7/25/2017

සංඝමිත්‍ර භික්ෂු අවතාර

කතෘ:යුතුකම     7/25/2017   No comments

දකුණු ඉන්දියාවේ සොළී රට සිට මෙහි පැමිණි ද්‍රවිඩ භික්‍ෂූන් අතර සංඝමිත්‍ර භික්ෂුවට හිමිවන්නේ ඉතිහාසයේ අපකීර්තිමත් ද්‍රෝහී තැනක්. ද්‍රවිඩ භික්‍ෂුවක්‌ වූ උන්වහන්සේ ථේරවාද බෞද්ධ සම්ප්‍රදායයට එරෙහි මහායාන අදහස්‌ දැරූවෙක්. ගෝඨාභය රාජ්‍ය සමයේ අභයගිරියේ සිටි මහායාන වෛතුල්‍ය අදහස්‌ දැරූ භික්‍ෂූන් සැටනමක්‌ රජතුමා විසින් දකුණු ඉන්දියාවට පිටුවහල් කළ විට ඒ අයගේ ආශ්‍රය ලද සංඝමිත්‍ර භික්ෂුව මහා විහාරයේ භික්ෂුන් වෙත කිපී වෛතුල්‍ය වාදය පැතිරවීම සඳහා මෙරටට පැමිණියේය. කතාවට දක්ෂයෙක් වූ මේ සංඝමිත්‍ර භික්ෂුව ගෝඨාභය රජුගේ සිත් දිනා ඔහු පුතුන් වූ ජෙට්‌ඨතිස්‌ස හා මහසෙන් යන කුමාරවරුන්ගේ ගුරුවරයා බවට විය. පියරජුගේ අවෑමෙන් ජෙට්‌ඨතිස්‌ස රජවූ අතර ඇතිවූ සමාජ දේශපාලන සංසිද්ධින් එක්ක මේ සංඝමිත්‍ර භික්ෂුව යළි ඉන්දියාවට ගියේ මහසෙන් කුමරුගේ අභිෂේකයේ දී යළි එන බලාපොරොත්තුවෙනි.

මහසෙන් කුමරු (ක්‍රි: ව 276 - 303 දක්වා ) සිහසුනට පත්වූ අතර ඔහුගේ ගුරුවරයා වූ සංඝමිත්‍ර භික්‍ෂුව යළි මෙහි පැමිණ මහසෙන් රජු සම්‍යක්‌දෘෂ්ටික භික්‍ෂුන් කෙරෙහි කලකිරවා තම වෛතුල්‍ය වාදී අදහස් වලට රජු නතු කොටගෙන මහා විහාරය ඇතුළු ථේරවාදී බෞද්ධ වෙහෙර විහාරස්ථාන විනාශ කිරීමට රජුට උපදෙස් දුන්නේය. බෞද්ධ වෙහෙර විහාර 363 ක්‌ විනාශ කොට සමහර භුමිවල උදු වැපිරීමට රජු උපදෙස් දුන් බව වංසකතාවල සදහන් වෙනවා. වෛතුල්‍යවාදයට විරුද්ධ භික්‍ෂුන්ට දන් නොදෙන ලෙස රජු ලවා ආඥාවක්‌ ද පැනවීමට තරම් සාසනික ද්‍රෝහියකු වී තිබෙනවා. බොහෝ භික්‍ෂූන් අනුරාධපුර සීමාව පුරා තෙදිනක්‌ ඇවිද ප්‍රමාණවත් ආහාර සපයා ගත නොහැකිව රුහුණු ප්‍රදේශයට පලා යනවා. එතරම් සාසනික විරෝධී තැනකට රජු මෙහෙයවුයේ මේ පාපී සංඝමිත්‍ර භික්ෂුවයි. එම කාර්යට සෝණ නම් අමාත්‍යවරයෙක්‌ සහය දී තිබෙනවා.

අද මේ සංඝ මිත්‍ර භික්ෂුවගේ කාර්ය කරමින් ඉන්නේ දඹර අමිල හිමියනුයි. දැන් උන්වහන්සේ මීට පෙර නියෝජනය කළ ජවිපෙ මතයද ඉක්මවා NGO ගැල්සාත්තුව නියෝජනය කරන බව පෙනේ. ජවිපෙ සිටියදී අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම වැනි කරණාවලට විරුද්ධ වුවත් දැන් ඊට ප්‍රතිවිරුද්ධ එන්ජිඕ මතය නියෝජනය කරන බව පෙනේ. භික්ෂුවකට එන්ජීඕ ගැල්සාත්තුව සමග එක්ව තමා පෝෂණය වූ සිංහල බෞද්ධ සංස්කෘතියට කෙළවිය හැකිද ? මේ භික්ෂුව කරන්නේ එය නොවේද ? මේ අය තමන්ට එක දන් වේලක් දෙනවද ? තමන්ට මේ පිරිසට පන්සිල් දිය හැකිද ? නොහැකි නම් සිවුරුලාගත් භික්‍ෂූවක් ලෙස මොවුන් සමග මේ පෙනී සිටින්නේ කුමන සමාජයක් බිහිකර ගැනීම වෙනුවෙන් ද? මේ රටේ නොවූ පාහියන් හියුංසාන් වැනි සංචාරක භික්ෂුන්වත් සිංහල බෞද්ධ සංස්කෘතියට ද්‍රෝහීන් වී තිබේද ? ටිබට් ජාතික එස් මහින්ද වැනි විදේශ හිමිවරු ලංකාවට පැමිණ රට දැය සමය වෙනුවෙන් ලියූ කියූ දේ අඹර දමිළ හිමියන් නොදන්නේ ද ? අනුරාධපුර යුගයේ සිට යටත් විජිත සමය දක්වා මෙරට භික්ෂුන් රට දැය සමය වෙනුවෙන් කළ කැපකිරීම් අමිල හිමියන් නොදනිත්ද? එබදු ඉතිහාසයක් ඇති ශාසනික සම්ප්‍රදායකකින් පැවත එන භික්ෂුවක් සිංහල බෞද්ධ සංස්කෘතිය සමග නිදන්ගත රෝගයක් බදු වෛරයකින් පෙළෙන එන්ජීඕ නඩය සමග කටයුතු කළ හැකිද ? ඔවුන්ට උවමනා ආකාරයට සිවුර පාවිච්චි කිරීමට ඉඩ දීම නිර්ලජ්ජිත නොවේ ද ? ඔහුට ඉතිහාසය උරුම කර දෙන්නේ නුවර යුගයේ ගණින්නාන්සේලාටත් වඩා පහත් තැනක් බව නිසැකය. මොකද ඒ අය පවුල් පන්සල්වෙලා හරි පන්සල් ටික ආරක්ෂා කරගෙන හිටියා. නමුත් අමිල හිමි සෘජුවම බෙදුම්වාදයට උඩගෙඩි දෙමින් එන්ජිඕ නඩ සමග බෞද්ධ සංස්කෘතියේ විනාශය පතනවා.

සංඝමිත්‍රගේ පාපී ක්‍රියාව මහසෙන් රජුටද පසුව අවබෝධ වුණා. විනාශ කළ වෙහෙර විහාරස්ථාන නැවත ගොඩනංවා ඡේතවනාරාමය නම් සුවිසල් දාගැබක් ද ඉදි කළා. රජු වරදට පෙලඹවූ සංඝමිත්‍ර භික්‍ෂුව රජුගේ බිසවක් අතින් මැරුම් කෑවා සෝණ අමාත්‍යවරයා රටවැසියන් අතින් මැරුම් කෑවා. ඒ ඉතිහාසයට වසර 1700 ක් ඉක්මවා ගොස් ඇතත් අදටත් ඔවුන් ද්‍රෝහීන් ලෙස මිනිස්සුන්ගේ ශාපයට ලක්වෙනවා. දේශද්‍රෝහීන් ලෙස මිනිස් හිත්වල නොමැකෙන ලෙස ලියවිලා තියෙනවා. දඹර අමිල හිමිට නම් සංඝ මිත්‍ර භික්ෂුවට තරම් අවාසනාවන්ත මරණයක් උදා නොවුණද තව අවරුදු 1700 කට වැඩි අනාගත පරපුරද ඔහුව ද්‍රෝහීයකු ලෙස සලකනු නියතයි. සංඝ මිත්‍ර පරපුරේම තවත් ද්‍රෝහී භික්ෂුවක් ලෙස තවත් පරම්පරා ගණනක අනාගත පාපයට ගොදුරුවනු නිසැකයි.
.
-රත්තනදෙණියේ මේධානන්ද හිමි

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions