9/03/2015

සම්බන්ධන් විපක්ෂ නායක වුවාට විරුද්ධ විය යුත්තේ ඇයි

කතෘ:යුතුකම     9/03/2015   1 comment

ආර් සම්බන්ධන් විපක්‍ෂනායක ධුරයට පත්වීම පිළිබඳ ප්‍රශ්නය නැගෙන්නේ ඔහුගේ ජනවර්ගය පිළිබඳ පදනමින් නොවන බව බුකියේ රනිල්වාදී දේශපාලන කිරි සප්පයින්ට අවධාරණය කරමු. දමිළ ජාතිකයෙකුට මෙරට විපක්‍ෂ නායක ධුරය දැරීම තහනමක් නැත. එහෙත් ප්‍රශ්නය අන් තැනක ය. දෙමළ ජාතික සන්ධානය තම ඉතිහාසට පුරා දමිළ ජාතිවාදය ඔස්සේ සිය දේශපාලනය මෙහෙය වූ පිරිසකි.

මෙවර වුව එසේ ය. ඔවුන් සැම විට ම එක්තරා ප්‍රදේශයකට සීමා ව ජීවත් වූ දමිළ ජන කොට්ඨාශයක අභිලාෂයන් පිළිබඳ කතා කළා විනා රටේ පොදු ආර්ථික දේශපාලන ප්‍රශ්න පිළිබඳ උනන්දු වූයේ නැත. අවම වශයෙන් මෙරට වතුකරයේ වෙසෙන වැවිල වගාව සඳහා ම මෑතක ලංකාවට රැගෙන ආ දමිළයින් පිළිබඳ හෝ මොවුහු කතා නොකරති. ඔවුන්ගේ ඕනෑම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ගෙන බැලුවහොත් මෙය මනාව පැහැදිළි වන තත්වයකි. දෙමළ ජාතික සංධානය යන නමින් පවා ගම්‍ය වන්නේ වර්ගවාදී හා වරණාත්මක නියෝජයනකි.

රටක විපක්‍ෂ නා‍යක ධුරය යනු ප්‍රධාන රාජ්‍ය භුමිකාවකි. එය මුළු රට ම නියෝජනය කරන ධුරයකි. ඊට ජනවර්ගීය සීමා නැත. පළාත් සීමා නැත. ජාතික අභිලාෂ පිළිබඳ සිමා ද නැත. එහෙත් දෙමළ ජාතික සංධානයට මේ සියල්ල ඇත. .

නිදසුනක් ගමු. විදේශයක දී හෝ මෙරට දී ආණ්ඩු පක්‍ෂ දේශපාලකයින්ට අමතර ව අනිවාර්යෙන් ම විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් හමු වන්නේ විපක්‍ෂ නායකයා ය. ආර් සම්බන්ධන්ට මෙම පුළුල් ජාතික නියෝජනය කිරීමට තරම් වූ පසුබිමක් හෝ හැකියාවක් තිබෙන බව ඔහු කිසි දිනක පෙන්වා නැත. වෙනම රටක් වෙනුවෙන් පෙනී සිටින දමිළ ඩයස්පෝරායේ ඍජු මුදල් හා අධාර ලබන දමිළ ජාතික සංධානය සැම විට ම සිටියේ ලංකා රාජ්‍යට එරෙහි පිවිසුමක බව අමුතුවෙන් කිව යුතු ද?

මේ සියළු කරුණු මැද අප අසන්නේ ලංකාවේ එක් ජන කොටසක පමණක් ඡන්දයෙන් පාර්ලීමෙන්තුවට පත් වූ පිරිසක් විසින් සිරස් ව තිරස් ව ගැඹුර‍ට යන මහා ජනතාවකගේ ප්‍රජාතන්ත්‍රීක අයිතීන් හා උවමනා වෙනුවෙන් පෙනී සිටීමට දෙමළ ජාතික සංධානයට ඇති සදාචාරාත්මක අයිතිය කුමක් ද යන්න ය. ඒ පිළිබඳ වන සූදානම කුමක් ද? එසේ පෙනී සිටීමට ඔවුන්ට තිබෙන ධාරිතාව කුමක් ද? මේ සියල්ල ඉතා සාධාරණ ප්‍රශ්න ය. මෙහි ඇත්ත ප්‍රශ්නයක් තිබේ. ජාතිවාදී ලේබලය ගසා සුපුරුදු පරිදි ඉවත දැමිය නොහැකි ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සැබෑ ප්‍රශ්නයක් තිබේ.
 
-ඡ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. උදය , විමල් මහත්වරුනි,

    ඔබ දෙදෙනාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද අඩු කිරීම ගැන මෙරට වෙසෙන බොහෝ වසලයන් අන්තර්ජාලය පුරා සතුටු වන අයුරු දකින විට මහා කලකිරීමක් ඇති වේ..
    ඔබලා කුමන පරමාර්ථයකින් හඬ නැගුවා වුවත් මෙම රට වෙනුවෙන් නැගූ එම හඬට සිනාසෙන වුන්ට විඳවීමට වන කාලය නුදුරෙහිදීම එනු ඇත.
    මේවා දකින විට සිතෙන්නේ ඔබලා කුමක් වෙනුවෙන් කවුරුන් වෙනුවෙන් මේ අයුරින් සිනහවට පාත්‍ර වන්නේද යන්නයි.. (අප මහා වීරවරයෙක් වන අනගාරික ධර්මපාල තුමන්ටද එවක සිටි වසලයන් මීට සමානව උසුලු විසුලු කරන්න ඇති )
    අප මෙසේ හඬ නැගුවද අප හඬ පරයා නැගෙන වසල හඬවල් වලට ඉඩ දී බලා සිටීම සුදුසු යයි සිතමි.
    මක් නිසාද යත් ගුණයක් නොදන්නා වසලයන් බහුල තැනක අපට වුවද හඬක් නොනගාම පෞද්ගලිකව/ ආත්මාර්ථකාමීව අප අපගේ ආධ්‍යාත්ම දියුණුව වඩවා ගැනීමෙන් මෙවන් වූ වසලයන් අතර නොඉපදීමට වැඩ කටයුතු සාදා ගැනීම නුවණට හුරු වනු ඇත.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions