දීර්ඝ ඉතිහාසයක් හිමි රටකට නායකයින් බොහෝ සිටිය හැක. ඒ අතුරින් අදටත් පවතින ලෙස අනාගතයට යම් චින්තනයක් දායාද කල නායකයන් ගණන අතලොස්සකි .සාමාන්‍ය මිනිසකුගේ වපසරිය තුල දිවි ගෙවමින් තම ධනය යොදවමින් රටක ආර්ථික ප්‍රගමනයට මගපැදු මහා ව්‍යාපෘතියක් කල මිනිසකු, ජාතියකට වීරයෙක් වන්නේ එබැවිනි.
1886 පෙබරවාරි මස යම් දිනක පානදුරේදී උපත ලද මේ විශිෂ්ට මිනිසා නමින් ආතර් වින්ස්ටන් දියෙස් නම් විය. 1918 දී ඔහු ආරම්භ කල බත් ගස් හෙවත් කොස් ගස් මිලියනයක් සිටුවීමේ ව්‍යාපෘතිය හේතුවෙන් පසු කාලීනව කොස් මාමා යන අන්වර්ථ නාමයෙන් කා අතරත් ජනප්‍රිය විය.
ඉක්මනින් පීදී මාස 18ක් වැනි කෙටි කාලයකින් ඵල ලබා දෙන මැලේසියානු කොස් ඇට වර්ගයක් මේ ප්‍රවර්දන කාර්යය සදහා ඔහුගේ තේරීම විය . එය මෙරටට ගෙන්වා, තවන් දමා මුළු ව්‍යාපෘතිය සදහා අවශ්‍ය කොස් පැල සකසා ගනු ලැබුනි .එක දිනකට රැස්වීම් ගණනාවකට සහභාගී වෙමින් රට පුරා යමින් දේශන මගින් කොස් වල අගය පහදා දෙමින් මේ කොස් ඇට හා කොස් පැල සාමාන්‍ය ජනතාව අතර නොමිලේ බෙදාහරිනු ලැබිය .එසේ මෙම ව්‍යාපෘතිය ක්‍රමානුකුලව ගමින් ගමට රට පුරා ව්‍යාප්ත කිරීමට එතුමා දුරදර්ශි විය. එතුමාගේ අදහස වුයේ කොස් ගස ආහාරයක් ලෙස සහ ලී වර්ගයක් ලෙස මිනිසුන්ට ඉතා ප්‍රයෝජනවත් බැවින් ඒවා තම ගෙවත්තේ වවා ගන්නා ලෙසයි. හොද කොස් වර්ග තෝරා ගැනීමේ හා ඒවයෙන් පැල බෝ කර ගැනීමේ ක්‍රම වේද පිළිබද ජනතාව දැනුවත් කිරීමද සමස්ත ව්‍යාපෘතියේ එක කොටසකි . තමාගේ වියදමින් තම රථයේ කොස් පැල පටවාගෙන ඒවා බෙදාහරින මේ මිනිසාගේ විශිෂ්ට අදහස ගැමියෝ තමන්ට ඉතිහාසයෙන් උරුම වූ සහජ ඉව ඔස්සේ හදුනා ගත්හ .අද මෙන්ම එදාද මෙවැනි මෙහෙවරයන් වල වටිනාකම හදුනා ගත හැකි සංඝයා වහන්සේලා විසුහ. හීනටියන ධම්මාලෝක හිමියන් ඒ අතර ප්‍රධානය.
පසුව සිංහල බෞධයා වැනි දෑ හිතකාමී පුවත්පත් වලින්ද මෙම සත්කාරය සදහා අවශ්‍ය ප්‍රචාරණය ලැබිණි . පත්‍රිකා ,පින්තුර සහ පාසල් ප්‍රදර්ශන ආශ්‍රිතව දරුවන් කොස් ගස් සිටුවීමට නැඹුරු කිරීමටද එතුමා සමර්ථ විය.කොළඹ ආනන්ද විද්‍යාලය ඒ සදහා එතුමාගේ තේරීම විය .ඵල දරන කොස් ගස් නිකරුනේ ලී සදහා කපා හෙලීම එතුමා සැලකුයේ මහා අපරාදයක් ලෙසිනි.ඒවා වැලක්වීමට පනත් සම්මත කරන ලෙසද එතුමා රජයෙන් ඉල්ලාසිටියේය.
සිංහල බෞද්ධ දරුවන්ගේ ඉගෙනුම පිණිස සිය මව වූ දියෙස් මැතිනිය හා එක්ව විශාකා විද්‍යාලය ඇරබු ඔහු ආනන්ද ,නාලන්ද වැනි අනෙකුත් සිංහල බෞද්ධ පාසල් වල උන්නතිය කෙරෙහිද කටයුතු කළේය. ඉංගිරිසිය උගතුන් විසින් උජාරුවෙන් වැලද සිටි යුගයක "සිංහල හොදයි " යන්න එතුමාගේ සටන් පාඨය විය.ගරු බුහුමන් නම්බු නාම නිෂ්ඵල ලෙස තැකූ එතුමා ඉංගිරිසි ආණ්ඩුවෙන් ලද නයිට් නාමය පවා ප්‍රතික්ෂේප කළේය.
රජයට පවා කොස් මාමාගේ දුරදර්ශි වේද පිළිවෙලෙහි අගය තේරුම් ගියේ දෙවන ලෝක යුද්දයත් සමගිනි. එකල මෙරටට අවශ්‍ය අමතර සහල් බුරුමයෙන් ගෙන්වා ගනිමින් සිටි අතර යුධ තත්වය හේතුවෙන් නෞකා මාර්ග අවහිර විය . වෙනත් රට වල මිනිසුන්ට සාගින්නේ මියෙන්නට සිදුවෙද්ද්දී අපේ රටේ මිනිස්සු ඔහුගේ දුරදර්ශි චින්තනයට පින් දෙමින් කොස් ආහාරයට ගත්හ.එදා පමණක් නොව අදද කෑම හිගවූ කලක බත් ගසෙන් ගෙඩියක් කඩා වේලක් සරිකර ගන්නට මිනිසුන් පුරුදු වී ඇත.
අද අපි විද්‍යාත්මක ක්‍රම ඔස්සේම සොයා ගනිමින් සිටින කොස් ගස සහ එහි ගුණ ගැන අදින් වසර 99 කට පෙර ජීවත් වූ කොස් මාමා එදා සිය සහජ ඉව තුලින් දැන සිටි බව පෙනේ.කොස් යනු පිෂ්ටයෙන් , ප්‍රෝටීන ගුණයෙන් පමණක් නොව විටමින් හා ශරීරයට අත්‍යවශ්‍ය ඛනිජ ලවන වලින්ද පොහොසත් කදිම ආහාරයක් බව අපි අද දනිමු . කොස් ඇට ඉතා ලාභදායි ප්‍රෝටීන ප්‍රභවයක් වන අතර ඉදුණු වැල,වරකා විටමින් A ලබාදෙන කදිම ප්‍රභව වේ. තන්තු හෙවත් කෙදි සුලභව අන්තර්ගත හෙයින් පිෂ්ට ආහාරයක් ලෙස වඩා සෞඛ්‍යයට හිතකරය . එපමණක් නොව කොස් යනු ක්‍රියාකාරී ආහාර කාණ්ඩයෙහි (Functional food ) ගැනෙන පෝෂණමය ගුණයෙන් ඔබ්බට ගොස් අපට ලෙඩරෝග වලින් ආරක්ෂා වීමටද පිහිට සලසන ආහාරයකි. බටහිර විද්‍යා ලෝකයෙහි ඇස් යොමුවන්නට වසර සියයකට පෙර ඔහු ලංකාව තුල සිටුවීමට වඩා සුදුසුම ගසක් තෝරා ගැනීමට ලබා තිබූ ඒ අනුමාන ඥානය අප පුදුම කරවන සුළුය .
ඔහුට ගැඹුරු දර්ශනයක් තිබිනි . ඒ දර්ශනය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අධිෂ්ඨානය තිබිනි . ඔහු සිය ගමන අවසන් කලේ බහු ජන හිත සුව පිණිස එය මේ මහ පොලොව මත යතාර්ථයක් බවට පත් කිරීමෙන් අනතුරුවය.
ඔහුගේ කොස් ව්‍යාපෘතියට 2018 වසරේදී අවුරුදු සියයක් සම්පූර්ණ වේ.
එදා ඔහු සිටවූ කොස් ගස් වලින් ඵල ලබන අපේ පරපුර, හෙට දවසේ බිහිවන නූපන් පරපුර වෙනුවෙන් අපේ පිනට මේ පොළොවේ සරුවට වැවෙන කොස් ගසක් සිටවමු .එය අනාගතය වෙනුවෙන් කල හැකි කදිම ආයෝජනයක් බව තේරුම් ගැනීමටත් එය ක්‍රියාවේ යෙදවීමටත් අප තවමත් ප්‍රමාද නැත .
-වෛද්‍ය අනුෂ්කා වික්‍රමරත්න
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook - https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .