2/01/2016

"මාව බිත්තියට හේත්තු කරන්න එපා. ප්‍රතිඵල දරුණු වෙයි " - මහින්ද වසර 10 කට පෙර කළ අපූරු ප්‍රකාශය.

කතෘ:යුතුකම     2/01/2016   18 comments

මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට ජනාධිපතිධූරයට පත් වූයේ 2005 නොවැම්බර් 19 දාය. ඉන් මාස දෙකක් යන්නට මත්තෙන් ඔහු සිදු කළ සුවිශේෂි  ප්‍රකාශයක් නැවත මෙලෙස පළ කරන්නේ 
අද නැවත දේශපාලනය තුල ඒ අතීතයම නැවත වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක වෙමින් පවතී යැයි හැඟෙන බැවිනි.

මීට වසර දහයකට පමණ පෙර සිදු වූ මේ සංවාදය අපට කියාදෙන පාඩම තේරුම් ගමු...
මේ 2006 ජනවාරි 29 දින දිවයින පුවත්පත ඒ පුවත වාර්ථා කළ ආකාරයයි...

++++++++++++++++++
අඟහරුවාදා සවස නෝර්වේ විශේෂ සාම නියෝජිත එරික් සොල්හයිම් ජනාධිපතිතුමා දැක ගන්නට ගියේය. ඔහූ ගියේ පසූවදා උදේ තමා ඇතුළු නියෝජිත පිරිසක් වන්නියට ගොස් ප්‍රභාකරන් මූණගැසී සාකච්ඡා කරන බව නිල වශයෙන් ජනාධිපතිවරයාට දැනූම් දීමටය.
මෙහිදී සිදුවූ විශේෂත්වය වූයේ ජනාධිපතිතුමා ඉතා හැඟුම්බරව හා තදින් කතා කරන්නට වීමයි.

"මේ රටේ  බලයට පත් වූණ හැම නායකයෙකුටම කොටි සංවිධානය කාලයක් දුන්නා. නමූත් මට මේ අය සති දෙකක්වත් දුන්නෙ නැහැ. මම දිවූරුම් දුන්නේ 19 වැනිදා. සතියක් ඇතුළත එල්ටීටීඊ එක හමූදා භටයන් 14 දෙනෙක් මැරුවා. ආයෙත් සතියක් ඇතුළත තව 10 දෙනෙක් මැරුවා. මොනවද මෙයාලා මේ කියන්නෙ.
පැහැදිලිවම මම කිව්වා ප්‍රභාකරන් එක්ක සාකච්ඡාවට ඕනනම් මම වන්නියට වූණත් එන්නම් කියලා. ඒත් ප්‍රභාකරන් ඒ එකක්වත් පිළිගත්තෙ නැහැ. මට පහරදීල මාව කුපිත කරන්න බැලුවා. ඒ වූණාට එයා දන්නෙ නැහැ මම මගේ දරු පවූලටත් වඩා මේ රටට ආදරය කරන බව.
ඔයා ගිහින් ප්‍රභාකරන්ට කියන්න ඕනවට වඩා මාව කුපිත කරන්න ඇවිත් මාව බිත්තියට හේත්තු කරන්න එන්න එපා කියලා. මාව බිත්තියට හේත්තු කරන්න ආවොත් මමත් පෙරලා පහර දෙන බව විතරක් කියන්න."

-මහින්ද රාජපක්ෂ
2006- ජනවාරි 29 දිවයින

++++++++++++++++++


නමුත් මේ අනතුරු ඇඟවීම තේරුම් ගන්නට තරම් නිස්කලංක මනසක් ප්‍රභාකරන් නම් වූ ම්ලේච්ච මෘගයාට නොවිණි. එකින් එක පෙළින් පෙළ ත්‍රස්ත ප්‍රහාර මාලාවක් එල්ල වන්නේ මහින්ද භීතියට පත් කර ඒ හරහා බෙදුම්වාදී උවමනාව ඉටු කරගැනීමටය. මීට පෙර නායකයන්ට ප්‍රභාකරන්ගේ ඒ උපාය සාර්ථක වී තිබිණ. නමුත් මෙවර ඔහුට මුණ ගැසුනේ තරමක් වෙනස් මිනිසෙකි.

එය තේරුම් නොගත් ප්‍රභාකරන්ගේ තිරිසන් ත්‍රස්ත ක්‍රියා නිනැවතී පෙරට ඇදිණ. කැබිතිගොල්ලෑවේ ම්ලේච්ච ත්‍රස්ත ප්‍රහාරයත් මවිලාරු සොරොව්ව වසා අසරණ ගොවීන්ට මරණ වරෙන්තුව ලියා දීමත් ඒ සිදුවීම් පෙළේ තීරණාත්මක අවස්ථාය. නමුත් අවසානයේ සිදුවූයේ කුමක්ද?

දුෂ්ඨත්වයට පරාජයත් මාතෲභූමියට විශ්මිත විජයග්‍රහණයකුත් ලඟා කර දෙමින් එය අවසන් විය.
අදද වෙනත් වටයකින් මහින්ද බිත්තියට හේත්තු කරමින් සිටී. ඒ දුෂ්ඨත්වයට 'යහපාලනය' යැයි අපූරු නමක් දී තිබේ. පෞද්ගලික එදිරිවාදිකම් උදෙසා මේ එල්ල කරමින් තිබෙන පීඩනය හරහා අද මේ නිර්මාණය වෙන්නේ තවත් දේශපාලන කැබිතිගොල්ලෑවක්  ද තවත් දේශපාලන මාවිල්ආරුවක්ද?
අපි බලා සිටිමු..

සටහන : යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

18 comments :

  1. well says sir we all ways support to you we ready to give our life as well....

    ReplyDelete
  2. Yes, Ponna Ranil and Sira the Bra, the ass-lickers of the White Christian Western Imperialists are hell bent to push you to the wall. They are yet to learn the fact that when pushed to the wall, you fight back ferociously. Prabakharan did the same to you and the rest is history. The following article throws much light on how important Mahinda to form a new party.

    http://www.lankaweb.com/news/items/2016/02/01/what-mahinda-should-learn-from-chandrika/

    ReplyDelete
  3. රට බේර ගත්ත කියල රටේ අයිතිකාරය වෙන්න දෙන්න බෑ

    ReplyDelete
    Replies
    1. Rate aithi karaya kiyala rata gedata genichchada. Nikan puhu eershyaakari hageemen witharak balanna epa.oyala thawamath rewatila inne ratata kelawanna hadana kumantranakari minissunge biru walata.

      Delete
    2. Poda Mahinda Poda - Mr. Bean

      Delete
    3. ube amma ubawa waduwa kiyala dan inna un katakaranne un opapatika una wage tamai alut parapura wenna ti hena gahapan toge katata

      Delete
  4. Pona sirata iy ranilatiy alala marana one . Ne rata kanawata .

    ReplyDelete
  5. ගොඩක් මිනිස්සුන්ට ඔන උනා වෙනසක් මෙ රටේ..ඒකයි යහපාලනයට චන්දෙ දුන්නෙ.හැමෝටම පෙනුනෙ මහින්ද මැතිතුමගෙ වැරදි විතරයි.අද වෙද්දි මහින්ද මහත්තයගෙ අගය තේරිලා.ප්‍රභාකරන්ගෙ කොටි කල්ලියෙ වගෙම දුශ්ට යහපාලනයෙ අවසානයත් මහින්ද මහත්තයගෙන්ම සිදුවේවි කියල මට විස්වාසයක් තියෙනව.එදාට මේ ගොල්ලොන්ගෙ පස්සවල් වලට වෙඩි නොවදින ආවරන දැම්මත් වෙඩක් නැ.බලාගෙන ඉම්මු.ඔබට සදා ජය මහින්ද මැතිතුමනි.සින්හල ගතිය ලෝකෙටම පෙන්නුව ආඩම්බර නායකයා ඔබයි.

    ReplyDelete
  6. yes ,it is time to retaliate sir, now it is high time

    ReplyDelete
  7. rata gena hegeemak nethiwa kriya karana kawuruth wedak ne. sinhalayata jeewath wenna ratak ona. nidahasak ona. rata wanasanawanam nidahasa nethi karanawanam e gena wirodaya pala karanna ona.

    ReplyDelete
  8. Eththatama dennam yahapaalanayata pakshawa katha karanne eken mokakhari pudgalika waasiyak wenna thiyena, lebuna aya pamanai. Godaak minissu eththa therum aran inne. Meyaala mona sandarsana punnuwath mahinda mahaththayage agaya adu karanna behe. Obata budu saranai mahinda raajapaksha methinduni

    ReplyDelete
  9. Eththtama molayak thiyena minissu den ratata jaathiyata aagamata me yahapaalana aanduwa karana dewal gena hithala meyaalawa gedara yawanna balagena inne. Mama suba pathanawa mahinda jaajapaksha methindunta..

    ReplyDelete
  10. රට පොන්නයන්ට ගිය වගයි! රටේ‍ ඉන්න නපුනසක පොන්නයන් මහ පොන්නයාට තාමත් කඩේ‍ යන්නේය. රට පාවා දුන් ජාතිද්‍රෝහියා රටත් රටට අාරක්ෂාව ලබාදුන් රණවිරුවනුත් සඝරුවනත් විනාස කරමින් පොන්නයන්ට රිසිසේ ටැටීමට ඉඩහැර අැත රනිල්ටත් මයිත්‍රීටත් කඩේ‍ර යන උන් හැමෝම පොන්න යෝය. නපුනසකයෝය . මුන්න රටක් අාගමක් අැවැසි නැත. මුන්ට අැවසි කන්නයි ජොලිකරන්නයි පමනි.



    ReplyDelete
  11. Apa samat horakam karanna awasthaawa labunea oba nisaai. Emanisaa api samoma oba samagi.

    ReplyDelete
  12. Well said Sir... Ww are waiting for you...

    ReplyDelete
  13. we need lot of peoples like mahinda rajapaksha to regain my country

    ReplyDelete
  14. "මාව බිත්තියට හේත්තු කරන්න ආවොත් මමත් පෙරලා පහර දෙන බව විතරක් කියන්න."

    අපෝ හෙන අවුල් නෙ, බිත්තියට හේත්තු කරේ නැත්නම් මොකද වෙනනේ, 13++ ද ?

    ආදර කැලුම් මෙහෙම දේවල් ලියන්න එපා

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions