මේ වැවේ ඉතිහාසය, වැව ආශ්‍රිත පරිසර පද්ධතිය ආදී කරුණු පිළිබඳ මෙරට වාරි තාක්ෂණ පිළිබඳ ගැඹුරුතම හැදෑරීමක් කළ විද්වතෙකු වන ගොඩනැගිලි ඉදිකිරීම් හා පුහුණු අධිකාරියේ හිටපු සභාපති උදුල බණ්ඩාර අවුසදහාමි මහතා සමග රිවිර කළ සාච්ඡාවකි.
මේ රටේ දියුණු වූ වාරි තාක්ෂණයේ අනර්ඝ ඵලය ලෙස වැව හැඳින්විය හැකියි. එහි ආරම්භය සනිටුහන් වන්නේ කවදාද?
මේ රටේ පිහිටීම අනුව කිසියම් ආකාරයක මානව ශිෂ්ටාචාරයක් බිහි වී ව්‍යාප්ත වීමට නම් හොඳ වැව් පද්ධතියක් අවශ්‍යයයි. අපේ ඉතිහාස කතාවල පැවසෙන පරිදි විජය ලංකාවට පැමිණෙන විට කුවේණි විල් තෙරක කපු කටිමින් සිටි බව සඳහන් වෙනවා. මේ රටේ විල් නෑ. මේ ඉතිහාස මූලාශ්‍රවල විල් කියන්නේ වැව්වලට. ඒ අනුව මේ රටේ වසර දහස් ගණනක් තිස්සේ ජලය රඳවා ගෙන ප්‍රයෝජනයට ගැනීමේ තාක්ෂණය පැවති බව තහවුරු වෙනවා. අපේ ශිෂ්ටාචාරය ආරම්භ වන්නේ වැව සමගයි.
හෙන්රි පාකර් ඉංග්‍රීසි පාලන කාලයේ වාරි මාර්ග ඉංජිනේරුවෙක් විදිහට 1873 සිට 1904 දක්වා සේවය කළා. ඔහු වයඹ සහ උතුරු මැද කොටසක වැව් ප්‍රතිසංස්කරණ කටයුතුවල දීර්ඝ කාලයක් නිරත වුණා. ඔහු වරක් ලංකාවේ වර්ෂාපතනයට සමාන වැසි ලැබෙන සැම්බියාවට යනවා. ඒ රටේත් වී වගා කරනවා. ඔහු ඒ රටේ ජනතාවගෙන් අහනවා ඇයි වැව් හදන්නේ නැත්තේ කියලා. ඒ වෙනකොට අර මිනිස්සු එහෙම සංකල්පයක් ගැනවත් දන්නේ නැහැ. පාකර් වැව ගැන පැහැදිලි කළාම තමයි ඔවුන්ට අවබෝධ වන්නේ වැව් තැනුවා නම් වැසි කාලයට ලැබෙන ජලය පොළොව මතු පිට ගබඩා කරලා පසුව ප්‍රයෝජනයට ගන්න පුළුවන් නේද කියලා. නමුත් ඒ කාලය වන විට ලංකාවේ මිනිස්සු ලොකු කුඩා වැව් සිය ගණනක් හදලා රට සශ්‍රීක කරලා අවුරුදු දහස් ගණනක් ගතවෙලා.
වැව හා බැඳුණු තාක්ෂණික දැනුම පිළබඳ සඳහන් කළොත්?
අපේ වැව අපේ දැනුම මත ගොඩ නැඟුණු ඉතාම දියුණු තාක්ෂණික නිපැයුමක්. 1920 වන තුරු ලොව ලොකුම බැම්ම පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර බැම්ම. 1630 ගණන් වන තුරු ලොව උසම බැම්ම මාදුරු ඔය. ඒ වගේ ම බිසෝ කොටුව, සොරොව්ව වගේ වැවේ අංග ලොව කොතැනකවත් දකින්න ලැබෙන්නේ නෑ. එවැනි තත්ත්වයට මේ රටේ මිනිස්සු වැව් තාක්ෂණය දියුණු කළා. එහෙත් ඉංග්‍රීසි ආණ්ඩුව මේ සොරොව් ගලවලා අලුත් සොරොව් සවි කරනවා.
ඉංගිරිසි ආණ්ඩුව පරණ සොරොව් ගලවලා අලුත් සොරොව් සවි කළේ ඇයි?
එහෙම කළේ ඒ සොරොව්ව පැවතියා නම් අප ඒ පිළිබඳ අභිමාණයට පත් වන නිසායි. මින්නේරි වැව කවදාවත් කැඩුණේ නැති වැවක්. ඉංගිරිසිකාරයා ඒ වැවේ සොරොව්ව ගලවලා අලුත් එකක් සවි කරනවා. මේ කාලයේ හෙන්රි පාකර් යටතේ ලංකාවේ සේවය කළ අයෙක් ප්‍රශ්න කරනවා ඇයි මේ වඩා පරිණත සොරොව්වක් ගලවලා ඊට වඩා අපරිණත සොරොව්වක් සවි කරන්නේ කියලා. ඒකට හේතුව ඒ පරණත සොරොව්ව අපේ වීමයි. වැව් බැම්මට පස් ගෙනාවේ කොතනින් ද පස් තැළුවේ කොහොමද වගේ ඒවා බැලූ බැල්මට පේන්නේ නෑ. හැබැයි සොරොව්ව තිබුණොත් පේනවා. ඒ නිසා අපේ සියලු පැරණි සොරොව් සුද්දා ගලවලා දැම්මා.
වැව නිර්මාණය කළේ කුඹුරට ජලය ගැනීම සඳහා ම ද?
නැහැ, වැව නිර්මාණය කළේ කුඹුරු කරන්න විතරක් නෙමෙයි. කැලෑවල කුළු වැව් තියෙනවා. ඒවායේ ජලය බැස යන්න සොරොව්ව නෑ. වැහි කාලයට වැව් පිරෙනවා. අගෝස්තු වෙද්දි වැව් හිඳෙනවා. ඒ සමග වැව සරු තණ පිටියක් බවට පෙරළෙනවා. වියළ කාලගුණය නිසා ගහ කොළ වියළි යන ඒ කාලයට අලියා, මුවා ඇතුළු සතුන්ට මේ වැව කෑම ගබඩාවක්. ඉතින් සතුන් ගම් වදින්නේ නෑ.
මින්නේරියේ පමණක් සිය ගණනක් කැලෑ වැව් එහෙම නැත්නම් කුළු වැව් තියෙනවා. වැසි සමග පොළොවට වැටෙන සියලු ජලය එකවර මහ වැවට ගලා ඒම නතර කළේ කුළු වැව. එමගින් වැව ඉහත්තාවේ කුඩා කුඩා වතුර ගබඩා රාශියක් නිර්මාණය වුණා. ඒ වගේ ම මේ වැව් නිසා පොළොවේ භූගත ජල මට්ටම ආරක්ෂා වුණා.
කුඩා වැව්වල ඇති වැදගත්කම කුමක්ද?
මේ රටේ උගන්වනවා කුඩා වැව් කියන්නේ මහ වැව් සංස්කෘතියේ හට ගත් නොදියුණු අංගයක් කියලා. සුද්දා අපේ කුඩා වැව් කැලේ ලැගපු හරක් වගේ කියලා අවප්‍රමාණ කළා. ඒ මිනිස්සුන්ට මේ තාක්ෂණය තේරුම් ගන්න බැරි වුණා. කුඩා වැවක් නම් කැඩිලා ගියත් මොකද මහ වැව රැකුණා ම ඇති කියලා මිනිස්සු හිතනවා. ඒක වැරදියි. ලොකු කුඩා වැව් කියන්නේ ලොකු කුඩා මල් වගේ. අපේ ශිෂ්ටාචාරය ගොඩනැඟුණේ මහ වැව් වගේ ම කුඩා වැව් පද්ධතියකින් පෝෂණය වෙමින්. අපේ ගමක කේන්ද්‍රය වුණේ වැව. ගම වැවේ නමින් හැඳින්වූයේ ඒ නිසායි. ඒ කුඩා වැව් එල්ලංගාව මගින් එකිනෙකට සම්බන්ධ වෙලා තිබුණා. එක ගමක වැවක ජලයෙන් ඒ ගමේ කුඹුරු යාය පෝෂණය කරලා තවත් ගමක වැවකට ඇදී ගියා. ඒ දියෙන් ඒ ගමේ කුඹුරු යාය පෝෂණය කළා. මේ කුඩා වැව්වලින් ගොවිතැනට සහ එදිනෙදා ජන ජීවිතයට අවශ්‍ය ජලය ලබා දුන්නා වගේ ම පොළොවේ ජල මට්ටම ආරක්ෂා කළා.
ගැමියා වැව ආරක්ෂා කර ගත්තේ කොහොමද?
වැවට ඉහළ ඉහත්තාවේ සැම විටම කුඹුක් වැනි ගස් සහිත තණ පිටියක් නඩත්තු කළා. එමගින් ජල පෝෂක ඔස්සේ පස් තට්ටු වැවට සෝදා ගෙන ඒම නතර කළා. එල්ලංගාව ඔස්සේ එකිනෙකට සම්බන්ධ වන වැව් රෑනක වැවක් සඳහා විශාල වැව් ඉහත්තාවක් තිබුණේ නෑ. නමුත් හැම වැවක් සඳහාම ඉහත්තාවක් නඩත්තු කළා. ඒ වැවේ ඉම දක්වා කුඹුරු කළේ නෑ. ඒ ජනතාව අවබෝධ කරගෙන සිටියා වැව් ඉහත්තාව රැකුණොත් විතරයි වැව රැකෙන්නේ කියලා. වැව රැකුණොත් විතරයි ගම රැකෙන්නේ කියලා. වැව් ඉහත්තාව වගේ ම වැව් බැම්ම රැක ගැනීමත් ජනතාව තමන්ගේ වගකීමක් කොට සැලකුවා. ගම්මුලාදෑණියා සහ වෙල් විදානේ ඒ කටයුතුවලට නායකත්වය දුන්නා. ගම තමයි වැව රැක්කේ. ඒ විදිහට නොකැඩුණු නොබිඳුණු වැවක් අපි නඩත්තු කළා.
වැව සහ ජනතාව අතර පැවති මේ සබඳතා බිඳ වැටෙන්නේ කවර යුගයක ද?
කිසියම් අවස්ථාවක ගමේ ජනතාවට වැවට තිබුණු අයිතිය අහිමි වෙනවා. වැව් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයිති වෙනවා. වැව නඩත්තු කිරීම ජනතාවගෙන් ඉවත් කරනවා. ඒ සමග වැව සහ ජනතාව අතර පැවති සබඳතාව බිඳෙනවා. මහවැලි ව්‍යාපාරය සඳහා දඹුල්ලේ සිට එප්පාවල දක්වා කුඩා වැව් සිය ගණනක් විනාශ කළා. ඒ ආශ්‍රිත සෙසු වැව් පවා මහ වැලියට පවරා ගත්තා. ඊට පසු පරම්පරාවෙන් පැවත ආ වැව් නඩත්තුව නැති වුණා. වැව් බැමි කැලෑවට ගියා. ඉස්සර පැවති ගමේ සාමුහික විඥානය ගමෙන් ගිලිහිලා. වැවේ පණ නළ රැක දුන් වැව් ඉහත්තාවේ පවා කුඹුරු කරනවා. මේ වන විට වැව් පිළිසකර කිරීමේ මහාර්ඝ දැනුම පවා ගමෙන් ගිලිහිලා. මුදල් සෙවීම එකම කාර්ය වෙලා. මේ තත්ත්වය වැවේ පරිහානියට හේතු වුණා. දැන් අපි අපේ වැව විනාශ කරලා සුද්දා මහ වැලිය හරස් කරලා බැන්ද වේලි රකිනවා. මේ රටේ ජනතාවගේ ජීවනාලිය වන වැව අතෑලා දාලා.
පසුකාලීන ජලාශ හදන අවස්ථාවේ අපේ වැව් තාක්ෂණය යොදා නොගත්තේ ඇයි?
ඒ දැනුම පසුකාලීනව ප්‍රයෝජනයට නො ගත්තා විතරක් නෙමෙයි, මහ වැලි වැනි සංවර්ධන ක්‍රම සමග වැව් විනාශ කළා. ධාතුසේන රජ සමයේ ඉදි කළ සැතපුම් 54.5ක් දිග යෝධ ඇළත් (ජය ගඟ) පවා කපලා කෙළින් ඇළක් කැපුවා. විදේශ තාක්ෂණය දීන ලෙස වහල්භාවයෙන් අන්ධානුකරණය කිරීම තමයි ඒකට හේතුව. මේ වැව් විනාශ කිරීමට ජනතාව එරෙහි වුණා. මහවැලියෙන් බේරුණේ ඇළගමුව වැව විතරයි. ජනතාව ඩෝසරය ඉදිරියේ නිදාගෙනයි ඒක බේර ගත්තේ. සමහර මිනිස්සුන්ට මේ නිසා පිස්සු වැටුණා.
වැව්වල වැවුණු සැල්වීනියා සහ පෙඳ පාසි ඉවත් කිරීමට ආණ්ඩුව දිස්ත්‍රික්කයක් සඳහා මිලියන 5 ගණනේ වෙන් කොට තිබෙනවා. එය ඵලදායි ක්‍රියාවක්ද?
වැව් ඉහත්තාව විනාශ කළාම වැව ගොඩවෙනවා. වැව බිඳ වැටුණේ වැවට ගලා එන අපද්‍රව්‍ය නිසා. පහළ වැවට ගලන්නේ ඉහළ වැවක ජලයෙන් රසායනික ගොවිතැන කරලා නයිට්‍රජන් ඇතුළු සුපෝෂක මුසු ජලය නම් වැවේ සැල්වීනියා ඇතුළු පැලෑටි වැවෙනවා. ඒ නිසා වැව රැකීමට නම් වැව් ඉහත්තාව ඇතුළු වැව් ආශ්‍රිත පරිසරය රැකගත යුතුයි. ඒ වගේ ම පරිසරය විනාශ කරන රසායනික ගොවිතැනින් ඉවත් විය යුතුයි. සැල්වීනියා හට ගන්නා හේතුව ඉවත් නොකර සැල්වීනියා කියන ඵලය ඉවත් කරලා වැඩක් නෑ.
වැව් පද්ධතිය රැක ගැනීම සඳහා ගත යුතු මග කුමක්ද?
අවුරුදු 5කට පත් වන ආණ්ඩුවකට වැව් පද්ධතිය රකින්න බෑ. වැව් පිළිසකර කොට නඩත්තු කිරීම දිගටම ක්‍රියාත්මක විය යුතුයි. එසේම සමස්ත වැව් පද්ධතියම පිළිසකර කළ යුතුයි. වැවක් දෙකක් පිළිසකර කොට පලක් නෑ. නැවත වැව ගමේ ජනතාවට ලබා දිය යුතුයි. ඒ වගේ ම පරිසරය විනාශ කරන ගොවියා ලෙඩ කරන ඉතාම භයානක රසායනික ගොවිතැනින් ඉවත් විය යුතුයි. නො එසේ නම් ඊළඟ පරම්පරාව කුඹුරට බහින්නේ නෑ. මේ රටේ ජනතාවට කන්න දීලා සහල් පිට රටත් ඇරියේ රසායනික ගොවිතැන කරලා නෙමෙයි. ඒ නිසා බහු ජාතික සමාගම් ආධිපත්‍යයෙන් මේ රටේ ගොවිතැන මුදවා ගත යුතුයි. ඔවුන් පතුරුවා හරින මිත්‍යාවෙන් මිදිය යුතුයි. අපේ දේශීය වී වර්ග වගා කළ යුතුයි. සාකච්ඡා කළේ :

-නාමල් උඩලමත්ත
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook - https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .