9/23/2015

ජිනීවා මානව හිමිකම් වාර්ථාවේ හරස්කඩ - ආචාර්‍ය දයාන් ජයතිලක

කතෘ:යුතුකම     9/23/2015   No comments

මෙරට මානව හිමිකම් කඩවිම පිළිබඳ සොයන්නට hybrid ආකාරයේ විශේෂිත අධිකරණයක් පිහිටුවිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ නිර්දේශය විය. ඉකුත් 16 වෙනිදා ජිනිවාහිදි පැවති එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සැසිවාරයේදි ශ්‍රි ලංකාව පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරමින් ඔහු මෙම බරපතල ප්‍රකාශය සිදුකළේය. මෙම ප්‍රකාශය දෙස මා බලන්නේ දේශපාලන විද්‍යාඥයෙකු, දේශපාලන විශ්ලේෂකයෙකු හෝ එක්සත් ජාතින්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස නොවේ. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඡන්දයෙන් තේරි පත්වු නියෝජ්‍ය සභාපතිවරයකු ලෙස කටයුතු කර අත්දැකිම් ලත් පුද්ගලයෙකු ලෙසය.

ඒ අනුව ගනිද්දි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිට් අල් හුසේන් විසින් කළ ප්‍රකාශය සහ ඔහු විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව ජාත්‍යන්තර ක්‍රමයේ මුලිකාංග හා සම්මතයන්ට එරෙහිව යන්නක් බව ඉතා පැහැදිලිය.

එය ලංකාවට සිදුවන මහා ආක්‍රමණශීලි අපරාධයක් පමණක් නොව, මෙය සම්පුර්ණයෙන්ම ජාත්‍යන්තර ක්‍රමයේ අත්තිවාරම වෙන ජාතික සෛවරිත්වය හා ස්වාධිනත්වය යන සංකල්පයන්ට එරෙහිව යන්නකි. එය මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ ප්‍රකාශය තුළින් ඔප්පු වි තිබේ.

සෙයිඩ් අල් හුසේන් සිය පුවත් පත් සාකච්ඡාව පටන් ගනිද්දි ඔහුගේ ආරම්භක වාක්‍යය වුයේ මෙය අලුත් දෙයක් මෙන්ම මෙය මීට පෙර සිදු නොවු දෙයක් බවයි. මෙවැන්නක් සිය කාර්යාලය මඟින් පළමුවරට සිදුකරන දෙයක් බවට මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.

එම ප්‍රකාශයෙන් අනතුරුව නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු නැවතද එය සනාථ කළේය. ඔහු ඊට භාවිතා කළ ඉංග්‍රිසි යෙදුම වූයේ තරමක් සුවිශේෂ (රාදර් යුනික්) යන්නයි. ඒ අනුව එක්සත් ජාතින් විසින් ක්‍රියාමාර්ග ගැනීමේදි මෙවැනි දෙයක් වන පළමු වතාව මෙය බව පැහැදිලිය.

ඒ අනුව අපට පෙනි යන්නේ ලංකාවට එරෙහිව මුලික අසාධාරණයක් සිදුවි ඇති බවය. ඒ කෙදිනකවත් සිදු නොවු ආකාරයේ ක්‍රියාවලියක් ලංකාව පිළිබඳව ගෙනෙන්නේ කරව නම් හේතු කාරණා නිසාද? අද වන විට ලංකාවේ යුද්ධයක් තිබේද? කලාපීය හෝ ජාත්‍යන්තර සාමයට ලංකාවෙන් ගැටළුවක් තිබේද? එසේ නොමැති නම් ලංකාවෙන් යුධ සරණාගතයින් පිටාර ගලන්නේද? නොඑසේ නම් මැත කාලයේ සිදුවු යුද්ධ අතරින් වැඩිම මිනිස් ඝාතන සිදුවුයේ ලංකාවේ පැවති යුද්ධයේද? ශ්‍රී ලංකාව වෙනත් රටක් ආක්‍රමණය කළාද? මේ සියළු ප්‍රශ්නයන්ට පිළිතුර නැත යන්නයි. එසේ නම් සෙයිඩ් අල් හුසේන් මහ කොමසාරිස්වරයාගේ පිළිගැනීම අනුවම පළමු වතාවට අත්හදා බලන මෙය ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ කුමක් නිසාද?

මෙම ක්‍රියාමාර්ගය හිරෝෂිමා නාගසාකි වලට පරමාණු බෝම්බය හෙළා කරන ලද අත්හදා බැලීම වැනි දෙයකි. මෙය අලුත් අත්හදා බැලිමක් බැවින් ලංකා ආණ්ඩුව සහ සියලු පුරවැසියන් විසින් ප්‍රතිපත්තියක් ලෙස මෙම පරීක්ෂණ වාර්තාව සහ එහි අඩංගු සියලු දේ ප්‍රතික්ෂේප කළ යුතුය. එමෙන්ම ඒ සම්බන්ධයෙන් ඝනකම් රතු ඉරක් ඇඳිය යුතුය. එය මෙහි පළමු කාරණය වන අතර එහි ඊළඟ කාරණාව වන්නේ මෙම වාර්තාවේ ඇති නිර්දේශයන්ය. මෙම නිර්දේශයන්ට අනුව ඉතාම භයානක කරුණ වන්නේ ජාත්‍යන්තර නඩුකාරයින් සම්බන්ධ කරගත් /hybrid / විශේෂ උසාවි යෝජනාව නොවේ.

එහි වඩාත්ම භයානක කාරණය එම වාර්තාවේ 251 වන පිටුවේ සඳහන් කර ඇත. එහි 251 පිටුවේ නිර්දේශ කර ඇත්තේ එක්සත් ජාතින්ගේ සංවිධානය සහ සියළු සාමාජික රටවලට යන්න උපශීර්ෂ පාඨයක් සඳහන් කර තිබේ. එක්සත් ජාතින්ගේ සංවිධානයේ රටවලට යන්න උප ශිර්ෂ පාඨයක් සඳහන් කර තිබේ. එක්සත් ජාතින්ගේ සංවිධානයේ සියළු සාමාජික රටවලින් ඉල්ලා සිටින්නේ ලංකාව සම්බන්ධයෙන් චෝදනා වේ නම් තම රටවල පරික්ෂණ ආරම්භ කර නඩු පවරන ලෙසයි. මෙම නිර්දේශයේ එහි 251 පිටුවේ ඇති අංක තිස් හය නිර්දේශයේ සඳහන් අතර ඉන් කියවෙන්නේ මෙම වාර්තාවේ සඳහන් අපරධ සම්බන්ධයෙන් සැක කෙරෙන (ඔප්පු වි නැති) උදවියට එරෙහිව තමුන්ගේ රට රටවල පරීක්ෂණ අරඹා තමුන්ගේ රට රටවල පරික්ෂණ අරඹා නඩු පැවරිය යුතු බවයි. එම නඩු පවරන සූත්‍රයද එම නිර්දේශයේම සඳහන් කර ඇත. එනම් විශ්ව අධිකරණ බලසිමාව (Universal Jurisdiction) යන ධර්මතාවයයි. එම ධර්මතාවයට අනුව ඇතැම් අපරාධ සම්බන්ධයෙන් දේශ සීමා තරණය කර වෙන රටක උසාවියකට තවත් රටක සිදුවු අපරාධයක් පිළිබඳ නඩු පැවරිය හැකිය. එම නිර්දේශයන් සිදුකර ඇත්තේ අපව ත්‍රස්තවාදයෙන් මුදවාගත් යුද්ධයට සම්බන්ධ වූ අපේ රාජ්‍ය නිලධාරින්, සොල්දාදුවන් සෙන්පතියන් සහ දේශපාලන නායකයින් පිළිබඳ ගෝලීය වශයෙන් නෛතික සංග්‍රාමයක් ඇරඹිම සඳහායි. මෙය වෙනත් කිසිදු රටක් සම්බන්ධයෙන් ගෙන ඇති තීරණයක් නොවේ. සත්‍ය ලෙසම ජාත්‍යන්තර (world court) උසාවියකට ගොස් මෙයට විරුද්ධව නඩු පැවරිමට තරම් ලංකා ආණ්ඩුවට කරුණු කාරණා තිබේ.

මෙහි තෙවන කරුණ වන්නේ /hybrid/ විශේෂ උසාවිය පිළිබඳ කාරණයයි. ස්වාධින ස්වෛරී උසාවිය පිළිබඳ කාරණයයි. ස්වාධින ස්වෛරී රටකට විජාතික නඩුකාරවරු ඇත්තේ නැත. ලංකාවේ විජාතික නඩුකාරවරු සිටියේ යටත් විජිත කාල පරිච්ඡේදයේදි පමණි. ඊට පෙර පහු නඩු ඇසුවේ ලාංකිකයන් විසිනි.

ලෙනාඩ් වුල්ෆ් ගේ සුප්‍රකට කෘතිය වු බැද්දේගම ලෙස්ටර් ජේම්ස් පිරිස් විසින් සිනමාවට නගන ලද්දේය. එහි සිළිඳුගේ චරිතය රඟපාන්නේ ජෝ අබේවික්‍රමයන්ය. එම කතා පුවතේ ඇත්තේ සිළිඳු නැමැති අහිංසක පුද්ගලයා විජාතික එනම් බ්‍රිතාන්‍ය යටත් විජිතවාදී නඩුකාරවරයෙක් විසින් අයුතු ලෙස ජිවිතාන්තය දක්වා සිරදඬුවමකට යටත් කොට අකාලයේ මිය යාමට සැලැස්වීමයි. එහිදි ඔහු මිය යාම මෙන්ස ඔහුගේ පවුලේ උදවිය අනාථ විම පිළිබඳවද එම කෘතියේ කියැවිණි.

මේ පිළිබඳව ප්‍රගතිශිලි යටත්විජිත වාදි නිලධාරියෙකු වූ ලෙනාඩ් වුල්ෆ් විශාල කම්පනයකට පත්විය. ඔහු එය සිය කතා වෘතාන්තයක් බවට පත්කළේ එබැවිනි. ඔහු සමාජවාදි මතවාදී බ්‍රිතාන්‍ය බුද්ධිමතෙකි. මේවන විට අපට යළිත් යන්නැයි කියන්නේ ලෙනාඩ් වුල්ෆ් විසින්ම අසාධාරණයක් බවට යටත් විජිත කාලයේ දුටු ආයතනික සම්භවයක් වෙතය. එනම් රටේ පුරවැසියන් ගැන සොයන්නට විජාතික නඩුකාරවරු, නිතිඥවරු සම්බන්ධ කරගත් දේශිය නඩුකාරවරු ද සම්බන්ධ කරගත් සම්මිශ්‍රිත විශේෂ උසාවියක් පිහිටුවිමයි. මෙය ඕනැම රටක මූලික ස්වෛරීභාවය ස්වාධිනත්වය සහ අදීනත්වය බරපතල ආකාරයට කෙලෙසන යෝජනාවකි. එය අලුයම බහාලු කෙළ පිඩක් ලෙස ආණ්ඩුව හා රට වැසියන් ඉවත දැමිය යුතුයි.
සිංගප්පූරුව වගේ දියුණු රටක නීති පීඨයක් අරඹන ලද්දේ ලංකාවෙන් ගිය නීතිවේදින්ය. අද දක්වා ජිවතුන් අතර සිටින සි.ජි.වීරමන්ත්‍රි විනිශ්චයකාරතුමන් ලෝක උසාවියේ උප සභාපති ධුරය දැරුවේය. නීතිය පිළිබඳ ලංකාවට කීර්තිමත් සම්ප්‍රදායක් ඇත. අපට අපේම වු නිති පද්ධතියක්, නිතිඥ වෘතිකයන් මෙන්ම අධිකරණ පද්ධතියක් ද ඇත. එහි යම් යම් විකෘති විම් පහුගිය යුද කාලය තුල සිදුවු වා නම් 19 වන සංශෝධනය තුළින් අධිකරණ පද්ධතියේ ස්වාධිනත්වය ප්‍රතිෂ්ඨාපනය වී ඇත. එවැනි තත්ත්වයක් තුළ විජාතික සංයුතියක් සහිත විජාතික සංඝටකයක් සහිත සම්මිශ්‍රිත හෙවත් hybrid විශේෂ උසාවියක් පිළිබඳ අදහස සැලකිල්ලට ගැනිම පවා පාප කර්මයකි.

ජාත්‍යන්තර වශයෙන් ගතහොත් ව්‍යතිරේකයක් මේ පිළිබඳ එකක් දෙකක් තිබේ. එහෙත් ඒවා එම රාජ්‍යන් විසින්ම කැඳවා පිහිටුවනු ලැබු සම්මිශ්‍රිත උසාවිය. ඒවා ඉතාම අල්පය. එහිදි කාම්බෝජය පිළිබඳ මතකය අපට අවදි කළ හැකිය. කාම්බෝජයේ එවැනි hybrid උසාවියක් පිහිටුවනු ලද්දේය. එහෙත් එසේ කරන ලද්දේ පරාජයට පත් කළ පොල් පොට් ගේ හමුදා ගරිල්ලාවරු (රතු හමුදාව) විසින් 1970 ගණන් වල සහ 80 ගණන්වල සිදුකළ මහා සාපරාධි සමූල ඝාතන පිළිබඳ සොයා බැලිම සඳහායි. එය වෙනත් ආකාරයෙන් කියනවා නම් කොටි සංවිධානය විසින් කරන ලද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ජාත්‍යන්තර විශේෂඥයින් ගෙන්වා නඩු ක්‍රමයක් ආරම්භ කරන්නේ නම් එය ඊට සමානය. කෙසේ නමුත් කාම්බෝජයේ දෙපැත්ත විසින් සිදුකළා යයි කියන එසේත් නැත්තම් රජයේ හමුදා විසින් සිදුකළා යයි කියන ඊනියා අපරාධ ගැන සොයා බැලුවේ නැත. මෙහිදි කරන්නට හදන්නේ මානව හිමිකම් මහ කොමසාරිස්වරායාග් වචන වලින්ම කියන ආකාරයට රාජ්‍ය චරිත එනම් රාජ්‍ය නළුවන් විසින් කරනු ලැබු යුධ අපරාධ පිළිබඳ සොයා බැලීමයි.

මෙහිදි ඔහු එසේ කියන ගමන්ම අනතුරුව කියන ලද්දේ රාජ්‍යය විසින් පමණක් නොව කොටි සංවිධානය විසින්ද යම් යම් වැරදි කළ බවය. මෙහිදි ඔහුගේ කියමනට අනුව ප්‍රධාන පාපකරුවා ශ්‍රී ලංකා රාජ්‍යයයි. එනම් ලංකාව තිස් අවරුදු යුද්ධයකින් මුදවා ගන්නා ලද සාමය හා මිනිස්සුන්ගේ සුරක්ෂිත බව තහවුරු කළ ශ්‍රී ලංකා රාජ්‍යයි. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වයාගේ වාර්තාවෙන් ඉලක්ක වන්නේ එයයි. මෙය ප්‍රතිපත්තියක් ලෙස සහමුලින්ම ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කළ යුතු ක්‍රියාවලියක් වාර්තාවක් සහ නිර්දේශයන් බව අවධාරණය කළ යුත්තේ එබැවිනි.

තවද ඉහත වාර්තාව ඉදිරිපත් කරමින් ජිනීවා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා කියන ලද තවත් කරුණක් වූයේ මෙරට අධිකරණ පද්ධතිය ශක්තිමත් නොවන බවයි. එහෙත් මෙරට අධිකරණ පද්ධතියේ ක්‍රියාවලිය නිසා සොල්දාදුවන් බරපතළ දඬුවම්වලට යටත්ව සිරගතව සිටී. ඒ නැතත් මෙරට අධිකරණ පද්ධතියේ යම්

දෝෂයක් තිබේ නම් එය පිළිසකර කිරීම රටේ පාර්ලිමේන්තුවට අයිති වගකීමකි. එසේ නොමැතිව ඊට බෙහෙත විජාතික නඩුකාරවරුන් ගෙන්වා ගැනීම නොවේ.

19 වන සංශෝධනය මඟින් කරනු ලැබුවේ අපේ රාජ්‍ය ආයතනික ව්‍යුහය වඩාත් ස්වාධින කිරිමය. උදාහරණයක් ලෙස මැතිවරණ කොමසාරිස් කාර්යාලය පෙර තිබුණාට වඩා ස්වාධීන එකක් විය. අධිකරණයත් එසේමය. එම තත්ත්වය එසේ තිබියදි මෙරට නිති පද්ධතියේ යම්කිසි ප්‍රතිසංස්කරණයක් කරන්නට තිබුණේ නම් එය ස්වෛරී රටක් ලෙස මෙරට පාර්ලිමේන්තුව තුළින් ඉටුකර ගැනීමට හැකියාව තිබේ. එසේ තිබියදි මෙරට දීර්ඝ කාලයක් තිස්සේ පැවති අධිකරණ පද්ධතිය සහ නිතිඥ වෘත්තිය අවඥාවට ලක්කර ඒ වෙනුවට විජාතික නඩුකාරවරුන් සහ නීතිඥවරුන් සහභාගි කරවන විශේෂ උසාවියක් නිර්මාණය කරන්නැයි යෝජනා කිරීමම අපට එල්ල කරනු ලබන අතුල් පහරකි. මෙයට පැහැදිලිව පිළීතුරක් ලබා දිමට ලංකා ආණ්ඩුව කටයුතු කළ යුතුය.

ඉහත නිර්දේශයන් සමඟ ශ්‍රි ලංකා දේශපාලනය තුළද දැනටමත් යම් යම් වෙනස් කම් පිළිබඳ අසන්නට ලැබේ. මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ප්‍රකාශයත් සමඟ උතුරු පළාත් සභා මහ ඇමති සි.වි. විග්නේශ්වරන් සිදුකළ ප්‍රකාශය අපට නොසළකා හැරීමට නොහැකිය. ඔහු සඳහන් කර ඇත්තේ එම වාර්තාවට ඉදිරිපත් කළ දිනය දමිළ ජනතාවට සන්තෝෂ විය හැකි දවසක් බවයි. එම ප්‍රකාශය හුදකලාවේ තබා සැළකිය යුතු නැත. ඒ පිළිබඳ ටි.එන්.ඒ සංවිධානය වෙනුවෙන් එම්.ඒ සුමන්තරන් නිතිඥවරයා ජිනිවා සිට කළ ප්‍රකාශයක් ද වෙයි. එම් . ඒ සුමන්තිරන් විග්නේශ්වරන්ට වඩා මධ්‍යස්ථ මතධාරියෙකි. එහෙත් ඔහු කියා සිටින්නේද විදේශ නඩුකාරවරුන් හා නීතිඥයන් සහිත (hybrid) උසාවි යෝජනාව සමඟ ටි.එන්.ඒ සංවිධානය එකඟ බවත් ඒ ගැන සතුටු වන බව මෙන්ම එය ක්‍රියාත්මක කිරිම සඳහා ද්‍රවිඩ ජනතාව හා එක්ව කටයුතු කරනු ලබන බවයි.

අප දන්නා දේශපාලන සත්‍යයක් වන්නේ අධිරාජ්‍යවාදීන්ගේ පැරණිම උපක්‍රමය වන්නේ බෙදා පාලනය කිරීම බවත් රටක බහුතරයට එරෙහිව සුළුතරය ඔඩොක්කුවේ තබා ගැනිම ඔවුන්ගේ අරමුණ බවත්ය. මෙය රෝම අධිරාජ්‍යයාගේ කාලයේ සිට බ්‍රිතාන්‍යය සහ ඇමරිකානු අධිරාජ්‍යය යටතේ සිදු වූ දෙයකි. ඒ අනුව දමිළ සුළුතරය සැමවිටම උත්සාහ ගන්නා ලද්දේ රටේ නැති ශක්තියක් මහ ප්‍රජාතන්ත්‍රවාදි ඡන්ද ක්‍රමය තුළින් ලබා ගන්නට බැරි දෙයක් ජාත්‍යන්තර සහ බටහිර සහයෝගය සහ ඉන්දියානු සහයෝගය ඇතිව ලබා ගැනිමයි.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ මෙම නව අත්හදා බැලීමෙන් ඔවුන්ට එවැනි සතුටුදායක ප්‍රතිඵලයක් ලැබි තිබේ. නමුත් එය වඩාත් සතුටුදායක වන්නේ ලංකාවේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඉකුත් සඳුදා ජිනීවා වල සිදුකළ නිල කතාව සමඟිනි. ඔහු එහිදි දමිළ වචනය සිව්වතාවක් සිය කතාවෙදි භාවිතා කළේය. එහි වරදක් නැතත් වරද වන්නේ සිංහල හා මුස්ලිම් යන වචනය එක් වරක් හෝ භාවිත නොකිරීමයි.

යම් හෙයකින් ඇමරිකාවේ කුඩා පාසල් ශිෂ්‍යයකු එම කතාව ඇසුවේ නම් සිතන්නේ ලංකාව තමිල් නාඩුව බවයි. එපමණක් ද නොව මංගල සමරවීර මහතාගේ නිල කතාවේ දෙවරක්ම සඳහන් කර ඇත්ත් දෙමළ ජනතාව සඳහා ව්‍යවස්ථාදායක සභාවක් හරහා නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට එකම හේතුව දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාශය සංසිඳවීමය බවයි.

සමස්ත රටේ මූලික නීතිව වෙනස් කිරිමට සුළුතර ප්‍රජාවේ දේශපාලන අභිලාශය සංසිඳවිම තනි හේතු සාධකය විය නොහැකිය. ඒ අනුව ව්‍යවස්ථාවක් හදන්නේ නම් එය රටට සාධාරණය ඉටුවන ව්‍යවස්ථාවක් වන්නේ නැත.
මංගල සමරවිර මහතා ගේ කතාවෙන් පැහැදිලි වන අනෙක් කාරණය වන්නේ දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාශයන් සංසිඳවීමට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය බවයි. එයද ප්‍රහේළිකාවකි. පවතින ව්‍යවස්ථාව යටතේ සංශෝධන මඟින් දෙමළ ජනතාවගේ අභිලාශයන් සංසිඳවිමට නොහැකි නම් ඒ කුමක් නිසාද? 19 වැනි සංශෝධනය ගෙන ආ ආකාරයට එය ඉටුකළ හැකිව තිබියදි නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට අවශ්‍ය වන්නේ තර්කානුකූලව එක් කාරණයක් නිසාවෙනි. ඒ තිබෙන ව්‍යවස්ථාව යටතේ ඒකිය රාජ්‍ය ක්‍රමය හලා 13 වන සංශෝධනයෙන් ගුණාත්මක වශයෙන් ඔබ්බට යාමට නොහැකි නිසාය. මංගල සමරවීර මහතාගේ කතාව අනුව මෙහි ඊළඟ භයානාක කාරණය නම් ලංකාවේ ජනවාර්ගික හෝ ජාතිකත්ව ගැටළුවක් වේ නම් එය විසඳීමට සිංහල දෙමළ මුස්ලිම් අභිලාෂයන් තුලනය කර රටේ ජනවාර්ගික සංයුතිය හා යතාර්ථයන්ට ගැලපෙන ආකරයේ සම්මුතිවාදි විසඳුමකට ඒම නොව හුදෙක් දමිළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් විසඳීමන් එම ජනවාර්ගික ප්‍රශ්නය විසඳන බව සමරවීර මහතා සහ ඒ මහතාගේ ආණ්ඩුවේ දර්ශනය වී ඇත.

ඒ අනුව මෙහිදී කරන්නට හදන්නේ සෝල්බෙරි කොමිසම කළ නොහැකි යයි කියා අවඥාවෙන් ප්‍රතික්ෂේප කළ යෝජනාවකි. සෝල්බරි සාමිවරයා කීවේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදි රටක බහුතරයක් සුළුතරයක් කරන්නට යෑම හෝ සුළුතරයක් බහුතරයක් කිරිම කළ නොහැකි බවයි. එසේ කියමින් ඔහු චෙල්වනායගම් මහතාගේ යෝජනා ප්‍රතික්ෂේප කළේය.

එහෙත් මංගල සමරවීර මහතා ජිනීවා කළ කතාවෙන් පෙනෙන්නේ සොල්බෙරි සාමිවරයා ප්‍රතික්ෂේප කළ ඒ ක්‍රියාකාරකම දැන් කරන්නට සූදානම් බවය.

මේ සියල්ලෙන් අපට පෙනෙන්නේ අපේ ආත්මාරක්ෂාව වෙනුවෙන් කළ සර්ව සාධාරණ යුද්ධයක් සම්බනධයෙන් ඉතිහාසය කණපිට පෙරලන්නට අපි සූදානම් බවයි. මෙහි චූදිතයා වී ඇත්තේ අපයි. සෙයිඩ් අල් හුසේන් ශ්‍රී ලංකාවේ ගෙල සිඳිය යුතු බව කියද්දී මංගල සමරවීර කියන්නේ ගෙල සිඳින්න එපා ..කඩුව අපට දෙන්න අප බඩ කපාගන්නම් යන්නයි.

මේ වන විට ඇමරිකාව සමඟ එක්වී සම්මුතිවාදි යෝජනාවක් සැප්තැම්බර් 30 දා ජිනිවා වලට ගෙනෙන්නට යන්නේ ගෙල සිඳ දැමීම වෙනුවට බඩ කපා ගැනීමේ සූත්‍රය පිළිගැනීමෙනි. එසේ කිරීමෙන් සිදුවන්නේ අපේ මිත්‍ර රටවලට පවා අපව ආරක්ෂා කරමින් කතා කරන්නට ඇති අවස්ථාව වසා දැමීමයි. ශ්‍රි ලංකාවේ ජාතික ආණ්ඩුවෙන් විපක්ෂයේ කට වැසු ආකාරයෙන්ම සම්මුතිවාදි යෝජනාවෙන් සිදුවන්නේ සෙයිඩ් අල් හුසේන්ට විරුද්ධව ලංකාව ආරක්ෂා කරමින් අපේ මිත්‍ර රටවලට කතා කරන්නට ඇති අවස්ථාව දැනුවත් මඟ හරවාලීමකි.

[රිවිර 2015-09-20]


-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions