ජනාධිපතිවරණය නිම වී සති තුනකට
ආසන්නය. එහි උණුසුමත් එහි සටන් පාට වල උණුසුමත් කෙමින් කෙමින් මැකී යයි.
යහපාලනය නමැති පොත පෙරලන පෙරලන දවස නැවත එනතෙක් එය අකුලා පෙට්ටගම් ගත
කරමින් තිබේ. මා මෙහිදී කතා කරන්නට අදහස් කරන්නේ එය නොවේ. එහෙත් එය සදහන්
කිරීම මගේ කතාව සදහා වැදගත් වේ. මම ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාවේ නොවන අතර
පසුගිය අවුරුදු කිහිපයම මම ලොව දියුණු රටවල් කීපයක ලොව පිළිගත් රැකියාවක්
කරමින් වාසය කරමි. එමනිසා උක්ත සදහන් යහපාලනය නමැති වචනය මෙන්ම පසුගිය
කාලය පුරා ශ්‍රී ලංකික දේශපාලනයේ දෝලනය වූ වචන එම වචන වල පරිසමාප්ත
අර්ථයෙන්ම මම වටහාගෙන සිටිමි. එයින් මා සදහන් කරන්නේ මම මහින්ද පාලනයේ දුර්වලතාත් මෛත්‍රී පාලනයේ පුරව අර්ථ කථනයත් හොදින් තෙරුම් ගැනීමට හැකියාව
ඇති බව පැවසීමටය. මා මෙසේ මෙය පටන් නොගතත හොත් මෙය කියවන්නා මා බොහෝ පටු
රාමුවකට ලගු කොට දක්වනු ඇත.
ඉක්මනින් අමතක වන ශ්‍රී ලාංකිකයා
ශ්‍රී
ලංකාවේ මිනිසුන්ට යම් දෙයක් මතක තිබෙන්නේ ඉතාමත් කෙටි කාලයකි. මතක
තිබුනත් එය සිදුවීමක් පණනි. එහි ඇති වටිනාකම සහ හරය පිළිබද සියල්ල
ඉතා ඉක්මනින් අමතක වේ. යම් පුද්ගලයන් එය ශ්‍රී ලංකිකයන්ගේ ජාන වලම ඇති
දෙයක් යි අර්ථ දැකුවත් මම දකින්නේ එය ශ්‍රී ලාංකික අධ්‍යාපන ක්‍රමයේ ඇති
අඩුපාඩුවක් ලෙසය. 1947 අගෝස්තු - සැප්තැම්බර් මහා මැතිවරණයේ සිටත් , 1982
පළමු ජනාධිපතිවරණයේ සිටත් අද දක්වා ඇති සියලු මැතිවරණත් ඒවායේ ප්‍රතිපත්ති
ප්‍රකාශන මෙන්ම වේදිකා මැතිවරණ පොරොන්දුත් මැතිවණය අවසන් වූ සැනින් අමතක කර
ඇත. මෙය මෙසේ සිදු වන බව දන්නා ශ්‍රී ලංකික දේශපාලකයා ජනතාව මහා දවාලේ
ගොනාට අන්දවමින් සිටියි. අලුත් මැතිවරණයකට අවශ්‍ය වන්නේ පරණ මැතිවරණයේම
යොදාගත් පොරොන්දු සහ කාලීනව මිනිසුන්ට දැනෙන කරුණු කිහිපයකුත් එය සියල්ල
මිශ්‍ර කරන සිත් දිනා ගන්නා වචන වලට පෙරලීමත් පමණි. මෙයට උදාහරණ පසුගිය
2010 ජනාධිපතිවරණයත්, එයට අසන්න මැතිවරණ සිට පසුගිය ජනාධිපතිවරණය දක්වා
දේශපාලන වේදිකාවේ සිට හරවත් යයි තම මාධ්‍ය ආයතන වලින්ම කියාගන්නා වැඩසටහන්
දක්වා ඉස්මතු වූ කරුණු කීපයක් සලක බලමු.
කොම්පුටර් ජිල්මර්ට්:
2010
මැතිවරණයෙන් පසු, හැකියාවක් නැති එහෙත් පිනට පක්ෂ නායකත්වයට පත් සෝමවංස
අමරසිංහ, අනුර කුමාර ඇතුළු JVP අනුගාමිකයනුත් (දැන් පෙරටුගාමින් කියාගන්නා
පිරිසත් ඇතුලුව ), ශ්‍රී ලංකික දේශපාලනය පිළිබද සාමාන්‍ය දැනීම අල්ප වූ
එහෙත් මහින්ද පාලනය මෙන්ම අවිධිමත් ශ්‍රී ලාංකික මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරවූ සහ එම මැතිවරණයෙන් පසු බන්ධනාගර ගතවීමට සිදු වූ සරත් ෆොන්සේකා ඇතුළු නව
ප්‍රජාතන්ත්‍රවාදී අනුගාමිකයනුත්, ශ්‍රී ලංකික දේශපාලනයේ විටෙක බුද්ධිමත්,
එහෙමනම එයටම සමානට කපටිකමක් සහ අවාසනාවන්ත දේශපාලන නායකත්වය හිමි රනිල්
වික්‍රමසිංහ ඇතුලු අනුගාමිකයනුත් 2010 ජනාධිපතිවරණය අවසන් වූ සැනින් තම
පරාජය සිහි බුද්ධියෙන් වටහා ගෙන එයට ප්‍රතිකර්ම කරනු විනා තමන්ගේ සහ තම
අන්ද අනුගාමිකයන්ගේ දේශපාලන මනස චුන් කිරීමට ශ්‍රී ලංකික දේශපාලන වචන පොතට
තවත් වචනයක් ඇතුලත් කළේය. එනම් කොම්පියුටර් ජිල්මර්ට්. නියමෙටම විකිණිය
හැකි අහිංසක චන්ද දායකයා මෙලෝ දෙයක් නොදන්නා වචනයක් එකතු කළේය. යමකුට මෙයට
සිත් රිදීමට පුළුවන් මම පරිගණකය දනිමි එනිසා මට මෙය තෙරුන් ගැනීමට හැකියාව
ඇත යන්න. එහෙත් පරිගණකය අන්තර්ජාලය සහ ඒ හා සම්බන්ද සිදුකල හැකි අක්‍රමිකතා
අවබෝදයෙන් තෙරුන් ගැනීමට නම ඔබ පරිගණක සම්බන්ධ විශේෂ පුද්ගලයකු විය යුතුය.
එහෙමනම ශ්‍රී ලාංකීය මැතිවරණ පරිගණක මුදුකාංග පද්දතිය එක සහ
එම ජාලය පිලිබදවත් අවබෝධයක් තිබිය යුතුය. එහෙත් ශ්‍රී ලංකික චන්ද දායකය තම
දේශ පාලකයා පැවසු එම වදන ඉස්මුදුනින් පිලිගෙන "කොම්පුටර් ජිල්මර්ට්"
වමාරන්නට පටන් ගත්තේය. පුද්ගලිකව මම පරිගණක සහ පරිගණක ආරක්ෂාව සම්බන්දයෙන්
රැකියාවක නියුතු වෙමි, මම සමගද පරිගණකයේ "MS office " සහ අන්තර්ජාලයේ
facebook සහ වෙබ් පිටුවකට පිවිසීමට හැකියාවක් පමණක් ඇති පුද්ගලයන් පවා
තර්ක කරන්නට තරම් "කොම්පුටර් ජිල්මර්ට්" රෝගය ඉහ වහා ගොස් තිබුණි. නොයෙක
ආකාරයෙන් තම දේශපලයකයා පැල කල අදහස වෙනුවෙන් පෙනී සිට ගත්තේය. එසේ මුග්ධ
ලෙසේ ඒ වෙනුවෙන් පෙනී සිටීයේ තම පරාජය නිහතමානිව බාරගැනීමට නොහැකිවීමත්, තම
ප්‍රතිපල පිළිගත නොහැකි නම් එයට සාදාරණ පිළිගත හේතුවක්, අක්‍රමිකතාවක්
හොයා ගන්න බැරි වූ එහෙත් තම මනස චුන් කර ගැනීමට වෙහෙස වූ දේශපාලකයා මෙන්ම
ඉතා කෙටි මතකයක් ඇති දේශපලකයා බොරු කියන බව අමතක කල, දේශපලයකගේ වදන් වලින්
රැවටුන චන්ද දායකයාය. 2010 ජනාධිපතිවරණයේ පරිගණක සම්බන්ද කරමින් අවසන්
ප්‍රතිපලය වෙනස් කලේද නැද්ද? මගේ පුද්ගලික මතය එසේ කලේ නැත යන්නය. එහෙත් එය
එසේ නොකළේය යන්න තහවුරු කිරීමට විධිමත් පරීක්ෂණයක් සිදු කලේද නැත.
පසු කාලීනව සෝමවංස ප්‍රසිද්ධියේ කිහිප විටෙක "කොම්පුටර් ජිල්මර්ට්" බොරුවක් බව පවසා සිටියත් එයම වැමරු කිසම වගකීමක් නැති සහමර දේශපාලකයන් එයම පවසා සිටියා. පසු ගිය මැතිවරණයේත් එය අඩු වශයෙන් බාවිතා වුනි. එහෙත් එය බොරුවක් බව දන්නා දැනට ශ්‍රී ලංකික යහපාලනයේ පියවරුන් විදිහට කටයුතු කරන චම්පිකවත්, අනුරවත් කතා කරන්නේ නැත. 2005 සිට සිදුවූ අනෙක් වැරදි සෙවීම අරම්භ කරන බව පවසා සිටියත් මෙම "කොම්පුටර් ජිල්මර්ට්" ගැන කෙල බින්දුවක් වත් නොහෙලිමට පරෙස්සම් වේ. චම්පිකට චම්පිකගේ අලාපාලු වේවත් මෙවන් දෙයක් සදහන් නොවීමෙන් තවත් තවුරුවන්නේ පසු ගිය 2010 එවන් දෙයක් සිදු නොවූ බවය. ශ්‍රී ලංකික දේශපාලනය "ප්‍රා" නමැති දේශපාලන වචනය එකතු කල සහ ඉතාමත් නින්ධිත දේශපාලන ගමනක් ඇති රාජිතත් 2010 "කොම්පුටර් ජිල්මර්ට්" ගෙන වචනයක් කතා කරන්නේ නැත. වැඩි දෙයක් තියා 2010 ආණ්ඩු පක්ෂ සන්ධානයේ ප්‍රධාන පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් වූ වර්තමාන ගරු ජනාධිපති තුමවත් වචනයක් මෙම "කොම්පුටර් ජිල්මර්ට්" ගැන කතා කරන්නේ නැත. ප්‍රගතශීලි මධ්‍යස්ත මතධාරී චන්ද දායකයා මෙය වෙනුවෙන් දැන් පරීක්ෂණයක් ඉල්ලා සිටිය යුතුය. මැතිවරණ දෙපාර්තමේන්තුවේ පසුගිය චන්ද ප්‍රතිපල වාර්තා චන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට අනුකුලව තවමත් ඇත. ආතතිනන්ද වශයෙන්ද හදුන්වනු ලැබූ පසුගිය මැතිවරණට කොමසාරිස් දයානන්ද දිසානායක මහතාද තවම සිටිනවා විය හැකිය.කොලඹ විශ්ව විද්‍යාලිය පරිගණක විද්‍යාලයේ එවකට අධ්‍යක්ෂ ආචාර්ය රුවන් වීරසිංහ මෙන්ම වර්තමාන අධ්‍යක්ෂ මහාචාර්ය ගිහාන් වික්‍රමසිංහත් තවමත් සිටි.
පසු කාලීනව සෝමවංස ප්‍රසිද්ධියේ කිහිප විටෙක "කොම්පුටර් ජිල්මර්ට්" බොරුවක් බව පවසා සිටියත් එයම වැමරු කිසම වගකීමක් නැති සහමර දේශපාලකයන් එයම පවසා සිටියා. පසු ගිය මැතිවරණයේත් එය අඩු වශයෙන් බාවිතා වුනි. එහෙත් එය බොරුවක් බව දන්නා දැනට ශ්‍රී ලංකික යහපාලනයේ පියවරුන් විදිහට කටයුතු කරන චම්පිකවත්, අනුරවත් කතා කරන්නේ නැත. 2005 සිට සිදුවූ අනෙක් වැරදි සෙවීම අරම්භ කරන බව පවසා සිටියත් මෙම "කොම්පුටර් ජිල්මර්ට්" ගැන කෙල බින්දුවක් වත් නොහෙලිමට පරෙස්සම් වේ. චම්පිකට චම්පිකගේ අලාපාලු වේවත් මෙවන් දෙයක් සදහන් නොවීමෙන් තවත් තවුරුවන්නේ පසු ගිය 2010 එවන් දෙයක් සිදු නොවූ බවය. ශ්‍රී ලංකික දේශපාලනය "ප්‍රා" නමැති දේශපාලන වචනය එකතු කල සහ ඉතාමත් නින්ධිත දේශපාලන ගමනක් ඇති රාජිතත් 2010 "කොම්පුටර් ජිල්මර්ට්" ගෙන වචනයක් කතා කරන්නේ නැත. වැඩි දෙයක් තියා 2010 ආණ්ඩු පක්ෂ සන්ධානයේ ප්‍රධාන පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් වූ වර්තමාන ගරු ජනාධිපති තුමවත් වචනයක් මෙම "කොම්පුටර් ජිල්මර්ට්" ගැන කතා කරන්නේ නැත. ප්‍රගතශීලි මධ්‍යස්ත මතධාරී චන්ද දායකයා මෙය වෙනුවෙන් දැන් පරීක්ෂණයක් ඉල්ලා සිටිය යුතුය. මැතිවරණ දෙපාර්තමේන්තුවේ පසුගිය චන්ද ප්‍රතිපල වාර්තා චන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට අනුකුලව තවමත් ඇත. ආතතිනන්ද වශයෙන්ද හදුන්වනු ලැබූ පසුගිය මැතිවරණට කොමසාරිස් දයානන්ද දිසානායක මහතාද තවම සිටිනවා විය හැකිය.කොලඹ විශ්ව විද්‍යාලිය පරිගණක විද්‍යාලයේ එවකට අධ්‍යක්ෂ ආචාර්ය රුවන් වීරසිංහ මෙන්ම වර්තමාන අධ්‍යක්ෂ මහාචාර්ය ගිහාන් වික්‍රමසිංහත් තවමත් සිටි.
කෞතුකාගාරය ඉදිරිපස නිවස, බලාපොකුණ පාරේ නිවස කුලියාපිටියේ පොල්වතු, ඇපලෝ රෝහල:
රාජපක්ෂ ආණ්ඩු කරන කාලයේ පැවති පසුගිය මැතිවරණ වලදින්, දැනට ආණ්ඩු පක්ෂ සන්ධානයේ සිටින බොහෝ දෙනෙක්ගේ සටන් පාට වූ තවත් ප්‍රධාන කාරණාවන් වු කිහිපයකි මේ. ප්‍රසිද්ධ වේදිකාවේ මෙන්ම ප්‍රධාන මාධ්‍යවේදී සටහන් වලත් කිසිම හිරිකිතයක් නැතිව වගකීමකින් තොරව මෙවන් ප්‍රකාශ සිදු කරන ලදී. කෞතුකාගාරය අසල නිවාස නාමල් රාජපක්ෂගේ බවත්, බලපොකුණ පාරේ නිවස බැසිල් රාජපක්ෂගේ බවත් , ගෝඨබය රාජපක්ෂට කුලියාපිටියේ පොල්වතු ඇති බවත්, ගෝඨබය රාජපක්ෂට ඇපලෝ රෝහල අයිති බවත්, සිංහරාජය ආසන්නයේ ඉතා සුවිසල් බංගලා
රාජපක්ෂලාට ඇති බවත්, පැවසීය. දැන් බලයේ සිටින්නේ එසේ කිසි හිරිකිතයක් නැතිව තම පටු දේශපාලන අරමුණ වෙනුවෙන් තම එකම පැවැත්ම වන ඡන්ද දායකයා ගොනාට ඇන්ද වූ පිරිසයි. දැන් ඇත්තේ රන්ජන් රමනායකට අරලිය ගහ මන්දිරයේ ඇති කඩුවක් කෙලින් කරන් සිටීමට වත්, ප්‍රේමදාසට කිසිදිනක අරලිය ගහ මන්දිරයට ගියේ නැති ලෙස විමතියෙන් ඇස් උඩ තියන් සිටීමටවත් නොව ඉහත සදහන් චෝදනා ගැන පරීක්ෂා කිරීම ආරම්භ කිරීමයි. මා මෙසේ පැවසිම ඔබට යම් ආකාරයක විහිලුවක් විය හැක. එහෙත් ඔබ එය විහිළුවක් කොට සලකන තාක් කාලයක් ශ්‍රී ලාංකික දේශපාලයකයා පදනමක් නැති හරයක් නැති කතා වලින් ඔබ මුලා කරනු ඇත. 2008 යම් දිනයකදී, එනම් බලපොකුණ පාරේ ඉහත සදහන් සුවිසල් මන්දිරය (මා වැරදි නැති නම් එය ශ්‍රී ලංකික ප්‍රසිද්ධ ඇගලුම් විකුණුම් කරුවෙකු වන "House of fashion" ආයතන හිමිකරුගේ නිවාස) සාදන කාලයේදී බලපොකුණ පාර, බලහේන මුල්ල පාර, පීටර්ස් මාවත සම්බන්ද වන පෙදෙස නිවසක ජීවත් වන ලාල් මහතා ප්‍රකාශ කර සිටියේ බලපොකුණ පාරේ බැසිල් රාජපක්ෂ පදිංචියට එන බවත් එය එවකට සක්‍රියව පැවතී සිවිල් ආරක්ෂක කමිටුවටද දැනුම් දී ඇති බවත්ය. මෙහිදී මා සදහන් කළේ දේශපාලකයා වගකීමකින් තොරව සිදු කරන ප්‍රකාශ සාමනය ජනතාව කොපමණ විශ්වාස කරනවාද යන්නයි. කණගාටුවට කරණය නම් මෙවන් චෝදනා ප්‍රකාශ කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දුන් මාධ්‍ය වැඩ සටහන්වත් දැන් එම කරුණු වල සත්‍ය අසත්‍යතාව විමසා නොසිටීමයි. ඔවුන්ටද ඉක්මනින් අමතකවී ඇත. නැති නම් ඉක්මනින් අමතක කිරීමට බලදරයන් විසින් බලකර ඇත.
සී-ෂෙල්ස් දුපත්, ඇමෙරිකාවේ නිවාස, පුද්ගලික ගුවන් යානා(chopper), ලම්බෝගිනි, ගෝඨබයගේ මෝරුන්, සුදු අශ්වයන් සහ අලාපාලු කොමිස්.
ආසන්න
පසුගිය මැතිවරණයේ ප්‍රධාන දේශපාලන මාතෘකා බවට පත්වූ චෝදනා කිහිපයකි.
සී-ෂෙල්ස් දුපත් රාජපක්ෂලාට අයිති බව චෝදනා කර දැනට මසක්වත් ඉක්ම ගොස්
නැත. මැතිවරණයෙන් පසුව මෙම සී-ෂෙල්ස් දුපත් වචනය කෙමින් කෙමින් මැකී යමින්
ඇත. ඇමෙරිකාවේ නිවාස ඇති බවත් එම නිවාස වල ලිපිනයන් සමග පින්තුරද ප්‍රසිද්ධ
කරන ලදී. එමෙන්ම එය එවෙලේම බලාගත හැකි වෙබ් ලිපිනයක්ද ප්‍රසිද්ද කරන ලදී. "radaris.com"
යනුවෙන් සදහන් වූ එය කුමක්දවත් නොදන්නා මෝඩ දේශපාලකයා එය ප්‍රසිද්ධ මාධ්‍යවලත් භාවිතා කරන ලදී. "radaris" යනු social media වෙබ් අඩවි වලින් සහ
ප්‍රසිද්ධ ලියකියවිලි වලින් පුද්ගලයන් පිළිබද විස්තර එකතු කර පවත්වාගෙන
යන්නා වූ වෙබ් අඩවියකි. එය කිසි සේත් ඇමෙරිකානු රාජ්‍ය ආයතනයක් නොවන අතර
පුද්ගලයකු යම් අවස්ථාවකදී පදිංචි වී සිටින ලිපිනය ඔවුන් එකතු කර තබා
ගනියි. නැවතත් ඔහු වෙන තැනක පදිංචියට ගියොත් එහි ලිපිනයත් ඔවුන්ගේ දත්තයන් ලෙස
තබා ගනී. එහිදී ඔවුන් ට වැදගත් වන්නේ ලිපිනය මිස එම ලිපිනය ඇති නිවාස කුමන
පුද්ගලයට අයිතිය ඇතිදැයි ඔවුන් සොයා නොබලයි. තාවකාලිකව කුලියට ජීවත් වන
පුද්ගලයන්ටද ලිපිනයක් මෙම වෙබ් අඩවියේ සාදහන් වේ. එමෙන්ම ලිපිනය මගින්
සෙවූ විට එම ලිපිනයේ අතීතයේ සහ වර්තමානයේ ජීවත් වුවන්ගේ නම් බලාගත හැක.
උදා: https://address.radaris. com/Fontana+CA/PRESTON+DR/ 15067 එහෙත්
මෙය කිසිසෙත් නිවසේ හිමිකරු සොයා ගැනීමට යොදා ගත හැකි විශ්වාසී ආයතනයක් නොවෙයි . එහෙත් ශ්‍රී ලංකික දේශපාලකයා සිතා මතා ඔබ රවටා ඇත. එසේ නොවේ යැයි ඔබ
සිතන්නේ නම් මෙම නිවාස වල හිමිකාරිත්වය පිළිබද විස්තර ඉදිරිපත් කිරීමට
ඇමෙරිකානු තානාපති කාරියාලය හරහා නීත්‍යානුකූලව ඉල්ලීමක් කිරීමට ඔබගේ දේශපාලකයාගේ අවධානය යොමු කරවන්න.
සී-ෂෙල්ස්හි
රාජපක්ෂලා විසින් කළු ගිරවුන් සිටිනා දුපතක් මිලදී ගෙන ඇති බවත් පසුගිය
දිනවල කියනු ලැබුවා. මහින්ද ගෙදර යැවීම සදහා විශාල වැඩ කොටසක් ඉටුකළ සත්‍ය
මෙන්ම අසත්‍ය දෙගුණ කොට වපුරවන සදරුවන් සේනාධීරත් පුල පුලා මෙය කියා
සිටියේය. එහෙත් අද වනතුරුත් මෙම සී-ෂෙල්ස් දුපත් ගැන විමර්ශනයක් ආරම්භ කර
නැත. එමෙන්ම එය හෙමින් සීරුවේ අමතක කරදැමීමට සැරසෙයි. එමෙන්ම රාජපක්ෂ දරුවන්
සදහා සුදු අශ්වයන් සහ පුද්ගලික ගුවන් යන ගෙන ආ බව වර්තමාන ජනතිපතිවරයාත්
ප්‍රසිද්ධ වේදිකාවේ පවසා සිටියා. එසේ පැවසු එම අශ්වයෙක් හෝ හෙලිකොප්ටර් ගැන කරන පරීක්ෂණය කෝ? මෛත්‍රී එසේ කිවුවේ සාක්ෂි
නොමැතිවද? අනුර කුමාරලා රාජපක්ෂලාට විරුද්ධව පැවරු අල්ලස් දුෂණ චෝදනාවල මෙම
කරුණු ඇතුලත් වන්නේද? සාක්ෂි සහිතවයි එම චෝදනා කරන්නේ යයි බෙරිහන් දුන්
අනුරලා චම්පිකලා දැන් මාධ්‍ය සාකච්ඡා තියා සාක්ෂි ලබා දෙන මෙන් බැගෑපත්
වන්නේ මොකද? පළමුව කළ යුත්තේ තමන් ඉදිරිපත් කල චෝදනා සාක්ෂි සහිතව ඔප්පු කර
වැරදි කරුවන්ට දඩුවම් කර තවත් වැරදි ඇතොත් වාර්තා කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා
සිටීම නොවන්නේද? චම්පිකගේ අලාපාලු කොමිස් පිළිබදවද තවම කිසිම විමර්ශනයක් ආරම්භ කර නැත. නමුත් මහාපරිමාණ ව්‍යාපෘති වූ උතුරු අධිවේගය සහ ගාලු මුවදොර
මුහුදු නගරය තාවකාලිකව නවතා දැමීමට ඉන්දියාවට පොරොන්දු වී ඇත. හේතු වශයෙන්
දක්වා ඇත්තේ නැවත සිදු කරනු ලබන ගණනය කිරීම් නිසාවෙන් බවය. එහි හෝ යම්
අක්‍රමිකතාවක් ඇතිවී ඇතිබව ඔප්පු කිරීමට හැකිවීද යයි බලා සිටීමට පුළුවන.
ගෝඨාභය
රාජපක්ෂ, නම කියූ සැනින් බොහෝ පිරිස් ගැස්සී සිටින තරමට බලයක් ඇති
පුද්ගලයකු විය. ගෝඨබය ගේ දරුණු බව පෙන්වීම සදහා ඉදිරිපත් කළ දෙකයි පනහේ
කතාවක් නම් ඔහු ලග මිනී කන මෝරුන් සිටින බවයි. මොකද එසේ කීමෙන් ඔහු කෘර
පුද්ගලයකු ලෙස හුවා දැක්වීමට අවශ්‍ය විය. එහෙත් අද වනතුරු එසේ සොයා ගත් මෝරෙකුත් නැත.
සුජීව සේනසිංග නම් මන්ත්‍රීවරයාගේ මාධ්‍ය කමිටුව විසින් යම් ජායා රුප වලට දිය
සලකුනක්ද එක් කරමින් ප්‍රසිද්ධ කර කියා සිටියේ රාජපක්ෂලාට අයත් ලම්බෝගිනි
සහ තවත් වටිනා කාර් පිට රටකට පැටවූ බවය. අද සුජීව සේනසිංහ තම ඉදිරිපස සහ
පසුපස දෙකම වසාගෙන නිහඩව සිටී. එම ජයාරූප හතර වටේ කිසිම හෙවිල්ලක්
බැවිල්ලක් නොකර ෂෙයාර් කළ උදවියත් ඔහුගෙන් නිකමටවත් ඒ ගැන අසන්නේවත් නැත.
එසේ වාහන පිටරටකට යවුවානම් ඉතා පහසුවෙන් ගුවන් තොටුපල වාර්තා මගින් සහ රේගු වාර්තා මගින් සොයා ගත හැක. වාර්තා නැති නම් ඒ පිළිබද පොලිස් පරීක්ෂණයක් හෝ
කළ හැක. එම ජායාරූප වල ඇති EXIF නොහොත් meta data ගැන සොයා බලීමන් සුජීව
සේනසිංහගේ බොරුව ඉතාම පහසුවෙන් සොයා ගත හැක.
කක්කුසියේ TV, රත්තරන් කඩු, ආයුධ නැවු ඇතුළු මාධ්‍ය සංදර්ශන
LED
TV එකක් යනු අද මහා දෙයක් නොවේ. එහෙන්ම TV යනු රටේ ප්‍රධාන මාධ්‍යකි. රටේ
නායකයට අවශ්‍ය සියලු වේලාවන් වලදී TV බැලීමට අයිතියක් නැද්ද? වැසිකිලියේදීත් පොතක් බැලීම සහ TV බැලීම අතර ඇති වෙනස කුමක්ද? රාජපක්ෂ
වැසිකිලියට වෙලා රන්ජන්ගේ මෙලෝ රහක් නැති ගොන් ජෝක් චිත්‍රපටයක් බල බලා
වින්දනය කළ බවද පවසන්නේ? එසේ නොමැතිනම රු 30000 කට අසන්න ගානක් අසාධාරණව
වියදම් කල බවද? ලංකාවේ පසු ගිය කාලයන් වල සිදු වූ අක්‍රමිකතා වලට දිය යුතු
අවධානය මෙවන් වැඩක් නැති වැසිකිළියක ඇති TV එකකට දීමෙන් බලාපොරොත්තු
වන්නේ මොකක්ද? රන්ජන් කෙලින් කතා කරයි. එහෙත් විටෙක ඔහුට තමන්ගේ ගොන් ජෝක්
මුඩ් එකෙන් මිදීමට අපහසුය. මා එසේ කියන්නේ ඔහුද පළමුවෙන් කඩුවක් දුටුවා
මෙන් කඩුවක් කෙලින් කර සිටීම හේතුවෙනි.
2002
මිලේනියම් සිදුවීම අනාවරණය කරමින් ලංකා ඉතිහාසයේ දේශපාලන පක්ෂයක් තම පටු
අරමුණු සහ මාධ්‍ය සංදර්ශන පැවැත්වීම සදහා සිදු කළ ගොන් ක්‍රියාව අමතක
කරමින් නැවතත් එවැනිම මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටි. රක්නා ලංකා ආරක්ෂණ
සමගම ගැන සහ avent guard සමගම ගැන බහුතරයක් දැන සිටි අතර ඔවුන් තම ආයතනයට
අදාලව ගොඩබිම් මෙන්ම මුහුදු ආයුධ ගබඩා පවත්වාගෙන යන බව කලකට ඉහතදී මාධ්‍යයේද
පලවිය. පසුගිය දින වල කෑ මොර දුන් චෝදනා කිසිවක් තවමත් ඔප්පු කර ගැනීමට
නොහැකි අවස්ථාවේ මත ජනතාව මුලා කිරීම සදහා ඉහත ආයුධ ගබඩා නීත්‍යානුකුලව
පවත්වාගෙන යන බව දැන දැනත් ඒ පිළිබඳව මාධ්‍ය සංදර්ශන පවත්වමින් ජනතාව පින
වීමටත් කතා කිරීමට මාතෘකා නිර්මාණය කිරීමටත් පටන්ගෙන ඇත. විටෙක කබල් යකඩ
ගොඩක් සොයාගෙන ගුවන් යානාවක් සොයාගත් බව ප්‍රසිද්ධ කරමිනුත්, අරක්කු ජෝනීගේ
නීත්‍යානුකූල අරක්කු අල්ලමින් නීත්‍යානුකූල නොවන අරක්කු සමග නීතියානු කුල
නොවන ඇල්ලු බවත් පසුගිය දින කීපයේ කරලියට මතුවිනි.
අරලිය ගහ මන්දිරයේ කුමන්ත්‍රණ
මංගල
සමරවීරගේ පැමිණිල්ලට අනුවත්, චම්පික මෙන්ම රතන හාමුදුරුවන්ගේ දේශනා වලට
අනුවත් අරලිය ගහ මන්දිරයේ අසාර්ථක හමුදා කුමත්‍රණයක් දියත් කර ඇත. බැලු
බැල්මට එසේයැයි සිතෙන තරමට කතා කරයි. පරීක්ෂණයක් ආරම්භ කර ඇති නිසා කුමක්
හෝ වාර්තාවක් ලැබේ යයි සිතිය හැක.එහෙත් බුද්ධිමත්ව විමසා බලන කල මෙම
කරණු ඉස්මතු කර ගත හැක.
1 ගෝඨබය හෝ මහින්ද අසාර්ථක හමුදා කුමන්ත්‍රණයක් දියත් කරයිද? එසේ කර ප්‍රසිද්ධ වූ විට අත්වන ඉරණම ඔවුන් නොදන්නේද ?
2. හමුදා කුමන්ත්‍රණයක නීත්‍යානුකූල බව විමසා බැලීමට නීතිපති කැදවන රටක් තිබේද?
3. GL, ගම්මන්පිල වගේ අයවලුන් ඇරෙන්න වෙන අයෙක් හමුදා කුමන්ත්‍රණයකට ඇත්තෙම නැද්ද ?
ගම්මන්පිල පවසන ආකාරයට හදිසි නීතිය හෝ ඇදිරි නීතිය දැමීමට සාකච්ඡා කළ බව යම්තාක් පිළිගත හැකි කතාවකි. ඒ මෙම කරණා නිසාය
1. 2010 මැතිවරණයෙන් පසු ඇති වූ තත්වය එනම් ජිල්මාට් සහ ෆොන්සේකා, රනිල්, අනුර ඇතුළු cinnamon lake side සිදුවීම
2. මෙම මැතිවරණයේත් රාජපක්ෂ හොර කරන බව කල්තියා ප්‍රසිද්ධ කර තිබීමත් රාජපක්ෂ ජයග්‍රහණය කළා නම් ජනතාව පාරට බැසීමට ඉඩකඩ තිබීම.
3
මැතිවරණය ඉතා තරගකාරී මට්ටමක පැවතීම නිසාවෙන් රාජපක්ෂ අඩු වෙනසකින්
ජයග්‍රහණය කළානම් පොදු සන්ධාන පාක්ෂිකයන් කෝලාහල කිරීමට ඇති හැකියාවත්
4. පාප් තුමාගේ පැමිණීම හේතුවෙන් රට ඉතා ආරක්ෂා කාරීව තිබිය යුතු වීමත්
යන
කරුණු නිසාවෙන් සහ එවකට සිටි රාජපක්ෂගේ ජනාධිපති ලෙස ඇති වගකීමත් නිසාවෙන්
ගම්මන්පිල කියන සිදුවීම විදුවීමේ හැකියාවක් ඇත. එවන් තත්වයන් යටතේ ජනතාවගේ
සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් මෙවන් සිදුවීම් සිදුවිය හැකිය. එනිසා බොහෝදුරට
මෙයත් එක්තරා මාධ්‍ය සංදර්ශනයක් වීමට බොහෝ දුරට ඉඩ ඇත. රාජපක්ෂ බලයට පත්
වූවානම් 2010 ෆොන්සේකාට අත්වූ ඉරණම මෙවර මෛත්‍රීපාලට හෝ තව එකෙකුට ඇති
නොවේ යැයි මම කියන්නේ නැත.
අවසානය
රාජපක්ෂවත්
ඔහුගේ පවුලේ උදවියවත් ඔහු වටා සිටි හෙන්චයියනුත් හතර පෝයට සිල්ගත්
උපාසකයන් ලෙස මා කිසිවිටකවත් සදහන් නොකරමි. මා මෙහිදී රාජපක්ෂ පාලනයේ අඩු
පාඩු කතා කිරීමට අදහස් නොකළෙමි. එසේ කරන්නේ නම් පොතක් ලිවීමට තරම් කරුණු ඇත.
මා මෙහිදී ඉස්මතු කරන්නට හදන්නේ ජනතාව රවටා දේශපාලකයා තමන්ගේ ගමන සාදා ගන්නා ආකාරයත් දේශපාලකයා මෙන්ම රැවටීමට ලක්වූ ජනතාවත් කිසිම දුක්ක දෝමනස්සය
නොමැතිව දේශපාලකයාගේ කතා අමතක කර දමන ආකාරයත් ය. තව ටික දිනක් යන විට
ලබෝගිනි, සී-ෂෙල්ස් කළු ගිරවු දූපත් මෙන්ම සුදු අශ්වයෝද මැකී යනු ඇත.
ඔය
කියූ හෙලිකොප්ටර් සුදු අශ්වයන්, දුපත්, ලම්බෝගිනි සහ කොමිස් මුදල් සොයා
ගන්නෙත් නැතුව, වෙලේ සුදා කාණු සුදා වී කොහේ හරී මැරී වැටි ඔහු සදහන් කළ දේශපාලකයනුත් යහපාලන ආයතනයට බැදී, ප්‍රධානම දේශපාලන මාතෘකාවක් වූ විධායකය
සංශෝදනය නොකර, ගෙඩිය පිටින් අවිධිමත් ලෙස 13 ත් ලබාදී, අදායම තරකර
නොගෙන ඉන්ධන මිල අඩු කර වැටුප් වැඩිකර අය වැය පරතරය අහස උසට ලගා වූ විට
රාජපක්ෂ පන්නා දැමීමට සැගවුණු පරමාර්ථ නොමැතිව රට වෙනුවෙන්ම
කැපවුණු සියලුදෙනාට දත කට නියවා බල සිටීමට සිදුවනු ඇත. එනිසා සිදු කළ යුත්තේ සහ සිදු විය යුත්තේ අන්ධ භක්තිකයන් මෙන් දේශපාලකයා විශ්වාස
නොකිරීමත් චෝදනාවක් වෙතොත් එය කරුණු සහිත චෝදනාවක්ද නැති නම් සැකය නිසා
පමණක් කරන චෝදනාවක්ද, එමෙන්ම මාධ්‍ය සංදර්ශන පවත්වා අවධානය වැදගත් කාරණා වලින් වෙනතකට යොමු කිරීමත්, දේශපාලකයාගේ එදාවේල සොයාගැනීමට කරනු ලබන
ප්‍රකාශනත් සිහි බුද්ධියෙන් වටහාගෙන නොරැවටී හරියාකාර අරගලයක් කිරීමයි.
-ප්‍රදීප් විජේරත්න
යුතුකම සංවාද කවය
www.yuthukama.com



















