මේ දවස්වල ජිනීවාවල වෙන දෙයත් එක්ක රනිල් සහ සිරිසේන හඳුන්වන්ඩ "නිවටයා", "ගැත්තා" යන වචන දෙක ගොඩ දෙනෙක් පාවිච්චි කරන බව පේනව. ඇත්තටම මොවුන් දෙදෙනා අයිති වෙන්නෙ මොන කුලකයටද (ඉන්දියාව, බටහිරයන් සහ බෙදුම්වාදය ඉදිරියේ මොවුන්ගේ දේශපාලන හැසිරීම දිහා බලපුවම )?
"නිවටයා" කියපුවම එන්නෙ දුර්වලයා, බයගුල්ලා වගේ අදහසක්. ඒ කියන්නෙ සිද්ධ වෙන දෙයට විරුද්ධයි, හැබැයි ඒ බව පෙන්නන්ඩ ධෛර්යයක්, කොන්දක් නැති බව වගේ දෙයක්. හරියට ජේ.ආර් මහත්තය වඩමාරච්චි මෙහෙයුමෙන් පස්සෙ, ඉන්දියාව යාපනේට අහසින් පරිප්පු දැමීම හරහා ඉන්දු ලංකා ගිසුම අත්සන් කිරීම දක්වා ඉන්දියාව ඉස්සරහ හැසිරුනු විදිහ වගේ.
"ගැත්තා" කියන්නෙ වෙනම කෙනෙක්. පාක්ෂිකයා, අනුමත කරන්නා වගේ අදහසක් දෙන්නෙ. කිසිම විරුද්ධත්වයක් නෑ සිද්ධ වෙන දෙයට. ලැදියාවක් තියෙන්නෙ.
ඒ අතින් රනිල් කියන්නෙ බටහිර ගැත්තෙක්. ඉතිහාසය පුරා ඔහුගෙ තිබ්බ සිංහල බෞද්ධ විරෝධය, බටහිර රටවලට ඇති නැඹුරුව, ෆෙඩරල් මානසිකත්වය හරහා බෙදුම්වාදයට දැක්වූ අනුග්රහය ආදියෙන් මේක පිළිබිඹු වෙනව. කොටින්ම රනිල් බටහිර ඉදිරියේ නිවටයෙක්ද වීරයෙක්ද කියල හොයාගන්ඩ විදිහක් නෑ ගැති කම නිසාම.
සිරිසේන ගැන තාම හරියට හිතාගන්ඩ බෑ. හැබැයි ඇමෙරිකාව, ඉන්දියාව අපේ රටට කරන දේට විරුද්ධත්වයක් පෙන්නන්නෙත් නෑ. අගය කරනව මිසක්. දැනට සැකයේ වාසිය අපි සිරිසේන මහත්තයට දීල "නිවටය" කියන ස්ටේටස් එක දෙමු. අපි කලින් පෙන්නල දුන්න විදිහට නෝංජලයෙක් කියල කියන්ඩත් පුළුවන් (https://www.facebook.com/sadeera/posts/10207274582240840). ගැත්තෙක්ද නැද්ද කියල කියන්ඩ තාම කල් වැඩියි.
- සධීර බන්ඩාර
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .