මේ මෑතක සිට ජනාධිපතිවරණ උනුසුම රට පුරා විවිධ පුවත් නිර්මාණය කරමින් පවතියි. ඒ එක් එක් පක්ෂ වල ජනාධිපතිධූර අපේක්ෂකයින් ගැන පුවත් වේ. නාගරික ප්‍රදේශ වල බිත්ති පෝස්ටර් වලින් වැසීයමින් ඇත. මෙලෙස අප කාටත් දකින්නට ලැබුනු වෛවර්ණ පෝස්ටර් අතරේ එක් විශේෂ පෝස්ටරයක් උනේ " අපේක්ෂාවේ අපේක්ෂකයා " යනුවෙන් සඳහන් වූ එක්තරා චන්ද ප්‍රචාරක දැන්වීමක්. ඒ ගැන අදහස් දැක්වීමට පෙර නොකියාම බැරි තවත් එක් කරුනක් කිව යුතුයි. ඒ අනිකක් නොව මේ අපේක්ෂකයා දුටු කල මෙරට දේශපාලනයේ හැටි දන්නා කාටත් සිනා පහල වීමය. මේ කියන්නට යන්නේ කවුරුවත් ගැන නොවෙයි, ඒ ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා වන අනුර කුමාර දිසානායක ගැනයි. ජනතා විමුක්ති පෙරමුණ යනු මාක්ස්වාදය අනුගමනය කරන වාමාංශික දේශපාලන ව්‍යාපාරයකි. එය ආරම්භයේ සිට මේ වන තෙක් මාක්ස්වාදය රටේ බහුතර ජනතාවකගේ සිතුම් පැතුම් සමග ගලපාගන්නට එහි නායකයින් අපොහොසත් වීමත්, වත්මන් පක්ෂ නායක අනුර කුමාර එම පක්ෂයේ දේශපාලන ගමන ගෙන ගොස් ඇති දිශාවත් ගැන බලන විට, දැන් මීලඟ ජනාධිපති වීමට සැරසෙන ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂාවේ අපේක්ෂයකයා දුටු විට සිනා පහල වීම වඩා තීව්‍ර කරයි.
19 ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපති බලතල වල යම් වෙනසක් ඇතිව තිබුණත් විධායක ජනාධිපති ධූරය අහෝසි වී නැත. එසේ නොවේනම් එය අහෝසි කිරීමට රනිල්ට මෙතරම් කැහිල්ලක් තිබෙන්නටද අවශ්‍ය නොවේ. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ රාජ්‍ය නායකයා වන්නේ ජනාධිපතිවරයායි ඔහු ත්‍රිවිධ හමුදාවේ සේනාධි නායකයාද වේ. කැබිනට් මණ්ඩලයේ ප්‍රධාණියා ජනාධිපති වනවා මෙන්ම විධායකය මුළුමනින්ම වාගේ නියෝජනය කරන්නේ ඔහුයි. එසේනම් විධායක ජනාධිපතිවරයෙකුට රාජ්‍ය නායකයෙකු ලෙස පැවරෙන රාජ්‍ය හා ජාතික වගකීම් එතරම් සරල සුමට ඒවා නොවන බව ඉතා පැහැදිලියි. පක්ෂ පාට කුමක් වුවත් කුමන ස්වාධීන අපේක්ෂකයෙකු වුවත් ජනාධිපති ධූරය වෙනුවෙන් තරග කරන කිසිදු අපේක්ෂකයෙකුට රටේ ආර්ථික ප්‍රශ්න හා දූෂණ වංචා ගැන පමණක් කතා කරමින් චන්ද සටන මෙහෙයවිය නොහැක.
ජනාධිපතිවරයා යනු ව්‍යවස්ථාව අනුව මෙරට රාජ්‍ය නායකයායි. රාජ්‍ය නායකයාට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පැවරෙන්නේ සෘජු වගකීමකි. ඔහුට රටේ ජාතිකත්වය, ජාතික අනන්‍යතාවය මේ රට රටක් ලෙස ලොවට බිහිකළ සිංහල බෞද්ධ ජන ඉතිහාසය ඇතුළු සම්ප්‍රදායන් හා පිළිගැනීම් ගැන මනා අවබෝධයක් තිබිය යුතුය. ඒ අයුරින්ම රටට ආවේනික ලෙස සිතන පතන බහුතර ජනයාගේ සිතුම් පැතුම් ගැනත් රටට ආවේනික චින්තන ආකෘතියට අනුව බහුතර ජනයාගේ ජීවන රටාව ඇතුළු අනෙකුත් සියළු අංග වල පෙලගැස්ම ගැනත් අවබෝධයක් තිබීම අනිවාර්ය වේ. ආර්ථිකය හා සම්පත් පරිභෝජනය ගැන ජනාධිපතිධූර අපේක්ෂකයෙකු වන කොයි කෙනාටත් කතා කරන්නට සිදුවන්නේ ඉහත කාරනා ගැන අවබෝධයක් ඇතිව මිස ඒ නොසලකා නොවේ. සරල උදාහරනයක් කිවහොත් රටේ ජාතික ආරක්ෂාව තහවරු කරන ආකාරය ගැන පැහැදිලි ප්‍රායෝගික වැඩපිළිවෙලක් නොමැතිව රටේ ආර්ථිකය හදන වැඩපිළිවෙලවල් වලට ප්‍රායෝගිකත්වයක්ද නොමැති වීම පෙන්විය හැක. ජාතික ආරක්ෂාව ජරාජීර්ණ තත්වයකට පත් වීමට වර්තමානයේ බලපා තිබෙන ප්‍රධානතම හේතුව රාජ්‍ය පාලනය තුල ජාතිකත්වය ඉතා දුර්වල මට්ටමක පැවතීමයි. රටට හිතකර ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ජාතිකත්වය ශක්තිමත් වූ ජාතික ආරක්ෂාව විශ්වාසනීය මට්ටමක තිබෙන, පැහැදිලි ප්‍රභල රාජ්‍ය ප්‍රතිපත්ති මාලාවක් අනුගමනය කරන රටක් අපට තිබිය යුතුය. එසේනම් අපේක්ෂාවේ අපේක්ෂකයාටද අන් සියළු අපේක්ෂකයන්ට මෙන්ම එම කාරනා මත පිහිටා තම චන්ද ව්‍යාපාරය කිරීමට සිදුවේ. ඔහුට මැතිවරණයෙන් ජය ගැනීම අවශ්‍යද නැද්ද යන්න වෙනමම කාරනාවක්.
දැක්කොත් හිනා පහලවන අපේක්ෂාවේ අපේක්ෂකයාට ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තුල කියන්නට ඇති දේ මොනවාද? ඔහු දැනටත් වැඩි ප්‍රමුඛත්වයක් දී කතා කරන දේ අතර නොකියවෙන එහෙත් රටේ බහුතරයකට අවශ්‍ය දේ මොනවාද? හොඳ විශ්වාසයෙන් එකක් කියන්නට පුළුවන්. ඒ ප්‍රධාන දේශපාලන කණ්ඩායම් දෙකේ දූෂණ හා වංචා ගැන කතා කිරීමට දැක්කොත් හිනා පහලවන අපේක්ෂකයා වැඩි කාලයක් වැය කරන බවයි. එයිනුත් රනිල්ගේ විජාතික කඳවුරේ වැරදි ගැන කතා කිරීමේදී කට පරිස්සම් කරගෙන සීමාවකට එය කිරීමට ඔහුට සිදු වෙයි. ඒ රනිල්ගේ විජාතික කඳවුරට මෙන්ම ජාතිකත්වයක් නැති දැක්කොත් හිනා පහලවන අපේක්ෂකයාගේ කඳවුරටත් සිටින පොදු හතුරා ජාතික බලවේග වල සහය ලැබෙන කණ්ඩායම වන බැවින්.
සම්පත් පරිභෝජනය , ජාතික ධනය අයතා පරිහරනය, බඩු මිල , දේශපාලනයේ හොරකම් වංචා දූෂණ, ආර්ථික විශ්ලේෂණ ඇතුළු කාරනා රැසක් ගැන මේ වන විටත් ජාතික ජන බලවේගය යැයි කියා ගන්නා කණ්ඩායමේ දැක්කොත් හිනා පහල වන අපේක්ෂකයා මහත් උද්‍යෝගයකින් කතා කරනු දැකගත හැකියි. බැලූ බැල්මට මේ සියල්ල සාධාරනය. එහෙත් මේ වාමාංශික අපේක්ෂකයාගේ වැඩපිලිවෙලවල් වලට වඩා හොඳින් රටේ බහුතරයට ගැලපෙන මාක්ස්වාදී නොවන ආර්ථික වැඩපිළිවෙලක් මෙවර ජාතිකත්ව කඳවුරටත් ඉතා සාර්ථකව ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ. එහෙයින් අර අපේක්ෂකයාගේ පරණ මාක්ස්වාදී සුරංගනා කතා වලට පෙර තිබූ වටිනාකමක්නම් නොලැබෙන එක ස්ථිරයි. ඒ හැරුනු විට මෙවර රටේ අතිමහත් බහුතරයක් වන ජාතිකත්වයට සමීප ජනයා වැඩි අවධානයක් යොමු කරන කාරනා කීපයක් වෙයි. ඉන් ප්‍රධානම කාරනය ජාතික ආරක්ෂාවයි. විශේෂයෙන් ජනාධිපතිධූර ආපේක්ෂකයෙකුට එය මගහැර යන්නට කිසිසේත් නොහැක. ඊට අමතරව ඊලාම් බෙදුම්වාදය හා උතුරේ දෙමළ ජාතිවාදය ඉදිරියේ තමන් කටයුතු කරන්නේ කෙසේද යන්නත් සුන්නි ආගමික අන්තවාදය ඉදිරියේ කටයුතු කරන්නේ කෙසේද යන්නත් අනුර කුමාර දිසානායක වන අපේක්ෂාවේ අපේක්ෂකයා රටට පැහැදිලි කළ යුතුය. සහරාන්ගේ කල්ලියේ ඊබ්‍රහීම් උන්නැහේ ජාතික ලැස්තුවට දමාගෙන සුමන්තිරන්ලා එක්ක හුරතල් උන මේ අපේක්ෂකයා වැඩි උනන්දුවකින් මේ කිසිවක් ගැන කතා නොකිරීම පුදුමයක් නොවෙයි. රටේ සිංහල බෞද්ධයන්ට ඓතිහාසිකව හා සංස්කෘතික වශයෙන් තිබෙන සුවිශේෂත්වය, ආගමික සදාචාරාත්මක කරුණු හා ලිංගිකත්වය සම්බන්ධ කාරණා ගැනත් දැක්කොත් හිනා පහල වන අපේක්ෂකයා තම ස්ථාවරය පැහැදිලි කළ යුතුය. ඒ කෙසේ වෙතත් නිරාගමික හා සමලිංගිකත්වයට පක්ෂ කාන්තා විමුක්තිවාදී පුහු උගත්තුන්ගෙන් මේ අපේක්ෂකයා උපදෙස් ලබා ගන්නා බව නම් ඔහු කරන කියන කටයුතු වලින් පැහැදිලියි.
අපේක්ෂාවේ අපේක්ෂකයා දකින විට හිනා පහල වන්නේ හුදු ජාතිකත්ව විරෝධය මත මාක්ස්වාදී වමේ වෙස්මූනත් එක්කම සිරිකොතෙයි අරලියගහ මන්දිරෙයි රනිල් එක්ක ලගින්නට ගිය ආකාරය අපේ මතකයට නැගෙන විටයි. අනුර කුමාර දිසානායක නොහොත් අපේක්ෂාවේ අපේක්ෂකයා ජනතා විමුක්ති පෙරමුණේ ගමන් මාර්ගය වෙනස් කර තිබෙන ආකාරය දෙස විමසිල්ලෙන් බලන විට පෙනෙන්නේ වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ විජාතික NGO කල්ලියක ස්වරූපකින් එතරම් වෙනස් නොවන බවකි. මේ තත්වය රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් වත්මන් එක්සත් ජාතික පක්ෂය තුලත් මීට ටික කලකට ඉහතදී චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් තිබූ පොදුජන එක්සත් පෙරමුණ තුලත් දකින්නට හැකියි.
යුදෙවු නිරාගමික නූතනවාදයේ ජාත්‍යන්තර එකතුව විසින් ඇතිකර තිබෙන වත්මන් ලෝක ප්‍රවනතා සමග මේ තත්වය ගැන කරුනු කීම වැදගත්. මේ ප්‍රවණතාවල නවතම ස්වරූපය වන්නේ බෙදුම්වාදය හා ස්වයංපාලන උමතුව, පුද්ගල ආත්මාර්ථකාමීත්වය හා විසංවිධානය, කාන්තාවාදය හා සමලිංගිකත්වය, නිරාගමිකකරණය හා වෙනත් සදාචාර විරෝධී දේ සාධාරණීකරණය යන සිද්ධි හරහා ලොව පුරාම දැකගත හැක. ඉතින් මේ දැක්කොත් හිනා පහලවන අපේක්ෂාවේ අපේක්ෂකයා ජනතා විමුක්ති පෙරමුණේ ගමන්මග වෙනස් කර තිබෙන්නේ පෙර කී ප්‍රවණතා අනුව බව තේරුම් ගැනීම අපහසු නොවෙයි. චන්ද්‍රිකාගේ නායකත්වයෙන් පොදුජන එක්සත් පෙරමුණ ගෙනගියේත්, රනිල්ගේ නායකත්වයෙන් වත්මන් එක්සත් ජාතික පක්ෂය ගෙන යන්නේත් මේ ගමන් මාර්ගයේමයි. රනිල් චන්ද්‍රිකා අනුර පක්ෂ වලින් බෙදී හිටියත් එකම විජාතික කඳවුරක මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහි පොදු මතවාදයක සිටින්නේත් දැක්කොත් හිනා පහලවන අපේක්ෂකයාගේ හා විජාතික පොදු අපේක්ෂා එක සමාන බැවින් අපේක්ෂකයා සිරිකොතට පස්ස දොරින් රිංගා රනිල් සමග ලගින්නේත් රටේ ජාතිකත්වයට එරෙහි විජාතික කඳවුරේම අපේක්ෂාව එකක් බව තව දුරටත් තහවරු කරමින්. ජනාධිපතිවරණය දෙස බැලීමේදී විජාතික කඳවුරේ සියළු අපේක්ෂකයන්ගේ අරමුණ වන්නේ තමන් දිනන එක කෙසේ වෙතත් ජාතිකත්වයේ අපේක්ෂක ගෝටාභය මහතා පරාජය කරවීමයි. අර අපේක්ෂකයාටත් ඒ අරමුණ තම ජයග්‍රහණයට වඩා උඩින් තිබේ. යම් විදිහකින් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා රනිල් වුනානම් අර අපේක්ෂකයා රනිල්ගේ ජය පතා වේලාසන සටනින් ඉවත් වන්නටද බොහෝ ඉඩකඩ තිබුණු බවත් අප සිහි තබා ගත යුතුය. දැනටත් තොරතුරු අනුව දැනගන්නට ඇත්තේ අර අපේක්ෂකයාගේ කඳවුරේ නායකයි මැතිවරණයේදී පළමු මනාපය අපේක්ෂකයාටත් දෙවන මනාපය ගෝටාභයට විරුද්ධ අයෙකුටත් දීමට උපදෙස් දී ඇති බවයි. ඉතින් ජාතිකත්වයට ලැදි ජාතික අරමුණු වලට ප්‍රමුඛත්වය දෙන බහුතරය මෙවර ගෝඨාභය මහතා ඉහල ප්‍රතිශතයකින් ජයග්‍රහනය කරවිය යුත්තේ ඇයි කියන එකට තවත් හේතු අවශ්‍යද?
බණ්ඩාර දසනයක
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .