2/07/2016

සිරිසේනලාගේ දුෂ්ට බලහත්කාරයට පෑගුණු විපක්‌ෂයට නිදහස ලැබෙන්නේ කවදාද?

කතෘ:යුතුකම     2/07/2016   No comments

විපක්‌ෂයට නිදහස ලැබෙන්නේ කවදාද?

ඕනෑම රටකට ආණ්‌ඩු පක්‌ෂයක්‌ මෙන්ම විපක්‌ෂයක්‌ද තිබිය යුතුය. අද රටට විපක්‌ෂයක්‌ නැත. පසුගිය මහමැතිවරණයේදී යහපාලන ආණ්‌ඩුවට එරෙහිව දුන් පාක්‌ෂික ජනයාගේ ඡන්ද

රැගෙන විපක්‌ෂයේ ඇතැම් ජනතා නියෝජිතයන් ආණ්‌ඩුවට ගොස්‌ ඇත. ඔවුන් ආණ්‌ඩුවේ ඇමැති කටු සූප්පු කරමින් සුවසේ සිටියත් ඒ අයට ඡන්දය ජනතාවගේ අපේක්‌ෂා භංග වී ඇත. කතානායක කරු ජයසූරිය පිළිගත් පාර්ලිමේන්තුවේ නිල විපක්‌ෂයක්‌ තිබේ. එහෙත් එම (ආණ්‌ඩුවේ) විපක්‌ෂය, විපක්‌ෂයේ සැබෑ කාර්යභාරය ඉටු නොකරමින් සිටින පසු බිමක, සැබෑ ලෙස ආණ්‌ඩුවට විපක්‌ෂ, එහෙත් ඒ වෙනුවෙන් නගන්නට හඬක්‌ නැති ජනතාව වෙනුවෙන්, රටේ හෙට දවස වෙනුවෙන්, දිනා ගත් නිදහස රැක ගැනීම වෙනුවෙන් අද රටට විපක්‌ෂයක අත්‍යාවශ්‍යතාව ඇති වී තිබේ. එජාපයත්, ශ්‍රීලනිපයත් යන රටේ ප්‍රධාන පක්‌ෂ දෙකම මේ යහපාලන ආණ්‌ඩුව නියෝජනය කරයි. අගමැති එජාපයේය, ශ්‍රීලනිප ඡන්දවලින් පත් නොවුනත් ජනාධිපතිවරයා දැන් ශ්‍රීලනිපයේ නායකයාය. ශ්‍රීලනිප සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය නියෝජනය කරමින් දහසකුත් එකක්‌ අභියෝග හමුවේ විපක්‌ෂයේ සිටින මන්ත්‍රීවරුන් පිරිසක්‌ද සිටී. එහෙත් ඔවුන් නියෝජනය කරන පක්‌ෂයේ නායකයා ආණ්‌ඩුවේ ප්‍රධානියාවී ඇති පසුබිමක ඔවුන්ට අද විපක්‌ෂ මන්ත්‍රීවරයෙකුගේ භූමිකාවට පන පොවන්නට සැබෑ නිදහසක්‌ නැත. ඒ නිසා එම මන්ත්‍රීවරුන්ට විපක්‌ෂයේ භූමිකාව සැබෑ ලෙස රඟ දැක්‌විය හැකි අලුත් වේදිකාවක්‌ දැන් අවශ්‍ය කර තිබේ. මෙවන් පසුබිමක්‌ තුළ එම ජනතා නියෝජිතයන්ට පමණක්‌ නොව අද තමන් ඡන්දය දුන් මන්ත්‍රීවරයා ආණ්‌ඩුවට එක්‌වීම නිසා අපේක්‌ෂා භංගත්වයට පත්ව, නොසන්සුන් වී සිටින එම පාක්‌ෂික බහුතර ජනතාවටද නව විකල්පයක්‌ අවශ්‍ය කර තිබේ. එනම් සැබෑ විපක්‌ෂයේ භූමිකාවට පණ පොවන අලුත් දේශපාලන බලවේගයක අවශ්‍යතාව අද රටට, ජනතාවට තදින්ම දැනෙමින් තිබෙන බවයි. එය මේ මොහොතේ ජනතාව වෙතින්ම මතු වෙමින් තිබෙන අවශ්‍යතාවක්‌ බවද පෙනෙන්නට තිබේ. ඒ සඳහා වත්මන් රජය පැත්තෙන්ද ඕනෑ තරම් කරුණු කාරණා ඉටු වෙමින් තිබෙන බවද කිව යුතුය. මේ නිසා රටට අහිතකර බොහෝ දේ සිදු වෙමින් තිබුණත්, මෙය කිසියම් ආකාරයකට පක්‌ෂ පාට භේදයකින් තොරව නව දේශපාලන බලවේගයක්‌ පිළිබඳ අපේක්‌ෂා දැල් වී ඇති මොහොතකි. එය යථාර්ථයක්‌ බවට පත් වෙමින් තිබෙන බවක්‌ ද පෙනෙන නිසා රට තුළ කෙතරම් අහිතකර දේ සිදු වෙමින් තිබුණත්, බොහෝ ජනතාව තුළ දැන් කිසියම් උද්යෝගයක්‌ද ඇතිව තිබේ. අලුත් බලාපොරොත්තු දැල් වී තිබේ. සැබෑ ලෙසම විපක්‌ෂයේ භූමිකාවට පණ පෙවිය හැකි එවැනි නව දේශපාලන බලවේගයක්‌, නව දේශපාලන පක්‌ෂයක්‌ බිහි වෙමින් තිබෙන දේශපාලන පසුබිමක අපි රටේ හෙට දවසට අවැසි විපක්‌ෂයේ භූමිකාව ගැන සාකච්ඡා කරමු.

දේශපාලනය හා ආර්ථිකය අතර ඉතා කිට්‌ටු සම්බන්ධයක්‌ තිබේ. දේශපාලනය අමතක කර ආර්ථික කරුණු - කාරණා ගැන කතා කළ නොහැකි තරමට මේ සම්බන්ධය ඉතා දැඩිය. යම් රටක ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් තීරණය වන්නේ කෙසේද? ඒ අනුව රටක ක්‍රියාත්මක වන ආර්ථික වැඩපිළිවෙළ තීරණය වන්නේ කවරාකාරයටද? රටක බහුතර ජනතාව විසින් තෝරාපත් කර ගන්නා ආණ්‌ඩුව විසින් මෙය තීරණය කරනු ලබයි. බොහෝවිට මැතිවරණයක්‌ සඳහා සෑම දේශපාලන පක්‌ෂයක්‌ විසින්ම ඔවුන්ගේ දේශපාලන දර්ශනය මත පදනම් වූ ප්‍රතිපත්ති ප්‍රකාශනයක්‌ ඉදිරිපත් කරයි. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ඔවුන් ක්‍රියාත්මක කිරීමට අපේක්‌ෂා කරන ආර්ථික වැඩපිළිවෙළද දක්‌වනු ලැබේ. මේ නිසා රටක ක්‍රියාත්මක වන ආර්ථික වැඩපිළිවෙළේ රාමුව මූලික වශයෙන් තීරණය වන්නේ දේශපාලනය මත බව අපට පැහැදිලිය. වත්මන් යහපාලන රජය සම්බන්ධයෙන් නම් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෛත්‍රි පාලන ප්‍රතිපත්ති ප්‍රකාශනය, එක්‌සත් ජාතික පක්‌ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙන්ම අගමැතිවරයා පසුගිය අයවැයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිපත්තියද තිබේ. මින් ක්‍රියාත්මක වන්නේ කුමක්‌ද යන ප්‍රශ්නයද වෙනම තිබේ.

බහුතර ජනතාව විසින් යම් රජයක්‌ බලයට පත්කර තිබුණත්, එය රජයකට තමන් කැමැති ඕනෑම දෙයක්‌ කිරීමට දුන් ජනවරමක්‌ නොවේ. එහෙත් රජය කරන දේ හරි වුවත්

වැරැදි වුවත්, රජය නියෝජනය කරන දේශපාලනඥයන් සාමාන්‍යයෙන් කියන්නේ ඒ සියල්aල ක්‍රියාත්මක කිරීමට තමන්ට මහජනතාවගෙන් ජනවරමක්‌ ලැබී ඇති බවයි. ජනතා කැමැත්ත ලැබී ඇති බවයි. එසේ ප්‍රකාශ කරමින් යම් රජයක්‌ තමන්ට ලබාදී ඇති මහජන වරම වැරැදි ආකාරයට ක්‍රියාත්මක කරමින් රටටත්, ජනතාවටත් අහිතකර දේ කරනවා නම්, ඒ සඳහා කළ යුත්තේ කුමක්‌ද? මේ සඳහා අනුගමනය කළ හැකි විවිධ ක්‍රියාමාර්ග තිබිය හැකි වුවත්, මෙහිදී විපක්‌ෂයේ භූමිකාව ද ඉතාමත් වැදගත්ය. රටක ඉදිරි ගමනට ශක්‌තිමත් විපක්‌ෂයක ක්‍රියාකාරිත්වය අත්‍යවශ්‍ය බව කවුරුත් පිළිගන්නා කාරණයකි. මේ සම්බන්ධයෙන් අද ලංකාවේ තත්ත්වය කුමක්‌ද? අපේ රටේ නිල විපක්‌ෂය, මේ විපක්‌ෂයේ භූමිකාව හරිහැටි රඟදක්‌වමින් සිටින්නේද? අප බොහෝවිට කතා කරන්නේ රජයේ භූමිකාව ගැනය. එහෙත් රජයේ වැරැදි හා අඩුපාඩු ගැන කතා කරන අතරම රටේ ඉදිරි ගමනට අවශ්‍ය විපක්‌ෂයේ භූමිකාව ගැන ද අප කතා කළ යුතුමය.

අද අපේ රටේ නිල විපක්‌ෂය වී සිටින්නේ දෙමළ ජාතික සන්ධානයයි. එය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බලයට පත් කළ හංස සන්ධානයේම කොටසක්‌ බැවින් ඔවුන් අද ක්‍රියා කරන්නේ ආණ්‌ඩුවේම කොටසක්‌ ලෙස බව පෙනෙන්නට තිබේ. ඒ නිසා කිසිවිටෙකත් සැබෑ විපක්‌ෂයේ භූමිකාව ඔවුන්ගෙන් ඉටු වනු ඇතැයි අපේක්‌ෂා කළ නොහැකිය. ජනතා විමුක්‌ති පෙරමුණද මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට පත් කිරීම සඳහා එම මැතිවරණයේදී අනියමින් කටයුතු කළ අතරම වර්තමානයේ ඔවුන්ගේ හැසිරීම අනුවද ඔවුන් අනුගමනය කරමින් ඉන්නේ ද යහපාලන ආණ්‌ඩුවට අනියමින් මුක්‌කු ගසමින් සිටින ප්‍රතිපත්තියක්‌ බව ද පෙනෙන්නට තිබේ. ඔවුන් අද ආණ්‌ඩුවට වඩා විවේචනය කරමින් සිටින්නේ තවමත් මහින්ද රාජපක්‌ෂ පාලනය ගැනය. එසේම එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පිරිසක්‌ද තමන්ට ඡන්දය දුන් ජනතාවගේ අපේක්‌ෂාවන් පාවා දෙමින් ආණ්‌ඩුවේ ඇමැති කටු සූප්පු කරමින් සිටින නිසා, රටට එම පාක්‌ෂික ජනතාවගේ නියෝජනය අද පාර්ලිමේන්තුව තුළ සිදු වන්නේද නැත. මේ කරුණු - කාරණා අප සටහන් කළේ රටක ඉදිරි ගමනට ශක්‌තිමත් ක්‍රියාකාරී විපක්‌ෂයක්‌ අවශ්‍ය වුවත් එම විපක්‌ෂයේ භූමිකාවට නිසි දායකත්වය දෙනවා වෙනුවට විපක්‌ෂයෙන් කොටසක්‌ ආණ්‌ඩුවට ගොස්‌ සිටින අතරම, විපක්‌ෂයේ වාඩි වී සිටින අයට පක්‌ෂයේ අභ්‍යන්තර ප්‍රශ්න සහ බලපෑම්වලට මුහුණ දීමට දැන් කලක්‌ තිස්‌සේම සිදුව තිබේ. ඒ නිසා රටේ ඉදිරි ගමනට අවශ්‍ය විපක්‌ෂයේ භූමිකාව ඉටු නොවන තත්ත්වයක්‌ තිබේ.

ඇත්ත වශයෙන්ම රටේ ඉදිරි ගමන සම්බන්ධයෙන් විපක්‌ෂයේ භූමිකාව කුමක්‌ද? මහජන ඡන්දයෙන් තේරීපත්වූ ආණ්‌ඩු පක්‌ෂය, තම ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ ක්‍රියාවට නගමින් රට පාලනය කරන විට, විපක්‌ෂය කළ යුතු වන්නේ රජයේ කාර්යභාරය ගැන නිරන්තරයෙන්ම අවදියෙන් සිටිමින්, කරුණු සොයා බලමින් සාධාරණ ලෙස රජය විවේචනයට භාජන කිරීමයි. රජයේ වැරැදි හා අඩුපාඩු පෙන්වා දෙමින් රටට අහිතකර රජයේ තීන්දු - තීරණ සහ ක්‍රියාකාරීත්වයන් සම්බන්ධයෙන් තම විරෝධය පළකිරීමයි. රටේත්, මහජනතාවගේත් යහපත වෙනුවෙන් හරි පාරේ ගමන් කිරීමේ රජයේ වගකීම හරිහැටි ඉටු නොවන විට, එය පෙන්වා දිය යුත්තේත් ඊට එරෙහිව නැගී සිටිමින් ජනයා අවදි කළ යුත්තේත් විපක්‌ෂයයි. රටකට ශක්‌තිමත් ක්‍රියාකාරී විපක්‌ෂයක්‌ අවශ්‍ය වන්නේ මේ සඳහාය. රටක සංවර්ධන ගමනට රජයේ භූමිකාව මෙන්ම විපක්‌ෂයේ භූමිකාවද අතිශය වැදගත්ය. එහෙත් ඒ භූමිකාව රඟදක්‌වනවා වෙනුවට, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ඇතුළේ ජරමර බේරාගැනීමේ අරගලය උග්‍රවී ඇති බැවින් විපක්‌ෂයේ අයට ඒ සඳහා නිදහස්‌ වතාවරණයක්‌ද නැත. ඔවුන්ට රජයට දැනෙන බලපෑමක්‌ සිදුකරන්නට අපහසු වතාවරණයක්‌ද ඇතිs වී තිබේ. ඒ නිසා එම අපහසුතාවලින් බැහැරව පහසුවෙන් කටයුතු කළ හැකි නව වේදිකාවක්‌ තනා ගත යුතුව තිබේ. ආණ්‌ඩුවේ ක්‍රියාකාරිත්වයට පින්සිදු වන්නට අද මෙය සිදු වෙමින් තිබේ. එනම් ආණ්‌ඩුවේ ක්‍රියාකලාපය තුළ ඇත්තේ සතුටුදායක තත්ත්වයක්‌ නොවේ. රටේ ඉදිරි ගමන සම්බන්ධයෙන් ඉතා අහිතකර තත්ත්වයක්‌ මතුව තිබේ. රජයේ වැරැදි සහ අඩුපාඩු වලට එරෙහිව ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් කටයුතු කරන විට ඔවුන්ව නොයෙකුත් ආකාරයෙන් දඩයම් කිරීමට උත්සාහ කරන බවටද ඔවුන්ගේ පැත්තෙන් චෝදනා එල්ල වී තිබේ. එවැනි ක්‍රියාකාරකම් හමුවේ රජය කෙරෙහි ජනතා අප්‍රසාදය දිනෙන් දින වර්ධනය වෙමින්ද තිබේ.

පක්‌ෂ භේදයෙන් තොරව මෙරට බහුතර ජනයා කොටි ත්‍රස්‌තවාදයට එරෙහිව යුද්ධයට ආශිර්වාද කරද්දී, එසේම අපේ වීරෝදාර රණවිරුවන් ඇස්‌ ඉදිරිපිට ජයග්‍රහණ ලබමින් සාර්ථකව ඉදිරියට ඇදෙද්දී එක්‌සත් ජාතික පක්‌ෂයේ මන්ත්‍රීවරුන් එදා කීවේ මොනවාද? ඔවුන් කීවේ "කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යනවා" "ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්" සහ "තොප්පිගල කියන්නේ විශාල වනයක්‌" වැනි කතාය. අද ආණ්‌ඩු කරන මේ එදා විපක්‌ෂයේ සිටි මේ අය රටට විපක්‌ෂව කී මේ කතා මේ රටට ආදරය කරන බහුතර කෘතවේදී ජනයාට තවමත් අමතක නැත. මේ නිසා විපක්‌ෂයට කිව යුතු වන්නේ අද රටට අවශ්‍ය වන්නේ ශක්‌තිමත්, ක්‍රියාකාරී විපක්‌ෂයක භූමිකාවක මිස පක්‌ෂයක බෝඩ් ලෑල්ලකට සිර වී සිටින විපක්‌ෂ භූමිකාවක්‌ නොවන බවයි. රටට විපක්‌ෂ නොවන සැබෑ විපක්‌ෂයක භූමිකාව හරිහැටි තේරුම් ගෙන කටයුතු කරන පක්‌ෂයක්‌ බවට නව දේශපාලන බලවේගය පත්කර ගත යුතුව තිබේ. අතීතයේ කළ වැරදි නැවත සිදු නොවන පරිදි අලුත් ගමන් මග රටට හිතකර ලෙස සැලසුම් කළ යුතුවද තිබේ. අද ඇතැම් විද්වතුන් කියන කතාවක්‌ වන්නේ ආණ්‌ඩුවට සැලසුමක්‌ නැති බවත්, රටට විපක්‌ෂයක්‌ නැති බවත්, බුද්ධිමතුන්ට කොන්දක්‌ නැති බවත්ය. ඇතැම් බුද්ධිමතුන් රජයේ තනතුරු ගෙන ඇති නිසා ඔවුන් රජයේ ක්‍රියාකාරිත්වය ගැන ස්‌වාධීන, විද්වත් අදහස්‌ පළ කරනවා වෙනුවට ඔවුන් දකින්නේ රජයේ හොඳම පමණකි. ඔවුහු රජයේ කිසිදු වැරැද්දක්‌ නොදකිති. ලැබූ තනතුරු හා වරප්‍රසාද රැකගැනීමේ අභිලාෂයෙන් ඔවුහු එසේ කරමින් සිටිති.

දැන් උදා වී තිබෙන දේශපාලන වාතාවරණය අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට කිසිසේත්ම ශ්‍රීලනි පක්‌ෂය දිනවිය හැකි යයි විශ්වාස කළ නොහැකිය. දිනෙන් දිනම එම පක්‌ෂයේ ඡන්ද පදනම නාය යමින් තිබෙන බව ගම්බිම්වල ජනතා වගේ අදහස්‌වලින් පෙනෙන්නට තිබේ. පක්‌ෂය පමණක්‌ දිනවාද ඵලක්‌ නැත. රටද දිනවිය යුතුය. ඒ නිසා රට සහ පක්‌ෂය දිනවිය හැකි, ජනතාව විශ්වාස කරන සැබෑ ජනතා නායකත්වයක අවශ්‍යතාව අද මතුව තිබේ. මේ නිසා අවසාන වශයෙන් කිවයුතු වන්නේ ආණ්‌ඩුවට හරි සැලැස්‌මක්‌, රටට විපක්‌ෂයක්‌ සහ බුද්ධිමතුන්ට කොන්දක්‌ තිබීම අත්‍යවශ්‍ය බවයි. ආණ්‌ඩුවට අසීමිත බලයක්‌ තිබීම කිසිසේත්ම හොඳ දෙයක්‌ නොවේ. එසේ තිබියදී රටට, විපක්‌ෂයක්‌ද නැත්නම් එය ඉතා අනතුරුදායකය. "අද රටේ විපක්‌ෂයක්‌ නෑනෙ" යනුවෙන් බොහෝ දෙනෙක්‌ කියන කතා අනුව අපට හැඟෙන්නේ මේ අනතුරුදායක තත්ත්වයට රට මුහුණ දී සිටින බවයි.

-ශ්‍යාම් නුවන් ගනේවත්ත
[දිවයින]
චායාරූපය: 'ලක්ෂ 58' ෆේස්බුක් පිටුවෙන්


යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions