9/05/2015

යහපාලනය මුවාවෙන් පාදඩකරණයට හසු වුන ප්‍රජාත්‍රන්තවාදය

කතෘ:යුතුකම     9/05/2015   No comments

අද හමුදා බුද්ධි අංශ යළිත් වරක් නිරාවෘත්ත වී ඇත. "ඔපරේෂන් ඩබල් එඡ්" නම් මෙහෙයුම හරහා අපේ හමුදා බුද්ධි අංශ ඉටු කර ඇති සුවිශේෂි කාර්යයන් විශ්මයජනකය. කොටින්ගේ බුද්ධි අංශය තම අතට ගෙන තමන්ට අවැසි පරිදි කොටි බුද්ධි අංශ මෙහෙයවා කොටින් නොමඟ යැවීමට ඔවුහූ කටයුතු කර ඇත. කොටි බුද්ධි අංශ නොමඟ යැවීම මඟින් ඒ කොටින් අල්ලා ගෙන කොළඹ ඇතුළු තදාසන්න නගරයන් ආශ්‍රිත පිපරවීම් නතර කර දැමුමට තරම් ශූක්ෂමතාවයක් අපගේ බුද්ධි අංශ පෙන්වා ඇත. අද ඒ බුද්ධි අංශ සාමාජිකයින් කිහිප දෙනෙකු අත්ඩංගුවට ගෙන තිබේ. ඔවුවනට ඒ අවාසනාවන්ත ඉරණම උරුම වී ඇත්තේ ඔබටත් මටත් නිරුපද්‍රිතව නිවෙස බලා යාමට ඉඩ හසර සැළසීමේ පවටය. බුද්ධි අංශ ජාලයක් විනාශ වන්නේ එය හෙළි වීම මඟිනි. දැන් මේ ජාලය හෙළි කර ඇත.  මේ නිශ්චිත මොහොතේ අපට බර ආයුධ අත්‍යාවශ්‍ය නැත. අපට වැඩියෙන්ම අවශ්‍ය ශක්තිමත් බුද්ධි අංශ ජාලයකි. දැන් එය විනාශ කර දැමීමට රජය සමත් වී ඇත. යළි එවැනි බුද්ධි අංශ ජාලයක් සැකසීම උගහටය. රනිල් බලයට පැමිණ ටික කලෙකින් දෙවතාවක්ම (කලින් මිලේනියම් සිටි මහා පාවාදීම) මෙසේ සිදුවීම අහමබයක් විය හැකිද?
මේ රට අමු අමුවේ පාවා දෙන කිහිපදෙනෙකු ජනපති, අගමැති, විපක්ෂ නායක, කතානායක සහ මැති ඇමතිලා වෙලා නම්, උන් නම් මේ රට ගැන තීන්දු ගන්නේ, දැන් මේ ගතවන්නේ ඒකීය ශ්‍රී ලංකාවේ අවසන් දින කිහිපයයි යන්න පිළිබඳ සැකයක් නැත. මේ සියල්ල සිද්ධ වෙන්නේ ලංකාවේ මිනිස්සුන්ට හෝ එහි බහුතරයට හෝ අවැසි පරිදිද? නැත. මේ සිදුවන්නේ ශ්‍රී ලංකා කාරයාට, යූ එන් පී කාරයාට අවැසි දෙයක් නොවන බව ඉතා පැහැඳිළිය. අවාසනාවකට අපේ රටේ තමන් කැපුවත් කොළ යයි කියන යූ එන් පී ගොන් රොත්තක් සිටිති. උන් කියන්නේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියාය. එහෙමත් නැත්නම් කොහොමත් මේක දෙන්න වෙනවා කියාය. නමුත් උන්ගේ ද කැමැත්ත    නොවේ. පක්ෂයට ඇති අඥාන අන්ධ භක්තිය විසින් ඔවුන්ගේ සැබෑ අභිලාෂයන් යටපත් කෙරී ඇත.

මේ සිදුවෙමින් පවතින්නේ ලාංකිකයන්ට වුවමනා දේ නොවේ නම්, කාට වුවමනා දේද? අද රනිල්-සිරිසේන ද්‍රෝහී යුගලයේ දේශපාලන ගමන් මඟ වැටී ඇත්තේ මෙරට ජනතාවගේ හද ගැස්මට එරෙහිව බව ඉතා පැහැදිලිය. බටහිර අධීරාජ්‍යවාදීන් ඉදිරියේ දණින් වැටීගෙන යන නිවට ගමනකි උන්ට නියම වී ඇත්තේ. අධිරාජ්‍යවාදීනට අවැසි දේ සහ මෙරට ප්‍රගතිශීලී ජනතාවට අවැසි දෙය එකිනෙකට ප්‍රතිවිරුද්ධය. එනිසා අධිරාජ්‍යවාදීනට වුවමනා දේ ඉටුම්කිරීම සඳහා  විධායක බලය ලබා ගත් සිරිසේන සිදු කළේ ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරු සිය අභිමතය පරිදි ඉවත් කිරීම, තමන්ම නායකත්වය දරන පක්ෂය පරාජය කෙරුම, ජාතික ලයිස්තුව කොල්ල කෑම වැනි ඉතා අශ්ලීල තුප්පහි ක්‍රියාවන්ය.

අද උන් එකතුවී ජන මතය කොල්ලා කා ඇත. උන් අද විකෘති පාර්ලිමේන්තුවක් බිහිකරලීමට සමත් වී ඇත. තව නොබෝ දිනකින් මේ රටේ සුජාත දූ පුතුන් යුධ අපරාධ කරුවන් ලෙස හංවඬු ගැසෙන්න්නට නියමිතව තිබියදී ඊනියා මහජන නියෝජිතයින් බහුතරයක් ඇමති දොල පිදේනියෙන් සන්තර්පනය කර ජාතික ආණ්ඩු උඟුලේ සිර  කර තබනු ඇත. විපක්ෂ නායක ධූරයට උග්‍ර ජාතිවාදියෙකු වන ආර් සම්බන්ධන් පත් කර ගන්නට උන් අද සමත්ව ඇත.  

ඉතා නින්දිත චරියා ඇත්තෙකු මහා ශ්‍රේෂ්ට අල්පේච්ඡ මිනිසකු ලෙස පින්තාරු කරවා පසුගිය ජනාධිපතිවරණයට කැන්දා ගෙන ඒමට ඉන්දියාවේ රෝ සංවිධානය ඇතුළු දෙස් විදෙස් කුමන්ත්‍රණකරුවන්ට හැකි විය. සෝභිත හිමි වැනි උන්නාන්සේලා රටෙන් ඉල්ලා සිටියේ ඒ මල් වට්ටියට අත ගසන්නට කියාය. සෝභිත හිමිගේ මල් වට්ටිය අද ගූ හැළියක් බවට පත්ව ඇත. උන් වහන්සේ ඇතුළු නඩය දැන් දැන් නාසය වසාගෙන හෝ එම ගූ හැළියටද සාධුකාර දෙමින් සිටිති. පුරවැසි බලයේ කාලකන්නි අද කියන්නේ යුධ අපරාධ සිදු කළ අයට දඬුවම් දිය යුතු බවය.
ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරවීමය. ජනතාවගේ මතය පාර්ලින්මේන්තුව තුළ නියෝජනය කිරීම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයයි. සිරිසේන ජන මතය කොල්ල කා අවසන්ය. ජාතික ලයිස්තුව හොරකම් කරන්න තරම් ජඩ වැඩක් කළ හැක්කෙක් නායකයා වූ කළ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කවර කතාද? දැන් අපිට පාර්ලිමේන්තුවෙන් ප්‍රජාතන්ත්‍රවාදයක් බලාපොරොත්තු විය නොහැකිය. පාර්ලිමේන්තුව ඇතුළු සමස්ත පාලන පද්ධතියම සිරිසේන සහ රනිල් හරහා ගණිකා මඩමක් බවට පත් කර ඇත. මේ ගණිකාවන් සේවය කරන්නේ ඉන්දියාවට, බටහිරයන්ට, ඇමරිකාවට සහ බැංකි මූන්ලාටය.
මෙරටේ නායකයෙන්ගෙන් ඔවුන් වෙත ලැබෙන සේවය ගැන ඔවුන් ඉමහත් උද්දාමයකින් සිටින බව නොරසහකි. බැංකි මූන්ගේ නිවේදනවල කියැවෙන්න ලංකාව් වෙනස සැපයි කියාය. මේ මොහොතේ ඇමරිකාවට සහ ඉන්දියාවට අවැසි එකම ආකාරයේ සේවයකි. වත්මන් රජ්යේ වෛශ්‍යාවන් විසින් ඒ සේවය අකුරටම සපයමින් සිටිත්.

අපි වෙනුවෙන් මහ පොළොවෙන් අඩි 6 ක් යටට ගිය 27,000 ක් කොල්ලන්ගේ දරුවන්ට බිරින්දෑවරුන්ට, දෙමාපියන්ට අද මොනවා හිතෙනවා ඇත්ද? ඇයි උන් මළේ? දැන් මේ වෙන දේ සහ වෙන්නට සැළසුම් කර ඇති දේවල් සිදු කරලිමට නම් ඒ අමිල ජීවිත 27,000 ට ඔවුන්ගේ දරු පවුල් වෙනුවෙන් පාඩුවේ ජීවත් වන්නට ඉඩ හරින්න තිබුනා නොවේද? ඒ කැප කිරීම ගැන වගේ වගක් නැති කාලකන්නි ජාතියක් බවට අප පත්වෙමින් සිටිනවා නොවෙද? ඒ ජීවිත ගැන බරක් අපේ හිත්වලට දැනෙන්නේ නැත්නම් අපි මිනිස්සුද? 
දැන් මේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ ජනතා පරමාධීපත්‍යයේ බලයද? නැතිනම් අධිරාජ්‍යවාදයේ බලයද? ජනතාවග් කතිරෙන් සහ හොර පාරෙන් එතෙර වූ උන් වැඩ කරන්නේ ජනතාවටම එරෙහිව නම් අප කුමක් කරන්නද? වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නනද?


නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් පරමාධිපත්‍ය බලය හිමි ජනතාව විසින් කුමක් කළ යුතුද?

නියෝජිතයින්ට බම්බු ගහගන්න කියා ජනතාව විසින්ම ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කළ යුතුය.

-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions