අද සාමාජයේ මිනිසා දුම් දමන මැෂිමකි.
එය ගිනියම්ය. එය සංකීර්ණය. එය වේගවත්ය. නොනවත්වා දුවන්නේය. එහෙත් ඉක්‌මනින්ම අබලන් වන්නේය.
එදා සමාජයේ මිනිසා සැබෑ 'ජීවියෙක්' විය. ඔහු නිවුනු අයෙකි. සරළ කෙනෙකි. හෙමින් සීරුවේ ජීවින ඔරුව පැදවූවෙකි. විවේකීව සිටි අයෙකි. එහෙත් මහා ශක්‌තිසම්පන්න සිරුරකින් හෙබි නීරෝගී තැනැත්තෙකි.
ඒ 'සුපිරි මිනිසාගේ' ආහාර රටාව මෙසේ විය.
සියලුම සත්වයන් දිවිය පවත්වා ගැනීමට ආහාර ගනිති. මිනිසුන්ගේ ආහාර ගැනීමේ ඇතැම් පුරුදු අද දිවි කෙටි කර ගැනීමට ද හේතු වී ඇත. කෙටි ආහාර වේල් ප්‍රමාණය හා ඒවා සාදා ගන්ට භාවිත කරන ද්‍රව්‍ය, ද්‍රව්‍යවල සංයුතිය නිසා නොයෙකුත් රෝගාබාධ මතුවී ඇත. මේ නිසා අපේ වැව් ගම්වල අහර ගැනීමේ මාත්‍රාව හා ගත් අහර ගැන දන්නා දේ හෙළිදරව් කිරීම යහපත් යෑයි සිතේ.
පුරාණ අපේ ඇත්තන්ගේ ආහාර පිළිවෙත දේශීය වෙදකමේ හා ආයුර්වේදයේ උපදේශන අනුව සැකසී ඇති බව පෙනේ. වයස, සිරුර හා මනස වෙහෙසෙන ප්‍රමාණය, රැකියාවේ ස්‌වභාවය, ජීවත් වන පරිසරය හා දේශගුණික තත්ත්වයන්, ආහාර දිරවීමේ ශක්‌තිය, සිරුරෙහි උස මහත බර, ආහාරයට ඇති රුචිකත්වය ආදිය සැලකිල්ලට ගෙන ආහාර ගත්තේ ඒ නිසාය.
අපේ ගම්වල පත්‍යාපත්‍ය (ගැලපෙන නොගැලපෙන) ආහාර තෝරා ගැනීමට මුල්තැනක් ලැබිණි. ගර්භණී මවකට, ළදරුවකුට, ලෙඩ දුක් නිතර ඇති අයකුට, මහලු අයෙකුට දියයුතු හා නොදිය යුතු දේ පැහැදිලිව දැක්‌වූහ.
ගැබ්ගත් ස්‌ත්‍රීන්ට මුල් සතිවලදී උෂ්ණාධික ආහාර (කැබැල්ලෑ ඉත්තෑ ගෝණ, මීමිනි මස් මාංශ, දෙල්, ඉන්නල, අන්නාසි, අච්චාරු) වර්ග තහනම් විය. මාස් ගණන් පිරී එනතුරු ගබ්සාවීම වැළකුමට එසේ කර ඇත. උපතින්ම එන ලක්‍ෂණවලට නොගැලපෙන අහර ද වළක්‌වා ඇත. සෙම බහුල අයට සීතල අහරද, පිත අධික අයට උෂ්ණ අහරද වාත දෝෂ ඇත්තන්ට වායු පිට කරවන අහරද තහනම් වූවේය. අද අහර විෂ වීමෙන් (අසාත්මක) වුණා කියන්නේ මේ ටික නොසලකා ආහාර ගැනීමේ හේතුවෙනි.
කැස්‌සට කොස්‌ඇට නැහැ තම්බන්නේ
ඇම්මට වම්බටු නොකා ඉඳින්නේ
මෑ ඇට කරවිල වාතෙ කියන්නේ
හීතට දියලබු විෂලු බොලන්නේ
කුඩා දරුවන්ටත් දත් වැටුණ මව්පියන්ටත් දිරවා ගැනීමට අපහසු මස් මාංශ, අමු එළවළු නොදුන්හ. ගමේ ඇත්තන් ඇට්‌ටකුණා වූ (නොතැම්බී හාල් වූ බත්) අහරද බෙරි වූ (අධිකව තැම්බූ) අහරද, පිළුනු වූ අහරද ගැනීම ලැජ්ජාවක් මදි පුංචිකමක්‌ම සැලකුවේය. එසේම පිසූ සැණින් අධි උණුසුමින් ගැනීමත් කෑදරකමක්‌ව සලකා අත් හළේ ද මේ නිසාමය. දිනපතා ආහාර ගැනීමේ පිළිවෙළ (මාත්‍රාව) වූ වාර තුනකි. මේ තුන් වේල පිරිමහ ගැනීමට වැව් ගම්මානවල ඇත්තෝ වෙහෙස මහන්සි වූහ. සම්මුතියේ හැටියට උදෑසන වේල බොහෝ සරුසාරව රජකුසේ ද, දිවා අහර පුරවැසියකු සේ ද, රාත්තිරියට සිඟමනේ යන යාචකයකු සේ යම්තම් මොනවා හරි ස්‌වල්පයක්‌ද ගත යුතු බව කියෑවේ. නමුත් වැව් ගම්වල වේල තුනේ සුබාව මීට වෙනස් විය.
පාතරසය, උදාවේල, උදාකිස ලෙසින් ගත් දිනයේ පළමු අහරවේල, ගම්වල ඇත්තන්ට හීල, හීල් පිහමන පන්සලේදී හීල් දානය වූවේය. මුලින් සඳහන් කළ පදනම අනුව මෙහි ප්‍රමාණය ද, ගුණයද වෙනස් විය. හේනේ සහ කුඹුරේ වැඩපලට ගිය අපේ ඥතීන් මේ වේල "හීල්බතින්" පිරිමැසූ අවස්‌ථා ඇත. රාත්තිරි අහරින් ඉතිරි වූ මේ හීල්බත් "දියබත්" ලෙස සාදා ගෙන හීලට සප්පායම් වූ අවස්‌ථා ද බොහෝය. රාත්තිරි බතට දිය වත් කර තබා උදේ දිය මිරිකා හැර දිය පොල් කිරිද, ලුණු රතුලූනු කපා වියළි පිළිස්‌සුම් මිරිස් කරලක් දමා මේ බත සාදා ගති. පිට පැලෙන ගිනි අව්වේ දිවා කල ගත කරන ඇත්තන්ගේ කඳ බඩ සිසිල් කළ මෙය දිවඔසුවක් විය. හීල් පිහමනට මුං, මෑ, කොල්ලු, ඇටා ඇටි, තම්බා පොල් ගා ලුණුමිරිසක් සමගද අනුභව කර ඇත. අල වර්ග, බතල එරෙන කලට ඒවාද, කුරක්‌කන් රොටියක්, පිට්‌ටු ස්‌වල්පයකින් හීල පිරිමැහූ අවස්‌ථා ඇත. වී හාල් ඇති අය කැකුළු බතට, කිරිහොදි, පොල් සම්බල් සමග වේලූ මස්, මාලු පුළුස්‌සා කෑ බවද පෙනේ. කටු අල, කොස් දෙල් වන්ඩුවේ තම්බා මේ වේලට ගෙන ඇත. ගවයන් ඇති අය එළකිරි ද උදේ අහරට එකතු කළේය. දිවා අහර වැඩපළ කළ අපේ ගම්වල එතරම් සරුවට ගත්තේ නැත. සමහර දාට මෙය හේනේම ඉදුනි. කුරක්‌කන් රොටියක්, පිට්‌ටුවක්, මුං හොද්දක්, දිවුල් හොද්දක්, හේනේම ඇති කොළෑ කොල (අබ, අසමෝදගම්), සම්බෝල වැනි දෙයක් සමග ගත්තේය. බොහෝ (ලබු කැටයේ සීතල වූ) ජලය බීමට ගති. අත්කම් දීමක් කයියක් තිබෙනවිට ගෙදරින් උයාගත් බත්ගෙඩියක් නම් වැරදුණේ නැත. මේ කුරක්‌කන් කවිය ඊට සාක්‍ෂි දරයි.
මේ හේනේ ගොයියාගේ පාරට්‌ටු
හාල්පතක්‌වත් නැතිවද බඩුමුට්‌ටු
වරුවක් වැඩ නැතුව හැදුවේ ඇයි පිට්‌ටු
ලැඡ්ජා නැතුව බෙදුවේ කොහොමද පිට්‌ටු
කොහොමටත් දිවා ආහාරය බොහෝ සරුවට ගැනීම නිදිමත ඒම, වැඩවලට බාධාවක් වීමකැයි ගම්වල ඇත්තේ සැලකූහ. බොහෝ සරු අහර වේල වූයේ මේ ඇත්තන්ගේ රාත්තිරි භෝජනයයි. ඒ වේල හා බැඳුණ තවත් වටිනා සිරිත් ද තිබිණි. ගෙදර සාමික (ගෘහ මූලික)යාත්, ඇඹණියන් දෑත් දරුවනුත් එකවර අහර ගත්තේ සතුටු සාමිචිය පමණක් නොව වැඩපළ, ප්‍රශ්න ගැටලුත් කතාබහ කරමින්ය. ගම්වල ඇත්තන් මේ වේලට නාගරිකයන් මෙන් බොහෝ රාත්තිරි වනතුරු බලා නොසිටියහ.. සාමිකයාගේ රෑට පැල්යැමත් දරුවන්ට කන්න දී පොත පත බලා වේලාසන නිදා ගැනීමටත් ඉන් ඉඩ සැලසීය. හේනේ හෝ කුඹුරේ සිට කල් ඇතිව එන ස්‌වාමි දුව වැවට ගොස් නාගෙන එන ගමන් වැව්පිටියෙන් නෙළාගන්නා (පලාවග_) කොළ ද හේනෙන් කුඹුරෙන් ගෙන එන වැටකොළු, බණ්‌ඩක්‌කා, මෑ, පිපිඤ්Æ, වට්‌ටක්‌කා, තිබ්බටු වැනි එළවළු ද රෑ බතට උයති. හබකකින්, උගුලකින් මියෑදෙන සතකුගේ අමු මස් ද මීට එකතු වේ. නැත්නම් වේලූ මස් හෝ කූරියන් (වැව් මාලු) එකතු කර ගනී. අපේ වැව් ගම්වල ගිනි අව්වේ අත්උදව්වට කයියට එන අයට පිදුම්බත් දෙන්නේද මේ රාත්‍රි වේලටයි. විශේෂයෙන් ඇඟ සිසිල් කරවන කිරි පැණි ආදියද ඊට අයත් බව මේ කවියෙන්ම සනාථ වේ.
"අර හේනේ මා නිකන් කපනවා
මේ හේනේ පැණි කඳ ඉල්ලනවා
මයෙ කරුමෙට මට පැණි නොලැබෙනවා
රෑට බතට කිරි පැණිත් ටලැබෙනවා"
ගමේ බතට බත් මාපිනි ගෙදර පිසින ඒවා පමණක් නොව හුවමාරු ද එකතු වෙයි. ආහාර අනුභවය ගැන කුඩා දරුවන්ට කුඩා කලම පුහුණු කරයි. අල්ලේ නොගෑවෙන සේ ඇඟිලිවලින් කෑම, තලු නොමැරීම, ඇවිදයමින් නොකෑම ඉන් කිහිපයකි. සාමිකයා හිටියත් නැතත් ඔහුගේ කොටස මුදුන් බතින් ඇර වෙන් කිරීම, බත් වට්‌ටි දමා, පතලා (බෙදා) දීම, අතුරුපසට කිරි දී කිරිද, අඹ, දිවුල්, දිවුල් කිරි, කෙසෙල් ආදිය ද ගෙන ඇත. දරුවන් ඉඳුල් අතින් හැඳි , පළඟනා නාල්ලන හැටි කියා දුන්නේ ද රෑ වේලේදීය. කිරිමව්ට ලූල්මාලු, පොළොස් වැනි ආහාර සපයා දුන්නාය. අඹු සැමියන්ගේ බැඳීමේ තරම පෙන්වන මේ කව් දෙපදය ද ආහාර හා බැඳී පවතී.
"වැඩට පලට යන තමුසේ කනවකො බබාට කිරි දෙන තමුසේ කනවකො"
වයස්‌ගත වූ මාපියන්ට හා දරුවන්ට ආහාර සමග දොඩම්, නාරං, දෙළුම්, ඉස්‌ම, දුන්නේය. වරුසා කාලයට පුහුල්, කිරිබත්, කිරි, දීකිරි වැළකීය. රෑ අහරට කරවිල නොගත්තේ විෂ නැඟීම වළකාගන්නටය. බිම්මල් (හතු), මයිලමල්, නෙලුම් අල, විෂ ඇති අහර තම්බා මිරිකා විෂ මරන කුළුබඩු එකතු කර පිස ගත්තේය. මින් විෂහරණය හා දිලීර හානි ද ඉතා කුඩා ජීවී හානිද ඉවත් විය. ඌරුමස් වැනිදේට මුරුංගා පොතු එකතු කළේ ඒ නිසාමය. ලුණු දියේ දමා සෝදා කොළ වර්ගයන් පිස ගැනීම.
අපේ වැව් ගම් ඇත්තන්ගේ සූපවේදය බැඳුම්, පිළිස්‌සුම්, මැල්ලුම්, හොදි ව්‍යංජන, ඇඹුල් සම්බෝල (සලාද) නිsයඹලා, ආනම් යන වෑංජන සැකසුම් වලින් පරිපූර්ණය. මීට අමතරව කුරහන්, කිතුල්පිටි, තලප හැඳිගෑමද සිදුව ඇත. ප්‍රධාන ආහාරවේලට අමතරව අවුල්පත් ලෙසින්, කැවුම්වර්ග, (අතිරස, හැලි මීවද, මුං කොණ්‌ඩ, පැණි නාරං) ආදිය ද දොදොල්, කිරි අලුවා, අලුවා, මුං හාල්, තලවලින් ගුලිවර්ග ද උඳුවැල්, කොකිස්, ආස්‌මී, වැලිතලප හා පිට්‌ටු, වෙල්ලවැහුම්, ලැවරිය, කිරි වැදැනිය වැනි දෑද, කිරිබත් ඉඹුල් කිරිබත්, හැලප ආදියද සකසාගෙන අහරට ගත්තෝය.
මෙසේ ක්‍රමවත් වූ රටාවකට ආහාර ගැනීමෙන් සිරුර හා මනස නිරෝගී විය. බොහෝ රෝගාබාධයන් එදා නොතිබුණේ ද ඒ නිසාම විය හැක.
-මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.

(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .