11/02/2019

ශත වර්ෂයේ මංකොල්ලය හෙවත් මිලේනියම් චැලේන්ජ්

කතෘ:යුතුකම     11/02/2019   No comments

-කපිල මහේෂ් රාජපක්ෂ -

මිලේනියම් චැලෙන්ජ් කවුරුන්ද?


දෙවන ලොක යුද්ධයෙන් පසු අවදියේ විශේෂයෙන්ම සෝවියට් සමාජවාදි කදවුර බිදවැටිමත් සමග ආර්ථික හා දේශපාලනික ශක්තිය අතින් ලොව බලවත්ම රාජ්‍ය බවට පත්වන්නට ඇමරිකා එක්සත් ජනපදය සමත්වන්නේ ධනවාදය විසින් විසින් පෘථිවි ගෝලයේ බිහි කල දර්ශිය රාජ්‍යය බවට පත්වෙමින්.
මෙම සමාජ
ආර්ථික  ක්‍රමයට අනුගතව ඇමරිකාව තුල ගොඩනැගුනු අධිපාරිබෝජනවාදි ජීවන විලාසය අඛන්ඩව පවත්වා ගෙන යැමට මෙන්ම එම ආර්ථික හා දේශපාලනික අධිකාරිත්ව රැකගැනිම සදහා ලොව පුරා විසිරි පවතින ස්වභාවික සම්පත් තම නිශ්පාදන වුවමනාවන් වෙනුවෙන් භාවිතයට ගැනිමත් පරිධියේ රටවල ආර්ථිකයන්ගේ සාරය ගෝලිය නිදහස් වෙලදපොල යාන්ත්‍රණය ඔස්සේ අඛණ්ඩව තම රට වෙත ඇද ගැනිමත් ඇමරිකාවේ යාවජිව ඉලක්කය බවට පත්වු බව නොරහසකි.

මෙම
ආර්ථික හා දේශපාලනික අරමුණ වෙනුවෙන් බහුජාතික සමාගම් ඔස්සේ ලොව පුරා වෙළද ආධිපත්‍ය පැතිර විමට අමතරව තුන්වන ලෝකයේ රාජ්‍යයන්හි පවතින සංවර්ධන උෘනතාවන් හදුනා ගනිමින් ඒවා ඉලක්ක ගත කරමින් මහා පරිමාණ මුල්‍ය ආයතන බිහිකොට ණය ආදාර ලබාදිම අරඹන්නේ පසුගිය සිය වස මැද බාගයේදියි. ඒ අනුව ලෝ  බැංකුව , ජාත්‍යන්තර මුල්‍ය අරමුදල(IMF) වැනි සංවර්ධන ණය දෙන ආයතන හා ඇමරිකන් එක්සත් ජනපදයේ පුර්ණ පාලනයෙන් ක්‍රියාත්මක USAID වැනි ආයතන පරිදියේ රාජ්‍යයන්හි ක්‍රියාත්මක වෙමින් ඒවායේ සංවර්ධන ව්‍යාපෘති සදහා ආයෝජන සිදුකල අතරම එම රාජ්‍යයන්හි රාජ්‍ය ප්‍රතිපත්ති හා රාජ්‍ය පාලනයට සැලකිය යුතු බලපැමක් සිදුකරමින් පැවතිනි.

කෙසේ වෙතත් 2003 වසර පමණ වන විට එක්සත් ජනපදයේ පැවති ජෝජ් ඩබ්. බුෂ්ගේ පාලනය හුදුනා ගෙන තිබු ආකාරයට මෙම ඉහත කි උපාය මාර්ගයන්ට අමතරව ලෝක
ආර්ථිකයේ සාරය වේගයෙන් තම රට වෙත ඇදගැනිමට නම් තුන්වන ලොකයේ රටවල ආර්කයන් පුුලුල් ලෙස විවෘත කොට බහු ජාතික සමාගම් වලට එමරටවල ට ප්‍රවිෂ්ඨ විමට මාවතක් සැකසිය යුතුබවය..

විශේෂයෙන්ම අප්‍රිකානු, ලතින් ඇමරිකානු හා ආසියානු කලාපයේ පවතින සරු භූමි ගෝලිය ධනවාදය ඉල්ලා සිටින වාණිජ වගාවන් සදහා භාවිත කිරිම මෙහිදි හදුනාගත් මුලික ආයෝජන ඉලක්කයක් විය.

එමෙන්ම පරිදියේ රටවල දේශපාලනය තම උපායමාර්ගික උවමනාවන්ට රිසිසේ පවත්වාගැනිමද මෙහි ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස හදුනා ගෙන තිබිනි. මෙම කාර්ය සදහා ණය දෙන ආයතනයකට වඩා ප්‍රබල ලෙස මැදිහත්විය හැකි යාන්ත්‍රණයක් සකස් කිරිමෙන් අරමුනින් Millennium Challenge Cooperation පිහිටුවන ලදි.

මෙම කාර්ය සදහා බුෂ් තෝරාගත්තේ රාජතාන්ත්‍රිකයෙකු නොව නම් දැරු ව්‍යාපාරිකයෙකි.
ඔහු. Paul Applegarth.. ඔවුන් මෙම ව්‍යාපෘතියේ තේමාපාඨය ලෙස යොදාගනු ලැබුවේ "ආහාර සුරක්ෂිතතාව සදහා වෙළදපොළ මුලික විසදුමක්" යන්නයි...


ඒ අනුව තුන්වන ලොකයේ රටවල වාණිජ වගාවන් සදහා ආයෝකයන්ට පැමිණීමට බාධාවන් ලෙස පවතින එම රටවලට ආවේණික නීති හා ඉඩම් ප්‍රතිපත්ති වෙනස් කිරිම තුලින් විදේශිකයන්ට ඉඩම් මිලදි ගැනිමට පහසු කිරිම, යටිතල පහසුකම් වැඩිදියුණු කිරිම මෙන්ම
ආර්ථික ලිබරල් කරණයට අවශ්‍යවන ලෙස රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරිම මෙම උපාය මාර්ගයේ අරමුණ විය.

මෙම වැඩසටහන මගින් ණය වෙනුවට ප්‍රදානයන් ලබා දිමට සැලසුම් කලේය. එම ප්‍රදානයන් ලැබිමට යම් රටක් නිර්ණායකයන් 17 ක් සම්පුර්ණ කළයුතුය. එම නිර්
ණායක මුලික වි ඇත්තේ ආර්ථික ලිබරල් කරනය හා යහ පාලනයට අදාල වන ලෙසයි. මෙලෙස නිර්ණායක සම්පුර් පසු එම රටවලට පලමු ප්‍රධානය (First Compact) සිදුකරනු ලබයි.
ඒ සමගම එම ආධාර මුදල ලබන රට තුල Millanium Chalenge Account නමින් අරමුදලක් පිහිටුවන අතර එහි සියලු මෙහෙයුම් සිදුකරනු ලබන්නේ Millennium Challenge Cooperation මගින් පත්කරන අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේය. මේ අනුව ප්‍රධානයේ මුදල් වාරික ලබා ගැනිමේ සිටම එම එජය ව්‍යාපෘතියට අදාලව රටේ මුල්‍ය ප්‍රතිපත්ති වෙනස් කර ගැනිමට එකගතාව දැක්විය යුතුය. ඇතැම් විට එම කොන්දේසි රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරම දක්වා දිවෙනු ඇත.

මුල් වාරිකයෙන් මුලිකවම ආයෝජකයන්ට රිසිවන පරිදි එම රටවල මාර්ග හා යටිතල පහසුකම් සංවර්ධනයට කොටසක් වෙන් වන අතර ඉතිරි කොටස ලබාදෙනුයේ රටේ පවතින ඉඩම් නිතිය හා ආනයන අපනයන සදහා බලපාන නිති ප්‍රතිසංස්කරනය කිරිමටියි. යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් වන අරමුදල ලබාගත් පසුව එමරට ඉඩම් නිතිය ප්‍රතිසංස්කරණය කිරිමේ කොන්දේසියට යටත්වන්නේ නොවැලැක්විය හැකි ලෙසයි.

මෙහිදි ආසියානු හා අප්‍රිකානු කලාපයේ පවතින විකිනිය නොහැකි ඉඩම්, රජය සතු ඉඩම් පාරිසරික වැදගත් කමක් සහිත විම මත වාණිජ කටයුතු වලට ලබා නොදුන් ඉඩම් මුලික වටයේදි පුද්ගලික අයිතිය සහිත ඉඩම් බවට පත්කිරිම සිදුකරයි. එහිදි ඔප්පු වෙනුවට හිමිකම් පත් ලබාදිම සිදුවේ. එය බැලුබැල්මට එම ප්‍රදේශවල ජනයාට ඉඩම් අයිතිය ලබාදිම වැනි මාණුෂිය මුහුණුවරකින් පැමිනෙන අතර දෙවන පියවර වනුයේ මෙම ඉඩම් විදේශිය බහුජාතික සමාගම් මගින් මිලදි ගැනිමයි. දැනට වසරකට පමන පෙර සිට නැගෙන හිර පළාතේ රජයේ බලපත්‍ර ඉඩම් වලට පුද්ගලික හිමිකම් පත් ලබාදිම අගමැති තුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙහිදි මාද්‍යවේදියකු අගමැතිවරයාගෙන් අසා සිටියේ කඩිමුඩියේම මෙලෙස ඉඩම් හිමිකමිපත් ලබාදෙන්නේ කුමකටද යන්නයි. එවිට රනිල් වික්‍රම සිංහ මහතාගේ පිලිතුර වුයේ “ඉඩම් අයිතිය නැති මිනිසුන්ට ඉඩම් ලබාදිමේ වරද කුමක්ද? කියාය. නමුත් සැබැවින්ම සිදුව ඇත්තේ මෙම Millennium Challenge Cooperation ව්‍යාපෘතියේ මුලික පියවර රටවැසියන්ටද හොරෙන් අරඹා”මේවන විටත් යම් දුරක් ක්‍රියාත්මක කර තිබිමය.
මෙම ක්‍රියාදාමයේ ආදිනව වඩාත් මැනවින් අවබෝධ කරගැනිම සදහා 2004 වර්ෂයේ සිට Millennium Challenge Cooperation ආදාර ලැබු තුන්වල ලෝකයේ රටවල් කිහිපයක අත්දැකිම් සලකා බැලිය හැකිය

මැඩගස්කරයේ අත්දැකීම
----------------------------------
එක්සත් ජනපදයේ මෙම ව්‍යාපෘතිය සදහා බොහෝවිට තෝරාගනු ලබන්නේ
ආර්ථික අර්බුධයේ ගිලිපවතින මෙන්ම ඇමරිකන් හිතවාදි පාලකයකු සහිත රාජ්‍යයන්ය.ඒ අනුව මැඩගස්කරයේ අගමැති රැවොලොමානාගේ පාලනය පැමිනිමත් සමග ඇමරික් ඩොලර් මිලියන තුන්සියයක ආදාරයක් සමග MCC ව්‍යාපෘති ඇරඹු අතර මුල්වසර කිහිපය තුල එරට ඉඩම් නීතිය ප්‍රතිසංස්කරණය කොට පුද්ගලික ඉඩම් අයිතිය තහවුරු කළේය. එපමනක් නොව රජයේ ඉඩම් විදේශයන්ට විකිණීමට තිබු බාදා ඉවත් කලේය. වසර දෙකක් පමන ගතවන විට මැඩගස්කරයේ ඉඩම් වලින් හෙක්ටයාර මිළියන1.3 ක් කොරියානු සමාගමක් වන ඩේව් කෘෂි අපනයන සමාගම විසින් මිළදි ගෙන ඇති බව එරට වැසියන් දැනගත්තේ විදෙස් මාද්‍ය මගිනි.
එපමනක් නොව එරට වටිනා ඉඩම් සමුහයක් Warun India වරුන් නැමති බහුජාතික සමාගමද මිළදිලෙන ඇති බව තහවුරු විය.

මාලි රාජ්‍යයේ අත්දැකීම
-------------------------------
මාලි රාජ්‍යයේ අත්දැකිම මැඩගස්කරයට වඩා ඛේදනීය එකක්විය. අප රටේ මහවැලි සංවර්ධන අධිකාරියට තරමක් සමාන ආයතනයක් මාලි රාජ්‍යයේ ඉඩම් සම්බන්ද වගකිම දැරිය. Offi du Nigra නැමැති මෙම ආයතනය සතුව රජයේ ඉඩම් පැවති අතර ඒවාට රජය මගින් වාරි ජල පහසුකම් සපයා තිබිනි. එරට වැසියන් බදු පදනමක් මත මෙම ඉඩම් සහ වාරිජලය සපයාගෙන වගාවන සිදු කලේය.

MCC පැමිණීමත් සමග මෙම භූමිය කොටස පහකට වෙන්කර වාරි ජලසැපයුම් වැඩි දියුණු කොට ඉන් කොටස් දෙකක එම පුදේශ වල ජනයාට සහ පිටතින් පැමිණි කුඩා පරිමාණ ගොවින්ට ඉඩම් අයිතිය පැවරිය. එපමනක් නොව ඔවුන්ට නව වැඩිදියුණු කරන ලද බීජ හඳුන්වා දී කෘෂි රසායනිකද ලබාදෙන්නට විය. එක් කොටසක බහුජාතික සමාගම් සදහා ආයෝජන කලාපයක් ඇති කලේය. කෙසේ වෙතත් කාලයත් සමග කුඩා වගා කරුවන්ගේ වගාවන් අසාර්තක වන විට ඔවුන් එම ඉඩම් බහුජාතික සමාගමට විකුණා දැමු අතර අවසානයේ හෙකටයාර විසිදහසක භූමිය බහුජාතික සමාගම් මගින් මිළදිගෙන තිබිනි.
මේ හා සමානම අත්දැකිම් ඝානාව, මොසැමිබික් රාජ්‍ය සහ ලෙසතෝව වැනි රටවලද සිදුව ඇති අතර වැදගත්ම තරුන වන්නේ මෙම ආධාරය ලැබු කිසිදු රටක් සැලකිය යුතුමට්ටමේ
ආර්ථික වර්ධනයක් නොමැතිව තම භූමියද අහිමිකර ගෙන තිබිමය.
මෙහි දෙවන අවදානම වන්නේ ආ
ධාර කොන්දේසි මත රාජ්‍ය ප්‍රතිපත්ති මෙන්ම පාලකයන් වෙනස් කිරිමටද MCC දායක වි තිබිමයි. ටැන්සානියාව හා නිකරගුවාවේ මෙවැනි මැදිහත්විම් සිදුව ඇති අතර එය වෙනත් ලිපියකින් දිර්ඝව සාකච්චා කල යුතුය.

ශ්‍රි ලංකාවේ එළඹුම
--------------------------
පසු ගිය සතියේ කැබිනට් අනුමැතිය ලැබිමත් සමග MCC ව්‍යාපෘතිය සදහා සියලු මුලික සැකසුම් මේ වන විට සකස්කර අවසන්ය. 2017 වසරේ නිකුතිකල constrain Analysis Report of Sri lanka වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ හදුනාගත් සංවර්ධන බාදා මගහැරිම යන කඩතුරාව ඔස්සේ ඉහතකි රටවල ආකාරයටම මාර්ග වැඩිදියුණු කිරිම හා රථවාහන තදබදය අවම කිරමේ ව්‍යාපෘති වෙනුවෙන් ඇ.ඩො. මි 350 ක් සහ ඉඩම් ප්‍රතිසංස්කරණ උප ව්‍යාපෘතිය සදහා ඇ.ඩො. මිලියන 130 වෙන් කර ඇත.

මේ අනුව ඉහතකි රටවල එලබුමට මුලුමනින්ම සමාන උපායමාර්ගික ගොදුරකට ජාතියක් ලෙස අප හසුවි ඇති බව පසක් කරගැනිමට මෙම තොරතුරු ප්‍රමාණයම ප්‍රමාණවත්ය. (මෙහි සදහන් සියලු කරුණු ජාත්‍යන්තර මාධ්‍යන්හි පළවු විශ්වසනිය වාර්තාවලින් පමණක් උපුටාගත් බව දනවමි)

-කපිල මහේෂ් රාජපක්ෂ


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions