9/02/2015

නරින්ට කුකුල් කොටුව දීම හෙවත් සිරිසේනලාගේ - විජේසූරියලාගේ ශ්‍රීලනිප සැමරුම..

කතෘ:යුතුකම     9/02/2015   3 comments

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වන සම්මේලනයේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ මහාචාර්‍ය සරත් විජේසූරිය මහතාය.

සාමාන්‍යයෙන් නම් පක්ෂ සම්මේලනයක පක්ෂය පිළිබඳ දේශනයක් පවත්වන්නේ ඒ පක්ෂයට අව්‍යාජව හිතැති විද්වතෙකු විසිනි. එසේත් නැත්නම් ආධානාග්‍රාහී නොවන සාපේක්ෂව හෝ ස්වාධීන බුද්ධිමතෙකු විසිනි.
ශ්‍රීලනිපය ඉතාමත් අසීරු අවධියක පසු වූ 80 දශකයේ අග භාගයේ මහින්ද රාජපක්ෂ  මහතා විසින් නිදහස් පක්ෂ සමරු දේශයනට ආචාර්‍ය නලින්ද සිල්වා මහතාට ආරාධනා කරන්නේ ඒ පළමු පදනමිනි. එදා එතුමා විසින් පළකළ 56 දරුවන් පිලිබඳ කතාව අදද ශ්‍රීලනිපයේ මුල හඳුනාගැනීමට අත්පොත් සපයන්නකි.


සරත් විජේසූරියලා නියෝජනය කරන්නේ බණ්ඩාරණායක මහතා ඇරඹි නිදහස් පක්ෂයේ මහා පදනම වන සඟ ,වෙද ,ගුරු , ගොවි කම්කරු පංච මහා බලවේගයේ දේශපාලන සතුරු පාර්ශවයයි. සිංහලකමේ , බෞද්ධකමේ මෙන්ම ස්වදේශීයවාදයේ සතුරන් සමග විකල්ප ගෝත්‍රය නියෝජනය කරන විජේසුරිය වැන්නන්ට රාවය වැනි විකල්ප පුවත්පත්වල මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරකම්වල වැඩි ඉඩක් වෙන් වන්නේ මේ සතුරු නියෝජනය නිසයි.
එහෙව් විජේසූරියලා අද ශ්‍රීලනිපයේ ඉදිරි ගමන ගැන කිඹුල් කඳුළු හෙළයි.

සරත් විජේසූරිය වැන්නන් පසුගිය කාලය පුරාම නියෝජනය කලේ කුමන පාර්ශවයද යන්න පිළිබඳ තව දුරටත් කිසිවෙකුටත් රහසක් නොවේ. ශ්‍රීලනිප ය පරාජය කර යූඇන්පී ආණ්ඩුවක් ඇටවීමේ ව්‍යාපෘතියේ 'මහාචාර්‍ය භූමිකාව' රඟපෑ විකල්ප ගෝත්‍රයේ කැපී පෙනෙන වැඩ කොටසක් විජේසූරිය මහත්වරුන් විසින් ඉටු කෙරිණ. මෙගා බොරු වලින් දෑස් අඳ කළ මධ්‍යම පාන්තික අලුත් පරපුරට අවැසි ඊනියා උගත් වියත් භූමිකාවට සරත් විජේසූරියලා විසින් පණ දුන්නේ ශ්‍රීලනිපය සී සී කඩ කඩා විනාශ කර දමමිනි. විජේසූරියලා එතෙක් ව්‍යාජව පෙනී සිටි ස්වාධීනත්වයේ විළි වසාගත් අවසාන රෙදි කඩද උනා දමා නග්නව එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාත්මක විය. එහෙව් විජේසූරියලා අද ශ්‍රීලනිපය සුරැකීමට උපදෙස් දීම නරියාට කුකුල් කොටුව බාර දීමට වඩා භයානක සෙල්ලමකි.

මෙය ඕනෑම අයෙකුට ඕනෑම පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය පිලිබඳ ගැටුමක් නොවේ. ගැටලුව ඇත්තේ එලෙස ශ්‍රීලනිප ය වලපල්ලට යැවීමට සිය ධනය , සමාජ බලය ,වෙහෙස යෙදවූවකු තමන් විරුද්ධව ක්‍රියාත්මක වූ පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් වැදි බණ දෙසන්නට පැමිණීම සහ වැදි බණ දෙසන්නට තෝරාගැනීමයි.

එක අතකින් පුදුම විය යුතුද නැත.
තම පක්ෂය පරාජය කර විපක්ෂය සමග එක්ව ජනාධිපති පුටුවේ වාඩිවූ ජනාධිපතිවරයෙක් ඉන්නා කලෙක,
ඒ තමන්ට එරෙහිව චන්දය දුන් ජනතාවගේ පක්ෂයේ නායකත්වය බලහත්කාරයෙන් අත්පත් කරගත් සභාපතිවරුන් ඉන්නා කලෙක,
තම පක්ෂයේ අගමැතිධූර අපේක්ෂකයා පරාජය කරන්නට නින්දාසහගත භූමිකාවකට පණ දුන් පක්ෂ නායකයකු ඉන්නා කලෙක,
තමන් පරාජය කළ පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තුව කොල්ලකා තමන්ගේ බල ව්‍යාපෘතියට අනුගතවන පරාජිත අපේක්ෂකයන් අභිෂේකගැන්වූ පක්ෂ නායකයකු ඉන්නා කලෙක,
විපක්ෂය සමග එක්ව ශ්‍රීලනිප පරාජය කරන්නට යටිකූට්ටු ගේම් ගැසූවන් 'ශ්‍රීලනිප ය සුරැකීමේ' පතාක යෝධයින් වී ඇති කලෙක,
ශ්‍රීලනිපයේ අවසානය අපේක්ෂාකරන්නන් ශ්‍රීලනිපයේ සමරු දේශනය ලැබීම පුදුම වන්නට දෙයකුත් නොවේ.

මුළුමහත් සමාජයම මේ විකෘතියට , මේ ව්‍යාජයට හසුවී හමාරය.
මේ ලබුත් තිත්ත අපූරු අබුද්ධස්ස යුගයක්මැයි...



[මහමැතිවරණයට පෙර සරත් විජේසූරියලාගේ භූමිකාව සම්බන්ධව යුතුකම වෙබ් අවකාශයේ පළ වූ ලිපියක්...
"වෙනස සැපද? සරත් විජේසූරියට සැපයිලු" -සරත් විජේසූරිය මහතාට පිළිතුරක්  
]

-යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com 

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

3 comments :

  1. මෙවන් විලම්බීත බලමින් අපට තව කොතෙක් කලක් ඉන්න වේවිද ? මේ විකාර අවසන් කිරීමට රටට සහ පක්ෂයට ආදරය කරන සැබෑ උගතුන්, වියතුන් සහ බුද්ධිමතුන් පෙරට එන්නේ කවදාද ? පමාව පසු තැවිල්ලට හේතු වේ.

    ReplyDelete
  2. ශ්‍රීලනිප රැස්වීමෙ මෙම "සරත් විජෙ" කියන දේශපාලන මතවාද අතින් හොර තක්කඩියයි, සිරිසේන නම් වූ බණ කියමින් දස වැරදි කරන "හෙරයි" කියපු දෙවල් අහද්දි නම් හිරිකිතයි.. අජූවයි...

    මුන්ම පරාද කරපු පක්ශය පරාද වුන හේතු හොයන්න ඕනෙ කියල මුන්ම "පොර ටෝක්" දෙනව..
    හැබයි බලාගෙන යද්දි හොඳම මී හරක් ටික තමයි එම රැස්වීමට ගිහින් උන්න මිනිස්සු ටික.
    මොකද තමුන්ට අවමන් කල උන්ගෙන්ම "බණ" අහන්න තරම් මෝඩ මිනිස්සුනෙ අප්ප.. හිරිමකිතයි.. නෙදකින්..

    ReplyDelete
  3. කෙසේවෙතත් මෙතනට රැස්වුන නිදහස් පක්ෂ පාක්ශිකයන් ගැන මට නම් ආඩම්බරයි, මොහොතකට හිතල බලන්න එ.ජා.ප සම්මේලනයකදි මහාචාර්‍ය් නලින් ද සිල්වා මේ වගේ කතාවක් කරා නම්, එතුමන්ට පණපිටින් එන්න ලැබෙයිද කියලා.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions