රටේ අනාගතය තීන්දු කරන ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් තිදෙනා ලෙස ඒ ටී ආරියරත්න,රාධිකා කුමාරස්වාමි හා හා ෂීබ්ලි අසීස් යන මහත්ම මහත්මීන් පත්කර තිබේ. රාධිකා කුමාරස්වාමි මහත්මිය එල්ටීටීඊයට මෙන්ම බෙදුම්වාදයට පක්ෂපාතී බවට ප්‍රබල ලෙස චෝදනාවට ලක් වී ඇති තැනැත්තියකි.
මේ ඇයගේ ක්‍රියාකාරකම් පිළිබඳව පසුගිය වසරේ පළවූ පුවත්පත් ලිපියකි.
*********************************************************
මෙන්න! යුද හමුදාව අඩපණ කිරීමේ රාධිකා කුමාරස්‌වාමිගේ සැලැස්‌ම
* ඊශ්‍රායලයේ පුහුණුව ලැබූ හමුදා නිලධාරියෙක් යාපනයේ ආඥාපති කිරීම වැරදියිලු
* කොටි පරාජය වීම අප්‍රසන්න සිද්ධියක් යෑයි පැවසූ කැනඩාවේ සුරේන් රාගවන්ගේ රහස් මෙහෙයුම
* යුද අපරාධ චෝදනා විභාග කිරීම ඊශ්‍රායලය ප්‍රතික්‍ෂේප කරද්දී පොදු අපේක්‍ෂක විනිශ්චය සභාවක් පිහිටුවීමට එකඟ වේ
* යාපනය සහ ගාසාතීරය සමාන බව රාධිකා කුමාරස්‌වාමි කියා සිටියි.
ජනාධිපතිවරණයට තව ඇත්තේ දින 11 කි. කොටි ඩයස්‌පෝරාව උතුරේ සිටින කොටි ක්‍රියාකාරීන් හා මෙරට රාජ්‍ය නොවන සංවිධානත් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව කණපිට හැරවීමේ අවස්‌ථාව මෙදින උදාවනු ඇතැයි පුනපුනා බලා සිටී.
ඊට හොඳම නිදසුන පසුගිය බදාදා කොළඹ කින්සි පාරේ පිහිටි වාර්ගික අධ්‍යාපන ආයතන ශ්‍රවණාගාරයේ ජනාධිපති සඳහා වූ මූලික අවශ්‍යතා සහ සිවිල් සමාජ ක්‍රියාදාමයක් යන තේමාව යටතේ පැවැති සමුළුව දැක්‌විය හැක.
එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක් වූ රාධිකා කුමාරස්‌වාමි මේ සමුළුව අමතමින් මෙලෙස කියා සිටියාය.
"අන්තර් ජාතික ප්‍රජාවගේ අරමුණුවලට කටයුතු කළ හැක්‌කේ සියලු පාර්ශවවලට පිළිගත හැකි සත්‍ය සහ සහජීවන ක්‍රියාදාමයන් ස්‌ථාපිත කිරීම තුළිනි. යාපනයේ ක්‍රියාත්මක වන්නේ ඊශ්‍රායල් ක්‍රමයේ ක්‍රියාදාමයක් බව කිව යුතුයි. උතුරේ සිදු වී ඇති අයහපත් තත්ත්වය නම් යාපනය අර්ධද්වීපයේ වත්මන් හමුදා අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන්නේ ඊශ්‍රායලයේ වසර දෙකක් පුහුණුව ලැබූ අයෙක් වීමයි.
යාපනයත් ඊශ්‍රායලයේ බටහිර ඉවුරත් එක සමානයි. සැම දෙනාම සැක කරනවා ඔත්තුකරුවකු කියලා. මෙය ඊශ්‍රායල් ක්‍රමවේදයක්, හමුදාව සෑම රාජ්‍ය නොවන සංවිධානයක් කෙරේම යොමු වෙනවා. ඊශ්‍රායල් හමුදාව බටහිර ඉවුරේ සිදු කරන්නේත් මේ ක්‍රියාදාමයම බව කිව යුතුයි. මේ පිළිවෙත කොතරම් විනාශකාරීද යෑයි කීවොත් ගාසා තීරයේ සිදුවන දේ ගැන බැලිය යුතුයි. අනාගත ජනාධිපති කළ යුතු වැදගත් දෙයක් තිබෙනවා. ඒ ආරක්‍ෂක ක්‍ෂේත්‍රය ප්‍රතිසංස්‌කරණය කිරීමයි. Security sector Reforms
ආරක්‍ෂක හමුදාව සක්‍රීය සේවයෙන් මුදාහැරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි. (Demobilisation) ශක්‌තිමත් හමුදාවක් දැන් අවශ්‍ය නැත. එල්. ටී. ටී. ඊ. තර්ජනය දැන් අවසන් වී ඇත.
ඩයස්‌පෝරාව සහ දැඩි මතධාරී කොටි ක්‍රියාකාරින්ගේ දැන් ඉලක්‌කය වී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ ස්‌කොට් ජනමත විචාරණයට සමාන ජනමත විචාරණයක් පැවැත්වීමයි.එල්. ටී. ටී. යේ මේ ප්‍රහාරය හමුදා ප්‍රහාරයක් නොවෙයි. දේශපාලන ප්‍රහාරයක් ඊට හමුදා ප්‍රතිචාරයක් දැක්‌වීමට බැහැ. එය ආපසු කැරකෙයි. මතක තබා ගත යුතු කරුණ නම් ජනමත විචාරණයකට ජාත්‍යන්තර ප්‍රජාව සහය දක්‌වන බවයි. උතුරේ සහ නැගෙනහිර සිදු වන්නේ කුමක්‌ද කියා අපි අවධාරණය කළ යුතුයි.
There is no Need for a strong army- Radika Coomaraswamy
2002 පෙබරවාරි මස 21 සහ 22 යන දිනවලදී එවකට පැවැති රනිල් වික්‍රමසිංහ රජය කොටි මිනීමරුවා වූ ප්‍රභාකරන් සමග අත්සන් කළ ඊනියා සටන් විරාම ගිවිසුමෙන් පසු ක්‍රියාත්මක වූ ජර්මානු බර්ග්හොප් සංවිධානය සැලසුම් කළේද ආරක්‍ෂක හමුදාව නිරායුධ කිරීමයි.
රාධිකා කුමාරස්‌වාමි දැන් එහි දෙවැනි අදියර ක්‍රියාත්මක කළ යුතු යෑයි කියා සිටී.
මේ රාධිකා කුමාරස්‌වාමි කවුද? 1995 කොටින්ගෙන් යාපනය අර්ධද්ධීපය මුදාගැනීමේ රිවිරැස මෙහෙයුම දියත් කිරීමට සුදානම් වූ අවස්‌ථාවේ ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව ඓතිහාසික නල්ලූර් කෝවිලට අනතුරක් කිරීමට ඉඩ ඇතැයි ඇය කියා සිටියාය. එහෙත් අපේ හමුදාව නල්ලූර් කෝවිලට කිසිදු හානියක් සිදුවීමට ඉඩ දුන්නේ නැත.
එසේම ඇය යාපනය සමකර ඇත්තේ ගාසා තීරයටය. උතුරේ හමුදාව යාපනයේ ජනතාවට බෝම්බ දමා විශාල පිරිසක් ඝාතනය කර තිබේද?මේ පසුබිම මැද වාර්ගික අධ්‍යාපන ආයතනයේ අබිරහස් ක්‍රියාදාමය කුමක්‌ද? මේ රාජ්‍ය නොවන ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ප්‍රංශ පුරවැසි බව ලත් රාමාමානි නැමැත්තියයි. කොටින්ට එරෙහිව වන්නි මෙහෙයුම දියත් කිරීමට ආරක්‍ෂක බලධාරීන් සැලසුම් කරන බව ප්‍රචාරය වූ විට ඇය විගස එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙත සන්දේශයක් යවමින් ආර් 2 පි නැමැති සංකල්පය යටතේ ශ්‍රී ලංකාවට එක්‌සත් ජාතීන්ගේ හමුදාවක් එවන්නැයි ඉල්ලා සිටියාය.
ඇගේ එම සන්දේශය ආරක්‍ෂක අමාත්‍යාංශයට වාර්තා විය. ඒ සමගම රාමා මානිගේ වීසා බලපත්‍රය අවලංගු කර ඇයට රටින් පිට වන ලෙස රජය නියෝග කළේය.
මේ අවස්‌ථාවේ එකී ද්‍රෝහී කාන්තාව තවදුරටත් මෙරට රඳවා ගැනීමට එවකට සිටි ආගමන විගමන පාලකවරයා අමතනු ලැබුවේ මෙරට සිවිල් සේවයේ හිටපු විශ්‍රාමික නිලධාරියෙකි. එහෙත් ඔහුට රාමා මානිව බේරා ගැනීමට නොහැකි විය.
මේ අතීතය හෙළි වෙද්දී ශ්‍රී ලංකා හමුදාවේ කොඳු නාරටිය බිඳ දැමීමට එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනියක් වූ රාධිකා කුමාරස්‌වාමි හඬ නගන්නේ ඇයි? ඇය කළ මේ බරපතළ ප්‍රකාශය මෙරට සිංහල බහුතරයට වාර්තා වී
නොතිබුණි. කාන්තා හිංසනය පිටුදැකීමේ එක්‌සත් ජාතීන්ගේ විශේෂ විමර්ශක මෙන්ම සන්නද්ධ අරගල සහ ළමා ළපටින් සම්බන්ධ එක්‌සත් ජාතීන්ගේ විශේෂ විමර්ශක ලෙස කටයුතු කළ රාධිකා මෙරට ජාතික ආරක්‍ෂාව සම්බන්ධව මැදිහත්වීමේ පසුබිමේ සිටින්නේ කවුද?
ඇගේ ප්‍රකාශය අනුව ආරක්‍ෂක අමාත්‍යාංශය උතුරේ ආඥාපති ලෙස පත් කළ යුත්තේ කිසිදු පුහුණුවක් නොලැබුවෙක්‌ද?
එසේම කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ සිටි හමුදා භටයන් පිරිසක් සමග තමා කතා කළ බවද ඇය කියා සිටියාය.
රාධිකා කුමාරස්‌වාමි මෙන්ම එකී සමුළුව ඇමතූ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරියකු යෑයි හඳුන්වන උදන් ප්‍රනාන්දු "නැමැත්තා මෙලෙස ප්‍රකාශ කර තිබේ. රාජපක්‍ෂ රෙජිමයට එරෙහිව බහුතර රාජ්‍ය නොවන සංවිධාන ක්‍රෝධය දක්‌වා ඇත. රජය සිදු කරන විමර්ශන නිසා රාජ්‍ය නොවන සංවිධාන දුර්වල තත්ත්වයට පත් වී ඇත."
මෙලෙස එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියකගේ සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීයකු ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් මැදිහත් වීමේ වාසිය ඇත්තේ උතුරේ කොටි හිතවාදීන්ටය.
අපේ හමුදාව සක්‍රීය සේවයේ උදාහරණ ලෙස පැවසීමෙන් ශක්‌තිමත් හමුදාවක් දුර්වල කිරීමේ හඬ නැගෙද්දී පුනරුත්ථාපනය වූ බව කියන කොටි 12000 ක් අවස්‌ථාව පැමිණෙන තුරා බලා සිටී. එය තහවුරු වන්නේ ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන රටින් බැහැර දෙමල ඊළම් රජයේ බලධාරියා යෑයි පවසන රුද්‍ර කුමාරන් කළ ප්‍රකාශයයි.
"ඊළම අපි අත්නොහරින්නෙමු. ස්‌වාධීන ඊළමක් පිහිටු විය යුතුය යන ඉල්ලීම ඉවත් කර නොගන්නෙමු. ජනාධිපතිවරණයෙන් ජය ලබන අපේක්‍ෂකයා සමග ජාත්‍යන්තර මැදිහත්වීමක් සහිතව සාකච්ඡා කිරීමට අපි සූදානම්ය."
එසේම වන්නි මෙහෙයුම නතර කිරීමට දැඩි උත්සාහයක් ගත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මෙලෙස ප්‍රකාශ කර තිබේ.
"අප ඉදිරියේ ඇති එකම විකල්පය
වත්මන් පාලනය පරාජය කිරීමයි.
අපගේ සාධාරන හා ස්‌වාධීන දේශපාලන අභිලාශ රජය උදුරාගෙන ඇත."
මනෝ ගනේෂන් නැමැත්තා ස්‌වාධීන දේශපාලන අභිලාශ යෑයි හඳුන්වන්නේ උතුරේ ස්‌වයංපාලනයද?
මේ පසුබිම මැද කැනඩාවේ සිට තවත් එන්. ජී. ඕ. ක්‍රියාකාරියකු වූ සුරේන් රාගවන් නැමැත්තා මෙරටට පැමිණියේය. පසුගිය දිනෙක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ නිවසට ගිය විදේශ මාධ්‍යවේදීන්ට රාගවන් දැකගත හැකිවිය. මේ සුරේශ් රාගවන් ජර්මානු බර්ග්ගොස් සංවිධානය තුළද ක්‍රියාත්මක විය. හිටපු ජනාධිපතිනිය යටතේ දේශපාලන බලවතකු ලෙස රාජ්‍ය මාධ්‍ය ආයතනයක ඉහල තනතුරක් හෙබවූ ඔහු 2009 මැයි මස කොටි පරාජය වීම ගැන පැවසූවේ අප්‍රසන්න ක්‍රියාවක් බවයි.Raghavan Calls the military victory of 2009 over tigers repugnant කොටි පරාජය වීම අප්‍රසන්න සිද්ධියක් යෑයි පැවසූ රාගවන් ජනාධිපතිවරණ සමයේ රඟදැක්‌වීමට සැලසුම් කරන භූමිකාව කුමක්‌ද?
රාගවන් හිටපු ජනාධිපතිනියගේ නිවසේ සිටි බව විදේශ මාධ්‍ය පාර්ශව ද වසන් කරනු ලැබීය. මෙරටින් කැනඩාවට පැනගිය රාගවන් වැන්නවුන් ආපසු මෙරටට පැමිණෙන්නේ උතුරේ සහජීවනය ඇති කිරීමට යෑයි කිව හැකිද? මේ තත්ත්වය මැද ජනාධිපති අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ට එරෙහිව ඇති යුද අපරාධ පිළිබඳව විමර්ශනය කිරීමට ස්‌වාධීන අධිකරණයක් ආරම්භ කරනවා ප්‍රකාශ යෑයි කර ඇත. තමා ජය ලැබුවොත් ඒ සඳහා දේශීය යාන්ත්‍රණයක් ස්‌ථාපිත කරන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබේ. මේ පුවත ඉන්දීය හින්දු සහ ඉන්දියන් එක්‌ස්‌ප්‍රස් පුවත්පත් විසින් විකාශනය කරනු ලැබීය.
ඇමරිකානු රජයද මෙයට පෙර පැවසුවේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කිරීමට ස්‌වාධීන යාන්ත්‍රණයක් ස්‌ථාපිත කළ යුතු බවයි. මෙයට සමානව නොවැම්බර් 1 දා කොළඹදී රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් අතර අත්සන් තැබූ බව කියන තවත් ගිවිසුමක් ප්‍රකාශයට පත් විය.
එහි තිබූ ජාතික ආරක්‍ෂාවට බලපාන වගන්ති කිහිපයක් මෙසේයි.
1 උතුරු පළාතේ ස්‌ථාන ගත කර සිටින හමුදා භටයින් සංඛ්‍යාව සියයට 50 කින් අඩු කිරීම.
2. සියලු අධි ආරක්‍ෂිත කලාප ඉවත් කර එම ඉඩම් මුල් හිමිකරුවන්ට ලබාදීම.
3. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කළ නිර්දේශ සියල්ලම ක්‍රියාත්මක කිරීම සඳහා අන්තර්ජාතික ප්‍රජාව සමග සහයෝගිතාවයෙන් කටයුතු කිරීම.
4. යුද්ධය නිමාවී ඇති නිසා ආරක්‍ෂක අමාත්‍යාංශය වෙනුවෙන් වැය කරන මුදල සියයට 40 කින් අඩු කිරීම.
5. ද්‍රවිඩ ජනතාවගේ අභිලාෂයන් ඉටු වන අයුරින් 13 වැනි සංශෝධනයට ඉක්‌මවා ගිය බලය බෙදීම.
කොටි ඩයස්‌පෝරාව සහ කොටි රූකඩය මෙන් කටයුතු කළ ද්‍රවිඩ සංධානයද ඉල්ලා සිටියේ මෙවන් ඉල්ලීම්ය. එහෙත් විපක්‍ෂය පවසන්නේ එවන් කරුණු ඇතුලත් රහස් ගිවිසුමක් අත්සන් නොකළ බවත් එය ව්‍යාජ ගිවිසුමක් බවයි. එහෙත් අතීතය අමතක කළ හැකිද? හිටපු ජනාධිපතිනියටත් ත්‍රිවිධ හමුදා ප්‍රධානින්ටත් නොපෙන්වා රනිල් වික්‍රමසිංහ පාලනය කොටි ඝාතක සමාගමේ නායකයා වු ප්‍රභාකරන් සමග අත්සන් කළ ඊනියා සටන් විරාම ගිවිසුමේ මුල්පිටපතද අතුරුදන් වී තිබේ.
මේ නිසා ජනාධිපතිවරණ වකවානුව තුළ හිටපු එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරියක් වු රාධිකා කුමාරස්‌වාමි කොළඹ වාර්ෂික අධ්‍යාපන ආයතනයේදී කළ ප්‍රකාශය ගැන බරපළ සැකයක් මතුවේ.
ඇය ශ්‍රී ලංකා හමුදාවේ සාමාජිකයන් හමුදා සේවාවෙන් මුදාහැර සිවිල් ජීවිතයට පුරුදු කළ යුතු යෑයි තවදුරටත් පවසා ඇත්තේ මන්ද?
මේ ක්‍රියාදාමය සඳහා කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨය භාවිතා කළ හැකි බවද රාධිකා කුමාරස්‌වාමි තවදුරටත් සඳහන් කර තිබේ.
එසේම මීළග ජනාධිපතිවරයා දකුණු අප්‍රිකාවේ මෙන් ව්‍යවස්‌ථාදායක කොමිසමක් වාහාම ස්‌ථාපිත කළ යුතු යෑයිද ඉල්ලා ඇත.
මේ පසුබිම මැද හමුදාව අඩු කිරීමට යෝජනා කරන රාධිකා කුමාරස්‌වාමි මෙන්ම අමාත්‍ය විමල් වීරවංශගේ දේශප්‍රේමීත්වයටත් දොස් නගන සුරේන් රාගවන් මෙරටට පැමිණියේ හොඳකට නොවන බව පැහැදිළිය.
මේ අතර තමිල්නාඩුවේ චිත්‍රපට අධක්‍ෂක භාරදී රාජා නැමැත්තා පසුගිය 20 දා යාපනයට පැමිණි අතර එහිදී ඔහුව පිළිගෙන ඇත්තේ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‍ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එස්. ශ්‍රිධරන් ඇතුළු පිරිසකි.
භාරදිරාජා මෙලෙස ප්‍රකාශ කර ඇත. "මගේ ජාතියටත් මා ගරුකරන ප්‍රභාකරන්ටත් කිසිවිටෙකත් ද්‍රෝහිකමක් කරන්නෙ" නැහැ. මා මහ ඇමැති විග්නේශ්වරන් සහ අමාත්‍ය අයින්කර්ගේෂන් හමු වී සාකච්ඡා කළෙමි. මගේ ශ්‍රී ලංකා සංචාරක සංවිධානය කළේ ලන්ඩනයේ විනයාගර් කෝවිල පරිපාලනය කරන ගෝපාල්ය. මෙහිදී උතුරු මහ ඇමැති සහ ශ්‍රිධරන් සමග භාරදිරාජා කළ රහස් සාකච්ඡා හෙළි වී නැත. එහෙත් භාරදිරාජා නැමැත්තා ජනාධිපතිවරණ කාලය තුළ උතුරට පැමිණීමේ පසුබිම කුමක්‌ද? මේ අතර ඊශ්‍රායල් හමුදාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනය කරන්නේ නැතැයි එරට ආණ්‌ඩුව හා විරුද්ධ පක්‍ෂය එක්‌සත්ව පවසද්දී ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව විමර්ශන පැවැත්වීමට විනිශ්චය සභාවක් ස්‌වාධීන කිරීමට තීරණය කිරීම යනු වන්නි හමුදා නායකත්වය බරපතළ අර්බුදයකට ලක් කිරීමක් නොවේද?
-කීර්ති වර්ණකුලසූරිය [දිවයින]

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .