දම්සරණි තමයි නවකතාවක් ලියන්න හේතුවුණේ
-චම්පා වෛද්‍යතිලක
මෙවර 'ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේ' හොඳම නවකතාව බවට පත්වූයේ චම්පා වෛද්‍යතිලකගේ 'ඇදහිය නොහැකි නිහඬතාව' කෘතියයි. කතුවරියගේ කුළුඳුල් නවකතාව වන මෙය ගොඩගේ ප්‍රකාශනයකි. මේ සංවාදය ඒ නිමිත්තෙනි.
නවකතාව පිළිබඳ ඔබේ හැදැරීම කෙබඳුද?මම නවකතා කියවන්න පටන් ගත්තේ අවුරුදු 12-13 කාලයේ පටන්. මම මුලින්ම කියවන්නේ රුසියානු බසින් සිංහලයට පරිවර්තනය වුණු 'වානේ පන්නරය ලැබූ හැටි' පොත. ඒ එක්‌කම මක්‌සිම් ගෝර්කිගේ 'අම්මා', 'මගේ සරසවිය', 'ළමාවිය', 'ඇනා කැරනිනා' වගේ පොත් මම කියවනවා. ඒත් මේ අතරේ සිංහලේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගෛa 'ගම්පෙරලිය', 'කලියුගය', 'යුගාන්තය' මගේ නවකතාවට විශ්වවිද්‍යාලයක් බවට පත්වෙනවා. විරාගයේ අරවින්ද ඒ විශ්වවිද්‍යාලයේ 'ආචාර්ය' කෙනෙක් වෙනවා. අදටත් නන්දා මගේ ජීවිතයේ වීරවරියක්. ඇය තමයි ඒ විශ්වවිද්‍යාලයේ හිටිය හොදම ශිෂ්‍යයාව. අ.පො.ස සාමාන්‍ය පෙළ අවසන්ව ප්‍රතිපල පැමිණෙන තුරු මම කළේ මතුගම මහජන පුස්‌තකාලයේ තිබූ පොත් සියල්ල කියවූ එක. ඒ කියවීමට අමතරව ඒ පොත්වලට පොඩි විචාරයක් ලියන්නත් ඒ කාලයේදී මම උත්සාහ කළා. ඒවා තාමත් මා ළඟ තියෙනවා. 'අවරගිර', 'පාලම යට' වගේම කරුණාසේන ජලයත් මහත්තයාගේ පොත් සියල්ලත් මම ඒ මාස කීපයේදී කියෙව්වා.
මම උසස්‌පෙළට හැදෑරුවේ ජීව විද්‍යාව. ඒ කාලයේදී අමතර පන්ති සඳහා නුගේගොඩට පැමිණි හැමවිටම මම සරසවි පොත්හලේ පොත් අතගාමින් පැය ගණන් ගතකළා. උසස්‌පෙළ අවසන්ව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබද්දි මම වැඩිපුර කියවුයේ ඉන්දියානු පොතපත. විශේෂයෙන් බෙංගාලි බසින් සිංහලයට පරිවර්තනය වුණු පොත්. ඒ වගේම පහුගිය අවුරුදු කීපයේ ග්‍රීක සාහිත්‍ය පැත්තට යොමු වෙන්නත් හැකිවුණා. කොහොම වුනත් ලෝකේ වටේම කරක් ගහල මම ආයිමත් නැවතුනේ 'ගම්පෙරලිය' ළඟ. මම නවකතාව හදාරලා නැහැ. කියෙව්වා රසවින්දා විතරයි. ඒත් ඒ හැම කියවීමකින්ම කුමක් හෝ යමක් මගේ මනසේ තැන්පත් වුණු බව නම් තේරුණා.
නවකතාවක් ලිවීම සඳහා ඔබට බලපෑම් කළ සාධක මොනවාද?
විශේෂ බලපෑමක් වූ බවක් නම් මතක නැහැ. පොතක් කියවා ටික දවසක් යනතුරු මම ඒ පොතේ ජීවත් වෙනවා. සමහර විට ඒක දීර්ඝ කාලයක් තියෙන්නත් පුලුවන්. මමත් නොදැනීම. කොහොම වුනත් මම හිතින් බොහෝ කතා ලියා තියෙනවා. සමහර වෙලාවට කෙනෙක් එක්‌ක ඇතිවුණු තරහව මම පිටකරන්නෙත් එයා මගේ පොතක චරිතයක් කරලා. එවෙලේම ලිව්වත් ඒ පොත් කවදාවත් ඇත්තටම ලියෑවුණේ නැහැ. ඔය විදියට පොත් රාශියක් ලියා අන්තිමට තමයි දම්සරණිව හමුවුණේ. එයා නම් ඇත්තම පොතක චරිතයක් බවට පත් වුණා. දම්සරණි තමයි නවකතාවක් ලියන්න හේතු වුණු සාධකය.
ඔබට බලපෑම් කළ යම් ප්‍රවීන ලේඛකයෙක් හෝ ලේකාවක් සිටිනවාද?
බලපෑම් කළ කෙනෙක් නැහැ. එහෙම බලපෑම් කරන්න තරම් මා දැන හඳුනාගත් ප්‍රවීනයෙක් නැහැ. මා ඔවුන්ව දන්නවා. ඔවුන්ගේ පොත පතකියවා ඔවුන් ගැන අවබෝධයක් මට තිබුණා. සමහරු මගේ වීරයන්. බටුවන්ගල රාහුල හිමියන්ගේ ආශිර්වාදය නිතරම ලැබුණා. මේ පොතේ මුලින්ම මම ලියූ කොටස උන්වහන්සේට කියවීමට දුන් පසු උන්වහන්සේ කිව්වෙ මේ භාෂාව හරි ලස්‌සනයි. දිගටම ලියාගෙන යන්න කියලා. එහෙම ලියලා ඉවර කරලා දුන්නට පස්‌සේ කියවන්න කියලා නම් කීපවරක් මතක් කරන්නත් වුණා. ඒ වගේම පොත මුද්‍රණය දක්‌වා යන තැනටත් කටයුතු කළේ උන්වහන්සේ. ඒ වගේම ප්‍රවීන ලේඛකයෙක් නොවුනත් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මේ නවකතාව ඉදිරියට රැගෙන යන්න හේතුවුණා.
ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා, තොරතුරු තාක්‌ෂණික රැකියාවක නියෑලුනත් ඔබගේ නවකතාවේ භාෂා භාවිතය පිළිබද විචාරක විශේෂ අවධානයට ලක්‌වුණා. මෙවැනි ආභාෂයක් ඔබ ලබන්නේ කෙලෙසින්ද?
ඒක නම් මමත් හරියටම දන්නෙ නැහැ. මට විශේෂ දෙයක් කියලා කළේ කතාව කියවාගෙන යාමේදී යම් රිද්මයක් ඇතිවන ආකාරයට භාෂාව හැසිරවීම පමණයි. හරියටම කියනවනම් කතාව කියවන්න පොඩි තනුවක් දැම්මා. මම කලිනුත් කිව්වේ ඒකයි. මම සිංහල භාෂාව ගැඹුරින් හදාරා නැහැ. සාමාන්‍ය පෙළ විෂයක් ලෙස හැදෑරුවා විතරයි. අදටත් සමහර ව්‍යාකරණ මම ඉගෙන ගන්නවා. ඒත් මම සිංහල භාෂාවට කැමතියි. ඒ වගේම ආදරෙයි. මේ භාෂාවෙන් ස්‌වභාවධර්මට කියවන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඕනෑම භාෂාවක් නිර්මාණය වන්නේ ස්‌වභාවධර්මයේ කොටසක් විදියට. සෙන් කියමනක් තියෙනවා ගලක් වැඩෙන හැටි දකින්න බැහැ. එය අසා සිටින්න කියලා. ඇත්තටම ස්‌වභාවධර්මය කියන්නෙ දැකලා අහලා විඳ ස්‌පර්ශ කළයුතු දෙයක්. ඒ විදියට ස්‌පර්ශ කරන දෙයෙහි අවසාන ඵලය භාෂාව. ඒ භාෂාව පොතපතින් උගන්වා පර්යේෂණ කර කොටු ගහලා ඉරි ඇඳ බිහිකරන භාෂාවට වඩා වෙනස්. දම්සරණි ස්‌වභාවධර්මයේ භාෂාව ස්‌පර්ශ කළ කෙනෙක්. ඒ නිසා වෙන්න ඇති එහි භාෂා භාවිතය ගැන අවධානයට ලක්‌වුණේ.
ඔබගේ මෙම නවකතාව තුළ මායා යථාර්ථවාදී, අධියථාර්ථවාදී ලක්‌ෂණ දැකිය හැකියි...
විශ්ව සාහිත්‍ය කියවීමේදී ලෝකය කියවන්න මට අවස්‌ථාවක් ලැබුණා කියා මා විශ්වාස කරනවා. එය යම් තරමකට මේ නවකතාවේ ආභාෂයට රුකුලක් වෙන්න ඇති. විශේෂයෙන් අරුන්දතී රෝයි මහත්මියගේ 'සුළුදෙය ඇසුරු කළ මිනිසා' නවකතාව මම ආසන්න වශයෙන් කියවූ නවකතාව. ඒ කෙසේ වෙතත් ඔබ අධි යථාර්ථය ලෙස අදහස් කරන්න ඇත්තේ සත්‍යයේ උපරිම අවස්‌ථාව. එය ස්‌වභාවධර්මයේ පවතින දෙයක්. අපි ඒ අධියථාර්ථයට කැමතියි. අපි අපි දිහාට එබී බැලුවොත් ඒ සත්‍ය අපි තුලම තියෙනවා. ඒත් ඒ සත්‍යය මායාවක්. ඒ මායාකාරී සත්‍යය හරි සුන්දරයි. මිනිසා එයට කැමතියි. බාහිරෙන් ඇත්තේ මිනිසා මවාගත් දෙයක් පමණයි. මට හිතෙන විදියට එය මිනිසාගේ වුවමනාවටම කරනා දෙයක් නොවෙයි. කොතනක හරි වැරදීමකින් ඒ දේ සිද්ධ වෙන්න ඇති. ඔය ටිකනම් මම ඉගෙන ගත්තේ බුදුන්වහන්සේගෙන්.
'ඇදහිය නොහැකි නිහඬතාව' නවකතාව මෙවර ගොඩගේ සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබන අතර ස්‌වර්ණ පුස්‌තක සම්මාන උළෙලේ දෙවැනි වටයේ කෘති 16 අතරටත් තේරෙනවා. පළමු නිර්මාණයෙන්ම මෙවැනි දුරක් පැමිණීම පිළිබඳ ඔබට ඇත්තේ කෙබඳු හැඟීමක්‌ද?
ඇත්තටම ඇදහිය නොහැකි සතුටක් තියෙනවා. විශේෂයෙන්ම මම කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු ආකාරයේ ප්‍රතිචාරයක් ලැබුණා. විශේෂයෙන්ම පාඨකයන්ගෙන්. බොහෝ දෙනෙක් මට කතාකළා. ස්‌තුතිවන්ත වෙනවා ඒ සියලු දෙනාටම. විශේෂයෙන් ගොඩගේ ආයතනයේ අධිපතිතුමාට හා එම මැතිණියට.
එහිදී ඔබට ප්‍රවීනයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර මොන වගේද?
ප්‍රවීණයන් මාව දන්නෙ නැහැ. දැකලා නැහැ. ඔවුන් බලනවා ඇති මේ කොහෙන් කඩාපාත් වුණු කෙනෙක්‌ද කියලත්. ඒත් පළමුවරට වුනත් මුණගැහුණු හැමදෙනාම සුබ පැතුවා. දිගටම ලියන්න කියලා කිව්වා. ඔවුන් සියලු දෙනා කිව්වේ භාෂාවේ විශේෂත්වය ගැන.
ඔබගේ ඉදිරි නිර්මාණ ජීවිතය සැලසුම් කර තිබෙන්නෙ කෙලෙසින්ද?
මම නිර්මාණ ජීවිතය පමණක් නෙමේ සාමාන්‍ය ජීවිතය පවා ලොකු සැලසුමක් මත ගත කරන්නේ නැහැ. සිද්ධ වෙන දේට ඉඩදී බලා සිටිනවා. මට වෙනස් කළ නොහැකි දේවල් වෙනස් කරන්නෙත් නැහැ. ඉතින් ඉදිරි නිර්මාණ ජීවිතය මේ වගේ වෙන්න ඕන කියලා ලොකු සැලසුමක් නැහැ.
[දිවයින]
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.

(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .