චීනය දකුණු තායිලන්තය ඔස්සේ ක්‍රා ඇළ තැනීමට සුදානම් වන අතර ඒ සමග සේද මාවතේ ප්‍රධාන නැවතුමක් වන සිංගප්පූරු වරායට හිමි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වනු ඇත. මේ ඒ පිළිබඳ ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්තේ මහතා සමග රිවිර කළ සාකච්ඡාවකි.
ආර්ථික බලවතෙකු ලෙස අනාගත ලෝකයේ චීනයට හිමි තැන කුමක්ද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්ත වගේ ම චීන රජයේ දත්ත අනුව චීනය තමයි ලොව විශාලත්වයෙන් දෙවෙනි ආර්ථිකය. චීන ආර්ථිකය දෙවෙනි වන්නේ ඇමරිකානු ආර්ථිකයට පමණයි. ඒ වගේ ම මිල දී ගැනීමේ හැකියාව වැඩිම ආර්ථිකයට හිමිකම් කියන්නේත් චීනය. තව නොබෝ කාලයකින් චීනය ඇමරිකාව අබිබවා ලෝක ආර්ථික බලවතා වන බවට දැනටමත් අනාවැකි ඵල වෙලා. එංගලන්තය, ජර්මනිය, ඇමරිකාව ආදි බොහෝ බටහිර රටවල් චීනයට ණයයි. චීනයේ ආර්ථික බලය නිසාම ලොව සියලු ම රටවල් චීනය සමග ඉතා ම හොඳ සබඳතාවක් පවත්වා ගෙන යාමට උත්සාහ කරනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අධ්‍යක්ෂිකා ක්‍රිස්ටින් ලෙගාර්ඩ් මෑතක දී විහිළුවට වගේ කීවා 2027 වන විට IMF මූලස්ථානය චීනයේ බීජිං නුවර තියෙන්න පුළුවන් කියලා?
ඔබ ඒ කාරණාව මතු කළ එක ඉතාම වටිනවා. ක්‍රිස්ටින් ලෙගාර්ඩ් මේ කතාව විහිළුවට වගේ කීවාත් ඊට හේතුව චීනය සතු ආර්ථික බලයයි. IMF ආයතනයේ ව්‍යවස්ථාව අනුව එහි මූලස්ථානය තියෙන්න ඕන එහි සාමාජික රටවල් අතරින් බලවත්ම ආර්ථිකය හිමි රටෙයි. ඒ අනුව ලෙගාර්ඩ් කීවා වගේ නොබෝ කලකින් ම IMF මූලස්ථානය චීනයේ පිහිටුවන්න පුළුවන්.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 193 සම්පූර්ණයෙන් පාලනය කරන්නේ ජී 7 කියන රටවල් ටික. ඒ අතරින් ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය ප්‍රධානයි. ඒ ආධිපත්‍ය ඔවුන් පවත්වා ගෙන යන්නේ ලෝක බැංකුව සහ IMF ආයතන මාර්ගයෙන්. පසුගිය අවුරුදු 65ක් 70ක් තිස්සේ දියුණු වන රටවලට, කුඩා රටවලට සංවර්ධන කටයුතුවලට මුදල් ගන්න යන්න තියෙන්නේ මේ ආයතන දෙක විතරයි.
ඔවුන් හැම විට ම මුදල් ලබා දෙන්නේ විවිධ කොන්දේසි පනවලා. මේ කොන්දේසි නිසා කිසිම රටකට කවදාවත් දියුණුවක් ලබා ගත්තේත් නෑ, ලබා ගන්නත් බෑ. අනාගතයේ දියුණුවක් ලබා ගන්න ඉඩ දෙන්නෙත් නෑ. ඒ වෙනුවට අර කොන්දේසිවලින් අටවල රටේ මහ ජාතිය දුර්වල කරලා, ජනවාර්ගික ප්‍රශ්න, ත්‍රස්තවාදි ප්‍රශ්න ඇති කරලා විවිධ ගැටුම් මගින් රට ම අස්ථාවර කරලා නැත්තටම නැති කරනවා.
මේ ආයතන ඔස්සේ බටහිර බලවතුන් තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්නවා මිස තමන්ට සුගතියක් නෑ කියලා ලෝකය දැන් දන්නවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අප කෙරෙහි කරන අසාධාරණ බලපෑම ඒ සඳහා හොඳ උදාහරණයක්. මේ තත්ත්වය වෙනස් විය යුතුයි කියලා ලෝකයේ සෙසු රටවල් අවබෝධ කර ගනිමින් ඉන්නවා. අනාගතයේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයත් නිව්යෝක් ජීනිවාවලින් ආසියානු රටවලට රැගෙන එන්න සිද්ධ වෙනවා.
බ්‍රික්ස් සංවර්ධන බැංකුව (BRICS Development Bank) ආරම්භ වන්නේ එහි ප්‍රතිඵලයක් විදිහට ද?
ඔව්, ලෝක බැංකුවට සහ IMF ආයතනය යොදා ගෙන බටහිර බලවතුන් පවත්වා ගෙන යන ඒකාධිකාරයට අභියෝග කරන්න නම් මුදල් අවශ්‍යයි. ඒ සඳහා තමයි චීනය, බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව කියන රටවල් එකතු වෙලා බ්‍රික්ස් සංවර්ධන බැංකුව ආරම්භ කරන්නේ. චීනය ඒ සඳහා විශාල මුදලක් යොදවා තිබෙනවා. IMF අධ්‍යක්ෂවරිය ලෙගාර්ඩ් කියන කතාව හරියට ම හරි. අනාගතයේ දියුණු වෙමින් පවතින රටවල් තම ණය අවශ්‍යතා සපුරා ගන්න බටහිර කොන්දේසි යටතේ ලෝක බැංකුවට හෝ IMF ආයකනයට නොයා බ්‍රික්ස් බැංකුවට එනවා.
පෙර-අපර දෙදිග යා කරන නාවික සේද මාවතේ වැදගත්කම කුමක් ද?
මිනිහෙකුගේ ජීවිතය රඳා පවතින්නේ හුස්ම ගැනීම සහ හෙළීම එනම් ආනාපානය මතයි. ඒ වගේම රටක පැවැත්ම රඳන්නෙත් ආනයන අපනයන කියන හුස්ම ගැනීම මතයි. මේ ආනයන අපනයනවලින් 99%ක් සිද්ධ වන්නේ මුහුදු මාර්ග ඔස්සේ. පෙර අපරදිග රටවලට අවශ්‍ය ආනයන අපනයන කටයුතු සිදුවන්නේ නාවික සේද මාවත ඔස්සේයි. ඒ නිසා සේද මාවත කලාපයේ රටක ආර්ථික සමාජ දේශපාලන ස්ථාවරභාවය සඳහා අතිශය වැදගත් වෙනවා.
සිංගප්පූරුව ගොඩනැඟීමෙහිලා සේද මාවත අසබඩ පිහිටීම යොදා ගත්තේ කෙසේද?
චීනය, ජපානය, කොරියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය, ලාඕසය, කාම්බෝජය, තායිලන්ත ඇතුළු මුළු මහත් නැගෙනහිර ආසියාවේ සියලුම රටවල නැව් එන්නේ චීන මුහුද ඔස්සේ සිංගප්පූරුවට. සිංගප්පූරුව ඔස්සේ තමයි ඔවුන් ලෝකයේ අනිත් පැත්තට යන්න ඕන. අද සිංගප්පූරුව ලබලා තියෙන ආර්ථික දියුණුවේ මූලික රහස සිංගප්පූරු වරාය. ලෝකයේ නැව් බඩු හුවමාරු කරන වරාය අතරින් වඩාත් කාර්ය බහුල වරාය තමයි සිංගප්පූරු වරාය. ඒ වගේ ම ලෝකයේ වඩාත් කාර්යබහුල වරාය අතරින් තුන්වැන්න තමයි සිංගප්පූරු වරාය. වරායකට නැතිව ම බැරි ගුවන්තොටුපළක් ඔවුන් හැදුවා. ඒ සමග ගොඩනැඟූ සිංගප්පූරු ගුවන් සේවාව අද ලෝකයේ දැවැන්ත ගුවන් සේවාවක් බවට පත්වෙලා. අපේ ඒක පුද්ගල ආදායම යන්තම් ඇ. ඩො. 3835ක් වෙද්දි සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම ඇ. ඩො. 52 960ක්. ඒ තරම් දුරක් යන්න සිංගප්පුරුව යොදා ගත්තේ තමන්ගේ රටේ පිහිටීමයි.
චීනය තායිලන්තය ඔස්සේ ක්‍රා ඇළ කැපීමට සුදානම්. ඒ නිසා අනාගතයේ ඇති වන කුමක්ද?
ඔව්, ලෝකයේ මේ විදිහට නාවික ගමනාගමනයට තැනූ ඇළවල් තියෙන්නේ දෙකයි. ඒ මධ්‍යධරණි සහ රතු මුහුද යා කරන 193 Km දිග සූවස් ඇල සහ අත්ලාන්තික් සහ පැසිෆික් සාගර යා කරන 77 Km දිග පැනමා ඇළයි. චීනය දකුණු තායිලන්තය ඔස්සේ 102 Km දිග ක්‍රා ඇළ හදන්න සුදානම් වෙනවා. එහි පළල මීටර් 400යි. ගැඹුරු මීටර් 25යි. මේ සමග සේද මාවත 1200න් පමණ කෙටි වෙනවා. මෙතෙක් කල් සේද මාවතේ ප්‍රධාන නැවතුම්පොළ වන සිංගප්පූරු වරායට නව සේද මාවත තැනීම සමග ඒ ස්ථානය අහිමි වෙනවා. ක්‍රා ඇළ පිළිබඳ යෝජනාව 1930 දක්වා අතීතයට යනවා. 2005 චීනය එය නැවත තැනීමට යෝජනා කළත් සිංගප්පූරු ඉල්ලීම මත එය නතර වුණා. නමුත් නැවත සිංගප්පූරුව බටහිර සහ ඇමරිකානු හිතවාදී පිළිවෙතකට යාම සමග චීනය ක්‍රා ඇළ කපන්න සුදානම් වෙනවා.
මේ තත්ත්වය අපට බලපාන්නේ කොහොමද?
ක්‍රා ඇළ හැදුණොත් මෙතෙක් සේද මාවතේ සිංගප්පූරු වරායට හිමි තැන සේද මාවතට සැතපුම් කිහිපයක් මෑතින් පිහිට හම්බන්තොට වරායට ලැබෙනවා. එහෙම වුණොත් දැනට හම්බන්තොට වරායේ සිදුවන මෙහෙයුම් කටයුතු විශාල වශයෙන් ඉහළ ගොස් හම්බන්තොට ලොව කාර්යබහුතම වරායවල් අතරින් එකක් බවට පත්වෙනවා. දිනකට සේද මාවත ඔස්සේ නැව් 200ක් 250ක් හම්බන්තොට වරාය අසලින් ගමන් කරනවා. මේ නැව්වලින් අඩක් හම්බන්තොට නතර කරගත්තත් එම ආදායමින් තවමත් ඇ. ඩො. 4000ක් නොවුණු අපේ ඒක පුද්ගල ආදායම වසර කිහිපයක් තුළ ඇ. ඩො. 15 000 සීමාවට ඉතා ම පහසුවෙන් අරන් යන්න පුළුවන්. ඒ සඳහා හම්බන්තොට වරාය වගේ ම මත්තල ගුවන්තොටුපල අප සතුව තියෙන්නම ඕන. කවර හේතුවක් නිසා හෝ හම්බන්තොට වරාය වෙන කිසිවකුට ලබා දීම සියතින් අපේ ගෙල සිඳ ගැනීමක්. අනාගත ලංකාවේ ආර්ථික ආර්ථික හදවත තමයි හම්බන්තොට වරාය.
එහෙත් හම්බන්තොට වරාය පාඩු ලබන බවත් විශාල ණය මුදලක් ගෙවීමට ඇති බවත් කියනවා නේද?
හම්බන්තොට වරාය පාඩු ලබන කතාව මේ මහා සම්පත විකුණා දැමීමේ ද්‍රෝහී ක්‍රියාව සාධාරණීකරණය සඳහා කියන පට්ටපල් බොරුවක්. 2011 වසරේ රු. මි. 11ක ආදායමක් ලබපු හම්බන්තොට වරායේ ආදායම 2012 රු. මි. 135ක්, 2013 රු.මි. 565ක්, 2014 රු.මි. 1277ක් සහ 2015 රු.මි. 2145ක් විදිහට ඉහළ ගියා. ඒ වගේ ම 2016 වසරේ වරාය අධිකාරිය රු.බි. 44ක ආදායමක් ලැබුවා. එහිදී වරාය අධිකාරිය රු.මි. 16 700ක් ණය පොලී ගෙව්වා. ඊට 2016 වසර සඳහා රු.මි.7100ක් වූ හම්බන්තොට ණය පොලී වාරිකයත් ඇතුළත්.
සියලු වියදම් සහ ණය පොලී ගෙව්වාට පස්සේ 2016 වසරේ වරාය අධිකාරියේ ශුද්ධ ලාභය රු.බි. 11යි. රු.මි. 11 000ක්. 2015 වසරට සාපේක්ෂව රු.බි. 5කින් ලාභ ඉහළ ගියා. මේ විදිහට රටට මුදල් හම්බ කරලා දෙන වරාය තමයි රු.බි. 165කට විකුණා දමන්න හදන්නේ. එම සම්පූර්ණ මුදලම ණය ගෙවන්න වෙන් කළත් සමස්ථ රාජ්‍ය ණයවලින් ගෙවන්න පුළුවන් 1.7%ක් විතරයි. වසර 15ක් පුරා සහන පොලී මත ගෙවන්න ගත් මේ ණය පොලී හම්බන්තොට වරායේ ආදායමින් ගෙවන්න පුළුවන්. එහෙම නොකර වරාය විකුණ ගෙන කෑම රත්තරන් බිජු දමන කිකිළිය මරාගෙන කෑමක්.
හම්බන්තොට වරාය චීනයට 99 අවුරුද්දකට බදු දෙනවා මිස විකිණීමක් සිදු වන්නේ නෑ නේද?
මේ රටේ පාලකයන්ට ලෝක දේශපාලන හැසිරීම පිළිබඳ කිසිම අවබෝධයක් නෑ. ලෝකයේ බලවත් රටක්වත් චීනයට දොස් කියන්නේ නෑ. චීනය අපේ රටේ සංවර්ධනයට විශාල දායකත්වයක් ලබා දුන්නා. ඔවුන් කවදාවත් ණය කොන්දේසි දාලා අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට අතපෙව්වේ නෑ. ඒත් මේ ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් චීනයට එරෙහිව දෝෂාරෝපණය කරනවා. ඒක අපි අපේ පපුවටම පිහියෙන් ඇන ගැනීමක්. එවැනි අමනෝඥ කටයුතු සමග අපට හිටපු හොඳ මිතුරා අපට අහිමි වුණා.
සුද්දෝ කවදාවත් කාටවත් උදව් කරලා නෑ. 1505 සිට ඔවුන් අපට හතුරුකම් කරනවා. මොවුන්ගේ පිහිටට දැන් බටහිරත් නෑ. චීනයත් නෑ. ඒ නිසා රටට ඉදිරියට යන්න බෑ. ඉතින් රටේ අනාගත පරපුරට හිමි කර දිය යුතු සම්පත් විකුණාගෙන කන තැනට මේ ආණ්ඩුව වැටිලා. අවුරුදු 99ක් කියන්නේ විශාල කාලයක්. ලංකාවේ මිනිහෙකුගේ පරම ආයුෂත් අවුරුදු 75යි. අද මේ වරාය කාට හෝ දුන්නොත් අද උපදින දරුවා පරම ආයුෂ විඳලා මැරෙන කොටත් වරාය අපට අයිති නෑ. ඒ නිසා ඒක කරන්න එපා කියලා අපි පාලකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් වසර කිහිපයක් සඳහා මේ රටේ භාරකරුවන් මිස අයිතිකරුවන් නෙමෙයි. රටේ සම්පත් මේ විදිහට විකුණලා දානවා කියලා ඔවුන් බලයට එනකොට ජනතාවට කීවෙත් නෑ.
සාකච්ඡා කළේ: නාමල් උඩලමත්ත
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .