9/17/2015

ජාතික එකමුතුවෙන් දේශපාලන පක්‍ෂ වලට මව්බිම සුරකීමේ ජාතික න්‍යාය පත‍්‍රයක්

කතෘ:යුතුකම     9/17/2015   No comments

අද දින කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරයේදී ජාතික එකමුතුව විසින් පැවැත්වූ නියෝජිත සමුළුවේදී පස් වැදෑරුම් ජාතික ප‍්‍රතිඥාවක් ලබා දුනි. එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප‍්‍රකාශකළේ මෙම පස්වැදෑරුම් ජාතික ප‍්‍රතිඥාව ජාතික ප‍්‍රඥප්තියක් ලෙස රටේ ජාතිකවාදී දේශපාලන පක්‍ෂවලට ඉදිරිපත් කරන බවය. ඒ දේශපාලන පක්‍ෂ එම ප‍්‍රඥප්තිය තුලින් තම ඉදිරි දේශපාලන ගමන සදහා අවශ්‍ය න්‍යාය පත‍්‍රය සකස්කරගත යුතු බවද ඒ මහතා පැවසීය. එම අවස්ථාවට දෙස් විදෙස් ජාතිික සංවිධිාන 60කට අධික ප‍්‍රමාණයක නියෝජිතයන් සහභාගී විය. එම ප‍්‍රතිඥාව සමුළුවට කියවීමෙන් පසුව ඔවුන් සියලුදෙනා ඊ ට අත්සන් තැබීය. එම උත් සවය එදා කොටිත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකට ලක්වූ කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ පවෙැත්වීමද සුවිශේෂී කරුණකි. එම සභාවේ පිළිගැනීමේ දෙසුම විහාරාධිපති මහාචාර්ය ඉත්තෑදෙමළියේ ඉන්ද‍්‍රසාර නාහිමියන් නිසින් පැවැත්වූ අතර ආරම්භක දෙසුම මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් විසින් පවත්වන ලදි.

මව්බිම සුරුකීමේ ජාතික ප‍්‍රතිඥාව
-17.09.2015 දින කොළඹ සම්බුද්ධාලෝක විහාරස්ථානයේදී අත්සන් කළ වගයි.
පූර්විකාව
දෙස් විදෙස් බෙදුම්වාදී හිතවාදී බලවේග විසින් ජනවාරි 08 වැනිදා ලබාගත් ජයග‍්‍රහණය අගෝස්තු 17 දින තවදුරටත් තහවුරු කරගැනීමට සමත්වීම තුළ රට බෙදීමේ න්‍යාය පත‍්‍රය මෙතෙක් පැමිණි ගමන නව ජවයකින් ඉදිරියට යෑමට පටන්ගෙන ඇත. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා දිවුරුම්දුන් විගස ජාත්‍යන්තර මාධ්‍යවලට ප‍්‍රකාශ කරන්නේ තමා උතුරු පළාත් සභාවට පොලිස් හා ඉඩම් බලතළ ලබාදීමට කටයුතු කරන බවය. ඒ අතර දකුණු ආසියාව භාර ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් ශ‍්‍රී ලංකාවට පැමිණීමට කටයුතු කිරීම නිසා අමාත්‍ය මණ්ඩලය පත්කිරීමට පෙර ඇය වෙනුවෙන් ඇමැතිවරු තිදෙනෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට සිදුවිය. ඒ මගින් ශ‍්‍රී ලංකාවට පැමිණීමට ඔවුනට තිබෙන අසාමාන්‍ය හදිසිය සහ ඔවුන් අනුගමනය කරන බලහත්කාරී පිළිවෙත පැහැදිලි වේ. එසේම ආණ්ඩුව එම ඇමෙරිකානු පිළිවෙත පිළිබඳව දක්වන ධනාත්මක ප‍්‍රතිචාර මගින් ඊට අනුගත වීමට හෝ යටත් වීමට ඇති කැමැත්ත සහ උවමනාව ද පැහැදිලි වේ.
ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය ශ‍්‍රී ලංකාවට පැමිණීමේ අරමුණ පිළිබඳව ඉගි කරමින් ඊට පූර්විකාවක් ලෙස ඇය රට තුළට පැමිණීමටත් පෙර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මාධ්‍යවලට ප‍්‍රකාශ කළේ යුද අපරාධ චෝදනාවලට අදාළව ජාත්‍යන්තර විමර්ශනයක් සඳහා නීතිමය පදනමක් නොමැති බවය. එම ප‍්‍රකාශය ඔහු ඊට පෙර තමා රෝම ප‍්‍රඥප්තිය අත්සන් නොකළ නිසා ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශනයක් සිදු කළ නොහැකි බවට සිදු කළ ලාබාල ප‍්‍රකාශයේම දිගුවක් මිස නව ස්ථාවරයක් නොවේ. රනිල් වික‍්‍රමසිංහ මහතා එම ප‍්‍රකාශය මගින් උත්සාහ කරන්නේ ජාත්‍යන්තර විමර්ශනයක් කිරීමට තමා විරුද්ධ බවට ගෞරවය දිනාගන්නා අතර දේශීය පරීක්‍ෂණය තමාගේ යෝජනාවක් බව තහවුරු කරමින් ඇමෙරිකාව නිර්දෝෂ කිරීමටය. එනම් දේශීය විමර්ශනය ඇමෙරිකාවේ බලහත්කාරී යෝජනාවක් නොවන බව පෙන්වීමට ද රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා උත්සාහයක් දරා ඇත. ඉන් පසුව සහකාර ලේකම් නිෂා බිස්වාල් සහ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති අතර පැවති රැුස්වීමට පසුව ද දේශීය පරීක්‍ෂණයක් සඳහා ශ‍්‍රී ලංකාව විසින් තීරණයක් ගෙන ඇති බව පැවසීම මගින් ඇමෙරිකානු බලහත්කාරය සැගවීමට උත්සාහයක් ගැනිණි. එහිදී ප‍්‍රකාශය වූ ආකාරයට ශ‍්‍රී ලංකාව වෙනස් වී ඇති බැවින් ඇමෙරිකාව ද තම ස්ථාවරය වෙනස් කොට ජාත්‍යන්තර යුද අපරාධ ක‍්‍රියාවලිය අත්හිටුවා ශ‍්‍රී ලංකාවේ දේශීය විමර්ශන ක‍්‍රියාවලියට තම සහාය ලබාදෙනු ඇත. එය පැහැදිලිවම සත්‍ය තත්ත්වය වසන් කිරීමකි.
ශ‍්‍රී ලංකා රජය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සමග එක`ග වී ඇති ආකාරයට මෙවර සැප්තැම්බර් මානව හිමිකම් සැසියේදී ඇමෙරිකාව විසින් ශ‍්‍රී ලංකාවට අදාළව නව යෝජනාවක් සම්මත කරන බව ප‍්‍රකාශ වී ඇත. එම යෝජනාව මගින් ශ‍්‍රී ලංකාවේ සිදු කරන ඊනියා දේශීය විමර්ශනය ජාත්‍යන්තර ප‍්‍රමිතීන් අනුව ජාත්‍යන්තර මැදිහත්වීම මත සිදු කිරීම සඳහා පදනම සකස් කරනු ඇත.
ඒ අනුව මෙවර නිෂා බිස්වාල් සමග පැමිණි ටොම් මැලිනොව්ස්කි නැමති සහකාර ලේකම්වරයා මීට පෙර ශ‍්‍රී ලංකා භූමියේදීම ප‍්‍රකාශ කළ ආකාරයට දේශීය විමර්ශන වාර්තාවට විදේශීය විමර්ශන වාර්තාවේ සාක්‍ෂි ද ඇතුළු කෙරෙනු ඇත. ඒ අනුව දේශීය විමර්ශන වාර්තාව විදේශීය විමර්ශන වාර්තාව සමග දෙමුහුන් කිරීම ඔවුන්ගේ අභිප‍්‍රාය බව පැහැදිලි වේ. එනම් විදේශීය වාර්තාවේ අඩංගු දැනටමත් චෝදනාවලට වැරදිකරුවන් බව නිගමනය කිරීම සඳහා යෝදාගැනීමට බලාපොරොත්තු වන සාක්‍ෂිවලට ඔවුන් විසින් දේශීය ලේබලය අලවනු ඇත.
ඒ ආකාරයට වසර 20ක් ගතවන තුරු නැවත පරීක්‍ෂණයට ලක්කළ නොහැකි සහ ප‍්‍රශ්න කළ නොහැකි සාක්‍ෂි ද උපයෝගී කොට ගනිමින් ඉදිරිපත් කරන ඊනියා දේශීය විමර්ශණ වාර්තාව එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇත. එහිදී එම වාර්තාව ශ‍්‍රී ලංකාව විසින් සකස් කරන ලද සහ අනුමත කරන ලද විමර්ශන වාර්තාවක් බැවින් රුසියාව සහ චීනය එම වාර්තාව මත පදනම්ව විශේෂ අපරාධ අධිකරණයක් පිහිටුවීමට කෙරෙන ඉල්ලීමට විරුද්ධ නොවනු ඇත. විදේශීය වාර්තාවකට දේශීය ලේබලයක් ඇලවීමේ මූලික අවශ්‍යතාවය වන්නේ රුසියාව සහ චීනය ශ‍්‍රී ලංකාවේ පැත්ත ගෙන ආරක්‍ෂක මණ්ඩලයේදී විශේෂ යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමේ යෝජනාව පරාජය කිරීම වැළැක්වීමය.
දේශීය යුද අපරාධ ක‍්‍රියාවලිය ජාත්‍යන්තර මැදිහත්වීම සහිත ඉදිරියට ගමන් කරන විට මානසිකව බිද වැටීමට ලක් වේ. ඒ මගින් ජාතික ආරක්‍ෂාව බරපතල අනතුරකට ලක්වේ. ඊට අමතරව උතුරු පළාත් සභාව විසින් සම්මත කළ ජන සමූල ඝාතන චෝදන දේශීය විමර්ශන වාර්තාවට ඇතුල් කිරීම මගින් රට බෙදීම සහ වෙන් වීමේ අයිතිය ජාත්‍යන්තරව තහවුරු කිරීමද සිදුවේ. අවසානයේදී හිටපු සේනාධිනායක මහින්ද රාජපක්‍ෂ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු හමුදා නායකයන් 40කට අධික සංඛ්‍යාවකට එරෙහි ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ පරීක්‍ෂණය සඳහා පත්කරන ලබන විශේෂ යුද අපරාධ අධිකරණය ඉදිරියේ චෝදනා ගොනු කෙරෙනු ඇත. එය ලෝකයේ සිදු වූ බරපතළම දේශපාලන පාවාදීමක් ලෙස ඉතිහාස ගතවනු ඇත.
එම පාවාදීමට සමගාමීව රටේ ජාතික ආරක්‍ෂාව තව දුරටත් අනතුරට ලක්කරමින් බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයට ඉදිරියට යාමට අවශ්‍ය අනෙකුත් තත්ත්වයන් ද නිර්මාණය කෙරෙනු ඇත. ඒ අනුව රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා දැනටමත් ප‍්‍රකාශයට පත්කොට ඇති ආකාරයට පොලිස්, ඉඩම් බලතල සහ මහ ඇමතිවරයා විසින් ඍජුව විදේශ අරමුදල් ලබාගැනීමට අදාළ බලතල උතුරු පළාත් සභාවට ලබාදෙනු ඇත. එම බලතල රජය බලාපොරොත්තු වන සීමාවන් ඉක්මවා ක‍්‍රියාත්මක වන විට බෙදුම්වාදී බලවේග සහ රජය අතර ගැටුම් ආරම්භ වනු ඇත. අවසානයේදී එම ගැටුම් ජාත්‍යන්තර මැදහත්වීම් සාධාරනීයකරණය කිරීම සඳහා යොදාගනු ඇත. එම ගැටුම් මුල්කරගෙන අවිහංසා වාදී වීදි සටන් වලට මහජනයා කැදවන බව සම්බන්ධන් මන්ත‍්‍රීවරයා දැනටමත් ප‍්‍රකාශකොට ඇත.
එම අවස්ථාව වන විට දකුණු අප‍්‍රිකාව ජාත්‍යන්තර මැදිහත්කරුවකු ලෙස රට තුළට ගෙන්වා ගැනීමේ ක‍්‍රියාවලිය ද ආරම්භ කෙරෙනු ඇත. එදා 2002දී ආයුද සන්නද්ධ සටන් පැවති සමයේදී ඊනියා සටන් විරාම ක‍්‍රියාවලිය බෙදුම්වාදීන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවීම සඳහා නෝර්වේ රජය මැදහත් වූ ආකාරයට මෙදා රාජ්‍යතාන්ත‍්‍රික සටන් විරාම ක‍්‍රියාවලියක නාමයෙන් දකුණු අප‍්‍රිකානුවන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවිධ ව්‍යාපෘති හරහා මැදිහත්වීම්වලට ඉඩ සලසා ගනු ඇත. එම ක‍්‍රියාවලිය ජාත්‍යන්තර මැදිහත්වීමෙන් වෙනම රාජ්‍යයක් ප‍්‍රකාශයට පත් කිරීම දක්වා ගමන් කෙරෙනු ඇත.
ඒ අතර ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව යා කරමින් ස්ථිර පාලමක් ඉදිකිරීම සහ ඉන්දු – ලංකා සීපා ගිවිසුම හෙවත් විස්තීර්ණ ආර්ථික සහයෝගීතා ගිවිසුම අත්සන් තැබීම මගින් ශ‍්‍රී ලංකාව භූ දේශපාලන සහ ආර්ථික වශයෙන් ඉන්දියාවේ අනුකම්පාවට යටත් කෙරෙනු ඇත. උතුරු නැෙ`ගනහිර වෙනම රාජ්‍යය ඉන්දියාවේ අර්ධ යටත් විජිත කොලනියක් ලෙස ගිවිසුම් මගින් ඈඳා ගැනීම දක්වා එම ක‍්‍රියාවලිය ඉදිරියට ගමන් කෙරෙනු ඇත. උතුරේ සහ දකුණේ ඉන්දියානු සහ ඇමෙරිකානු හමුදාමය මැදිහත්වීම් වලට ඉඩ සලසා ගැනීම සදහා අයි. එස් වැනි අන්තවාදී ත‍්‍රස්තවාදී කල්ලි පවා යොදාලනු ඇත.
රටේ භෞමික අඛණ්ඩතාවය සහ ජාතික ආරක්‍ෂාව අනතුරට හෙළන ක‍්‍රියාවලිය තුළම රාජ්‍යය දුර්වල කිරීම සහ රාජ්‍ය සේවා ආයතන පෞද්ගලික සමාගම් අතට පත්වන තැනට ද වැඩකටයුතු සිදුවනු ඇත. රාජ්‍ය වගකීම් පෞද්ගලික අංශයට පැවරීමේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය තුළ ක‍්‍රමක‍්‍රමයෙන් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවාව අහිමි කිරීම, රාජ්‍ය සේවය හැකිලීම, විශ‍්‍රාම වැටුප් හිමිකම් සීමා කිරීම හා රාජ්‍ය
ආයතන විකුණා දැමීම ආදී ක‍්‍රියාමාර්ගවල අහිතකර ප‍්‍රතිඵලවලට මුහුණදීමට ද ශ‍්‍රී ලාංකීය ජාතියට සිදුවනු ඇත.
මෙම අවාසනාවන්ත තත්ත්වය වැළැක්වීම සහ අප රට මෙතෙක් ලබාගත් ජයග‍්‍රහණ ආරක්‍ෂා කිරීම සඳහා ජාතික එකමුතුව ලෙස අපි ජාතික එක`ගතාවන් පහක්(05)මුල්කරගෙන අද දින ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමා සමරමින් එතුමා විසින් ඉටු කළ ජාතික භූමිකාව සිත්හි දරාගනිමින් මෙසේ ප‍්‍රතිඥා දෙමු.
පළමු ප‍්‍රතිඥාව
අප මාතෘ භූමිය බෙදා වෙන්කොට සදාකාලිකවම යුද වදින අවාසනාවන්තයන්ගේ දේශයක් බවට පත්කිරීම සඳහා දෙස් විදෙස් කුලී හමුදා විසින් දියත් කරන ලද ම්ලේච්ඡු බෙදුම්වාදී යුද්ධය පරාජය කොට අප ජාතියට නිදහස දිනාදුන් රණවිරුවන් ඊනියා දේශීය විමර්ශනයක නාමයෙන් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ඉදිරිපත් කිරීමට සහ ඔවුනට ද`ඩුවම් කිරීමට ගන්නා උත්සාහය රණවිරුවන් පමණක් නොව සමස්ත ජාතියම පාවාදීමක් වන බැවින් ඊට එරෙහිව මහජනයා සහ රජය මෙන්ම විපක්‍ෂය නියෝජනය කරන දේශමාමක පාර්ශ්ව දැනුම්වත් කිරීමටත් එම උත්සාහය පරාජය කිරීම සඳහා ගතහැකි සියලූ සාමකාමී සහ අවිහිංසාවාදී මහජන ක‍්‍රියාකාරකම් දියත් කිරීමටත් ඒ වෙනුවෙන් දිවිහිමියෙන් කැපවීමටත් ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ සහ රට වෙනුවෙන් දිවිපිදු සියලූ රණවිරුවන්ගේ නාමයෙන් ගෞරවනීය මහා සංඝරත්නය අභිමුව මෙසේ ප‍්‍රතිඥා දෙමු.
දෙවන ප‍්‍රතිඥාව
13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ පවතින බෙදුම්වාදී ෆෙඩරල් බලතල වන පොලිස්, ඉඩම් හා විදේශ අරමුදල් ඍජුව ලබාගැනීමේ බලතල උතුරු පළාත් සභාවට ලබාදෙන බවට රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා විසින් සිදුකොට ඇති ප‍්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙස සහ එම බලතල කුමන තත්ත්වයක් යටතේ හෝ ලබානොදෙන ලෙස රජයට බලකිරීමටත් ඊට එරෙහිව මහජනයා සහ රජය මෙන්ම විපක්‍ෂය නියෝජනය කරන දේශමාමක පාර්ශ්ව දැනුම්වත් කොට මහජන විරෝධය පළකිරීමට ක‍්‍රියාකරන බවටත් ඒ වෙනුවෙන් දිවිහිමියෙන් කැපවීමටත් ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ සහ රට වෙනුවෙන් දිවිපිදු සියලූ රණවිරුවන්ගේ නාමයෙන් ගෞරවනීය මහා සංඝරත්නය අභිමුව මෙසේ ප‍්‍රතිඥා දෙමු.

තුන්වන ප‍්‍රතිඥාව
බෙදුම්වාදී ආයුධ සන්නද්ධ සටන් පැවති සමයේදී සටන් විරාම ගිවිසුමක් නාමයෙන් නෝර්වේ රාජ්‍යය හරහා ජාත්‍යන්තර මැදිහත්වීමකට ම`ග සැලසූ ආකාරයට රාජ්‍යතාන්ත‍්‍රික සටන් විරාමයක් නාමයෙන් දකුණු ආප‍්‍රිකාව මැදිහත් කර ගැනීමට රජය විසින් ගන්නා උත්සාහය සහ ප‍්‍රතිසන්ධාන ක‍්‍රියාවලියේ නාමයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවිධ ව්‍යාපෘති හරහා ශ‍්‍රී ලංකා රජයේ පාලනයෙන් තොරව ස්වාධීනව ජාත්‍යන්තර ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට ඉඩදීමේ ප‍්‍රතිපත්තිය හෙළා දකින අතර එම උත්සාහයන් පරාජය කිරීම සඳහා රජයට එරෙහිව බහුවිධ බලපෑම් එල්ල කරන බවටත් සහ මහජනයා සහ රජය මෙන්ම විපක්‍ෂයේ දේශමාම බලවේග දැනුම්වත්කර සක‍්‍රිය කිරීමට ක‍්‍රියාකරන බවටත් ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ සහ රට වෙනුවෙන් දිවිපිදු සියලූ රණවිරුවන්ගේ නාමයෙන් ගෞරවනීය මහා සංඝරත්නය අභිමුව මෙසේ ප‍්‍රතිඥා දෙමු.
හතරවන ප‍්‍රතිඥාව
ශ‍්‍රී ලංකාව ආර්ථික වශයෙන් සහ භූ දේශපාලන වශයෙන් යටත් කර ගැනීම ස`දහා වන ඉන්දියාවේ උපායමාර්ගික අවශ්‍යතාවය මත පදනම්ව ශ‍්‍රී ලංකාව මත පැටවීමට උත්සාහ කරන දෙරට යාකරන ස්ථිර පාලමක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සහ ආර්ථික මරඋගුලක් වන ඉන්දු – ලංකා සීපා ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවන ලෙස රජයට බලකරන අතර ඒ සඳහා මහජනයා සහ රජය මෙන්ම විපක්‍ෂයේ දේශමාමක බලවේග දැනුම්වත් කොට මෙහෙයවීම සඳහා කළ හැකි සියලූ කැපකිරීම් සිදු කරන බවට ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ සහ රට වෙනුවෙන් දිවිපිදු සියලූ රණවිරුවන්ගේ නාමයෙන් ගෞරවනීය මහා සංඝරත්නය අභිමුව මෙසේ ප‍්‍රතිඥා දෙමු.
පස්වන ප‍්‍රතිඥාව
2002දී ආරම්භ කළ ද මහජනයා විසින් එදා පරාජයට පත් කෙරෙනු ‘‘යළි පුබුදමු ශ‍්‍රී ලංකා’’ වැඩසටහනේ දිගුවක් ලෙස ක‍්‍රියාත්මක කිරීමට නියමිත නිදහස් සෞඛ්‍ය සේවය සහ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම, රාජ්‍ය සේවය හැකිලීම,විශ‍්‍රාම වැටුප් සීමා කිරීම, ජල සම්පත ඇතුළුව මහජන සේවය සඳහා අත්‍යවශ්‍ය රාජ්‍ය ආයතන විකුණා දැමීම ආදී ක‍්‍රියාමාර්ග මගින් රාජ්‍යය දුර්වල කිරීම සහ රාජ්‍ය සේවය සීමා කිරීම ගනු ලබන උත්සාහයන් පරාජය කිරීමට නොපසුබටව ක‍්‍රියාමාර්ග ගන්නා බවටත් ඒ සඳහා වඩාත් පුළුල් ජනබලවේගයක් ගොඩනැ`ගීමට කැපවීමෙන් කටයුතු කරන බවටත් ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ සහ රට වෙනුවෙන් දිවිපිදු සියලූ රණවිරුවන්ගේ නාමයෙන් ගෞරවනීය මහා සංඝරත්නය අභිමුව මෙසේ ප‍්‍රතිඥා දෙමු.





[උපුටා ගැනීම : www.lankaleadnews.com ]

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions