මේ රට දැයෙහි මුරදේවතාවුන් වහන්සේලා වන මහ සඟ රුවන වසර දහස් ගණනක් තිස්සේ සිය වගකීම නොපිරිහෙලා ඉටු කළ නිසා බුදු දහම ද සිංහල ජාතිය ද සිංහල බෞද්ධ සංස්කෘතිය ද අදටත් සුරක්ෂිතය. එහි ගෞරවය අප සියලු දෙනා හදවතේ ගැඹුරුම තැන සෙල් ලිපියක් සේ කොටා ගෙන උදේ හවා මෙනෙහි කරමින් කටයුතු කළ යුතුය.
භික්ෂූන් වහන්සේ උදෙසා වැහැරීමට වෙනම උප භාෂාවක් නිර්මාණය කර ඒ ගෞරවය රැකගැනීම සඳහා අපේ සංස්කෘතිය කදිම මගපෙන්වීමක් කර තිබේ. ගිහි අපි ආව ගියද හාමුදුරුවෝ වඩිති. අපි කෑවා බීවා ද හාමුදුරුවෝ වළඳති. අපි නිදන අතර හාමුදුරුවෝ සැතපෙති. අපි හාමුදුරුවන්ට පිළිවදන් දෙන්නේ එහෙමයි කියාය. කිසි ගිහියකු හාමුදුරුවන්ට නම කියා නො අමතති. එලෙස නම කියා භික්ෂුවක් ඇමතිය හැක්කේ ජ්‍යෙෂ්ඨ භික්ෂුවකට පමණි.
අප ඒ විශිෂ්ට උරුමය කිසිදු හේතුවක් මත අත් නොහළ යුතුය. පළුදු නොකළ යුතුය. ඕනෑම මිලක් ගෙවා පවත්වා ගෙන යා යුතුය. අනාගත පරපුරට දායාද කළ යුතුය. මේ රට දැය සමය කෙරෙහි වන ආර්ය භික්ෂු උරුමය අත්හැර පරාජිකා වූ කිසියම් භික්ෂුවක් විෂයෙහි වුව අප ඒ මහා සම්ප්‍රදාය අපට පෙන්වා දී ඇති පිළිවෙළ ම පිළිපැදිය යුතුය. දැන හෝ නොදැන මංමුලා වූ නැතහොත් දැන හෝ නොදැන රට දැය සමයට විණ කටින භික්ෂුවක් විෂයෙහි වුව අප ඒ පිළිවෙත අනුගමනය කළ යුතුය
කිසියම් භික්ෂුවක් යම් වරදක් කරන්නේ නම් ඒ පිළිබඳ විනය කටයුතු සිදු කිරීම සංඝාධිකරණයට පැවරෙන අතර එය නැවත බුදු සසුනේ චිරස්ථිතිය පිණිස තෛනිකායික භික්ෂුන් වහන්සේ එකමුතුව ගොඩනගා ගත යුතු අතර පෙර රජ දවස සේ රජය ඊට අනුග්‍රහය දැක්විය යුතුය. එහෙත් එය වර්තමාන පාලනය නිමා කර ගොඩ නැගෙන රටට දැයට හිතැති පාලනයක් යටතේ විය යුත්තකි.
කිසියම් භික්ෂුවක් සිය ශීලය නො රකී නම් එහි අනිටුඵල එහිමියනටය. අප භික්ෂුව විෂයෙහි පිළිපැදිය යුතු වතාවත් සහ සම්ප්‍රදාය කඩ කිරීම නිසා අපට පව් සිදුවන අතර අපේ උදාර සංස්කෘතික උරුමය තැනින් තැන කඩතොලුවී නුදුරේදීම නාය යාමට පටන් ගනු ඇත. එහෙයින් ඊට වහා වැටබැඳිය යුතුය. රාජ කුමාරයා, ගින්දර, වතුර, සර්පයා සහ සාමනේර භික්ෂුව කුඩා යැයි කිසි ටිටක නොතකා නොහළ යුතු බව අප තරයේ සිහි කටයුතුය.
ගිහි අපට භික්ෂුන් වහන්සේට අවවාද කිරීමට හෝ උපදෙස් දීමට හැකියාවක් නැත. යම් භික්ෂුවක් විනයට පටහැනිව කටයුතු කරන්නේ නම් එය භික්ෂු සමාජය විසඳාගත යුතුය. ගිහි අප නිකරුණේ පව් නොකර අපේ සංස්කෘතික හර පද්ධති විනාශ නොකර ගෙන නිහඬව ඉවසිය යුතුය.
වටරැක විජිත හිමි, දඹර අමිල හිමි හෝ ඥානසාර හිමි අප අපේක්ෂිත මේ රටේ භික්ෂුවට හිමි වගකීම සහ කාර්යභාරය දැන හෝ නොදැන කටයුතු කළ ද අප සෙසු සිලවත් දෑ හිතැති භික්ෂූන් වහන්සේ විෂයෙහි දක්වන සැලකිල්ල කිසිත් අඩු නොකොට දැක්විය යුතුය. බුදුන් වහන්සේ මතට ගල් පෙරළු දෙව්දත් හිමි විෂයෙහි අපේ මුතුන් මිත්තන් පැවති ආකාරය පැරණි පොතපත ඇසුරින් දැනගත හැකිය. අප දෙව්දත් හිමි විෂයෙහිද "අහෝ දෙව්දත් නොදිටි මොක්පුර" යැයි පවසා ඉවසූ ජාතියකි.
මේ රටට දෙුා්හී NGO බත් බැලයන් අනුව යමින් බුද්ධ චීවරය දරන භික්ෂුන්ට කිසි විටක නම කියා නො ඇමතිය යුතුය. නම විකෘති කර භාවිත නොකළ යුතුය. ඔබ එසේ කරන වාරයක් වාරයක් පාසා අපේ සංස්කෘතික ඔසෝන් පටලයෙහි හිල් හැදෙන බව තරයේ සිහියේ තබා ගතයුතුය. එය අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට දත මැද සිටින හතුරාගේ වුවමනාව ඉටු කිරීමකි.
මා මේ ලිපිය ලීවේ අපේම පිරිස් නොදැන ආවෙිගශීලි ලෙස කරන අපේ සංස්කෘතික ස්වයංනාශක කටයුතු පෞද්ගලිකව පෙන්වා දීමට වඩා එය හොඳ බැවිනි. මේ පිළිබඳ ඔබේ බුද්ධිය අවදි වේවා! රට දැය සමය සුරැකේවා!
-නාමල් උඩලමත්ත
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .