ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම් (1 කොටස )
කුඩා දරුවන් පැවිදි කිරීම පිළිබඳව සමාජ ජාලා තුල යම් සංවාදයක් ඇති වී ඇත . හිතළු මත පදනම් නොවී සැබෑ තත්වය සංවාදයට ලක්කිරීමත් ඒ තුලින් වත්මනේ ලක් බුදු සසුන මුහුණදෙන ගැටළු එහි පසුබිම සහ විසඳුම් පිළිබඳව විවෘතව සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි . බෞද්ධයන් ලෙස ඕනෑම දෙයක් විචාරාත්මකව බැලීමටත් විවෘතව සාකච්ඡා කිරීමටත් අපට නිදහස තිබේ .කෙසේ වෙතත් මේ කරුණ ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීමට අපට අවශ්‍යතාවයක් නොතිබුණත් කරුණු නොදන්නාකමින් හෝ උවමනාවෙන් කරුණු වසන් කිරීමෙන් සමාජයට සිදුවෙන අගතිය සළකා මේ ගැන අපගේ අදහස් දැක්වීමට තීරණය කළෙමු .
මුල් බුදු සමයට අනුව භික්ෂුව යනු සසර බිය දැක තමන් එම දුකින් එයින් මිදීමට සහ සියලු සත්වයා සසර දුකින් මුදවා ගැනීමට උත්සාහ දරන අයෙකි .භික්ෂුත්වයට පත් වීමෙන් පසුව පැවිදි ජීවිතය ඉදිරියට ගෙන යාමට ග්‍රන්ථ ධුරය හෝ විදර්ශනා ධුරය තෝරාගත හැක .ග්‍රන්ථ ධුරය යනු ග්‍රාමවාසීව වැඩවසමින් බණ දහම ඉගෙන ගෙන ජනතාවට බණ දහම් කියාදෙමින් බෞද්ධ සංස්කෘතිය මෙන්ම බෞද්ධ දර්ශනය ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කිරීමයි .විදර්ශනා ධුරය යනු ආත්ම විමුක්තිය පතා කමටහන් ගෙන භාවනා කරමින් සාමාන්‍ය සමාජයෙන් ඈත් වී ආරණ්‍යගතව වැඩවසමින් නිර්වාණගාමී ප්‍රතිපදාව පිරීමයි .
බුදු සසුනේ පැවිදිවෙන බොහෝ දෙනෙක් පැවිදි වන්නේ පහත සඳහන් හේතුන් නිසාය
1.පවුලේ ආර්ථික දුෂ්කරතා
2.ග්‍රහ අපල පිලිබඳ මිත්‍යා විශ්වාස
3.දෙමව්පියන් වෙන්වීම හෝ අතහැර දැමීම නිසා අනාථ වීම
4.ගිහි සැප සම්පත් කෙරෙහි කලකිරීම
වැනි හේතුන් ඒ අතර වේ .
4 වෙනි කරුණ හැර අනෙක් කාරණා හේතුකොටගෙන පැවිදිවීම බොහෝ විට සිදුවන්නේ ඉතාම කුඩා වයසේදීය .එක්තරා විහාරස්ථානයකදී අපට හමුවූ සාමණේර භික්ෂුවක් පන්සලට භාරදී ඇත්තේ වයස අවු 3 දීය .සසර කලකිරීමට තබා එම 6-4 තේරුම් ගැනීමටවත් ප්‍රමාණවත් නැත .කොතරම් කුඩා වයසකදී පැවිදි උවත් සිය කටයුතු තමන්ටම කරගැනීමට මේ කුඩා භික්ෂුන්ට සිදුවේ .එයට අමතරව පන්සලේ වත්පිළිවෙත් ඉටු කළ යුතුය .එසේ කළ නොහැකි වූ විට වැඩිහිටි භික්ෂුන්ගේ තාඩන පීඩනවලට ලක්වෙන අවස්ථාද තිබේ .අවු 10 ට අඩු දරුවෙකු කායික මානසික හිංසනයන්ට ලක්වීම සමාජානුයෝජයෙදී බරපතල ප්‍රශ්නයකි .
නැවත මේ අයට පන්සලෙන් ඉවත්වීමටද බොහෝවිට හැකියාවක් නැත්තේ සමාජයෙන් ලැබෙන නින්දා අපහාස නිසා සහ අධ්‍යාපනය කඩාකප්පල් වීම නිසා දෙමව්පියන් බොහෝවිට මෙවැනි භික්ෂුන්ව නැවත භාරගැනීමට අකමැති වීමයි .මා දන්නා පන්සලට කුඩා භික්ෂුන් කීප නමක් නිතර අසනීප වීම නිසා වෛද්‍යවරුන් ඒ කාරණය විමසා බැලීමේදී එය මානසික හේතුන් නිසා සිදුවෙන බව තේරුම් ගෙන නැවත ඔවුන්ව දෙමව්පියන්ට භාරදෙන ලෙස නිර්දේශ කළේය .
හිංසා පීඩා තාඩන පීඩනවලට අමතරව මෙහි සඳහන් නොකළ හැකි දේවල්වලටද මේ කුඩා සාමණේර හිමිවරුන්ට මුහුණ දීමට ඇතැම් විට සිදුවේ .කෙසේ වෙතත් මේ සියලු ප්‍රශ්න මැද අධ්‍යාපනය හදාරන සාමණේර හිමිවරුන්ට සිදුවන්නේ පැවිදි ජීවිතයදී මෙන්ම අධ්‍යාපන කටයුතුවලදීත් එකම රාමුවකට කොටු වීමයි .වත්මන් වානිජවාදී සමාජය තුල පිරිවෙන් අධ්‍යාපනයට වාණිජමය වටිනාකම බොහෝ අඩුයි .පිරිවෙන් අධ්‍යාපනය තුල පාසලේදී මෙන් කිසිදු වෙනත් වෘත්තියකට යොමුවීම සඳහා අධ්‍යාපනය ලබානොදේ .පිරිවෙන් අධ්‍යාපනය තුලින් දොස්තරවරුන් ඉංජිනේරුවන් ගණකාධිකාරීවරුන් හෝ වෙනත් වෘත්තිකයන් බිහි නොවේ .ප්‍රාචීන අධ්‍යාපනයෙන් පසුව පිවිසිය හැකි එකම ක්ෂේත්‍රය ගුරු වෘත්තීය හෝ අධ්‍යාපන ක්ෂේත්‍රයයි .අවු 6-7 දී පැවිදිවෙන අයෙකුට ලෝකය ගැන ඇති අඩු අවබෝධය නිසා මෙවැනි කරුණු මුලින්ම තේරුම් ගන්නේ නැත .විවිධ ආගමික කටයුතුවලට අප පන්සල සමග සමීපව කටයුතු කරන නිසා මේවැනි අභ්‍යන්තර තොරතුරු අපට දැනගන්නට ලැබේ .පැවිදි වීමේදී "අනුකම්පාව උපදවා සියලු දුක් නිමාකර නිවන් අවබෝධය සඳහා මේ කසාවත ගෙන මා පැවිදිකරන්න"යි පැවිද්ද ලබන්නා ප්‍රකාශයක් කළ යුතුය .උක්ත ප්‍රකාශය කරන අවු 7-8 ක දරුවෙකු මෙහි තේරුම පවා හරිහැටි නොදැන එම ප්‍රකාශය කියවයි .
බොහෝ අය මෙහිදී උදාහරණ වශයෙන් රාහුල හිමිගේ කතාවස්තුව ගෙන හැර දක්වයි .එය සුවිශේෂී තත්වයකි .රාහුල හිමියන් පැවිදි කිරීමෙන් පසුව සුද්ධෝදන රජතුමා පැමිණිල්ලක් සහ ඉල්ලීම් කළේය .එනම් තමන් රාහුල කුමරුන් ගැන මහත් බලාපොරොත්තු තබාගෙන සිටිබවත් රාහුල කුමරුන් පැවිදි කිරීම නිසා තමන් මහත් ශෝකයට පත්වූ බවත්ය . බුදු හිමියන් මින්පසුව කිසිදු දිනෙක දෙමව්පියන්ගේ අවසරයක් නොමැතිව දරුවන් පැවිදි නොකරන ලෙස නීතියක් පනවන්නේ එම ඉල්ලීමට අනුවය .
අවු 10 ට අඩු දරුවන් විවිධ හේතු නිසා සසුනේ පැවිදි කිරීම නිසා පහත ප්‍රශ්න ඇතිවේ .

1.දෙමව්පියන් නෑ හිතමිතුරන්ගෙන් දුරස්වීම නිසා සමාජානුයෝජනය්දී ප්‍රශ්න ඇතිවීම .
2.සියලු කටයුතුවලදී දෙමව්පියන් වැඩිහිටියන් මත යැපෙන ඉතා කුඩා වයසකදී වත්පිළිවෙත් සහ තමන්ගේ කටයුතු තනිවම කරගැනීමට සිදු වීම
3.තමන් කැමති සහ තමන් දක්ෂතා පෙන්වන අධ්‍යාපන ක්ෂේත්‍රයකට යොමුවීමට ඇති ඉඩ ප්‍රස්තා අහිමිවීම
4.විවිධ තාඩන පීඩන මානසික කායික පීඩාවන් අතවරවලට ලක්වීමට සිදුවීම .
5.ඇතැම් විට වැඩිහිටි හිමිවරුන්ගෙන් ඇතිවෙන ප්‍රශ්න නිසා විවිධ පන්සල්වලට මාරුවීමට සිදුවීම සහ අවසානයේ වගකිවයුත්තෙක් හෝ වගවීමක් නොමැති වීම ( ජීවිත අයාලේ යාම ) මෙවැනි දේවල් ඇතැම් විට ගෝල හිමිවරුන් තමන්ට වඩා දක්ෂ සහ ජනප්‍රිය වීමේදී ගුරු හිමිවරුන් අතින් සිදුවේ .
6.අවු.6 දී නොතේරුම්කම නිසා පැවිදි වුවත් අතරමංවීම සමාජ අපවාදයට ගර්හාවට නින්දා අපහාසවලට ඇති බිය නිසා නැවත ගිහි සමාජයට එක්වීමට බිය වීම .
මෙම ගැටලුවලට විසඳුම් සහ බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා ගත හැකි ක්‍රියාමාර්ග අපි ඊලඟ ලිපියෙන් සාකච්ඡා කරමු .
-රන්ජන් බාලසූරිය

ලිපි මාලාවේ අවසානය දක්වා කියවන්න
සංවාදයට විවෘත්තයි...
ඔබගේ ප්‍රතිචාර ලිපි editor@yuthukama.com වෙත යොමුකරන්න
ඔබත් යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුව හා එක්වන්න
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .