-ගෙවිඳු කුමාරතුංග
[ජාතික එකමුතුව මගින් පවත්වන මාධ්‍ය හමුවේදී ]
"19 වන ව්‍යවස්ථාවේ තිබෙන්නේ පාර්ලිමේන්තුවේ පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකතුව පිහිටවනු ලබන ආණ්ඩුවක් වන්නේය කියල. ඒ කියන්නේ පක්ෂ දෙකක් එකතු වෙලා හදන ආණ්ඩුවක් නෙවෙයි , බහුතරරයක් ලබා ගන්නා ප්‍රධාන පක්ෂයේ මූලිකත්වයෙන් අනෙකුත් සියලුම පක්ෂ හෝ දේශපාලන කණ්ඩායම් එකතු වෙලා හදන ආණ්ඩුවක් තමයි ජාතික ආණ්ඩුවක් කියල කියන්නේ.
ඉතිහාසයේ උදාහරණ ගත්තමත් එහෙමයි.එංගලන්තයේ දෙවන ලෝක යුද්ධයට අදාළව පිහිටවපු ජාතික රජයත් ඒ වගේම තමයි. යම්කිසි රටකට තිබෙන සුවිශේෂී තර්ජනයක් හමුවේ ඒ සුවිශේෂී කාරණය ජය ගැනීම සඳහා අනෙකුත් කාරණයන් පසෙකළා , සීමිත කැබිනට්ටුවක් හරහා මෙහෙයවන රජයකට තමයි ජාතික ආණ්ඩුවක් කියල කියන්නේ.
සෝභිත ස්වාමීන්වහන්සේ සුදු මල් වට්ටියක් කියල අපට කිව්ව , 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙත් තියෙන්නේ බහුතරයක් තියෙන පක්ෂය සහ අනෙකුත් පක්ෂ සියල්ල එකතු වෙලා හදන ආණ්ඩුවක් තමයි ජාතික ආණ්ඩුවක් කියන්නේ.එහෙම බැලුවම මේ හදල තියෙන්නේ ජාතික ආණ්ඩුවක් නෙවෙයි. එහෙම ජාතික ආණ්ඩුවක් හැදුවනම් විපක්ෂයක් තියෙන්න බෑනේ.
ඒකට ජාතික ආණ්ඩුව කියනවනම් , මේ විපක්ෂයට කියන්නේ මොකක්ද? ජාතික විපක්ෂයද?
එසේ බැලුවම එදා ජාතික ආණ්ඩුවක් හැදිල නෑ. ඔවුන් කටයුතු කරල තියෙන්නේ ඔවුන්ම සම්මත කරන ලද 19 වන සංශෝධනයට පටහැනිව.
ව්‍යවස්ථාවේ තියෙන ආකාරයට ජාතික ආණ්ඩුවක් පිහිටවිලා නැත්නම් ඒ අනුව ඇමතිවරුන් 30 කට වඩා පත් කිරීම ව්‍යවස්ථා විරෝධීයි. ජනාධිපතිවරයා නැවතත් ව්‍යවස්ථාවිරෝධීවයි වැඩ කරල තියෙන්නේ.අප පෙරදී සඳහන් කරපු බෙදුම්වාදී අනතුර එසේම තිබියදී මේ නිර්මාණය වෙලා තියෙන්නේ ඊට අමතරව ආණ්ඩුව යන ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති වියරු ගමනයි."
මාධ්‍ය හමුවේදී ගෙවිඳු කුමාරතුංග මහතා අදහස් දැක්වූ සම්පූර්ණ කතාව මෙතනින් අහන්න..

සටහන : යටියන ප්‍රදිප් කුමාර
යුතුකම සංවාද කවය
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
(Like us on facebook)
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .