4/26/2018

13 පවතින තෙක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතුයි - ජාතික ඒකාබද්ධතා කමිටුව

කතෘ:යුතුකම     4/26/2018   No comments
 ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා


ගෙවිඳු කුමාරතුංග



පළාත් සභාවක්‌ ව්‍යවස්‌ථාවට එරෙහි වූ විට වැළැක්‌වීමට විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යයි - ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා
ජවිපෙ පළාත් සභා ක්‍රමය අහෝසි කරන ලෙසට ඉල්ලා නොසිටින්නේ ඇයි? - ගෙවිඳු කුමාරතුංග

රටේ පළාත් සභාවක්‌ රටේ ව්‍යවස්‌ථාවට එරෙහිව කටයුතු කරන අවස්‌ථාවක එය වැළැක්‌වීමට විධායක ජනාධිපති ක්‍රමය රටේ පැවතිය යුතු යෑයි ජාතික ඒකාබද්ධ කමිටුවේ විධායක සභික ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මහතා ඊයේ (25 දා) පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ඒකාබද්ධ කමිටුව විසින් ඊයේ (25 දා) ජාතික පුස්‌තකාල සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද කීය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යෑයි මේ දිනවල විවිධ පාර්ශ්ව මත පළකරනවා. 13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය තුළින් ඇතිකළ පළාත් සභාවල බලතල ඉක්‌මවා යැමට පළාත් සභාව කටයුතු කරනවා නම් එය වැළැක්‌වීමට විධායක ජනාධිපති ක්‍රමය රටේ පැවතිය යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය රටේ නොමැති වුවහොත් පළාත් සභාවක නීතියක්‌ සකස්‌ කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කර ගත යුතුයි.

නමුත් විධායක ජනාධිපති ක්‍රමය පැවතීම නිසා ජනාධිපතිවරයාට තනි බලයකින් රටට එරෙහිව ඉදිරිපත් වන යෝජනාවන්ට එරෙහිව කටයුතු කිරීමට පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා පළාත් සභාවල බලය විධායක ජනාධිපති ක්‍රමය පවතින තාක්‌ එය ඉක්‌මවා කටයුතු කළ නොහැකි බවට මතයක්‌ ප්‍රකාශ කර තිබෙනවා.

යම් ආකාරයකින් උතුරේ හෝ වෙනත් ප්‍රදේශයක සිටින සුළු ජාතික පිරිසකට එරෙහිව එම පළාතේදී පළාත් සභාවෙන් යම් අකටයුත්තක්‌ සිදුකරනවා නම් එය වැළැක්‌වීමට පාර්ලිමේන්තුවේ පනතක්‌ සම්මත කරගෙන එය නිවැරැදි කිරීමට කාලයක්‌ ගතවීම සහ එයට විවිධ බාධා පැමිණවීම් සිදුවිය හැකි නමුත් විධායක ජනාධිපති සිටී නම් ඔහුට එම අවස්‌ථාවේම එම ක්‍රියාවට එරෙහිව කටයුතු කරන්න පුළුවන්කමක්‌ පවතිනවා. උතුරු පළාතේ කෝකිලාහි බෞද්ධ විහාරස්‌ථානයක බුදු පිළිමයක්‌ විනාශ කිරීමට යැමේදී එය වැළැක්‌වීමට විධායක ජනාධිපති ක්‍රමය පැවැති නිසා එය නවතා දැමීමට කටයුතු කර තිබුණා.

ජාතික ඒකාබද්ධ කමිටුවේ සභික ගෙවිඳු කුමාරතුංග මහතා - ජනතා විමුක්‌ති පෙරමුණ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යෑයි මතයක්‌ ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ පළාත් සභා පිහිටුවීමට ප්‍රධානම විරුද්ධ වූ පිරිස. ඒ වෙනුවෙන් ඔවුන්ගේ සාමාජිකයන් ජීවිත පවා පරිත්‍යාග කළා. මේ අය එසේ විරුද්ධ වී පළාත් සභා ස්‌ථාපිත කිරීමෙන් පසු එහි රැඳී සිටිනවා. මේ පළාත් සභාවල බලතල රටට යම් ආකාරයෙන් අහිතකර ලෙස බලපානවා නම් එය ඉවත් කළ හැක්‌කේ විධායක ජනාධිපති ක්‍රමයෙන් විතරයි.

ඔවුන් පළාත් සභාවල බලය ඉක්‌මවා යැමට පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර බලාපොරොත්තු වන්නේ පළාත් සභාවලට පෙඩරල් විසඳුමක්‌ කරා යැමට අවස්‌ථාව ලබාදීමද? අඩුම වශයෙන් ජනතා විමුක්‌ති පෙරමුණ විධායක ජනාධිපති ක්‍රමය සමඟ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වන ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඇති කළ පළාත් සභාත් අහෝසි කරන ලෙස ඉල්ලා නොසිටින්නේ ඇයි. ඒ නිසා ඔවුන්ට විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරන ලෙස ඉල්ලා සිටින්නටත් අයිතියක්‌ නැහැ. ඒ ගැන ඔවුන් ලැඡ්ජා විය යුතුයි.

රජය ආණ්‌ඩුක්‍රම නව ව්‍යවස්‌ථාවක්‌ ගේන්න උත්සාහ ගනිමින් ඉන්නවා. මේ නව ව්‍යවස්‌ථාවට ජනතා විමුක්‌ති පෙරමුණ අදහස්‌ දී තිබෙන්නේ පිටු දෙකක්‌ පමණයි. පළාත් පාලන මැතිවරණයෙන් ගමට ආයෝජිතයෙක්‌ පත්කර ගන්න තිබූ අවස්‌ථාව අහිමි කළේ මේ සුළු පක්‍ෂයි. ඔවුන් කොට්‌ඨාස සහ සමානුපාතික ක්‍රමයෙන් පරාජයට පත්වූ අයටත් නියෝජිතයන් විය හැකි ආකාරයට පනත වෙනස්‌ කරගත්තා. එම නිසා ඉදිරි පළාත් සභා මැතිවරණයේදීවත් මෙය නොකරන තත්ත්වයට වැඩ පිළිවෙළක්‌ සකස්‌ කර ගත යුතුයි.



චමින්ද සිල්වා [Divaina]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook
https://www.facebook.com/yuthukama

2/07/2018

රට බෙදන ව්‍යවස්ථා මර උගුල පරදවන්න ආණ්ඩුවට එරෙහිව චන්දය දෙන්න - මනෝහර ද සිල්වා

කතෘ:යුතුකම     2/07/2018   No comments
රට බෙදන ව්‍යවස්ථා මර උගුල පරදවන්න ආණ්ඩුවට එරෙහිව චන්දය දෙන්න
-ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශිෂ්ඨයාගේ හඬට සවන් දෙමු
ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා


යුතුකම සම්මන්ත්‍රණය
කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී
2018-01-18




යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

12/27/2017

රණවිරු දියණිය ඉදිරියේ හෙළිවුණු එක්‌සත් ජාතීන්ගේ නිරුවත!

කතෘ:යුතුකම     12/27/2017   No comments


දැන් රටේ ජනතාව සිටිනුයේ මැතිවරණය දෙස බලාගෙනය. එහෙත් ඔවුන් එසේ සිටියදී පසුගිය දිනවල සිදුවූ වැදගත් සිදුවීම් රැසක්‌ද විය. ඒ අතරින් බරපතළම කරුණක්‌ වූයේ එක්‌සත් ජාතීන්ගේ ඊනියා නියෝජිත පිරිසක්‌ යළිත් වරක්‌ ශ්‍රී ලංකාව අරබයා ප්‍රබල අතපෙවීමක්‌ සිදු කිරීමය.

මේ නියෝජිත පිරිස වූයේ දින එකොළහක නිල සංචාරයක්‌ සඳහා මෙරටට පැමිණි අත්තනෝමතික රඳවා ගැනීම් පිළබඳ එක්‌සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුවය. මේ පිරිස ඊනියා නියෝජිත පිරිසක්‌ යෑයි අප හඳුන්වන්නේ ඇයි?

එසේ කීමට සිදුව තිබෙන්නේ ඓතිහාසික වෛරයකින් මෙන් ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රියාත්මක වූ ඔවුන් මනීමරු ත්‍රස්‌තවාදී රැළක්‌ වෙනුවෙන් කඳුළු සලමින් පක්‍ෂග්‍රාහී ලෙස කටයුතු කරන අතරේ මෙරට සිංහල, දෙමළ ජාතික අසමගියක්‌ මතුවන පරිදි ප්‍රසිද්ධියේම පෙනි සිටි නිසාය.

පැහැදිලිවම කිවහොත් අත්තනෝමතික රඳවා ගැනීම් පිළිබඳ සොයන්නට ආ මොවුන් "එක්‌සත් ජාතීන්" කියන වදනටද නිගා දෙමින් මෙරට ගත කළ දින එකොළහ තුළම සිදු කළේ අත්තනෝමතික වැඩය. හිතුවක්‌කාරකම්ය. බලහත්කාරකම්ය. එහෙත් සියල්ල සිදු කෙරුණේ වත්මන් ආණ්‌ඩුවේ නිවටකමට ආවරණය වීමෙනි.

මේ පිරිස එක්‌සත් ජාතීන් නියෝජනය කළේ නම් සර්ව සාධාරණ විය යුතුය. පක්‍ෂග්‍රාහි නොවිය යුතුය. ඔවුන් අපට කියන අත්තනොමතිකභාවය ඔවුන් තුළ නොතිබිය යුතුය. එහෙත් මේ නියෝජිතයේ එසේ කටයුතු නොකළහ.

ඔවුන් මෙරටට පැමිණි දිනයේ සිට සිදු කළේ රටේ ඇති යුද හමුදා බුද්ධි බළකා කඳවුරුවලට මෙන්ම වෙනත් ආරක්‍ෂ අංශ කඳවුරුවලට කඩා පනිමින් එම කඳවුරුවල අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ඇවිද ගොස්‌ මහා විමර්ශන සිදු කර ලූනු බිකක තරම් දෙයක්‌වත් සොයාගත නොහැකිව ආපසු යැමය.

එසේ කිසිවක්‌ සොයාගත නොහැකි වුවද ඉදිරියේදී මොවුන් ඉදිරිපත් කරන වාර්තා තුළින් ශ්‍රී ලංකාවට එරෙහිව සුපුරුදු ලෙස නොයෙකුත් චෝදනා නැගෙන්නට නම් බැරි නැත. එක්‌ අතකට බලන කල අද එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පක්‍ෂග්‍රාහී එකක්‌ බවට එක්‌සත් ජාතීන් තුළින්ම චෝදනා නැගෙද්දීත් ඔවුන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හැසිරෙන ආකාරය දෙස බලන විට මේ පිරිස මෙසේ කටයුතු කිරීමේ අරුමයක්‌ද නැත.

ලෝක සිතියමේ බලවත් මර්මස්‌ථානයක පිහිටි ශ්‍රී ලංකාව තම තමන්ගේ ජාත්‍යන්තර දේශපාලන දැක්‌මේදී ඔවුන්ට ඉතා වැදගත්ය. එනිසා මේ රට ශක්‌තිමත් වීම ඔවුන් රුස්‌සන්නේ නැත. ජාතික අසමගිය, දුප්පත්කම, අභ්‍යන්තර ගැටුම් ආදිය තුළ ශ්‍රී ලංකාව අරාජිකව තිබෙනු දැකීම ඔවුන්ගේ එකම අරමුණය.

එසේ නොවේ නම් යුද්ධය අවසන්ව අප ත්‍රස්‌තවාදය පරාජය කර වසර දහයකට ආසන්න කාලයක්‌ ගතවී තිබියදීත් අදටත් මොවුන් එක්‌සත් ජාතීන්ට මුවා වී අපට කෙනහිලිකම් කරමින් කොටින්ට හා බෙදුම්වාදයට පණදෙන්නට වෙහෙසෙන්නේ වෙන මොන අහවල් කෙංගෙඩියකටද?

මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ අත්තනෝමතික ලෙස හමුදා කඳවුරුවලට කඩා වැදුණු එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පිරිස ඒ අතරතුර අත්අඩංගුවට ගත් දරුණු කොටි ත්‍රස්‌තවාදීන් රඳවා සිටින බන්ධනාගාර වෙතද ගියහ.

එසේ ගියේ බන්ධනාගාරවල රඳවා කොටින්ගේ සුවදුක්‌ විමසා කඳුළු පිසින්නටය. අත්නෝමතික රරඳවා ගැනීම් සොයන්නට පැමිණි ඔවුන් එසේ කොටි ත්‍රස්‌තවාදීන් සිටි සිරකුටි වෙත ගියද යහපාලනය පැමිණීමෙන් පසුව විවිධ කතා කියමින් අත්අඩංගුවට ගෙන සිරගත කර සිටින හමුදා සාමාජිකයන් බැලීමට නම් නිකමටවත් නොගියේය.

ඔවුන්ගේ එකම අරමුණ වී තිබුණේ එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ගේ තත්ත්වය කුමක්‌දැයි සොයා බලමින් මේ කොටි ත්‍රස්‌තයන්ට නිදහස හිමි කර දීම සඳහා රජයට බලපෑම් කිරීමය. රට පුරා බෝම්බ අටවමින් අමු අමුවේ මිනිස්‌ ඝාතන සිදු කළ ඔවුන්ට අනුව ලෝකයේ තිබූ දරුණුම ත්‍රස්‌තවාදී සංවිධානයේ සිටි ත්‍රස්‌වාදීන්ට අද එක්‌සත් ජාතීන් මෙසේ කරුණාව දක්‌වන්නේ කුමක්‌ නිසාද?

එසේ සිදු කරන්නේ මෙහි ඉහතින් සඳහන් කළ කුහක අරමුණ නිසා නොවන්නේද? අවසානයේ මෙසේ රට වටේ ගිය එක්‌සත් ජාතින්ගේ නියෝජිත පිරිස ඉකුත් සිකුරාදා තමන් කළ සොයා බැලීම් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක්‌ කැඳවූහ.

එක්‌සත් ජාතීන්ගේ පමණක්‌ නොව, අත්තනෝමතික රඳවා ගැනීම් පිළිබඳ සොයන්නට මෙරටට පැමිණ කොටින්ට කඩේ ගිය මේ යූඑන් නඩයේ කෙරුවාවේ තරම ලොක්‌යටම හෙළි වූයේ මේ මාධ්‍ය හමුව අතරතුරදීය.

මේ පිරිස විමර්ශනයක්‌ සඳහා ශ්‍රී ලංකාවට එන බව ප්‍රකාශ වූ දින පටන් ඔවුන් හමුවී විශේෂිත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කිරීමට සූදානම් වූ පිරිසක්‌ ද රටේ වූහ. ඒ වැල්ලවත්තේ තරුණයන් පස්‌ දෙනකු ඇතුළු පුද්ගලයක්‌ එකොළොස්‌ දෙනකු පැහැරගෙන ගිය බව පවසමින් සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින නාවික හමුදා බුද්ධි අංශයේ රාජකාරි කළ කමාණ්‌ඩර් ඩීකේපී දසානයකගේ බිරිඳ ඇතුළු දරුවන් සහ කමාණ්‌ඩර් සුමිත් රණසිංහගේ දරුවන් දෙදෙනාය.

මේ නාවික විරුවන් පිරිස අත්අඩංගුවට ගෙන මේ වන විට මාස ගණනාවක්‌ ඉක්‌ම ගොස්‌ ඇත. එහෙත් මේ දක්‌වා ඔවුන්ට එරෙහිව සැකය මිස පැහැදිලි චෝදනා එල්ල වී නොතිබීම නිසාම කමාණ්‌ඩර් දසනායකගේ බිරිඳ ඇතුළු දරුවෝ මෙසේ තමන්ට සිදුව ඇති අසාධාරණය එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පිරිසට ලිතව ඉදිරිපත් කරන්නට සූදානම් වූහ.

ඒ අනුව මේ නියොජිත පිරිස මෙරටට පැමිණි දිනයේ සිට කොළඹ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයට අදාළ ඊමේල් ලිපිනය ඔස්‌සේ එහි නිලධාරීන් සමඟ සම්බන්ධ වු ඔවුන් තමන්ට අදාළ නියෝජිත පිරිස හමුවීමට අවස්‌ථාවක්‌ ලබා දෙන ලෙස ඉල්ලිම් කළේය. එහෙත් එහිදී ඔවුන්ට එක්‌සත් ජාතින්ගේ කොළඹ කාර්යාලයෙන් පවසා තිබුණේ එම නියෝජිතයන් හමුවීමට ඉඩක්‌ ලබා දිය නොහැකි නිසා අවශ්‍ය නම් ඉදිරිපත් කිරීමට ඇති පැමිණිල්ල ඊමේල් මගින් යොමු කරන ලෙසය. ඔවුන් කී ලෙසම, මේ රණවිරු බිරිඳ හා දරුවන් පැමිණිල්ල ඊමේල් කළේය. එය සිදු වන්නේ අදාළ නියොsජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණි විගසමය.

එහෙත් එසේ පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර තිබියදීත් එම නියෝජිතයන් නිකමටවත් මේ නාවික විරුවන් පිරිසට සිදුව ඇති අවනඩුව බලන්නට ඔවුන් රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරයට නොගියේය. එක්‌සත් ජාතීන්ගේ හා අදාළ නියෝජිත පිරිසේ නිරුවත ලොවට හෙළිවීමේ කතාව ඇරඹෙන්නේ එතැනිනි.

"ඔව්. අපි පැමිණිල්ල කොළඹ යූ. එන්. කාර්යාලයට යෑව්වට ඔවුන් නිකමටවත් ඩීකේපී දසනායක, සුමිත් රණිසංහ ඇතුළු නාවික හමුදා නිලධාරීන් පිරිස බලන්න ගියේ නැහැ. පස්‌සේ අපිට ආරංචි වුණා මේ නියෝජිත පිරිස මාධ්‍ය හමුවක්‌ කැඳවල කියලා.

"අපි ගියා අපේ පැමිණිල්ලත් අරගෙන එතනට. ඒක තිබුණේ බීඑම්අයිසීඑච් එකේ. අපි යනකොට එතන දෙමළ තරුණියක්‌ හිටියා. අපි එයාට අපේ වුවමනාව කිව්වහම ඕක මට දෙන්න මම නියෝජිතයන්ට පැමිණිල්ල භාර දෙන්නම් කියලා ඇය කිව්වා.

"ඒකට අපි කැමති වුණේ නැහැ. පස්‌සේ මාධ්‍ය සාක්‌ච්චඡාවට පෙර නියෝජිත පිරිස රැඳී සිටිය කාමරයෙන් එළියට ආපු තවත් දෙමළ තරුණියක්‌ අපේ පැමිණිල්ල තමන්ට දෙන්න කියල කිව්වා. අප ඒකත් ප්‍රතික්‍ෂෙප කළා.

මේ අතරෙදී අප හිටපු තැනට ආව දෙමළ මාධ්‍යවේදිනියක්‌ අපේ පැමිණිල්ල ඇයට දෙන්න කියලා ඉල්ලා සිටිය. එවෙලේ මා ඇයට කිව්වා අප ආවේ නියෝජිත පිරිස හමුවන්න කියලා. මම එහෙම කිව්ව විතරයි මේ මාධ්‍යවේදිනිය ඉතාම පහත් විදිහට අපට කතාකරන්න පටන් ගත්තා. ඇය විවිධ කතා කිව්වා.

මේ අතරේ එතන හිටපු ආරක්‍ෂක නිලධාරීන් පිරිසක්‌ ඇවිත් මාවයි, දරුවෝ දෙන්නයි, කමාණ්‌ඩර් සුමිත් aරණසිංහගේ දරුවන්වයි නියෝජිත පිරිස රැඳී සිටි ශාලාවෙන් එළියට දැම්මා. සුමිත්ගේ බිරිඳ රෝගීව රෝහල්ගතව සිටින නිසා ඇයට මේ අවස්‌ථථාවට එන්න බැරි වුණා.

එහෙම එළියට දැම්මට පස්‌සේ මාධ්‍ය සාකච්ඡාව අවසන් වෙලා නියෝජිත පිරිස එළියට එනකොට අපේ පැමිණිල්ල ඉදිරිපත් කරන අදහසින් මායි දරුවොයි එම ස්‌ථානයේ රැඳී සිටියා. ඒත් ඔවුන් අවේ නැහැ. කොළඹ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයේ නියෝජිතයෙක්‌ ඇවිත් අපට කිව්වා අපේ පැමිණිල්ල භාර ගන්න බැහැ කියලා.

මුලින්ම අපෙන් ඇහුව ප්‍රශ්නය තමයි අපි ඉදිරිපත් කරන්නේ එලිටීටීඊ එක ගැන පැමිණිල්ලක්‌ද කියන එක. එහෙම එකක්‌ නෙවේ කිව්ව තැන ඉඳන් තමයි මේ සියල්ල සිද්ධ වුණේ. ඔවුන් පැමිණිල්ල භාර ගැනීමට බැහැ කිව්ව නිසා පස්‌සේ මගේ දුව එය මාධ්‍ය හමුව පැවත්වෙන කාමරයට රැගෙන ගොස්‌ ඔවුන්ට ලබා දෙන්න උත්සාහ කළා. එවිට ආරක්‍ෂක අංශයේ පිරිස ඇතුළට යන්න දෙන්න බැහැ කියලා දුවව ඉවත් කළා. ඔන්න ඔය ටික තමයි එදා එතනදී සිදු වුණේ.

මේ මාධ්‍ය හමුවේදී එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පිරිස සහ අනෙකුත් නිලධාරීන් හැසිරුණු ආකාරය එසේ අපට හෙළි කළේ නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩීකේපී දසනායක මහතාගේ බිරිඳය. දසනායක මහතාගේ දියණිය මාධ්‍ය අමතමින් තමන්ට සිදුවූ අසාධාරණය ලොවට කියන්නේ මේ අවස්‌ථාවේදීය. එහිදී එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් තමන්ගේ පියා සිරගත වීම පිළිබඳ සතුට ප්‍රකාශ කළ බවක්‌ද මේ දියණිය පැවසුවාය.

ඒ හමුවේ බෙන් එමර්සන්ගෙන් අහන්නට අපටද ප්‍රශන්යක්‌ ඇත. ඒ අනේ මහත්යෝ ලෝකයට අමූලික බොරු කියා ඉරාකයටයි ලිබියාවටයි ගහලා සදාම් හුසේන්වයි, ගඩාබිවයි අමු අමුවේ මරපු උන්ව සිරගත කරනු දැකීම තමන්ගේ ආශාව කියන්නට ඔය ඇට නැති නොසෙල්වෙන්නේ ඇයිද කියාය.

එසේම එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් අල් හුසේන් මහත්තයෝ, මෙවර ලංකාවට පැමිණි එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පිරිසේ කෙරුවාව තිබුණේ මෙතැන නම් අපට ඔබෙන් අසන්නට ඇත්තේ මානව හිමිකම් කඩතුරාවට මුවා වී කෝටි දෙකක්‌ ඉක්‌මවූ සමස්‌ත ශ්‍රී ලාංකිකයන්ට නුඹලා යළිත් ලේ කඳුළු උරුම කර දෙන්නේ කවදාද?

රණවිරුවන් පසෙක තබා පක්‍ෂග්‍රාහිව කොටි සිරකරුවන් බලන්නට ගිය මේ නියෝජිත පිරිස අවසානයට කීවේ ඔවුන්ගේ පුද්ගලික නිදහසට බලධාරීන් ගරු කර නැති බවකි. අනේ මහත්වරුනි, නුඹලා මේ අපට කියන්නේ ජාතියට බෝම්බ ගහපු එවුන් ඉදිරියට ගොස්‌ කරේ ලේන්සුව අතට ගෙන කාණුවට බැහැපන් කියාද?

සමන් ගමගේ [Divaina]


යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

7/23/2017

රෝගී අණ්ඩුවකට ව්‍යවස්ථාවක් සම්පාදනය කළ හැකි ද?

කතෘ:යුතුකම     7/23/2017   No comments
රෝගී අණ්ඩුවකට ව්‍යවස්ථාවක් සම්පාදනය කළ හැකි ද?
සැබෑ ප්‍රශ්නය ව්‍යවස්ථාව ද? 
වාර්ගික පදනමින් බලය බෙදීම හරහා රට අස්ථාවර කර ගන්නවා ද?
ජේ ආර් ජයවර්ධනගේ ව්‍යවස්ථාව පිළිබඳ කොතරම් විවේචන තිබුණ ද එම විවේචනය අදාළ වන්නේ ව්‍යවස්ථාව ප්‍රායෝගික ව ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රශ්නයකට ද යන්න සංවාදයට බඳුන් කළ යුතු කාරණයකි. මන් ද ව්‍යවස්ථාවේ තිබෙන අඩුපාඩුවක් නිසා අහවල් ගැටළුව මතු වී ඇතැයි නිශ්චිතව පෙන්වා දිය නොහැකි බැවිනි. කෙසේ වෙතත්, ජේ ආර්ගේ ව්‍යවස්ථාව විසින් ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රශ්නයට, අදාළ ප්‍රශ්නය විසින් ම ඉල්ලා සිටි මිලිටරි විසඳුම දීමට අවශ්‍ය කරන බලය රැගත් විධායකය සම්පාදනය කර තිබුණි. එවැන්නක් නොතිබෙන්නට මහින්ද රාජපක්‍ෂ රජයට දිගට හරහට පැටලී තිබූ ත්‍රස්තවාදයට එරෙහිව ධෛර්යවන්ත ප්‍රතිචාරයක් දීමට නොහැකි වන්නට ඉඩ තිබුණි. එසේ නොවූවා නම්, ලංකාව අද තිබෙන සාමකාමී තත්වයට ලබා නොගන්නවා පමණක් නොව, උතුරු නැගෙනහිර වර්ගවාදී දෙමළ රාජ්‍යක් බිහිවීමෙන් එහා ගොස්, පසුව එය ඉන්දියාවට ද පැතිර මුළු කලාපය ම එකම ගිනිහලක් වීමට හැකියාව තිබුණි.

එහෙත් ලංකාවේ ප්‍රශ්නයක් ඇත. එසේ නම් ඒ කොහේ ද? ඇත්ත වශයෙන් ම අපගේ ප්‍රශ්නය ඇත්තේ මැතිවරණ ක්‍රමයේ ය. එනම් මනාප ඡන්ද ක්‍රමය තුළ ය. වෙනස් විය යුත්තේ එයයි. ලංකාවේ දේශපාලන සංස්කෘතිය උඩුයටිකරු කොට, දේශපාලකයා දේශපාලනයෙන් විතැන් කොට ව්‍යාපාරිකයෙකු බවටත්, ඉන් එහාට ගොස් රස්තියාදුකාර මදාවියෙකු බවටත් පත් කළේ මේ ක්‍රමයයි. ඇත්ත වශයෙන් ම, එසේ වීම ක්‍රමය විසින් ම ඉල්ලා තිබුණි. මැතිවරණයක දී මනාප ලබා ගැනීම සඳහා වන හැකියාව නොමැති නම් ඔහු හෝ ඇය පද්ධතියෙන් එළියට විසි වේ. මෙම ක්‍රමය දූෂිත සමාජ වටපිටාවකට මෙන් ම සියල්ලට ඉහළින් දේශපාලනකයා තැබෙන හා, ඒ හරහා සමාජයේ සිවිල් නායකත්වයන් අහෝසි කරන තැනට වර්ධනය විය. ඒ අනුව, අදාළ ක්‍රමය අහෝසිකර දැමීම ලංකාවේ බොහෝ සමාජීය, සංස්කෘතික හා දේශපාලන කාරණාවන්ට මංපෙත් විවර කරනු ඇත.

නැවතත් අප, ජේ ආර් ව්‍යවස්ථාව දෙසට ගියහොත්, පෙන්වා දිය යුතු කරුණ වන්නේ, එම ක්‍රමය ලංකාව වැනි සංවර්ධනය වෙමින් තිබෙන රටකට සිය ඉදිරි පිම්ම පැනීම සඳහා පහසුකම් සපයන බව ය. මෙහි දී කෙනෙකු නගනු ඇති ප්‍රශ්නය වන්නේ, අදාළ ව්‍යවස්ථාව විසින් දෙමළ ප්‍රශ්නයට විසඳුමක් ලබා නොදෙන බව ය. අපගේ මතය නම්, උතුරු නැගෙනහිර ප්‍රශ්නය යනු දේශපාලන විසඳුමක් නොව, ආර්ථික හා පරිපාලන විසඳුමක් ඉල්ලා සිටින ප්‍රශ්නයක් බව ය. සිය ආර්ථික හා පරිපාලන අවශ්‍යතා සපිරෙන විට එම ප්‍රශ්නය ඉබේම පහව යනු ඇත.

වත්මන් රජය විසින් ගෙන ඒමට සැරසෙන ව්‍යවස්ථා සංශෝධනය හරහා සිදුවනු ඇත්තේ ප්‍රශ්නය කොනක් නොපෙනෙන අගාධයකට තල්ලු කර දැමීම ය. ඊට හේතුව ඉහත පෙන්වා දුන් ආර්ථික හා පරිපාලන සාධක සැලකිල්ලට නොගෙන, හුදු මවාපාන ලද සංඥානන (perception) මත රැ‍ෙඳෙමින් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ය. ව්‍යවස්ථාවක් සම්පාදය විය යුත්තේ තාවකාලික ගැටළුවලට විසඳුම් ලෙස නොව, දිගුකාලීන ජාතික අවශ්‍යතා වෙනුවෙනි. පවතින සංඥානිත ගැටළුවලට උත්තර වශයෙන් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ප්‍රතිඵලය වනු ඇත්තේ, ප්‍රශ්නය සදාකාලික ව එකසේ තිබීම විනා විසඳීම නම් නොවේ. අප එසේ කියන්නේ කාරණා කීපයක් නිසා ය.

එකක් වත්මන් රජයට ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට අවශ්‍ය අගතියෙන් තොර ගැඹුරු දේ්ශපාලන දැක්ම නොතිබීම ය. එය භයානක තත්වයකි. 19 වැනි සංශෝධනයේ අන්තර්ගතයෙන් එය මනාව තහවුරු වේ. 19 වැනි සංශෝධනය යනු සපුරා දේශපාලන ලියවිල්ලකි. එහි මූලික ම අරමුණ වූයේ මහින්ද රාජපක්‍ෂ නැවත වරක් ඡන්දයකට පෙනී සිටීම අහෝසි කිරීම මිස අනෙකක් නොවේ. අනෙත් අවශ්‍යතාව වූයේ, රනිල් වික්‍රමසිංහ වෙත විධායකයේ බලතල ග්‍රහණය කර ගැනීමට අවස්ථාව සලසා ගැනීම ය. තව ද මහමැතිවරණයේ දී තමාට ලැබෙන බලය පිළිබඳ අවිනිශ්චිතතා තිබූ හෙයින් ඊට ගැලපෙන ලෙස ඊනියා ජාතික රජයකට අවශ්‍ය ප්‍රතිපාදන එකී සංශෝධනය තුළට ඇතුළු කිරීම ය. රාජපක්‍ෂ සාධකය පිළිබඳ කරුණ අප පසෙකින් තබමු. එහෙත් දෙවැන්නෙහි හා තෙවැන්නෙහි ප්‍රතිඵලයක් ලෙස සිදු වූයේ ලංකාව අර්බුදයෙන් අර්බුදයට ගමන් කිරීම බව මෑත ඉතිහාසය සාක‍්‍ෂි දරයි. එය කොතරම් ව්‍යසනකාරී ද කිවහොත්, ආණ්ඩුවට පාරා වළල්ලක් වූයේ ද මේ ක්‍රියාවයි. විධායකයේ බලතල දේශපාලන කාරණා මත අගමැති සතුකර ගැනීම හරහා රටේ ආර්ථික ඇතුළු සියළු ආකාරයේ ප්‍රතිපත්ති පිළිබඳ දැඩි අවිනිශ්ත බවක් ඇති විය. එමෙන් ම, තමා වෙතින් ඉවත් වූ බලතල තමා සතුව තාමත් තිබෙතැයි සිතන ජනපතිවරයෙකු නිසා එම ප්‍රශ්නය තවත් උග්‍ර විය. 19 වැනි සංශෝධනයෙන් ගෙන ආ ඊනියා ජාතික රජය නිසා සිදු වූයේ ලංකාවට එදා සිට පැවති විපක්‍ෂයේ ක්‍රියාකාරිත්වය අහෝසි වි ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ස්ථම්භයක් එතුළින් අක්‍රිය කර දැමීම ය. ජනතා හඬට අවශ්‍ය අවකාශය සෑම තැනින් ම අවහිර වූ අතර, ඉට ප්‍රතිචාර ලෙස ආණ්ඩුව කළේ ජාතික රජයක් පිළිබඳ මන්ත්‍රය ජපකරමින් සිටීම පමණි. මේ අතර, ජාතික රජයක් නම් එහි විපක්‍ෂයක් කිසිසේත්ම තිබිය නොහැකි වුවත් වත්මන් ක්‍රමය තුළ, දෙමළ ජාතික සංධානය නම් ඊනියා විපක්‍ෂ විහිළුවක් ද පිහිටුවා තිබේ. මේ නම් මොනතරම් ප්‍රහසනයක් ද?

වත්මන් ව්‍යවස්ථාව හැර අලුත් ව්‍යවස්ථාවට යනු ලබන්නේ විධායකයේ බලය බෙදනු පිණිස මිස අන් කාරණයකට නොවේ. බලය බෙදිය යුතු නැතිනම් වත්මන් ව්‍යවස්ථාව හැර දැමීමේ අවශ්‍යතාවක් නැත. බලය බෙදීම යනුවෙන් අදහස් කරනු ලබන්නේ, විධායකය හා පාර්ලීමේන්තුව සතු බලතල විශේෂයෙන් උතුරු නැගෙනහිර ඉලක්ක කොට ලංකාව පුරා බෙදා හැරීම ය. ඒ හරහා දැනට මධ්‍යම රජය හා පළාත් සභා අතර තිබෙන සමගාමී ලැයිස්තුව අහෝසි වන අතර, විධායකය තවදුරයත් දුර්වල කොට, ඒකීයභාවයෙන් තොර පද්ධතියක, ලංකාව පුරා කුඩා කුඩා අර්ධ ස්වාධීන රාජ්‍ය බිහිවනු ඇත. කොටින් ම එහි දී, මධ්‍යම රජයක භූමිකාව අනවශ්‍ය තැනකට පත්වන අතර, ඒ ඒ කුඩා රාජ්‍ය කීපයක් විසින් තමාට කියා නීති සම්පාදනය හා ප්‍රතිපත්ති සම්පාදනය කරනු ඇත. මධ්‍යම රජයට තම ප්‍රතිපත්ති ඉහත අර්ධ ස්වාධීන රාජ්‍ය තුළ ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම අපහසු වනු ඇති අතර රටේ ආර්ථික, දේශපාලන හා සමාජ ව්‍යාකූලතා නන්දෙසින් උද්ගත වනු ඇත. කොටින් ම රට සෑම අතින් ම අස්ථාර වනු ඇත. ඊට ඉඟියක් සපයන්නේ 2012 වසරේ දී බැසිල් රාජපක්‍ෂ මහතා විසින් පාර්ලීමේන්තුවට ඉදිරිපත් කළ දිවිනැගුම පනත හා ඒ ආශ්‍රිතව ගොඩ නැගුණු අර්බුදයයි. එහි මූලික කියවීම වන්නේ, වත්මන් පළාත් සභා ක්‍රමය තුළ පවා එවැනි අර්බුද මතු කිරීමට හැකියාව තිබීම තුළ ඉන් බොහෝ එහා ගිය ව්‍යවස්ථාවක කෙසේ වනු ඇති ද යන්න කල්පනා කිරීමෙනි. ඇත්ත වශයෙන් ම, දිවිනැගුම පනත සියළු පළාත් සභාවල අනුමැතිය ගත යුතු බවට අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක විසින් තීරණය කිරීම ලංකාවේ සුවිශේශි කඩඉමකි. ඇය එසේ කළේ, එය උතුරේ සම්මත නොවන බව දැන ලංකාව ෆෙඩරල් කිරීම සඳහා මූලික අඩිතාලම දැමීමේ අටියෙනි. ඇත්ත වශයෙන් ම, ශිරාණි බණ්ඩාරනායක ධුරයෙන් ඉවත් කිරීම දක්වා දිග් ගැසුණේ එම කරුණයි. කොටින් ම දිවිනැගුම පනතට වඩා, එවර මහින්ද රජයට අවශ්‍ය වූයේ ලංකාවේ ඒකීයභාවය පලුදු කරනසුළු ශ්‍රේෂ්ඨාධිකරණයකින් රට බේරා ගැනීමට ප්‍රමුඛතාව දීම ය. ඒ කෙසේ වෙතත්, නව තත්වය යටතේ විධායකය ද නැති, සමගාමී ලැයිස්තු ද අහෝසි වී අර්ධ-රාජ්‍යයක් කීපයක් ලංකාවේ නන්දෙස බිහි වුවහොත් අප රට කොතනින් නතර වේ ද?
-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ-

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

7/15/2017

"රට බෙදන ව්‍යවස්ථාව සඳහා ආණ්ඩුවේ නීච වැඩ - සාක්ෂි සහිත හෙළිදරව්ව" - ගෙවිඳු කුමාරතුංග

කතෘ:යුතුකම     7/15/2017   No comments
තවමත් "කිසිවෙක් නොදුටු" ව්‍යවස්ථාවකට එරෙහි වීම සාධාරණදැයි ආණ්ඩුවේ එහෙයියන් සහ බෙදුම්වාදී ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටින බෙදුම්වාදීන් , බෙදුම්වාදී ව්‍යවස්ථාවට එරෙහිව අදහස් දක්වන්නන්ගෙන් පෙරළා ප්‍රශ්න කරති. සැබෑවටම මෙය තවමත් "නොදුටු " ව්‍යවස්ථාවක් ද?

බෙදුම්වාදය පිනවන ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ මැදිහත්වීම සාධක සහිතව සිදුකරන හෙළිදරව්වක් පසුගියදා සිදු කෙරිණ. ඒ යුතුකම සංවාද කවය මගින් පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. එහිදී ගෙවිඳු කුමාරතුංග මහතා පළ කරන අදහස් පහත සබැඳියෙන් නරඹන්න.



https://www.facebook.com/yuthukama
යුතුකම සංවාද කවය
www.yuthukama.com


6/23/2017

සංහිඳියාව අවශ්‍ය නම් පළිගැනීම වෙනුවට රට රැකි අපේ රණවිරුවන්ගේ වීරත්වයත් කැපවීමත් පිළිගන්න -ගෙවිඳු

කතෘ:යුතුකම     6/23/2017   No comments
සංහිඳියාව අවශ්‍ය නම් පළිගැනීම වෙනුවට
රට රැකි අපේ රණවිරුවන්ගේ වීරත්වයත් කැපවීමත් පිළිගන්න -ගෙවිඳු


රත්මලාන මල්ලිකාරාම විහාරස්ථානයේ පසුගියදා පැවැති (2017-06-18) රණවිරු උත්තම පූජා උපහාර උළෙලේදී මුඛ්‍ය දේශනය සිදුකළ ගෙවිඳු කුමාරතුංග මහතා



යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

6/14/2017

ඇත්තටම ආණ්‌ඩුව විදුලි පුටුවේ වයර් ගැලෙව්වාද?

කතෘ:යුතුකම     6/14/2017   No comments
-සමන් ගමගේ -

ආණ්‌ඩුවට අනුව නම් දැන් අපට විදේශීය වශයෙන් කිසිදු බලපෑමක්‌ නැත. අපේ රණවිරුවන්ට එරෙහි මානව හිමිකම් චෝදනා එල්ල කරමින් ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය වැනසීම හමුවේ ඔවුන්ව ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලියක්‌ වෙත රැගෙන යැමට කටයුතු නොකෙරෙන බව ආණ්‌ඩුව කියන්නේය.

යහපාලනයේ සංහිඳියා සහ සහජීවන ක්‍රියාවලිය මෙයට ප්‍රබල හේතුවක්‌ වී තිබෙන බවද රජයේ අදහස වී ඇත. ආණ්‌ඩුවේ මුහුකුරා ගිය විදේශ ප්‍රතිපත්තිය තුළින් දැන් තමන් රට පමණක්‌ නොව සියල්ල දණ්‌ඩනයෙන් ගලවාගෙන සිටින බව රජය සමාජයට දෙන පණිවිඩය වී ඇත.

එහෙත් යථාර්ථය පවතින්නේ මේ කියන කතා තුළද? සැබවින්ම යුද්ධය මෙහෙයවූ දේශපාලන නායකත්වය සේම සෙන්පතියන් ඇතුළු සමස්‌ත රණවිරුවෝ දැන් යුද අපරාධ යන ජාත්‍යන්තර අසත්‍යය හමුවේ සුරක්‍ෂිත වී සිටිතිද?

ඕනෑම අයකුට "මහින්ද විදුලි පුටුවට යන එක අපි නැවත්තුවා.. දැන් රට සුරක්‍ෂිතයි.. අපි ජාත්‍යන්තරය දින්නා.." ආදී වශයෙන් දේශපාලන බයිලා කියන්නට හැකිය. එහෙත් පෙනනේනට ඇති පරිදි නම් යකා තවමත් ඇත්තටම කළුය. රජය සමාජගත කරන කතා තුළ යථාර්ථය ගෑවිලාවත් නැති සේය.

ඇත්ත එය නොවන්නේ නම් ජිනීවා පදය හා යමින් යහපාලනය කරළියට පැමිණි විගස ආණ්‌ඩුව "අපි රණවිරුවා සුරක්‍ෂිත කළේය" යෑයි කියන අතරේ අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත වැනි නව පනත් සම්මත කරගනු ලැබුවේ කුමකටද? ඇතැම්විට එසේ කොන්ද කඩාගත් කල සියල්ල විසඳෙනු ඇතැයි මෙහිදී යහපාලනයේ ඇතැම් දේශපාලනඥයන්ගේ ටිකිරි මොළවලට කල්පනා වූවාද විය හැකිය.

එහෙත් තමන්ට වදින කල ත්‍රස්‌තවාදය පරාජය කළ යුතු යෑයි කියන ජාත්‍යන්තර බලවේග එදා ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට ආසිරි පතමින් සිට ශ්‍රී ලංකා හමුදා එල්ටීටිඊය වැනසූ මොහොතේ පටන් "මෙන්න මුන් යුද අපරාද කළා"යෑයි කියමින් රටට සහ රජයේ හමුදාවන්ට චෝදනා කරනු ලැබුවේ "ටිකිරි ළියා" රංගනයකට අනුව නම් නොවීය.

ඒ තුළ එක්‌ පැත්තකින් තිබුණේ තමන්ට අවනත නොවී යුද විජයග්‍රහණය වෙත ගිය ශ්‍රී ලාංකීය දේශපාලන නායකත්වය සමඟ ඇතිවූ විරසකය ය. අනෙක්‌ පසින් තිබුණේ මේ බිම බෙදා වෙන්කිරීම තුළින් තමන්ගේ ගෝලීය අරමුණු ජයගන්නට දැරූ උත්සාහය ව්‍යර්ථ වීමේ වියරුවය. එහෙයින් තමන්ට එරෙහිවූ මෙරට දේශපාලන වටපිටාව වෙනස්‌ කරනු තුරුම ඔවුහු දරුණු ලෙස එකී චෝදනා ජාත්‍යන්තර වශයෙන් ජිනීවා හරාහා අපට එරෙහිව එල්ල කළහ.

යහපාලනයත් සමඟ පැවති දේශපාලන වටපිටාව වෙනස්‌ වූ නිසා ඔවුන් එසේ ශ්‍රී ලංකා හමුදාවන්ට නඟන ලද චෝදනාවනහි දැඩිබව යම් තරමකට සමනය වූ බව සත්‍යයකි. එසේ වූයේ අපට ඇති ආදරයකට නොව, ප්‍රභාකරන් යොදා ඔවුන් ජයගන්නට ගිය අරමුණ මෙරට දේශපාලනටයේ වර්තමානයට අනුව දෙමළ බෙදුම්වාදය තුළින් වෙනත් වටයකින් ජයකණුව කරා ගෙන යන්නට හැකි බව අපට එරෙහි වූ ජාත්‍යන්තරය කල්පනා කළ බැවිනි.

අද "අපි ජාත්‍යන්තර දිනා ගත්තෙමුයි" යන ආණ්‌ඩුවේ උදාන වාක්‍යය තුළ තිබෙන්නේ මේ සත්‍යය. එසේ නොමැතිව කිසිසේත්ම ජාත්‍යන්තරයෙන් අපට එල්ල කෙරුණු චෝදනා අතහැර දැමීමක්‌ නොවන්නේය. එය වඩාත් තහවුරු වන්නේ යහපාලනය විසින්ම ඇති කරන ලද අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත දෙස බැලීමේදීය.

මේ පනතට අනුව එකී කාර්යාලයට නිලධාරීන් පත්කරන්නේ ව්‍යවස්‌ථාදායක සභාව මගිනි. විපක්‍ෂ නායක සම්බන්ධන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු එම සභාවෙහි ආධිපත්‍යය දරති.

විපක්‍ෂ නායක සම්බන්ධන් සිටිනුයේ දෙමළ බෙදුම්වාදය තුළ බව පැහැදිලි කරුණකි. එතකොට එක්‌සත් ජාතික පක්‍ෂයේ වර්තමාන සමස්‌ත ක්‍රියාදාමය පවතින්නේ කොතැනකද?

එම කාර්යාලයට සාක්‍ෂි ආඥ පනතට පටහැනි සාක්‍ෂිද වීඩියෝ තාක්‍ෂණය මගින් ගනු ලබන සාක්‍ෂිද ලබාගත හැකිය. තමන්ට අවශ්‍ය යෑයි හැඟෙන ඕනෑම යුද, දේශපාලන නායකයෙක්‌ට විරුද්ධව චෝදනා ගොනුකොට අදාළ සාක්‍ෂි මත වරදකරු කළ හැකිය.

සාක්‍ෂි දෙන්නන්ගේ අනන්‍යතාවය වසර 20 ක්‌ යනතුරු හෙළි නොකරන අතර චූදිතයාට සාක්‍ෂිකරුගෙන් හරස්‌ ප්‍රශ්න ඇසිය නොහැක. යමෙකුට යම් චෝදනාවක්‌ එල්ල වුවහොත් හේa හමුදාවේ සිටීනම් පරීක්‍ෂණ අවසන් වනතුරු, හමුදාවෙන් ඉවත් කරනු ලබන්නේය.

යම් ලෙසකින් මෙකී අතුරුදන් වූවන්ගේ කාර්යාලය මගින් යමෙක්‌ වරදකරු කොට ඒa බව එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයට දන්වා යෑව්වහොත් එය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත වූ පනතකට අනුව ස්‌ථාපිත කාර්යාලයකින් කරන ලද "සාධාරණ" පරීක්‍ෂණයකින් ගත් තීන්දුවක්‌ වන බැවින් එම අදෘළ තැනත්තා ඕනෑම රටකදී අත්අඩංගුවට ගැනීමේ හැකියාවද ඇත.

මේ වන විට "බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ පනත" ද යහපාලනය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අවසන්ව ඇත. ඊට අදාළ ජාත්‍යන්තර ප්‍රඥප්තියටද රජය ඉකුත් කාලයේ අත්සන් කරනු ලැබීය. මෙකී පනතත් සම්මත වුවහොත් යම් වරදකට සෙබළෙක්‌ වරදකරු වන විට එම සෙබළා සේවය කළ ආයතනයේ ප්‍රධානියාද, එම වරද කිරීමට ඉඩදීම සම්බන්ධයෙන් වරදකරුවේ.

එසේ නම් මේ කියෑවෙන්නේ යුද්ධයට නායකත්වය දුන් දේශපාලන සහ හමුදා නායකත්වය දංගෙඩියට යෑවීමේ මාවත විවර කෙරෙමින් තිබෙන බව නොවේද? මෙම පනතට අනුව යම් රටකින් ඔවුන්ට විරුද්ධව නඩු පැවරුවහොත් ඒ රටට අදාළ පුද්ගලයා පිටුවහල් කිරීමට ශ්‍රී ලංකාවට සිදු වනු ඇත.

අපි යුද්ධයේදී කරනු ලැබුවේ සමූල ඝාතනයක්‌ නොවන්නේය. ප්‍රභාකරන්ගේ ප්‍රාණ ඇපයේ සිටි ලක්‍ෂ ගණනක්‌ වූ දෙමළ වැසියන්ගේ ජීවිත බේරා ගනිමින් එහිදී සිදු කෙරුණේ ත්‍රස්‌තවාදයකට එරෙහිව සිදු කළ ලොව ප්‍රථම මානුෂීය මෙහෙයුම විය. එහෙත් අද දෙමළ බෙදුම් වාදීන් එය හඳුවන්නේ ජාති සංහාරයක්‌ ලෙසිනි.

එකී ජාති සංහාරය හෙවත් වර්ග සංහාරය යන්න මේ වන විට ජිනීවා මානව හිමිකම් කවුන්සලය දක්‌වාම රැගෙන යන්නට දෙමළ බෙදුම්වාදීන් කටයුතු කර ඇත. ඉතාම සියුම් ලෙස සියල්ල සිදුවෙමින් තිබෙන්නේ ක්‍රමානුකූලවය.

ඒ අතරේ මෙරට අධිකරණ ක්‍රියාවලිය තුළ අද ජාත්‍යන්තරය කියන ඊනියා යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට සුදුසු තත්ත්වයක්‌ නැති බවත් මීට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ එක්‌සත් ජාතීන්ගේ විමර්ශන මණ්‌ඩල වාර්තාව මගින්ද එය තහවුරු කර ඇති බව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී සෙයිද් අල් හුසේන් සඳහන් කරන්නේය.

මෙයින් කියෑවෙන්නේ කුමක්‌ද? දෙමළ බෙදුම් වාදීන් ශ්‍රී ලංකා හමුදාවන්ට එරෙහිව වර්ග සංහාර චෝදනාවක්‌ නගද්දී මෙරට යුද අපරාධ හා මානව හිමිකම් පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලියක්‌ වුවමනා වන්නේ යෑයි කීම නොවේද?

මේ සිදුවෙමින් තිබෙන්නේ අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත සම්මත කර බලහත්කාරයෙන් අතුරුදන් වූවන් පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ප්‍රඥප්තියටද අත්සන් තබමින් දේශීය ක්‍රියාවලියක්‌ තුළ සිරවුණු ආණ්‌ඩුව එක්‌සත් ජාතීන්ගේ ඊනියා යුද අපරාධ චෝදනා හමුවේ රණවිරුවා විත්තිකරුවකු කිරීමට කටයුතු කර තිබියදී ඒ විත්තිකරුවා පිළිබඳ නඩු ඇසීමට ශ්‍රී ලංකා අධිකරණයට සුදුසුකම් නැතැයි කියමින් ජාත්‍යන්තර ක්‍රියාදාමයක්‌ අවශ්‍ය බව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් තරයේ අවධාරණය කිරීමක්‌ නොවේද?

එහෙත් ජිනීවා අනුව යමින් ජාත්‍යන්තරය දිනා ගන්නට මානුසීය මෙහෙයුම සිදු කළ රණවිරුවා විත්තිකරුවකුයෑයි පිළිගනිමින් එක්‌සත් ජාතීන් ඉදිරියේ අත එසැවූ යහපාලනය අද මේ පිළිබඳ කිසිදු හඬක්‌ නගන්නේ නැත. ජනීවා වෙතින් එන කතාවලට ආණ්‌ඩුවේ ප්‍රතිචාරය ගොලුවත රැකීම බවට පත්ව ඇත.

එසේ ප්‍රතිචාර දැක්‌වීම වෙනුවට සිදුවෙමින් තිබෙන්නේ සීඅයිඩීයේ විමර්ශන හරහා යම් යම් සිද්ධින් ගෙන රණවිරුවන් මිනී මරුවන් ලෙස සිරගත කිරීමය. ඉතින් ආණ්‌ඩුවේ මේ හැසිරීම තුළ ජාත්‍යන්තරය දිනා ගන්නට හැකිය. එහෙත් ඒ ජයග්‍රහණය රටට ලැබෙන්නක්‌ නොව ඒකත් ආණ්‌ඩුවටම ය.

ඇමරිකාව ප්‍රධාන බටහිර කඳවුරට අයත් ජාත්‍යන්තරයට අවැසි වන්නේද තමන්ට ගෝලීය වශයෙන් වැදගත් වන්නා වූ භූමියක එවන් සුවච කීකරු පාලනයක්‌ තිබෙන දැකීමය. යදු විජයග්‍රහණය ලද දේශපාලනය වෙනස්‌ කෙරෙමින් රට තුළ බිහිවූ යහපානය අද ජාත්‍යන්තරය දිනා ගත්තේයෑයි කියන කතාවේ සැබෑ අරුත ඇත්තේ එතැනය.

රජයේ මෙකී නිහඬ බව හමුවේ දැන් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය වෙතින් එන කුමන්ත්‍රණයට මුහුණ දීමට සිදුව ඇත්තේ රටට සහ රණවිරුවාට ගරු කරන දේශප්‍රේමී කඳවුරටය. අද එයට උර දී සිටින්නේ ගෝලීය ශ්‍රී ලංකා සංසදය සහ රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, නීතිවේදී දර්ශන් වීරසේකර ඇතුළු ලක්‌ මවගේ සුජාත පුතුන් පිරිසකි.

ගියවර එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සල සැසියේදී "රණවිරුන්ගේ විත්ති වාචකය" යනුවෙන් වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා හමුදාවන් යුද අපරාධ සිදු නොකළ බවත් සැබෑ යුද අපරාධකරුවන් වන්නේ එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් බවත් එක්‌සත් ජාතීන්ට පෙන්වා දෙන්නට ඔවුන් කටයුතු කළේය.

මෙවරද ඔවුන් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය වෙතින් එන චෝදනාවන්ට පිළිතුරු දීමට සූදානම්ව සිටින්නේය. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී සෙයිද් අල් හුසේන් මෙරට අධිකරණ ක්‍රියාවලිය අසමත් එකකැයි කියද්දී රජය මුනිවත රැක්‌කද එය එස්‌ නොවන බවත් ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය යනු ස්‌වාධීන සහ ඉතාම ඉහළ සමත්කමක්‌ ඇති එකකැයි හුසේන්ට පෙන්වා දීමට ඔවුන් දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇත.

ඒ වෙනුවෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සමගාමිව යමින් ශ්‍රී ලංකාවේ නිවැරදිභාවය ලෝකයට කීම සඳහා සමාන්තර සැසියක්‌ පැවත්වීමටද ගෝබල් ශ්‍රී ලංකා සංසදය ඇතුළු අද්මිරාල් සරත් වීරසේකර සහ නීතිවේදී දර්ශන් වීරසේකර ඇතුළු පිරිස පියවරගෙන ඇත.

පවතින සැබෑ තත්ත්වය මෙය නම් යහපාලනය අද තමන් ජාත්‍යන්තරය දිනා ගනිමින් විදුලි පුටුවේ වයර් ගලවා යුද විජයග්‍රහණයේ දේශපාලන රාමුව සහ රටට සාමය දිනා දුන් රණවිරුවා සුරක්‍ෂිත කළේ යෑයි කියන්නේ කෙසේද? ඒ තුළ තිබෙන්නේ සහජීවනය සහ සංහිඳයාව තුළින් බෙදුම්වාදයේ ගොදුරක්‌ වී කරවටක්‌ ගිලී සිටින යහපාලනය සමස්‌තයට මුසාබස්‌ කීමක්‌ නොවේද?

[දිවයින : 2017-06-14]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

6/12/2017

ජිනීවා යෝජනාවේ රට සිංහල ප්‍රදේශ , දෙමළ ප්‍රදේශ ලෙසත් බෙදලා ! - ජිනීවා පාවාදීමේ අලුත් මානයක් දිනේෂ් පෙන්වා දෙයි.

කතෘ:යුතුකම     6/12/2017   No comments
ජිනීවා යෝජනාවේ රට සිංහල ප්‍රදේශ , දෙමළ ප්‍රදේශ ලෙසත් බෙදලා !
ජිනීවා පාවාදීමේ අලුත් මානයක් දිනේෂ් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා රජය සම අනුග්‍රහය දැක්වූ මානව හිමිකම් සමුළුවේ ජිනීවා යෝජනාවලිය පිළිබඳ කල්තැබීමේ විවාදයේදී ඒකාබද්ධ විපක්ෂයේ නායක ගරු දිනේෂ් ගුණවර්ධන මහතා දැක්වූ අදහස්..
*********************************************

2017.06.05
Hon. Speaker
/Secretary General
Parliament of Sri Lanka.
Sri Jayawardenapura, Kotte.
Hon. Speaker,
Adjournment Motion: Joint Resolution at UNHRC Geneva

I move the following motion at adjournment on 2017.06.06.

Sri Lanka is a co-sponsor of the United Nations Human Rights Council’s resolution of 23 March 2017, promoting reconciliation, accountability and human right in Sri Lanka – A/HRC/34/L.1.

This resolution requires that Sri Lanka implement fully the measures identified by the UNHRC in its resolution 30/1. It further requires the Office of the UN High Commissioner of Human Rights “to continue assess progress on the implementation of its recommendations.”

These recommendations are contained in the Report of the Office of the United Nations Commissioner for Human Right on Sri Lanka of 10 February 2017 (A/HRC/34/20). This Report contains criticism of the Government of Sri Lanka, as being incompetent, lacking in transparency, and hypocritical. It contains criticism of the Judiciary of Sri Lanka, as of being ethnically prejudiced. It continues to recommend the established of a “hybrid court”, including foreign “judges, defense lawyers, prosecutors and investigators”, despite such a court being in violation of the constitution of this country.

It refers to “Sinhalese Areas” and “Tamil Areas”, thereby causing false ethnic divisions in this country. The Government has failed properly to place the real facts before the UN Human Rights Council. It has failed to counter the High Commissioner’s criticism of the Government and of the judiciary, or to counter its attempts to divide the country along communalist lines.

By co-sponsoring this resolution, the Government has endorsed the adverse report of the High Commissioner, and has bound itself to strengthening the role of the Office of the High Commissioner and other mandate holders. It has agreed to the establishment of an unconstitutional “hybrid court” – which the Hon Prime Minister has assured this house would not be established, which was re-affirmed by HE the President. It has failed adequately to defend the war heroes who safeguarded the independence, sovereignty, and territorial integrity and the unitary state of this country and the safety of its people by defeating the separatist terrorists.

It is resolved;
that the biased report of the office of the United Nations Commissioner for Human Rights on Sri Lanka of 10 February 2017 be repudiated, and that the United Nations Human Rights Council’s biased resolution of 23 March 2017 on Sri Lanka be repudiated, and that positive action be taken to defend the war heroes and the independence, sovereignty, territorial integrity, unitary state, and the constitution of this country and the safety of its people.

Sincerely,
Dinesh Gunawardena, MP Leader of the Joint Opposition
CC: Leader of the House

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

6/10/2017

රට ෆෙඩරල් කර කෑලිවලට කඩන රනිල්ගේ ද්‍රෝහී ව්‍යස්ථා යෝජනා පරදවන්න පෙරට එන්න!! - ගෙවිඳු

කතෘ:යුතුකම     6/10/2017   No comments
රටට ෆෙඩරල්..බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය අහිමි නව ව්‍යවස්‌ථා යෝජනා...
-ගෙවිඳු කුමාරතුංග
[2017-06-10 දින දිවයින ඉරිදා සංග්‍රහයේ පළ වූ ලිපියකි]

වත්මන් රජයේ ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලිය ආරම්භ වූයේ ලාල් විඡේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන අදහස්‌ ලබාගැනීමට යෑයි කියා පත් කරන ලද කමිටුවේ නිර්දේශයන් සමඟ ය. ඒ කමිටු නිර්දේශ අතර ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක්‌ විය යුතු බවටත්, බුද්ධාගමට දී ඇති 'ප්‍රමුඛස්‌ථානය' ඊට අහිමි කොට සියලු ආගම්වලට සමාන තත්ත්වයක්‌ ලබාදිය යුතු බවටත් යෝජනා විය. ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්‌ විය යුතු බව ව්‍යවස්‌ථාවේ සඳහන් දෙවැනි වගන්තිය සංශෝධනය කොට 'ඒකීය' පදය ව්‍යවස්‌ථාවෙන් ඉවත් කිරීමට ද මේ කමිටුව විසින් යෝජනා කෙරිණි. මේ විඡේනායක වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් මහා සංඝයා වහන්සේලාගේ ද ගිහි බෞද්ධ ජනතාවගේ ද විරෝධයට ප්‍රතිචාර දැක්‌වූ රජය ප්‍රකාශ කළේ ඒ වාර්තාව හුදෙක්‌ මහජන අදහස්‌ මිස රජය අනුමත කරන නිර්දේශ නොවන බවයි.

ඊළඟට අනුකමිටු වාර්තා 6 ක්‌ එළිදැක්‌විණි. මේ අනුකමිටුවේ නිර්දේශ ඉලක්‌ක කර තිබුණේ ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක්‌ බවට පරිවර්තනය කිරීමට ය. සමගාමී ලැයිස්‌තුව ඉවත් කිරීම, පළාතක ආණ්‌ඩුකාරවරයාගේ විධායක බලතළ ඉවත් කිරීම, ආණ්‌ඩුකාරවරයා මහ ඇමැතිගේ අභිමතය පරිදි පත් කිරීම, ඉඩම් හා පොලිසියේ බලතළ පළාත් සභාවලට ලබාදීම, ග්‍රාම සේවක, ප්‍රාදේශීය ලේකම් හා දිසා ලේකම් මුල් වූ රජයේ අණසක ගමට ගෙනයන යාන්ත්‍රණය ම පළාත් සභා යටතට පත් කිරීම ඇතුළු රට විනාශ කරන යෝජනා සමූහයක්‌ ඒ නිර්දේශවලට ඇතුළත් විය.

මේ අනුකමිටු වාර්තාවලට මහා නායක ස්‌වාමින් වහන්සේලා ප්‍රමුඛ සංඝරත්නයෙන් ද ගිහි බෞද්ධ ජනතාව ගෙන්ද, අනෙකුත් ආගම්වලට අයත් දේශප්‍රේමී කොටස්‌වලින් ද එල්ල වූයේ දැඩි විරෝධයට ප්‍රතිචාර දැක්‌වූ රජය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ඒකීයභාවය නැති කිරීමට හෝ බුද්ධාගමට දී ඇති ප්‍රමුඛස්‌ථානය අහිමි කිරීමට හෝ රජය කිසි විටෙකත් කටයුතු නොකරන බව යි.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කරන ලද අතුරු වාර්තා කෙටුම්පතෙහි ඇතුළත් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සම්පූර්ණයෙන් ම විනාශ කිරීමටත් බුද්ධාගමට හිමි ප්‍රමුඛස්‌ථානය නැති කිරීමටත් හේතු වන යෝජනා ය. ඒකාබද්ධ විපක්‌ෂය ඒ කෙටුම්පතට ප්‍රතිචාර දක්‌වමින් එහි නිර්දේශයන් ප්‍රතික්‌ෂේප කර ඇත.

ඒකීයභාවය අහෝසි කිරීම

වර්තමාන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ශ්‍රී ලංකාවේ ඒකීයභාවය පිළිබඳ සඳහන් 2 වැනි වගන්තිය ඉවත් කොට ව්‍යවස්‌ථාවේ 1 හා 2 වන වගන්ති වෙනුවට විකල්ප යෝජනා හතරක්‌ අතුරු වාර්තාව යෝජනා කර ඇත.

ඒ විකල්ප යෝජනා හතරෙන් යෝජනා කර ඇති පළමු විකල්ප තුනෙහි 'ඒකීය රාජ්‍යය' පිළිබඳ කිසිම සඳහනක්‌ නැත. එසේ 'ඒකීය' වචනය ඉවත් කර ඇත්තේ ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක්‌ බවට පරිවර්තනය කිරීමට බව පැහැදිලි ය. 'ඒකීය රාජ්‍යය' පිළිබඳව සඳහන් වන 4 වැනි යෝජනාවේ 'ඒකීය රාජ්‍යය' යන්න සඳහන් ව තිබුණ ද ඒකීය රාජ්‍ය සංකල්පයේ රටට ම පොදු එක්‌ නීති සම්පාදක ආයතනයක්‌ සහිත යන සාම්ප්‍රදායික අර්ථය වෙනස්‌ කර සාවද්‍ය අර්ථ නිරූපණයක්‌ ලබාදී ඇත. ඒ අර්ථ නිරූපණයට අනුව ඒකීය රාජ්‍යයක්‌ යනු බෙඳිය නොහැකි රාජ්‍යයකි. මෙය සාවද්‍ය අර්ථ නිරූපණයක්‌ පමණක්‌ නො ව ජනතාව මුළා කිරීම සඳහා ඉදිරිපත් කර ඇති අර්ථ නිරූපණයකි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 'ඒකීය රාජ්‍යය' යන පදය යොදා ඇත්තේ zෆෙඩරල්' රාජ්‍යකින් වෙන් කොට හඳුනා ගැනීමට මිස ශ්‍රී ලංකාව බෙදා වෙන් කළ හැකි ද, නොහැකි ද, යන්න විස්‌තර කිරීමට නො වේ. මෙයින් රජය බලාපොරොත්තු වන්නේ ව්‍යවස්‌ථාවේ ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්‌ ලෙස පිළිගෙන ඇතැයි ජනතාව රැවටීම ය. මෙය වගකීමක්‌ ඇති රජයක්‌ නො කළ යුතු නිහීන ක්‍රියාවකි.

ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාවට නැඟෙන ආකාරය වසන් කිරීම වර්තමාන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 4 වැනි වගන්තියේ දැක්‌වෙන්නේ ජනතාවගේ ව්‍යවස්‌ථාදායක, විධායක හා අධිකරණ බලය ක්‍රියාත්මක කරන ආකාරයයි. ඒ වගන්තියෙහි ජනතාවගේ ව්‍යවස්‌ථාදායක බලය ජනතාව විසින් තෝරා පත් කරගනු ලබන මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ද ජනමත විචාරණයක දී ජනතාව විසින් ද ක්‍රියාත්මක කළ යුත්තේ ය, රටේ ආරක්‌ෂාව ඇතුළු ව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කරගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය, යනුවෙන් ව්‍යවස්‌ථාදායක හා විධායක බලය ක්‍රියාත්මක කළ යුතු ආකාරය ඉතා නිරවුල්ව දක්‌වා ඇත.

අතුරු වාර්තාවෙන් යෝජනා කරනු ලැබ ඇත්තේ මේ 4 වැනි වගන්තිය ඉවත් කොට ඒ බලතළ දැනට එළිදක්‌වා නැති ව්‍යවස්‌ථාවේ අන් තැනක 'ප්‍රතිපාදනය කර ඇති ආකරයට' විය යුතු බව සඳහන් කිරීම ය. මෙයින් පැහැදිලි වන කාරණය නම් ජනතාව ගේ ව්‍යවස්‌ථාදායක, විධායක හා අධිකරණ බලය කවරකු විසින් ක්‍රියාත්මක කරන්නේ ද යන්න සැඟවීමට රජය උත්සාහ කරන බව යි.

වර්තමාන ව්‍යවස්‌ථාවේ 1, 2, 3, 5, 6, 7, 8 හා 9 වන වගන්තිවල ශ්‍රී ලංකාව හඳුන්වන්නේ 'ශ්‍රී ලංකා ජනරජය' වශයෙනි. එහෙත් අතුරු වාර්තාවේ ඒ වගන්තිවලින් 'ජනරජය' යන පදය සම්පූර්ණයෙන් ම ඉවත් කොට ඇත. ඉහත 2 වැනි වගන්තියේ 'ඒකීය රාජ්‍ය' යන පදයට දී ඇති සාවද්‍ය අර්ථනිරූපණය හා එක්‌ව ගත් විට ශ්‍රී ලංකාව තුළ ඒ ඒ පළාත්වල පරමාධිපත්‍යය ඒ ඒ පළාතේ ජනතාවට පමණක්‌ භුක්‌තිවිඳීමට හැකි වන පරිදි ව්‍යවස්‌ථාව සකස්‌ කිරීමට උත්සාහ කරන බව පෙනේ.

බුද්ධාගමට දී ඇති ප්‍රමුඛස්‌ථානය අහිමි කිරීම

වර්තමාන ව්‍යවස්‌ථාවේ ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය පිරිනමන්නේ ය යන 9 වැනි වගන්තිය වෙනුවට අතුරු වාර්තාව විකල්ප විධිවිධාන 7ක්‌ යෝජනා කර ඇත. 9 වන වගන්තිය සංශෝධනය කිරීමේ උත්සාහයක නිරත නොවේ නම් ඒ වගන්තිය සංශෝධනය කරන විකල්ප විධිවිධාන 7ක්‌ අතුරු වාර්තාව මඟින් යෝජනා කිරීමට හේතුවක්‌ නොමැත.

බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දෙන බව සඳහන් කරන අතර සෙසු ආගම් සමාන ලෙස සැලකීමටත්, වෙනස්‌ ලෙස නො සැලකිය යුතු බවටත් සඳහන් වේ. සියලු ආගම් සමාන ලෙස සලකන්නේ නම් බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දිය නොහැකි ය. ජනාධිපති නීතිඥ මනෝහර ආර්. ද සිල්වා මහතා පැහැදිලි කර ඇති පරිදි, දැනට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වැනි වගන්තියේ සෙසු ආගම්වලට තහවුරු කර ඇත්තේ ව්‍යවස්‌ථාවේ ආගම් ඇදහීම පිළිබඳ 10 වැනි වගන්තියේ හා ආගම් ප්‍රකාශ කිරීම පිළිබඳ 14 (1) (ඉ) වගන්තියේ සඳහන් මූලික අයිතිවාසිකම් දෙක පමණි.

ඉදිරිපත් කර ඇති විකල්ප යෝජනාවල සියලු ම ආගම්වලට අයත් පුද්ගලයනට සියලු ම මූලික අයිතිවාසිකම් සහතික කිරීමේ අදහස වන්නේ, 12 වැනි වගන්තියේ සඳහන් සමානාත්මතාවට යටත් ව 9 වැනි වගන්තිය ක්‍රියාත්මක කිරීම හරහා 9 වැනි වගන්තිය නිෂ්ක්‍රිය කිරීම යි. මේ අනුව රජය යම් මුදලක්‌ බුද්ධ ශාසනය පෝෂණය කිරීම සඳහා යොදවන්නේ නම් ඊට සමාන මුදලක්‌ අන්තවාදී ආගමික කල්ලි ඇතුළු සියලු ආගම් පෝෂණය වෙනුවෙන් යෙදවීමට බැඳී සිටිනු ඇත.

අගමැතිතුමාගේ වාර්තාවේ මේ විකල්ප යෝජනා බෞද්ධ ජනතාවටත් බුද්ධාගමටත් කර ඇති ඉමහත් නිගාවකි.

බලය බෙදීම
බලය බෙදීම සම්බන්ධයෙන් අතුරු වාර්තාවේ පහත සඳහන් නිර්දේශයන් ඇතුළත් වේ (13-19 පිටු). සමගාමී ලැයිස්‌තුව ඉවත් කිරීම (4.1 ඡේදය, මේ මඟින් එදිනෙදා ජන ජීවිතයට බලපාන විෂයයන් සම්බන්ධයෙන් මධ්‍යම රජයට මැදිහත් වීමට තිබූ අවකාශය අහිමි කෙරේ), සංවෘත ලැයිස්‌තුවේ (මධ්‍යම රජයේ) විෂයයන් සීමා කිරීම (5 ඡේදය), මධ්‍යම රජයේ විෂයයන් සම්බන්ධයෙන් ද නීති ක්‍රියාත්මක කිරීමේ බලය පළාත්වලට ලබාදීම (6 ඡේදය), ජාතික ප්‍රතිපත්ති පිළිබඳ විෂයය සංවෘත ලැයිස්‌තුවෙන් (මධ්‍යම රජයෙන්) ඉවත් කිරීම (7.2 ඡේදය), ආණ්‌ඩුකාරවරයා මහ ඇමතිගේ එකඟතාවෙන් පත්කිරීම හා ආණ්‌ඩුකාරවරයාට මහ ඇමතිගේ උපදෙස්‌ පරිදි ක්‍රියා කිරීමට සැලසීම (9 ඡේදය), පළාත් සභා ප්‍රඥප්ති නීතිගත වීම සඳහා ආණ්‌ඩුකාරවරයාගේ අනුමතිය අවශ්‍ය නොවන පරිදි ව්‍යවස්‌ථා ප්‍රතිපාදන සකස්‌ කිරීම (10 ඡේදය), පළාත් ප්‍රඥප්තිවල ව්‍යවස්‌ථානුකූලත්වය නිර්ණය කිරීමට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා අධිකරණය නමින් විශේෂ අධිකරණයක්‌ ස්‌ථාපිත කිරීම (10 ඡේදය, මේ මඟින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රමුඛ ජාතික අධිකරණ පද්ධතියට මැදිහත් වීමට ඇති අවස්‌ථා අහිමි කිරීම) ඒ නිර්දේශයන්ගෙන් ප්‍රධාන වේ. මේ සියලු නිර්දේශ ඒකීය රාජ්‍යය අහෝසි කිරීමත් දුර්වල මධ්‍යම රජයක්‌ හා බලගතු පළාත් රාජ්‍යයන් (පළාත් සභා?) සහිත ෆෙඩරල් රාජ්‍යයක්‌ ගොඩනැඟීමත් අරමුණු කරගත් නිර්දේශයන් ය. මේ නිර්දේශ පිළිබඳ විස්‌තරාත්මක විග්‍රහයක්‌ ජාතික ඒකාබද්ධ කමිටුව ප්‍රකාශයට පත්කර ඇති මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව (කෙටුම්පත) පිළිබඳ විවරණයෙහි ඇතුළත් ව ඇත.

ඒ හා සමඟ ම අතුරු වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති තවත් යෝජනාවක්‌ වන්නේ පළාත් ඒකාබද්ධ කිරීම ඒ පළාත්වල ජනතාවගේ අනුමැතිය ජනමත විචාරණයක දී ලබාගැනීමට යටත් ව සිදුකරලීමට ප්‍රතිපාදන සැලසීම යි. මේ අනුව උතුරු හා නැඟෙනහිර පළාත් ඒ පළාත්වල අභිමතය මත පමණක්‌ එක්‌ කළ හැකි ය.

උතුරු හා නැඟෙනහිර පළාත්වල ජීවත් වන බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාවන් ඉටු කිරීමට රජය කටයුතු කිරීම කනගාටුදායක ය.

පාර්ලිමේන්තුවේ ව්‍යවස්‌ථා සම්පාදක බලය සීමා කිරීම

බහුතරයක්‌ පළාත් සභාවලින් පත් කෙරෙන සාමාජිකයන් ගෙන් සමන්විත දෙවැනි මන්ත්‍රණ සභාවක්‌ පිහිටුවීමට යෝජනා කිරීම හා ව්‍යවස්‌ථාවේ බලය බෙදාහැරීම පිළිබඳ පරිච්ඡේදය සංශෝධනය කරන හෝ එහි සඳහන් ප්‍රතිපාදනවලට පටහැනි හෝ ව්‍යවස්‌ථා සංශෝධන පනත් ගත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් අනුමත වීම, දෙවැනි මන්ත්‍රණ සභාවේ තුනෙන් දෙකක බහුතරයක්‌ ලබා තිබීම හා දෙ වැනි මන්ත්‍රණ සභාවේ නියෝජනය වන සෑම පළාත් නියෝජිත කණ්‌ඩායමක ම සරල බහුතරයක්‌ ලබා තිබීම අවශ්‍ය බවට නිර්දේශ කිරීම මඟින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්‌ථා සම්පාදක බලය සීමා කිරීමට අමතරව මේ ව්‍යවස්‌ථා සංශෝධන හරහා බෙදාහැරෙන බලතළ කිසිවක්‌ මේ රටේ සමස්‌ත ජනතාවගේ බහුතරයකගේ කැමැත්ත මත පවා නැවත මධ්‍යම රජයට ලබාගැනීමේ අවකාශය ද අහෝසි කර ඇත. පළාත් ලැයිස්‌තුවේ ඇති විෂයය ගැන සාමාන්‍ය නීති සම්බන්ධයෙන් පළාත් සභාවලට බලපාන ආකාරයට කේන්ද්‍රයට නීති සම්පාදනය කළ හැකිවන්නේ ද ඉහත ප්‍රතිපාදන යටතේ ම ය.

මේ යෝජනාවලින් ඉටුකර ගැනීමට අපේක්‌ෂා කරන්නේ, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ බලය බෙදීම පිළිබඳ පරිච්ඡේදයේ විධිවිධානයන් මෙන් ම පළාත් සභාවක්‌ විසින් සම්මත කරගන්නා නීතීන් ද වෙනස්‌ කිරීමට පාර්ලිමේන්තුවට ඇති බලය තවදුරටත් සීමා කිරීම ය. මේ යෝජනා ශ්‍රී ලංකාවේ ඒකීය භාවය විනාශ කරන නිර්දේශ වේ.

ව්‍යවස්‌ථා අධිකරණය

ව්‍යවස්‌ථා අධිකරණය සම්බන්ධ පරිච්ඡේදයක්‌ හෝ ව්‍යවස්‌ථා අධිකරණය යනු කුමක්‌ ද එහි සංයුතිය කෙබඳු ද යන කරුණු කිසිවක්‌ හෝ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවේ සඳහන් නො වේ. එහෙත් ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ අධිකරණ අනුකමිටු වාර්තාවට අනුව (5 පිටුව) මේ ව්‍යවස්‌ථා අධිකරණය, Ñශ්‍රී ලංකාවේ අධිකරණ සංවිධාන ව්‍යqහයට ඇතුළත් නොවේ. එසේ මුත් ශ්‍රී ලංකා රාජ්‍යයේ අනාගත පැවැත්ම සම්බන්ධ තීරණාත්මක අර්ථකථන හා තීන්දු තීරණ දීමේ ක්‍රියාවලියෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රධාන අපගේ අධිකරණ පද්ධතියම ඉවත් කොට මේ ව්‍යවස්‌ථා අධිකරණයට පැවරීමට අදහස්‌ කරන බව අතුරු වාර්තාවෙන් පැහැදිලිව පෙනේ (අතුරු වාර්තාව, දෙවැනි මන්ත්‍රණ සභාව, 10 වගන්තිය, 9 පිටුවඳ ඇමුණුම - රාජ්‍ය ඉඩම්, ආරවුල් නිරවුල් කිරීම - ඉඩම්, 15 වගන්තිය, 25 පිටුව හා 19 වගන්තිය, 26 පිටුව).

මේ, ව්‍යවස්‌ථාව අර්ථකථනය කිරීමේ හා ඊට අනුකූලව නියමයන් පැනවීම ද පාර්ලිමේන්තු හා පළාත් සභා අණ-පනත්වල ව්‍යවස්‌ථානුකූලභාවය නිර්ණය කිරීම ද අපගේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත් කර රටට, ජනතාවට වග නොකියන එන්.ජී.ඕ. නඩ අතට පත් කිරීමට දරන ප්‍රයත්නයකි.

රාජ්‍ය ඉඩම්

රාජ්‍ය ඉඩම් භාවිතය පිළිබඳ යෝජිත විධිවිධාන අතුරු වාර්තාවේ 'රාජ්‍ය ඉඩම්' යටතේ දැක්‌වේ. එහි 8 වැනි හා 11 වැනි වගන්ති අනුව මධ්‍යම රජයට රාජ්‍ය ඉඩම් භාවිත කළ හැකි වන්නේ ජාතික (සංවෘත) ලැයිස්‌තුවේ සඳහන් විෂයයන් සම්බන්ධයෙන් පමණි. පළාතක ඇති අන් සියලු ඉඩම් පළාත් රජය සතු වනු ඇත. රජයේ ඉඩම් ව්‍යවස්‌ථාවේ තිබෙන ලැයිස්‌තු පදනම් කරගෙන මධ්‍යම රජය හා පළාත් රජය අතර බෙදා වෙන් කිරීම රාජ්‍යයේ ඒකීය භාවය බිඳ දැමීමකි.

ජනාවාස පිහිටුවීම සම්බන්ධයෙන් 12 වැනි ඡේදයේ දැක්‌වෙන්නේ, ජනාවාස පිහිටුවීමේ වැඩසටහන්වල ප්‍රමුඛතාව දිය යුත්තේ දිස්‌ත්‍රික්‌කයේ ඕනෑ ම උප කොට්‌ඨාසයක ඉඩම් නැති පුද්ගලයන්ට වන අතර, ඊළඟට දිස්‌ත්‍රික්‌කයේ ඉඩම් රහිත පුද්ගලයන්ට ද ඉන්පසු පළාතේ පුද්ගලයන්ට ද යනුවෙනි (අතුරු වාර්තාව, 25 පිටුව).

මේ අනුව පළාතෙන් පිටත සිටින ජනතාවට ඒ පළාතේ ඉඩම් ඉල්ලා සිටීමේ අයිතිය අහිමි කෙරේ. ජනගහන ඝනත්වය අඩු උතුරු හා නැඟෙනහිර පළාත් දෙකේ ඇති ඉඩම් ඒ පළාත් වල ජනතාවට පමණක්‌ ලබාදීම අයුක්‌ති සහගත මෙන් ම වර්ගවාදී ද වේ.

මහජන ආරක්‌ෂාව

13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය මඟින් හඳුන්වා දුන් පළාත් සභා ක්‍රමය පිළිබඳව ඇති ප්‍රධාන ගැටලුව පළාත්, රාජ්‍යයෙන් වෙන් වී යැමට ඇති ඉඩකඩ යි. මේ අභියෝගයට යම් තරමකට හෝ මුහුණ දීම සඳහා 13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයෙන් විධිවිධාන යෙදුණේ, ශ්‍රී ලංකාවේ ආරක්‌ෂාව පිළිබඳ තර්ජනයක්‌ අත්‍යාසන්න ව පවතින බවට ජනාධිපතිවරයා සෑහීමකට පත් වූ විට ඊට මැදිහත් වීමට ඔහුට ඉඩ සලසා තිබීමෙන් ය. අදාළ 154 ඒ වගන්තියේ පැහැදිලි කිරීමේ විශේෂයෙන් සඳහන් වන්නේ ඒ සේවා හා සැපයුම් ඇත්ත වශයෙන්ම ඇණහිටීමට හෝ යුද්ධය, ආක්‍රමණය නැති නම් කැරැල්ල ඇත්ත වශයෙන් ම ඇති වීමට හෝ පළමුව ජනාධිපතිවරයාට ඊට මැදිහත් විය හැකි බව ය.

අතුරු වාර්තාවේ නිර්දේශයන්ට අනුව ජනාධිපති සතු මේ අභිමතය අන්තරාය මතුපිටින් විද්‍යමාන වන තෙක්‌ සීමා කර ඇත. මේ අනුව ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ සඳහා හෝ ආණ්‌ඩුව පෙරළීමට හෝ කුමන්ත්‍රණය කරන අවස්‌ථාවක දී ඒ බව බුද්ධි අංශ වාර්තා කර තිබුණ ද ජනාධිපතිවරයාට හදිසි නීතිය ක්‍රියාත්මක කළ නොහැකි ය.

මීට අමතර ව මේ නව අතුරු වාර්තාවට අනුව මේ සෑම අවස්‌ථාවක ම ජනාධිපතිවරයාට අදාළ ක්‍රියාමාර්ග ගත හැක්‌කේ අගමැතිගේ උපදෙස්‌ මත පමණි (අතුරු වාර්තාව/නව, 38 පිටුව). ඒ අනුව මේ වගන්ති සැබෑ විධායක බලය භුක්‌තිවිඳින්නා බවට අගමැති පත් කිරීමට සංශෝධන ගෙන ඒමේ අදහස ඇති ව කෙටුම්පත් කර ඇති බව පෙනේ.

පොලිස්‌ බලය

අතුරු වාර්තාව නිර්දේශ කරන්නේ පොලිස්‌ බලය මධ්‍යම රජය හා පළාත් රජයන් අතර බෙදාදිය යුතු බව යි. මේ නිර්දේශවලට අනුව පළාත් ආණ්‌ඩුවලට පොලිස්‌ බලතළ ලැබේ. 13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය හරහා පළාත් ආණ්‌ඩුවලට පොලිස්‌ බලතල ක්‍රියාත්මක කිරීමට හැකි වන විධිවිධාන ව්‍යවස්‌ථාවට ඇතුළත් කරනු ලැබූව ද එය ක්‍රියාත්මක නොවුණි. මේ අතුරු නිර්දේශවල අරමුණ වී ඇත්තේ එම බලතළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම යි.

මේ අනුව ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කෙරී ඇති යෝජනා මෙ රට බුද්ධාගමට හිමි ප්‍රමුඛතාව අහිමි කෙරෙන රට ෆෙඩරල් කෙරෙන, ජනවර්ග හා ආගමික විශ්වාස මත බෙදීම් ඇති කෙරෙන භයානක නිර්දේශ සමූහයක්‌ බව පැහැදිලි ය. මේ සමස්‌ත යෝජනාවලිය පරාජය කිරීමට කටයුතු කිරීම මවුබිමට ආදරය කරන සෑම රට වැසියකුගේ ම අද ප්‍රමුඛ කාර්යය වේ.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

6/06/2017

රට බෙදන ද්‍රෝහී ව්‍යවස්ථාවේ ඒකීයභාවය මකන්න හදන රනිල් සම්බන්ධන් තක්කඩි උපාය.

කතෘ:යුතුකම     6/06/2017   No comments
ජනතාවගේ , මහා සංඝරත්නයේ ඇසට වැලි ගසා
රට බෙදන ද්‍රෝහී ව්‍යවස්ථාවේ ඒකීයභාවය මකන්න හදන රනිල් සම්බන්ධන් තක්කඩි උපාය.
ජාතික ඒකාබද්ධ කමිටු මාධ්‍ය හමුවේදී එහි විධායක කමිටු සාමාජික ගෙවිඳු කුමාරතුංග මහතා දැක්වූ අදහස්.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

6/02/2017

රට බෙදන ව්‍යවස්ථාවක් - රට ඉන්දියානු කොලනියක් කිරීමේ මෙහෙයුමක්. [video]

කතෘ:යුතුකම     6/02/2017   No comments
  • රට බෙදන ව්‍යවස්ථාව 
  •  රට ඉන්දියාවට විකුණන මෙහෙයුම 
  • රට බංකොලොත් කරන මහබැංකු මහා හොරකම සහ හොරු සමග හෙළුවෙන් නටන පාලකයෝ... 
  • බෙදුම්වාදී එන්.ජී, ඕ තක්කඩියන්ගේ නිරුවත
මේ ආදී විවිධ කාලීන මාතෘකා ඔස්සේ දිගහැරෙන හරබර කතා බහ.
යුතුකම සංවාද කවය සංවිධානය කළ "රටම දන් දෙන ලංකා වෙසක් දන්සල" සම්මන්ත්‍රණයේදී ගෙවිඳු කුමාරතුංග මහතා පැවැත්වූ මුඛ්‍ය දේශනය.
පහත සබැඳියෙන් නරඹන්න.



යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

බෙදුම්වාදය දිනවන ඊලඟ පිම්ම - නව ජන්ද ලැයිස්‌තු වෙනස්‌ කිරීමේ පනත සූදානම්

කතෘ:යුතුකම     6/02/2017   No comments
ආණ්‌ඩුව මැතිවරණ කල්දැමීමේ ඇත්ත මෙන්න...

මානව හිමිකම් පිළිබඳ නීතිවේදී සංවිධානයේ
විධායක අධ්‍යක්‌ෂ නීතිඥ කල්‍යානන්ද තිරාණගම

පසුගිය මාර්තු 07 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලූ දෙනා ආරක්‌ෂා කරගැනීමේ ජාත්‍යන්තර සම්මුතිය සඳහා වන පනත අපේ රටට අහිතකර පනතක්‌ ලෙස සමහරු හඳුන්වන්නේ ඇයි?


ආණ්‌ඩුව මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එම පනතට එරෙහිව අධිකරණය හමුවට යැමට පවා අවස්‌ථාවක්‌ නොලැබෙන පරිදි රජයේ නිවාඩු දින කිහිපයක්‌ ඉදිරියේ තිබියදීයි. මේ පිළිබඳ මම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ගණනාවක්‌ සමග කතා කළා. මේ පනත පනවන්නේ ජාත්‍යන්තර සම්මුතියක්‌ ක්‍රියාත්මක කිරීම සඳහා වුවත් අද වෙනතෙක්‌ මෙම ජාත්‍යන්තර සම්මුතියේ පිටපතක්‌ එම මන්ත්‍රීවරුන්ට ලබා දී නෑ. මේ ජාත්‍යන්තර සම්මුතියේ තිබෙන්නේ මොනවද කියලවත් ඇතැම් මන්ත්‍රීවරු දන්නේ නෑ. අපේ බොහෝ මන්ත්‍රීවරු කියවා බලන්නේ සිංහලෙන් සහ දෙමළෙන් පළවන ලිපි ලේඛන පමණයි. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත ගෙන එන අවස්‌ථාවේත් මේ ප්‍රශ්නය මතුවුණා. එම පනතෙත් මේ සම්මුතිය ගැන සඳහන් වී තිබුණා. ඇතැම් භික්‌ෂූන් වහන්සේ සහ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් පිරිසක්‌ මෙම ජාත්‍යන්තර සම්මුතියේ සහ පනතේ අඩංගු කරුණු සිංහලයෙන් පළ කරන ලෙස ජනාධිපතිතුමා හමුවී ඉල්ලීමක්‌ කළා. නමුත් එය ඉටු වුණේ නෑ. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනතේ අඩංගු කරුණු පිළිබඳ ඇතැම් මන්ත්‍රීවරුනුත් හරිහැටි නොදැන තිබියදී එම පනත පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. කතානායක තුමාගෙන් සහ පාර්ලිමේන්තු ලේකම් තුමාගෙන් මෙ සම්මුතියේ පිටපතක්‌ සිංහල සහ දෙමළ බසින් ලබාදෙන ඉල්ලීමක්‌ කරන මෙන් මම ජයන්ත සමරවීර මන්ත්‍රීතුමාට උපදෙස්‌ දුන්නත් ඊට පිළිතුරක්‌ නොලැබුණු බව ඒ මහතා දැන්වුවා. සම්මුතියක්‌ ක්‍රියාත්මක කිරීමට පනතක්‌ පනවන්නේ නම් එම සම්මුතියේ තිබෙන්නේ මොනවාදැයි මන්ත්‍රීවරු හෝ දැනගත යුතුයි. නමුත් පාර්ලිමේන්තුවේ මේ පනත සම්මත වුණේ එබඳු දැනුවත් dවයක්‌ නැතිවයි.

ජිනීවා යෝජනා ශ්‍රී ලංකාවට බලනොපාන බවට සරත් සිල්වා අගවිනිසුරුවරයා විසින් තීන්දුවක්‌ ප්‍රකාශ කර තිබුණා නේද?

ඔව්. එම තීන්දුව අහෝසි කරන ලෙස අගමැතිතුමා කතානායකවරයාගෙන් ඉල්ලීමක්‌ කළා. සරත් සිල්වා හිටපු අගවිනිසුරුවරයා ලබා දුන් එම නඩු තීන්දුව බල රහිත කිරීමත් එක්‌සත් ජාතීන් කර ඇති යෝජනාවලින් එකක්‌. කතානායකවරයා තවම ඊට පිළිතුරක්‌ දී නෑ.

කෙසේ වෙතත් අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය ඇතිකිරීම සඳහා දැන් සියලූ කටයුතු සූදානම්. එම පනතට හේතුවන බලහත්කාරයෙන් අතුරුදන් කරවූවන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය පිළිබඳ එම පනතේ සඳහන් කර තිබෙනවා. එම ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම සඳහා එය නීතියක්‌ වශයෙන් දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලූ දෙනා ආරක්‌ෂා කරගැනීමේ ජාත්‍යන්තර සම්මුතිය සඳහා වන පනතේ තිබෙන අහිතකර වගන්ති මොනවද?
මෙම පනතට අනුව වගකීම් බාරගැනීම සඳහා යමෙකු අතුරුදන් විය යුතුම නෑ. යම් පුද්ගලයෙක්‌ අත්අඩංගුවට ගත් බව යමෙක්‌ පොලිස්‌ ස්‌ථානයකට හෝ හමුදා කඳවුරකට චෝදනා කළ හොත් එම පොලිස්‌ ස්‌ථානය හෝ හමුදා කඳවුර එම පුද්ගලයාට සිදුවූ දේ පිළිබඳ ප්‍රකාශ කිරීමට බැඳී සිටිනවා. එසේ ප්‍රකාශ කිරීමට නොහැකි වුවහොත් එය බලහත්කාරයෙන් අතුරුදන් කිරීමක්‌ ලෙස සැලකෙන බව එම පනතේ සඳහන් වෙනවා. යම් පුද්ගලයෙන් අත්අඩංගුවට ගෙන අතුරුදන් කළහොත් හෝ පැහැරගෙන ගියහොත් හෝ අදාළ ආයතනයේ ඉහළ නිලධාරියෙක්‌ තමා යටතේ සිටින නිලධාරියෙක්‌ එබන්දක්‌ කරනු ඇතැයි සිතා එය වැළැක්‌වීමට කටයුතු නොකළ හොත් ඔහුත් ඊට වගකිවයුතු බව එම පනතේ දැක්‌වෙනවා. මේ පතනට අනුව සාමාන්‍ය පොලිස්‌ නිලධාරියෙක්‌ සිදුකරන එවැනි ක්‍රියාවක වගකීම පොලිස්‌පතිවරයා වෙතද පැවරෙනවා. එවැනි ක්‍රියාවකට වගකිවයුතු සියලූ දෙනාටම මේ පනත යටතේ අවුරුදු 20 කට නොඅඩු සිරදඬුවම් නියම කළ හැකිය. අපේ රට තුළ පමණක්‌ නොව මෙම ප්‍රඥප්තියට අත්සන් කර ඇති ඕනෑම රටක්‌ තුළ එම දඬුවම් ක්‍රියාත්මක කරන්න පුළුවන්.

පාර්ලිමේන්තුවේ සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මැති ඇමතිවරුත් මේ පනතට සහයෝගය පළ කළා නේද?

මේ පනතට ශ්‍රීලනිප මැති ඇමැතිවරුනුත් සහයෝගය දැක්‌වීම මට විශාල ප්‍රශ්නයක්‌. මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ සිකුරාදා දිනයක. ඊට පසු සතිය රජයේ නිවාඩු දින ගණනාවක්‌ තිබුණ නිසා මෙයට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට නොහැකි වන ආකාරයටයි මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ.

ජිනීවා යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා වෙන මොනවද ආණ්‌ඩුව කරන්නෙ?

ඉතාමත් හදිසියෙන් ආණ්‌ඩුව තවත් පනතක්‌ ගෙන ඒමට සැලසුම් කර තිබෙනවා. ඒ තමයි ජන්ද ලැයිස්‌තු වෙනස්‌ කිරීමේ පනත. උතුරු නැගෙනහිර පළාතේ අවතැන් වූවට ජන්ද බලය ලබාදීම එහි අරමුණයි. මෙය ක්‍රියාත්මක කිරීමට ආණ්‌ඩුව සැලසුම් කර ඇති ආකාරයත් රටට ඉතාමත් හානිකරයි. උතුරු නැගෙනහිරින් පිට පළාත්වල අවතැන් වූවන්ට එම පනත බලනොපෑම මෙහි ඇති සුවිශේෂත්වයක්‌. මෙම පනත බලපාන්නේ 2009 ට පෙර උතුර නැගෙනහිර ත්‍රස්‌තවාදී කටයුතු නිසා හෝ සටන්කාමී කටයුතු නිසා හෝ අවතැන්වූවන්ට පමණයි. එනම් 2009 වසරට පෙර ඕනෑම කාලයකදී අවතැන්වූවන් වෙනුවෙන් එය වලංගුයි. ඒ අනුව 2009 වසරට පෙර කවර කාලයක හෝ උතුරු නැගෙනහිර පදිංචිව සිට අවතැන් වූවකු ලෙස ඉදිරිපත් වන ඕනෑම කෙනෙකුට මේ පනතට අනුව ඡන්ද බලය හිමිවෙනවා. එය නිර්දේශ කිරීමට බලය දී තිබෙන්නේ දැනට එම පළාත්වල සේවය කරන ග්‍රාමසේවක නිලධාරීන්ට.

යම් පුද්ගලයෙක්‌ 2009 වසරට පෙර තමා උතුරු නැගෙනහිර පදිංචිව සිට අවතැන් වූවකු බවට උතුරු නැගෙනහිර දැනට සේවය කරන ග්‍රාමසේවක නිලධාරීවරයකුට දැනුම් දුන් පසු මේ පනත අනුව ඔහුගේ නිර්දේශ මත එම පුද්ගලයාට ජන්ද හිමි නාමලේඛනයට ඇතුළත් විය හැකියි. එලෙස අයෑදුම් කළ හැක්‌කේ 2009 වසරට පෙර අවතැන් වූ සහ 2009 වසරට පසු කිසිදු ජන්ද ලේඛනයක නම ඇතුළත්ව නොමැති පුද්ගලයිනට බවත් එම පනතේ දැක්‌වෙනවා. එනම් මේ පනත ගෙන එන්නේ උතුර නැගෙනහිර ජීවත්වන ඇත්තවශයෙන්ම අවතැන් වූවන්ට නොව මේ රටේ ඡන්ද හිමිකමක්‌ නැති විදේශගත ද්‍රවිඩ ජාතිකයින්ට මෙරට ජන්දබලය ලබාදීමටයි. උතුර නැගෙනහිර හැර ත්‍රස්‌තවාදී ක්‍රියා සහ යුද්ධය හේතුවෙන් වෙනත් පළාත්වල අවතැන් වූවන්ට මෙම පනත ක්‍රියාත්මක නොවීමෙන් එය වඩාත් පැහැදිලියි. මෙයින් අපේ රටේ ජන්ද නාමලේඛන මුළුමනින්ම වෙනස්‌ කිêමක්‌ සිදුවෙනවා. අද අපේ රටේ ඡන්ද පැවැත්වීම කල්දැමීමේ ඇත්ත කතාව මෙය බවයි මගේ අදහස. ආණ්‌ඩුව මේ සැරසෙන්නේ දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මෙම පනත සම්මත කරගෙන විදෙස්‌ගත ද්‍රවිඩ විශාල පිරිසකට මෙරට ඡන්ද බලය ලබාදී ඉදිරි මහ මැතිවරණ, පළාත් මැතිවරණ, ජනාධිපතිවරණ සහ ජනමත විචාරණ සඳහා සූදානම් වීමටයි.


ත්‍රස්‌තවාදය මර්දනය කිරීමේ පනත පසුගියදා ඉවත් කළා. ඒ වෙනුවට වෙනත් පනතක්‌ ගෙනඒමටත් ආණ්‌ඩුව සැලසුම් කරමින් සිටිනවා නේද?

අපේ රටේ ත්‍රස්‌තවාදය මර්දනය කිරීමේ පනත ඉවත් කර අලූත් පනතක්‌ ගෙන ඒමත් ජිනීවා යෝජනාවල එක්‌ වගන්තියක්‌. ත්‍රස්‌තවාදය මර්දන පනත වෙනුවට ගෙන ඒමට සූදානම් කර ඇති මේ නව පනත් කෙටුම්පතත් රටට හානිකරයි. එහි ඇති සමහර ප්‍රතිපාදන දෙස බලන විට එය ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ ත්‍රස්‌තවාදය මර්දනය කිරීමට පමණක්‌ නොවේ; රටට සිදුවන අසාධාරණයන්ට එරෙහිව යම් පුද්ගලයෙක්‌ ඉදිරිපත් වුවහොත් ඔහු සිරගත කිරීමටයි. ජිනීවා යෝජනා ලෙස ආණ්‌ඩුව මේ ක්‍රියාත්මක කරන්නට හදන්නේ දෙමළ ඩයස්‌පෝරාවේ ඉල්ලීම් සහ උවමනාවන්.

[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

12/21/2016

රට බෙදන ද්‍රෝහී ව්‍යවස්ථාවට අත ඔසවන මන්ත්‍රීවරුන්ට ගමට එන්න නොදී පන්නමු ! - ඇල්ලේ ගුණවංශ නාහිමි [Video]

කතෘ:යුතුකම     12/21/2016   No comments
රණවිරුවන් දහස් ගණනක් තම දිවි පුදා, තවත් දස දහස් ගණනක් අත් ,පා ,ඇස් ,මස් දන්දී රැකගත් මාතෘභූමියේ ඒකීයභාවය බන්දේසියක තබා බෙදුම්වාදීන්ට පුදන යෝජිත ෆෙඩරල් ව්‍යවස්ථාව පරාජය කරන්නට සියළු වාද බේද අමතක කර එක් වීමට කාලය එළඹ ඇතැයි ධාර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියන් අවධාරණය කර සිටියි.

යුතුකම සංවාද කවය විසින් සංවිධානය කරන ලද 'ෆෙඩරල් සංහිඳියා නිරුවත" සම්මන්ත්‍රණයේ මූලාසනයේ දේශන
පවත්වමින් උන් වහන්සේ මේ අදහස් පළ කළහ.

නායක හිමිවරුන් කුමක් කළද ජාතියේ මුර දේවතාවන් ලෙස සාමාන්‍ය භික්ෂූන් වහන්සේලා ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීම ලබාදීමට සූදානම් යැයි පවසන උන්වහන්සේ මේ සඳහා එක්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂය ඇතුළු සියළු දේශපාලන බලවේගවලට ආරාධනා කර සිටියි. එමෙන්ම මේ ද්‍රෝහී ව්‍යවස්ථාවට පක්ෂව පාර්ලිමේන්තුවේ අත ඔසවන කිසිඳු මන්ත්‍රීවරයෙකුට ගමට ඒමට ඉඩ නොදී පන්නා දමන්නට පෙරට එන්නයි  උන් වහන්සේ ඉල්ලා සිටියහ..

වැඩිදුරටත් අදහස් පළකළ ඇල්ලේ ගුණවංශ නාහිමියෝ , අතීතයේ සිට මෙවැනි පාවාදීම් රනිල් වික්‍රමසිංහ මහතාට නම් අමුතු දෙයක් නොවන නමුත් තමන් දීර්ඝ කාලයක් ඇසුරු කර තිබෙන මෛත්‍රීපාල සිරිසේන මහතා එකල කියූ කෙරූ හැසිරුණු ආකාරයට මෙවැනි ද්‍රෝහී පාවාදීමකට සහය දිය හැක්කේ කෙසේදැයි විමතිය පළ කර
සිටියහ.

උන් වහන්සේ පැවැත්වූ සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන්...


සටහන :යටියන ප්‍රදීප් කුමාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

12/18/2016

වන්නියේ ජයග්‍රහණය දියවන්නාවේදී පාවා දෙන්නට ඔබ ඉඩ දෙනවාද?

කතෘ:යුතුකම     12/18/2016   No comments
යුතුකමේ අපි 2016 ජනවාරි මස 'බිල්ලෝ, ව්‍යවස්ථාව සහ කුමන්ත්‍රණ' මැයෙන් සම්මන්ත්‍රණයක් පවත්වමින් ව්‍යවස්ථා සංශෝධන හරහා ක්‍රියාවට නංවන්න සැරසෙන බෙදුම්වාදී අනතුර කල්වේලා ඇතිව ජාතිය ඉදිරියේ අනාවරණය කළෙමු. ඉන් පසු රජය විසින් මහජන අදහස් නාමයෙන් ඉදිරිපත් කළ කමිටු වාර්තාවේ ඇති දේශද්‍රෝහී යෝජනාවන් අළලා 2016 ජුනි මස 'ෆෙඩරල් සංහිඳියාව' මැයෙන් මහජන සම්මන්ත්‍රණයක් පවත්වමින් මෙම බෙදුම්වාදී ෆෙඩරල් අනතුර පිළිබඳව ජනතාව අවදි කරවිමට උත්සුක වූයෙමු. ජනාධිපතිවරයා විසින් මැතකදී 'ෆෙඩරල් සංහිඳියාව' ලෙස රජයේ සංහිඳියා වැඩපිළිවෙල උපහාසයට නගන අයට ළඟදී අඬන්නට සිදුවන බව පවසා සිටියේය. රජය විසින් පත් කළ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත්කළ අනුකමිටු මගින් ඉදිරිපත් කර ඇති බෙදුම්වාදී ෆෙඩරල් යෝජනා පරාජය නොකළහොත් මුළු මහත් ජාතියකට හඬන්නට සිදුවනු ඇත.

එම යෝජනාවන්ට අනුව;

ඉඩම් කළමණාකරණය කිරීමේ බලය සම්පූර්ණයෙන්ම පළාත්සභා සතුය. පළාත් පොලිස් කොමිසම මධ්‍යම රජයෙන් වෙන්කර එහි සාමාජිකයින් පත්කිරීමේ බලය මහ ඇමතිවරයාට පැවරේ. පළාත් රාජ්‍ය සේවය පළාත් රාජ්‍ය සේවා කොමිසම යටතට පවරා එය මහ ඇමති වරයා යටතට පැවරේ. දිස්‌ත්‍රික්‌ ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු පළාත් බලය යටතට පත් කෙරේ.පළාත් විෂයයන්ට අදාළව නීති පැනවීමේ බලය පාර්ලිමේන්තුවට අහිමිවන අතර පොදු ප්‍රතිපත්ති නිර්දේශ කිරීමේ බලය ද පාර්ලිමේන්තුවට අහිමිවේ.

මධ්‍යම රජය සහ පළාත් සභා අතර බලය සම්බන්ධ ගැටලු වලට තීන්දු ලබා දීමට මින් මනතට ශ්‍රේෂ්ඨාධිකරණයට නොහැකිය. ඒ බලය ඇත්තේ වත්මන් අධිකරණ පද්ධතියට පිටින් පිහිටවෙන, ජාතිවාදී පදනම ම මත නියෝජිතයින් පත් කරන එන්ජීඕ ඇටවුමකටය.

කීමට තවත් බොහෝ දේ ඇත...

රණ විරුවන් වන්නියේදී දිවි පුදා ලද ජය දියවන්නාවේදී පරාජය කෙරෙනෙ තෙක් නිහඬව බලා සිටීම මිනිස්කමට නිගාවකි. මේ දේශද්‍රෝහී, බෙදුවාදී ෆෙඩරල් කුමන්ත්‍රණය පරාජය කිරීම උදෙසා සබුද්ධික මිනිස් දාමයක් වහ වහා ගෙතිය යුතුය. ඒ සබුද්ධික මිනිස් දාමය ගොතන්නට, එහි මුල් පුරුකක් වන්නට ඔබට ආරාධනය කරමු.

විරුවන් දිවි පුදා රැකි රට බන්දේසියක තබා බෙදුම්වාදීන්ට පුදන
ෆෙඩරල් ව්‍යවස්ථාව පිළිබඳ දැනුවත් වෙමු ! එරෙහි වෙමු !! පරදවමු !!


ව්‍යවස්ථාවෙන් රට බෙදීම වළකමු !!
මව්බිමට හිතැති සියළු දෙනාට ආරාධනා...
දෙසැ 19 සවස 3 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයට එන්න .

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

12/17/2016

බලය බෙදීම ක්‍රියාත්මක වුණොත් කෑලි නවයකට රට කැඩෙනවා

කතෘ:යුතුකම     12/17/2016   1 comment
නීතිඥ කල්‍යානන්ද තිරාණගම
-සාකච්ඡා කළේ පාලිත සේනානායක

විධායක ජනාධිපති බලතල අහෝසි කිරීම සහ පවතින මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම මේ ආණ්‌ඩුව පත්වනවිට ජනතාවට දුන් ප්‍රධාන ප්‍රතිඥා දෙකකි. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේ අරමුණ එය බව ප්‍රකාශ වුවද යෝජිත නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවෙන් ද ජනාධිපති බලතල එලෙසින්ම පවත්වාගෙන යැමට යෝජනා වී ඇතැයි පසුගියදා ප්‍රකාශ විය. යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ අරමුණු පිළිබඳ මානව හිමිකම් හා සංවර්ධනය පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්‌ෂ නීතිඥ කල්‍යානන්ද තිරාණගම සමඟ පැවැත්වූ සාකච්ඡාවකි මේ.

වර්තමාන ආණ්‌ඩුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ප්‍රතිඥා දුන්නත් යෝජිත නව ව්‍යවස්‌ථාවෙනුත් ජනාධිපති බලතල ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යැමට උත්සාහ දරන බව පෙනෙනවා?

ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය පිළිබඳ අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ එම මණ්‌ඩලය පත් කරන්නේ කරුණු 3 ක්‌ ඉටු කරගැනීමට බවයි. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම සහ බලය බෙදීම ඒ කරුණු තුනයි. මේ සඳහා පාර්ලිමේන්තුවේ කමිටු තුනක්‌ පත් කළා. ඊට අමතරව මන්ත්‍රීවරුන්ගෙන් සැදුම් ලත් කමිටු 6 ක්‌ පත් කළා. ජනතා අදහස්‌ විමසන්නත් වෙනම කණ්‌ඩායමක්‌ පත් කළා. ආණ්‌ඩුවේ උපදේශකයන් සහ ව්‍යවස්‌ථා විශාරදයන්ගේ උපදෙස්‌ මත මන්ත්‍රී කමිටු 6 ක්‌ විසින් දැන් වාර්තා 6 ක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. නමුත් මේ එක වාර්තාවකවත් අගමැතිතුමා සඳහන් කළ කරුණු තුනෙන් පළමු සහ දෙවැනි කාරණා ගැන එනම් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම පිළිබඳ කිසිදු සඳහනක්‌ නෑ. එම වාර්තා හයේම සඳහන් වන්නේ බලය බෙදීම ගැන පමණයි.

කරුණු තුනක්‌ ඉටුකර ගැනීමට කමිටු හයක්‌ පත්කරල ඒවායේ වාර්තා එනවිට කරුණු දෙකක්‌ හැලී යැමෙන් පෙනෙන්නේ මේ ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව ගේන්න හදන්නෙ ජනාධිපති බලතල ඉවත්කරන්නවත්, පවත්නා මැතිවරණ ක්‍රමය ඉවත් කරන්නවත් නෙමෙයි බලය බෙදීමට පමණක්‌ බවයි. බලය බෙදීම ජනතාවගේ ඉල්ලීමක්‌ නෙමෙයි. ජනතාව ඉල්ලුවේ ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමට සහ මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීමටයි. සෝභිත හාමුදුරුවොත් කිව්වේ මේ ජනාධිපති ක්‍රමයත් මේ මැතිවරණ ක්‍රමයත් අපේ රටට නොගැලපෙන නිසා ඒවා ඉවත් කරන්න කියලයි. ආණ්‌ඩුවේ මේ නව ව්‍යවස්‌ථාව සම්පාදනය කිරීමේ අරමුණ බලය බෙදීමයි. ඒ අරමුණට ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම සහ මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම එකතු කළේ නව ව්‍යවස්‌ථාවට එල්ල වන ජනතා විරෝධය වළක්‌වන්නටයි.

මේ ආණ්‌ඩුව බලයට පත්කර ගන්න බොහොම මහන්සි වුණු පිරිසක්‌ ඉන්නවා. ඒ දෙමළ ඩයස්‌ පෝරාව, දෙමළ බෙදුම්වාදීන් සහ ඇතැම් විදේශ රටවල්. මේ තුන්ගොල්ලන්ගෙ එකම ඉල්ලීම වුණේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස්‌ කිරීමවත්, මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීමවත් නෙමෙයි, බලය බෙදල උතුරු නැගෙනහිරට වෙනම පාලනයක්‌ දීමයි. ඒ ඉල්ලීම ඉටුකිරීම තමයි මේ නව ව්‍යවස්‌ථාවේ සැබෑ අරමුණ.

දෙමළ ජනතාව ඉතාම පැහැදිලිව ඒ අයගෙ ඉල්ලීම් ඉදිරිපත් කරල තිබෙනවා. ඒ ඉල්ලීම්වලට ආණ්‌ඩුව තමන්ගේ ස්‌ථාවරය ප්‍රකාශ නොකර ඒ ප්‍රශ්නය ජනතාවට සහ විවිධ කමිටුවලට භාරදීලද?

ආණ්‌ඩුව මේ ප්‍රශ්නය පිළිබඳ ආණ්‌ඩුවේ විසඳුම නොකියන්නේ රහසක්‌ තිබෙන නිසා බවයි මගේ අදහස. දෙමළ ජනතාව උතුර නැගෙනහිර එක්‌කර වෙනම පාලනයක්‌ ඉල්ලනවා. ඉඩම් බලතල, පොලිස්‌ බලතල ඉල්ලනවා. ආණ්‌ඩුකාරවරයාගේ බලතල ඉවත්කරන ලෙස ඉල්ලනවා. ඔවුන් උතුරු නැගෙනහිරට නිදහස්‌ ස්‌වාධීන පාලනයක්‌ ඉල්ලද්දී ආණ්‌ඩුව ඒක අමතක කරල සංහිඳියාවක්‌ ගැන කතා කරනවා. එහෙම කළා කියල දෙමළ ජනතාවගේ ඉල්ලීම් වෙනස්‌ වෙන්නේ නෑ. ආණ්‌ඩුවේ ප්‍රධානීන් යාපනේට ගිහින් සිංහල මිනිස්‌සුන්ට ආරාධනා කරනවා දෙමළ ජනතාව විඳින දුක බලන්න එන්න කියල. ප්‍රශ්නෙට උත්තරේ ඒක නෙමෙයි. මෙන්න අපේ විසඳුම කියල එක්‌සත් ජාතික පක්‌ෂයවත්, ආණ්‌ඩුවට සම්බන්ධ වී සිටින ශ්‍රීලනිප කණ්‌ඩායමවත් ජනාධිපතිතුමාවත් කියන්නෙ නෑ.

ප්‍රශ්නෙ විසඳන්න ඕන බලතල තියෙන අයනෙ. ජනතාව ඒ අයට බලතල දුන්නෙ ප්‍රශ්නෙ විසඳන්න. මේකට විසඳුම මොකක්‌ද කියල ජනතාවගෙන් අහල වැඩක්‌ නෑ. මම නම් හිතන්නෙ මේකට විසඳුම මොකක්‌ද කියල ජනතාවගෙන් අහන්නෙ ආණ්‌ඩුව ඇඟ බේරා ගන්නයි.

ඡේ. ආර්. ජයවර්ධන මහතා 13 වැනි ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව ගෙනැල්ල පළාත් සභා දුන්නත් එයින් එහාට ගිහින් විධායක ජනාධිපති ක්‍රමය නැතිකරන්න ගියේ නෑ. එයට හේතුව විධායක ජනාධිපති ක්‍රමය පැවතුණොත් විතරයි. ඒ පවතින රාමුව තුළ ශ්‍රී ලංකාවට ඒකීය රටක්‌ ලෙස පැවතිය හැක්‌කේ. විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරල බලතල බෙදුවොත් රට බෙදෙනවා. ඒක වළක්‌වන්න බෑ. ඡේ. ආර්. ජයවර්ධන මහතාවත් ප්‍රේමදාස මහතාවත් ඒකට කැමැති වුණේ නෑ. චන්ද්‍රිකා ජනාධිපතිනිය එය කරන්න හැදුවත් එදා එජාපය එයට එරෙහි වෙලා පාර්ලිමේන්තුවේ ඒ පනත ඉරල දැම්මා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කියල එකක්‌ පත් කළේ සියලු පක්‌ෂ එකතුවෙලා ඒ පාපකර්මෙ කරන්න. නමුත් ඒක කරන්නත් බැරිවුණා. හේතුව මේක තුළිනුත් හැමෝම බලන්නෙ අනුන් පරද්දල තමුන් බලයට එන්න.

අද කරන්න හදන්නෙත් සියලු දෙනා හවුල් කරගෙන ඔය පාප කර්මය කරන්න. ජනතාවගෙනුත් අදහස්‌ විමසමින් ජනතාවත් හවුල් කරගන්නව. ඔය පත්කළ කමිටුවලත් රට ගැන හැඟීමක්‌ තියෙන අය ඉන්න බවක්‌ පෙනෙන්න නෑ. රට පුරා අදහස්‌ විමසීම් වගේම සියලු පක්‌ෂ නියෝජනයන් තිබෙන බව පෙන්වන්නෙ මේ කරන්න හදන දේට ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක්‌ දෙන්නයි. මේ ක්‍රියාවලියට විරුද්ධ අයගේ පවා නම් මේ කමිටුවලට ඇතුළත් කර තිබෙනවා. සියලු දේශපාලන පක්‌ෂ සම්බන්ධ කර ගන්නවා. ඒ අයගෙ නම් කමිටුවල තිබෙනවා. නමුත් ඒ අය කියන්නෙ අපේ යෝජනා කිසිවක්‌ මේකට ඇතුළත් කරල නෑ කියල. මේ මේ දේවල්වලට අපේ විරුද්ධත්වය ප්‍රකාශ කළා කියලවත් කිසිතැනක සඳහන් වෙන්නේ නෑ. සියලු පක්‌ෂ නියෝජනයෙන් සහ මුළු රටේම ජනතාවගේ අදහස්‌ විමසා මේ ව්‍යවස්‌ථාව සම්පාදනය කරන බව ප්‍රකාශ කරන්නෙ ඊට සුජාත භාවයක්‌ ආරෝපණය කරන්නයි. නමුත් අවසන් වාර්තාවේ තිබෙන්නේ බලය බෙදීම පමණයි.

13 ව්‍යවස්‌ථා සංශෝධනයට එහා බලයක්‌ අවශ්‍යයි යන්න උතුරේ මහ ඇමැතිවරයාගේ ඉල්ලීමක්‌. මේ ඉල්ලීමත් පළාත් සභාවලට බලතල පැවරීමත් පිළිබඳ ඔබේ මතය කුමක්‌ද?

රටේ ඒකීය භාවයේ සීමාව තමා 13. ආණ්‌ඩුකාරවරයා පත්කරන්නෙ ජනාධිපති. පැරණි ව්‍යවස්‌ථාව අනුව ආණ්‌ඩුකාරවරයා ජනාධිපතිගෙ නියෝජිතයෙක්‌. ආණ්‌ඩුකාරවරයාගේ අනුමැතිය නැතිව මහඇමැතිවරයාට හිතුවක්‌කාර ලෙස කටයුතු කරන්න බෑ. පනතක්‌ ගෙනාවත් ආණ්‌ඩුකාරවරයාගේ අනුමැතිය ඊට අවශ්‍යයි. රාජ්‍ය සේවය ක්‍රියාත්මක වෙන්නෙත් ආණ්‌ඩුකාරවරයාගේ අනුදැනුම ඇතිව. මුදල් පාලනයත් තිබෙන්නේ ආණ්‌ඩුකාරවරයා යටතේ. රටේ එකීය භාවය ආරක්‌ෂා වෙන්නෙ ආණ්‌ඩුකාරවරයා සතු මේ බලතල නිසයි. මේ අයගෙ ඉල්ලීම ආණ්‌ඩුකාරවරයා කටයුතු කළ යුත්තේ මහඇමැති සහ පළාත් සභාවේ ඇමැති මණ්‌ඩලයට අනුව බවයි. යම්විදිහකින් එය ඉටුවුණොත් එය රටේ ඒකීය භාවයට තර්ජනයක්‌.

ආණ්‌ඩුවේ බලතල රට පුරා ක්‍රියාත්මක වෙන්නෙ දිසාපති හා මහලේකම් කාර්යාල හරහා. ඒ සෑම තැනකම සිටින්නේ රජය පත් කරන නිලධාරීන්. එය මහ ආණ්‌ඩුවෙන් ඉවත් කර පළාත් සභාවලට පැවරිය යුතු බව තවත් ඉල්ලීමක්‌. එවිට මේ නිලධාරීන් ක්‍රියාත්මක වන්නේ මහ ඇමැතිවරයා යටතේ. මෙතෙක්‌ රට පුරා එකම ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මක වීම ඉන්පසු අහෝසි වෙනවා. ඉන්පසු ඇතිවන්නේ ඒ ඒ පළාත්වල මහ ඇමැතිවරුන්ට උවමනා පරිදි ක්‍රියාත්මක වන රාජ්‍ය සේවයක්‌. ඒ අනුව පළාත් නවයේ ආකාර නවයකට අනුවයි, රාජ්‍ය සේවය ක්‍රියාත්මක වන්නේ. මේ නිසා රටේ බහුතර ජනතාවට විශාල අසාධාරණයක්‌ සිදු වන්නට පුළුවන්. නීතිය සමානව ක්‍රියාත්මක වීම බිඳවැටීමෙන් රට බරපතළ අවුල් සහගත තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. එවිට ඒ ඒ පළාත් සභාවල තීරණ අනුවයි, එක්‌ එක්‌ පළාත් සභාවල කටයුතු කෙරෙන්නේ. රට පුරා නීති පැනවීමේ බලය පාර්ලිමේන්තුවට අහිමි වෙනවා. එය භයානක තත්ත්වයක්‌. මේ බලය බෙදීම් ක්‍රියාත්මක වුණොත් රට දෙකට නෙමෙයි මම හිතන්නේ, රට නවයකට කැඩෙනවා.

දිවයින ඉරිදා සංග්‍රහය
[2016-12-18]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

12/14/2016

ව්‍යවස්‌ථා මර උගුලින් රට ගලවාගන්නේ කෙසේද?

කතෘ:යුතුකම     12/14/2016   No comments
-වෛද්‍ය වසන්ත බණ්‌ඩාර-දෙස්‌ විදෙස්‌ බෙදුම්වාදී බලවේග සහ ජාත්‍යන්තර ඔත්තු සේවා විසින් වර්තමාන රජය බලයට පත්කරන්නේ මූලික වශයෙන් නව ව්‍යවස්‌ථාවක්‌ මගින් රාජ්‍ය දුර්වල කිරීමේ කොන්ත්‍රාත්තුව ඔවුන් ලවා ඉටුකිරීම කර ගැනීම යෑයි චෝදනා කිරීම ඉතා තර්කානුකූල සහ සාධාරණ වේ. ඊට අදාළ ප්‍රල සාක්‍ෂි පසුගිය කාලය පුරාම සමාජයේ සාකච්ඡාවට ලක්‌විය. වරදක්‌ වනවා නම් එසේ වන්නේ එම ''ව්‍යවස්‌ථා කොන්ත්‍රාත්තුව'' පිළිබඳව පමණක්‌ කතා කිරීමය. එය නිවැරදි කිරීම සඳහා රට බෙදීමේ ක්‍රියාවලිය සඳහා පමණක්‌ නොව ඉන් පසුව ශ්‍රී ලංකාව තුළ පය තබාගැනීමේ ඉන්දු - ඇමෙරිකානු ඒකාබද්ධ ව්‍යාපෘතියට අදාළ අනෙකුත් කොන්ත්‍රාත්තු පිළිබඳව ද කතා කළ යුතුය. එනම් ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළමින් බෙදුම්වාදී අපේක්‌ෂා ඉටු කිරීම සඳහා දියත්වී ඇති රණවිරු දඩයම හෙවත් ආරක්‍ෂක හමුදා දුර්වල කොට දුර්මුඛ කිරීමේ ව්‍යාපෘතිය ගැනද කතා කළ යුතුය.

ඊට අමතරව කොල්ලකාරී නව ලිබරල් ගෝලීය කුණාටුවට ශ්‍රී ලංකාව ගොදුරු කරන නව අණපනත් සහ එට්‌කා ගිවිසුම පිළිබඳව ද කතා කළ යුතුය. ඒ මහා පින්තුරය ගැන කතා කිරීම අප රටේ දේශපාලන පක්‍ෂවල මූලික වගකීමකි. එහෙත් වඩා තීරණාත්මක ගැටුම වන ව්‍යවස්‌ථා සම්පාදන කුමන්ත්‍රණය පරාජය කළ නොහැකි වුවහොත් ඉතිරි සියලු සටන් පරාජය වීම වැළැක්‌විය නොහැක. එම නිසා අද යුගයේ සැබෑ විපක්‍ෂයේ සහ රටට ආදරය කරන පොදු ජනතාවගේ පරම යුතුකම වන්නේ ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලිය පරාජය කිරීම සඳහා කළ හැකි සියලු දේ කිරීමය. ඉන් පසුව යම් දිනෙක මහජන කැමැත්තෙන් සහ සද්භාවයෙන් නව ව්‍යවස්‌ථාවක්‌ හැදීමට බලය ඉල්ලා සිටින පක්‌ෂයකට හෝ නායකයකුට ජනතාව විසින් බලය ලබාදුන්න හොත් රටට නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේ කිසිදු බාධාවක්‌ නැත.

කෙසේවෙතත් ව්‍යවස්‌ථා සම්පාදක ක්‍රියාවලිය පමණක්‌ නොව ශ්‍රී ලංකාව බෙදා වෙන්කර ඒ මත පය තබාගැනීම සඳහා දියත්වී ඇති සූක්‍ෂම මහා සැලසුම හුදකලා සටන්වලින් පරාජය කළ නොහැක. ඒ සඳහා සියලු සටන්බිම් සම්බන්ධීකරණය කොට මහා යුද්ධයක්‌ ආරම්භ කළ යුතුය. නමුත් එය සිදුවන්නේ රික්‌තකයක්‌ තුළ නොවේ. රටට සතුරු බලවේග විසින් නිරන්තරයෙන් තම සටන් උපක්‍රම වෙනස්‌ කරමින් සහ මහා පරිමාණයෙන් විදේශ මුදල් වියදම් කරමින් දියත් කෙරෙන සූක්‍ෂ්ම යුද්ධයට අප සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද? ඒ සඳහා සතුරා විසින් ඔවුන්ගේ සටන් බිම්වලට අප ජාතිය කැඳවනතුරු බලා නොසිට උන්ගේ මහා යුද සැළසුම අප විසින් සිතියම් ගත කළ යුතුය. ඒ මගින් සතුරාගේ සටන් උපක්‍රම පමණක්‌ නොව මිතුරු පාර්ශ්වයේ සිටින බව පෙන්වමින් සතුරාගේ සැලසුමට අනුව ක්‍රියාකරන "සතුරු මිතුරන්'' ද හඳුනාගත යුතුය. ඊට අමතරව සතුරා විසින් තෝරන සටන් බිම්වලට පය තබනවා වෙනුවට නව සටන් බිම්වලට සතුරා කැඳවීමේ වාසියද අප විසින් යොදාගත යුතුය.

ව්‍යවස්‌ථාවේ අඩංගු විය හැකි භයානක බෙදුම්වාදී ලක්‍ෂණ මොනවා දැයි යන සමාජ සංවාදය අප විසින් කඩිනමින් ආරම්භ කළ යුත්තේ එම න්‍යායාත්මක විග්‍රහයට අනුවය. කෙටුම්පත අතට ලැබෙන තෙක්‌ බලාසිටීම මගින් සතුරාට වාසිවේ. ජනමත විචාරණ පනත අනුව සති 5ක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ ජනමත විචාරණය පැවැත්විය හැකි බැවින් මහජනයා සටන් බිමට කැඳවීම සඳහා කාලය බරපතළ බාධකයක්‌ බවට පත්වේ. විශේෂයෙන්ම ආණ්‌ඩුව අතුරුදන්වූවන්ගේ කාර්යාල පනත සම්මත කළ ආකාරයට පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන තත්ත්වයක්‌ අපෙක්‌ෂා කිරීමද වඩා ප්‍රඥාගෝචර වේ. එහිදී ඉහත සඳහන් කළ ආකාරයට ජනතා විමුක්‌ති පෙරමුණ සහ හෙළ උරුමය වැනි විපක්‍ෂය ලෙස ව්‍යාජ රඟපෑමක්‌ කරන පක්‍ෂ යම් සංශෝධන ප්‍රමාණයක්‌ ඉදිරිපත් කොට පාර්ලිමේන්තුව තුළ ව්‍යාජ ගාලගෝට්‌ටියක්‌ද සිදුකොට අවසානයේදී ආණ්‌ඩුව විසින් එම සංශෝධන බාරගන්නා තත්ත්වයක්‌ තුළ ව්‍යවස්‌ථා පනත්කෙටුම්පතට සහය දක්‌වනු ඇත. එම ර`ගපෑම් වලදී ඔවුන් මානව හිමිකම්, සුළු ජාතික අයිතිවාසිකම් සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්කම ගැන උස්‌ හඬින් අදහස්‌ පළකොට මහජනයා ගොනාට ඇන්දවීමේ ආණ්‌ඩුවේ උත්සාහයට තල්ලුවක්‌ ද ලබාදෙනු ඇත.

බොහෝ විට එසේ ව්‍යාජ විපක්‍ෂයට බෝලය උස්‌සාදීම සඳහා සංශෝධනය කිරීම සඳහාම යම් වගන්ති ප්‍රමාණයක්‌ ආණ්‌ඩුව විසින් කෙටුම්පතට ඇතුල් කරන බවට සැකයක්‌ නැත. එම පක්‍ෂ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්වන තුරු ගතවන සංක්‍රාන්ති කාලය තුළ මහජන අවධානය වෙනත් පැතිවලට යොමු කිරීම සඳහා දූෂණ වංචා විරෝධය සහ අයවැය විරෝධය ආශ්‍රිත සටන් පාඨ කරළියට ගෙන එන්නේ එම එකඟතාවයන් අනුව බව පෙනේ. ඒ අතර පාර්ලිමේන්තුවට පරිභාහිරව විසිරී සිටින විවිධ වාමාංශික කොටස්‌ එකතුකොට වාමවාදී, මානවවාදී හෝ "ජාතිවාදී විරෝධී" ස්‌ථාවරයන් මත නව ව්‍යවස්‌ථාවක අවශ්‍යතාවය සාධාරණීකරණය කිරීම සඳහා මෙහෙයුමක්‌ දියත් වන බවටද තොරතුරු වාර්තාවේ. ඒ තුන්වැනි මෙහෙයුම පිටුපස අසල්වැසි රටක ඔත්තු සේවා හස්‌තයක්‌ ද ක්‍රියාත්මක වන බවට හෙළිදරව් වෙමින් ඇත. ඒ අතර කුමන දුර්වලතා සහිතව වුවත් මේ වන විට දියත් වී ඇති ව්‍යවස්‌ථා කුමන්ත්‍රණය පරාජය කිරීමේ විභවය සහිත සහ ඒ බර උරමත දරා සිටින ඒකාබද්ධ විපක්‍ෂයට මඟ වැරැද්දවීමට සහ ඔවුන් අතර න්‍යායාත්මක ගැටුම් ඇති කිරීමටද සතුරා කටයුතු කරන බවට සැකයක්‌ නැත. ඒකාබද්ධ විපක්‍ෂය ''ව්‍යවස්‌ථා සම්පාදක සභා උගුලට පය තබන තැනට තල්ලු කරන්නේ සහ ඊට අවශ්‍ය තාක්‍ෂණික තර්ක නිර්මාණය කරන්නේ බලය බෙදීම මගින් බෙදුම්වාදය පරාජ කළ හැකි යෑයි විශ්වාස කරන පිරිස්‌ බව පෙනේ. ඔවුන් අතරින් යම් පිරිසක්‌ චන්ද්‍රිකාගේ පැකේඡ් ගුලිය ගිලීමෙන් පසු මේ වනතුරු දිරවා ගැනීමට නොහැකි වී ඇති මිනිසුන් බවට සැකයක්‌ නැත. තවත් සමහර වාමාංශික පිරිස්‌ න්‍යායාත්මකව බලය බෙදීම යනු ප්‍රගතිශිලී ප්‍රතිසංස්‌කරණයක්‌ ලෙස අවංකව විග්‍රහකර ගන්නා මෝල්ගස්‌ ගිලින ලද හණමිටිකාරයින් බව රහසක්‌ නොවේ.

පසුගිය දිනවල ඉහත සඳහන් කළ ආකාරයට ව්‍යවස්‌ථා සම්පාදන උගුලට පය තැබීමෙන් පසුව තවදුරටත් එම උගුලට පය හිරවෙන ලෙස බෙදුම්වාදී සංශෝධන යෝජනා කළ යම් පිරිස්‌ එසේ ඉහත විග්‍රහ කළ පිරිස්‌වලට අයත් අය බව පෙනේ. එසේ වුවත් ඔවුන්ව ඒ තැනට මෙහෙයවන තිරය පිටුපස බලවේග නැතැයි කල්පනා කිරීම අනුවණ කමකි. පසුගිය ජනාධිපතිවරණයට පෙර සතුරා ක්‍රියාත්මක වූ සූක්‍ෂම ස්‌වරූපය අධ්‍යනය කරන විට පෙනෙන්නේ මිතුරු පාර්ශ්ව අදත් හැසිරෙන්නේ ඉතා දුප්පත් ආකාරයට බවය. එම නිසා සතුරා අවතක්‌සේරු කිරීම බරපතල වරදකි. විපක්‍ෂ බලවේග දැනට අනුගමනය කරමින් සිටින ආරක්‍ෂාකාරී ප්‍රවේශයෙන් වහා ප්‍රහාරත්මක ප්‍රවේශයකට මාරුවූයේ නැතිනම් සතුරා විසින් මිතුරු පාර්ශ්ව සියල්ල බිත්තියට හේත්තු කිරීමේ වැඩි ඉඩක්‌ ඇත. විශේෂයෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු ජාතික මැතිවරණයක්‌ ජයග්‍රහණය කළ නොහැකි වූ බැවින් මෙවර සුළු ජාතික ඡන්ද බලයෙන් ජනමත විචාරණය නම් වූ ජාතික මැතිවරණ ජයග්‍රහණය කිරීම ඔහුගේ දේශපාලන පෞර්ෂයට පමණක්‌ නොව පැවැත්මට ද තීරණාත්මක වේ. එවැනි තත්ත්වයක්‌ තුළ ඔහු තම උපරිම ශක්‌තිය යොදවා ජනමත විචාරණය ජය්‍රහණය කිරීමට උත්සාහ දරනු නියතය. ඔහු විසින් පළාත් පාලන මැතිවරණය කල්දමා ජනමත විචාරණය ඉදිරියට ගෙනෙන්නේ ජනමත විචාරණය ජයග්‍රහණය කිරීම පිළිබඳව ඔහු තුළ පවතින දැඩි විශ්වාසය නිසාය.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යවස්‌ථාව කර තබාගෙන ආරම්භ කරන ගමන එතුමාගේ පැත්තෙන් ගත්විට ජීවිතය සහ මරණය අතර සටනකි. ජනමත විචාරණය පරාජය වුවහොත් එතැන් පටන් ඔහුට මුහුණ දීමට සිදුවන්නේ සදාකාලික පරාජයෙන් අවසන්වන දේශපාලන සටනකටය. එසේ එම යුද්ධය පරාජය වීමෙන් පසුව ඔහු යම් හුදකලා තනි සටනක්‌ ජයග්‍රහණය කළත් ඔහුගේ ගමන පරාජයෙන් කෙළවර වීම වැළැක්‌විය නොහැක. එම නිසා මහජන ප්‍රතිචාර මත ඔහු තම දේශපාලන තීන්දු වෙනස්‌ කිරීමේ වැඩි ඉඩක්‌ද ඇත. එනම් මහජනයා වීථි බැස බරපතළ විරෝධයකට යොමුවන තත්ත්වයක්‌ යටතේ ඔහු ජනමත විචාරණය ම`ගහැර පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය මත පමණක්‌ විශ්වාසය තබා ඊට සරිලන ආකාරයට ව්‍යවස්‌ථා කෙටුම්පත සංශෝධනය කිරීමට ද ඉඩ ඇත.එම නිසා ව්‍යවස්‌ථා කෙටුම්පතට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය අහිමි කෙරෙන තත්ත්වය නිර්මාණය කිරීම සඳහා විපක්‍ෂය විසින් උපාය මාර්ගිකව කටයුතු කළ යුතුව ඇත. නමුත් විවිධ නිදහසට කාරණා ඉදිරිපත් කරමින් විපක්‍ෂය ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලිය තුළ රැඳී සිටීම නිසා එම ක්‍රියාවලියේ බරපතළකම මහජන මනසේ අවධාරණය කිරීම පහසු වන්නේ නැත. විපක්‍ෂය නව ව්‍යවස්‌ථාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ නොකරන්නේ නම් එහි භයානකකම මහජනයා තේරුම් ගන්නේ නැත. ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලිය තුළ රැඳී සිටින අතර අතර ඊට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්නේ කෙසේද?

බෙදුම්වාදීන්ගේ පැත්තෙන් ගත්විට ඔවුන්ට රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුටු ආරක්‍ෂා කිරීමට බැඳීමක්‌ නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ බෙදුම්වාදී මාර්ග සිතියම තුළ මෙතෙක්‌ පැමිණි දුර ආරක්‍ෂා කර ගනිමින් හැකිතාක්‌ දුරට ඉදිරි පිම්මක්‌ පැනීමටය. එහිදී විශාල පිම්මක්‌ ඉලක්‌ක කොට යථාර්ථවාදීව පැනිය හැකි දුර බාරගැනීමට ඔවුන් සූදානම් වනු ඇත. ඉලක්‌කය කේවල් නොකර සමස්‌තයට හානිකර ගැනීමට ඔවුන් සූදානම් නොවනු ඇත. එම නිසා යථාර්වාදීව පැනිය හැකි දුර අනුව ඉලක්‌කය එහා මෙහා කිරීමට ඔවුන් නම්‍යශිලී වනු ඇත. එයට හේතුව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන තත්ත්වයක්‌ හෙවත් ඊට එරෙහිව පවතින බාධක ඉවත්කර ගැනීමේ තත්ත්වයක්‌ උදාකරගත්තද ඔවුන්ට ඊළාම් මාර්ග සිතියමේ බොහෝ දුරක්‌ යා හැකි වීමය. වර්තමාන ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලිය හරහා 13ට එහා යම් දුරක්‌ පැන්නද එය ඔවුන්ගේ ප්‍රබල ජයග්‍රහණයකි.

එම තත්ත්වය තුළ පළමු වටයේදී ජනමත විචාරණයක්‌ අවශ්‍ය වන සංශෝධන ඇතුළත් ව්‍යවස්‌ථා කෙටුම්පතක්‌ ඉදිරිපත් කොට මතුවන තත්ත්වය අනුව විශේෂ බහුතරයෙන් සම්මත කළ හැකි බොදුම්වාදී සංශෝධන ප්‍රමාණය බාර ගැනීමට බෙදුම්වාදීන් එක`ගවීමටද ඉඩ ඇත. අනතුරුදායක ලෙස ආණ්‌ඩුව ජනමත විචාරණයට තල්ලු වුවහොත් ජය සහ පරාජය යන දෙකම බෙදුම්වාදීන්ගේ ජයග්‍රහණයෙන් කෙළවරවනු ඇත. එනම් ජනමත විචාරණය ජයග්‍රහණය කළහොත් ඔවුන් තම අපේක්‌ෂිත ඉලක්‌කයට සතුටින් ළඟාවනු ඇත. ජනමත විචාරණය පරාජය වුවද අනෙකුත් බෙදුම්වාදී ප්‍රතිපාදන පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයෙන් සම්මත වනු ඇත. එම බෙදුම්වාදී බලතළ ප්‍රමාණයෙන් ඔවුන් සෑහීමට පත්වනු ඇත. ඊට අමතරව දකුණේ ප්‍රතිඵල නොසලකා උතුරු නැඟෙනහිර පළාතේදී ජයග්‍රහණය කරන ජනමත විචාරණ ප්‍රතිඵලය අනාගතයේදී බෙදුම්වාදී ජනතා අපේක්‌ෂා ජාත්‍යන්තරව තහවුරු කිරීම සඳහා ඔවුන් විසින් යොදාගනු ඇත. කෙසේ වෙතත් ජනමත විචාරණයක්‌ පවත්වන බව පැවසීම මගින් විශේෂ බහුතරය ලබාගැනීමට වැඩි අවස්‌ථාවක්‌ උදාවේ. එවිට ව්‍යවස්‌ථාව පරාජය කිරීමේ වගකීම මහජනයා මත පටවා මන්ත්‍රිවරුන්ට ඇඟ බේරාගැනීමේ යම් ඉඩක්‌ විවරවේ. ඒ මගින් රට පාවාදෙන තැනට ඔවුන් පෙළඹවීම වඩා පහසුවේ.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මුහණ දෙන ඊළඟ අභියෝගය වන්නේ අනාගතයේ පැන නැගීමට නියමිත මහජන විරෝධය හමුවේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් ජාතික ආණ්‌ඩුවට එක්‌වූ පිරිස්‌ තුළ තම ස්‌ථාවරයන් වෙනස්‌ කිරීමට පෙළඹවීමක්‌ ඇති වීමය. එවිට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය ලබාගැනීම ගැටලුවක්‌ වනු ඇත. නමුත් එම ගැටලුව සමනය කරගනිමින් බෙදුම්වාදී ව්‍යවස්‌ථා යුද්ධය ජයග්‍රහණයෙන් කෙලවර කිරීම සඳහා දෙස්‌ විදෙස්‌ බෙදුම්වාදී බලවේග තම මුදල් සහ රාජ්‍යතාන්ත්‍රික බලය ආණ්‌ඩුව පිටුපසින් යොදවන බවට කිසිදු සැකයක්‌ නැත. එය එසේ වුවත් ආයුධ සන්නද්ධ බෙදුම්වාදී යුද්ධය පරාජය කළ ආකාරයට රාජතාන්ත්‍රික බෙදුම්වාදී ව්‍යවස්‌ථා යුද්ධයද පරාජය කිරීමේ විභවය අප ජාතිය සතුවේ. ඒ සඳහා ජාතිය පෙළගැස්‌සවීම රටට ආදරය කරන සියලු දේශප්‍රේමී, ජාතිකවාදී, වාමවාදී බලවේග වල පරම යුතුකම බව නොකිව මනාය.

මහජනතාව දැනුම්වත් කිරීම සහ ව්‍යවස්‌ථා කුමන්ත්‍රණය පිළිබඳ සමාජ සංවාදය ඉහළට එසවීම යනු ඊට අදාළ අවම ක්‍රියාමාර්ගය බවද කිව යුතුය. මේ උත්සාහය ඒ අවම ජාතික යුතුකම හැකි පමණින් ඉටුකිරීමටය. එසේ වුවත් එම අවම ක්‍රියාමාර්ගය සාර්ථක කර ගැනීම සඳහා ඉටුවිය යුතු පූර්ව කොන්දේසියක්‌ ඇත. ඒ සැබෑ විපක්‍ෂය හැකි ඉක්‌මනින් ව්‍යවස්‌ථා සම්පාදක මර උගුලින් තම පය ඉවත්කර ගැනීමය. ඔවුන් එම ක්‍රියාවලිය තුළ රැඳී සිටිනතාක්‌ කල් එම ක්‍රියාවලියේ භයානක කම මහජනයාට ඒත්තු ගැන්වීම පහසු වන්නේ නැත. එසේම ඒ තුළ විපක්‌ෂය ලෙස පෙනී සිටිමින් ආණ්‌ඩුවට සහය දෙන ව්‍යාජ විපක්‌ෂ කණ්‌ඩායම්වලට තම දුෂ්ට ක්‍රියාපිළිවෙත ඉදිරියට ගෙන යමින් මහජනයා නොමග යෑවීමට වැඩි ඉඩක්‌ ලැබේ. එම තත්ත්වය වෙනස්‌ කළ සැනින් මහජන මතය වෙනස්‌වීමට පටන්ගනු ඇත. ඒ තුළ ජාතික ආණ්‌ඩුවට එක්‌වී සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මන්ත්‍රිවරුන්ට තම ස්‌ථාවරයන් වෙනස්‌ කර ගැනීමට බලකෙරෙනු ඇත. එමගින් බෙදුම්වාදී නව ව්‍යවස්‌ථාව ජනමතවිචාරණයට ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව තුළදීම පරාජය කිරීමට හැකිවනු ඇත.

අවසාන වශයෙන් ජනතාවගේ අයිතිවාසිකම් නාමයෙන් බෙදුම්වාදී කප්පම් ඉල්ලා සිටින ජාතිවාදී දේශපාලනය සහ කප්පම් දෙන සහ ඒ සඳහා බලකරන ජාතිවාදී දේශපාලනය යන දෙකම පරාජය කළ හැක්‌කේ කෙසේද? ඒ විෂම චක්‍රය බිඳීය හැක්‌කේ සිංහල දමිළ මුස්‌ලිම් සියලු ජනතාවට සමානාත්මතා පදනමින් සියලු අයිතිවාසිකම් ලබාදිය යුතුය යන සටන් පාඨය ඉහළට එසවීම තුළින් පමණි.

[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

12/05/2016

"රට බෙදන ව්‍යවස්ථාව හකුළාගන්න" මල්වත්තට නොපෙනෙන අනතුර ගැටඹ පන්සලට මනාව පෙනේ..

කතෘ:යුතුකම     12/05/2016   No comments
-නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍යද?
කැප්පිටියාගොඩ සිරිවිමල මහා ස්‌ථවිර

ජනාධිපතිතුමනි, සංහිඳියාව යන්නද අද රටට ජාතියට බරපතළ උවදුරකි. උතුරු නැඟෙනහිර සිංහලයන් පළවාහරින්න යම් යම් බලවේග ක්‍රියාකරන නමුත් සංහිඳියාව යන මායාවෙන් ඒවා වැසී තිබෙනවා. මේ රාජ්‍ය නොවන සංවිධානවලට සංහිඳියා වැඩපිළිවෙළ නොපවරන්න. එය මේ රටේ මහා සංඝයාට පවරන්න. මේ රටේ මුස්‌ලිම්වරු අතීතයේ සිට ඇසුරු කළේ භික්‌ෂුන් වහන්සේය. රජමහා විහාරවල ඉඩකඩම්වල පදිංචි වීමට ඔවුන්ට ඉඩ හැරියා. පල්ලි හදන්න මාලිගාවේ ඉඩම් පවා ලබා දී තිබෙනවා. එසේ නම් සංහිඳියාවට සැබෑ සුදුස්‌සන් වන්නේ මහා සංඝයා නොවේද?

මේ රටට නවතම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක කිසිම අවශ්‍යතාවයක්‌ නොමැතිව තිබිය දී රජයේ ඇතැම් අය නව ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කිරීමට දැඩි උත්සාහයක යෙදී සිටින්නේ ඇයි? මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා බලයට පත්වන විට බොහෝ අය චෝදනා කළේ එතුමන් දෙමළ ඩයස්‌පෝරාවේ ඕනෑ එපා කම් ඉටු කිරීමට ඔවුන් සමඟ ගිවිසුම් ඇති කර ගෙන බලය ඉල්ලන බවටයි. තිස්‌ස අත්තනායක මහතා සිය ලේකම් ධුරයද අතහැර එක්‌සත් ජාතික පක්‌ෂයෙන් එළියට බැස්‌සේ බෙදුම්වාදීන් සමඟ රනිල් වික්‍රමසිංහ මහතා ගිවිසුමක්‌ අත්සන් කර ඇති බවට චෝදනා කරමින්ය. එදා මැතිවරණ වේදිකාව අමතමින් වික්‍රමසිංහ මැතිතුමාත් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාත් පවසා සිටියේ තමන් කිසිවෙකු සමඟ ගිවිසුම්ගතව නැති බවයි. ඒත් තිස්‌ස අත්තනායක මහතා අදත් උසාවි ගෙනියන්නේ නැති ගිවිසුමක්‌ ගැන වැරදි ප්‍රකාශයක්‌ කළ නිසා බව නොරහසකි. එහෙත් දැන් සිදුවේගෙන යන්නේ කුමක්‌ද? තවමත් කෙටුම්පතක්‌ පමණයි කියමින් ලහි ලහියේ සූදානම් වන්නේ රට කැබලිවලට බෙදන ෆෙඩරල් ක්‍රමයක්‌ යෝජනා කිරීමට නොවේද? ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපති යුගය පිළිබඳ අපට ඇති අත්දැකීම් අනුව අග්‍රාමාත්‍යතුමා ද දන්නා පරිදි 'කළගෙඩි ලාම්පු' සෙල්ලමට සරිලන දෙයක්‌ මගින් ජනමත විචාරණයකින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීමට යත්න දැරීමක්‌ තිබේ දැයි සැක සංකා පහළ වී තිබේ.

බෙදුම්වාදයට උඩගෙඩි දෙන ඇතැම් අධිනීතිඥවරු, ආචාර්යවරු, මහාචාර්යවරු උත්සාහ දරන්නේ ෆෙඩරල් ක්‍රමයක්‌ කරා රට ගෙන යැමට නොවේද? මේ අය රට ගැන කැක්‌කුමක්‌ ඇති අය නොවෙයි. මේ අය මේ රටේ පොදු ජනතාව ආදරය කරන අය ද නොවේ ප්‍රායෝගික නොවන එවන් ආතක්‌ පාතක්‌ නැති න්‍යායාචාර්යවරුන්ගෙන් රටට පැහැදිලි විසඳුමක්‌ ලබා ගත නොහැකිය. ඒ අය කලක්‌ තිස්‌සේ මේ රටේ ඓතිහාසික උරුමකරුවන්ට එරෙහි බලවේග විසින් තාන්න මාන්න අපේක්‌ෂාවෙන් රාජ්‍ය නොවන සංවිධාන පිහිටුවා ගෙන පටු ආකල්ප මත ක්‍රියා කරන අයයි. රජය ද උපදෙස්‌ ගන්නේ මෙවන් රට ජාතිය ආගම ගැන කැක්‌කුමක්‌ නැති නරුම උපදේශකයින්ගෙන් වීම කනගාටුවට කරුණකි.

මේ රටේ මහා සංඝයා ඇතුළු දේශප්‍රේමීන් මේ තීරණාත්මක අවස්‌ථාවේ කළ යුත්තේ අලුතෙන් නිර්මාණය කෙරෙමින් පවතින ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිටුදැකීමයි. ඉඩම් බලතල, පොලිස්‌ බලතල, අධිකරණමය බලතල පළාත් සභාවලට පැවරීමෙන් බරපතළ අනතුරත් සිදු වීම නොවැලැක්‌විය හැකි කාරණයකි. ටී.එන්.ඒ. නායකයා ෆෙඩරල් ගැන බිය නොවන ලෙසත් එයින් රට කැඩීමක්‌ සිදු නොවන බවටත් සිංහල ජනතාවට දන්වා සිටියි. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කළොත් අනිවාර්යයෙන්ම ෆෙඩරල් පාලනයක්‌ ඉල්ලන බවට උතුරේ මහ ඇමැති විග්නේශ්වරම් මැතිතුමා පවසා සිටියි. ඔවුන්ට අනුව ෆෙඩරල් ක්‍රමය රටේ එAකීයත්වයට බාධාවක්‌ නැති ක්‍රමයක්‌ නම් ෆෙඩරල් ඉල්ලා හඬන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ යුතුය. මේ නැති ප්‍රශ්න ඇති කරන්නේ කවරෙක්‌ද? ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍යයයි කියන භඨධ කාරයෝ නොවේද? නව රජය තුළ ෆෙඩරල්වාදීන් බහුලව ඇති බව පෙනී යයි. අනවශ්‍ය ෆෙඩරල් කැක්‌කුමක්‌ ඇත්තේ ඔවුන්ට ය.

ජනාධිපති තුමනි, 2014 ජනවාරි 8 වැනි දින අපි ඡන්දය දුන්නේ ෆෙඩරල් කාක්‌කන්ට නොවේ, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාටයි. අපි හැමෝම එතුමා විශ්වාස කළෙමු. ගරු ජනාධිපතිතුමනි, එබැවින් ඔබතුමා මේ රටට වගකිව යුතුයි. ජනාධිපති තනතුර ලැබීම ගැන අප සතුටු වුවත් දැන් දැන් ඔබතුමන් යන ගමන ගැන අපට ඇත්තේ බරපතළ සැකයකි. අපගේ ඉල්ලීම වන්නේ ඔබතුමා මේ නරුම කේවට්‌ටයන්ගේ උපදෙස්‌ මත ක්‍රියා නොකළ යුතු බවය. රට දැය සමයට හිතැති මහා සංඝයා හමුවී උපදෙස්‌ ගන්න. හැමදාම මේ රට රැක ගත්තේ ජාතියේ මුර දේවතාවුන් වන මහා සංඝරත්නයයි. මේ රටේ ඉතිහාසය පුරාම වරින් වර රට පාවා දෙන්නන් බිහිවී තිබෙනවා. අනුරාධපුර පොළොන්නරු යුග වලදීත්, සීතාවක, මහනුවර යුග වලදීත් රජුට ළංවි රටට ද්‍රෝහිකම් කළ අය නිසා රටට සිදු වූයේ බරපතළ විපත් බව පෙන්වා දිය යුතුයි.

රට එක්‌සේසත් කළ දුටුගැමුණුට එරෙහිව එළාර සමඟ දේශීය ෙද්‍රdaහීන් එකතු වී සිටියා. ලාභ, ලෝභ තාන්න මාන්න අපේක්‌ෂාවෙන් පෘතුගී්‍රසි, ලන්දේසි, ඉංග්‍රිසි පාලන යුග වලදී ද ඇතැම් ද්‍රෝහී සිංහලයෝ රටට ජාතියට ෙද්‍රdaහීව කටයුතු කළා. පසු කාලයේ ඇතැමුන් පෘතුගීසීන් රට හැර ගොස්‌ අවුරුදු 500 ගිය තැන ඔවුන්ගේ පාලන සමය සමරන්නත් උත්සාහ කළ අන්දම ද සිහිපත් කළ යුතුයි.

ජනාධිපතිතුමනි, ඔබතුමා මාධ්‍ය මගින් කරන ප්‍රකාශන දෙස අපි විමසිල්ලෙන් බලා සිටිමු. ඒවා බලන විට මේ රටේ සක්‍රීය රාජ්‍ය නායකයා කවරෙක්‌ ද යන්න පවා තේරුම් ගැනීමට අපහසුය. රට කරන්නේ ඔබතුමා නොවේද? ඔබතුමා වරින් වර මාධ්‍ය මගින් පළකරන සෘජු අදහස්‌ ගැන ජනතාව තුළ විශ්වාසය පළුදු වී තිබේ. වැට්‌ බද්ද, පරිසර විනාසය, රණවිරුවන් අධිකරණයට දක්‌කා ගෙන යාම, ආබාධිත රණවිරුවන්ට පහර දීම වැනි සිදුවීම් සම්බන්ධයෙන් අභීත ප්‍රකාශ සිදු කිරීම ගැන කවුරුත් සතුටු වුණා. ඒ හැම මොහොතකම රජයක්‌ විදියට තීන්දු තීරණ ගන්නා බව කියමින් ජනතාව නොමඟ යවන බව බොහෝ අයගේ මතය වී තිබේ.

එමෙන්ම ඔබතුමා සත්‍ය දකින්නේ පුවත්පත්වලින් බවට ජනතාව කරන චෝදනා නායකයෙකුට නුසුදුසුය. සියලු තීන්දු තීරණ ගැනීමට පෙර රටේ ජන නායකයා දැන සිටිය යුතු බව අපේ විශ්වාසයයි. ඇතැමුන් පවසන්නේ මහජන උද්ඝෝෂණයන් පැන නගින විට එය යටපත් කිරීමේ උපක්‍රමයක්‌ ලෙස ඔබතුමා මැදිහත්වන බවයි.

මේ දිනවල ඔබතුමා පුවත්පත්වලට දොස්‌ නගමින් ආණ්‌ඩු පෙරළීම විවේචනය කිරීම, රටට අහිතකර පුවත් වාර්තා කරන පත්තර මුල් පිටු පිළිබඳව අදහස්‌ පළ කරනවා. ඇත්තම කාරණය නම් ඔබතුමා කළේත් ඒ දෙයමයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා නිර්මාණය කළේ ද පත්තරකාරයෝ හා විද්යුත් මාධ්‍යයන්ය. ආණ්‌ඩු පෙරලුවෝද ඔවුහුමය. මා දකින විදියට මේ වකවානුවේ පතAතරකාරයෝ රටේ පවතින අසාධාරණකම් හා අයුක්‌ති සහගත දේ පිළිබඳව ඉතා සියුම්ව විමර්ශනාත්මකව පෙන්වා දේ. මාධ්‍යකාරයෝ හැටියට ඔවුන් විසින් එය හැර කුමක්‌ කළ යුතුද? සියල්ලටම එහෙයි කියන පාර්ලිමේන්තු නියෝජිතයෝ මෙන් මාධ්‍යකාරයෝත් සිටියා නම් රටට, දෙයියන්ගේම පිහිටය. එබැවින් මාධ්‍ය මර්දනය පිළිබඳව රජයේ ඇතැමුන් තුළ පවතින අදහස, තොරතුරු දැන ගැනීමේ අයිතියට බාධාවක්‌ බව පෙන්වා දිය යුතුය.

ජනපතිතුමනි, අගමැතිතුමනි මේ රට අවුල් සහගත තත්ත්වයකට පත් වෙමින් පවතී. පෙර නොවූ විරූ අන්දමින් ජනතාව අද දැඩි අසහනයකින් පසුවෙති. ආණ්‌ඩුව කරන බෙහෝ දේ රටට හිතකර නැති බව පෙනෙයි. මහජනතාව වරින් වර පාරට බහින්නේ, උද්ඝෝෂණ කරන්නේ ඒ නිසාය. ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන නිසා නිදහස අයුතු ලෙස භාවිත කරන බව ඇතැමුන් පැවසුවත් එය එසේ වන්නේ අසහනය නිසාය. මහජනතාව අතෘප්තිකරයි. සුළු පිරිසක්‌ සතුටු කරන්න රජය දැවැත්න උත්සාහයක යෙදෙන බව පෙනේ. අද උතුරේත් නැඟෙනහිරත් තත්ත්වය භයානකය. වෙහෙර විහාර කඩා බිඳ දමමින් සිංහල ජනතාවත් මහා සංඝයාත් උතුරු නැඟෙනහිරින් පළවා හැරීමේ උත්සාහයක්‌ තිබේ. පුරාවස්‌තු භූමි ඩෝසර් කරති. මේවා පෙන්වා දෙන විට ඔවුන්ගේ ක්‍රියා පුංචි දරුවන් කරන වැරදි විදියට දැක නායකයෝ ඉවත බලා ගනිති. ලොව ඕනෑම රටක එහි උරුමකරුවන්ට ප්‍රධානත්වයක්‌ හිමි වේ. එහෙත් මේ රටේ උරුමකරුවෝ අන්ත අසරණ දුගී තත්ත්වයට පත්වී පීඩා විඳිති. මේ රටේ සුළු ජනතාව උපරිම වරප්‍රසාද භුක්‌ති විඳිති. ලොව මොන රටේ ද මෙවැන්නක්‌ සිදුවන්නේ? මෙම අඩුපාඩු පෙන්වා දෙන අය ජාතිවාදීන් ලෙස හංවඩු ගැසීම බරපතළ ගැටලුවකි.

රජය ඇතැම් විට සත්‍ය යටපත් කිරීමේ උත්සාහයක යෙදී සිටින්නේ ඇයි? එළඹෙන ප්‍රශ්න ජාති, ආගම්, කුලමල නොතකා ප්‍රසිද්ධියේ විවෘතව සාකච්ඡා කොට තීරණ ගත යුතු නොවේද? මාධ්‍යයට තර්ජනය කිරීමෙන් තොරතුරු වසන් කිරීම හරිද? ආණ්‌ඩුක්‍රම ව්‍ය
ස්‌ථාවක්‌ යනු රටේ වැදගත්ම ලියවිල්ලයි. රටේ ඉරණම රඳා පවතින්නේ එය මතයි. ඉදිරියේ දී එය විවේචනය කරන අය නිහඬ කිරීමට අත්අඩංගුවට ගැනීමට නීති සකසමින් සිටින බවක්‌ පෙනෙයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් මේ රටේ ජනතාව මෙවන් තත්ත්වයක්‌ අපේක්‌ෂා කළේ නැත.

ජනාධිපතිතුමනි, සංහිඳියාව යන්නද අද රටට ජාතියට බරපතළ උවදුරකි. උතුරු නැඟෙනහිර සිංහලයන් පළවාහරින්න යම් යම් බලවේග ක්‍රියාකරන නමුත් සංහිඳියාව යන මායාවෙන් ඒවා වැසී තිබේ. මේ රාජ්‍ය නොවන සංවිධානවලට සංහිඳියා වැඩපිළිවෙළ නොපවරන්න. එය මේ රටේ මහා සංඝයාට පවරන්න. මේ රටේ මුස්‌ලිම්වරු අතීතයේ සිට ඇසුරු කළේ භික්‌ෂුන් වහන්සේය. රජමහා විහාරවල ඉඩකඩම්වල පදිංචි වීමට ඔවුන්ට ඉඩ හැරියා. පල්ලි හදන්න මාලිගාවේ ඉඩම් පවා ලබා දී තිබෙනවා. එසේ නම් සංහිඳියාවට සැබෑ සුදුස්‌සන් වන්නේ මහා සංඝයා නොවේද? සංහිඳියාවට එරෙහි වන්නෝ කවුරුන්ද? රජය මේ දේ වටහා ගත යුතුයි. අධිකරණ අමාත්‍ය විඡේදාස රාජපක්‌ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේ දී මේ රටේ ඉදිරි අනාගතයේ දී මුහුණ දීමට සිදුවිය හැකි භයානක ෂීෂී ත්‍රස්‌ත අනතුර ගැන සඳහන් කළා. එසේනම් සිදුවිය හැක්‌කේ කුමක්‌ද? නයිජීරියාවේ බොකෝහරාම්වරු එම රටේ වෙනත් ආගමිකයන් දහස්‌ ගණන් ඝාතනය කළා. සමහරු බලෙන් ආගමට හරවා ගත්තා. එබැවින් මේ රටේ හෙට දිනය සංහිඳියාවෙන් ගත කළ හැකි වෙයිද? ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සැකසීමේ දී මෙවන් භයානක උවදුරුවලට පවා වටා පිටාව සැකසෙනු නියතය. කැඩුණු 'බිඳුනු' වෙන්වන පාලන තන්ත්‍රයක්‌ තුළ ආරක්‌ෂක හමුදාවකට එවන් අනතුරකට මුහුණ දීමට නොහැකි වනු නියතය.

මේ අවස්‌ථාවේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කිරීම නොකළ යුතුය. මේ රටේ ෙත්‍රෙනිකායික මහා සංඝයා නිහඬව නොසිට පෙරමුණ ගෙන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය නැති බවට රජයට බලපෑම් කළ යුතුය. පවත්නා ව්‍යවස්‌ථාව තුළ සංශෝධන ඇතුළත් කර ගැනීම ප්‍රමාණවත් බව පෙන්වා දිය යුතුය. ජනාධිපතිතුමා ද මේ මොහොතේ කළ යුත්තේ දෙස්‌ විදෙස්‌ කුමන්ත්‍රණකරුවන්ගේ යටි උගුල් සක්‍රියව ඇති බැවින් ව්‍යවස්‌ථා සම්පාදනය පසෙකට දමා රටේ ආර්ථිකය ගොඩනැඟීමට කැපවී ක්‍රියා කිරීමයි. එමෙන්ම ඔබතුමා නිවැරැදි තීරණ තින්දු නොගත්තොත් රටට මහා විපතක්‌ සිදුවීම ද වැලැක්‌විය නොහැකිය. අගමැතිතුමා ද පොදු මහජනතාවගේ අදහස්‌වලට එකඟව රටට හිතැති තීරණ නොගන්නා අයෙක්‌ බව මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියෙන් පැහැදිලි වේ. මහ බැංකුවේ අධිපති ධුරය විදේශිකයකුට පැවරීම නිසා අද වන විට කෝටි ගණනක්‌ රටට අහිමි වී තිබේ. එබැවින් මේ මොහොතේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සැකසීමට සුදුසු වාතාවරණයක්‌ පාර්ලිමේන්තුව තුළ ද නැති බව පෙනී යයි. එබැවින් ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කිරීමෙන් සිදුවිය හැකි විපතේ වගකීම ඔබතුමා පිට පවරා අන් අය සුදනන් වීමට යත්න දැරීමට ඉඩ තිබේ. එබැවින් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සැකසීමේ උත්සාහය ඉවත දමන ලෙස ඉතා ඕනෑකමින් සිහිපත් කිරීමට කැමැත්තෙමි.
කැප්පිටියාගොඩ සිරිවිමල මහා ස්‌ථවිර යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook  : https://www.facebook.com/yuthukama

යෝජිත ව්‍යවස්ථා මර උගුලෙන් රට බෙදෙන අනතුර මහින්ද නිසි බරින් ටක්කෙටම හඳුනාගනී...

කතෘ:යුතුකම     12/05/2016   No comments
රටේ සියලු කලබල අස්‌සේ සිදුකෙරෙන ව්‍යවස්‌ථා සංශෝධනය නිසා බරපතළ ජාතික උවදුරක පෙර නිමිති පහලවෙලා
-හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ නිවේදනයක්‌ නිකුත් කරමින් කියයි

රටේ සියලු කලබල අස්‌සේ සිදුකෙරෙන ව්‍යවස්‌ථා සංශෝධන වැඩපිළිවෙළ බරපතළ ජාතික උවදුරක පෙර නිමිති පහල වී ඇති බවත් ව්‍යවස්‌ථා සම්පාදන මණ්‌ඩලයේ ඇතැම් අනුකමිටු විසින් රටේ ඒකීයභාවය අවසන් කිරීම සඳහා යෝජනා ගණනාවක්‌ ඉදිරිපත් කර ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

මෙවර අයවැය කෙරෙහි කාගේත් අවධානය යොමුවී තිබෙන අතරතුර ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ අනුකමිටු හයක යෝජනා සහිත වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබුවේය. එයත් සමඟම ආණ්‌ඩුවේ ඇමැතිවරුන් මේ ව්‍යවස්‌ථා සංශෝධන යෝජනාවල රටේ ඒකීයභාවය හෝ බුදු දහමට ඇති විශේෂ තත්ත්වය අහෝසි කිරීමට හෝ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට යෝජනා ඇතුළත් නැතිබව කියමින් ඒවාට මහනායක හිමිවරුන්ගේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන ආකාරය අපි දුටුවෙමු. එපමණක්‌ද නොව අයවැය සම්බන්ධයෙන් ඇති වූ උද්ඝෝෂණ, වැඩවර්ජන ආදී සියල්ල පසෙක තිබියදී ජනාධිපතිවරයාත්, පාර්ලිමේන්තුවේදී බලය බෙදීමේ වැදගත්ගම ගැන කතා කළේය.

මේ අතරතුර, ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන්ට දිගට හරහට රථ වාහන, විශේෂ දීමනා යනාදී වරදාන බෙදන හැටි අපි දුටුවෙමු. මේ සියල්ල ළඟ එන බරපතළ ජාතික උවදුරක පෙර නිමිතිය.

පසුගිය ජනාධිපතිවරණයේදී අද මේ ආණ්‌ඩුවේ සිටින නායකයන් ජනතාවට ව්‍යවස්‌ථා සංශෝධන සම්බන්ධයෙන් දුන් ප්‍රධානම පොරොන්දු දෙක වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමයි. නමුත් ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය විසින් පත්කොට තිබෙන අනුකමිටු එකක්‌වත් මේ ප්‍රධාන කාරණා දෙක ගැන අවධානය යොමුකොට නැත. ඒ වෙනුවට අපට ලැබී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී අඩු වශයෙන් සඳහනක්‌වත් නොකෙරුණු කාරණා ගැන අනුකමිටු වාර්තා හයකි.

අයෑවැයේ ගැටලු හරියට විසඳන්නෙත් නැතුව ව්‍යවස්‌ථාව සංශෝධන ගැන කතා කිරීමේ අවස්‌ථා සම්බන්ධය, පැහැදිලි වන්නේ ව්‍යවස්‌ථා සංශෝධන පිළිබඳ අනුකමිටු වාර්තා කියවා බැලූ විටය.

අපේ ව්‍යවස්‌ථාවේ "ඒකීය ස්‌වභාවය" නිසා පළාත් සභාවල කටයුතු වලට "බාධා" පැමිණෙන බව මධ්‍ය හා පර්යන්තය පිළිබඳ අනුකමිටු වාර්තාවේ එළිපිට සඳහන් කොට ඇත. ඒ අනුව ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ ඇතැම් අනුකමිටු විසින් "ඒකීය" යන වචනය ව්‍යවස්‌ථාවෙන් ඉවත් නොකොට රටේ ඒකීයභාවය අවසන් කිරීම සඳහා යෝජනා ගණනාවක්‌ම ඉදිරිපත් කර ඇත. මේවා අතරින් කීපයක්‌ පමණක්‌ ගෙනහැර දැක්‌වීමට මම කැමැත්තෙමි.

1. පළාත් ආණ්‌ඩුකාරවරුන්ගේ සියලු බලතල අහෝසි කිරීමට මධ්‍ය හා පර්යන්තය පිළිබඳ අනුකමිටුව විසින් යෝජනා කර ඇත. පළාත් සභාවල සම්මත කරන අණපනත් වලට අනුමැතිය දීමේ බලය ආණ්‌ඩුකාරවරයගෙන් ඉවත් කොට පළාත් සභාවේ සභාපතිවරයාට පැවරීමටත්, තමාගේ අනුමැතිය සඳහා එවන අණපනත් වලට සංශෝධන යෝජනා කරමින් ආපසු පළාත් සභාවට යෑවීමට ආණ්‌ඩුකාරවරයාට ඇති බලයත්, පළාත් සභා අණපනත් සම්බන්ධයෙන් ශේ්‍රෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා ජනාධිපතිවරයාට යොමු කිරීමට ආණ්‌ඩුකාරවරයාට ඇති බලයත් අහෝසි කිරීමට යෝජනා වී ඇත. එපමණක්‌ද නොව ආණ්‌ඩුකාරවරයා පත් කිරීම මහ ඇමැතිවරයාගේ අනුමැතියට යටත්ව සිදු කිරීමටත්, ඔහු සැමවිටම මහ ඇමැතිවරයාගේ හා පළාත් ඇමැති මණ්‌ඩලයේ උපදෙස්‌ මත ක්‍රියාකළ යුතු බවටත් යෝජනා වී ඇත. අපේ බලය බෙදීමේ ක්‍රමය පදනම් වී ඇත්තේ ඉන්දියානු ආකෘතිය මතය. ලංකාවේ පළාත් ආණ්‌ඩුකාරවරුන්ගේ බලතල ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්‌ඩුකාරවරුන්ගේ බලතල සමඟ සම්පූර්ණයෙන්ම සමගාමී වේ. ඉන්දියාවේ මෙන්ම ලංකාවේත් පළාත් සභා හා ප්‍රාන්ත මධ්‍යම ආණ්‌ඩුව සමඟ සම්බන්ධවන්නේ ආණ්‌ඩුකාර ධුරය හරහාය. ආණ්‌ඩුකාරවරයාගේ බලතල අහෝසි කළහොත් ඉන්දියාවට මෙන්ම ලංකාවටත් ඒකීය රාජ්‍යන් හැටියට පැවතිය නොහැක.

2. මධ්‍යම ආණ්‌ඩුව මෙන්ම පළාත් සභා වලටත් හෙබවිය හැකි සමගාමී බලතල ලැයිස්‌තුව අහෝසි කිරීමටත් එම බලතල පළාත් සභා වලට දී පළාත් සභා "වෙනම බලප්‍රදේශ" බවට පත් කිරීමට යෝජනා වී ඇත. මේ පරමාර්ථය මුදුන්පත් කිරීම සඳහා මධ්‍යම ආණ්‌ඩුව යටතේ කටයුතු කරන දිස්‌ත්‍රික්‌ ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් පළාත් සභා යටතට පත්කළ යුතු බවටත්, පළාත් රාජ්‍ය සේවා කොමිසම් වලට තම පළාතට අවශ්‍ය රජයේ සේවකයන්ගේ ගණන මහා භාණ්‌ඩාගාරයේ අනුමැතියට යටත් නොවී ස්‌වාධීනව තීන්දු කිරීමට බලතල පැවරීමටත් යෝජනා වී ඇත.

3. මධ්‍ය හා පර්යන්තය පිළිබඳ අනුකමිටුවේ තවත් යෝජනාවක්‌ වන්නේ රජයේ ඉඩම් සම්බන්ධ සියලු බලතල පළාත්සභා වලට පැවරිය යුතු බවයි. ඒ අනුව පළාතක තිබෙන රජයේ ඉඩමක්‌ භාවිත කිරීම සඳහා මධ්‍යම ආණ්‌ඩුවට පළාත් සභාවේ අනුමැතිය ලබාගැනීමට සිදුවෙනු ඇත. ඉන්දියාවේ නම් මධ්‍යම ආණ්‌ඩුවට යම් ප්‍රාන්තයක ඇති ඉඩමක්‌ අවශ්‍ය වුවහොත් ප්‍රාන්ත ආණ්‌ඩුවේ කැමැත්ත හෝ අකමැත්ත නොතකා එම ඉඩම භාවිතා කිරීමට මධ්‍යම ආණ්‌ඩුවට සියලු බලතල ඇත.

4. පොලීසිය නීතිය හා සාමය අනුකමිටුව විසින් පොලිස්‌ බලතල පළාත් සභාවලට ලබාදිය යුතු බවට යෝජනා කර ඇත. ඒ අනුව පොලිස්‌ සේවය ජාතික පොලීසියත්, පළාත් පොලිස්‌ සේවාවන් නවයකටත් බෙදෙනු ඇත. රජයට එරෙහි අපරාධ, රාජ්‍ය දේපල සම්බන්ධ අපරාධ, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, අධිකරණ හා රාජ්‍ය නිලධාරීන්ට එරෙහි අපරාධ, මැතිවරණ හා මුදල් නෝට්‌ටු සම්බන්ධ කාරණා සහ ජාත්‍යන්තර අපරාධ ජාතික පොලීසියේ කාර්යභාර්ය වන අතර අනෙක්‌ සියලුම වැඩ කටයුතු එනම් අපරාධ, වංචා, මත්ද්‍රව්‍ය, රථවාහන ඇතුළු සියලුම එදිනෙදා පොලිස්‌ කාර්යභාර්යයන් පළාත් පොලිස්‌ සේවාවන් වලට පැවරෙනු ඇත. යම්කිසි විමර්ශනයක්‌ ජාතික පොලීසිය යටතේ පවතින ඒකකයකට මාරුකළ හැක්‌කේ අදාළ පළාතේ පොලිස්‌ කොමසාරිස්‌වරයාගේ එකඟතාවය මත පමණි. පළාත් පොලිස්‌ සේවයන් තම තමන්ගේ පුහුණු කටයුතු කරගනු ඇති අතර ඒ ඒ පළාත්වල පොලිස්‌ නිලධාරීන් භාවිතා කරන ගිනි අවි වර්ග හා ගණන තීන්දු කරනු ලබන්නේ පළාත් පොලිස්‌ බලධාරීන්ගේ අනුමැතිය පරිදිය. පළාත් පොලිස්‌ වල වැඩකටයුතු සම්බන්ධයෙන් පොලිස්‌පතිවරයාට කිසිදු අධීක්‍ෂණ බලයක්‌ හිමිනොවනු ඇත. පළාත් පොලිස්‌ සේවාවන්වලට සාමාජිකයන් බඳවා ගැනීම සඳහා භාෂාව හා පදිංචිය පිළිබඳ නිර්නායකයන් යෙදීම හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල පොලිස්‌ සේවාවන් ජාතිය හා භාෂාව අනුව ජාතික පොලීසියෙන් මෙන්ම සෙසු පළාත්වල පොලිස්‌ සේවාවන් වලින්ද වෙන්වනු ඇත. පළාත් පොලිස්‌ සේවාවන් අතර ස්‌ථානමාරු සිදු නොවන නිසා උතුරු නැගෙනහිර පොලිස්‌ සේවාවන් හා රටේ සෙසු ප්‍රදේශවල පොලිස්‌ සේවාවන් අතර සම්බන්ධතා නිරායාසයෙන්ම නැති වී යනු ඇත.

5. පොලීසිය නීතිය හා සාමය පිළිබද අනු කමිටුවේ තවත් යෝජනාවක්‌ වන්නේ මාස තුනකට කට වඩා වැඩි කාලයක්‌ එක දිගටම හදිසි නීතීය බලපැවැත්වීමට, එසේ නැතිනම් දින 180 ක්‌ තුළ දින 90 කට වඩා වැඩි කාලයක්‌ හදිසි නීතිය ක්‍රියාත්මක වීමට නම් එවැනි දිගු කිරීමක්‌ පාර්ලිමේන්තුවේ "විශේෂ බහුතරයකින්" සම්මත විය යුතු බවය. එපමණක්‌ද නොව හදිසි නීති ප්‍රකාශනය මෙන්ම හදිසි නීති රෙගුලාසිත් විමර්ශනය කොට ඒවා අහෝසි කිරීමට වුවද අධිකරණයට බලය ලබාදීමට යෝජනා වී ඇත. යම්කිසි තත්ත්වයක්‌ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට සුදුසුද නැද්ද යන කාරණය ගැන තීන්දුවක්‌ ගැනීමට අධිකරණයට හැකියාවක්‌ නැත. මෙය සම්පූර්ණයෙන්ම විධායකයේ බලයක්‌ විය යුතුය. අධිකරණ, ව්‍යවස්‌ථාදායක, විධායක වශයෙන් බලතල වෙන්කෙරෙන්නේද එක්‌ එක්‌ ක්‌ෂේත්‍රවල කාර්යභාර්යයන් වෙනස්‌ නිසාය. හදිසි නීතිය පිළිබඳ මෙවන් යෝජනාවන් ඉදිරිපත් කර තිබෙන්නේ හදිසි තත්ත්වයකට රජයට සුදුසු පරිදි ප්‍රතිචාර දැක්‌වීමට නොහැකි වන ආකාරයට කටයුතු යෙදීමට බව ඉතා පැහැදිලිය. ශ්‍රී ලංකා රජය ඒ ආකාරයට බෙලහීන කිරීම ඇතැම් පාර්ශ්ව වල උවමනාව බව ජනතාව දනී.

6. ශේ්‍රෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට විනිශ්චයකාරවරුන් පත් කිරීමේදී එම තනතුරුවලට සුදුස්‌සන් ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයට යෝජනා කළ යුත්තේ විශ්‍රාමික ශේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගෙන් සෑදුණු මණ්‌ඩලයක්‌ විසින් යෑයි අධිකරණය පිළිබද අනුකමිටුව යෝජනා කර ඇත. මේ මණ්‌ඩලය අග්‍රවිනිශ්චයකාරවරයා විසින් පත්කළ යුතු වන අතර එසේ කිරීමේදී නීතිපතිවරයාගෙන් හා නීතීඥ සංගමයේ සභාපතිවරයාගෙන් අදහස්‌ විමසා සිටිය යුතු වෙයි. නීතිඥ සංගමය යනු අතිශයින්ම දේශපාලනීකරණය වූ ආයතනයකි. වරක්‌ මෙහි සභාපතිවරයා හැටියට සිටියේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඊට පසු එම තනතුර දැරූ පුද්ගලයා මගේ ආණ්‌ඩුව පෙරලීමට නීතිඥ සංගමයත් භාවිත කොට යහපාලන ආණ්‌ඩුවේ ඉහළ දේශපාලන පත්වීමක්‌ ලබා ගත්තේය. නීතිඥ සංගමය ලංකාවේ දේශපාලනයට Rජුවම මැදිහත් වී සිටින විදේශීය බලවතුන්ගෙන් මුදල් හා විශේෂ ගමන් යනාදිය ලබා ගන්නා ආකාරය මාධ්‍යයේ පළ වී ඇත. මෙවැනි ආයතනයකට මොනම හේතුවක්‌ යටතේවත් ඉහළම අධිකරණවල විනිශ්චයකාරවරුන් පත් කිරීම සම්බන්ධයෙන් බලයක්‌ පැවරිය යුතු නැත. එමෙන්ම තමන්ගේ නඩු අහන විනිශ්චයකාරවරුන්ගේ පත්වීම් සම්බන්ධයෙන් බලයක්‌ පුද්ගලික නීතිඥයන්ට ලබාදීමෙන් යුක්‌තිය පසිඳලීමේ මුළු යාන්ත්‍රණයම දූෂණයට ලක්‌වී ඒ පිළිබඳව මහ ජනතාවගේ විශ්වාසයද බිඳ වැටීමට ඉඩ ඇත.

7. අධිකරණය පිළිබඳ අනුකමිටුව විසින් කර ඇති තව චෝදනාවක්‌ වන්නේ රටේ සාමාන්‍ය උසාවි පද්ධතියට පිටින් විනිශ්චයකාරවරුන් හා ව්‍යවස්‌ථා පිළිබඳ විශේෂඥයන් හත් දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්‌ථාමය උසාවියක්‌ පිහිටුවිය යුතු බවයි. ව්‍යවස්‌ථාව නිර්වචනය කිරීම, පනත් කෙටුම්පත් වල ව්‍යවස්‌ථානුකූලභාවය තීන්දු කිරීම, සම්මත කරන ලද පනත්වල ව්‍යවස්‌ථානුකූලභාවය තීන්දු කිරීම, මධ්‍යම රජය හා පළාත් සභා අතර ඇතිවන ආරවුල් විභාග කිරීම මේ ව්‍යවස්‌ථාමය අධිකරණයේ කාර්යභාර්යය වනු ඇත. ව්‍යවස්‌ථාවට අදාළ ප්‍රශ්නයක්‌ වෙනත් උසාවියක විභාගවන නඩුවකදී පැණ නැගුණහොත් ඒ නඩුව මේ ව්‍යවස්‌ථාමය උසාවියට යොමු වනු ඇත. වත්මන් ව්‍යවස්‌ථාව යටතේ ව්‍යවස්‌ථාව නිර්වචනය කිරීමටත් පනත් කෙටුම්පත්වල ව්‍යවස්‌ථානුකූලභාවය විභාග කිරීමටත් බලය ඇත්තේ ශේ්‍රෂ්ඨාධිකරණයට පමණි. එහි මොනම වෙනසක්‌වත් නොවිය යුතු බව මගේ මතයයි. එපමණක්‌ද නොව මේ ව්‍යවස්‌ථාමය උසාවියට පත්කෙරෙන විනිශ්චයකාරවරුන් නොවන "ව්‍යවස්‌ථා පිළිබඳ විශේෂඥයන්" කවුරුන් විය හැකිද යන්න ගැන බරපතල සැකයන් පැන නගී. තවද පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනතක ව්‍යවස්‌ථානුකූලභාවය විභාග කිරීමට කිසිවෙකුටත් බලය නැතිය යන්න අපේ රටේ මෙතෙක්‌ ක්‍රියාත්මක වූ මූලධර්මයයි.

8. අලුත් ව්‍යවස්‌ථාව බලාත්මක වන අවස්‌ථාවේදී රටේ බලපැවැත්වෙන නීති තවදුරටත් වලංගු වන්නේ ව්‍යවස්‌ථාවේ වගන්තිවලට එම නීති අනුකූල වන්නේ නම් පමණක්‌ය යන සාමාන්‍ය සිද්ධාන්තය මේ රටේ ඇතැම් ජනකොටස්‌වලට අදාළ පුද්ගලික නීති වලට බලනොපෑ යුතු යෑයි මූලික අයිතීන් පිළිබඳ අනුකමිටුව යෝජනා කර තිබේ. ඒ අනුව ඇතැම් ජනකොටස්‌වල පුද්ගලික නීති ව්‍යවස්‌ථාට පටහැනි වුවත් බලාත්මක වේ. කිසියම්ම හෝ ජනකොටසකගේ පුද්ගලික නීතියකට ව්‍යවස්‌ථාව හා මූලික අයිතීන් පිළිබඳ පරිච්ඡේදයටත් ඉහළින් සිටීමට ඉඩදුනහොත් එය අනෙක්‌ ජනකොටස්‌වලට හිමි නැති වරප්‍රසාදයක්‌ තවත් ජන කොටසකට ලබාදීමක්‌ වනු ඇත. මෙයින් අනවශ්‍ය ජාතික හා ආගමික නොසන්සුන්තාවයක්‌ ඇතිවිය හැකිය.

9. ලංකාවේ නීති ක්‍රමයට අනුව, ආණ්‌ඩුව අත්සන් කරන විදේශීය ගිවිසුම්වල විධිවිධාන එක්‌වරම දේශීය නීති පද්ධතියට ඇතුලත් වන්නේ නැත. පාර්ලිමේන්තුව විසින් එම ගිවිසුමේ වගන්ති අපේ නීතියට ඇතුලත් කරමින් නව නීති සම්මත කරගත යුතු වේ. අලුත් ව්‍යවස්‌ථාව බලාත්මක වන අවස්‌ථාවේදී ආණ්‌ඩුව විසින් අත්සන් කොට තිබෙන නමුත් තවම පාර්ලිමේන්තුව විසින් අපේ නීති පද්ධතියට ඇතුළත් කරගෙන නැති සියලුම ගිවිසුම් අලුත් ව්‍යවස්‌ථාව සම්මත වී අවුරුදු දෙකක්‌ ඉකුත් වූ පසු මෙරටේ නීති පද්ධතිය තුළට ස්‌වයංක්‍රීයව ඇතුළත් විය යුතු බවට මූලික අයිතීන් පිළිබඳ කමිටුව නිර්දේශ කර ඇත. මෙය 1998 දී නිසි සොයාබැලීමකින් තොරව අත්සන් කළ නමුත්, මෙම ලියවිල්ල නිසා ලංකාවේ ශේෂ්ඨාධිකරණය ජිනීවාහි මානව හිමිකම් කමිටුවට යටත් වන බවට පසුව ඇති වූ අවබෝධය නිසා පාර්ලිමේන්තුව විසින් අපේ නීතියට ඇතුලත් නොකර සිටි සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ප්‍රඥප්තියේ "අතුරු ලියවිල්ල" පස්‌සදොරෙන් අපේ නීතියට ඇතුළත් කිරීමට ගන්නා නිරුවත් උත්සාහයකි. ඒ ලියවිල්ල ලංකාවේ බලාත්මක වුවහොත් අපේ ශේ්‍රෂ්ඨාධිකරණය විදේශීය අධිකරණයකට යටත් වනවා පමණක්‌ නොව මේ ආකාරයට අවිධිමත් ලෙස විදේශීය ගිවිසුම් ස්‌වයංක්‍රීයව අපේ නීතියට ඇතුල්වුවහොත් නීති පද්ධතිය තුළ විශාල වියවුලක්‌ ඇති වීමද වැළැක්‌විය නොහැක.

10. මූලික අයිතීන් පිළිබඳ අනුකමිටුවේ ප්‍රධානම නිර්දේශයක්‌ වන්නේ සිංහල හා දෙමළ භාෂා දෙකම ලංකාවේ රාජ්‍ය භාෂාවන් විය යුතු බවයි. 1957 දී එස්‌. ෙ-. වී. චෙල්වනායගම් කලාප සභා ක්‍රමය ඇති කිරීමට යෝජනා කළ අවස්‌ථාවේදී උතුරු හා නැගෙනහිර පළාත්වල බහුතරයක්‌ දෙමළ බස කථාකරන ජනතාව වාසය කරන නිසා එම කලාප සභා දෙකේ පරිපාලනයේ භාෂාව දෙමළ විය යුතු බවත්, එම ප්‍රදේශවල ජීවත් වෙන සිංහල සුළුතරය වෙනුවෙන් සිංහල භාෂාව පාවිච්චි කිරීම සඳහා සාධාරණ විධිවිධාන යෙදීමට යෝජනා කළේය. එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා විසින් මුළු රටටම ආදේශ කළේද එවැනි ක්‍රමයකි. එනම් සිංහල රාජ්‍ය භාෂාව වන අතර දෙමළ භාෂාව පාවිච්චි කිරීම සඳහා සාධාරණ විධිවිධාන යෙදීමයි. ඉන්දියාවේ රාජ්‍ය භාෂාව හින්දි වන අතර දෙමළ, මළයාලම්, බංගලි වැනි භාෂාවන් භාවිතා කිරීම සඳහා සාධාරණ විධිවිධාන යොදවා ඇත. දෙරටේම ක්‍රියාත්මක වන මේ සාධාරණ ප්‍රතිපත්තිය අනවශ්‍ය අත්හදාබැලීම් තුළින් විනාශ නොකළ යුතු යෑයි ආණ්‌ඩුවට අවවාද කර සිටීමට මම කැමැත්තෙමි.

ව්‍යවස්‌ථා සංශෝධන සම්බන්ධයෙන් මීට වඩා වගකීමකින් යුතුව කටයුතු කරන ලෙසත් බෙදුම්වාදීන්ට හා විදේශීය බලවතුන්ට අවශ්‍ය කාරණා සාකච්ඡා කිරීමට පෙර මේ රටේ ජනතාවට පසුගිය ජනාධිපතිවරණයේදී දුන් ප්‍රධාන ව්‍යවස්‌ථාමය පොරොන්දු මුලින්ම ඉටුකළ යුතු යෑයි මම යෝජනා කර සිටිමි. එමෙන්ම ඉහත සඳහන් වූ අතිශයින්ම හානිකර යෝජනා කිසිවක්‌ අවසන් ව්‍යවස්‌ථා කෙටුම්පතට ඇතුළත් නොවනු ඇතැයි මම විශ්වාස කරමි. මේ ව්‍යවස්‌ථා සංශෝධන යෝජනා සම්බන්ධයෙන් මහනාහිමියන් නොමග යෑවීමට ශ්‍රීලනිප කණ්‌ඩායමක්‌ යවා තිබීමෙන් පෙනෙන්නේ "බෙදීම" යන වචනය පාවිච්චි නොකර රට බෙදන මේ ව්‍යවස්‌ථා සංශෝධන හානිකර නොවන දෙයක්‌ හැටියට මහා සංඝරත්නයටත්, මහජනතාවටත් හුවා දැක්‌වීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ජාතිකවාදී ප්‍රතිරූපය පාවිච්චි කිරීමට දුෂ්ඨ වැඩපිළිවෙලක්‌ දියත්වී ඇති බවයි.

තමන් මේ අවස්‌ථාවේදී එජාපයට වහල් වී සිටීම හේතුවෙන් ශ්‍රීලනිපය පසුගිය දශක හය මුළුල්ලේ දැරූ ප්‍රතිපත්ති පාවා නොදෙන මෙන් ආණ්‌ඩුවේ සිටින සියලුම ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ගෙන් මම ඉල්ලා සිටිමි.

මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ හිටපු ජනාධිපති.


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions