බස රැස දෙස
සභ්‍යත්ව රාජ්‍යයක් කරා යන ගමනට කුමාරතුංග චින්තනය
-වෛද්‍ය වසන්ත දේවසිරි-
[ ඇසළ මස 25 වැනි දා ට යෙදෙන කුමාරතුංග මුනිදාස ශූරීන්ගේ 130 වැනි උපත් සමරුව වෙනුවෙන් ලියූ සටහනකි ]
අද අප මුහුණ දෙන ප‍්‍රධාන ම අභියෝගය සියවස් විසි ගණනක් තිස්සේ අපගේ මුතුන් මිත්තන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් රැක ගෙන ආ අපගේ මාතෘ භූමිය (දෙස) අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීීම යි. මෑත කාලයේ දී ඉමහත් කැප කිරීම් කර බෙදුම්වාදී ත‍්‍රස්තයන් ගෙන් මුදා ගත් රට ව්‍යවස්ථා සංශෝධන මඟින් යළි ඔවුන්ට ම බාර දීමට සූදානම් වන යුගයකුයි අප මේ පසු කරමින් සිටින්නේ. ඒ සඳහා සැදී පහැදී සිටින නව යටත් විජිතවාදීන් ගේ උවමනා එපා කම් මත නැටැවෙන රූකඩ රාජ්‍යය ඒ සඳහා අවශ්‍යය පහසු කම් සපයමින් සිටියි. අද ඔවුන් විසින් අප වෙත විවර කර දී ඇති නව ලිබරල්වාදී චින්තනය පිළිගෙන එ් හා සම්පූර්ණයෙන් ම අනුගත වීම ය මේ රට බේරා ගත හැකි එකම මඟ ලෙස ඔවුන් අපට යෝජනා කරන්නේ. ඒ මඟ අනුමත කරතොත් අපි ඒ වෙනුවෙන් අපට ඉතාමත් පි‍්‍රය මනාප වූ ද හෘදයාංගම වූ ද බොහෝ දේ කැප කිරීමට සූදානම් විය යුත්තෙමු. අපගේ දේශයේ අනන්‍යතාව, ඒකීය භාවය, අපගේ භාෂාව, ඒ හා බැඳුනු සංස්කෘතිය සභ්‍යත්වය මෙම ගමනේ දී අපට අහිමි වී යනු ඇත. ඒ සඳහා අපගේ මුතුන් මිත්තන් වෙතින් අප උරුම කරගත් සභ්‍යත්ව විඥානයෙන් ද මිදීමට ද අප සූදානම් විය යුතු ය. බෞද්ධයින්ට අත හැරිය නො හැකි කිසිවක් නැති වුව ද අප සතු සභ්‍යත්ව විඥානය යනු අප සතු බෞද්ධ කම ම බැවින් අපට ඉන් මිදීම අපහසු ය. ඒ නැතත් එවන් වූ මඟක් ගැනීමෙන් අපට අත් විය හැකි අවාසනාවන්ත ඉරණම ගැන හැඟීමක් දැනටමත් අප අත් විඳිමින් සිටින අත්දැකීම් තුළින් ඇති කර ගත හැකි ය. අපට මේ මඟ හැර ගත හැකි විකල්ප මඟක් නැති ද?
විසි වැනි සියවස අවසානයේ සමාජවාදී කඳවුර බිඳ වැටීමත් සමඟ සීතල යුද්ධය නිමා වීමෙන් පසු ව නිර්මාණය වුනු ලෝකය තුළ ඒ සඳහා ඉතුරුව ඇති විකල්පය නම් අප උරුමය වූ සභ්‍යත්ව රාජ්‍යය යළි ගොඩ නඟා ගැනීමයි. සභ්‍යත්ව රාජ්‍යය යළි නිර්මාණය කර ගැනීම යනු අනාගතය වෙත යන මඟ පාදා ගැනීම මිස කිසි ලෙසකින් වත් අතීතයට (රජ කාලයට) යෑමක් නොවේ. චීනය හා ශී‍්‍ර ලංකාව සංසන්දනය කරමින් සභ්‍යත්ව රාජ්‍යය පිළිබඳව විවරණයක් ගුණදාස අමරසේකර ශූරීන් විසින් 2016 දී එළි දක්වන ලද ”සභ්‍යත්ව රාජ්‍යයක් කරා” නම් වූ කෘතියෙ හි එයි.
සභ්‍යත්ව රාජ්‍යය ගොඩ නඟා ගැනීමට නම් අපි යටත් විජිත මානසිකත්වය මඟින් යටපත් කර දමා ඇති සභ්‍යත්ව විඥානය නිදහස් කර ගත යුතු වෙමු.
”සිත නිදහස් බවට
නො පමුණව පළමු කොට
නිදහස සිය රටට
ලමු යි යෙති දුදහු ඇතියෙන් කට”
(විරිත් වැකිය කුමාරතුංග මුනිදාස)
සිත නිදහස් බවට පමුණුවා ගැනීම පිළිබඳ කුමාරතුංග චින්තනය අද දවසේ දී අපට ඉතිහාසයේ වෙන කවර දා ටත් වඩා වැදගත් වෙතැ යි සිතමි. සිත නිදහස් කර ගැනීමට කුමාරතුංගයන් යොමු වූයේ භාෂාව (බස) වෙතට ය. අප සිතන්නේ භාෂාවෙනි. ඒ නිසා අපගේ පුද්ගල අනන්‍යතාවය මෙන් ම සාමූහික අනන්‍යතවය ගොඩ නැගෙන්නේ ද භාෂාව පාදක කර ගෙනයි. එනම් සමූහයක්, රාශියක්, රැසක්, ජාතියක් ගොඩ නැෙඟන්නේ ද බස පදනම් කර ගෙන යි. රැසක නොහොත් ජාතියක සභ්‍යත්ව විඥානයේ පදනම භාෂාව යි. ජාතියක් (රැසක්) වශයෙන් අපගේ ඇවතුම් පැවතුම්, සිරිත් විරිත්, සිතුම් පැතුම්, හැඬීම් දෙඞීම්, වැඳීම් පිදීම්, රුචි අරුචිකම් යනාදී මෙකී නොකී සියලූ දේ ය අප සභ්‍යත්ව විඥානය ලෙස හඳුන් වන්නේ. එවන් පොදු සභ්‍යත්ව විඥානයක් මඟින් එකතු වුනු ජන සංඝයකට පමණි දේශයක් (දෙස) රැක ගත හැක්කේ. එබැවිනි, කුමාරතුංග සිය ජාතික මෙහෙවර බස මුල් කරගෙන, බස කේන්ද්‍ර කර ගෙන මෙහෙය වූයේ. බස වල් වදින විට ජාතියත් රටත් වල් වදින බව ය එ තුමා පුන පුනා ප‍්‍රකාශ කළේ. ”බසින් තමයි රැස නඟින්නේ, රැසින් තමයි දෙස නඟින්නේ” යන කුමාරතුංග පාඨය නව යටත් විජිත වාදයෙන් රට නිදහස් කර ගැනීමට යන ගමනේ දී මන්තරයක් සේ උදේ හවස මැතිරිය යුතු ය.
අද වන විට විනයක් නොමැත කමෙන් සිංහල භාෂාව වල් වැදී ඇති ප‍්‍රමාණය පිළිබඳ ව බුද්ධිමත් පාඨකයන් අමුතුවෙන් දැනුවත් කිරීම අවශ්‍ය යැ යි මම නොසිතමි.
භාෂාව යනු අපගේ හදවත ය. අප අප ගේ හදවත ප‍්‍රකාශ කරන්නේ අපගේ භාෂාවෙනි.
”සිත නිදහස් කරන හොඳම - ගුරුකම කවි මඟට බැසුම” යනුවෙන් කුමාරතුංගයන් හද බස ලෙස සලකනු ලබන කවියට නඟන්නේ රට ජාතියේ නිදහස සඳහා යන ගමන හදවතේ ඇනවුම අනුව යා යුතු ගමනක් වන බැවිනි.
නව යටත් විජිත වාදයට එරෙහිව අප සතු වූ එකම විකල්පය වන ජාතිකත්වය (සභ්‍යත්ව විඥානය) සොයා යන ගමනේ දී කුමාරතුංග චින්තනය ඉතිහාසයේ අන් කවර කලකටත් වඩා වැදගත් වනු ඇතැ යි යනුවෙන් මා මුලින් කළ ප‍්‍රකාශයේ අරුත ඔබට ද පසක් වනු ඇතැ යි මම විශ්වාස කරමි.
කුමාරතුංග මුනිදාස ශූරීන්ගේ 130 වැනි උපත් සමරුව පවත්වන මේ මොහොතේ දී අප අප ගේ බස සොයා යන ගමන අරඹමු. අපි අප ගේ බස ගැන ආඩම්බර වෙමු. නිවැරැදි බස වහරමු. නිවැරැදි බසින් ලියමු. එය අප සැම වෙළා ගෙන ඇති ව්‍යසනයෙන් මිදීමට යෝධ ශක්තියක් වනු ඇත.
සුනිල් සාන්ත ශූරීන් කලකට ඉහත ගායනා කළ කුමරතුඟුන්ගේ අගේ නම් ගීතයේ එන එක් අන්තරා කොටසකින් මම මගේ සටහන හමාර කරමි.
බසේ අවුල් ගැට මුදා
රැසේ ඇලූම් ගෙන බදා
දෙසේ සැබෑ කොට උදා
තෙ රුවනක් මැවූ
-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
ළමා රෝග අංශය
වෛද්‍ය පීඨය, රුහුණු විශ්ව විද්‍යාලය, ගාල්ල

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .