සීපා ගිවිසුම යනු ඉන්දියාව විසින් 2003 වසරේ සිට ශ්‍රී ලංකාව සමඟ අත්සන් කිරීමට උත්සාහ කරන විස්තීර්ණ ආර්ථික ගිවිසුමකි. (Comprehensive Economic Partnership Agreement – CEPA) එමඟින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පහත සඳහන් අංශයන් නිදහස් කරගැනීම ඉන්දියාවේ අභිලාෂයයි.
- දෙරට අතර භාණ්ඩ අලෙවිය.
- දෙරට අතර සේවා අලෙවිය.
- එක් රටකට අනෙක් රටින් ආයෝජකයන්ගේ පැමිණීම.
- දෙරට අතර පුද්ගලයන්ගේ නිදහස් සංක්‍රමණය.
ආර්ථික ආක්‍රමණ මඟින් රටවල් අල්ලා ගැනීම.
නූතන ලෝකයේ යුධමය ආක්‍රමණ මඟින් රටවල් අල්ලා ගැනීම සිදුවන්නේ නැත. එසේ වුවද බලවත් රටවල් තම අධිරාජ්‍ය ගොඩ නඟා ගැනීම සඳහා පහසු වන සේ බටහිර රටවල් මූලිකත්වය ගෙන ඇති සංවිධාන හරහා නව නීති සම්පාදනය කරගනිමින් ගිවිසුම් මඟින් කුඩා සහ ආර්ථික වශයෙන් දුර්වල රටවල් ආර්ථික වශයෙන් ආක්‍රමණය කර එම රටවල ඇති සම්පත් සූරා ගැනීමට හැකිවන ලෙස නීතිරීති සකසා ගෙන ඇත. එමඟින් ආර්ථික වශයෙන් තම පාලනයට නතු කරගන්නා වූ කුඩා හෝ දුර්වල රටවල් තුළ එම බලගතු රටවලට අවනත රූකඩ රාජ්‍ය නායකයින් පත්කර ගැනීමට ක්‍රියාකිරීම නවීන ලෝකයේ සිදුවන ක්‍රියාදාමයයි. එවන් රූකඩ නායකයින් හට බලයේ සිටීමට නම් ඉහත සඳහන් බලවත් රටවල ආර්ථික ශක්තිය අවශ්‍ය වන අතර එමඟින් සුළු පිරිසකගේ සුභසාධනය සඳහා කුඩා හෝ දුර්වල රටවල මහජනතාවට පීඩාකාරී තත්ත්වයන් යටතේ ජීවත් වීමට සිදුවේ. මෙම ආර්ථික ආක්‍රමණයන්ගේ මුල් පියවර වනුයේ නිදහස් වෙළඳ ගිවිසුම් (FTA) හා ආර්ථික සහයෝගීතා ගිවිසුම් වේ. (Comprehensive Economic Partnership Agreement – CEPA)
බොහෝවිට මෙම ගිවිසුම් ද්වීපාර්ශවික වන අතර ඇතැම්විට ඒවා බහුපාර්ශවික වන අවස්ථාද ඇත. ඇමෙරිකාව මෙම ගිවිසුම් අත්සන් කිරීමේ පරිණතයින් වන අතර 1778 සිට 1819 දක්වා රතු ඉන්දියානුවන්ගෙන් මුළු ඇමෙරිකාවම ගිවිසුම් මඟින් ලියා ගන්නා තෙක් ගිවිසුම් සිය ගණනක් තමන්ගේ වාසියට අත්සන් කරගත් ඇමෙරිකාව මෙවැනි ආර්ථික ගිවිසුම් අත්සන් කිරීමේ ප්‍රමුඛයන් බවට පත්වී ඇත. මෑත කාලයේදී නොයෙකුත් ගිවිසුම් මඟින් ඇමෙරිකාව තම ආර්ථික අධිරාජ්‍යය පතුරුවා ගත ආකාරය ඇමෙරිකානු ජාතික ජෝන් පර්කින්ස් විසින් ලියන ලද “Confessions of Economic Hit Man”, (ආර්ථික ඝාතකයෙකුගේ පාපොච්චාරණය) සහ “Secrets History of American Empire”(ඇමෙරිකානු අධිරාජ්‍යයේ රහස් ඉතිහාසය) යන පොත්වල මනාව සඳහන් වෙයි.
මෙහිදී පළමුව සිදුවනුයේ ආර්ථිකමය වශයෙන් බලගතු රටවල් ඔවුන්ට නතු කරගත යුතු යැයි හැගෙන සම්පත් ඇති ස්වාධීන රාජ්‍යයන් අධ්‍යයනය කිරීම සඳහා බලගතු රටවල දක්ෂ නිලධාරීන් හා වෘත්තිකයන්ගෙන් සමන්විත කණ්ඩායම් යෙදවීමයි. එම කණ්ඩායම් විසින් කරනු ලබන ඉතාමත් ගැඹුරු අධ්‍යයනයකින් පසුව එම කුඩා හෝ දුර්වල රාජ්‍යයේ පාලන තන්ත්‍ර වල ඇති සියළු අඩුපාඩු තුළින් රිංගාගත හැකිවන ලෙස සූක්ෂමව ගිවිසුම් සකස් කරන අතර එම ගිවිසුම් පහසුවෙන් තේරුම්ගත නොහැකිවන සේ සංකීර්ණ කර ලොව ඇති නොයෙකුත් වෙළඳ ගිවිසුම් වල කොන්දේසිද ඇතුලත් කෙරේ. එමඟින් මෙම ගිවිසුම් කොන්දේසි වලින් බේරීයාමට කුඩා හෝ දුර්වල රාජ්‍යයට නොහැකිවන අතර ද්වීපාර්ශවික බැවින් ඒ ගැන පැමිණිලි කිරීමට පවා ආයතනයක් නොමැතිවනු ඇත. එසේ සකස් කරගන්නා ගිවිසුම තෝරාගත් රාජ්‍යයට ඉදිරිපත් කරනුයේ එම රටට ඇති ආදරය හා හිතවත්කම නිසා එම රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා ඉදිරිපත් කරන ආර්ථික සහයෝගීතා ගිවිසුමක් ලෙසයි. එයට සමගාමීව කුඩා හෝ දුර්වල රාජ්‍යයේ ඉහල නිලතල දරණ ඉත්තන් කිහිප දෙනෙකු මුදලට හෝ වෙනත් යම් වරප්‍රසාදවලට බා ගැනීමද සිදුවේ. ඉන් පසුව ඔවුන් බලගතු රටේ වන්දි භට්ටයින් බවට පත්වෙමින් යෝජනා කර ඇති ආර්ථික ගිවිසුම ලස්සන ආදර කතාවක් ලෙස වර්ණනා කරමින් තම රට ගලවා ගැනීමට ඇති එකම ක්‍රමය යෝජිත ගිවිසුම බවට දැඩි ප්‍රචාරයක් ගෙන යයි. මේ සඳහා බලගතු රටේ තානාපති කාර්යාලද ඉදිරිපත් වන අතර පුවත්පත් ආයතන පවා මෙම ගිවිසුම වර්ණනා කිරීමට යොදා ගැනීමට ඔවුන් පසුබට නොවේ. ඉන්පසු මෙම ගිවිසුම අත්සන් කිරීම එම රාජ්‍ය දෙක අතර නායකයන්ගේ රාජ්‍ය සංචාරයක් තුළ කලබලයෙන් කරගැනීමට බලපෑම් සිදු කරයි. එසේ අත්සන් කරන ලද ගිවිසුමෙන් අවසානයේදී කුඩා රාජ්‍යය බලගතු රාජ්‍යයේ ග්‍රහණයට හසුවූ ආර්ථිකයක් ඇති රටක් බවට පත් කරයි.
ඉන්දියානු ආර්ථික අධිරාජ්‍ය සිහිනය සහ ඉන්දු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම.
ඉන්දියානුවන් විසින් ඉතා සූක්ෂම ලෙස ශ්‍රී ලංකාවේ ඇති දුර්වලකම් මනාව අධ්‍යයනය කර ඉන්දියාවට වාසි වන අයුරින් සකස් කළ ඉහත කී ශ්‍රී ලංකාවේ සිටි ඉන්දීය ඒජන්තවරු වැන්නන් මඟින් පුනපුනා අගයකරවන ලද එම නිදහස් වෙළඳ ගිවිසුම ශ්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තුව වෙත 1998 අගෝස්තු මස ඉදිරිපත් කරන ලදුව ඉතාමත් කලබලකාරී ලෙස මාස 4ක් වැනි කෙටි කාලයකදී සාකච්ඡා වට 4ක් පමණක් අවසන් කර එවකට ශ්‍රී ලාංකීය ජනාධිපතිනියගේ ඉන්දීය සංචාරය තුළදී 1998 දෙසැම්බර් මස අත්සන් තබන ලද අතර 2000 වසරේ ජනවාරි මාසයේ සිට එම ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක වී ඇත. මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලාංකීය අපනයනය වැඩිවී නැති අයුරු පහත ප්‍රස්ථාරයෙන් දැක්වේ.
ඉහත ප්‍රස්ථාරයේ දැක්වෙන පරිදි 2005 සිට 2014 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ මුළු අපනයනය 70% කට වැඩි අගයකින් ඉහල ගොස් ඇතත්, නිදහස් වෙළඳ ගිවිසුමක් සහිත ඉන්දියාවට අපනයනය කර ඇති මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 500කට පමණ සීමාවී අවුරුදු 10ක් පුරාම එකතැන පල් වෙමින් පවතියි.
ඉහත කී ඇ.ඩො. මිලියන 500 පමණ අපනයනයද වැඩි වශයෙන් ඛණිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන, සත්ව ආහාර, විදුලි රැහැන්, විදුලි උපකරණ, පරිප්පු සහ කව්පි ලෙස ශ්‍රී ලංකා අපනයන මණ්ඩලයේ දත්ත අනුව පෙනී යයි. මෙයද වැඩි වශයෙන් ඉන්දියානුවන් විසින්ම කරගෙන යාම ගිවිසුමේ අසාර්ථකභාව තවත් පැහැදිලි කරයි.
යෝජිත ඉන්දියානු සීපා ගිවිසුම.
ඉහත කරුණු අනුව ඉන්දියාව විසින් ලංකාව වෙත යෝජනා කර ඇති විස්තීර්ණ ආර්ථික ගිවිසුම (CEPA) ඉතාමත් සුපරීක්ෂාකාරීව අධ්‍යයනය කළ යුතුව ඇත. ඉන්දියාව විසින් යෝජිත CEPA ගිවිසුම මගින් භාණ්ඩ වෙළඳාම, ආයෝජනය, සේවා හා දෙරට අතර පුද්ගලයන්ගේ නිදහස් සංක්‍රමණය යන කරුණු සියල්ල ආවරණය වන බැවින් මෙය ලංකාවට ඉතාමත් අවාසිදායක ගිවිසුමක් බව පහත කරුණු වලින් පැහැදිලි වනු ඇත.
ඉන්දියාවේ ජනගහනය මිලියන 1267 වන අතර එය ශ්‍රී ලාංකීය ජනගහනය මෙන් 60 ගුණයකට වඩා වැඩි වේ. ඉන්දියාවේ ශ්‍රම බලකාය මිලියන 523 ක් වන අතර ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය මිලියන 8.5 ක් පමණි. ඉන්දියාවේ රැකියා විරහිත ප්‍රමාණය මිලියන 37 ක් වන අතර ශ්‍රී ලංකාවේ රැකියා විරහිත ප්‍රමාණය මිලියන 0.35කි. එනම් ඉන්දියාවේ රැකියා විරහිත ප්‍රමාණය ශ්‍රී ලංකාවේ රැකියා විරහිත ප්‍රමාණයට වඩා සිය ගුණයකටත් වඩා වැඩිය. මෙවන් වාතාවරණයක් යටතේ CEPA වැනි ගිවිසුමක් අත්සන් කිරීම ශ්‍රී ලංකාවට වාසිදායක වනවා යැයි පවසන අයගේ සැබෑ අභිලාෂයන් මොනවාදැයි තර්කානුකුලව පට සිතිය හැකියි. CEPA ගිවිසුම යෝජනා කිරීමේදී ඉන්දියාවේ සැබෑ ඉලක්කය වනු ඇත්තේ ඔවුනගේ ආයෝජකයන් හා වෘත්තිකයන් තොග වශයෙන් ලංකාවට පටවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉන්දියානු ග්‍රහණයට නතු කරගෙන එමගින් ඉන්දියාවට නැටවිය හැකි රූකඩ රජයක් පත් කරගැනීමට ආර්ථිකමය වශයෙන් විශාල බලපෑම් සිදු කිරීමයි. ඉන්දියාවේ මෙවැනි ප්‍රතිපත්ති අද නේපාලය සහ භූතානය වැනි රටවල් පත්වී ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වය අනුව පැහැදිලිවම පෙනී යයි.
චීනයේ සහ ඉන්දියාවේ ආර්ථික වර්ධනය
වසර 2000 ට ළඟාවන විට චීනය සහ ඉන්දියාව සම ආර්ථික ස්ථානවල පසු වූයේ ඇමෙරිකානු ඩොලර් බිලියන දහසකට (ට්‍රිලියනයකට) ආසන්න ආර්ථික ශක්තියකින් යුතුවයි. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ආයතනයේ 2014 දත්තයන් අනුව චීන ආර්ථිකය ඇ.ඩො. ට්‍රිලියන 10 පසුකර ඇති අතර 2019 වනවිට එය ඇ.ඩො. ට්‍රිලියන 16 ඉක්මවා යන බව සඳහන් කර ඇත. එය දැනට ඇමෙරිකාවේ ආර්ථිකය පවතින තත්ත්වයට ආසන්න වීමකි. එසේ වුවද ආසියාවේ බලවතා වීමට අප රට වැනි කුඩා රටවල් බිලි ගැනීමට උත්සාහ කරන ඉන්දියාව මේ වනවිට ඔවුන්ගේ ආර්ථිකය වර්ධනය කරගෙන ඇත්තේ ඇ.ඩො. ට්‍රිලියන 2 කට පමණි. මේ අනුව අද චීනයේ ආර්ථිකය ඉන්දියාවේ ආර්ථිකය මෙන් 5 ගුණයකින් විශාල වී ඇත. IMF ආයතනයේ ගණන් බැලීමට අනුව 2019 වනවිට ඉන්දියානු ආර්ථිකයට ළඟාවිය හැක්කේ ඇ.ඩො. ට්‍රිලියන 3ක අගයකට පමණි. එය ඒ වනවිට චීනයේ ආර්ථිකයට වඩා ඇ.ඩො. ට්‍රිලියන 13කින් පිටුපසින් සිටිනු ඇත. එබැවින් ඉන්දියාව හා චීනයේ ආර්ථික තරඟයෙන් සැබෑ ලෙසම ජය ගැනීමට චීනය සමත් වී ඇතිබව පැහැදිලිය.
චීනයෙන් ඉන්දියාවට ඇ.ඩො. බිලියන 20ක ආධාර
ආසියාවේ බලවතා සහ ලොව දෙවන ආර්ථික බලවතා වන චීනය පසුගිය දස වසර තුළ ශ්‍රී ලංකාවට මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ආයෝජන සිදු කර ඇත. එම චීන ආයෝජනය හමුවේ වියරු වැටුණු ඉන්දියාව අපට කෙනෙහිලි කම් කළද, සැබෑ සත්‍යය නම් තම රටට ආයෝජන ගෙන එන ලෙස ඉන්දියාව විසින් චීන අගමැති සී ජින්ග්පින්ග් මහතාගේ 2014 සැප්තැම්බර් ඉන්දියානු සංචාරය තුළදී ඉල්ලීම් කළ බවත්, දැනට චීනය ඉන්දියාවේ ප්‍රධානතම වෙළඳ ගනුදෙනුකරුවා බවත්, දෙරට අතර වෙළඳාම ඇ.ඩො. බිලියන 66ක් බවත්, ඉන් ඇ.ඩො. බිලියන 50 කට වැඩි ප්‍රමාණයක් චීනයෙන් ඉන්දියාවට කරන අපනයන බවත්, International Trade News යන ආයතනයේ ප්‍රකාශනයක සඳහන් වේ. තවද ඉන්දියානු අගමැතිවරයාගේ ඉල්ලීම මත චීනය විසින් ඉදිරි වසර 5 තුළදී ඇ.ඩො. බිලියන 20 ක ආයෝජන ඉන්දියාව තුළ සිදු කිරීමට එකඟ වී ඇති බවත් සඳහන් වේ. කරුණු එසේ බැවින් චීනය විසින් ශ්‍රී ලංකාවේ සිදු කරන ඇ.ඩො. බිලියන 2 ක පමණ ආයෝජන මඟින් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන බව පැවසීම හුදෙක් ඉන්දියානු ආත්මාර්ථකාමී කතාවක් බව පැහැදිලිය.
අප තෝරාගත යුත්තේ ඉන්දියානු සීපා ගිවිසුමද? චීන ආයෝජනද?
ඉන්දියාවට ගැති නොවන ස්වාධීන රාජ්‍යයක් ලෙස තව දුරටත් පැවතීමට නම් ශ්‍රී ලංකාව කෙසේවත් CEPA වැනි ගිවිසුම් වලට අත්සන් තැබිය යුතු නැත. පසුගිය වකවානුවේදී චීනය විසින් ශ්‍රී ලංකාවට මිත්‍රශීලී ලෙස ආයෝජන ලබාදී ඇති අතර ඉන්දියාව අනුගමනය කර ඇත්තේ මිත්‍රශීලී නොවන ක්‍රියාපටිපාටියකි.
තත්ත්වය මෙසේ බැවින් ශ්‍රී ලංකාවට තර්ජනය කරමින් සහ අනිසි බලපෑම් කරමින් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙනවා යැයි කියන ආයෝජන අප ඍජුවම ආයෝජන ලබාදෙන චීනයෙන්ම ඉන්දියාව ණයට ලබාගන්නා මුදල් විය හැකිය. එබැවින් අප ආයෝජන ලබාගත යුත්තේ මුදල් තිබෙන චීනයෙන්ද නැතහොත් චීනයට ණයගැති ඉන්දියාවෙන්ද යන්න තෝරා ගැනීම ශ්‍රී ලංකාවේ පාලකයින්ගේ වගකීමකි. ඉන්දියාවෙන් එවැනි ආධාර ලබාගැනීමේදී ඉන්දියාවේ අනිසි බලපෑම් වලට අවනත වීමටද ශ්‍රී ලංකාවට සිදුවන බව අප තරයේ මතක තබාගත යුතු කරුණකි.
එබැවින් අද දිනයේ ප්‍රබලම අවශ්‍යතාවය වනුයේ CEPA වැනි ගිවිසුම් අත්සන් කිරීම නොව ආයෝජනය කිරීමට මුදල් ඇති චීනය සමඟ සමීපව වැඩ කිරීමට ඇති අවශ්‍යතාව සහ අපගේ අයිතිය ඉන්දියාවට පැහැදිලි කර දී චීන ආයෝජන මගින් ශ්‍රී ලංකාව දියුණු කර ගැනීමයි.
2005 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළදී ශ්‍රී ලාංකීය ව්‍යවසායකයින්ගේ කරුණු පැහැදිලි කිරීම මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සීපා ගිවිසුම අත්සන් කිරීමෙන් වැළකී සිටි අතර වත්මන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද ඔහුගේ ධූර කාලය පටන්ගත් විගසම ශ්‍රී ලාංකීය තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලය හමුවූ අවස්ථාවේ සීපා ගිවිසුම හෝ ශ්‍රී ලංකාවට අහිතකර එවැනි වෙනත් ගිවිසුම් කිසිවක් අත්සන් නොකරන බවට සහතික වී තිබීම රටේ වාසනාවකි. මේ වනවිටත් ඉන්දියානුවන් සතු කර්මාන්ත සහ ව්‍යාපාර විශාල ප්‍රමාණයක් ලංකාවේ ඇති අතර ඒවායෙන් අධික ලෙස වාසි ලබාගනුයේ ඉන්දියාවයි. අප ඇත්ත වශයෙන්ම කළයුතු වනුයේ ඉහත කී ඉන්දියානු ආයෝජන මගින් ඔවුන් පොරොන්දු වූ දේ ඉෂ්ඨ කර ඇත්ද යන්න පිළිබඳව මනා අධ්‍යයනයක් සිදු කිරීමයි. ඒ මන්දයත් ලොව සිදුවන තවත් ආර්ථික ප්‍රහාරයක් නම් සංවර්ධන ව්‍යාපෘතීන් සහ සංවර්ධනයට ඇති ඉඩකඩම් ලබාගෙන ඒවා දීර්ඝ කාලීනව සංවර්ධනය නොකර තබාගෙන තවත් රටක සංවර්ධනය අඩපණ කිරීමයි. මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුළද සිදුවන්නේ දැයි සොයා බැලීම රටට ආදරය කරන සියළු දේශපාලඥයන්ගේ යුතුකමක් වනු ඇත. ශ්‍රී ලාංකිකයන් විසින් ලබාගෙන ඇති යම් යම් ව්‍යාපෘති සඳහා විශාල ලෙස පරීක්ෂණ පවත්වා දඬුවම් කළද ඉන්දියානුවන් සතු ව්‍යාපෘති මගින් රටට හානි වී ඇති සිද්ධීන් එකකටවත් පරීක්ෂණ පවත්වා හෝ දඬුවම් කර ඇති බව අප කොතැනකවත් දැක නැත.
රටක තරුණ පරපුරේ වගකීම
ඉහත සඳහන් ලෙස යෝජිත ගිවිසුම් මගින් රටක අනාගතය පත්විය හැකි අවධානම් තත්ත්වයන් ගැන විශේෂයෙන්ම තරුණ පරපුර දැනුවත් විය යුතු අතර ඔවුන්ගේ ජනප්‍රිය සමාජ වෙබ් අඩවි මගින් අදහස් සාකච්ඡා කළ යුතුය. ඒ මන්ද යත් දෙරටක් අතර විශේෂයෙන්ම විශාල රටක් සමඟ අත්සන් කරනා ගිවිසුම් නැවත හැරවිය නොහැකි ගිවිසුම් වන බැවින් ඒවායෙන් අත්වන අනිටු ඵල විපාක විඳින්නට සිදු වනුයේ තරුණ පරම්පරාවට සහ ඔවුන්ගේ දූ දරුවන්ට වන බැවිනි. එබැවින් සීපා ගිවිසුම ගැන අධ්‍යයනය කර එයට විරුද්ධ වීම තරුණ පරපුරේ අයිතියක් සහ වගකීමක් වන බව ඔවුන් ඉතා තදින් අවබෝධ කරගත යුතුය.
-සැකසුම – සමන්ත කුමාරසිංහ.
[http://www.cepaepa.com]
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
පැහැදිලි ඇත්ත. මේවා අපේ සාමාන්‍ය පුරවසියාටයි ඒත්තු ගැන්විය යුතු
ReplyDeleteCEPA ගිවිසුමට එරෙහිව නැගී එන ලාංකීය වෘත්තිකයන්ගේ විරෝධතාවය හමුවේ දැන් රජය උපක්‍රමශීලිව තමන්ගේ ක්‍රමෝපාය වෙනස් කරගෙන ඇත. අගමැතිතුමාගේ ඉන්දීය සංචාරයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී CEPA පිළිබඳව ඉන්දියාවේදී සාකච්චා නොකළ බව අගමැතිවරයා අවධාරණය කළේය..
ReplyDeleteමෙහිදී CEPA යන නම නොමැතිව එහි අන්තර්ගතය උපක්‍රමශීලිව ක්‍රියාත්මක කිරීමට රජය සැරසේ. එම ක්‍රමවේදය CEPA ගිවිසුම සේම භයානකයි, හානිකරයි. වරින් වර ඉන්දියාවේ බලපෑම මත එකින් ඒක බැගින් CEPA ගිවිසුමේ කරුණු ක්‍රියාත්මක කිරීම රටේ ජනතාවගේ ඇසට වැලි ගැසීමකි. නැගී එන විරෝධය CEPA මොට කර ඉන්දියානු ක්‍රමික වෙළද ලිහිල්කරණය නාමයෙන් ඉන්දියානු දේශපාලනික අධිරාජ්‍යවාදයට ඉඩ සැලසීම දේශහිතෙෂි ජනතාව එකහෙලාම ප්‍රතික්ෂේප කළ යුතු දෙයකි.