7/18/2017

රණවිරු දඩයමට ගෙනා අතුරුදහන් වූවන් පිළිබඳ පනත

කතෘ:යුතුකම     7/18/2017   No comments

ඒකාබද්ධ විපක්ෂය රජය විසින් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට උත්සාහ ගත් අතුරුදන් වීම් සම්බන්ධ පනතට දැඩි විරෝධය දක්වා තිබෙනවා. ඒකට හේතුව කුමක් ද?

මේ ගැන පසුගිය සතියේ විවාදයක් නියමිතව තිබුණා. නමුත් ඒක දැන් කල් ගියා. ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා රජය කිසිම විදිහකින් මේ කියන පනත ඉල්ලා අස්කරගන්නේ නැහැ, ඒක ඉදිරි දිනයකදී ගෙන එනවා කියලා. රජය විසින් මේ කියන පනත අත්හැරලා ඇතියි කියලා කෙනෙක් හිතනවා නම් ඒක මිත්‍යාවක්. නමුත් ඇත්තටම වෙන්නේ මේ කියන පනත ආපසු ගෙන එන්නට උත්සාහ කිරීමයි. ඒ වගේම දෙමළ සන්ධානයේ මන්ත්‍රී සුමන්තිරන් කියනවා ඇයි මෙහෙම පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ එක් එක් පාර්ශව විසින් ඒවාට විරුද්ධත්වය දැක්වූ විට හකුළා ගන්නවා නම් කියලා. මේකේ බරපතල භයානක තත්ත්වයක් තිබේ. මම මුලින්ම පාර්ලිමේන්තුවට ඇතුළු වුනේ 1994 දි. එදා ඉඳන් ලංකාවේ පාර්ලිමේන්තුවට දැමූ පනත් වලින් භයානකම හානිදායකම පනත තමයි මේක. මේකේ තියන බරපතල තත්ත්වයන් ගැන මේ රටේ මහජනයා නියමාකාරයෙන් දැනුවත් වී නැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන එක අපේ වගකීම.

ඔබ කොහොමද මේක බරපතල ලෙස භයානකයි කියලා කියන්නේ?

මේ පනතේ 3(III) යන කොටසට අනුව අතුරුදහන් කිරීම කියන චෝදනාව අර්ථ දක්වනවා. මේ නීතිය යටතේ යම් අතුරුදහන් වීමක් සිදුව ඇත්නම් මේ කියන නීතිය වැරැද්ද සිදුකළ පුද්ගලයා සම්බන්ධයෙන් පමණක් නොවෙයි ඔහුගේ ඉහළ නිළධාරීන් සම්බන්ධයෙනුත් බලපානවා. ඒ නිසා ඉහළ නිලධාරියා වැරැද්දක් කළාද නැද්ද කියන එක අදාළ නැහැ, ඔහු ආරක්ෂක අංශයේ ඉහළ නිලයක් දැරූ පමණින්ම යම් අතුරුදන් කිරීමක් සම්බන්ධයෙන් ස්වයංක්‍රීයව වැරදිකරු වෙනවා. යම් අතුරුදන් වීමක් සිදු වී ඇත්නම් ඒකට ඉහළ නිලධාරීන් සම්බන්ධ ද නැද්ද කියන එක අදාළ නැහැ, ඔහු ඊට වගකිව යුතු වෙනවා. මේ ආකාරයෙන් චෝදනාව විශාල පිරිසකට අදාළ කරන්න පුළුවන්. ජනාධිපති, හමුදා පති, ආරක්ෂක ලේකම්, හමුදා වේ අනු කණ්ඩ වල නිලධාරීන්, ඒ ඒ ඒකක වල නිලධාරීන් යන සියල්ලටම දැල එලන්න පුළුවන් විදිහට තමයි මේ නීතිය අර්ථ දක්වා තියෙන්නේ.

කොහොමද එහෙම වෙන්නේ?

යම් කෙනෙක් අතුරුදන් වීමකට සම්බන්ධ වුණත් නොවුණත් ඔහුට පහළින් සිටිනා කෙනෙක් විසින් යම් අතුරුදහන් වීමක් සිදු කර ඇත්නම් අදාළ ඉහළ නිලධාරියාත් මීට චූදිතයෙකු වෙනවා. මේක වසර 20ක සිර දඬුවමකට යටත් කරන්නට පුළුවන් බරපතල වැරැද්දක් වෙනවා. ඒ වගේම මේක ඇප දෙන්නේ නැති වැරැද්දක්. මේ චෝදනාවේ වඩාත්ම බරපතල කොටස වෙන්නේ 8 වෙනි කොටසේ සඳහන් කරුණු වලිනුයි.

යම් කෙනෙක් අතුරුදහන් වීමකට චෝදනා ලැබූවිට වෙනත් සාමාජික රටකට පූළුවන් මේ ගේන්න හදන නීතිය යටතේ ශ්‍රී ලංකා රජයෙන් එම පුද්ගලයාව ඉල්ලා සිටින්නට. එසේ එම පුද්ගලයාව තමන් ගේ රටට ගෙන්වා ගෙන ඒ රටේ නීතිය යටතේ දඬුවම් කිරීමටත් හැකියාව තියෙනවා. ඒ විදිහට විදේශ රටකින් ඉල්ලීමක් ලැබුණු වහාම ඒ පුද්ගලයාව එම රටට ලබා දීමට ශ්‍රී ලංකා රජය මෙම නීතිය යටතේ බැඳී සිටිනවා.

ඕනෑම විදේශ රටකට හෝ ආයතනයට පුළුවන් ලංකාවේ යම් පුද්ගලයෙක් සම්බන්ධයෙන් චෝදනාවක් සිදුකරන්නට අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් වූ කාර්යාලයට. ඒ චෝදනාව සම්බන්ධයෙන් සාක්ෂි සපයන්නට කිසිම අවශ්‍යතාවයක් නැහැ. යම් පුද්ගලයෙක් මෙන්න මේ අපරාධය කරලා තිබෙනවා. ඒ නිසා ඒ පුද්ගලයාව අත්අඩංගුවට ගන්න කියලා කියන්න පුළුවන්. මෙසේ ඉල්ලීමක් කළ පමණින්ම අදාළ පුද්ගලයාව ඒ රටට ලබා දෙන්නට ශ්‍රී ලංකා රජය බැඳී සිටිනවා. ඒ වගේම අදාළ පුද්ගලයාව එම රටට ලබා දෙන්නට තමන් ගත් පියවර මොනාද යන්න දැන්වීමටත් ශ්‍රී ලංකා රජය බැඳී සිටිනවා.

විදෙස් විනිසුරුවන් ගෙන ඒම සම්බන්ධයෙන් ලොකු විවාදයක් පැවතුණා නේ. ඒ කියන්නේ 2015 ඔක්තෝම්බර් 1 වන දා ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් සැසියේදී පිළිගත්ත යෝජනාව සම්බන්ධයෙන්. ඒ යෝජනාවේ සඳහන් වෙනවා පොදු රාජ්‍ය මණ්ඩලීය හෝ විදෙස් විනිසුරන්, විදෙස් පරීක්ෂකයින් අවශ්‍යයි කියන එක. දැන් මේ යෝජනාව සම්මත කරගන්න දායක වෙලා ඊට පස්සේ ජනාධිපති කියනවා විදෙස් විනිසුරුවරුන් ගේනන තමන් කොයිම අවස්ථාවකදිවත් ඉඩ දෙන්නේ නැ කියලා. නමුත් ඒක මේ රජය 2015 දී ජාත්‍යන්තරයට ලබා දුන් පොරොන්දුවට පටහැනියි. ඒ යෝජනාවේත් භයානක කාරණා තියනවා. උදාහරණයක් විදිහට යුද්ධය පැවති කාලයේදී නොතිබුණු නව නීති ඇති කරලා ඒ නීති සම්මත කරලා යුද හමුදාවේ සාමාජිකයන්ට දඬුවම් කරන්නට පුළුවනි. දැන් මේ යෝජනාවේ තියන විදෙස් විනිසුරුවන් සම්බන්ධයෙන් රටේ විශාල විරෝධයක් තියනවා. දැන් මේ ගේන්න හදන පනත ඊටත් වඩා භයානකයි. යුද්ධයේදී සිදුවූ යම් වැරැද්දකට සැක කරන ඕනෑම කෙනෙකුව පිටරටකට යවා ඒ රටේ නීතියට අනුව දඬුවම් කිරීමට පුළුවනි.

රජය විසින් කියනවා ලංකාව රෝම ප්‍රඥප්තියට අත්සන් කර නැති නිසා භයානක තත්ත්වයක් නැති බවයි. මේ ගැන ඔබේ අදහස කුමක් ද?

ඔය කියන විදේශ රට රෝම ප්‍රඥප්තිය අත්සන් කර ඇත්නම් ඒ රට ඔස්සේ අදාළ පුද්ගලයා ඒ ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණයට කැඳවා සිටින්නට පුළුවන්. මේ ආකාරයෙන් ලංකාවෙන් පිටමං කළ පුද්ගලයෙක් ඒ රටේ පවතින නීතිය යටතේ හෝ ජාත්‍යන්තර අධිකරණය යටතේ දඬුවම් පැමිණීමට ලක් කළ හැකියි. රජය විසින් කියනවා අප විසින් රෝම ප්‍රඥප්තිය අත්සන් කර නැති නිසා භයානක තත්ත්වයක් නැහැ කියලා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මොකද අපි පුද්ගලයෙක්ව භාරදෙන්නේ මේ කියන රෝම ප්‍රඥප්තිය අත්සන් කළ රටකට වෙන්න පුළුවන්. එතකොට ජාත්‍යන්තර යුධ අධිකරණයට භාර දෙන්න පුළුවන්.

පවතින පොදු නීතිය යටතේ තියන මූලධර්මයක් වන්නේ පුද්ගලයෙක්ව දේශපාලන කාරණා මත වෙනත් රටකට භාරදීම කරන්න බැහැ. මේ කියන ආරක්ෂාව නැති වෙනවා මේ කියන අළුත් පනතේ තියන අංක 13 කියන කොටස මගින්. ලංකාවේ සාමාන්‍ය පුරවැසියෙක්ට ජාත්‍යන්තර නීතියත් 1977 එක්ස්ට්‍රැඩිෂන් පනතින් ලැබුණු ආරක්ෂාව මේ කියන 13 කොටසින් නැති වෙනවා. ඒ නිසා මේ පනතේ තියන භයානක තත්ත්වය තවත් දරුණු වෙනවා මේ අංක 13 කියන කොටසින්.

ඒ වගේම රජයේ ඇමතිවරයාට ඉතා විශාල බලතල ප්‍රමාණයක් මේ කියන නීතිය මගින් ලබා දෙනවා 18(III) කියන කොටසින්. ඇමතිවරයාට හැකියාව ලැබෙනවා යම් පුද්ගලයෙක්ව රටෙන් පිටුවහල් කිරීමට හෝ වෙනත් රටක නීතියට භාර දෙන්න හැකි ආකාරයට තීරණය කරන්නට. 22(II) කොටස ගත්තාම මේ ඇමතිවරයා විසින් තීරණය කරන හැම නීතියක්ම ගැසට් කළ යුතු අතර ඒක ඒ වෙලාවේම නීතියක් බවට පත් වෙනවා කියලා.

නමුත් මේ කියන නීතියට බලපැම් කරන්න පුළුවන් වෙනත් නීති ව්‍යවස්ථාවේ තියනවා නේද?

අපි මේ කියන පනතේ තියන විධි විධාන හොඳින් හඳුනා ගන්න ඕන. මේ පනතේ 23 වන කොටස ගත්තාම ඒකෙන් කියන්නේ රටේ පවතින වෙනත් සියළු නීති අභිබවා යන්නට මේ නීතියට පුළුවන් කියලා. දැන් මේ සම්මත කරගන්න හදන පනතයි වෙනත් පවතින නීතියකුයි අතර ගට්ටනයන් නොගැලපීමක් තිබේ නම් එතනදි ක්‍රියාත්මක විය යුත්තේ මේ පනතේ නීතියයි. මේක නිකම් ව්‍යවස්ථාවක් වගේ. මේ පනතට පුළුවන් දැනට තියන සියළු නීති අභිබවා යන්නට.

මේ අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන් ගැනයි. හමුදාවේ හෝ නාවික හමුදාවේ හෝ කලින් රජයට සම්බන්ධ ඕනෑම කෙනෙක් හෝ ලංකාවෙන් පිටමන් කරලා වෙනත් රටකට යවා ඒ රටේ තිබෙන නීතිය යටතේ දඬුවම් කිරීමට සලස්වන්නට පුළුවන්. මේ පනතේ අරමුණම වෙන්නේ මේ කියන ජාත්‍යන්තර නීතිය ලංකාව තුළ ක්‍රියාත්මක කර ගැනීමයි.

අංක 10 හා 11 කියන විදිහට මේ කියන ප්‍රඥප්තිය නිසා වෙනත් ඕනෑම රටකට පුළුවන් අපේ රටේ කෙනෙක් ඒ රටට ඇතුළු වූ විට අත් අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන්නට. ඒ වගේම ඒ විදිහට ඔය කෙනෙක්ව සැක කරලා එයාව ජාත්‍යන්තර අධිකරණයට භාර දෙන්නටත් පුළුවන්. එතෙනදි සැකකරු ගේ රට රෝම ප්‍රඥප්තිය අත්සන් කර තිබේද නැද්ද කියන එක අදාළ නැ.

මේ තත්ත්වය තුළ ලංකාවේ හමුදාවේ නිලධාරියෙක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා හෝ වෙනත් කටයුත්තකට විදෙස් රටකට ගියොත් ඒ රටට පුළුවන් එම හමුදා නිලධාරියාව අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර අධිකරණයට භාර දෙන්නට. මෙය සමාන වෙන්නේ වෙනිසියුලාවේ හිටපු ජනාධිපති පිනෝකේ ට සිදුවුණු සිද්ධියටයි. පිනෝකේ ලන්ඩන් නගරයට ගොස් ශල්‍යකර්මයක් සිදුකළ ගමන් ඔහුව අත්අඩංගුවට ගත්තා. ඒ නඩු විභාගය අවුරුදු 10කට වැඩියෙන් කාලයක් ගත් අතර ස්පාඥ්ඥ රටේ උසාවියකින් ඉදිරිපත් කළ වරෙන්තුවක් මත ඔහුව ලන්ඩන් නගරයේදී අත්අඩංගුවට ගත්තා. මේ හා සමාන කරදයකට අපහසුතාවයකට අපේ රටේ ත්‍රස්තවාදය අවසන් කිරීමට කැපවුණු හමුදා නිලධාරියෙක් පත් වෙන්න පුළුවන්.

ඒ වගේම මේකේ 32 වෙනි කොටසේ සඳහන් වෙනවා මේ ප්‍රඥප්තියට අනුව ඕනැම සාමාජික රටකට පුළුවනි වෙනම අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් වූ කොමිටියකට ලංකාව සම්බන්ධයෙන් චෝදනා කරන්න, මෙන්න ලංකාව නියමාකාරයෙන් ප්‍රඥප්තිය ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා. එතකොට ඒ කොමිටියට පුළුවන් ඔය කියන චෝදනා වෙනම සළකා බලලා ඒ ගැන පරීක්ෂා කරන්න. ඇයි අපි රටක් වශයෙන් ඒ වගේ තත්ත්වයට විහින් පත්වෙන්නේ? අපිට මේ කියන පනත ක්‍රියාත්මක කරන්න කියලා උපදෙස් දෙන කිසිම රටක් මේ කියන ප්‍රඥප්තියට අත්සන් කරලා නැහැ.

මේ කියන ජාත්‍යන්තර ප්‍රඥප්තිය නිල වශයෙන් පිළිගෙන නැති රටවල් මොනාද?

ඇමරිකාව වත්, එක්සත් රාජධානියවත්, ඕස්ට්‍රේලියාව වත් කැනඩාව වත් මේ කියන නීතියට අත්සන් තබා නැ. සමහරක් රටවල් අත්සන් කර තිබෙන නමුත් එම නීතිය නිල වශයෙන් පිළිගත් කරලා නැත. ඒ නිසා එම රටවල මේ කියන නීතිය බලපවත්වන්නේ නැත. නෝවේ, ඩෙන්මාර්ක්, ස්විඩන් හා ෆින්ලන්තය වගේ ස්කැන්ඩිනේවියානු රටවල් මේ කියන නීතියට අත්සන් කළත් ඒක නිල වශයෙන් පිළිගෙන නැති කාණ්ඩයට වැටෙනවා. ඒත් එක්ක බලද්දි ලංකාව 2015 දී ආණ්ඩු වෙනස සිද්ධ වුණු අවස්ථාවේදීම මේ කියන ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් කරලා ඒක නිල වශයෙන් පිළිගෙන ඉවරයි. අද වෙන කොට මහින්ද සමරසිංහ අමාත්‍යවරයාම කියනවා ලංකාව මේ ආකාරයෙන් හදිසියේම මේ ප්‍රඥප්තියට අත්සන් කරලා නිල වශයෙන් පිළිගත් එක අපරාධයක්. ඒක නොකළ යුතුව තිබ්බ දෙයක් කියලා. දැන් කියනවා අපි මේක අත්සන් කරලා නිල වශයෙන් පිළිගත් නිසා පාර්ලිමේන්තුවට දාලා නීතියක් බවට පත් කරන්න ඕන කියලා.

ඒ කියන්නේ තමන් අතින් වෙච්ච වැරැද්ද නිවැරදි කරන්නවත් මේ රජයට දේශපාලන වුවමනාව නැහැ. මේ රජයම පිළිගන්නවා ඒ අය ලොකු වැරැද්දක් කළා කියලා. ඒක තමයි අපිත් කියන්නේ. මේ කියන ප්‍රඥප්තියට අත්සන් නොකළ රටවල් හා නිල වශයෙන් පිළිගත් නොකළ රටවල් තමන්ගේ රටේ ආරක්ෂක අංශ ගැන ඒ අයගේ ආරක්ෂාව ගැන සැළකිලිමත් වෙන රටවල්. තමන්ගෙ ආරක්ෂක අංශ ප්‍රධානීන්ව අනතුරේ හෙළන කිසිම දෙයක් කරන්න මේ රටවල් සූදානම් නැහැ. ඒත් මේ කියන රටවල් වල ආරක්ෂක අංශ මේ රටවල් වෙනුවෙන් කරලා තියන සේවාවයි අපේ රටේ ආරක්ෂක අංශ අපේ රටට කරලා තියන සේවාවයි සන්සන්දනය කරලා බලන්න. අපේ ආරක්ෂක අංශයන්ගේ සේවයෙන් අපේ රටේ ත්‍රස්තවාදය තුරන් වුණා. අද අපි රටක් වශයෙන් සැනසිල්ලෙ ඉන්නේ අපේ ආරක්ෂක අංශ නිසා. මේ වගේ තත්ත්වයක් තුළ මේ රජය විසින් මේ කියන ප්‍රඥප්තිය අත්සන් කරලා ඉතා ඉක්මනින් නිල වශයෙන් පිළිගත් කිරීම නිසා ආරක්ෂක අංශ ලොකු අනතුරකට දාලා තියෙනවා. පවතින රජය ඒ ගැන ලැජ්ජා විය යුතුයි.

දැන් අපි මේ කියන ප්‍රඥප්තිය නිල වශයෙන් පිළිගත් නිසා ඇති වී තිබෙන අනතුර කුමක් ද?

අපි දැන් ඒක නිල වශයෙන් පිළගෙන නේ තියෙන්නේ. නමුත් මේ කියන ප්‍රඥප්තිය ස්වයංක්‍රීයව අපේ රටේ නීතියක් බවට පත්වෙන්නේ නැත. ඒක එහෙම රටේ නීතියක් බවට පත්වෙන්නට නම් පාර්ලිමේන්තුව මගින් සම්මත කළ යුතුයි. එම නීතිය එසේ සම්මත වීම වැළැක්වීමට අපි හැකි උපරිමය පාර්ලිමේන්තුව තුළ සිදු කරනවා. පවතින රජය තමන්ට බලයට පැමිණීමට උදව් කළ පාර්ශව සතුටු කිරීමට මේ ආකාරයෙන් හදිසියේ ජාත්‍යන්තර ප්‍රඥප්ති වලට අත්සන් කරලා පස්සේ ඒ ගැන කණගාටු වෙනවා. අපි කියන්නේ මේ කියන කණගාටුවීම් එන්නේ ගොඩක් ප්‍රමාද වූවාට පසුවයි. රටට වෙන්න පුළුවන් හානිය සිදු කරලා තියෙන්නේ.



-අයි.ජයතිලක

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook - https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions