10/09/2015

බිල්ලො ඇවිත් - යුතුකම සම්මන්ත්‍රණය සාර්ථකව මුළුදේ.....

කතෘ:යුතුකම     10/09/2015   3 comments
‘බිල්ලෝ ඇවිත්  - ‘ඇස්, ඉස්, මස්, ලේ, දන් දී දිනාගත් මාතෘභූමියේ අනාගත දුවා දරුවන්ට හිමි ඉරණම මෙයද?’ යන මැයෙන් යුතුකම - සංවාදශීලි සම්මන්ත‍්‍රණය ඔක්තෝබර් 08 කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි. 

පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ කතිකාචාර්‍ය අතිපූජ්‍ය වාව්වේ ධම්මරක්ඛිත නාහිමියන් මුලසුන දැරූ අතර ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, ප‍්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක , යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග , නීතීඥ කල්‍යාණන්ද තිරාණගම , මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න , සිනමාවේදී සුදත් රෝහණ ඇතුළු විද්වත්හු පිරිසක් මෙහිදී දේශන පැවැත්වූහ.

‘යුතුකම සංවාද කවය’ සංවිධානය කළ මෙම සම්මන්ත‍්‍රණය‍ට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල, සිසිර ජයකොඩි ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු , දේශපාලන පක්‍ෂ නියෝජිතයෝ ඇතුළු අති විශාල පිරිසක් එක්ව සිටියහ.
සම්මන්ත්‍රණයේ ඡායාරූප කිහිපයක් පහතින්.



දේශක මඩුල්ල : මොහාන් සමරනායක - මනෝහරද  සිල්වා - පූජ්‍ය වාව්වේ ධම්මරක්ඛිත නාහිමි - නීතීඥ  කල්‍යානන්ද තිරාණගම-  අජිත් ප්‍රසන්න , සුදත් රෝහණ
සම්භාවනීය ආරාධිතයන් විසින් චිරාගත සම්ප්‍රදානුකූලව පොල් තෙල් පහන දල්වමින්



"ජිනීවා වාර්තාව උඩරට ගිවිසුමට නොදෙවැනි පාවාදීමක් ලෙස ඉතිහාසයට එක් වේවි!" - ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මහතා
පා.ම විමල් වීරවංශ මහතා, පා.ම උදය ගම්මන්පිළ මහතා, වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා , හිටපු පා.ම සරත් වීරසේකර මහතා
"ජිනීවා ක්‍රියාදාමයේ සැගවුණු අරමුණු" - ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා
ගෙවිඳු කුමාරතුංග මහතා සම්මන්ත්‍රණ සභාව අමතමින්...


විශ්‍රාමික මේජර් , නීතීඥ අජිත් ප්‍රසන්න-  බුද්ධි අංශ වැනසීමේ ව්‍යසනය අනාවරණය කරමින්


[සම්මන්ත්‍රණයේ සියලුම වීඩියෝ පට ඉදිරියේදී මෙහි පළ කරනු ඇත..]

-යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions