- ඉසුරු ප්‍රසංග -
> 1977 ජුලි 22 පැවති මැතිවරණයෙන් එජාපය ජය ගැනීම සහ එයින් පසු පොලීසි සඳහා සතියක් නිවාඩු ලබා දී විරුද්ධවාදීන් මර්දනය කිරීම. එහිදී....
මිනිස් ඝාතන 6ක්
නිවාස ගිනි තැබීම් 37ක්
පහරදීම් හා මංකොල්ලකෑම් 1400ක්
දේශපාලන පලිගැනීම් ලෙස සේවයෙන් පහකිරීම් 18462ක්
ස්ථාන මාරුකිරීම් 72881ක් වාර්තා විය.
> 1977 අගෝස්තු 17 වැනිදා සිදුකළ ජාතිවාදී කෝලාහලවලින් විශාල පිරිසක් පීඩාවට පත් කිරීම. එහිදී...
පුද්ගල ඝාතන 100ක්
ස්ත්‍රී දූෂණ 284ක්
නිවාස ගිනි තැබීම් 8088ක්
දේපල මංකොල්ලකෑම් 20776ක්
පහරදීම් 40000ක් වාර්තා විය.
> 1978 පෙබරවාරි 4 වැනිදා ජේ. ආර්. ජයවර්ධන ප්‍රථම විධායක ජනපති ලෙස දිවුරුම් දීම සහ නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම.
> 1978. 11. 20 ගෙන ආ පළමු ව්‍යවස්ථා සංශෝධනය මගින් සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කොට තම ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදියා අක්‍රිය කිරීම.
> සරසවි සිසුන් මර්දනය සඳහා 1978 වසරේදී නව විශ්ව විද්‍යාල පනත සම්මත කර ගැනීම. මේ කාලයේදී ශිෂ්‍ය මර්දන ක්‍රියා, පාතාල මැර පිරිස් යොදවා කළ පහරදීම්ද සුලබව වාර්තා වූ අතර රනිල් වික්‍රමසිංහ ඊට සක්‍රියව දායක වී ඇත.
> 1978 මාර්තු 16 වැනිදා කැළණි සරසවියේ ඇතිවූ ගැටුමකින් ක්‍රිස්ටෝපර් ජයතිලක නමැති මැරයා මරණයට පත්වූ අතර ජනාධිපතිවරයා ඔහුගේ අවමගුලට සහභාගී වීම.
> ස්ත්‍රී දූෂණයක් නිසා සිරගතව සිටි ගෝනවල සුනිල්ට ජනාධිපති සමාවක් ලබාදී සාම විනිසුරු පදවියක් පිරිනැමීම. ගෝනවල සුනිල් රනිල් වික්‍රමසිංහගේද සමීප මිතුරෙකි.
> පඩි වැඩිවීමක් ඉල්ලා 1980 ජුනි 5 වෙනිදා සිදුකල පිකටින් ව්‍යාපාරයට මැර ප්‍රහාර එල්ල කොට ඩී. සෝමපාල මහතා මරා දැමීම.
> 1980 ජූලි 17 වැනිදා රුපියල් 300ක පඩි වැඩි වීමක් ඉල්ලා පැවති ජූලි වර්ජනයෙන් 40356 කට රැකියා අහිමි කිරීම. මෙහිදී පහරදීම්, සිරගත කිරීම් නිසා සිත් තැවුලට පත් වර්ජකයෝ 39 දෙනෙක් සිය දිවි හානි කොට ගත්හ.
> 1981 ජනවාරි 21 වැනිදා අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව පැවති උද්ඝෝෂණයට එල්ල කළ බරපතළ ප්‍රහාරය. මෙහිදී අශ්වයන් ලවා පෑගීමෙන් සිසුන් කීප දෙනෙක් සදාකාලික අබ්බගාත තත්ත්වයට පත්විය.
> 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දයේදී ඇතිවූ ගැටුම් අතරතුර ආණ්ඩුවේ මැර පිරිස් දකුණු ආසියාවේ විශාලතම පුස්තකාලය වූ යාපනය පුස්තකාලයට ගිනිතැබීම. වටිනා පොත් 90000ක් එහිදී විනාශයට පත්විය.
> ඡන්ද පෙට්ටි අතුරුදන්වීම්, හොර ඡන්ද දැමීම්, බිය ගැන්වීම් රැසක් යටතේ සංවර්ධන සභා ඡන්දය පැවැත්වීම. මෙය මහා පරිමාණයෙන් අයථා ක්‍රියා සිදුවූ ලංකාවේ පළමු මැතිවරණය ලෙස ඉතිහාසයට එක් වෙයි.
> විරුද්ධ පක්ෂ නායිකාවගේ ප්‍රජා අයිතිය අහෝසි කොට, නියමිත කාලයට පෙර 1982 ඔක්තෝබර් 21 වැනිදා ලංකාවේ පළමු ජනාධිපතිවරණය පැවැත්වීම. මෙහිදී විරුද්ධ අපේක්ෂකයා වූ කොබ්බෑකඩුවගේ ජන්දය පවා වංචනික ලෙස භාවිතා කර තිබිණි.
> 1982 ජූලි 22 වැනිදා බෞද්ධ සම්මේලන ශ්‍රවණාගාරයේ පැවති දේශනයකදී මහාචාර්ය සරත්චන්ද්‍ර ඇතුළු පිරිසකට මැර ප්‍රහාරයක් එල්ල කිරීම.
> ලසසපයේ මන්ත්‍රීවරියක වූ විවියන් ගුණවර්ධනට කොල්ලුපිටිය පොලීසියේදී බිම දමා පහර දීම සහ උසාවියෙන් වරදකරු වූ පොලිස් පරීක්ෂකවරයාට උසස්වීමක් පිරිනැමීම.
> හතරවැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තු නිල කාලය මැතිවරණයකින් තොරව දීර්ඝ කර ගැනීමට ජේ. ආර්. ජයවර්ධන කටයුතු කිරීම.
> නක්සලයිට් කුමන්ත්‍රණ කතාවක් නිර්මාණය කොට ඒ යටතේ විජය කුමාරතුංග, හෙක්ටර් කොබ්බෑකඩුව, රත්නසිරි වික්‍රමනායක ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම. මැතිවරණ කල් දැමීමට හේතුව ලෙස එජාපය භාවිතා කළේද මේ නක්සලයිට් කතාවය.
> මහ මැතිවරණයක් අවශ්‍යද නැද්ද යන්න විමසීමට 1982 දෙසැම්බර් 22 වැනිදා ජනමත විචාරණයක් පවත්වා ඡන්ද කල් දැමීම.
> රට පුරා හදිසි නීතිය පැනවීම, ශ්‍රිලනිප සංවිධායකවරුන් ඇතුළු විසිදෙනෙක් අත්අඩංගුවට ගැනීම, ඇත්ත පුවත්පතට සහ යාපනයේ පළවූ සුදන්ධිරන් පුවත්පතට සීල් තැබීම, ශ්‍රිලනිප පක්ෂ මූලස්ථානයට සීල් තැබීම, මැර බලය යෙදවීම, ඡන්ද මංකොල්ලකෑම්, බිය ගැන්වීම් ආදී ක්‍රියා මෙහිදී විශාල ලෙස වාර්තා විය. ඡන්ද කොමසාරිස්වරයා පසු කලෙක නිකුත් කළ වාර්තාවක ඒ කරුණු දැක්වේ.
> 1983 ජූලි 24 වැනිදා එජාපයේ අනුග්‍රහයෙන් දෙමළ ජනයාට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීම. (කළු ජූලිය) නිවාස ගිනි තැබීම්, කොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, පහරදීම්, මිනීමැරුම් රාශියක් මෙහිදී වාර්තා විය.
> කළු ජූලියේ වගකීම වමේ පක්ෂ මත පැටවූ එජාප රජය ජවිපෙ, කොමියුනිට්ස් පක්ෂය, නව සමසමාජ පක්ෂය සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තහනම් කිරීම. (1983 ජූලි 30)
> 1983 දෙසැම්බර් 27 වැනිදා පේරාදෙණිය සරසවිය තුළ පොලීසියක් කිරීම. ඊට එරෙහිව පැවති උද්ඝෝෂණවලදී පද්මසිරි අබේසේකර (ජුනි 19) සහ රෝහණ රත්නායක (ජුනි 21) යන සිසුන් දෙදෙනා ඝාතනයට ලක්විය.
> 1987 ඉන්දු ලංකා ගිවිසුමට අත්සන් තබමින් ලංකාව පෙඩරල් රාජ්‍යයක් කිරීමට පසුබිම සැකසීම. මේ දේශද්‍රෝහී ගිවිසුම අත්සන් තැබීමට පෙර සරසවි සිසුන් 88ක් ඇතුළු ඊට විරෝධය පළ කළ පිරිස් විශාල වශයෙන් අත්අඩංගුවට ගනු ලැබිණි.
> 1987 ජූලි 28 වැනිදා ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව කොටුවේ පැවති උද්ඝෝෂණයට වෙඩි තැබීමෙන් 121 දෙනෙක් මහ පාරේ මරාදැමීම. අනතුරුව රට පුරා ඇතිවූ කලබලවලින් 132ක් ඝාතනයට ලක්ව 712ක් අත්අඩංගුවට පත්විය.
> රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීමෙන් මේ භීෂණ සමයේදී බටලන්දේ වධකාගාරයක් පවත්වාගෙන ගිය අතර, ඒ තුළ පුද්ගලයන් 100කට අධික ප්‍රමාණයක් ඝාතනයට ලක්ව ඇත.
> 1988 පළාත් සභා මැතිවරණය, 1988 ජනාධිපතිවරණය, 1989 පාර්ලිමේන්තු මැතිවරණය යන මැතිවරණ තුනම පවත්වන ලද්දේ භීෂණ සමයේ දැඩි ප්‍රජාතන්ත්‍ර විරෝධී පසුබිමක් යටතේය. ගිනි අවි රැගත් මැරයන් ඡන්ද පත්‍රිකා සියල්ල රැගෙන පෙට්ටි පිරවීමේ සිදුවීම් ගණනාවක් වාර්තා විය.
> 1977 සිට එජාපය ආ මේ ගමන දකුණේ දැවැන්ත සන්නද්ධ අරගලයකට පවා පසුබිම සකසමින් රට මහා ඛේදවාචකයට ගොදුරු කළේය. 1988 - 1989 කාලය තුළ ඇතිවූ සන්නද්ධ කැරුල්ල හේතුවෙන් පුද්ගලයන් 67652ක් ඝාතනයට ලක්විය.
මේ අනුර කුමාරලා බොරු විදිමින් සේවය කරන එජාපයේ කතාවෙන් බිඳකි. ලිබරල්වාදී සිවිල් සමාජ අම්බරුවන් ප්‍රජාතන්තවාදය ඉල්ලා සරණ යන මහ දෙවොලේ කතාවෙන් බිඳකි. ඒකාධිපති පාලකයන් ගැන හසරක් නොදැන බොරුවෙන් මුලාවූ නොදරුවන් 2015 රට ගොදුරු කළ රකුසාගේ කතාවෙන් බිඳකි. සර්ව සාධාරණ පාලකයන් ලෝකයේ සිටිය නොහැකිය. එසේ වුවද මේ සිදුවූ ම්ලේච්ඡ ක්‍රියාවලින් කෝටියෙන් එකක්වත් රාජපක්ෂ පාලනය තුළ සිදුවූයේදැයි ඔබම කල්පනා කර බලන්න.
ඉසුරු ප්‍රසංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .