9/10/2015

මේ රටේ ජාතික විඥානය තීරණය කිරීම බටහිර පරවේණිගත අයිතියක් ද?

කතෘ:යුතුකම     9/10/2015   No comments

සුපුරුදු පරිදි නිර්මාල් රංජිත් දේවසිරි මහතා සම්බන්ධ විපක්ෂ නායක වීමට මම අකමැති මන්ද යන්න විස්තර කළ මගේ ලිපියකට සිය වෝලයේ ප්‍රතිචාර දක්වමින් මා ඉන් අදහස් නොකළ දෑ මතු කර සතුටු වෙයි. ඒ දැක තවත් පිරිසක් පිනා ගොස් තිබේ. ඒ සතුටට මම බාධා නොකරමි. ඔහු සඳහන් කරන පරිද මා එහි දෙමළා සම්බන්ධ සිංහල විඥානය ඉතා කදිමට ගොණු කරනු ලැබ ඇත. "අපි කැමති වන්නේ අපිට අභිමත දෙමළෙකුටයි. දෙමළා සිය දෙමළභාවය නිර්වචනය කරගත යුත්තේ සිංහලයාගේ පරිකල්පනයට ගැලපෙන ආකාරයටයි." නිර්මාල් මහතාගේ තර්කය නිවැරදි නම් ආනන්ද කුමාරස්වාමි, ලක්ෂ්මන් කදිරගාමර්, ආනන්ද සංගරි, ඩග්ලස් දේවානන්ද, ආරුන් තම්බිමුත්තු ආදීන් සිය දෙමළ භාවය නිර්වචනය කර ඇත්තේ සිංහලයාගේ පරිකල්පනයට ගැලපෙන ආකාරයටයි. එහෙයින් එය දෙමළ විඥානය නොවේ. එය ව්‍යාජ විඥානයකි. එහෙයින් නිර්මාල් මහතා ඒ වෙනුවෙන් පෙනී නොසිටියි.

එය නියත ලෙස ම ව්‍යාජ විඥානයක් බව තමන්ට ලැබී ඇති කුමක්දෝ බලයක් ඇසුරින් නිගමනය කරන නිර්මාල් මහතා සම්බන්ධන් ප්‍රමුඛ සැබෑ දෙමළ විඥානය නියෝජනය කරන පිරිස දෙසට මලට ඇදෙන බමරෙකු මෙන් සතුටින් ඉගිල යයි. එලෙස තමා ඊට ආශක්ත වන්නේ ඔවුන්ගේ දේශපාලන දැක්ම තමන්ගේ දැක්ම හා සමපාත වන හෙයින් බව ඔහු නොකියයි. සම්බන්ධන්ලා මෙන් ම නිර්මාල් රංජිත් මහතා ද දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින්නෝ වෙති. දෙමළ විඥානය බෙදුම්වාදයට ලඝු කරන්නෝ වෙති. ඔවුහු බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින්නෝ වීරත්වයෙහි ලා දේවත්වයෙහි ලා සලකති. බෙදුම්වාදය ප්‍රතික්ෂේප කළෝ දෙමළ අභිලාෂය පවා දුන් ජුදාස්ලා ය. ආනන්ද කුමාරස්වාමි, ලක්ෂ්මන් කදිරගාමර්, ආනන්ද සංගරි, ඩග්ලස් දේවානන්ද, ආරුන් තම්බිමුත්තු පමණක් නොව මුරලිදරන් වුව ජුදාස් කෙනෙකි. ඒ ජුදාස් ලා අගයන අප පව්කාරයෝ ය. පව්කාරයින්ට කිසිදා පවක් නොකළ ශාන්ත පිලිප් වැනි ශාන්තුවරුන් සමඟ එක්ව ගල් ගැසිය යුතුය.

යම් දිනෙක සම්බන්ධන් බෙදුම්වාදය අත හැරියහොත් (එසේ මොහොතකට උපකල්නය කරමු) නිර්මාල් මහතාට එතැන් සිට ඔහු සිංහල විඥානයට සමපාත ලෙස සිය දෙමළභාවය නිර්වචනය කරගත් ජුදාස් කෙනෙකි. කෙසේ වුව ද දෙමළ බෙදුම්වාදය ප්‍රතික්ෂේප කළ දිනක සම්බන්ධ මෙන් ම නිර්මාල් මහතා ද බටහිරට හප කළ නොවටිනා උක් දණ්ඩක් පමණි. කෙසේ වුව ද තමන් සේවය කරන්නේ එදා යටත්විජිතවාදීන් සිය කොලනි පසුවෙන් පාලනය කිරීම සඳහා හඳුන්වා දුන් බෙදා වෙන් කර පාලනය කිරීමේ ක්‍රමවේදයට බව මේ යටත්වජිත විරෝධි මාක්ස්වාදී උගතුන් නොදැන සිටීමට කිසිම හේතුවක් නැත. එහෙත් තමන් තුළ පවතින සිංහල බෞද්ධ වෛරය පිරිමසා ගැනීමට ඔවුහු ඕනෑ ම ආයුධයක් භාවිත කරති. එවන් පිරිස් සිය අරමුණු ඉටු කර ගැනීම සඳහා බටහිර විසින් නියමින් හා අනියමින් පාවිච්චි කෙරති. සිය පැවැත්ම වෙනුවෙන් රටවල් ජාති, ආගම්, ගෝත්‍ර ලෙස බෙදා වෙන්කර ඒ රටවල් අස්ථාවර කිරීමේ තම උවමනාව ඉටු කරන මේ දේශීය ඒජනත්වරු බටහිර රටවල් ඔවුන්ගේ මෙහෙයුම් ඔස්සේ මහා බුද්ධිමත්තු ලෙස හුවා දක්වති.

අනෙක් අතට නිර්මාල් මහතාට, රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අනේක බාධා කිරීම් මැද ලැබුණු ආසන 95ක් නොතකා හරිමින් ඒ ජනවරම එජාප ආණ්ඩුවේ පාවඩයක් ලෙස සලකමින් ඒ ජනවරම යටපත් කර ආසන 15ක් දිනා ගත් සම්බන්ධ මහතා විපක්ෂ නායක කිරීම පැහැදිලි කළ හැක්කේ ප්‍රජාතන්ත්‍රවායේ කවර මූලධර්ම අනුව ද? නිර්මාල් මහතා 1983 UNP මැරයින් සමඟ දෙමළ කඩ කොල්ලකෑවේ අපට වඩා හොඳින් ඉතිහාසයේ සිට ම දෙමළ විඥානය තේරුම් ගෙන ඇති නිසා ද? අද දෙමළ පිළිබඳ කිඹුල් කඳුලු හෙළන නිර්මාල් මහතා සැබවින් ම ඉටු කරන්නේ මේ රටේ අපේක්ෂා නොව අවම වශයෙන් දෙමළ සමාජයේ අපේක්ෂා නොව බටහිර අවශ්‍යතා ය. ටිමෝරය, යුගෝස්ලෝවියාව, කොසෝවෝ, දකුණු සුඩානය, හයිටිය, ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව, සිරියාව ආදි රටවල් මේ පාර දිගේ ටික දිනකට කලින් මහත් උජාරුවෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ මහ දෙවොල වෙත රැගෙන ගිය අයුරු අපි දුටිමු. දැන් ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය ද යහ පාලනය ද මානුෂික අයිතිවාසිකම් ද මාධ්‍ය නිදහස ද සුළු ජන අයිතීන් ද මදි නොකියන්න ලැබී තිබේ. කෙතරම් ලැබී ඇත්ද කිවහොත් ඒ රටවල් අමු සොහොන්, මස්කඩ බවට පත්විණි. දහස් ගණනින් මැරී වැටිණි. පළා යමට ගොස් දහස් ගණනින් මුහුදේ ගිලී මැරුණි. ඉන් මිදුණු දහස් ගණනක් සිය මව්බිම අතැර දිවි පරදුවට තබා යුරෝපයට පළා යති.

කෙසේ වුවද මේ රට ඒකීය රටක් ලෙස පැවතිය යුතු බව සිතන, බටහිර බෙදුම්වාදී උවමනාවන්ට ඉඩ නොතැබිය යුතු බව සිතන, මේ රට තවත් අමු සොහොනක් නොකළ යුතු බව සිතන සිංහලයින් පමණක් නොව දෙමළ, මුස්ලිම් මිනිස්සු ද මේ රටේ ජීවත් වෙති. ඔවුන්ට බටහිර උවමනාව විසින් මෙහෙය වන ඇතැම් දෙමළ පිරිස්වලට සහ නිර්මාල මහතාට මෙන් මේ රටේ වෙනම කොටසක වෙනම ජීවත්වීමේ ආශාවක් නැත. විශේෂයෙන් හින්දු ජනතාවට එවැනි ප්‍රශ්න නැත. (මතවාදිමය ආධිපත්‍යට ඔවුන් මෙහෙයවීමට හැකි වීම වෙනම කරුණකි.) පෙර වසරක ජිනීවා වෙත පෙත්සමක් අත්සන් කර යැවූ උතුරේ ආගමික පූජකවරු අතර කිසිඳු හින්ද පූජකයෙකු සිටියේ නැත. එහෙයින් නිර්මාල් මහතා අවංක නම් මගේ ප්‍රකාශය දෙමළ සම්බන්ධ සිංහල විඥානය ලෙස නොව මේ රටේ ඒකීයභාවය අගය කරන බටහිර න්‍යාය පත්‍රයට එරෙහි සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ විඥානය ලෙස තේරුම්ගත හැකිව තිබිණි. එහෙත් දෙමළ විඥානය බෙදුම්වාදී, සිංහල බෞද්ධ විරෝධි එකක් විය යුතු බව ද එය දෙවියන් වහන්සේගේ නියමය බව ද ඊට කිසිසේත් සිංහල විඥානය සමඟ සමපාත වීමට ඉඩ නොතැබිය යුතු බවත් ද ප්‍රකාශ කෙරෙන සිය බටහිර හාම්පුතුන්ගේ උවමනාව, ආශාව ඇඳලි බැඳ දෝත් මුදුන් දී පිළිගන්නා තැනින් ආරම්භ කොට දිවි හිමියෙන් ඊට සේවය කිරීමේ දේශපාලන දේව කාර්යයට අත ගසා සිටින නිර්මාල් රංජිත් දේවසිරි මහතා ඒ සඳහා කිසි දිනක සුදානම් නොවනු ඇත. මන්ද මේ රටේ ජාතික විඥානය ද තීරණය කිරීමේ පේටන්ට් අයිතිය බටහිර සහ බටහිර නියෝජිතයින්ගේ පරවේණිය යැයි ඒ මහතා සිතන හෙයිනි.

-නාමල් උඩලමත්ත

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions