11/10/2019

සුදු වෑන්, කොළ කොටි සහ නාඳුනන තුවක්කුකරු සදහටම පිටුදකිමු

කතෘ:යුතුකම     11/10/2019   No comments

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සම්පාදිත ‘සුදු වෑන් සංස්කෘතිය හෙවත් ශිෂ්ටත්වයට එරෙහි අහිෂ්ටත්වය’ කෘතිය එළිදැක්වූ අවස්ථාවේ දී ගෙවිඳු කුමාරතුංග කළ කතාව ඇසුරිනි. ගෙවිඳු 1984-1989 කාලයේ දී කොළඹ විශ්වවිද්‍යාලයෙහි ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ ද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ද සාමාජිකයෙක් විය. 1987 දී එජාප රජය කිසිදු චෝදනාවකින් තොර ව ඔහුව මාස 2ක කාලයක් අත්අඩංගුවේ රඳවා ගති. ඔහු කොළඹ සරසවියේ ශිෂ්‍ය ක්‍රියාකාරකම් මත පැන නැගුණ ජාතික චින්තන ව්‍යාපාරයේ පුරෝගාමියෙකි..

මගේ විශ්වවිද්‍යාල ජීවිතය ගත වුණේ සුදු වෑන්වලින් තරුණයන් පැහැරගැනීම් දිනපතා සිදුවූ යුගයක, එදා ඉඳන් අද වෙනකන් අවුරුදු 30ක් ගතවෙලා තියෙනවා. අලුත් පරම්පරාවලට ඡන්ද බලය ලැබිලා තියෙනවා. ඒ නිසා මගේ පෞද්ගලික අත්දැකීම් උඩ මගේ කතාවේ, පළමු වෙනි කොටස මං යම්කිසි සිද්ධිදාමයක් විතරක් සිහිපත් කරන්න අදහස් කරනවා.

මම කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් වුණේ 1984 දී. ඒ අවුරුද්දේ තමයි පේරාදේණිය
විශ්වවිද්‍යාලයේ ඇතුළේ එ.ජා.ප. රජය පොලිසියක් පිහිටුවලා ඇතිවුණු ගැටුමෙන් පේරාදේණිය විශ්වවිද්‍යාලයේ පද්මසිරි වෛද්‍ය ශිෂ්‍යයා, ඒ එක්කම ඊට එරරහි විරෝධතාවන්හි දී කොළඹ විශ්වවිද්‍යාලයේ රෝහණ රත්නායක සරසවි සිසුවාත් ඝාතනය වුණේ. ඒ අවස්ථාවේ ඇතිවුණු සිද්ධිවලට, මට දේශපාලන පක්ෂයක් තිබුණේ නෑ. මට දේශපාලනයට ලොකු උනන්දුවක් තිබුණෙත් නෑ. මම ගණිතය ගැන ආසාවට තමයි කොළඹ විශ්වවිද්‍යාලයට ආවේ. මට ඒ සිද්ධීන් දැක්කම බලා ඉන්න බැරිකමට මැදිහත් වෙලා කොහොම හරි අවුරුද්දෙ අග වෙනකොට මම පළමු වතාවට අන්තරේට - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට කොළඹ සරසවියේ විද්‍යා පීඨ නියෝජිතයා විදිහට සහභාගි වුණා. එය ඒ කාලේ නීති විරෝධි සංවිධානයක්. සරසවි සිසුන්ට එහෙම සංවිධානය වෙන්න, අදහස් ප්‍රකාශ කරන්න ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තිබුණේ නෑ. අහුවුණොත් සිරගත කිරීමේ, අතුරුදන් කිරීමේ, සුදු වෑන් එකක ප්‍රවාහන පහසුකම් ලැබීමේ කාර්යයක් හැටියට තමයි අන්තර් ශිෂ්‍ය බලමණ්ඩල රැස්වීම්වලට සහභාගි වීම සැලකුණේ. එතකොට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු හැටියට හිටියේ කැලණිය විශ්වවිද්‍යාලයේ උපාලි ජයවීර සහෝදරයා. ඊළඟට පේරාදේණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ රන්ජිතම් ගුණරත්නම් සහෝදරයා. දැන් පෙරෙටුගාමි පක්ෂයේ නායකයා ගේ අයියා. ඊළඟට
කොළඹ නීති පීඨයේ සරත් එදිරිසිංහ සහෝදරයා. ඊට පස්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ සේන
මංචාගම සොහොයුරා. ආපහු මොරටුව ඉංජිනේරු පීඨයේ නිමල් බාලසූරිය සහෝදරයා. ඊට පස්සේ මම, අවසාන වශයෙන් අන්තරේට සහභාගි වෙනකොට, ශිෂ්‍යත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලයට ඇවිල්ලා, ලංකාවෙන් ම පළමුවැනියා වෙලා, කොළඹ වෛද්‍ය පීඨයට ආපු වෙනුර එදිරිසිංහ සහෝදරයා.

මේ එක සහෝදරයෙකුටවත් ස්වාභාවික මරණයක් අත්වුණේ නෑ. ඒක තමයි ඇත්ත. අපි දන්නේ නෑ ඒ අය ගෙන් කී දෙනෙක්ව පැහැරගෙන ගියේ සුදු වෑන්වලින් ද කියලා. අපි නියත වශයෙන් ම දන්නවා එවුන් කාටවත් ස්භාභාවික මරණයක් අත් නොවුණු බව. ඔවුන්ව විවිධ ඝාතක කල්ලිවලින් ‘ප්‍රා’ වෙන්න පුළුවන්, කොළකොටි වෙන්න පුළුවන්, එකී නොකී ඝාතන කල්ලිවලින් පැහැරගෙන ගිහින් ඝාතනය කළා කියන කාරණය අපි දන්නවා. ඒ කාලයට ම අදාළයි, කැලණිය විශ්වවිද්‍යාලයේ වෛධ්‍ය පීඨය බවට අද පත්වෙලා තියෙන රාගම ස්ථාපිත කරන්න හදපු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනේදි, පැහැරගෙන ගිහින් අමානුෂික වද දීලා මරාදාපු වෛද්‍ය ශිෂ්‍ය ත්‍රීමා විතාරණ මරණය. ඊට පස්සේ මම දිගින් දිගට ම විස්තර කියන්න යන්නෙ නෑ. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න ගේ ‘ජ.වි.පෙ. දෙවන කැරැල්ල’ පොතේ පෙරළන පෙරළන පිටුවක් ගාණේ තියෙන්නේ, කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්, ඇඹිලිපිටියේ ශිෂ්‍යයන්, පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් ආදි ලෙස ඝාතනය වුණ ආකාරය. ඝාතනය වුණේ එක්කෙනා දෙන්නා නෙවෙයි, 30--40 ගණන්. කියන්න අමාරුයි. තව අපි මතක් කළොත් බන්දුල ගුණවර්ධන මහතාගේ මේ ‘සුදු වෑන් සංස්කෘතිය’ පොත පිළිගන්වන ප්‍රවීණ මාධ්‍යවේදියකු වූ රිචඞ් සොයිසා පැහැරගෙන ගියේ සුදු වෑන් එකකින් ද?, සුදු හෙලි කොප්ටරයකින් ද? ඊට පස්සේ අපි කවුරුත් දන්නා ජ.වි.පෙ. නායකයා, රෝහණ විජේවීර. අපි කවුරුත් දන්නවා මොහු අත්අඩංගුවට පත්වුණු බව. කොත්මලේ ප්‍රදේශය් දී අත්අඩංගුවට පත්වුණාට පසු විවිධ ස්ථානවලට ගෙනගිය බව, ප්‍රශ්න කරපු බව. ප්‍රශ්න කළාට පසු ඔහු ගේ
ප්‍රකාශයක් පටිගත කරලා රූපවාහිනිය මඟින් විකාශනය කරපු විත්තිය. අවසාන වශයෙන් බොරැල්ලේ කනත්තට ගෙනියලා, ඇසින් දුටු සාක්ෂි තියෙනවා දෙපාරක් වෙඩි තියලා, මරණයට පත් නොවී සිටිය දී පණපිටින් උඳුනට විසි කරපු බවට. විසි කරලා අළු කරපු බවට මේවාට ජ.වි.පෙ.න්, එක්නැලිගොඩට වුණු දේ අහන එක හොඳයි, කාගෙත් මරණවල ඇත්ත දැනගන්න අවශ්‍යයි, හැබැයි තමන්ගේ නායකයා ගේ ඝාතනය ගැන පක්ෂයේ ඉන්න අයවත් කතා කරන්නේ නෑ. ඒ පක්ෂයේ ඉන්න ඇය ඇත්ත ඉල්ලන්නේ නෑ. දඬුවම් දෙන්න කියලා ඉල්ලන්නේ නෑ. අද ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ සුදු වෑන් සම්බන්ධයෙන්, චෝදනා නඟනවා. හරියට එතුමා පටන් ගත්තා වගේ. මොන විහිළුද? ඒ කතා කරන සිද්ධි ඔක්කොම අයිති වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා ගේ පළමුවෙනි ධුර කාලයට, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පැවුණ, මරාගෙන මැරෙන බෝම්බ පිපිරිච්චි, ඒ බෝම්බ පිපිරීමට පෙර නිශ්ක්‍රීය කිරීම සඳහා හමුදා ඔත්තුකරුවන්, හමුදා සෙබළුන් කටයුතු කරපු යුගයක් ඒක. ඒ යුගයේ තමයි ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙන්නේ.

ජනමාධයවේදීන්ට පහරදීම සම්බන්ධ සිද්ධි සියල්ල ම අදාළ වෙන්නේ. මම කියන්නේ මේ ත්‍රස්තවාදයට එරෙහි අරගලය තිබුණු නිසා මේවා සාධාරණ යි කියන එක නෙවෙයි. එතැනින්  පස්සෛ් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගේ තව පාලන යුගයක් තියෙනවා. 2005 - 2009 එක යුගයක්. 2010- - 2015 තව යුගයක්. මේ පාලන යුග දෙකේ දී ම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා. සුදු වෑන්වල පැහැරගැනීම්, ඝාතන දැන් ඝෝඨාභය මහතා ගේ සිරිතක් නම්, නැත්නම් පෙළඹවීමක් නම්, 2010 - 20-15 කාලයේ මේ කිසිම සිද්ධියක් වාර්තා නොවෙන්නේ කොහොමද? උදය ගම්මන්පිල මහතා  පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහලා හැන්සාඞ් ගතවෙලා තියෙනවා. රජය වෙනුවෙන් ඒ වෙලාවේ ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා පිළිතුරු දෙනවා, මහින්ද රාජපක්ෂ මහතා ගේ දෙ වන පාලන කාලය සම්බන්ධයෙන් එවැනි එක ම චෝදනාවක් නැත කියලා. සුදු වෑන් නැත කියලා. පළමු වෙනි පාලන යුගයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් වෙන ගමන් ම බලවත්, මුරණ්ඩු, අහංකාර හමුදාපතිවරයෙක් සිටියා. ඔහු දැනුත් ප්‍රසිධියේ කියනවා මම දන්නවා නම් මූව ඒ කාලයේ ඉවර කරනවා කියලා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුණ කාලේ රනිල් වික්‍රමසිංහ මහතාත්, එජාපයේ එවකට සිටි ප්‍රබලයෙක් වුණු ජෝශප් මයිකල් පෙරේරා මහතාත් දෙදෙනාම පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරනවා මේ ඝාතනය හමුදාපතිවරයා යටතේ ක්‍රියාත්මක වුණු හමුදා ඛණ්ඩයකින් සිද්ධ කළා කියලා. අනිත් අතට ගත්තාම සරත් ෆොන්සේකා මහතා හමුදාපති වුණ ගෝඨාභය රාජපක්ෂ මහතා ලේකම් වුණ යුගයේ යම් යම් සිද්ධි තිබුණා නම් සරත් ෆොන්සේකා මහතා තනනුර හැරගියාට පස්සේ ඒත් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් වශයෙන් ඉන්දැද්දි එහෙම සිද්ධි නැත්නම්, අපි අර ෂර්ලොක් හොම්ස් විදියට හිතුවොත්, පළමුවෙනි සැකකාරයා වෙන්න ඕන කවුද? මම ඔබ හමුවේ ඒ ප්‍රශ්නය තියලා මේ පිළිබඳ මගේ අදහස් දැක්වීම නතර කරනවා.

ඊළඟට මේ සිද්ධ වුණේ, ඉඩමේ මායිමට මිනිස්සු රණ්ඩු වෙන්නේ, මරා ගන්නේ, ඒ වගේ එජාපයත් - ජවිපෙත් මරා ගැනිල්ලක් පමණ ද? මගේ අදහස මේක ඊට වඩා භ්‍යානකයි කියන කාරණය. 83 කළු ජූලිය නිර්මාණය වුනේ කොහොම ද? මගේ වටහා ගැනීම නම් 1977න් පස්සේ එජාපය යනු දේශපාලන බලය වෙනුවෙන්, මොනම දේශපාලනයකටවත් අදාළ නැති අහිංසක අසරණයන් පවා ඝාතනය කරන්න දෙපාරක් නොහිතපු කෲර අධම පාලනයක්. ඔබතුමාලට මතක ද දන්නේ නෑ, මම එතකොට උසස් පෙළ පාසල් ශිෂ්‍යයෙක්, එ හමුදා සොල්දාදුවන් 10 ඝාතනය වුණාම, ප්‍රථම වතාවට මේ රටේ එහෙම දෙයක් සිද්ධ වුණේ. ජනතාව අතර විශාල කැළඹීමක් ඇතිවුණා. ගම්වල මිනිස්සු ඒ හමුදා ගෙවල්වලට එක්රොක් වුණා. විරෝධය තිබුණේ ජේ.ආර්. එක්ක. ඒ වොකොට සරච්ඡන්ද්‍ර මහත්තයට පහර දීලා, සෝභිත හමුදුරුවන්ට කාණුවේ දාලා පහර දීලා, ගැටඹේ පන්සලට කටු කම්බි ගහලා, මිනිස්සු කිව්වෙ එළාර නැවත ඉපදිලා කියලා.

හමුදාවේ ගෙවල්වලට මිනිස්සු එක්රොක්වුණා. ආණ්ඩු විරෝධී, එජාප විරෝධයත් එක්ක ජේ.ආර්.
විරෝධයක් එක්ක. ඒ නිසා ඒ සිරුරු ගම්වලට යැව්වේ නෑ. ගෙනාවා බොරැල්ල කනත්තට. මිනිස්සු බස් පිටින් ආවා කනත්තට. මිනිස්සු කිව්වෙ දෙමළ ගෙවල් ගැන කතාවක් නොවෙයි. එතැන කතා වුණේ යමු වෝඞ් පෙදෙසට කියලා. ජේ.ආර්. ජනාධිපතිතුමා ජීවත් වුණේ වෝ පෙදෙසේ. එතැන තිබුණේ ආණ්ඩු විරෝධය, ජේ.ආර්. විරෝධය. ඒ විරෝධය නොමග යවන්නට ඒ මිනිසුන් අතරට එජාප මැරයන් ඇතුළු කරලා කනත්තෙන් එළියට එනකොට ම දෙමළ කඩ සහ ගෙවල් ගිනි තිබ්බා. මේක නිකම් මරා ගැනිල්ලක් නෙවෙයි. මේක දේශපාලන බලය වෙනුවේන අර මීයන් ගානට, මැසි මදුරුවන් ගානට මිනී මරන්නට දෙපාරක් නොහිතපු පාලනයක් පිළිබඳ කතාවක්.

ලේ වැකි කුමන්ත්‍රණවලින් බලය තියාගන්න කටයුතු කරපු තවත් අවස්ථා දෙකක් විතරක් කියන්න අවසර දෙන්න. මහින්ද රාජපක්ෂ මහතා ගේ යුගයේ සිදුවූ අලුත්ගම සිද්ධිය, මගේ අදහස ඒකත් ලේවැකි කුමන්ත්‍රණයක්, බොදුබල සේනාව ඒකේ ගොදුරක් වුනා. අශෝක අබේගුණවර්ධන යහපාලනය ගේන්න කටයුතු කරපු එක චරිතයක්. පොතකුත් ලිව්වා ඒක ජයග්‍රහණය කරපු ආකාරය ගැන ‘යුග පෙරළිය’ කියලා. ඒ පොතේ තියෙනවා මහා දූරදර්ශී චම්පිකයාණෝ හැඩිගල්ලේ විමලසාර හාමුදුරුවන්ට කිව්වලු දැන් ඔබ වහන්සේ මාධ්‍ය සාකච්ඡාවක් තියන්න. තියලා කියන්න දැන් ජාතික හෙළ උරුමයෙන් වැඩක් නෑ කියලා. මේ චම්පික කියන්නේ, අශෝක ලියන්නේ. දැන් වැඩක් තියෙන්නේ බොදුබල සේනාවෙන් කියලා, ප්‍රසිද්ධියේ කියල ජාතික හළ උරුමයෙන් ඉල්ලා අස්වෙලා ගිහින් බොදුබල සේනාවට  එකතුවෙලා ඔබ වහන්සේ අවශ්‍ය කාර්යභාරය පටන් ගන්න කියලා. මේක ලිඛිතව තියෙනවා. අශෝක මේ පොත ලියලා මුද්‍රණය කරලා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දෙන්නම ඉන්න සභාවක එළිදක්වලා දැනටත් පොත තියෙනවා. දැන් යහපාලනය ආවට පස්සේ ජාතික හෙළ උරුමය වැඩක් නෑ කියලා බොදුබල සේනාවට ගිය හැඩිගල්ලේ හාමුදුරුවෝ මෙන්න ජාතික හෙළ උරුමයේ ලේකම් වෙලා, චම්පික රණවකගේ දකුණු අත පැත්තෙන් ඉඳගෙන මාධ්‍ය සාකච්චාවල. ඒ මරණවල ලේ මේ ගොල්ලගේ අත්වල ගෑවිලා නැද්ද? මේ දේශපාලන බලය සඳහා අර විද්‍යාගාරවල ඉන්න බල්ලන් බළලුන් වගේ මිනිසුන් භාවිත කරන අධම පාලක ජුන්ටාවක්.

ඊළඟට දිගන සිද්ධිය. නාමල් කුමාර ගේ හඬ පටවල තියෙන ඒවා අහගෙන ඉන්න. දිගන සිද්ධියට සම්බන්ධ බොහෝ අය ඩී.අයි.ජී. නාලක ගේ වාහනයේ තැනින් තැනට ගිහින් බස්සලා තියෙනවා. දිගන සිද්ධියෙන් මොකද වුණේ? පොදුජන පෙරමුණ නමින් පක්ෂයක් අලුතින් හදලා, ලංකා ඉතිහාසයේ පළමු වතාවට පාලන බලය නැති පක්ෂයක් අලුත් පක්ෂයකට නොවෙයි, මේ රටේ ආණ්ඩු බලය නැති එක පක්ෂයකටවත් බැරිවුණ එක ප්‍රාදේශීය සභා ජයග්‍රහණය කරන්න. ඒ වගේ ම ප්‍රධාන පක්ෂ දෙකින් වෙල්වෙලා ගිහින් හදපු එක පක්ෂයකටවත්, චන්ද්‍රිකා මහත්මිය උත්සාහ කළා. මෛත්‍රීපාල සේනානායක මහතා උත්සාහ කළා. ලලිත් ඇතුලත්මුදලි , ගාමිණී දිසානායක, ප්‍රේමචන්ද්‍ර උත්සාහ කළා. ඒ කාටවත් කරන්න බැරිවුණ දේ. ජනතාව ඒ පක්ෂය ජයග්‍රහණය කෙරෙව්වා. ඒ ජයග්‍රහණය සමරන මහා රැළිය තියන්න තිබ්බෙ නුගේගොඩ. මොකද වුණේ? ඇයි තියන්න බැරි වුණේ? දිගන සිද්ධිය නිසා ද? දිගන සිද්ධිය නිසා ජාතිවාදී කලබල ඇතිවෙයි කියන බියට. මාධ්‍යවල ඒ ජයග්‍රහණය ගැන කතා කරන එක පැත්තකට දාලා දිගන සිද්ධිය ගැන කතා කරන්න ගත්තා. මේවා අහඹුද? මං හිත්නේ නෑ අහඹු සිදුවීම් කියලා. ඊළඟට 88 - 89 ඊටත් වඩා භයානකයි. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා 88 - 89 දී කරපු කටයුතු ඊටත් භයානකයි. දැන් හෙට අනිද්දා ධර්ම ගේ පොතක් එළිදැක්වෙනවා. ඒ පොතේ අර ඝාතකයා ගේ ලයනල් ගේ, ඝාතන ගැන කියවෙනවා. දැන් ලයනල් හරහා ඝාතනය වුණු චරිත අරන් බලන්න, කාට අභියෝගයක් වුණු චරිත ද ඝාතනය වුණේ කියලා? විජය කුමාරතුංග එදා දවසේ ජ.වි.පෙ.ට මහා අභියෝගයක් ද, නැතිනම් ජනාධිපතිවරණයේ දී යම් හෙයකින් විජය කුමාරතුංග
ඡන්දෙ ඉල්ලුවා නම් අභියෝගය කාට ද? ජනාධිපතිවරණයේ දී ප්‍රේමදාස මහතා අමතන්නෙත්, විජය කුමාරතුංග මහතා අමතන්නෙත් එක ම පංතියකට නෙවෙයි ද? ඊට පස්සේ ඝාතනය කරපු මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර, එජාපයේ මහාලේකම් නන්දලාල් ප්‍රනාන්දු, මේ අය, ඒ ඝාතනවල මුල නම් ටික කියෙව්වොත් ජේ.ආර්. ජයවර්ධන මහතා වෙනුවෙන් එජාපය දුවවපු පුද්ගලයෝ. ඒඅය ඝාතනය කරලා මං දන්නේ නෑ ජවිපෙට ලබා ගන්න පුළුවන් දෙයක් තිබ්බා ද කියලා. ඊළඟට ඒ දිනවල කතාවක් පැතිරුණා ජේ.ආර්. මහත්තයා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් 3 වැනි වතාවටත් ඉල්ලන්න යනවා කියලා. සතියක් ගියේ නෑ ඝාතනයක් සිද්ධ වුණා. කාවද ඝාතනය කළේ? ග්ලැඩිස් ජයවර්ධන මහත්මිය. රාජ්‍ය ඖෂධ සංස්ථාවේ එවකට සශාපතිතුමිය. මොනම ආකාරයකටවත් දේශපාලනයට සම්බන්ධ නෑ. ජේ.ආර්.ගේ ඥාතියෙක් විතරයි. මම දන්නේ නෑ ඇත්ත ද කියලා. ඒ දවස්වල කතාවක් ජනයා අතර පැතිර ගියා. ඝාතනයෙන් පස්සේ රණසිංහ ප්‍රේමදාස අගමැතිතුමා ජේ.ආර්. ජයවර්ධන මහතාට කිව්වලු ව්‍යවස්ථා සංශෝධනය ගෙනැල්ලා ඡන්දය ඉල්ලන්න ගියොත් අනිත් ඥාතීන්ටත් මේ ඉරණම අත්වෙන්න පුළුවන් කියලා. මේව ගැන ගැඹුරින් හිතන්න ඕන නැද්ද?

ඊළඟට මට ම පෞද්ගලික සම්බන්ධ සිද්ධියක්. ඒ කාලේ ජවිපෙත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයත් ප්‍රධාන ම සටන් පාඨය වුණේ ජේ.ආර්. මරවු කියන එක. රණසිංහ ප්‍රේමදාසට දුන්නා අපේක්ෂකකම. අපි අන්තරේ පැය 4කට වඩා වාද කළා සටන් පාඨය වෙනස් කරගන්න. ජේ.ආර්. ඉල්ලන්නෙත් නැත්නම්, ජේ.ආර්. මරවු කියලා පෝස්ටර් අලවලා අහවල් දේකට ද අපි හිතේ යන්නේ. ප්‍රේමදාස පිළිබඳ සටන් පාඨයකට පැය 5කට කිට්ටු වුණාට පස්සේ තමයි, මේ භීෂණය තියෙද්දි තමයි මේ පැය 5ක් වාද කරන්න වුණේ. කොළඹ විශ්වවිද්‍යාලයේ සහෝදරයන් ගේ මතයට අවසාන වශයෙන් චම්පික එකඟ වුණ නිසා. අපිට තීන්දුවක් ගන්න පුළුවන් වුණා ප්‍රේමදාසට විරුද්ධව පෝස්ටරයක් ගහන්න. ගැහුව ද එහෙම? ලංකාවේ එක විශ්විවිද්‍යාලයකවත් ගැහුවේ නෑ, කොළඹ හැර. අපි විතරයි ගැහුවේ. දැන් කොළඹ විශ්වවිදයාලයේ නීති පීඨයේ පාරට පේන්න ලොකුවට ගහලා තියෙනවා ප්‍රේමදාසට විරුද්ධව පෝස්ටර්.

එදා පාර්ලිමේන්තුවේ (මේවා හැන්සාඞ් එකෙත් තියෙනවා) අගමැතිතුමා කතා කරමින් කියනවා,  එතුමාත් මේ අද වගේ ම යි කිවුවෙ එතෙක් වුණු ඝාතන, ඉන්දු-ලංකා ගිවිසුම, ඉන්දියන් හමුදා මෙරටට ඒම එතුමා සම්බන්ධ නෑ කියලනේ. එතුමා අලුත් ම මිනිහෙක් අද වගේ, පුතා වගේ ම - එතුමා කියනවා මේ විශ්වවිද්‍යාල ප්‍රජාව ඉන්නෙ මාත් එක්ක කියලා. මේ සිය ගණන් මැරෙද්දි. එතකොට රිචඞ් පතිරණ මන්ත්‍රීතුමා නැගිටලා කියනවා, අගමැතිතුමා විහිළු නොකර ඉන්න, අන්න කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ දැන් ඔබතුමාට විරුද්ධව පෝස්ටර් ගහලා කියලා. එතකොට මේ එජාපයේ අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී කියනවා එහෙම වෙන්න බෑ. මේ ප්‍රේමදාස කියනවා ශිෂ්‍යයෝ මට විරුද්ධව පෝස්ටර් ගහන්න බෑ. දැන් මේ අපි මාරාන්තික පැය 5ක් වාද කරලා ඔය පෝස්ටරයේ තීරණය ගත්තේ. ‘ගහලා තිබ්බොත්, රිචඞ් පතිරණ මන්ත්‍රීතුමා අහනවා වැරදිලාවත් ගහල තිබ්බොත් මම ඊළඟට පාර්ලිමේන්තුව රැස්වෙන දවසේ ඊට පිළිතුරු දෙනවා කියලා අගමැති උත්තර දෙනවා. එච්චර විශ්වාසයක් කොහෙන් ද එයාට. විශ්වවිද්‍යාලේ  අපි එජාපය එක්ක මරාගෙන ගහන පෝස්ටර් ගැන එයා දන්නේ කොහොම ද, එහෙම උත්තර දෙන්න.

ඊට පස්සේ සිද්ධීන් දෙකක් තියෙනවා මතක් වෙන. 2003 රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වුණාම, රුක්මන් සේනානායක මහතාට නොසලකා හැරියාම එතුමා ලංකාදීපයට දීපු පුවත්පත් සාකච්ඡාවේ, පැහැදිලි ව කියනවා ‘අපි ඒ භිෂණ යුගයේ එජාපය බේරාගත්තේ ඔය කැරලිකාරයන්වත් අපේ ගෙවල්වල තියාගෙන කන්න බොන්න දීලා’ කියලා. ඒ කිව්වම මට මතක් වුණා, ඒක ඇත්ත. එදා 1988 බන්දුල ගුණවර්ධන මහතාට මතක ඇති, දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා මුල් කරගෙන සිරිමාවෝ මැතිණිය ගේ නායකත්වයෙන් අපි ජාතික පෙරමුණක් හදන්න හැදුවා, එදා එජාප පාලනයට එරෙහිව. පෙරමුණක් හදලා සිරිමාවෝ මැතිණිය ජනාධිපතිවරයෙන් දිනවල ඒ භීෂණයෙන් මේ රට බේරාගන්න. ඒ සාකච්ඡා ඉතා සාර්ථකව ඉදිරියට ගෙන ගියා. ඒත් ඒ පෙරමුණ තුළට ඇවිල්ලා ඒකෙ සාකච්ඡා කඩාකප්පල් කළේ රුක්මන් සේනානායක මහතා. ඒ වෙනකොට ඔහු එජාපයෙන්, මං හිතන්නේ අර චම්පික ගේ හාමුදුරුවෝ වගේ ම ඉවත් වෙලා. ව්‍යාජ අලුත් පක්ෂයක් හදාගෙන ඒ පෙරමුණේ සාමාජිකයෙක් හැටියට ඉඳිමින් දිගින් දිගට ම මැතිණියට වඩා ජවිපෙට වැඩි බලතල දියයුතු බවට යෝජනා ගෙන එමින් ඒ පෙරමුණ කඩාකප්පල් කළා. ඒ දවස්වල අන්තරේ සහෝදරයොත් නතරවෙලා හිටියා ඒ ගෙදර. චම්පික සාක්ෂි දරයි මේ ගැන. අපි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණඩලයේ අරගලයක් කරන කොට මේ පෙරමුණට එකතු වීමෙන් තොරව ශිෂ්‍යයන් ගේ ජීවිත බේරාගන්න බෑ, දෙවියන් ගේ නාමෙට මේකට එකඟ වෙන්න, ඊට පස්සේ දේශපාලන වශයෙන් වෙනස්කම් තියෙනවා නම්, එජාප රජය පරදා, ඊට පසු ඒ ගැන කටයුතු කරමු කියලා, ජ.වි.පෙ. සහෝදරවරු කිව්වේ, ‘අතරමැද නවාතැන් නෑ’ කියලා. ධම්මික මහත්තයා (ජවිපෙ ශිෂ්‍ය අංශය භාරව හිටියෙ, පසුව ඝාතනය වුණා) මට තර්ජනය
කළා. ‘සහෝදරයා නිහඬවෙන්න, සෙල්ලම් කරන්න එපා, මේ වෙලාවේ අපේ සහෝදරවරු මාරාන්තික ආවේශයකින් ඉන්නේ, සහෝදරයා ගේ ජීවිතේ අනතුරේ දාගන්න එපා, සහෝදරයා ඔය පෙරමුණ අත හරින්න, ඔය වලව් පස්සේ යන්න එපා’ එහෙමයි මට කිව්වේ. සේනානායකලා ගේ වුඞ්ලන්ඞ් වලව්වෙන් කනබොන ගමන් තමයි කිව්වෙ. ඒ අය ප්‍රේමදාසව දිනවන්න කරන්න පුළුවන් සියලුම දේ කළා. ජවිපෙ සහෝදරවරු කියනවා, ‘නෑ නෑ, සමාජවාදය ඕන නෑ, ඊට ඉස්සර ගොඩක් දේවල් කරන්න පුළුවන්’ කියලා. අඩුම ගානේ හැට දාහක් තරුණයෝ බේරාගන්න තිබුණා නේද අපේ සහෝදරයෝ, අපේ පරම්පරාවේ හොඳම ක්‍රියාශීලීන්, මොන පක්ෂයේ හිටියත් හැට දාහක් බේරාගන්න තිබුණා, ඉන්දු ලංකා ගිවිසුම ආපහු හරවන්න තිබුණා, පළාත් සභා එදා අහෝසි කරන්න තිබුණා, මැතිණිය දිනෙව්වා නම්. එහෙම නම් මවුබිමට වෙනත් ගමනක් යන්න තිබුණා. මේ අය දැනුවත් ව ප්‍රේමදාස මහතා දිනෙව්වා. ඡන්දෙ දාන්න එපා කියලා, ඡන්දෙ දාන අයට වෙඩි තියනවා කියලා, ඇඟිලි කපනවා, අත් කපනවා කියලා, භීෂණයක් මවලා, අහිංසක පුරවැසියන් ගෙදර ඉන්දලා, ප්‍රේමදාස ගේ මැර හමුදාවට ඡන්ද පෙට්ටි පුරවා ගන්න දුන්නා.

දැන් මං අහන්නේ මේ මොකක් ද වුණේ? මේක හුදු උපක්‍රමික ක්‍රියාවලියක් ද? නැත්නම් සම්පූර්ණ සැලසුම් සහගත ක්‍රියාවලියක් ද? මං දන්නේ නෑ. සයිමන් නවගත්තේගම, මම දකින ආකාරයට නිදහසින් පස්සෙ ලංකාවේ අපිට ඉන්නවා විශිෂ්ට නවකතාවකරුවන් දෙන්නෙක්, ටෝල්ස්ටෝයි හා ඩොස්ටොව්ස්කි වගේ. ගුණදාස අමරසේකර හා සයිමන් නවගත්තේගම. ඒ නවකතාවකරුවන් දෙදෙනා ගෙන් මම හිත්නනේ නෑ ඔබතුමන්ලා, ඒ ප්‍රාඥයෝ දෙන්නා ගෙන් රට වෙනුවෙන් වැඩක් ගත්තා කියලා. සයිමන් නවගත්තේගම මහතා ජීවත්වීම සඳහා ප්‍රේමදාස අගමැති ළඟ රස්සාවට ගියා. එතුමා පොතක් ලිව්වා, ‘ක්ෂීර සාගරය කැළඹිණි’ කියලා. මේක පළවෙන්නේ 1990 වසරේ, අර මහා භිෂණය ඉවර වෙනකොට මේ පොත ලියනවා. ඔබ දන්නවා ඇති අමෘතය හොයා ගත්තේ ක්ෂිර සාගරය කළඹළා. මං හිතන්නේ, මේ පොත තුළින් එතුමා ලබාගත් යම්කිසි අවබෝධයක් රට හමුවේ තබනවා. ඒ අවබෝධය තමයි ක්ෂිර සාගරය කළඹළා ලබාග න්නේ. මේ පොතේ එක චරිතයක් තමයි අධිරාජයා. අනෙක් චරිතය කැරලිකාරයෙක්. තව චරිත තියෙනවා. පොතේ අන්තිමට කියවනකොට මේ දෙන්නම එකයි. අධිරාජයා තමයි කැරැල්ල ගහලා තියෙන්නේ.

මං මේ කියන්නේ සරල දෙයක් නොවෙයි. මේක බොහොම භයානක කතන්දරයක්. මං මේ කියන්නේ වසූරිය නැතිකරන්න වසූරිය විෂබීජ භාවිතා කරනවා වගේ, ඒ තරුණයන් ගේ කැරලිකාරත්වය සම්පූර්ණයෙන් ම ලෙයින්. යකඩින් මර්දනය කරලා දාන්න, ඒ අය ම ද මේ කැරැල්ල ඇති කළේ කියන බරපතල ප්‍රශ්නය යි මම ඔබ ඉදිරියේ තබන්නේ. දැන් සත්‍ය සෙවීමේ කොමිෂන් ගැන කියනවා. මං හිතනවා ඔබතුමාලට යුතුකමක් තියෙනවා මේ රටේ ජනතාවට ඇත්ත හෙළිදරව් කරන්න. අපිට ඇත්ත දැනගන්නඕනෑ. මිනීමරු ලේපිපාසිතයන් ගෙන් මව්බිම සැබවින්ම නිදහස් කර ගැනීම අපි අද හෝ කළ යුතු යි. මේ භයානක යථාර්ථය තරුණයන් ගේ, මිනිසුන් ගේ ජීවිත ගැන මොනම ආකාරයකටවත් තැකීමක් නැති තමන් ගේ විරුද්ධකාරයා ගේ පමණක් නොවෙයි, තම දේශපාලන ඉලක්ක සඳහා ඕනෑ ම අහිංසකයෙක් ඝාතනය කිරීමට දෙවරක් නොසිතන දේශපාලනය අපි අවසන් කළ යුතු යි. මේ භයානක යථාර්ථය ගැඹුරින් අවබෝධ කරගෙන මව්බිම මේ ලේ තැවුරුණු දේශපාලනයෙන් නිදහස් කරගැනීමට කටයුතු කරන ලෙස උදක් ම ඉල්ලා සිටිනවා. මේ නොවැම්බර් 16 ඡන්දය ඔබ ඒ වෙනුවෙන් යොදාගත
යුතු යි.

www.aruna.lk

යුතුකම සංවාද කවය
www.yuthukama.com


Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions