කිසියම් විවේචනයක් සාධාරණ ද? අසාධාරණ ද? යන්න තීරණය කරන්නේ කෙසේද? සාධාරණ අසාධාරණ බව යන්න ඉතාමත් සාපේක්ෂ සංකල්ප බව පැහැදිලිය. යම් චින්තනයක සාධාරණ යයි ගැනෙන දේ වෙනත් චින්තනයක අසාධාරණ යැයි ගැනීමට ඉඩ ඇත. මුස්ලිම් කාන්තාවන්ට පර්දාව පැලඳීම තහනම් කිරීම ඇතැම් අයට අනුව සාධාරණ තීරණයකි. සංග්‍රහයක් කිරීමේදී එක් අයෙකුට බුරියානි දී අනිත් අයට රතු හාල් සමග එළවලු දුන්විට අසාධාරණයක් වන්නේ කාටද? ඇතැම් විට අධික තෙල් සහිත බව හා එළවලු නොමැතිකම සැලකිල්ලට ගෙන බුරියානි ලද කෙනා තමා අසාධාරණයකට ලක්ව ඇතැයි පවසනු ඇත. ඒ තීරණය අධික තෙල් සහිත අහාර හර්ද රෝග ඇතිකරන බවත් එළවළු ආහාරයට ගැනීම ලෙඩරෝග අඩුකරන බවත් ආදී නොයෙක් ප්‍රවාද මත පදනම් වී ගත්තක් වියහැකි ය. මෙයින් පෙනී යන්නේ සාධාරණය තීරණය කිරීමේදී දෘෂ්ටිය බලපෑ ආකාරයයි.
අපේ දෘෂ්ටිය අනුව රටේ ප්‍රධාන ප්‍රශ්නය දෙමළ ජාතිවාදයයි. ඊට හොඳින් මුහුනදෙන නායකයෙකු දුෂණ මැඩලීම වැනි අප්‍රධාන කරුණකදී එතරම් සාර්ථක නැතැයි සිතමු. (ලොව දුෂණ නැති රටවල් ඇත්ද? පෘතග්ජන මිනිසුන් සිටින ලෝකයේ දුෂණ නැතිකළ හැකිද? ඇතැම් සංස්කෘතියක දුෂණයක් ලෙස ගැනෙන දේ වෙනත් සංස්කෘතියක දුෂණයක් නොවිය හැකිය. මැතිවරණ කටේදී සිරිසේන මයා අගමැති පත්කිරීම ගැන පලකල ලිපිය නිසා මැතිවරණ දුෂණයක් වූ බවට කිසිදු විදෙස් නිරීක්ෂක කණ්ඩායමක් කරුණු දක්වා නොතිබුනේ ඒ නිසා වියහැකිය!) එවිට දුෂණ මැඩලීම අසාර්ථක බවම හුවාදැක්වීම සාධාරණ ද? අසාධාරණයි. මන්ද යත් නායකයා ඉවත්කිරීමට බලා සිටින අයට ජනමතය සකස්කිරීම සඳහා එය යොදාගත හැකි බැවිනි. ප්‍රධාන ප්‍රශ්න තිබියදී අවශේෂ ප්‍රශ්න මතුකර ඒවා විවේචනය කිරීමෙන් සතුරාට වාසි වියහැකිය. තත්වය බරපතල වන්නේ විරුද්ධ පිලේ නායකයාට අපේ දැක්මට සම්පුර්ණයෙන්ම ප්‍රතිවිරුද්ද දැක්මක් ඇති විටය.
මහින්ද මහතාගෙන් පසු ඔහු පමනට ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින නායකයෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැති බව වර්තමානයේ සිදුවන දේ වලින් පෙනීයයි. ඒ නිසා තුන්වන වරටත් ජනාධිපති ලෙස මහින්ද මහතාට බලයට ආහැකි පරිදි කළ ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව විවේචන කිරීම අසාධාරණ බව දැන් කාටත් පෙනී යනවා ඇත. මෙහිදී වර්තමානයේ දී කරන දේ අනාගතයේදී රටට බලපාන ආකාරය ගැන වැටහීමක් ලබා සිටීම ඉතා වැදගත් බව පෙනීයයි. එහිදී අපට කාලාමට බුදුරජාණන් වහන්සේ දුන් උපදෙස ඉතා වැදගත් වන්නේ යයි සිතමි. ශ්‍රීලනිපය නම් සරත් විජේසුරිය මයා වැනි අය මග පෙන්වන්නන් ලෙස තෝරාගෙන ඇත.! සන්ධාන නායකයින් ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ මගපෙන්වීම ලබා ගන්නේ නම් ඉතා වැඩදායක බව මගේ අදහසයි.
-උදයංග සුගතපාල

[යුතුකම පාඨක අදහසකි]
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama
nalinda silva mahatage nata deviyan avidyatmaka wanne lowa ekama vidyawa batahira vidyawa bawa adahannanta pamanaki.prof ge pravada nokiyawa vivechana kireema andure atapata gemaki
ReplyDelete