9/06/2015

"ජාතික ආණ්ඩු බොරුවට මුවාවී ප‍්‍රගතිශීලී ජනතා අභිලාෂ පාවා නොදෙනු" - අයුක්තියට එරෙහිව විද්වතුන් නැගිටියි...

කතෘ:යුතුකම     9/06/2015   No comments


ගාල්ල විද්වත් එකමුතුව : මාධ්‍ය නිවේදනය

    ගාල්ල විද්වත් එකමුතුව ලෙස අප පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කරමින් මව්බිමේ ඒකීය භාවය” ස්ථාවරත්වය හා ජාතික ආරක්‍ෂාවට එරෙහිව ක‍්‍රියාත්මක වූ රටට හතුරු දෙස් විදෙස් බලවේග පිලිබඳව අනතුරු ඇඟවීම් සිදුකලත් අවාසනාවන්ත ලෙස මහා මැතිවරණයේදී රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂය බලයට පත්කිරීම යනු නැවත නැවතත් අප මව්බිම බටහිර කුමන්ත‍්‍රණකාරීන්ගේ කෙළිමඩලක් බවට පත්කොට LTTEය හරහා සාක්‍ෂාත් කරගැනීමට නොහැකි වූ අරමුණු ඉටුකර ගැනීමේ ක‍්‍රියාවලියක දෙවැනි මෙහෙයුම බව අපි අවධාරනය කර සිටිමු’

    මාස 7ක් වැනි කෙටි කාලයක් තුල අප රටේ ජීවත් වන සිංහල” දෙමල සහ මුස්ලිම් සමස්ථ ශ‍්‍රී ලාංකිකයන්ට සාමය උදාකිරීම සඳහා ප‍්‍රමුඛ අවශ්‍යතාවය වූ කුරිරු ත‍්‍රස්තවාදී යුද්ධය නිමා කිරීමට ආධාර නොකල එහෙත් යුද්ධය අවසන් කිරීමට එරෙහිව ක‍්‍රියාත්මක වූ ඇමරිකාව” බි‍්‍රතාන්‍යය ඇතුලූ නුතන යටත් විජිතවාදී අධිරාජ්‍යවාදින් ජනාධිපතිවරණයෙන් සහ මහා මැතිවරණයෙන් පසුව අපරට අරභයා සිදු කරනු ලබන හැසිරීමට අනුව අප මහජනතාවට අවධාරනය කරනු ලැබූ අනතුරු හැඟවීම් තහවුරු වෙමින් පවතින බව පෙනේ’

පසුගිය මහා මැතිවරණයේදී බුලත් කොලයට මෙරට ඡුන්දදායකයන් ලක්‍ෂ 47ක සංඛ්‍යාවක් ඡන්දය දෙනු ලැබුයේ එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ බලවේගයටත් එක්සත් ජාතික පක්‍ෂයේ උවමනාවන් වෙනුවෙන් පෙනී සිටි ජනතා විමුක්ති පෙරමුණට සහ රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති කිරීම වෙනුවෙන් අවශ්‍ය පසුබිම සකස් කර දෙනු ලැබූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාටද විරුද්ධව බව ඉතා පැහැදිලිය’

ඉතිහාසයේ පැවති සාධාරණතම මැතිවරණය මෙය යැයි උදම් අනන සියලූ දෙනා යහපාලනයට කැපවී ඇති නායකත්වය ඡන්දදායකයාගේ මනසට සෘජු ලෙස බලපාන ප‍්‍රකාශයන් සහ මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට එරෙහි ප‍්‍රධානතම බලවේගය වූ එක්සත් ජනතා නිදහස් සංධානයේ පක්‍ෂ යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කිරීමට මහාමැතිවරණය එලිපත්තේ සිදුකරන ලද බලපෑම් පිලිබඳව නිහක්‍ෂව සිටීම අපගේ දැඩි කනස්සල්ලට හේතු වේ’

මහා මැතිවරණයේදී මධ්‍යස්ථව සිටින්නේ යැයි සඳහන් කරමින් තමන් නායකත්වය දරන පාක්‍ෂිකයාගේ ජයග‍්‍රහණයට බාධා සිදුවන ආකාරයේ ක‍්‍රියාමාර්ග ගැනීම පක්‍ෂ නායකත්වයකින් කිසිසේත් අපේක්‍ෂා කල නොහැක්කකි’

නිදහසින් පසු ශ‍්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සෑම විටම ප‍්‍රගතිශීලී කඳවුරට නායකත්වය දෙනු ලැබුයේ ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයයි’ රනිල් - චන්‍ද්‍රිකා හවුල විසින් රටට හතුරු දේශිය රාජ්‍ය නොවන ඒජන්තයින් සහ ඔවුන් මෙහෙයවන විදෙස් බලවේග වල උවමනාවන් මත එක්සත් ජාතික පක්‍ෂය ඉදිරියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නිහඩ කරවීමේ මහා කුමන්ත‍්‍රනයක් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වර්තමාන නායකත්වයේද සහයෝගය සහිතව මේ වන විට ක‍්‍රියාත්මක කරමින් මෙම ප‍්‍රගතිශීලී බලවේගය පාවාදීමේ උත්සාහයක නිරත වෙමින් සිටී’ පසුගිය මහා මැතිවරණයේදී 47 ලක්‍ෂය වූ එක්සත් ජනතා නිදහස් සංධානයට ඡුන්දය දුන් ඡුන්ද දායකයන් එක්සත් ජාතික පක්‍ෂය සමග හවුල් රජයකට විරුද්ධව තම පැහැදිලි මතය ප‍්‍රකාශ කර ඇත’

එක්සත් ජනතා නිදහස් සංධානයෙන් මන්ත‍්‍රීධූර 95ක් දිනාගැනීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂනායකත්වය හෝ චන්‍ද්‍රිකා කුමාරණතුංග හෝ කිසිදු දායකත්වය නොදැක්විය’ චන්‍ද්‍රිකා කුමාරණතුංග ප‍්‍රසිද්ධියේ සඳහන් කර සිටියේ එක්සත් ජනතා නිදහස් සංධානයට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන ලෙසයි’ එවන් තත්වයක් තුල එක්සත් ජනතා නිදහස් සංධානයට ඡුන්දය දුන් ඡන්දදායකයන්ගේ ඡන්දයේ තේරී පත්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රිවරුන් තමනට අවශ්‍ය විදියට මෙහෙයවීමට පියවර ගැනීම කිසිසේත්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවක් නොවන මහජන මතයට එරෙහි වීමක් ලෙස අප අවධාරණය කර සිටී’

මෙවන් වටපිටාවක් තුල එක්සත් ජාතික පක්‍ෂය සමග ඊනියා ජාතික ආණ්ඩුවකට එකඟවීම 47 ලක්‍ෂයක් ඡුන්දදායකයන් පාවාදීමක් වන අතර එක්සත් ජාතික පක්‍ෂයට එරෙහි ප‍්‍රගතිශීලී කඳවුර අකර්මන්‍ය කිරීමේ පියවරක් බව අවධාරනය කර සිටී’

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී එක්සත් ජාතික පක්‍ෂය සමග ඊනියා ජාතික ආණ්ඩුවකට සහාය දෙන සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීිවරුන්ට අපගේ අප‍්‍රසාදය පලකර සිටී’

එක්සත් ජනතා සන්ධානයට ඡන්දය දුන් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතින් කඩකරමින් සිදු කරන මෙම මහා පාවාදීමට එරෙහිව සමස්ථ ප‍්‍රගතිශීලී සියලූ ජනතා බලවේගයන්ට අවධියෙන් සිටින ලෙස මව්බිමේ නාමයෙන් අප ඉල්ලා සිටිමු’

සභාපති                                       කැඳවුම්කරු
නිතිඥ ලලිත් යු’ගමගේ                විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි

ගාල්ල විද්වත් එකමුතුව වෛද්‍ය” විශ්ව විද්‍යාල” ආචාර්ය” නීතීඥ ර්‍ණ ඉංජිනේරු” ගණකාධිකාරී” බැංකු” වාස්තු විද්‍යා” මිනින්දෝරු ක්‍ෂේත‍්‍ර වලට සම්බන්ධ ප‍්‍රදේශයේ සේවයේ නියුතු ප‍්‍රගතිශීලී වෘත්තියවේදීන්ගේ සැදුම්ලත් සංවිධානයකි’
 
-යුතුකම සංවාද කවය
www.yuthukama.com  
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions