ජාතිකවාදය හා ජාතිවාදය අතර වෙනස ඇත්තේ ‘ක’ යන්නක පමණ ද? බොහෝ සිංහලෙන් හෝ දෙමළෙන් පමණක් කියවන අයට නම් එය එසේ ය. එහෙත් ඉංග්‍රීසි බසෙහි ඉහත සංකල්ප දෙක වෙන් වෙන් ව හඳුනා ගැනීම සඳහා වෙන ම වචන දෙකක් ඇත. එනම් ජාතිකවාදය යන්න Nationalism ලෙසත් ජාතිවාදය යන්න Racism ලෙසත් ය. රනිල් වික්‍රමසිංහ මෙම වචන දෙකෙහි අරුත හොඳ හැටි දනිතත් ඔහු එය සිය අනුගාමිකයින්ගෙන් සඟවන්නේ ඔවුන් තමන්ගෙන් බිඳී යැතැයි යන බිය නිසා ය. සිංහලෙන් පමණක් කියවන ලංකාවේ ලිබරල් යැයි කියා ගන්නා පිරිස් හා මාධ්‍ය ද ඇත්ත වශයෙන් ම ජාතිකවාදය හා ජාතිවාදය පිළිබඳ සිතන්නේ ‘ක’ යන්නකින් පමණක් වෙන්ව තිබුණ ද එකම අන්තර්ගතයක් සහිත සංකල්ප දෙකක් ලෙස ය. අදාළ සංකල්ප දෙක අතර වෙනස තේරුම් ගන්නා විට සිංහලෙන් පමණක් සිතීම මෙම භයානක වැරදි අවබෝධයට තිබෙන ප්‍රධානතම සාධකය බව මේ අනුව කිව යුතු ය. පසුගිය දා අගමැති රනිල් වික්‍රමසිංහ ‘ජාතිවාදය’ අවුස්සන බවට ප්‍රකාශ කරමින් මුද්‍රිත මාධ්‍යයට පහර ගැසූයේ ද, ජාතිකවාදය හා ජාතිවාදය අතර වෙනස නොදන්නා තම පාක්‍ෂිකයින් ‘චූන්’ කරන්නට හා මහින්ද වටා ගොනු වී සිටින ජාතිකවාදී පිරිස් ජාතිවාදීන් (racist) ලෙස හංවඩු ගසා පැත්තකින් තබන්නට ය. රනිල්ගේ ප්‍රකාශය අනුමත කළ ඔහුගේ ම අනුගාමිකයින් පිළිබඳ රනිල්ට ම දුක හිතෙන්නට ද ඇත.
ජාතිකවාදය යනු අනෙකක් නොව කෙනෙකුගේ අන් සියළු වෙනස්කම් (ජනවර්ගය, ආගම, කුලය වැනි) පසෙකින් තබා තමා ජීවත් වන ජාතික රාජ්‍ය සමග අනන්‍ය වීම හා එය නැංවීම සඳහා පෙනී සිටීමයි. මෙහි දී තම ජනවර්ගය උදෙසා ම වෙන් වූ අභිලාෂ (නිජබිම් හෝ ප්‍රදේශ) පිළිබඳ තැකීමක් ජාතිකවාදියාට නැත. ඔහුට සුළුතර බහුතර යනාදී මානසිකත‍්වයක් ද නැත. ලංකාවේ සිටි අග්‍රගන්‍යතම විදේශ ඇමතිවරයෙකු වූ ලක්‍ෂමන් කදිරගාමර් ජාතිකවාදියෙකි. එමෙන් ම තරුණ දේශපාලඥයෙකු වන මොහොමඩ් මුසම්මිල් ද ජාතිකවාදයෙකු ලෙස සැලකිය හැකි ය. ඔවුන් තම ආගම් හා ජනවර්ගවලට ඔබ්බෙන් සිතීමට හැකියාම තිබූ හා තිබෙන වුන් ය.
ඇත්ත වශයෙන් ම ලොව බොහෝ රටවල් සංවර්ධනයේ ඉනි මං නැග්ගේ ජාතිකවාදය ඔස්සේ ය. ඇමරිකාව හා බ්‍රිතාන්‍ය වැනි රටවල් සිය ක්‍රියාමාර්ග සැලසුම් කරන්නේ ක්‍රියාවට නංවන්නේ ජාතිකවාදී දැක්මකිනි. මෑත ඇමරිකානු ඉතිහාසය ගතහොත් සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ඇමරිකාව හා බ්‍රිතාන්‍ය විසින් ඇෆ්ගනිස්ථානය හා ඉරාකය වැනි රටවල් ආක්‍රමණය කරන්නේ එම රටවල් තම ජාතික අභිලාෂ වලට, විශේෂයෙන් ම ඇන්ග්ලෝ-සැක්සන් වටිනාකම්වලට අභියෝගයක් වූ නිසා ය. එපමණක් නොව වර්තමානයේ ඇමරිකාව වැනි රටවල් වෙනත් රටවලට අත පොවමින් කරන්නේ ඇමරිකානු ජාතික ඉලක්කයන් වෙත යන ගමනට බාධා කරන පුද්ගලයින් හා සංවිධාන ඉන් ඉවත් කිරීමට කටයුතු කිරීම ය. ලංකාවෙන් මහින්ද ඉවත් කරන්නට ඇමරිකාවට අවශ්‍ය වන්නේ මහින්ද ඇමරිකාවට පක්‍ෂපාතී ප්‍රතිපත්තියක් අනුගමනය නො කිරීම නිසා ය. ඇමරිකාව ලොව පුරා තවත් මෙවැනි බොහෝ මෙහෙයුම් සිදු කොට ඇත. මෙම කරුණ ඉතා දීර්ඝ වශයෙන් අප අපගේ ‘විකිලීක්ස් හෝරාව’ කෘතිය හරහා සාකච්ඡා කොට තිබේ. කෙසේ වෙතත්, මේ සියල්ලෙන් ම පෙනී යන්නේ ඇමරිකාව තම ව්‍යාපෘථිය තුළ අතිශයින් ම ජාතිකවාදී වූ බව ය. සෙසු බටහිර රටවල් ද එසේ ය.
එහෙත් අවාසනාව වන්නේ, ඇමරිකාව වැනි රටවල් ස්වකීය ජාතිකවාදී ඉලක්ක වෙනුවෙන් කරන අනවරත අරගලයට උල්පන්දම් දීමට අප වැනි රටවල ඇතැම් පිරිස් නොමිළයේ ඉදිරිපත් වීමයි. එසේ කොට ඒ වෙනුවෙන් ආඩම්බර වීමට ද හැකි ශ්‍රී ලාංකික පිරිස් අප වැනි රටවල සිටීම ඇමරිකානු ජාතිකවාදී ව්‍යාපෘථියේ සාර්ථකත්වය මොනවට පැහැදිළි කරයි. ලංකාවේ වෙනස කළේ තමන් බව ජෝන් කෙරී කියන විට ඇතැම් ලාංකිකයෝ අත් පොළසන් දුන්හ. අප රටට මෙම ඉරණම අත් වූයේ කෙසේ ද? මේ අපේ මිනිසුන්ගේ තමා හඳුනා නොගැනීම පිළිබඳ උග්‍ර ප්‍රශ්නයකි. ජාතික වශයෙන් අනාත මෙවන් පිරිස් මෑති ඉතිහාසයේ ලංකාව තුළ නිෂ්පාදනය කොට බෙදා හැරියේ ජේ ආර්ගේ සිට (ප්‍රේමදාස හැර) රනිල් දක්වා වූ එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයයි. මීට එරෙහි ව ක්‍රියාත්මක වන්නට සජිත් ප්‍රේමදාසට ඕනෑකම තිබුණ ද ඔහුට ශක්තිය නැත. චන්ද්‍රිකා විසින් ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂය තුළ ද මෙවැනි ම පිරිසක් නිර්මානය කළ ද මහින්ද රාජපක්‍ෂ විසින් ඔවුන් තාවකාලික ව පුනරුත්ථාපනය කොට නැවත භාවිතයට ගනු ලැබිණි. පුනරුත්ථාපනයට අකමැති වූ මංගල වැනි අය සිය චන්ද්‍රිකානුරාගය එජාපය තුළ සොයා ගත්හ.
ජනවාරි 08 දින ශ්‍රීලනිපයෙන් මහින්ද සාධකය ගැලවුණු පසු එය නැවත ගොස් හේත්තු වූයේ චන්ද්‍රිකාගේ කොටි ගැති, බටහිර ගැති තවලම් චින්තනයට ය. දේශපාලනික ව වෙනස් වූව ද මහින්ද නැති ශ්‍රිලනිපය මූලික (fundamental) වශයෙන් එජාපයෙන් වෙනස් වන්නේ නැත. මේ වන විට එජාපය සමග එකගෙයි කෑම සඳහා ජාතික ආණ්ඩු සැදීමට යෑම ම මීට කදිම නිදසුනකි. ශ්‍රිලනිපයෙන් ජාතිකවාදය ගැලවීම රටට භයානක බව සිහිකට යුතු ය. ශ්‍රිලනියේ තවලම්-සුදුනෙළුම් චින්තනයේ රඟ ඒ දිනවල චන්ද්‍රිකා විසින් උතුර හා නැගෙනහිර දෙපළාත ම සුනාමි සහන මණ්ඩලය හරහා වසර 10 කට කොටින්ට සින්නක්කර ලබා දීමට කළ උත්සාහයෙන් පැහැදිළි වේ. මහින්දගේ ජාතිකවාදයෙන් මිදුණු ශ්‍රිලනිපය දැන් නැවත එන්නේ එකී විජාතික කොඩිය අතැතිව ය. මහින්දගේ ජාතිකවාදය තුළ, වසර 30 යුද්ධයේ උරුමයෙන් ලද සමාජීය ඛාදනය හේතුකොට ගෙන ඇති වූ ඇතැම් ක්‍ෂුද්‍ර මට්ටමේ අඩුපාඩු තිබුණ ද සාර්ව වශයෙන් ගත් කළ එය ජාතිය ගොඩ නැගීම සඳහා වන එක ම ව්‍යාපෘතිය බව අප අවබෝධ කටයුතු ය. එහෙත් ශ්‍රිලනිපයේ වත්මන් ක්‍රියාකාරිත්වය අපට පෙන්වන්නේ අසුබ ලකුණු ය. මෙය බැරෑරුම් තත්වයක් ලෙස සලකා වැඩ නොකළහොත් රටට ද ජාතියට අත්වන ඉරණම පිරිමැසිය නොහැකි තරම් වනු ඇත.
මහින්ද පතිරණජාතිකවාදය යනු අනෙකක් නොව කෙනෙකුගේ අන් සියළු වෙනස්කම් (ජනවර්ගය, ආගම, කුලය වැනි) පසෙකින් තබා තමා ජීවත් වන ජාතික රාජ්‍ය සමග අනන්‍ය වීම හා එය නැංවීම සඳහා පෙනී සිටීමයි. මෙහි දී තම ජනවර්ගය උදෙසා ම වෙන් වූ අභිලාෂ (නිජබිම් හෝ ප්‍රදේශ) පිළිබඳ තැකීමක් ජාතිකවාදියාට නැත. ඔහුට සුළුතර බහුතර යනාදී මානසිකත‍්වයක් ද නැත. ලංකාවේ සිටි අග්‍රගන්‍යතම විදේශ ඇමතිවරයෙකු වූ ලක්‍ෂමන් කදිරගාමර් ජාතිකවාදියෙකි. එමෙන් ම තරුණ දේශපාලඥයෙකු වන මොහොමඩ් මුසම්මිල් ද ජාතිකවාදයෙකු ලෙස සැලකිය හැකි ය. ඔවුන් තම ආගම් හා ජනවර්ගවලට ඔබ්බෙන් සිතීමට හැකියාම තිබූ හා තිබෙන වුන් ය.
ඇත්ත වශයෙන් ම ලොව බොහෝ රටවල් සංවර්ධනයේ ඉනි මං නැග්ගේ ජාතිකවාදය ඔස්සේ ය. ඇමරිකාව හා බ්‍රිතාන්‍ය වැනි රටවල් සිය ක්‍රියාමාර්ග සැලසුම් කරන්නේ ක්‍රියාවට නංවන්නේ ජාතිකවාදී දැක්මකිනි. මෑත ඇමරිකානු ඉතිහාසය ගතහොත් සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ඇමරිකාව හා බ්‍රිතාන්‍ය විසින් ඇෆ්ගනිස්ථානය හා ඉරාකය වැනි රටවල් ආක්‍රමණය කරන්නේ එම රටවල් තම ජාතික අභිලාෂ වලට, විශේෂයෙන් ම ඇන්ග්ලෝ-සැක්සන් වටිනාකම්වලට අභියෝගයක් වූ නිසා ය. එපමණක් නොව වර්තමානයේ ඇමරිකාව වැනි රටවල් වෙනත් රටවලට අත පොවමින් කරන්නේ ඇමරිකානු ජාතික ඉලක්කයන් වෙත යන ගමනට බාධා කරන පුද්ගලයින් හා සංවිධාන ඉන් ඉවත් කිරීමට කටයුතු කිරීම ය. ලංකාවෙන් මහින්ද ඉවත් කරන්නට ඇමරිකාවට අවශ්‍ය වන්නේ මහින්ද ඇමරිකාවට පක්‍ෂපාතී ප්‍රතිපත්තියක් අනුගමනය නො කිරීම නිසා ය. ඇමරිකාව ලොව පුරා තවත් මෙවැනි බොහෝ මෙහෙයුම් සිදු කොට ඇත. මෙම කරුණ ඉතා දීර්ඝ වශයෙන් අප අපගේ ‘විකිලීක්ස් හෝරාව’ කෘතිය හරහා සාකච්ඡා කොට තිබේ. කෙසේ වෙතත්, මේ සියල්ලෙන් ම පෙනී යන්නේ ඇමරිකාව තම ව්‍යාපෘථිය තුළ අතිශයින් ම ජාතිකවාදී වූ බව ය. සෙසු බටහිර රටවල් ද එසේ ය.
එහෙත් අවාසනාව වන්නේ, ඇමරිකාව වැනි රටවල් ස්වකීය ජාතිකවාදී ඉලක්ක වෙනුවෙන් කරන අනවරත අරගලයට උල්පන්දම් දීමට අප වැනි රටවල ඇතැම් පිරිස් නොමිළයේ ඉදිරිපත් වීමයි. එසේ කොට ඒ වෙනුවෙන් ආඩම්බර වීමට ද හැකි ශ්‍රී ලාංකික පිරිස් අප වැනි රටවල සිටීම ඇමරිකානු ජාතිකවාදී ව්‍යාපෘථියේ සාර්ථකත්වය මොනවට පැහැදිළි කරයි. ලංකාවේ වෙනස කළේ තමන් බව ජෝන් කෙරී කියන විට ඇතැම් ලාංකිකයෝ අත් පොළසන් දුන්හ. අප රටට මෙම ඉරණම අත් වූයේ කෙසේ ද? මේ අපේ මිනිසුන්ගේ තමා හඳුනා නොගැනීම පිළිබඳ උග්‍ර ප්‍රශ්නයකි. ජාතික වශයෙන් අනාත මෙවන් පිරිස් මෑති ඉතිහාසයේ ලංකාව තුළ නිෂ්පාදනය කොට බෙදා හැරියේ ජේ ආර්ගේ සිට (ප්‍රේමදාස හැර) රනිල් දක්වා වූ එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයයි. මීට එරෙහි ව ක්‍රියාත්මක වන්නට සජිත් ප්‍රේමදාසට ඕනෑකම තිබුණ ද ඔහුට ශක්තිය නැත. චන්ද්‍රිකා විසින් ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂය තුළ ද මෙවැනි ම පිරිසක් නිර්මානය කළ ද මහින්ද රාජපක්‍ෂ විසින් ඔවුන් තාවකාලික ව පුනරුත්ථාපනය කොට නැවත භාවිතයට ගනු ලැබිණි. පුනරුත්ථාපනයට අකමැති වූ මංගල වැනි අය සිය චන්ද්‍රිකානුරාගය එජාපය තුළ සොයා ගත්හ.
ජනවාරි 08 දින ශ්‍රීලනිපයෙන් මහින්ද සාධකය ගැලවුණු පසු එය නැවත ගොස් හේත්තු වූයේ චන්ද්‍රිකාගේ කොටි ගැති, බටහිර ගැති තවලම් චින්තනයට ය. දේශපාලනික ව වෙනස් වූව ද මහින්ද නැති ශ්‍රිලනිපය මූලික (fundamental) වශයෙන් එජාපයෙන් වෙනස් වන්නේ නැත. මේ වන විට එජාපය සමග එකගෙයි කෑම සඳහා ජාතික ආණ්ඩු සැදීමට යෑම ම මීට කදිම නිදසුනකි. ශ්‍රිලනිපයෙන් ජාතිකවාදය ගැලවීම රටට භයානක බව සිහිකට යුතු ය. ශ්‍රිලනියේ තවලම්-සුදුනෙළුම් චින්තනයේ රඟ ඒ දිනවල චන්ද්‍රිකා විසින් උතුර හා නැගෙනහිර දෙපළාත ම සුනාමි සහන මණ්ඩලය හරහා වසර 10 කට කොටින්ට සින්නක්කර ලබා දීමට කළ උත්සාහයෙන් පැහැදිළි වේ. මහින්දගේ ජාතිකවාදයෙන් මිදුණු ශ්‍රිලනිපය දැන් නැවත එන්නේ එකී විජාතික කොඩිය අතැතිව ය. මහින්දගේ ජාතිකවාදය තුළ, වසර 30 යුද්ධයේ උරුමයෙන් ලද සමාජීය ඛාදනය හේතුකොට ගෙන ඇති වූ ඇතැම් ක්‍ෂුද්‍ර මට්ටමේ අඩුපාඩු තිබුණ ද සාර්ව වශයෙන් ගත් කළ එය ජාතිය ගොඩ නැගීම සඳහා වන එක ම ව්‍යාපෘතිය බව අප අවබෝධ කටයුතු ය. එහෙත් ශ්‍රිලනිපයේ වත්මන් ක්‍රියාකාරිත්වය අපට පෙන්වන්නේ අසුබ ලකුණු ය. මෙය බැරෑරුම් තත්වයක් ලෙස සලකා වැඩ නොකළහොත් රටට ද ජාතියට අත්වන ඉරණම පිරිමැසිය නොහැකි තරම් වනු ඇත.
කතිකාචාර්‍ය - සබරගමුව විශ්ව විද්‍යාලය
යුතුකම සංවාද කවය
www.yuthukama.com
නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න. https://www.facebook.com/yuthukama