සරත් අයිය මිය ගිහින්ලූ දැනුයි පණිවිඩේ ලැබුනේ
අපේ ගෙදර නතර වෙලයි ඉගෙන ගත්තෙ මහින්දයේ
ඉගෙන ගත්ත බොහොම හොඳට සරසවි ගිය ඒ කාලෙම
ලොකු ලොකු තනතුරු දැරුවා සිවිල් විබාගයත් කරල
මට මතකයි හැත්ත හතේ දවසක ඔහු මුණ ගැසුනා
රටම සතුටුවන මෙහොතක පවුල් ගහම උදුරල දා
මට එතකොට චන්දෙත් නෑ ඒත් ගොඩක් කතා කළා
දූෂණ භීෂණ ඔක්කොම ඉවර වුනැ යි මං කීවා
බලං ඉඳල මගේ දිහා එකම දෙයයි ඔහු කීවේ
රට බල්ලට ගියා මල්ලි තේරුණෙ නැහැ මට එවෙලේ
කළගෙඩි කුළු පොලූ සෙල්ලං මැරයන් තර්ජන මර්දන
ටයර් සෑය බිම් බෝම්බ දකින කලදි තේරුණෙ මට
අන්කල් කොහොමද සැප දුක සිහින ලොවින් මා මිදුනා
උඩහ ගෙදර සිතුම් පුතා පාරේ යන ගමන් ඇහුවා
ඉගෙන ගන්න හරි දස්සය දෙකට කඩල ඒ එල් කළෙ
ප‍්‍රතිඵල එන්නත් කලියෙන් සිමා වලට පන්ති යන්නෙ
මොකද වුනේ අංකල් මේ චන්දෙන් පැරදුනා නේද
දූෂණ භීෂණ ඉවරයි විරිත්තමින් කීවා ඔහුඅපේ ගෙදර නතර වෙලයි ඉගෙන ගත්තෙ මහින්දයේ
ඉගෙන ගත්ත බොහොම හොඳට සරසවි ගිය ඒ කාලෙම
ලොකු ලොකු තනතුරු දැරුවා සිවිල් විබාගයත් කරල
මට මතකයි හැත්ත හතේ දවසක ඔහු මුණ ගැසුනා
රටම සතුටුවන මෙහොතක පවුල් ගහම උදුරල දා
මට එතකොට චන්දෙත් නෑ ඒත් ගොඩක් කතා කළා
දූෂණ භීෂණ ඔක්කොම ඉවර වුනැ යි මං කීවා
බලං ඉඳල මගේ දිහා එකම දෙයයි ඔහු කීවේ
රට බල්ලට ගියා මල්ලි තේරුණෙ නැහැ මට එවෙලේ
කළගෙඩි කුළු පොලූ සෙල්ලං මැරයන් තර්ජන මර්දන
ටයර් සෑය බිම් බෝම්බ දකින කලදි තේරුණෙ මට
අන්කල් කොහොමද සැප දුක සිහින ලොවින් මා මිදුනා
උඩහ ගෙදර සිතුම් පුතා පාරේ යන ගමන් ඇහුවා
ඉගෙන ගන්න හරි දස්සය දෙකට කඩල ඒ එල් කළෙ
ප‍්‍රතිඵල එන්නත් කලියෙන් සිමා වලට පන්ති යන්නෙ
මොකද වුනේ අංකල් මේ චන්දෙන් පැරදුනා නේද
සරත් අයිය මතක්වුනා එකම දෙයයි මං කීවේ
රට බල්ලට ගියා පුතේ දවසක උඹටත් තේරේ
නො කීව දේ මං සිතුම්ට හිත ඇතුළේ හොල්මං කළ
බල්ලට ගිය රට කොටියට දේවි කියල හෙට අනිද්ද
විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි [2015/09/05]
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
Your words are inspiring sir....just as I felt at our prof unit....please continue this venture sir....
ReplyDeleteරට බල්ලට ගියා විතරක් නෙවෙයි කොටියාටත් ගියා මාසයක් යන්නත් කලින්. ඔබ වැනි විද්වතුන්ගේ මැදිහත් වීම ප්‍රබලව අවශ්‍ය කාලයකි මේ.
ReplyDeleteඔව් ඔව් අවශ්‍යයි. නමුත් මේ අඩවියේ දාන්නේ මේ වගේ ආවඩන කොමෙන්ට් විතරයිනේ. අන්න එතන තමා හෙළුව පෙනෙන්නේ.
DeleteSahathika aththa sir.....ballo godaak innawa aluth amathi mandale...
ReplyDelete