9/20/2015

බල්ලෝ එළි බසිති.

කතෘ:යුතුකම     9/20/2015   7 comments

වීර වෙස් ගත් පුරවැසි බලය සංවිධානයේ සමන් රත්නප්‍රිය මහතා පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් කැදවා පවසා සිටියේ යුධ අපරාධකරුවන්ට දඬුවම් දිය යුතු බවකි.

සමන් රත්නප්‍රිය මහතා වෘත්තියෙන් හෙද සේවකයෙකි. ඔහු සිය රාජකාරියේ නියුතුව සිටියදී යුද්ධයෙන් අත් පා අහිමි වූ සහ මිය ගිය රණ විරුවන් මෙන්ම කොළඹ පිපිරූ බෝම්බවලින් තුවාල ලැබූ සහ මියගිය සිවිල් වැසියන් ද දකින්නට ඇත. එය ඔහු නිරතුරු දකින දර්ශනයක් වන්නට ද ඇත.

මා මෙන්ම ඔහුද යුද්ධයට ගියේ නැත. නමුත් මට මෙන්ම ඔහුටද මරණ බියෙන් තොරව දිවි ගෙවත හැකි රටක් අද නිර්මාණය කර දුන්නේ මරණය සිය දෝතින්ම ගෙන ඉදිරි ආරක්ෂක වළල්ලට ගිය ඒ මිනිසුන්ය. රත්න්ප්‍රියලා යුධ අපරාධකරුවන් යයි හංවඬුගසන මිනිසුන්ය.

"යුද්ධය අන්තිම කාලෙදි අපිට එක දිගටම ගහන්න උනා. රෑ දවල් කියලා වෙනසක් නෑ. අපි නැවැත්තුවොත් උන් ගහනවා. ඒක නිසා එක දිගටම ගහන්න සිද්ධ උනා. නිදා ගත්තේ නෑ. එළිවෙනවා කියලා කළේ දත් ටික පොඩ්ඩක් මැද ගන්න එක විතරයි. සපත්තු මේස් ගලවන්න බෑ. ඒවා හමට යා වෙලා. අපිත් එක්ක උදේ කතා කරන යාළුවෝ හවස් වෙද්දි මැරිලා. ඒක ලොකු පීඩනයක්. හෙට මට ඒ දේ වෙන්න පුළුවන් කියන දේට හිත හදා ගෙන තමා අපි හිටියේ. අපේ දරු පවුල් කොයි මොහොතක හරි තනි වේවි කියන හැඟීම සැරෙන් සැරේ හිතට ආවා. එහෙම කරපු අපිට දැන් යුධ අපරාධකාරයෝ කියලා මේ රටේම උන් කියනවා ඇහෙනකොට දුක හිතෙනවා. "

මේ දැන් ටික දිනකට පෙර රණ විරුවෙකු මා හා පැවසූවකි. අප මේ මිහිපිට තබා යන අඩියක් අඩියක් පාසා මේ මහපොළොව යට මිහිදන්ව සිටින රණ විරුවන්ට ණය ගැතිය. ඔවුන්ගේ වියෝව උසුලා සිටින දරුවන්ට දෙමාපියන්ට සහ වැන්ඹුවන්ට ණයගැතිය. නමුත් අපේ සමාජයේ තම වාසිය වෙනුවෙන් ඕනෑම පාදඩ වැඩක් කළ හැකි බල්ලෝ සිටිති. පුරවැසි බලය නියෝජනය කරමින් සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ යුධ අපරාධ කරුවන්ට දඬුවම් දිය යුතු බවකි. මේ පාදඩයින්ට වුවමනා සමාජ සාධාරණත්වයක් නැත. මොවුන් ක්‍රියා  කරන්නේ සිය ස්වාමිවරුන් විසින් තමනට කුළි පදනම මත ලබා දුන් කොන්ත්‍රාත්තුවට අනුවයි. දැන් ඔවුනට භාර දී ඇති කොන්ත්‍රාත්තුව වී ඇත්තේ රණ විරුවන්ගේ ප්‍රතිරූපය කෙළෙසමින් ඔවුන් අපරාධකරුවන් බවට පත් කළ හැකි ආකාරයේ පොදුජන විඥානයක් සකස් කරලීමට උපකාර කිරීමයි.

මේ බඩගෝස්තරවාදීගේ තර්කය වන්නේ වැරදි කර ඇත්නම් දඬුවම් ලබා දිය යුතු බවය. නමුත් මේ දඩ බල්ලෝ සන්දර්භය පසෙක ලා වියුක්තව අදහස් ඉදිරිපත් කරමින් ඒවා සමාජගත කරලීමට උත්සාහ ගනිති. එය වැරදි අදහසකි. අපි කතා කරන්නේ යුද්ධයක් පිළිබඳවය. මේ රටට නිදහසේ හුස්ම ගැනීමට සැලැස්වූ මිනිසුන් පිළිබඳවය. ඒ වෙනුවෙන් සිය මරණය දැක දැක සටන් වැදුනු මිනිසුන් පිළිබදවය. ඇමති වරදාන ඉදිරියේ ජනමතය අළුයම ළූ කෙළ පිඩක් සේ ඉවත දමන මහජන නියෝජිතයන් සහ උන්ගේ හෙංචයියන් විසින් අද ප්‍රශ්න කරන්නේ මරණය ඉදිරියේ සිටි මිනිසුන්ගේ හැසිරීමය. අනෙක ඒ ප්‍රශ්න කිරීම සිදු වන්නේම තමනට අවැසි නිගමනය කෙසේ හෝ ලබා ගන්නා සුපිරි බලවතුන්ගේ පාමුල දණින් වැතිරවන ලද නීතිමය රාමුවකට සිර කරන්නට යන පද්ධතියක් තුළය. තමාට අවශ්‍යය තීන්දුවම ලැබෙන තුරු නොසංසිදෙන පිපාසයකින් කටයුතු කරන බටහිර බලවතුන්ට යටත් කරන ලද සැකැස්මක් තුළය.

 අපි වෙනුවෙන් අපි යන සංකල්පය අද උඩු යටිකුරු කිරීම සමන්  රත්නප්‍රියලාට භාර දී ඇති කුළී වැඩය වේ. අපි වෙනුවෙන් කවුරුවත් නැති කිරීමේ  මානසික මෙහෙයුමට උදවු කිරීම සඳහා බුරලෑම පිණිස තෝරා ගත් තවත් බල්ලන් පිරිසක් ඉදිරියේදී අපට දැක ගන්නට ලැබෙනු ඇත. ඒ අතර විද්වත්තු කියන අය සහ කලා කාරයෝ මෙන්ම චීවරධාරීහු ද සිටිනු ඇත. කුමන වේශයකින් පැමිණියත් බල්ලන් බල්ලන් ලෙස හඳුනා ගැනීමට අප සමාජය අසමත් වුවහොත් අවසානයේ අපි වෙනුවෙන් එකෙක්වත් නැතිවනු ඇත. මේ අනතුර වටහා ගෙන අප කළ යුත්තේ බල්ලන් කවුදැයි පෙන්වාදීමයි. බල්ලන්ට බල්ලා යැයි කීමයි. එසේ නොකොට උන් සාන්තුවරයින් සේ පෙනී සිටිනු වළකනු නොහැක.

රත්නප්‍රියලාට රණවිරුවන්ට බුරන්න බාර දෙත්දී රනිල් සහ සිරිසේන වහාම මාධ්‍යකරුවන් කැදවා ජිනීවා සිද්ධිය පිළිබඳ මාධ්‍යය දැරිය යුතු මතය කියා දුන්නේය. අපගේ තොරුතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කිඹුල් කඳුළු හෙළමින් සිරිසේනට සහ රනිල්ට කඩේ ගිය රත්නප්‍රියලාට මෙන්ම උගතුන්ට ද රනිල් ලාගේ සිරිසේනලාගේ මේ මාධ්‍ය තරවටුව නොපෙනේ.

ඉදිරියේදී ඉන්දියාවට සහ බටහිරට යටත්ව සිය න්‍යාය පත්‍රය දිගහැරුම සඳහා ජනතාව පරාධීන මානසිකත්වය ඇති වහලුන් පිරිසක් බවට පත් කර ගත යුතුය. එවිට රණවිරුවන් යුධ අපරාධකරුවන් සේ හංවඬු ගසා මරණ මංචකය වෙත දක්කාගෙන යද්දි "පව්කාර  කාලකන්නි" කියා අහක බලා ගෙන තමාගේ දෙකහමාර බේරාගෙන  සිටිනා සමාජයක් ගොඩ නගා ගත හැකිය. මේ රටේ මිනිස්සු එසේ කරන්නට බැරි මිනිසුන් නොවේ. නමුත් රට වැසියන්ව මෙතැන සිට එතැනට දක්කාගෙන යා යුතුය. ඒ සඳහා දැන් අවශ්‍ය වන්නේ එළියට බැස රණවිරුවන්ට බුරන බල්ලන් කිහිප දෙනෙකි. ඒ සඳහා බල්ලෝ එළි බසින කාලයයි මේ.

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

7 comments :

  1. ලිපියෙ හරයෙන් පරිබාහරි දෙයක් කියමි.

    සන්සන්දනය කරල තිබෙන පින්තූර (Photo) 2 නම් නියමයි.. හරියටම ලස්සනට අහිංසක බල්ලගෙ රූපය "රත්නප්‍රිය" කියන "පර බල්ලගෙ" රූපයට ගලපෙනවා..

    ReplyDelete
  2. ME WAGE PARAYANWA MARAA DAMANNA PELA GAHEMU............PURAWASI BALAYA HARI MONA MAGULE HARI RATA DROHI UNWA MARALA DDAMU..
    APAAYATA YANNA API BAYA NE YAKOOOOOOO.......

    ReplyDelete
  3. මේ කාලකන්නි ව්‍යසනයෙන් ඔවුන් බේරා ගැනීම අපගේ පරම යුතුකමයි. ඔවුන් අප වෙනුවෙන් ඔවුනගේ අත් පා , ඇස් මස් විතරක් නොව 30,000 පමණ ජීවිත ද පූජා කර ඇත. දැන් අපගේ අවස්ථාව එළඹ ඇත.
    අපිද සියල්ල පසෙක ලා මෙවන් බල්ලන්ගේ මතවාදයට එරෙහිව ප්‍රසිද්දියේ මෙන්ම අප්‍රසිද්දියේ ද කතා කල යුතුය. ලිවිය යුතුය. අහිංසක ජනතාව අතරට කාලකන්නි අදහස ගෙනයාමට පෙර හැකි සියලු මාර්ග වලින් ජන මනස ආරක්ෂා කර ගැනීමට කටයුතු කරමු. අවාසනාව වන්නේ වත්මනේ හමුදාවේද යටිපෙළ ඉන්නේ (බහුතරයක්) යුද්ධයට දායක නොවූ, කල කැප කිරීම් නොදන්නා ඒ පිලිබඳ කිසිදු හැඟීමක් නැති යහපාලනයට රැවටුණු සීනිබෝල තරුණයන් වීමය. මෙය පුරවැසි බලය වැනි ජඩයන්ට තවත් වාසියකි.

    ReplyDelete
  4. රං මහත්තයා9/21/2015 10:09 AM

    මේ නම් නිකම් බල්ලෝ නොවේ
    ගෙරි පාහර බල්ලෝය..

    ReplyDelete
  5. තිස්ස9/21/2015 10:09 AM

    නිදහසේ ජීවත් වීමේ අයිතිය ලබා දුන් රණ විරුවන් පාවා දෙන්න බලන් ඉන්න කාලකන්නි රැලක් තමා පුරවෙසි බල්ලො සන්විදානය. සමන් රත්නප්‍රිය වගෙඋන්ට මහතා කියන්න එපා. මු බල්ලන්ටත් නිඝ්‍රහයක්

    ReplyDelete
  6. බල්ලනි සමාවුව මැන, මේ ගැස්තරයා නුඹලාට සම කලාට.

    ReplyDelete
  7. Sahodara sahodarayini, menna oba apeksha Kala wenasa, wedi kal nogosma obe theeranaya gena oba pasu thewenu etha, ethakota api pramada wedida ?

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions