9/18/2015

ආයුබෝවන්!අන්තරේ නජිත් සහ ලහිරු

කතෘ:යුතුකම     9/18/2015   No comments


-ධර්මන් වික්‍රමරත්න


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය(අන්තරේ) 29වැනි කැඳවුම්කරුවූ කොළඹ වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසු නජිත් ඉන්දික වෙනුවට එහි 30වැනි කැඳවුම්කරුවූ රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාවන ශ්‍රාස්ත්‍ර පීඨයේ  ළහිරු වීරසේකර ඉකුත් සෙනසුරාදා එනම් සැප්තැම්බර් 12 වැනිදා කැළණි සරසවියේ පැවති රැස්වීමකදී තෝරාපත් කර ගැණිනි. ලහිරු සහ නජිත්ට පිළිගැනීම සහ වෙන්වීම යන දෙකම වෙනුවෙන් පරස්පර අර්ථයන් දෙකකට ලොව භාවිතා කරන එකම වචනයවන ආයුබෝවන් කියා කියමු.

 අන්තරේ ආරම්භ වූයේ 1969 ජුනි 28වැනිදා පේරාදෙණිය සරසවියේදී වන අතර එහි ප්‍රථම සභාපතිවරයා වූයේ මැල්කම් විජේසිංහය. අන්තරේ දේශපාලන නායකත්වය 1969 සිට 1972 දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රගතිශීලී ශිෂ්‍ය සංවිධානයේ 1973 සිට 1977 දක්වා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමයටද 1978 සිට 2011 දක්වා ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී ශිෂ්‍ය සංගමයටද 2012 සිට අද දක්වා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විප්ලවවාදී ශිෂ්‍ය සංගමයටද හිමිවිය. එදා සිට අද දක්වා අන්තරේ කැඳවුම්කරුවන් 29 සමඟ වෘත්තීය මිතුරන් වශයෙන් කටයුතු කරන්නට ලියුම්කරුට හැකිවිය. එදා අ.වි.ශි.බ.ම නමින් කෙටි නමින් හැදින්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට අන්තරේ නමින් 1986දී  කෙටි නමක් හදුන්වා දුන්නේ දිවයින පුවත්පත මගිනි.

අන්තරේ කැඳවුම්කරු වශයෙන් නජිත් ඉන්දික කටයුතු ඇරඹුවේ 2014 පෙබරවාරි 9වැනිදාය. එසේ වෛද්‍ය සිසුවෙකු අන්තරේ කැඳවුම්කරු වූයේ වසර 25කට පසුවය. තංගල්ල රන්න උපන් 26 හැවිරිදි නජිත් ඉන්දිකගේ පියා ගොවියෙකු වන අතර වැඩිමහල් සොහොයුරිය වෛද්‍යවරියෙකි. නජිත්ගේ සොහොයුරා වර්තමානයේ පේරාදෙණිය සරසවියේ පශු වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වන අතර නජිත් සොහොයුරා වීමේ හේතුවෙන්ම ආරක්ෂක අංශවල තාඩන පීඩනවලට ලක්විය. ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට පොහොසත් ඉතිහාසයක් ඇත. සීමාවන් ජයගැනුමට නිරතුරුවම ප්‍රයත්න ගනු ලැබීය. ඔවුන්ගේ දෘෂ්ඨිය පුළුල්ය. ශක්තිය ප්‍රබලය. හඬ උද්වේගකරය.

පේරාදෙණිය සරසවියේ වීරසූරිය ඝාතනය වූ 1976 දෙසැම්බර් 12 සිට 2015 ජුනි 20 දක්වා ඝාතනයට ලක්වූ සරසවි සිසුන්ගේ සංඛ්‍යාව 632කි. ඉන් 623ක් ඝාතනය වූයේ ජවිපෙ දෙවන කැරළි සමය වන 1986 සිට 1990 දක්වාය. ජවිපෙ දෙවන කැරැල්ලේදි ඝාතනයට ලක්වූ සරසවි සිසුන් 396ක් හඳුනාගත් අතර තවත් 227ක් අතුරුදහන් විය. ජවිපෙ දෙවන කැරළි සමයේදී ඝාතනයට ලක්වූ පාසැල් සිසුන් සංඛ්‍යාව 2,327කි. මේ අනුව 1976  සිට මේ දක්වා ඝාතනයට ලක්වී ඇති පාසැල් සහ සරසවි සිසුන්ගේ සංඛ්‍යාව 2,959කි. සරසවි සහ පාසැල් සිසුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ගැලවුම්කාරයා බවට වර්තමානයේ පත්ව තිබෙන්නේද අන්තරේය.


ජවිපෙ දෙවැනි කැරළි සමයේදී 1986 සිට 1990 දක්වා අන්තරේ කැඳවුම්කරුවන්වූ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ රංජිතම් ගුණරත්නම්, කොළඹ නීති පීඨයේ සරත් එදිරිසූරිය, කැළණිය ශ්‍රාස්ත්‍ර පීඨයේ මච්චාගම සේනාරත්න, මොරටුව ඉංජිනේරු පීඨයේ නිමල් බාලසූරිය, කොළඹ වෛද්‍ය පීඨයේ වෙනුර එදිරිසිංහ, පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ උදේනි බන්දුල දිසානායක, කොළඹ වෛද්‍ය පීඨයේ අතුල සේනාරත්න සහ කොළඹ වෛද්‍ය පීඨයේ සිසිර කීර්ති ජයවර්ධන යන කැඳවුම්කරුවන් සියළු දෙනාම ඝාතනයට ලක්විය. එයට අමතරව කොළඹ සරසවියේ වෛද්‍ය පීඨයේ සිසුන් 9, රුහුණු වෛද්‍ය පීඨයේ 2 සහ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ 21ද ඇතුළු වෛද්‍ය සිසුන් පමණක් 31 ඝාතනයට ලක්විය. මේ සියළු කරුණු කාරණා වෛද්‍ය සිසුවෙකු වූ නජිත්ට ශිෂ්‍ය ව්‍යාපාරය මෙහෙයවීමට මහඟු මගපෙන්වීමක් වූවාට සැක නැත. සම සෞඛ්‍ය අරගලය ඇතුළු ශිෂ්‍ය අරගලයන් පමණක් නොව ගමේ දු දරුවන්ගේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන්ද මාලඹේ පෞද්ගලික වෙද විදුහලට එරෙහිවද ඔහු සටන් කඳවුරු බැන්දේය. අධ්‍යාපනය යනු වරප්‍රසාදයක් නොව අයිතියක් බව සමාජගත කළේය. නජිත් වෛද්‍ය සිසුවෙකුවීම මගින් අන්තරේට පොදු ජන ආකර්ෂණය වැඩි විය.
ඉකුත් වසර 4 තුළදී පමණක් සරසවි සිසුන්ගේ පන්ති තහනම් කිරීම් 1,471ක් විය. නඩු පැවරීම් 414ක් විය. සිරගතවීම් 79ක් විය. මැර ප්‍රහාර අවස්ථා 78කදී සිසුන් 190ට ඒවාට මුහුණදීමට සිදුවිය. සිසුන් පැහැරගැනිම් 3ක් විය. නජිත්ගේ නායකත්වය යටතේ අන්තරේට පන්ති තහනම් කල සියළු සිසුන්ගේ වාරණයන් ඉවත්කර ගැනීමටද ආණ්ඩුවට සිදුවිය. නජිත් ඉන්දික පමණක් නොව අන්තරේ වෙනුවෙන් මෑත කාලයේදී එහි කැඳවුම්කරුවන් කල සේවය මෙහිදී සඳාකල් රැදෙනු ඇත.වෛද්‍ය උපාධිය සමත්වීමෙන් පසු නජිත් පමණක් ‍නොව නිදහස් අධ්‍යාපනයෙන් වෛද්‍යවරුන් බවට පත්වූ සහ පත්වන වෛද්‍යවරුන් සිය වෛද්‍ය සේවය ජනතා හදගැස්ම මත ක්‍රියාත්මක කරනු දැකීම සැම‍ගේ පැතුම වනු ඇත. 

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions