9/01/2015

ඇමරිකානු සහය මැද ජීනීවාහිදී සිදු වන්නේ කුමක්‌ද?

කතෘ:යුතුකම     9/01/2015   No comments


ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ වාර්තාවට බරපතල විවේචනයක්‌

දකුණු ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය වූ නීශා බිස්‌වාල් පසුගිය අඟහරුවාදා මෙරටට සම්ප්‍රාප්ත වූයේ මානව හිමිකම් පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් වූ ටොම් මලිනොව්ස්‌කි සමගය.

මෙම රාජ්‍ය නිලධාරීන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ කුමක්‌ද? ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට දින 20 ක්‌ තිබියදී බිස්‌වාල් සහ මලිනොව්ස්‌කි ශ්‍රී ලංකාවට ආවේ එම සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රකාශයට පත්වන යුද අපරාධ පරීක්‍ෂණ වාර්තාව සහ එහි නිර්දේශ ගැන සාකච්ඡා කිරීමටය.

බිස්‌වාල් 2014 සහ 2015 පෙබරවාරි මසද මෙරටට පැමිණියාය. ටොම් මලිනොව්ස්‌කි පසුගිය අප්‍රේල් මසද ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු කොළඹදී වටමේස සාකච්ඡාවකට සහභාගී වී මුලතිව් වෙරළටද ගියේය.

මුලතිව් වෙරළේදී ඔහු යුද්ධයේදී මියගිය පිරිස වෙනුවෙන් අවසාන ගෞරවය දැක්‌වීය. තමා මියගිය පිරිසට බුහුමන් දැක්‌වූයේ ඇමරිකාව වෙනුවෙන් බවද හෙතෙම කියා සිටියේය.

මලිනොව්ස්‌කි මුලතිව්හිදී සිදු කළේ රාජ්‍ය නිලධාරියකු නොකළ යුතු ක්‍රියාවකි. මේ අන්දමට කිසිම ඇමරිකානු නිලධාරියකු ඇµaගනිස්‌තානයට හෝ පාකිස්‌තානයට ගොස්‌ ඇමරිකානු ෙඩ්‍රාaන් ප්‍රහාරවලින් මිය ගිය සිවිල් වැසියන්ට ගෞරවය දක්‌වා නැත. ඔහු කොළඹ පැවැති වටමේස සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ නිර්දේශ ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන යාන්ත්‍රණයට යොමු විය යුතු බව පළ කළේය.

එසේම වැරදි කළවුන්ට දඬුවම් කළ යුතු යෑයිද සඳහන් කළේය. ටොම් මලිනොව්ස්‌කි මුලතිව් වෙරළේදී දණ නමා මල් කීපයක්‌ වැල්ලේ දමා සිය ආචාරය පුද කළ බව මෙරට බහුතර ජනතාවට වාර්තා වූයේ නැත.

මේ අන්දමට කැනඩාවේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු ලේකම් දීපක්‌ ඔබ්හාරිද අලිමංකඩ වෙත ගොස්‌ මල්වඩමක්‌ තබා ආචාරය දක්‌වා ඇත.

මෙම ටොම් මලිනොව්ස්‌කිගේ පසුබිම කුමක්‌ද? ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන හියුමන් රයිට්‌ස්‌ වොච් නමැති විදේශ රාජ්‍ය නොවන සංවිධානයේ වොෂින්ටන් අධ්‍යක්‍ෂවරයායි. ඔහු 2001 වසරේ සිට එකී සංවිධානයේ කටයුතු කර ඇත. 1998 සිට 2001 දක්‌වා හෙතෙම ඇමරිකාවේ ජාතික ආරක්‍ෂක ඒජන්සියේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂ ලෙසද ක්‍රියා කරනු ලැබීය. 2014 වසරේ අප්‍රේල් 3 දා ඔහු මානව හිමිකම් පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ලෙස පත්විය. හියුමන් රයිට්‌ස්‌ වොච් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ සේවය කළත් ඔහුට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සමඟ දැඩි සබඳකම් පවත්වා ඇත. මලිනොව්ස්‌කි හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානයේ ප්‍රධානියකු ලෙස ක්‍රියා කරන සමයේ ඇමරිකානු රජය ඇµaගනිස්‌තානය සහ ඉරාණය වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කළේය. එහෙත් සිවිල් වැසියන් ඝාතනය වීම ගැන මලිනොව්ස්‌කි ඇමරිකාව සහ බටහිර රටවල් විවේචනයට ලක්‌ කළේ නැත. යුද අපරාධ ගැනද චෝදනා එල්ල නොවීය.
හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානයේ වොෂින්ටන් ප්‍රධානියා ලෙස කටයුතු කරන සමයේ උගත් පාඩම් හා සංහිදියා කොමිසම හමුවේ සාක්‌කි දෙන ලෙස කළ ඉල්ලීමද මලිනොව්ස්‌කි ප්‍රතික්‍ෂේප කළේය. එසේම විදෙස්‌ අරමුදල් ලබන ජාතික සැම මණ්‌ඩලය නමැති රාජ්‍ය නොවන සංවිධානය ප්‍රසාදයට ලක්‌ කිරීමට ද ඔහු ක්‍රියා කළේය. විදේශ කටයුතු ඇමැති ලක්‍ෂ්මන් කදිර්ගාමර් ඝාතනය වීම ෙ€දනීය සිද්ධියක්‌ බවත් එය වැලැක්‌විය නොහැකි යෑයි පැවසූවේදී එකී සාම මණ්‌ඩලයයි.

මලිනොව්ස්‌කි සේවය කළ හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානය පසුගිය කාලය මුළුල්ලේ ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කළ අතර වන්නි මෙහෙයුමට දායක වූ මේජර් ජනරාල්වරුන්ට උසස්‌ වීම් දීම ගැනද වත්මන් ජනාධිපතිවරයාට චෝදනා කළේය.
ටොම් මලිනොව්ස්‌කි පසුගිය වර පැමිණි අවස්‌ථාවේ මුලතිව් වෙරළට ගොස්‌ මියගිය අයට බුහුමන් දැක්‌ වූ අයුරු.
ටොම් මලිනොව්ස්‌කිගේ හියුමස්‌ රයිට්‌ස්‌ වොච් සංවිධානය සහ ඇමරිකානු රජය අතර පැවැති දැඩි සබඳතාව නොබෙල් සම්මානලාභීන්ගේ සහ එක්‌සත් ජාතීන්ගේ නිලධාරීන්ද විවේචනයට ලක්‌ කරනු ලැබීය නොබෙල් සම්මානලාභී ඇඩොල්පේ පෙරස්‌ සහ මේරියන් මාගුසිරි හිටපු එක්‌සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් හැම්ස්‌ වොන් එක්‌සත් ජාතීන්ගේ විශේෂ විමර්ශන රිචඩ් පොල්ක්‌ ඇතුළු විශාල පිරිසක්‌ ටොම් මලිනොව්ස්‌කි මානව හිමිකම් පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ලෙස පත් වූයේ කෙසේදැයි ඇමරිකානු රජයෙන් විමසනු ලැබූවත් ඊට නිසි ප්‍රතිචාර ලැබුණේ නැත.

මෙවන් අතීතයක්‌ ඇති ටොම් මලිනොව්ස්‌කි සහකාර රාජ්‍ය ලේකම් ලෙස නම් කළේ වත්මන් ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරීය.

ඇමරිකානු ප්‍රහාරවලින් ඉරාක සහ ඇප්ගන් සිවිල් වැසියන් මරුමුවට පත් වන අවස්‌ථාවේ ඇමරිකානු රජය ඊට වගකිවයුතු බව ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි ටොම් මලිනොව්ස්‌කි දැන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ වන්නි මෙහෙයුමේදී සිදු වූ බව කියන යුද අපරාධ පිළිබඳ වගකිව යුත්තන්ට දඬුවම් කරන ලෙස ඉල්ලීමටය.

වරක්‌ විද්යුත් නාලිකාවක්‌ සමග පැවැති සාකච්ඡාවකදී කියන ලද පරිදි වන්නි මෙහෙයුමේදී සිවිල් වැසියන් 40000 ක්‌ මියගිය බවට නැඟෙන චෝදනාවට සනාථ කළ යුතු විය.

එහෙත් 2009 සිට 2014 දක්‌වා මානව හිමිකම් සැසිවාරයට සහභාගි වූ ශ්‍රී ලංකා නියෝජිත කණ්‌ඩායම් සිවිල් වැසියන් 40000 ක්‌ මරුමුවට පත් වූ බවට එල්ල වී ඇති චෝදනාවට අභියෝග කරමින් මියගිය සිවිල් වැසියන් කවුදැයි හෙළි කරන ලෙස ඉල්ලා සිටියේ නැත.

මෙය පුදුමයක්‌ නොවේ. 2014 මාර්තු මස ජිනීවා මානව හිමිකම් සැසිවාරය පැවැත්වෙන අවස්‌ථාවේ ශාලාව තුළදී රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයකු වූ ඩේවිඩ් වෙස්‌ලි තමා සමීපයේ රැඳී සිටිමින් සිදුවන කතා බහ පටිගත කරන බවවත් ශ්‍රී ලංකා කණ්‌ඩායම දැනසිටියේ නැත.

එසේම වන්නි මෙහෙයුමේදී කොටි සතුව තිබී සොයාගත් එම්. 16 ඒ ප්‍රහාරක අවිවල ඇමරිකානු රජය සතු බව දැක්‌වෙන අකුරු සටහන් වී තිබූ බවද මානව හිමිකම් සැසිවාරයේදී අනාවරණය කිරීමට කිසිදු ශ්‍රී ලාංකික නියෝජිතයකු ඉදිරිපත් නොවුණි. 2013 ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකා නියෝජිත කණ්‌ඩායම තුනකට බෙදී ක්‍රියා කරනු ලැබීය. එවකට ජිනීවා තානාපතිනිය ලෙස කටයුතු කළ තමාරා කුමානායකට එරෙහිව පාර්ශව දෙකක්‌ ක්‍රියා කළේය.

එහෙත් කොළඹින් ගිය රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු සහ කොටි ඩයස්‌පෝරාව එක්‌ව ක්‍රියාකරමින් ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය චෝදනා ඉදිරිපත් කළහ.

මේ පසුබිම යටතේ අද ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති චෝදනාවල පසුබිම හෙළි වී ඇත.

අල්කයිදා සහ තාලිබාන් සංවිධානවල හමුදා නායකයන් කීදෙනෙක්‌ මියගියාද එසේත් නැත්නම් කීදෙනෙක්‌ අතුරුන් වූයේද සහ ඇමරිකානු බ්‍රිතාන්‍ය ප්‍රහාරවලින් සිවිල් වැසියන් කොපමණ සංඛ්‍යාවක්‌ මියගියේද යන්න ගැන මානව හිමිකම් කවුන්සිලය සොයන්නේ නැත.

එහෙත් හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනියක්‌ වූ යස්‌මිත් සුකා මුල්වරට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් කොටි හමුදා නායකයන් ඇතුළු කොටි සංවිධානයේ ප්‍රධාන ක්‍රියාකාරීන් 110 ක්‌ අතුරුදන් වූ බවට ශ්‍රී ලංකා හමුදාවට චෝදනා එල්ල කර ඇත. මෙලෙස අතුරුදන් වී ඇත්තේ කොටි ත්‍රස්‌තයන් මිස සිවිල් වැසියන් නොවේ.

එසේ නම් ඇය ඉදිරිපත් වී ඇත්තේ යුද අපරාධ සිදු කළ කොටි සංවිධානයේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි දක්‌වමිනි.

මේ පසුබිම මැද ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා පරීක්‍ෂණ වාර්තාව එළිදැක්‌වීමට සූදානම් කර ඇත. එය ජිනීවාහිදී කෙටුම්පත්වුවත් ඊට අමුද්‍රව්‍ය යොදා යළි සකස්‌ වන්නේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සිටින වාර්තා සකස්‌ කරන්නන්ගෙනි. එකී වාර්තාවෙන් පසුගිය මහින්ද රාජපක්‍ෂ රජයට හා හමුදාවටද චෝදනා එල්ල කර ඇතැයි ජිනීවා ආරංචි මාර්ග කියා සිටී. මේ චෝදනාවලට අමතරව නිර්දේශද ඉදිරිපත් කර ඇත.

එසේ වූවත් එකී ජිනීවා පරීක්‍ෂණ වාර්තාව මත ක්‍රියාකිරීමට ශ්‍රී ලංකා රජයට හැකි වේද?

සාක්‌කි දුන් පිරිස 2031 දී හෙළි කරන බවට මානව හිමිකම් කවුන්සිලය තීන්දුවක්‌ ගෙන තිබියදී අබිරහස්‌ සාක්‍ෂි මත චෝදනා එල්ල වී ඇති අයට දේශීය යාන්ත්‍රණයකින් දඬුවම් කළ හැකිද?

එසේම සාක්‌කිකරුවන්ගෙන් හරස්‌ ප්‍රශ්න ඇසීමට හෝ අවස්‌ථාවක්‌ දීමට පරීක්‍ෂණ සභාව ක්‍රියා කළේ නැත. ජිනීවා පරීක්‍ෂණ සභාව ක්‍රියා කළේ පැමිණිලිකරු, සාක්‌කිකරු සහ විනිසුරුකරු ලෙසය.

සාක්‌කි දුන් හිටපු නෝර්වේ අමාත්‍ය එරික්‌ සෝල්හයිම් කොටි හිතවාදියෙකි. ඒවැන්නකුගේ සාක්‌කිය පිළිගත හැකිද?

එහෙත් ද්‍රවිඩ සංධානය ඔස්‌ටේ්‍රලියාවේ ග්‍රින් පක්‍ෂය හා විදෙස්‌ගත කොටි ඩයස්‌පෝරාව වන්නි මෙහෙයුම ජාති ඝාතනයන් යෑයි හඳුන්වා අන්තර්ජාතික විමර්ශනයක්‌ ඉල්ලා ඇත.

මඩකලපුවේ වව්ලතිව්හිදී පැවැති රැස්‌වීමක්‌ ඇමතූ ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් දෙමළ ජනතාව වෙත සිදු කළ ජාති ඝාතනයට නිසි ලෙස ජාත්‍යන්තර අධීක්‍ෂණය යටතේ විමර්ශනයක්‌ ඉටු කළ යුතු බව පවසා තිබේ.

මේ පසුබිම මැද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හින්දු පුවත්පතට ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකාව සම්බන්ධ යුද අපරාධ පරීක්‍ෂණයක්‌ කිරීමට ජාත්‍යන්තරයට අයිතියක්‌ නැතැයි සඳහන් කර ඇත.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා පරීක්‍ෂණ වාර්තාව මානව හිමිකම් කවුන්සිලය හමුවේ එළි දැක්‌වීමට පැය 48 කට පෙර ජිනීවා නිත්‍ය නියෝජිත මාර්ගයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලැබෙනු ඇතැයි මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග දක්‌වයි.

මේ තත්ත්වය මැද ඇති වී තිබෙන කනගාටුදායක තත්ත්වය නම් ජිනීවා - සුරිච්, ප්‍රයිබර්ග් ඇතුළු නගරවල ශ්‍රී ලාංකිකයන් සිටියත් කිසිවෙක්‌ එකී වාර්තාව ගැන විරෝධතාවක්‌ දැක්‌වීමට ඉදිරිපත් නොවීමයි.

මේ අතර මෙරටට පැමිණි ඇමරිකානු නිලධාරීන් වූ නීශා බිස්‌වාල් සහ ටොම් මලිනොව්ස්‌කි රජයේ බලධාරීන් සමග සාකච්ඡා කළේ යුද අපරාධ චෝදනා පිළිබඳ දේශීය යාන්ත්‍රණය කෙටුම්පත් කිරීම ගැන යෑයි අනාවරණය විය.

මෙකී යුද අපරාධ චෝදනා පරීක්‍ෂණ වාර්තාව ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී එළි දැක්‌වීමට පෙර ද්‍රවිඩ සංධාන මන්ත්‍රී ශ්‍රීධාරන්ගේ සොහොයුරා මෙහෙය වන යුරෝපා කොටි ගුවන් විදුලිය පැමිණේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉතා බරපතල විවේචනාත්මක වාර්තාවක්‌ ඉදිරිපත් වන බවයි.

මෙවන් තොරතුරු හෙළිවන අවස්‌ථාවේ නීශා බිස්‌වාල් සහ ටොම් මලිනොව්ස්‌කි උතුරු මහ ඇමැති වී. විග්නේශ්වරන් ඇතුළු ද්‍රවිඩ සංධාන කණ්‌ඩායමක්‌ හමු වී සාකච්ඡාවක්‌ පවත්වා ඇත.

එහිදී ඔවුන් දක්‌වා ඇත්තේ යුද අපරාධ චෝදනා ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ පැවැත් විය යුතු බවයි. එහෙත් කොටි සංවිධානයට සම්බන්ධව කටයුතු කළ ද්‍රවිඩ සංධානයට ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් යුද අපරාධ චෝදනා එල්ල කර නැත.

මෙම පසුබිම යටතේ බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් සහ ඔහුගේ බිරිය චෙරී මෙරටට පැමිණියහ. ඉරාකය වෙත බ්‍රිතාන්‍ය හමුදා යෑවීම සම්බන්ධව හා යුද අපරාධ සම්බන්ධවද ටෝනි බ්ලෙයාර්ට චෝදනා එල්ල වී ඇත. ඔහුගේ බිරිය චෙරි මෑතකදී රුවන්ඩා බුද්ධි අංශ ප්‍රධානියා වූ ජනරාල් කරෙන්සිට එල්ල වූ යුද අපරාධ චෝදනාවෙන් ඔහු ගලවා ගැනීමට ක්‍රියා කළහ.

මෙවන් පසුබිමක්‌ මැද ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවලට වගකිවයුත්තන් සෙවීමේ අරමුණින් නිසි ලෙස සකස්‌ වූ දේශීය යාන්ත්‍රණයකට සහය දක්‌වන බව සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්‌වාල් කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී කීවාය.

ඒ සඳහා මානව හිමිකම් සැසිවාරයට යෝජනාවක්‌ ගෙන එන බව ද ඇය පැවසුවාය. එහෙත් එම යෝජනාව ඉදිරිපත් කරන්නේ යුද අපරාධ චෝදනා පරීක්‍ෂණ වාර්තාව විමර්ශනයට ලක්‌ කිරීමෙන් පසුව බවද ඇය වැඩි දුරටත් හෙළි කර ඇත.

ඇය ඇමරිකානු නිල නිවසේ දී ද්‍රවිඩ සංධාන මන්ත්‍රී කණ්‌ඩායක්‌ද හමු වී සාකච්ඡාවක්‌ පවත්වා තිබේ. ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණ වාර්තාව සහ අත්අඩංගුවේ සිටින හිටපු කොටි ත්‍රස්‌තයන් නිදහස්‌ කිරීම ගැනත් ද්‍රවිඩ සංධානය ඇයට කරුණු ඉදිරිපත් කර ඇත. මෙයට අමතරව ද්‍රවිඩ සංවිධානය ඇය වෙත පවසා ඇත්තේ ජිනීවා පරීක්‍ෂණ වාර්තාවේ නිර්දේශ ඇමරිකානු යෝජනාවට ඇතුලත් කළ යුතු බවත් මෙකී නිර්දේශවලින් චෝදනා එල්ල වූවන් සම්බන්ධව ජාත්‍යන්තරව ක්‍රියා කළ යුතු බවත්ය.

මේ තත්ත්වය මැද ඇමරිකානු රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දියත් කර ඇති මෙහෙයුම ජීනිවාහිදී හෙළි දරව් වනු නියතය.

මෙලෙස සූඩානයටද යුද අපරාධ චෝදනාවක්‌ එල්ල විය. තමන් සූඩානය සහයපල කරන යෝජනාවක්‌ ගෙන එන බව දක්‌වමින් ඇමරිකාව කළේ සූඩාන රජය යුද අපරාධ සිදු කළ බව තීන්දු කිරීමයි.

-දිවයින 


යුතුකම සංවාද කවය

www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions