9/14/2015

යහපාලනය සහ දෙව්දත්ගේ පංච වර

කතෘ:යුතුකම     9/14/2015   1 comment


අප කීමට යන මෙම කාරණාව ජනවාරි 8 වැනිදාට පෙර අප පුන පුනා ප්‍රකාශ කළද, මෛත්‍රීපාලට ඡන්දය දුන් බොහෝ දෙනෙකු (විශේෂයෙන් "පාවෙන" ඡන්ද දායකයන් සහ සමහර ශ්‍රීලනිප සාමාජිකයින් ) එය මායිම් කළේ නැත. නමුත් වත්මන් "යහපාලන" ආණ්ඩුවේ රෙදි ගැලවෙමින් තිබෙන මේ මොහොතේ ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂයෙන්ම මෙය තේරුම් ගැනීම අපහසු කාර්යයක් නොවිය යුතුය.
වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමේ ප්‍රධාන සටන්පාඨ වූයේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, මාධ්‍ය නිදස ආදී කාරණාය. මේවා බැලූ බැල්මට ඉතා විශිෂ්ඨ සංකල්පය. මේවා ඉටුකරගතහොත් හිතූ පැතූ සම්පත් දෙන කේතුමතී රාජධානියකට මෙහා ලංකාව නවතින්නේ නැත. නමුත් අප පෙන්වාදීමට උත්සාහ කළේ මෙම සටන් පාඨ පිටුපස සිටින බලවේගවල අතීත ක්‍රියා පිළිවෙළ හා ඒ හා බැඳුණු ඔවුන්ගේ අරමුණුය. එක්පසෙකින් රනිල්, චන්ද්‍රිකාය. මොවුන්ගේ ආණ්ඩු කාලවලදී ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය, මාධ්‍ය නිදහස පමණක් නොව රටේ ආරක්ෂාවද යහමින් රැකුනු ආකාරය සියල්ලන්ට මතකය. තව පසෙකින් LTTEය වෙනුවෙන් ඍජුව පෙනී සිටි දෙමළ සන්ධානයය. මානුෂික මෙහෙයුම් හා රණවිරුවන් අවමානයට ලක් කළ පුරවැසි බලය හා අළුත් පරපුර ඇතුළු කුප්‍රකට NGO නඩය තවත් අන්තයකින්ය. මේ සියල්ලම පිටුපස ඇමෙරිකාව, එංගලන්තය හා ඉන්දියාව සිටි බව හොරට නිදන්නවුන් හැර අන් සියල්ලෝම දැන සිටියහ. මෙම පාර්ශව සියල්ලම සම්බන්ධ කළ ප්‍රධානම කරුණු වූයේ දෙමළ බෙදුම්වාදයට ඇති හිතෛශී බව සහ පොදුවේ සිංහල බෞද්ධ විරෝධයය. මොවුන්ගේ අරමුණ වූයේ දෙමළ බෙදුම්වාදයට හා බටහිරට එළිපිටම අභියෝග කළ මහින්ද ප්‍රමුඛ ආණ්ඩුව පළවාහැරීම මිසක ඊනියා යහපාලනයක් ගෙන් ඒම නොවන බව අපි සාධක සහිතව පෙන්වා දුන්නෙමු. නමුත් පඬියන් අපට කීවේ වැදගත් වන්නේ පණිවිඩකරුවා නොව පණිවිඩය පමණක් බවය.
මීට සමාන්තර කතා පුවතක් අපට බුදු සමයෙන්ද පෙන්වාදිය හැක. බුදුරදුන්ගේ ජීවිතයට හානි කොට සංඝයාගේ පාලනය සියතට ගැනීමට දේවදත්තයන් යෙදූ උපායන් ගැන අපි හොඳින් අසා ඇත්තෙමු. සියළු ව්‍යර්ථයන් අසාර්ථක වූ කළ දෙව්දත් තෙරුන්ගේ අවසන් උත්සාහය වූයේ සංඝභේදය තුළින් නායකත්වය පැහැරගැනීමය. ඒ සඳහා දෙව්දත් තෙරුන් කෝකාලික, සමුද්ද හා දත්ත යන භික්ෂූන් ද කැටිව ගොස් බුදුරදුන් ගෙන් පංචවරයක් ඉල්ලීය. මෙම පංචවරයන්වලට අයත් වූයේ භික්ෂූන් දිවි හිමියෙන් අරණ්‍යගතව විසිය යුතු ය, පිණ්ඩපාතික විය යුතු ය, පාංශු කූලික විය යුතු ය, රුක්ෂ මූලික විය යුතු ය, මත්ස්‍ය මාංශ අනුභව නො කළ යුතු ය යන ඉල්ලීම්ය. මේවාද බැලූ බැල්මට විශිෂ්ඨ ඉල්ලීම්ය. සඟ සමාජය පිරිසුදු කිරීමටනම් මෙවැනි නීති අවශ්‍ය බවද අයෙකුට සිතිය හැක (නූතන දේවදත්තයෙකුද සංඝයාවහන්සේට නීති පණවමින් පාර්ලිමේන්තු පනතක් ගෙන ඒමට මීට සුළු කළකට පෙර උත්සාහ දැරූ බව මෙහිදී සිහිපත් කළයුතුය.). නමුත් මැදුම් පිළිවෙත අගය කළ බුදුරදුන් මෙම ඉල්ලීම් නීති ලෙස පැනවීම ප්‍රතික්ෂේප කළහ. තමන් බලාපොරොත්තු වූ ලෙසම සිදුවූ දෙය අවියක් කොටගත් දේවදත්ත රූක්ෂ පිළිවෙත් කැමැති භික්ෂූන් වහන්සේ විශාල පිරිසක් ද තමාට අවනත කරගෙන ශාසනයෙහි ප්‍රථම සංඝභේදය සිදු කෙළේය.
මතුපිට මනරම්නම් ඕනෑම කුණක් විකිණිය හැක. ඕනෑම දුෂ්ඨ අරමුණක් ඉටුකරගැනීමට උත්සාහ දරන පිරිස් කරන්නේ එම අරමුණ සඟවා ඉතා ආකර්ෂණීය සංකල්ප, අදහස්, සටන්පාඨවලින් එය ආවරණය කිරීමයි. සළුපිළි ඇන්දවීමයි. අවසානයේ ජනතාව රැවටීමය. 1815දී සිදුවූයේත් මෙයයි. ජේ.ආර් ධර්මිෂ්ඨ සමාජය ගෙන ආවේත් මෙසේමය. පසුගිය ජනවාරි 8 වැනිදා සිදුවූයේත් මෙයයි. වර්තමානයේ බටහිරයන් ලොව පුරා රටවල් අස්ථාවර කරන්නේත් මේ ක්‍රමයටමයි.
තමන් කළ වරදට දෙව්දත් අපායේ දුක්විඳින බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. ඉදිරියේදීවත් මෙවැනි උපායන්වලට හසු නොවී අප රට වර්තමාන ලිබියාව මෙන් මිහිපිට අපායක් නොකර ආරක්ෂා කර ගනිමු. පණිවිඩය පමණක් නොව පණිවිඩකරුවා හා ඔහුගේ අරමුණු පිළිබඳවද කල්පනාකාරී වෙමු.

- සධීර බන්ඩාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. මේ කරුණු දැන් තේරුම් ගත්තද පලක් වන්නේ නැත. අවසන් දුම්රියද අප පසු කර ගොස් ඇත. ඒ අගෝ 17 දා ය.
    ඒ අවස්ථා දෙකේදීම තම යුතුකම ඉටු නොකළ සිංහලයන් මෙන්ම මේ ඉරණම කරා රට ඇද දැමීමට දර දිය ඇද්ද චීවර ධාරීන් සහ ගිහියන් දැන් කෙඳිරි ගා ආඩපාලි කීමෙන් තමාගේ හද ශාක්ෂියෙන් ගැලවීමට උත්සාහ කලත් කළ පව් වලින් හෝ රට වැටී ඇති අනතුරෙන් ගැලවිය නොහැක.
    මේ සත්‍ය වටහා ගෙන සිටි අපටද දැන් කළ හැකි කිසිවක් ඇති බව නොපෙනේ.

    දියුණුවේ ඉම පෙනී පෙනී ඊට පයින් ගැසූ අවාසනාවන්ත ජාතියකි සිංහලයින්.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions