9/02/2015

සන්ධානයේ පරාජයට ජාතික ව්‍යාපාරයෙන් බලපෑමක් වීද?

කතෘ:යුතුකම     9/02/2015   1 comment


සන්ධානයේ පරාජයට ජාතික ව්‍යාපාරයේ ඇතැම් නායකයින් පසුගිය අවුරුදු කීපයේ කල කී දෑ වලින් වූ බලපෑම

2009 දී ලද ජයග්‍රහණයෙන් පසු ගතවූ වසර 5 තුල දේශ හිතයිශි ජාතික ව්‍යාපාරයේ නායකයින් පවත්වන ලද පුවත්පත් සාකච්චා, නිකුත්කළ නිවේදන, සම්මුක සාකච්චා ආදිය මගින් රාජපක්ෂ මහතාගේ පාලනය කෙරෙහි ජනතාව තුළ ඇති කලේ ප්‍රසාදයක් ද?


එම ව්‍යාපාරයේ ප්‍රමුකයෙකු වන ගුණදාස අමරසේකර මහතා සෑමවිටම වාගේ ජනතාවට පෙන්වා දුන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයෙහි දුෂණ හා වැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මකවන බව යැයි යන්න මගේ වැටහීමයි. මුලින්ම ආර්ථික ඝාතකයෙකු ගැන කතා කලේ විමල් වීරවංස මහතායි.  එස් එල් ගුණසේකර මහතා ද රාජපක්ෂ පාලනයෙහි නීතියේ ආදිපත්‍ය බිඳවැටීම , දුෂණ හා  වෙනත් අඩුපාඩු ඇති බැවින් තමන් ආණ්ඩුව කෙරෙහි කලකිරී සිටින බවක් පළකළේය.  සුරිය ගුණසේකර හා හරිශ්චන්ද්‍ර විජයතුංග යන මහත්වරු නිහඩ පිළිවෙතක් අනුගමනය කළහ.


නමුත් කෝටි ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූ කාලයේ දී එය අවසන් කිරීමට රාජපක්ෂ මහතා ගත් ක්‍රියාමාර්ග මෙ සියළු නායකයෝ අනුමත කළහ.ඊට ප්‍රසංසාව පල කරමින් හා ධෛර්ය දෙමින් ලිපි ලියුවෝය. ත්‍රස්තවාදය අවසන් කළද බටහිර යටත් විජිතවාදීන්ගේ අනුග්ග්‍රහයෙන් ක්‍රියාත්මක වන දෙමළ ජාතිවාදය හා බෙදුම්වාදය පරාජය කල යුතු විය. තවද, ත්‍රස්තවාදය විනාශ කිරීම නිසා මහින්ද රාජපක්ෂ මහතාට දඩුවම් කිරීමට බටහිර රටවල් පෙළ ගැසිණි.

මෙ අභියෝග වලට රාජපක්ෂ මහතා සාර්ථකව මුහුණ දෙමින් සිටියේය. එතුමා දෙමළ ජාතිවාදී ඉල්ලීම් වලට යටත් වුයේ නැත. බටහිර රටවලින් දිගින් දිගටම එතුමාට විශාල පීඩනයක් එල්ලවෙමින් තිබිණි. ජීඑස්පී සහනය අහිමි වීම, මසුන් අපනයනයට ඇතිවූ ගැටළු, මානව හිමිකම් චෝදනා ආදිය එහි ප්‍රතිපලයන්ය. මෙවැනි අවස්ථාවක රාජපක්ෂ මහතා රටට දුන් දේශපාලන නායකත්වය අගය කළ යුතු උවද ජාතික ව්‍යාපාරයේ බොහෝ නායකයින් අතින් එය ඉටු නොවීය. ඇත්තෙන්ම මෙ ගැන ජනතාවට කරුණු ඉදිරිපත් කලේ ආචාර්ය නලින් ද සිල්වා මහතා පමණි. එතුමා හුදකලාවම ජනතාවට මගපෙන්වුවේය. නමුත් ජාතික ව්‍යාපාරයේ බහුතරයක් නායකයින් සන්දානයේ දොස් දැක්වුවා මිසක රාජපක්ෂ මහතා බටහිරයන්ගේ පීඩනයට මුහුණ දෙමින් දෙමළ ජාතිවාදය පරාජය කිරීමේ දිසාවට රට ගෙනෙයමින් සිටි බව ඉඳ හිට හෝ ජනතාවට පෙන්වා දුන් බවක් අපට මතක නැත. 

මෙ සියල්ලෙහි ප්‍රතිඵලය වුයේ අලුත් චන්ද දායකයින් සන්දානයෙන් ඈත්වීමයි. රටෙහි ප්‍රධාන ගැටලුව යහපාලනයක් නොමැතිකම යැයි ඔවුන්ට ඒත්තු ගැන්වීමට යමපාලන නඩයට පහසුවිය. සින්හල බෞද්ධ විරෝධී රාජ්‍යන් මෙ අවස්ථාව යොදා ගනිමින් මහින්ද රාජපක්ෂ මහතා බලයෙන් පහකිරීමට සමත්විය.
 අපට ඉදිරි අවුරුදු කීපයේ දී ආර්ථික ඝාතකයින් ඇත්තේ කොහිද? , යහපාලනය යනු කුමක්ද? ප්‍රධාන ප්‍රශ්නය කුමක්ද? යනාදිය ගැන දැනගැනීමට ලැබෙනු ඇත. එවිට ජනතාවට වෙනසක් අවශ්‍ය වනු ඇත. එම වෙනස ජාතිකත්වය ශක්තිමත් වන දිසාවට යොමුකරවිමේදී අලුත් චන්ද දායකයින්ගේ දායකත්වය වැදගත්වේ යැයි සිතමි. ඒ නිසා දරුවන් තුල ජාතිකත්වය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගත යුතුය. මෙ සඳහා පංච මහා බලවේගයන්ගෙන් ප්‍රධානම බලවේගය වන හාමුදුරුවරු දහම් පාසල් මගින් විශාල බලපෑමක් කරනු ඇතැයි ප්‍රර්ථනා කරමි. සඟ හා ගුරු යන බලවේග  ජාතිකත්වයේ බලවේග බවට පත්කර ගැනීමෙන් අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට අපට හැකිවනු ඇත.


උදයංග සුමතිපාල 
යුතුකම පාඨක ලිපියකි.
[ සංවාදයට විවෘත්තයි ]


යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook) 

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :


  1. අනිවාර්යෙන්ම මෙයයි ඉදිරියෙහි සිදු විය යුතුතේ....
    නමුත් මීට පෙර ලිපිය තුල පෙන්වා ඇති සත්‍ය නම් මෙරට අලුත් පරපුර "සරත් විජෙ" ල වැනි දෙශපාලන හොර තක්කඩියන්ගේ "පර" අදහස් තිලෝගුරු බුදු බණ මෙන් පිලිගැනීමට සැදී පැහැදී සිටීම වෙනස් නොවෙන බවයි..

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions