මුතු කුමරස්වාමි,ආනන්ද කුමාරස්වාමි ,පොන්නම්බලම් රාමනාදන් , පොන්නම්බලම් අරුණාචලම් , සී.වී විග්නේෂ්වරන් |
ඉංග්‍රිසින් විසින් 1815 දී අප රට අත්පත් කරගත් පසු මෙරට සිංහලයන්ගෙන් ඔවුනගේ පාලනයට ප්‍රබල ප්‍රතිරෝධයක් එල්ල විය. 1818 දී සහ පසුව 1848 දී වශයෙන් දෙවරක් සිංහලයෝ ඉංග්‍රිසි පාලනයට විරුද්ධව ප්‍රබල නැගී සිටීම් දෙකක් සිදු කළ අතර ඉංග්‍රිසින්ට ඒවා මැඩ පැත් විය හැකි වූයේ මහා ලේ වැගිරීම් වලින් පසුවය. මේ හේතුවෙන් ඉංග්‍රිසියෝ බහුතර සිංහලයන්ට එරෙහිව දෙමළ, විශේෂයෙන් දෙමළ වෙල්ලාල කුලයට, විවිධ වරප්‍රසාද සහ වරදාන පිරිනමමින් ඔවුන්ව ඉදිරියට ගෙන ඒම සිදු කළහ. ඉංග්‍රිසින් විසින් අප රට පාලන බලය ලබා දීම සඳහා පුරුදු පුහුණු කළේ මේ දෙමළ වෙල්ලාලයන්ගේ එක් පවුලක සාමාජිකයන්වය. අද අප රටේ ඊනියා ජනවාර්ගික අර්බූදයක් බවට ඔඩු දුවා ඇත්තේ ඔවුන් විසින් කරන ලද මේ නිහීන ක්‍රියාවලියේ අතුරුඵලයයි.
ලන්දේසීන් විසින් දකුණු ඉන්දියාවේ කෝරමැන්ඩල් වෙරළ තීරයෙන් දෙමළ වෙල්ලාලයන් අප රටට ගෙන එනු ලැබුවේ 17 වන සහ 18 වන සියවස්වලදී දුම්කොළ වගාව සඳහාය. පසුව ඉංග්‍රිසි පාලන කාලය වන විට ඔවුන් යාපනයේ උසස් කුලය බවට පත් වී තිබුණි. මේ දෙමළ වෙල්ලාලයන් අතරින් 1815 දී එක් චරිතයක් ඉංග්‍රිසින්ට වැදගත් වේ. ආරුමුගම්පිල්ලේ කුමාරස්වාමි නම් වන ඔහු ඉංගිරිසි ආණ්ඩුකාරවරයාගේ භාෂා පරිවර්තකයා ලෙස එවකට කටයුතු කරමින් සිටියේය. 1815 සිංහලේ අවසන් රජු අත් අඩංගුවට ගැනීම හා සම්බන්ධ ක්‍රියාවලියේදී ඔහු වැදගත් භූමිකාවක් ඉටු කළේය. මේ හේතුවෙන් ආරුමුගම් පිල්ලේ කුමාරස්වාමි ට වාසල මුඳලිඳු (Gate Mudaliyar) තනතුරක්ද ඉංග්‍රීසින් විසින් හිමිවේ. ආරුමුගම්පිල්ලේ කුමාරස්වාමිගේ පියා කුමාරස්වාමි ආරුමුගම්පිල්ලේ නැමැති කෙනෙකි. පෙනී යන ආකාරයට ඔහු ලන්දේසි පාලන සමයේ දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණෙන හෝ ගෙන එන ලදුව පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තෙකි. ඔහුද ලන්දේසීන්ට භාෂා පරිවර්තන සේවාවන් ඉටු කළ අයෙකි.
1833 කෝල්බෘක් ප්‍රතිසංස්කරණ වලින් පසුව ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායක සභාවක් (Legislative Council) පිහිටවනු ලබන අතර එහි නිලනොලත් සාමාජිකයන් වශයෙන් යුරෝපීයන් තුන් දෙනක් සහ සිංහල, දෙමළ සහ බර්ගර් ජනවර්ග වලින් එක් අයෙක් බැගින් පත්කරන ලදී. මෙලෙස මුල්වරට ව්‍යවස්ථාදායක සභාවේ දෙමළ නියෝජිතයා වශයෙන් පත් කරනු ලබන්නේ ඉහත කී ආරුමුගම්පිල්ලේ කුමාරස්වාමිය.
ආරුමුගම්පිල්ලේ කුමාරස්වාමිගේ එකම පුත්‍රයා සර් මුතු කුමාරස්වාමි ය. කෝල්බෲක් කොමිසමේ නිර්දේශයක් මත පිහිටුවන ලද, පසුකාලීනව රාජකීය විද්‍යාලය (Royal College) බවට පත්වූ, කොළඹ ඇකඩමියේ (Colombo Academy) අධ්‍යාපනය ලබන හෙතෙම පසුව සිවිල් සේවයට බැඳී තරුණ වියේදීම තනතුරු ගණනාවක් හෙබවීමට වාසනාව හිමිකර ගන්නා ලද්දේය. ඉන්පසු 1861 දී වයස අවුරුදු 28ක් වන මුතු කුමාරස්වාමි තරුණයා ව්‍යවස්ථාදායක සභාවේ එකම දෙමළ නියෝජිතයා ලෙස පත් කෙරයි. (ඔහුගේ පියාගෙන් පසුව ඒ තනතුර හොබවනු ලැබුවේ සයිමන් කාසි චෙට්ටි සහ එදිරිමානසිංහම් නම් ඔහුගේ ඥාති මාමා කෙනෙකි. සයිමන් කාසි චෙට්ටි මේ පවුලෙන් පිට ව්‍යවස්ථාදායක සභාවේ දෙමළ නියෝජිතයා ලෙස පත් කරනු ලැබූ එකම තැනැත්තා ය.) මෙහිදී සඳහන් කළ යුතු විශේෂ කරුණක් නම් 1874 දී මුතු කුමාරස්වාමි ට නයිට් නාමය ලබා දෙනු ලැබීමයි. ඔහු නයිට් නාමයෙන් පුද ලද මුල්ම ආසියානුවා ලෙස ඉතිහාස ගත වේ.
මුතු කුමාරස්වාමි විවාහ වන්නේ එළිසබෙත් බිබී නම් ඉංගිරිසි ජාතික කාන්තාවක් සමඟය. ඔවුන් දෙපළගේ එකම පුත්‍රයා දේශපාලනයට නොපිවිසෙන අතර පසු කලෙක කීර්තිමත් විද්වතෙකු බවට පත් වේ. හේ ආනන්ද කුමාරස්වාමි ය. ආනන්ද කුමාරස්වාමි හැදී වැඩෙන්නේ එංගලන්තයේ ය. ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඇතුලුවන ඔහු භූගර්භ විද්‍යාව සහ උද්භිද විද්‍යාව සම්බන්ධව උපාධියක් ලබා ගනී. ඉන්පසු ඛණිජ වේදය පිළිබඳව ආචාර්ය උපාධියක් ලබා ගන්නා ආනන්ද කුමාරස්වාමි පසුකාලීනව ඉන්දියානු උපකලාපයේ සංස්කෘතීන්, කලාවන් සහ භාෂාවන් පිළිබඳ ගවේෂණයට යොමුවේ. ඒ විෂය ක්ෂේත්‍රය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කරන ඔහුව අද සැලකෙන්නේ ඉන්දියානු කලාවන් බටහිර ලෝකයට හඳුන්වා දුන් පුරෝගාමියා ලෙසයි.
ආරුමුගම්පිල්ලේ කුමාරස්වාමිගේ එකම දියණිය සෙල්ලච්චි කුමාරස්වාමිය. ඇය විවාහ වන්නේ තවත් දෙමළ වෙල්ලාල ප්‍රභූවරයකු වන වාසල මුදලිඳු පොන්නම්බලම් සමඟය. පොන්නම්බලම් පවුල සහ කුමාරස්වාමි පවුල අතර සම්බන්ධය ඇති වන්නේ එලෙසය. ඔවුන් දෙපළට පුත්‍රයන් හතර දෙනෙකි: සර් පොන්නම්බලම් රාමනාදන්, සර් පොන්නම්බලම් අරුණාචලම්, පොන්නම්බලම් කුමාරස්වාමි සහ මුදලිඳු පොන්නම්බලම් පත්මනාභ. මින් අන්තිමයා හැරෙන්නට අනෙත් සියළු දෙනාම ව්‍යවස්ථාදායක සභාවේ දෙමළ නියෝජිතයා ලෙස වරින් වර පත් කෙරෙනු ලැබේ.
සර් පොන්නම්බලම් රාමනාදන් ද කොළඹ ඇකඩමියේ අධ්‍යාපනය ලබන අතර අධිනීතීඥයකු ලෙස වෘත්තීයට එක් වේ. 1879 දී ව්‍යවස්ථාදායක සභාවේ දෙමළ නියෝජිතයා ලෙස ඔහුව පත් කෙරෙනු ලබන්නේ මුතු කුමාරස්වාමි ගේ ඇවෑමෙනි. ඉන්පසු 1892 දී ඉංග්‍රිසි ආණ්ඩුකාරවරයා ඔහුව සොලිසිටර් ජනරාල්වරයා ලෙස පත් කෙරෙනු ලබයි. වික්ටෝරියා රැජිණගේ ජුබිලි උත්සවය සඳහා ලංකාවෙන් යවනු ලබන නියෝජිතයා වන්නේද ඔහුයි. 1910 දී ඇති කරන ලද මැකලම් ප්‍රතිසංස්කරණවලින් රටේ ජනගහණයෙන් සුළු ප්‍රතිශතයකට ප්‍රථමවරට ඡන්ද බලය හිමි විය. මුළු රටේම ඡන්ද වලින් අනෙක් සියල්ල පරදා ලාංකික උගත් නියෝජිතයා ලෙස පත් වීමට පොන්නම්බලම් රාමනාදන් සමත් වීම මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයකි. මෙහිදී සිදුවන්නේ සිංහල ගොවිගම නායකයන් ඡන්දයට ඉදිරිපත් වූ සිංහල කරාව නියෝජිතයාට එරෙහිව දෙමළ වෙල්ලාල පොන්නම්බලම් රාමනාදන් හට ඡන්දය ලබා දීමයි.
පොන්නම්බලම් රාමනාදන්ගේ බාල සොහොයුරු සර් පොන්නම්බලම් අරුණාචලම් සිවිල් සේවයට එක්වීමට වරම් ලද මුල්ම ලාංකිකයෙකි. 1877 දී ඔහු රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ලෙස පත් වීම් ලබයි. හෙතෙම Royal Asiatic Society හි සාමාජිකත්වය ලද මුල්ම ලාංකික පුරවැසියාද වේ. පොන්නම්බලම් අරුණාචලම් 1919 දී ලංකා ජාතික සංගමය (Ceylon National Congress) ආරම්භ කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ අයෙක් වූ අතර එහි මුල්ම සභාපතිවරයාද වූයේය. කෙසේ වෙතත් භූමිය සහ ජනවර්ග පදනම් කරගෙන නියෝජිතයන් පත් කිරිම පිළිබඳ මතු වූ අර්බූදයක් මත පොන්නම්බලම් අරුණාචලම් ඇතුළු දෙමළ නායකයන් පිරිස ලංකා ජාතික සංගමයෙන් ඉවත් වී 1921 දී දෙමළ මහා සභාව පිහිටුවා ගත්හ.
රාමනාදන් සහ අරුණාචලම් දෙසොහොයුරන් ඉංගිරිසින්ගේ අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව යම් යම් ක්‍රියාමාර්ග ගත්හ. විශේෂයෙන් 1915 සිංහල-මරක්කල කෝලාහලය මුවාවෙන් ඉංග්‍රිසින් විසින් සිංහල නායකයන් දඩයම් කරත්දී ඔවුහු සිංහලයන් වෙනුවෙන් පෙනී සිටියහ. මේ හේතුවෙන් ඔවුන් දෙදෙනා අපේ රටේ “නිදහස් සටනේ වීරයන්” දෙදෙනෙකු ලෙස අද සැලකේ. කෙසේ නමුත් මේ දෙදෙනාම සිංහලයන් මේ රටේ බහුතරය බව පිළිගැනීමට මැලිවූහ. ඉංග්‍රිසින්ගෙන් ඔවුන් ලද විවිධ වරප්‍රසාද අහිමි වෙතැයි ඔවුහු බිය වූහ. මේ නිසා දෙමළ බෙදුම්වාදයේ මුල් බිජු ඔවුන් අතින් රෝපණය කෙරිණි.
පොන්නම්බලම් අරුණාචලම් ගේ පුත්‍රයකු වූ සර් අරුණාචලම් මහාදේව ද දේශපාලනයට පිවිසියේය. ඔහු ද ව්‍යවස්ථාදායක සභාව සහ 1931 දී ඩොනමෝර් කොමිසමේ නිර්දේශ මත පිහිටුවන ලද රාජ්‍ය සභාව නියෝජනය කළේය. ඉන්පසු 1942-1946 කාල වකවානුව තුළ ස්වදේශ කටයුතු භාර අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේ ය.
මේ පවුලේ වර්තමාන පුරුක උතුරු පළාත් සභා මහා අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් ය. විග්නේෂ්වරන් අද දෙමළ ජනතාවගේ නිල නොවන නායකයා බවය පත්ව සිටියි.. ඔහුගේ සීයා රාමනාදන් සහ අරුණාචලම් දෙසොහොයුරන් ගේ මස්සිනා කෙනෙකි. මේ පවුලේ වැඩි දෙනෙක් පරිදි ඔහුද අධ්‍යාපනය ලබන්නේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. ඉන්පසු නීති විද්‍යාලයට ඇතුළුවන ඔහු නීතීඥයකු ලෙස ඉන් පිට වී ස්වකීය වෘත්තිය ජීවිතයෙන් විශ්‍රාම යන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙසයි. ඔහු දේශපාලනයට පිවිසෙන්නේ ඉන්පසුවයි. ප්‍රකට වාමාංශික දේශපාලඥයකු වන වාසුදේව නානායක්කාර ගේ දියණිය විවාහ වී සිටින්නේ ඔහුගේ එක් පුතෙක් සමඟයි.
මේ පවුලේ තවත් දේශපාලඥයන් සහ ප්‍රභූන් විශාල සංඛ්‍යාවකි. යාපන ප්‍රදේශයෙන් බිහි වූ තවත් දේශපාලඥයෙක් වූ සුබයියා නඩේසපිල්ලේ විවාහ වී සිටියේ පොන්නම්බලම් රාමනාදන්ගේ දියණියක් සමඟයි. ඔහු වඩාත්ම ප්‍රකට වන්නේ 1952 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කර ප්‍රබල දෙමළ දේශපාලඥයකු වූ එස්.ජේ.වී. චෙල්වනායගම් ව පරාජය කිරීම නිසාය. සිංහල පමණක් ප්‍රතිපත්තියට එක්සත් ජාතික පක්ෂය සහාය දීම නිසා නඩේසපිල්ලේ පසුව එම පක්ෂයෙන් ඉවත් වූයේය.
සර් සංකරපිල්ලේ පරරාජසිංහම් සෙනේට් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කලක් කටයුතු කළ අයෙකි. ඔහු සර් පොන්නම්බලම් අරුණාචලම් ගේ දියණියක් හා විවාහ වී සිටියේය. පරරාජසිංහම් ගේ මුණුපුරා වන දේවමනෝහරන් ස්වාමිනාදන් වර්තමාන පාර්ලිමේන්තුවේ දෙමළ සන්ධාන මන්ත්‍රීවරයෙකි. ඔහු කලක් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කර ඇත.
බාලකුමාර් (බාකු) මහාදේව අරුණාචලම් මහාදේවගේ පුත්‍රයෙකි. විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු සහ සිවිල් සේවකයකු ලෙස වෘත්තීය ජීවිතය ගත කර ඇති ඔහු පසුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් වරයා ලෙස කටයුතු කළේය. පසු කලෙක බැංකු සහ සමාගම් ගණනාවක අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කළේය.

-නලින් සුබසිංහ
~යුතුකම සංවාද කවය~
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.

(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .