7/23/2017

රෝගී අණ්ඩුවකට ව්‍යවස්ථාවක් සම්පාදනය කළ හැකි ද?

කතෘ:යුතුකම     7/23/2017   No comments

රෝගී අණ්ඩුවකට ව්‍යවස්ථාවක් සම්පාදනය කළ හැකි ද?
සැබෑ ප්‍රශ්නය ව්‍යවස්ථාව ද? 
වාර්ගික පදනමින් බලය බෙදීම හරහා රට අස්ථාවර කර ගන්නවා ද?
ජේ ආර් ජයවර්ධනගේ ව්‍යවස්ථාව පිළිබඳ කොතරම් විවේචන තිබුණ ද එම විවේචනය අදාළ වන්නේ ව්‍යවස්ථාව ප්‍රායෝගික ව ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රශ්නයකට ද යන්න සංවාදයට බඳුන් කළ යුතු කාරණයකි. මන් ද ව්‍යවස්ථාවේ තිබෙන අඩුපාඩුවක් නිසා අහවල් ගැටළුව මතු වී ඇතැයි නිශ්චිතව පෙන්වා දිය නොහැකි බැවිනි. කෙසේ වෙතත්, ජේ ආර්ගේ ව්‍යවස්ථාව විසින් ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රශ්නයට, අදාළ ප්‍රශ්නය විසින් ම ඉල්ලා සිටි මිලිටරි විසඳුම දීමට අවශ්‍ය කරන බලය රැගත් විධායකය සම්පාදනය කර තිබුණි. එවැන්නක් නොතිබෙන්නට මහින්ද රාජපක්‍ෂ රජයට දිගට හරහට පැටලී තිබූ ත්‍රස්තවාදයට එරෙහිව ධෛර්යවන්ත ප්‍රතිචාරයක් දීමට නොහැකි වන්නට ඉඩ තිබුණි. එසේ නොවූවා නම්, ලංකාව අද තිබෙන සාමකාමී තත්වයට ලබා නොගන්නවා පමණක් නොව, උතුරු නැගෙනහිර වර්ගවාදී දෙමළ රාජ්‍යක් බිහිවීමෙන් එහා ගොස්, පසුව එය ඉන්දියාවට ද පැතිර මුළු කලාපය ම එකම ගිනිහලක් වීමට හැකියාව තිබුණි.

එහෙත් ලංකාවේ ප්‍රශ්නයක් ඇත. එසේ නම් ඒ කොහේ ද? ඇත්ත වශයෙන් ම අපගේ ප්‍රශ්නය ඇත්තේ මැතිවරණ ක්‍රමයේ ය. එනම් මනාප ඡන්ද ක්‍රමය තුළ ය. වෙනස් විය යුත්තේ එයයි. ලංකාවේ දේශපාලන සංස්කෘතිය උඩුයටිකරු කොට, දේශපාලකයා දේශපාලනයෙන් විතැන් කොට ව්‍යාපාරිකයෙකු බවටත්, ඉන් එහාට ගොස් රස්තියාදුකාර මදාවියෙකු බවටත් පත් කළේ මේ ක්‍රමයයි. ඇත්ත වශයෙන් ම, එසේ වීම ක්‍රමය විසින් ම ඉල්ලා තිබුණි. මැතිවරණයක දී මනාප ලබා ගැනීම සඳහා වන හැකියාව නොමැති නම් ඔහු හෝ ඇය පද්ධතියෙන් එළියට විසි වේ. මෙම ක්‍රමය දූෂිත සමාජ වටපිටාවකට මෙන් ම සියල්ලට ඉහළින් දේශපාලනකයා තැබෙන හා, ඒ හරහා සමාජයේ සිවිල් නායකත්වයන් අහෝසි කරන තැනට වර්ධනය විය. ඒ අනුව, අදාළ ක්‍රමය අහෝසිකර දැමීම ලංකාවේ බොහෝ සමාජීය, සංස්කෘතික හා දේශපාලන කාරණාවන්ට මංපෙත් විවර කරනු ඇත.

නැවතත් අප, ජේ ආර් ව්‍යවස්ථාව දෙසට ගියහොත්, පෙන්වා දිය යුතු කරුණ වන්නේ, එම ක්‍රමය ලංකාව වැනි සංවර්ධනය වෙමින් තිබෙන රටකට සිය ඉදිරි පිම්ම පැනීම සඳහා පහසුකම් සපයන බව ය. මෙහි දී කෙනෙකු නගනු ඇති ප්‍රශ්නය වන්නේ, අදාළ ව්‍යවස්ථාව විසින් දෙමළ ප්‍රශ්නයට විසඳුමක් ලබා නොදෙන බව ය. අපගේ මතය නම්, උතුරු නැගෙනහිර ප්‍රශ්නය යනු දේශපාලන විසඳුමක් නොව, ආර්ථික හා පරිපාලන විසඳුමක් ඉල්ලා සිටින ප්‍රශ්නයක් බව ය. සිය ආර්ථික හා පරිපාලන අවශ්‍යතා සපිරෙන විට එම ප්‍රශ්නය ඉබේම පහව යනු ඇත.

වත්මන් රජය විසින් ගෙන ඒමට සැරසෙන ව්‍යවස්ථා සංශෝධනය හරහා සිදුවනු ඇත්තේ ප්‍රශ්නය කොනක් නොපෙනෙන අගාධයකට තල්ලු කර දැමීම ය. ඊට හේතුව ඉහත පෙන්වා දුන් ආර්ථික හා පරිපාලන සාධක සැලකිල්ලට නොගෙන, හුදු මවාපාන ලද සංඥානන (perception) මත රැ‍ෙඳෙමින් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ය. ව්‍යවස්ථාවක් සම්පාදය විය යුත්තේ තාවකාලික ගැටළුවලට විසඳුම් ලෙස නොව, දිගුකාලීන ජාතික අවශ්‍යතා වෙනුවෙනි. පවතින සංඥානිත ගැටළුවලට උත්තර වශයෙන් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ප්‍රතිඵලය වනු ඇත්තේ, ප්‍රශ්නය සදාකාලික ව එකසේ තිබීම විනා විසඳීම නම් නොවේ. අප එසේ කියන්නේ කාරණා කීපයක් නිසා ය.

එකක් වත්මන් රජයට ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට අවශ්‍ය අගතියෙන් තොර ගැඹුරු දේ්ශපාලන දැක්ම නොතිබීම ය. එය භයානක තත්වයකි. 19 වැනි සංශෝධනයේ අන්තර්ගතයෙන් එය මනාව තහවුරු වේ. 19 වැනි සංශෝධනය යනු සපුරා දේශපාලන ලියවිල්ලකි. එහි මූලික ම අරමුණ වූයේ මහින්ද රාජපක්‍ෂ නැවත වරක් ඡන්දයකට පෙනී සිටීම අහෝසි කිරීම මිස අනෙකක් නොවේ. අනෙත් අවශ්‍යතාව වූයේ, රනිල් වික්‍රමසිංහ වෙත විධායකයේ බලතල ග්‍රහණය කර ගැනීමට අවස්ථාව සලසා ගැනීම ය. තව ද මහමැතිවරණයේ දී තමාට ලැබෙන බලය පිළිබඳ අවිනිශ්චිතතා තිබූ හෙයින් ඊට ගැලපෙන ලෙස ඊනියා ජාතික රජයකට අවශ්‍ය ප්‍රතිපාදන එකී සංශෝධනය තුළට ඇතුළු කිරීම ය. රාජපක්‍ෂ සාධකය පිළිබඳ කරුණ අප පසෙකින් තබමු. එහෙත් දෙවැන්නෙහි හා තෙවැන්නෙහි ප්‍රතිඵලයක් ලෙස සිදු වූයේ ලංකාව අර්බුදයෙන් අර්බුදයට ගමන් කිරීම බව මෑත ඉතිහාසය සාක‍්‍ෂි දරයි. එය කොතරම් ව්‍යසනකාරී ද කිවහොත්, ආණ්ඩුවට පාරා වළල්ලක් වූයේ ද මේ ක්‍රියාවයි. විධායකයේ බලතල දේශපාලන කාරණා මත අගමැති සතුකර ගැනීම හරහා රටේ ආර්ථික ඇතුළු සියළු ආකාරයේ ප්‍රතිපත්ති පිළිබඳ දැඩි අවිනිශ්ත බවක් ඇති විය. එමෙන් ම, තමා වෙතින් ඉවත් වූ බලතල තමා සතුව තාමත් තිබෙතැයි සිතන ජනපතිවරයෙකු නිසා එම ප්‍රශ්නය තවත් උග්‍ර විය. 19 වැනි සංශෝධනයෙන් ගෙන ආ ඊනියා ජාතික රජය නිසා සිදු වූයේ ලංකාවට එදා සිට පැවති විපක්‍ෂයේ ක්‍රියාකාරිත්වය අහෝසි වි ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ස්ථම්භයක් එතුළින් අක්‍රිය කර දැමීම ය. ජනතා හඬට අවශ්‍ය අවකාශය සෑම තැනින් ම අවහිර වූ අතර, ඉට ප්‍රතිචාර ලෙස ආණ්ඩුව කළේ ජාතික රජයක් පිළිබඳ මන්ත්‍රය ජපකරමින් සිටීම පමණි. මේ අතර, ජාතික රජයක් නම් එහි විපක්‍ෂයක් කිසිසේත්ම තිබිය නොහැකි වුවත් වත්මන් ක්‍රමය තුළ, දෙමළ ජාතික සංධානය නම් ඊනියා විපක්‍ෂ විහිළුවක් ද පිහිටුවා තිබේ. මේ නම් මොනතරම් ප්‍රහසනයක් ද?

වත්මන් ව්‍යවස්ථාව හැර අලුත් ව්‍යවස්ථාවට යනු ලබන්නේ විධායකයේ බලය බෙදනු පිණිස මිස අන් කාරණයකට නොවේ. බලය බෙදිය යුතු නැතිනම් වත්මන් ව්‍යවස්ථාව හැර දැමීමේ අවශ්‍යතාවක් නැත. බලය බෙදීම යනුවෙන් අදහස් කරනු ලබන්නේ, විධායකය හා පාර්ලීමේන්තුව සතු බලතල විශේෂයෙන් උතුරු නැගෙනහිර ඉලක්ක කොට ලංකාව පුරා බෙදා හැරීම ය. ඒ හරහා දැනට මධ්‍යම රජය හා පළාත් සභා අතර තිබෙන සමගාමී ලැයිස්තුව අහෝසි වන අතර, විධායකය තවදුරයත් දුර්වල කොට, ඒකීයභාවයෙන් තොර පද්ධතියක, ලංකාව පුරා කුඩා කුඩා අර්ධ ස්වාධීන රාජ්‍ය බිහිවනු ඇත. කොටින් ම එහි දී, මධ්‍යම රජයක භූමිකාව අනවශ්‍ය තැනකට පත්වන අතර, ඒ ඒ කුඩා රාජ්‍ය කීපයක් විසින් තමාට කියා නීති සම්පාදනය හා ප්‍රතිපත්ති සම්පාදනය කරනු ඇත. මධ්‍යම රජයට තම ප්‍රතිපත්ති ඉහත අර්ධ ස්වාධීන රාජ්‍ය තුළ ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම අපහසු වනු ඇති අතර රටේ ආර්ථික, දේශපාලන හා සමාජ ව්‍යාකූලතා නන්දෙසින් උද්ගත වනු ඇත. කොටින් ම රට සෑම අතින් ම අස්ථාර වනු ඇත. ඊට ඉඟියක් සපයන්නේ 2012 වසරේ දී බැසිල් රාජපක්‍ෂ මහතා විසින් පාර්ලීමේන්තුවට ඉදිරිපත් කළ දිවිනැගුම පනත හා ඒ ආශ්‍රිතව ගොඩ නැගුණු අර්බුදයයි. එහි මූලික කියවීම වන්නේ, වත්මන් පළාත් සභා ක්‍රමය තුළ පවා එවැනි අර්බුද මතු කිරීමට හැකියාව තිබීම තුළ ඉන් බොහෝ එහා ගිය ව්‍යවස්ථාවක කෙසේ වනු ඇති ද යන්න කල්පනා කිරීමෙනි. ඇත්ත වශයෙන් ම, දිවිනැගුම පනත සියළු පළාත් සභාවල අනුමැතිය ගත යුතු බවට අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක විසින් තීරණය කිරීම ලංකාවේ සුවිශේශි කඩඉමකි. ඇය එසේ කළේ, එය උතුරේ සම්මත නොවන බව දැන ලංකාව ෆෙඩරල් කිරීම සඳහා මූලික අඩිතාලම දැමීමේ අටියෙනි. ඇත්ත වශයෙන් ම, ශිරාණි බණ්ඩාරනායක ධුරයෙන් ඉවත් කිරීම දක්වා දිග් ගැසුණේ එම කරුණයි. කොටින් ම දිවිනැගුම පනතට වඩා, එවර මහින්ද රජයට අවශ්‍ය වූයේ ලංකාවේ ඒකීයභාවය පලුදු කරනසුළු ශ්‍රේෂ්ඨාධිකරණයකින් රට බේරා ගැනීමට ප්‍රමුඛතාව දීම ය. ඒ කෙසේ වෙතත්, නව තත්වය යටතේ විධායකය ද නැති, සමගාමී ලැයිස්තු ද අහෝසි වී අර්ධ-රාජ්‍යයක් කීපයක් ලංකාවේ නන්දෙස බිහි වුවහොත් අප රට කොතනින් නතර වේ ද?
-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ-

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions