9/19/2015

කවි කර තැබූ පාරම්පරික සිංහල දැනුම

කතෘ:යුතුකම     9/19/2015   No comments


රටක ඉතිහාසය ලියැවෙන විට පරම්පරාවන්හි පැවැත්ම හා විකාශනය පිළිබඳ තොරතුරු අවශ්‍ය වේ.මහා වංශය චූල වංශය යනුවෙන් ලංකාවේ ඉතිහාසය ලියැවෙන්නේ එලෙසය. ක්ෂත්‍රිය රාජ පරම්පරාවක අඛණ්ඩ පැවැත්ම එයින් තහවුරුව ඇත.දම්වැලක පුරුක් ලෙසට පරම්පරාවන් පැවතීම මගින් රටක අනන්‍යතාව ශක්තිමත් වේ. සංස්කෘතික සම්බන්ධතා වැඩි දියුණු වෙමින් සමෘද්ධිමත් රාජ්‍යයක් බිහිවන්නේ එවිටයි. මේ සමෘද්ධිය ඉබේ ඇති වන්නක් නොවේ. ජාතියේ දැනුම් පද්ධතිය ඊට බෙහෙවින් ඉවහල් වන බව දැක්විය යුතුය. මේ දැනුම් පද්ධතිය පරම්පරා ගණනාවක සිට අඛණ්ඩව විකාශනය වෙමින් පැවතීමද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. රාජ්‍ය පාලනය සේවා සැපයීම වාරිමාර්ග කෘෂිකර්මය ආදී විවිධ ක්ෂේත්‍රයන් සතුව මෙම දැනුම සෙමින් වර්ධනය වූ ආකාරය ඉතිහාසය මගින් හෙළිදරව් කෙරේ. ලංකාවේ පැවති මෙම තත්ත්වය අන් ආසායාතික රටවලින් වෙනස් නොවේ. එහෙත් ලංකාවේ පරිසර පද්ධතියට ගැලපෙන ආකාරයට මේ දැනුම වර්ධනය වී තිබූ බව පෙන්වා දිය හැකිය. එසේම විදේශ සම්බන්ධතා මගින් පරම්පරා දනුම ඔපවත්ව ශක්තිමත් වූ ආකාරයද දැක්විය හැකිය.

වර්තමානයේ අප භාවිතා කරන මිනුම් ක්‍රමයන් ජාත්‍යන්තර සම්මතයන් වෙති. අධිරාජ්‍ය මිනුම ඉක්මවා ගිය ස්වභාවයත් තිබුණද එම මිනුම් වල ද ස්වාධීන බව දක්නට නැත.එහි පවතින ඒකාකාරී බව විසින් අප වානිජ සම්බන්ධතාවන්ට පමණක් බැඳ තබා තිබේ. නමුත් අතීත ලංකාවේ මිනුම් ක්‍රමයන්ට ජගත් අභාෂය තිබුණද රටට අනන්‍ය වූ ලක්ෂණයන්ද තිබූ බව පෙන්වා දිය හැකිය. උදාහරණයක් වශයෙන් දුර මැනීම සඳහා භාවිතා කළ මිනුම බලන්න. එය සිංහලයන් අතර ව්‍යවහාරව පැවතියේ මිටි රියන වශයෙනි. මාර්ග වැව් පොකුණු ආදිය මැනීමට එය භාවිතා විය.නමුත් වාස්තු විද්‍යාවට භාවිතා වූයේ වඩු රියනයි. එය හතර රියන් පුරුෂයෙකු ගේ බාහුවේ සහ ඇඟිලි ප්‍රමාණයෙන් සකස් කර ගත්තක් විය. එලෙසම කෘෂිකාර්මිකඋපකරණ තැනීමේදී භාවිතා කොට ඇත්තේ පියවර නම් මිනුම් ක්‍රමයකි. මේ ක්‍රමය ඉන්දීය මිනුම් ක්‍රමයන්ට තරමක් වෙනස් වේ. දුර මැනීම සඳහා භාවිතා කළ මේ මිනුම් ක්‍රමය කවියෙන් ලියැවීම සිංහලයන්ට ආවේණික විය.

අබ ඇට දෙකක් නම් තල ඇට එකක් වේ - තල ඇට දෙකක් නම් මුන් ඇට එකක් වේ
මුන් ඇට දෙකක් නම් වියැට එකක් වේ - වියැට දෙකක් නම් අඟලින් එකක් වේ

අඟලින් දෙකක් නම් අඟුලින් එකක් වේ - අඟුලින් දෙකක් නම් විග්ගුහු එකක් වේ.
විග්ගුහු දෙකක් නම් වියතින් එකක් වේ - වියතින් දෙකක් නම් රියනින් එකක් වේ.

රියනින් දෙකක් නම් අඩබින් එකක් වේ - අඩබින් දෙකක් නම් මහ බඹ එකක් වේ
මහ බඹ දෙකක් නම් අඩු දුනු එකක් වේ - අඩ දුනු දෙකක් නම් මහ දුනු එකක් වේ


දුර මැනීම මෙන්ම බර මැනීමද සිංහලයන්ට අවශ්‍ය වූයේ ශක්තිමත් වෛද්‍ය ශස්ත්‍රයකින් ජන ජීවිතය ආරක්ෂා කල බැවිනි. ඉතාමත් මන බඳිනා සුළු ආකාරයෙන් මෙන්ම ශූර ලෙසටද කවි ලියැවුණේ සිංහල වෙදකමේ වට්ටොරු දැක්වීම පිණිසය. වෛද්‍ය ශිෂ්‍යාට වට්ටෝරු පාඩම් සිටීමට මේ සිවු පදය බෙහෙවින්ම ඉවහල් විය. ඇතැම් විට වෙද වට්ටෝරුවක් සඟවා කීමට අවශ්‍ය නම් වෙදගැටයක් පැබැඳීමටද ජන කවියා පසුබට නොවීය.මෙහි දැක්වෙන්නේ කෂාය කිරීමට වර්තමානයේ වුවද භාවිත කරන මාන ක්‍රමය ගැන කවියෙන් ලියැවුණු පද කීපයකි.

තල ඇට තුනක් නම් අමු ඇට එකක් වේ -අමු ඇට තුනක් නම් වියටින් එකක් වේ
අට වියටක් නම් මදටින් එකක් වේ- විසි මදටක් නම් කළඳින් එකක් වේ

තුන් කළඳට හුනකැයි පවසන තවෙක-දෙහුනක් ආ කලට පලමක් වෙයි අබෙක
දෙ අඩ පලම නම් පලමින් එකක -දෙපලමකට පවසන්නේ කළුඳුලෙක

දෙකළුඳුලක් ආකල වන්නේ පතක -සතර පතක් නම් නැඩුබෙක් වෙයි එකක
සතර නැඩුබ ලාසෙන් වන්නේ එකෙක-ලාසෙන් හතර නම් වන්නේ ද්‍රෝණයක

කවියෙන් ලියැවීම කට වහරටට ආගන්තුක නොවේ. ලෙහෙසියෙන් මතක සිටින ලෙසට කවි පබැඳීමත් ගැයීමත් පැරණි සිංහලයන් හුරු පුරුදු කළ දෙයක් විය. කෘෂිකාර්මික දිවිපෙවෙතේ මේ පිළිවෙල බෙහෙවින්ම ලගන්නා සුළු වූ බව කිව යුතුය. හේන් ගොවිතැන සාමූහික මෙන්ම මහත් දුෂ්කර තත්ත්වයන් යටතේ කළ යුතු දෙයක් වූයෙන් ජන කවිය එයට හොඳින් ගැලපෙන්නක් වී තිබුණි. කටුසර භෝග මෙන්ම රෙදිපිළි විවීම සඳහා නූල් සකස් කිරීමට භාවිතා කල කපු ගසද සිංහල ජන කවියාගේ ඇසට ලක් වූවක් විය. ඒ හෙයින් මේ කව් පන්තිය තුළ එහි සුන්දරත්වයත් දැනුමත් ගැබ්ව පැවතිණ.

මූකලන් කොටා කපු ඇට ඉසින්නේ - දෙපෙති වෙලා පැලපත ලොකුව යන්නේ
සමසක් ගිය කලට මල් බොකල වන්නේ - වෙසක් මසට සුරතල් කපු පිපෙන්නේ

කපු පුළුන් වල තිබෙන කපු ඇට වෙන් කර සුද්ද කරනු ලබන්නේ කපු යන්තරයෙනි.මෙවැනි යන්ත්‍රයක් මහනුවර කෞතුකාගාරය සතුව ඇත.මේ කපු යන්තරය ගැනද ඔවුහු මෙලෙස කවී කීහ.

එරට තිබෙන්නේ වල් විරුදු යන්තරේ- මෙරට තිබෙන්නේ කපුකපන යන්තරේ
ගැරෙන්ඬියට මතුලට අහයිද මන්තරේ - දීපන් ළඳේ නුඹ කපු කපන යන්තරේ

රොද්දක් ඇන්න නත් අටවා තියා ගෙන- පහනක් ඇන්න කඩතෙල් ලා තියා ගෙන
රෙද්දක් ඇන්න මොට්ටැක්කිලි ලා වසා ගෙන -ගසති පුළුන් රන් ලිය දොර වසා ගෙන


කවිය සිවුපදයක් විලස සිංහල ජන ජීවිතයට සමීපවෙයි. කෙතේ කමතේ හේනේ පැලේ මෙන්ම මුළුතැන් ගේ වුවද සිවු පදයෙන් රසවත් වන ආකාරය ඇතැම් විට පුදුම එළවන සුළුය. කාෂිකාර්මික පැවැත්ම ඉදිරියට ගෙන යෑමට ජන කවිය කෙතරම් දායක වී ඇත්දැයි සෙවීමට නම් නෙළුම් කවි කමත් කවි ආදිය පරිශීලනය කළ යුතුය. ගොයමට වැළඳෙන ලෙඩ රෝග ගැන කියවෙන මෙම කවි බලන්න.

අල කොළ රෝගයද ලෙඩක්-කොක්කනාව කියා ලෙඩක්
උණපතයා තවත් ලෙඩක් -මේ ලෙස ලෙඩ බලා නොයෙක්

රෝග තැනෙනවාද බලා - කෙම් කරුවන් සපයාලා
ඊට කරන කෙම අසලා -කෙම් කරවති මීට බලා

පීදී කිරි වදින කලට - කර බුස්නා ලෙඩක් ඊට
කිරි කෙම කරවමින් ඊට - කරල් නැවෙයි කිව් එතකොට


ලෙඩ රෝග ගැන කියවෙන විටම ඊට පිලියම්ද පැවසීම පාරම්පරික දැනුම සංරක්ෂණය කිරීමේ ක්‍රම වේදයක් විය.සිංහල වී වර්ගයක් ගැන කියවෙන අවස්ථාවන්ද එමටය.

අකුරම්බඩ වියේ බත් රස දැන ගල්ලා- කුකුලම්පළ පිරිමි ගස් හැර නොබඳිල්ලා
විපරම් කරල කවි සීපද කියපල්ලා -කුකුලම්පළ පිරිමි බිරිඳට වැඳපල්ලා

ඒ සෑම අවස්ථාවකදීම ජන කවිය මගින් සිය දැනුම ප්‍රකට කරවන්නට සමත් වෙයි. බලන්න වැලි තලප හැඳි ගෑම සම්බන්ධව ලියැවුණු සිංදුව.එහි හෙදකමත් වෙදකමත් දෙකම විය.මේ කව වැලි තලප සවුදම යන්වෙන් හඳුන්වා දී තිබෙන්නේ රසවත් ලෙසට ගායනා කිරීමට බෙර තාලයන්ද සම්බන්ධ කර ගත් නිසා විය යුතුය.

කැකුලු සහල් පිටියෙන්ද - වටකර ඕළු ඇට මෙන්ද - තම්බා කඩ පිම්මෙන්ද - සුරැකිව තබා යෙහෙන්
කිතුල් හකුරු පැණියෙන්ද -මදක් සීනි සමගින්ද - සැඳිගා කකාරමින්ද - ලණු වැටෙනා පදමින්

තිවග දෙදුරු සමගින්ද -එක එක පමණ යසින්ද -බැද සුන්කර ගනිමින්ද -එකතුව සෑම දෙයින්
බඳුනෙක ලාසතොසින්ද සමකර යස විලසින්ද -එදවස පසුව ගොසින්ද -ගනිමින් නැවත තොසින්

උදය උදය හැමදාම වළඳා උණු පැන් බීම - සිත සිත් වෙර පිනවාම - මියුරු දෙයකි සුවිපුල්
වැලි තලපය යන නාම - පැවසුව් පෙරදුරු සෑම-වා පිත් සමන කිරීම -කදිමට වේ නිරවුල්


පුරාණ කාලයේ දී ලංකාවේ රාජ සභාවට සේවය කළ විශිෂ්ඨ ගණිතඥයන් සිටි බව පැවසෙයි. ජයවර්ධන පුර කෝට්ටේ සමයේදී මෙන්ම සෙංකඩගල රාජ සමයේදීද මෙවැනි ගණිතඥයන්ගෙන් හිඟ නොවීය. තොටගමුවේ විජයබා පිවෙනේ ග්‍රහ ගණිතය ඉගැන්වූ බව ගිරා සංදේශයේ එන මේ පැදියෙන් හෙළි වේ.

සබා තුරු ලෙසින් බොල්ලන් ගෙන නොමඳ- තබා පෙළින් පෙළ ඇද නිල් පලස මැද
බබා සෙද තැනින් තැන ගහ ගණන් බැද- පබා කර සිදත් සමහරු ගණිති ඉඳ


ගණිත ප්‍රශ්ණ සිසුවන්ගේ මනස බැද පවතින ආකාරයෙන් දැක්වීමට සංස්කෘත ශ්ලෝක මෙන්ම සිංහල කවිය ද උපයෝගී කර ගෙන ඇත. චමත්කාරයෙන් පිරි එවැනි කවියක් කට පාඩම් වීම මගින් කිසිදා ගණිතය එපා නොකරවයි.

බැතින් රැසක් පියුමන් පුද යෙදුවයි- තුනින් එකක් මෙහෙසුරු වැඳ පිදුවයි
පසින් එකක් ගොවිඳුන් පද සැදුවයි -සයින් එකක් හිරුදෙවි පුද ලදුවයි

සුයින් එකක් ගිරි දුව හට කර පුද - ලදින් සයක් මල් ඉතුරුව එම සඳ
ලුරුන් නොඉක්මැ ම පද වැඳකෙළෙ පුද -ඉතින් කෙතෙක් මල් පළමු තිබුණෙද


මෙය බුද්ධි ප්‍රශණයකි.ලීලාවතී ගණිතතිලක ගණිත සාර සංග්‍රහ ආදී සංස්කෘත ග්‍රන්ථයන්ගේ සාරය ගෙන සිංහල බසින් කවිකර ලිවීමෙන් බුද්ධි ප්‍රබෝධය ඇති වන බව පැරණියන් දැන සිටියහ. බුද්ධිමතුන් එලෙස කටයුතු කරන කල්හි ගැමියා සුන්දර කවි ලීලාවෙන් ගායනා විලාසයෙන් ගම් සිසාරා යන පරිදි අඬහැරය පායි. ඒ මහා හඬ පසුබිමේ තිබෙන්නේ මහාර්ඝ දැනුම් සම්භාරයෙකි.ගැමි ජීවිතය කෙමෙන් වියැකී යත්ම මේ ජනකවියත් අතුරුදහන් වෙයි. පරම්පරාවෙන් පරම්පරාවට ගෙනා දැනුම් පද්ධතියත් අභවයට පත් වෙයි. ඇතැම් විට මෙලෙස විනාශයට පත් වීම අනුදත් අධ්‍යපන ක්‍රමවේදයක්ද පසුගිය අඩ සියවසක කාලය තුල ලංකාව පුරා ක්‍රියාත්මක වුණි. බටහිර දැනුම නොහොත් පරීක්ෂණ නිරීක්ෂන මගින් පෙනවන දැනුම පමණක් නිවරදි යැයි දරන මතයට සමාජයේ මනා පිළිගැනීමක් ඇතිව තිබෙන්නේ එලෙසිනි. එහෙත් සොබා දහමට නිරුතුරු සමීපව සිටි පුද්ගල සම්බන්ධතාවන් ලෙන්ගතුව ස්පර්ශ කළ ජනතාවකට සිංහල දැනුම නොමැතිව අනාගත අභියෝගයන්ට සාර්ථක ලෙසට මුහුණු දිය හැකි දැයි සැකයක් මතු වේ. ස්වාධීන ජාතියක් වන අප ඉදිරියේ එම ප්‍රශ්ණය තියුණු අභියෝගයක් විලස මතු වේ.

-මතුගම සෙනවිරුවන්

යුතුකම සංවාද කවය
www.yuthukama.com 


ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions