ සමයේදී ඇඹිලිපිටියේ පාසැල් සිසුන් පිරිසක් ඝාතනය කිරීම සහ ඔවුන් වල දමන ලද සුරියකන්න්දේ සමුහ මිනීවල පිලිබඳ පරීක්ෂණය මෙම මැතිවරණ ව්යාපාරයේ කැපිපෙනෙන මාතෘකාවක් උනා.අන්තිමේදී බලපුවාම චන්ද්‍රිකාත් බලයට ආවේ ෆෙඩරල් වාදීන්ගේ වුවමනාවට. මිනිසුන්ට මේක තෙරෙඋනේ පහුවෙලා. චනද්‍රිකා ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේනකොට 1999දී. චන්ද්රිකාගේ ඒ උත්සාහයත් අසාර්ථක කරමින් මහින්ද රාජපක්ෂ 2005දී බලයට පත්විම නිසා අවුරුදු 30ක් ඇදීගිය බෙදුම්වාදී යුද්ධය අවසන් කරන්නට හැකි වුනා. ඒත් තවමත් ඒ බෙදුම්වාදයේ අඳුරු සෙවනැලි වලින් අපි පිඩා විඳින්නෙමු. 2015 දී නැවතත් හිස එසවූයේ මේ බෙඋම්වාදී ව්‍යාපෘතියයි. මෙය නැවත නැගිටින්නට නොහැකිවන් අයුරින් තිත තැබීමට සියලුම දේශප්රේමින් මේ එන ජනපතිවරණයේදී නිවැරදි තීරණය ගත යුතුය.

පොහොට්ටුවට ජයවේවා! මවුබිම දිනේවා!
- ප්රකාශ් වැල්හේන
29.10.2019

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook
https://www.facebook.com/yuthukama

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions