2/01/2019

නව ව්‍යවස්ථාව ඒකීය රාජ්‍යය සහ බුදු දහම

කතෘ:යුතුකම     2/01/2019   No comments
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2018 ජනවාරි 11 දින ව්‍යවස්ථා කෙටුම්පතක් පාරලිමේන්තුවට ඉදිරිපත් කලේය. එකී කෙටුම්පත හරහා ශ්‍රී ලංකාව පෙඩරල් රාජ්‍යයක් කිරීමටත් බුදු දහමට පිරිනමා ඇති ප්‍රමුඛස්ථානය විනාශ කිරීමටත් සූක්ෂමව කුමන්ත්‍රණය කර ඇත. නමුත් අගමැති ප්‍රමුඛ එජාපය අඛණ්ඩව පවසන්නේ ඒකීය රාජ්‍යය මෙන්ම බුදු දහමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය සුරැකීමට කටයුතු කර ඇති බවය. ඔවුන් පවසන්නේ සත්‍යයක් දැයි විමසීමට ඉදිරිපත් කළ කෙටුම්පත ගැඹුරින් විමසා බලමු.
ඉදිරිපත් කර ඇති කෙටුම්පත පරිච්ඡේද 40කට ගොනු කළ වගන්ති 399කින් සමන්විතය. එහි පළමු වගන්තිය වෙන් කර ඇත්තේ ඒකීය රාජ්‍යය විස්තර කිරීමටය. එම වගන්තිය මෙසේය. “ශ්‍රී ලංකාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිශ්චිතව දක්වා ඇති බලතල ක්‍රියාත්මක කරනු ලබන්නා වූ මධ්‍යම ආයතන සහ පළාත් ආයතන සංයුක්ත වන්නා වූ ඒකීය රාජ්‍යයක් / ඔරුමිත්තනාඩු වන්නා වූ නිදහස් ස්වෛරි ස්වාධීන ජනරජයක් වේ. මේ ව්‍යවස්ථාවේ ඒකීය රාජ්‍යයක් / ඔරුමිත්තනාඩු යන්නෙන් නොබෙදුනු සහ බෙදිය නොහැකි මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පරිච්චින්න කිරීමේ හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ප්‍රතියෝජනය කිරීමේ බලය මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සලස්වා ඇති ආකාරයට ව්‍යවස්ථාදායකය සහ ශ්‍රී ලංකාවේ ජනතාව වෙත පැවරී ඇත්තා වූ රාජ්‍යයක් අදහස් වේ”.
මෙම දිගු මෙන්ම වැල්වටාරම් සහිත වගන්තිය සංසන්දනය කළ යුත්තේ වත්මන් ව්‍යවස්ථාවේ දෙවන වගන්තිය සමගය. එය ඉතාම කෙටි සරල වගන්තියකි. එහි ඇත්තේ “ශ්‍රී ලංකා ජනරජය ඒකීය රජයකි” යනුවෙන් පමණි.

ඉහත නිරවචනයට අනුව ඒකීය රාජ්‍යයක ලක්ෂණ දෙකකි. පළමු ලක්ෂණය වන්නේ එය බෙදිය නොහැකි රාජ්‍යයකි. දෙවන ලක්ෂණය වන්නේ ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාදායකය සහ ජනතාවට පවරා තිබීමයි. අපි මුලින්ම පළමු ලක්ෂණය දෙස බලමු. ඒකීය රාජ්‍යයක් යනු බෙදිය නොහැකි රාජ්‍යයක් නම් පෙඩරල් රාජ්‍යයක් යනු බෙදිය හැකි රාජ්‍යයක් විය යුතුය. ලොව ප්‍රකට පෙඩරල් රාජ්‍ය වන ඉන්දියාව, බ්‍රසීලය සහ ස්පාඤ්ඤයේ ව්‍යවස්ථා වල එම රාජ්‍යයන් බෙදිය නොහැකි රාජ්‍යයන් ලෙස හඳුන්වා ඇත. එසේ නම් බෙදිය නොහැකි බව ඒකීය රාජ්‍යයක ලක්ෂණයක් වන්නේ කෙසේද?

ඒකීය රාජ්‍යයක් වීමට සම්පූරණ කළ යුතු දෙවන ලක්ෂණය ලෙස දක්වා ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ බලය ව්‍යවස්ථාදායකය සහ ජනතාව වෙත පැවරීමයි. ස්විට්ර්සලන්තය සහ ස්පාඤ්ඤය යන පෙඩරල් රටවල ද ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ බලය පවරා ඇත්තේ ජනතාවට සහ ව්‍යවස්ථාදායකයටයි. පෙඩරල් හෝ ඒකීය භේදයකින් තොරව සාතිශය බහුතරයක් රටවල් ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ බලය පවරා ඇත්තේ ව්‍යවස්ථාදායකයටයි. එබැවින් ජනතාවට සහ ව්‍යවස්ථාදායකයට ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ බලය පවරා තිබීම ඒකීය රාජ්‍යයක ලක්ෂණයක් ලෙස හුවා දැක්විය නොහැක.
ඉහත විස්තරයෙන් පෙනෙන්නේ ඒකීය රාජ්‍යය අරුත් ගැන්වීමට හුවා දැක්වූ ලක්ෂණ දෙකම පෙඩරල් රාජ්‍යයක ද දැකිය හැකි ලක්ෂණ බවයි. එබැවින් එම ලක්ෂණ අනුව යම් රාජ්‍යයක් ඒකීය ද පෙඩරල් ද යනුවෙන් ර්වගීකරණය කළ නොහැකි බව පැහැදිලිය. එසේනම් ඒකීය රාජ්‍යයක සැබෑ නිරවචනය කුමක්ද?
සමස්ත ලෝකයම පිලිගත් නිරවචනයක් ඉදිරිපත් කර ඇත්තේ මහචාරය ශ්‍රීමත් කෙනත් වියරේය. 1987 දී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ නිරණයේ දී මෙම නිරවචනය ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද භාවිතා කර තිබේ. එතුමාට අනුව රටේ සෑම ප්‍රදේශයකටම සෑම විෂයක් සම්බන්ධයෙන්ම නීති පැනවීමේ බලය එක් ආණ්ඩුවකට තිබේ නම් එය ඒකීය රාජ්‍යයකි. එමෙන්ම එක් එක් විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නීති පැනවීමේ බලය වෙන් කර දී ඇති ආණ්ඩු එකකට වඩා යම් රාජ්‍යයක ඇත්නම් එය පෙඩරල් රාජ්‍යයකි.

වියරෙගේ නිරවචනය අනුව ශ්‍රී ලංකාවේ දැන් පවතින්නේ ඒකීය රාජ්‍යයකි. මක් නිසා ද යත් සෑම විෂයක් සම්බන්ධයෙන්ම නීති සම්පාදනයට පාරලිමේන්තුවට බලය ඇති බැවිනි. පාරලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලයෙන් සම්මත කරන්නේ නම් පලාත් සභා ලැයිස්තුවේ ඇති විෂයන් සම්බන්ධයෙන් නීති සම්පාදනයට පමණක් නොව පළාත් සභා අහෝසි කිරීමට ද පාරලිමේන්තුවට බලය ඇත. නමුත් නව ව්‍යවස්ථාව සම්මත වුණොත් ශ්‍රී ලංකාව පෙඩරල් රාජ්‍යයක් වනු ඇත. ඒ සංවෘත ලැයිස්තුවේ ඇති විෂයන් සම්බන්ධයෙන් නීති පැනවීමේ බලය පාරලිමේන්තුවටත් පලාත් සභා ලැයිස්තුවේ ඇති විෂයන් සම්බන්ධයෙන් නීති පැනවීමේ බලය පලාත් සභාවන්ටත් වෙන් කර දී ඇති බැවිනි.

එසේ නම් ආණ්ඩුව ඒකීය රාජ්‍යය යන ලේබලය අලවා ඉදිරිපත් කර ඇත්තේ පෙඩරල් ව්‍යවස්ථාවකි. එය වස කුප්පියක “අමෘතය” යන ලේබලය ඇලවීමට සමානය. නමුත් “යහපාලනය” නමින් “යමපාලනයක්” ගෙනා වත්මන් ආණ්ඩුවට එය නුහුරු අත්දැකීමක් නොවේ.
බුදු දහම සම්බන්ධයෙන් ද ආණ්ඩුව කර ඇත්තේ ඒකීය රාජ්‍යය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රෝඩාවමය. වත්මන් ව්‍යවස්ථාවේ නවවන වගන්තිය මෙසේය. “ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වැනි ව්‍යවස්ථාවේ (1) අනුව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියළුම ආගම් වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය”.
මේ පිළිබඳ යෝජිත ව්‍යවස්ථාවේ දක්වා ඇත්තේ අටවන වගන්තියේය. එහි වත්මන් නවවන වගන්තියට විකල්ප දෙකක් ඉදිරිපත් කර ඇත. පළමු විකල්පය මෙසේය. “ශ්‍රී ලංකාව විසින් බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබා දිය යුතු අතර ඒ අනුව 10 වන ව්‍යවස්ථාව සහ 14(1)(ඉ) ව්‍යවස්ථාව මගින් සහතික කරන ලද පරිදි සියලු ආගම්වල අයිතිවාසිකම් සහතික කරමින් බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේ වගකීම විය යුතුය”.

මෙහි ශ්‍රී ලංකා ජනරජය වෙනුවට ශ්‍රී ලංකාව යොදා ඇත. ඇත්තෙන්ම ශ්‍රී ලංකාව යනු භූමියකි. එහි තිබෙන ගස්වැල් ගොඩනැගිලි වලට හෝ එහි වසන මිනිසුන් සහ සතුන්ට බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දිය නොහැක. එය කළ හැක්කේ ජනරජයට පමණි. එබැවින් ජනරජය යන පදය ඉවත් කිරීමෙන් ප්‍රමුඛස්ථානය ර්අථ විරහිත කර ඇත.
යෝජනා කර ඇති දෙවන විකල්පය මෙසේය. “ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛත්වය පිරිනමනු ලබන අතර ඒ අනුව වෙනත් සියළුම ආගම් සහ විශ්වාස සඳහා වෙනස්කමකට භාජනය කිරීමෙන් තොරව ගෞරවයෙන් සහ අභිමානයෙන් යුතුව සලකමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති සියළු තැනැත්තන්ගේ මූලික අයිතිවාසිකම් සහතික කරමින් බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය”.

එහි පළමුව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමයි. දෙවනුව සියළුම ආගම් වෙනස්කමකට භාජනය නොකළ යුතු බව පවසයි. කිසිම ආගමකට වෙනස්කමක් නොකිරීමට නම් බුද්ධාගමට පිරිනැමූ ප්‍රමුඛස්ථානය අනෙකුත් සියළුම ආගම් සහ විශ්වාස වලට ද පිරිනැමිය යුතුය. එවිට සියළුම ආගම් පමණක් නොව අනෙකුත් ඇදහිලි ද එක සමාන වේ. එවිට බුද්ධාගමට පිරිනැමූ ප්‍රමුඛස්ථානය අහිමි වේ. වෙනත් වචන වලින් පැවසුවොත් මෙහි බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමා නැවත ඉවත් කර ගෙන ඇත.
වත්මන් ව්‍යවස්ථාව සමග සැසඳීමේ දී යෝජිත විකල්ප වලට සාපේක්ෂව වත්මන් ව්‍යවස්ථාවේ පවතින වගන්තිය සරල සහ කෙටිය. යෝජිත විකල්ප දිගු කිරීම හරහා වෙර දරා ඇත්තේ බුද්ධාගමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය අහිමි කිරීම වචන අතරේ සැඟවීමටයි.
ආණ්ඩුවේ නායකයින් නිරතුරුව පවසන දෙයක් ඇත. ඒ ඒකීය රාජ්‍යය හෝ බුදු දහමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය අහිමි කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන බවයි. ඒකීය රාජ්‍යය වෙනුවෙන් පෙනී සිටින කිසිම ජාතිකවාදි විද්වතෙකු පවතින වගන්තිය ප්‍රමාණවත් නැතැයි පවසා නැත. එමෙන්ම කිසිම බෞද්ධ නායකයෙකු බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීමේ වගන්තිය ප්‍රමාණවත් නැතැයි පවසා නැත. ආණ්ඩුවටත් අවශ්‍ය වන්නේ ඒකීය රාජ්‍යය සහ බුදු දහමේ ප්‍රමුඛස්ථානය රැක ගැනීමට නම් පද පෙරලි කරමින් එම වගන්ති වෙනස් කරන්නේ ඇයි? ආණ්ඩුව අවංකව මේ කරුණු දෙක වෙනුවෙන් පෙනී සිටිත් නම්, ආණ්ඩුවේ නායකයින් කළ යුත්තේ එම වගන්ති කිසිම අයුරකින් වෙනස් නොකරන බවට ජාතියට ප්‍රතිඥාවක් ලබා දීමයි. හැකි නම් එම ප්‍රතිඥාව ලබා දෙන ලෙස අපි ආණ්ඩුවට අභියෝග කරමු.

උදය ප්‍රභාත් ගම්මන්පිල 2019.01.24

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

8/25/2017

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සහ ඒකාබද්ධ විපක්ෂය - 2

කතෘ:යුතුකම     8/25/2017   No comments
-උදය ප්‍රභාත් ගම්මන්පිල -

ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ රැඳි සිටීමට හේතු දක්වමින් මා ලියූ පළමු ලිපිය 2017 ජූලි 28 දින ප්‍රදීපයේ පළ විය. ඉන් පසු මතු වූ දේශපාලන කුණාටු විසින් මා කාර්ය බහුල කළ බැවින් එකී ලිපියේ දෙවන කොටසට අද ප්‍රදීපය වෙන් කරමු.

ඒකාබද්ධ විපක්ෂය නව ව්‍යවස්ථාවට විරුද්ධ නමුත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට සහභාගි වීමේ යටි අරමුණු දෙකක් මුල් ලිපියෙන් පැහැදිලි කරන ලදී. පළමු අරමුණ වූයේ නව ව්‍යවස්ථාවක් එළි දැකීම හැකි පමණ කල් දැමීමයි. ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය ගත් උපාය මාර්ග සාර්ථක වී ඇති බව නිදසුන් සහිතව පෙන්වා දුන්නෙමු. එදිනම සම්මත කර ගැනීමේ අරමුණෙන් 2016 ජනවාරි 9 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කිරීමේ යෝජනාව සම්මත කර ගැනීමට හැකි වූයේ ඊට මාස දෙකකට පසුවය. ඊට බලපෑවේ එකී යෝජනාවට ඒකාබද්ධ විපක්ෂය ගෙනා සංශෝධන සඳහා ශ්‍රිලනිප සහය ලැබීමයි.

මේ වන විට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පිහිටුවා මාස 19ක් පසු වී ඇත. තවමත් සිය පළමු කෙටුම්පත සකසා ගැනීමට ආණ්ඩුවට නොහැකි වී ඇත. මේ අතරේ ආණ්ඩුවේ ජනප්‍රියතාව රට පුරා සීඝ්‍රයෙන් පිරිහී ඇත. 2015 අගෝස්තු මාසයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ දී නව ව්‍යවස්ථාවට එකඟ පක්ෂ ලක්ෂ 62ක් ඡන්ද ලබා ගන්නා විට විරුද්ධ පක්ෂ ලැබුවේ ලක්ෂ 47ක් පමණි. එවැනි පසුබිමක පසුගිය වසරේ නව ව්‍යවස්ථාව ජනමත විමසුමකට යොමු කලේ නම් එය ජයග්‍රහණය කිරීමේ අවදානමක් ද තිබිණි. මේ වන විට ආණ්ඩුව බරපතල ලෙස පිරිහී ඇතත් එය කොපමණ ද යන්න කාටවත් කිව නොහැක. එබැවින් නව ව්‍යවස්ථාව ජනමත විමසුමකට යොමු කිරීම හැකි පමණ කල් යෑමේ වාසිය ඇත්තේ පෙඩරල් විරෝධින් වන අපටයි.

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ රැඳී සිටීමට දෙවන හේතුව ලෙස දැක්වූයේ කමිටුවේ තොරතුරු ප්‍රසිද්ධ කිරීමෙන් නව ව්‍යවස්ථාවට එරෙහිව ජනමතය සැකසීමයි. පෙඩරල් ව්‍යවස්ථාවට අවශ්‍ය සැකිල්ල සැකසූ අනු කමිටු වාර්තා හය ද ඒකීය රාජ්‍යයට සහ බුදු දහමේ ප්‍රමුඛස්ථානයට විකල්ප ඉදිරිපත් කළ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව ද ප්‍රසිද්ධ කලේ ඒකාබද්ධ විපක්ෂය විසිනි. නව ව්‍යවස්ථාව පිළිබඳ දේශන පවත්වන ලිපි ලියන කවුරුත් ඒ සඳහා පාදක කර ගන්නේ මෙම ලියැවිලිය. එමෙන්ම ආණ්ඩුවේ නායකයින් විසින් නව ව්‍යවස්ථාව පිළිබඳ සඟ රුවනට ලබා දෙන ප්‍රතිඥා අසත්‍ය බව දැක්වීමට අදටත් කාටත් ඇත්තේ මෙම වාර්තාවන් පමණි. ඒකාබද්ධ විපක්ෂය මෙහෙයුම් කමිටුවේ නොසිටියේ නම් නව ව්‍යවස්ථාව පිළිබඳ කිසිම තොරතුරක් නොමැතිව ව්‍යවස්ථා විරෝධි සංවාදය පවතින්නේ ඝණ අඳුරේය.

දේශපාලන භේදයකින් තොරව ව්‍යවස්ථා විශේෂඥයෙකු ලෙස සමාජයේ පිලිගැනීමක් ඇති ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා විසින් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව නොයන මෙන් ඒකාබද්ධ විපක්ෂයට උපදෙස් දෙන්නේ සිය අතීත අත්දැකීම් තුලිනි. 2000 පෙඩරල් ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනය කරනු ලැබුවේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් හරහා නොවේ. එය සිදු වුණේ හොර රහසේය. එය ගැසට් මගින් ප්‍රසිද්ධ කිරීමක් ද සිදු නොවිණි. ඒ වෙනුවට කලේ හදිසි පනත් සම්මත කිරීමට තිබුණු ප්‍රතිපාදන යොදා ගෙන අධිකරණයේ මතය විමසීමට එකී කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීමයි.

පෙඩරල් ව්‍යවස්ථාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගිය නීතිවේදින්ට සිදු වුණේ අඳුරේ අත පත ගෑමට පමණි. මක් නිසා ද යත් එහි පිටපතක් කිසිවෙකු අත නොතිබුණි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු හදිසි පනත් ඉදිරිපත් කිරීමේ විධිවිධානය ව්‍යවස්ථාවෙන් ඉවත් කෙරිණි. නමුත් නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමේ දී එහි අන්තර්ගතය ජාතිකවාදින් අතට පත් වීම වැළැක්වීමට අතීත උපක්‍රම යලි යොදා ගැනීමේ අවදානම පහ වී නැත.

නව ව්‍යවස්ථාවක් නම් අනිවාර්රයෙන්ම ජනමත විමසුමකට යොමු කළ යුතුය. නමුත් ව්‍යවස්ථා සංශෝධනයක දී එය අත්‍යාවශ්‍ය නොවේ. ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනමත විමසුමක් ඇවැසි වගන්ති වලට බලපෑමක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය පිලි ගත්තොත් එය ජනමත විමසුමකට යොමු නොකෙරේ. එබැවින් නව ව්‍යවස්ථාව පිළිබඳ ආණ්ඩුවේ සිහිනය බොඳ වීමෙන් පසු ඔවුන්ගේ ඉලක්කය වන්නේ ව්‍යවස්ථා සංශෝධනයකි.

13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒකීය රාජ්‍යයට හානි වන බැවින් එය ජනමත විචාරණයකට යොමු කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හතරදෙනෙකුගේ මතය විය. තවත් හතරදෙනෙකුගේ මතය වුණේ එයින් ඒකීයභාවයට හානියක් නොවන බවයි. එම විනිසුරු මඩුල්ලේ සිටියේ නවදෙනෙකු පමණි. නවවැනි විනිසුරු එකී සංශෝධනයෙන් ඒකීයභාවයට හානියක් නොවන බවට තීන්දු කළ බැවින් ජනමත විමසුමකට යොමු වීම වැළකිණි.

අනාගතයේ දී බලය බෙදීම සිදු වන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් නම් අනිවාර්රයෙන්ම එයින් ඒකීයභාවයට හානි සිදු වනු ඇත. “ඒකීය“ ලේබලය ව්‍යවස්ථාවේ ඉතිරි කර හරයෙන් පමණක් පෙඩරල් ව්‍යවස්ථාවක් කිරීම බෙදුම්වාදින්ගේ උපාය මාර්ගය බව ප්‍රකාශිතය. එබැවින් එම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒකීය රාජ්‍යයට හානි සිදු වන බවට උසාවියට කරුණු දැක්වීම අතිශයින් දුෂ්කර කටයුත්තක් වනු ඇත. ඒ සඳහා ගැඹුරු අධ්‍යනයක් ද අවශ්‍ය වනු ඇත. එවැනි ගැඹුරු අධ්‍යනයකට ගැසට් මගින් ප්‍රසිද්ධ කිරීමේ සිට අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීම දක්වා වූ සති දෙකක පමණ කාලය කෙසේ වත් ප්‍රමාණවත් නොවේ. ඒකාබද්ධ විපක්ෂයට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුල රැඳී සිටින මෙන් ව්‍යවස්ථා විශාරදයින් උපදෙස් ලබා දෙන්නේ එබැවිනි. එවිට ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සමීපව හැදෑරීමට අවස්ථාව හිමි වනු ඇත.

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ රැඳී සිටීමේ තෙවන අරමුණ වන්නේ නව ව්‍යවස්ථාව සම්මත කිරීමට අත්‍යාවශ්‍ය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර බලය අහිමි කිරීමයි. නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවේ සම්මත වීමට නම් ඒ සඳහා අවම වශයෙන් මන්ත්‍රිවරුන් 150ක සහයෝගය අවශ්‍ය වේ. එජාප 106ක් ද මුස්ලිම් කොංග්‍රසය 1ක් ද දෙමළ සංධානය 16ක් ද ජවිපෙ 6ක් ද වශයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු සිටිති. ඒ අනුව ආණ්ඩුවට සහය දක්වන ශ්‍රිලනිප මන්ත්‍රිවරු නොමැතිව දැනට නව ව්‍යවස්ථාවට පක්ෂව සිටින්නේ මන්ත්‍රිවරු 129ක් පමණි. එබැවින් නව ව්‍යවස්ථාව සම්මත වීමට නම් තවත් මන්ත්‍රිවරුන් 21ක සහය අත්‍යාවශ්‍යය.
ආණ්ඩුවේ සිටින ශ්‍රිලනිප මන්ත්‍රිවරු ගණන 43කි. ශ්‍රිලනිපය නව ව්‍යවස්ථාවට සහය නොදක්වන තැනකට ගෙන යෑම කළ හැකි ප්‍රශස්තම ක්‍රියාවයි. එසේ නොවේ නම් අවම වශයෙන් මන්ත්‍රිවරු 22ක් නව ව්‍යවස්ථාවට එරෙහි වුවහොත් එය සම්මත වීමට අවශ්‍ය වන තුනෙන් දෙකේ විශේෂ බහුතරය අහිමි වනු ඇත.

මෙහෙයුම් කමිටුව තුල දී ශ්‍රිලනිපය සහ ඒකාබද්ධ විපක්ෂය පොදු මතයකට පැමිණෙන අවස්ථා ඇති බව එම කමිටුව තුල ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන නියෝජිතයෝ පවසති. එසේ පොදු මතයකට පැමිණීමට හැකි වී තිබෙන්නේ මෙහෙයුම් කමිටුව තුල දී එජාපයේ මතයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් කරුණු දැක්වෙන බැවිනි. ඇත්තෙන්ම නව ව්‍යවස්ථා සම්පාදනය හිර වී ඇත්තේ ඒ සඳහා අත්‍යාවශ්‍ය විශේෂ බහුතරය අහිමි වීමෙනි. මීට බල පා ඇත්තේ ශ්‍රිලනිපය සහ එජාපය අතර මතු වී ඇති පරස්පරයයි. එකී පරස්පරය මතු කිරීමට තීරණාත්මක කාර්යභාරය ඉටු කලේ ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයින්ය. එහි දී සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා සිදු කරන කාර්යභාරය විශේෂයෙන්ම පැසසිය යුතුය.

මෑතක දී මෙහෙයුම් කමිටුවට අපූරු යෝජනාවක් ඉදිරිපත් විය. ඒ සිංහල පිටපතේ “ඒකීය“ යන වචනය තිබිය දී ඉංග්‍රිසි පිටපතේ එහි ඉංග්‍රිසි පදය වන “යුනිටරි“ ඉවත් කිරීමටයි. ඒකීය පදයට අධිකරණ විවරණ නොමැති බැවින් වඩාත් වැදගත් වන්නේ ඉංග්‍රිසි වචනය බව පෙන්වා දී එය තබා ගැනීමට සටන් කලේ ප්‍රේමජයන්ත ඇමතිතුමන්ය. ශ්‍රිලනිප සමහර ඇමතිවරු වචන වැදගත් නැතැයි පවසන විට ප්‍රේමජයන්ත ඇමතිතුමාගේ සටන ජය ගත්තේ ඒකාබද්ධ විපක්ෂයේ සහය හිමි වුණු බැවිනි.

සංක්ෂිප්තව පැවසුවොත් ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුල රැඳී සිටින්නේ නව ව්‍යවස්ථාව සැකසීමට දායක වීමට නොව එම ක්‍රියාවලිය අවුල් කිරීමටය. හැකි පමණ කල් මැරීම, අභ්‍යන්තර තොරතුරු ජනගත කර නව ව්‍යවස්ථාවට එරෙහි මතයක් රටේ බිහි කිරීම සහ ශ්‍රිලනිපය නව ව්‍යවස්ථාවට එරෙහි වන ස්ථාවරයකට තල්ලු කිරීම එකී අරමුණුයි. එකී අරමුණු තුනම මේ වන විට යම් දුරකට ඉටු කර ගෙන තිබෙන බව ඉහත නිදසුන් වලින් පැහැදිලි වේ. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය අවසන් වී නොමැති බැවින් තවමත් සටන ජයග්‍රහණයෙන් කෙළවර වී නොමැත.

ඒකාබද්ධ විපක්ෂයේ උපාය මාර්ග මෙසේ ප්‍රසිද්ධියේ සාකච්ඡා කළ යුතු නැත. නමුත් ඊට එල්ල වුණු කර්කශ විවේචන හේතුවෙන් තම උපාය මාර්ග ප්‍රසිද්ධ කිරීමට අපට සිදු විය. ඇත්තෙන්ම අපේ උපාය මාර්ග මේ වන විට එජාපයට ද වැටහී ඇති බව පැහැදිලිය. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තුල දිනේෂ් ගුණවර්ධන සහ ප්‍රසන්න රණතුංග මන්ත්‍රිවරු සිටින බව අගමැති සහ සභානායක නිරතුරුව සිහිපත් කරමින් ඔවුන්ට සරදම් කිරීමට වෙර දරති. ඒ ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තුල රැඳී සිටීම ආණ්ඩුවට කරදරයක් වී ඇති බැවිනි. අප එහි රැඳී සිටීම ආණ්ඩුවට ආශිර්වාදයක් නම් මෙසේ සරදම් කර එයින් අපව ඉවත් කර ගැනීමට ඔවුන් වෙර නොදරනු ඇත.

ආණ්ඩුවට අද අවශ්‍ය වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය මෙහෙයුම් මණ්ඩලයෙන් ඉවත් කර ගැනීමටයි. සමහර ව්‍යවස්ථා විරෝධින්ට ද එයම අවශ්‍ය වීම කණගාටුවට කරුණකි.
උදය ප්‍රභාත් ගම්මන්පිල 2017.08.17

------------------

කතෘ සටහන >>

මේ හා සබැඳි පළමු ලිපිය
ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සහ ඒකාබද්ධ විපක්ෂය - 1

මේ හා සම්බන්ධ ජාතික ඒකාබද්ධතා කමිටුව පැවැත්වූ මාධ්‍ය හමුවේදී ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා දැක්වූ අදහස් වලින් යුතු යුතුකම වෙබ් අවකාශයේ මීට පෙර පළවූ ලිපිය පහත සබැඳියෙන්..

ඒකාබද්ධ විපක්ශය ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් ඉවත් විය යුතු නෑ.- ජාතික ඒකාබද්ධ කමිටුවේ අවධාරණය
යුතුකම සංවාද කවය
www.yuthukama.com

Like us on facebook : https://www.facebook.com/yuthukama

8/10/2017

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සහ ඒකාබද්ධ විපක්ෂය - 1

කතෘ:යුතුකම     8/10/2017   No comments
ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සහ ඒකාබද්ධ විපක්ෂය - 1
-
උදය ප්‍රභාත් ගම්මන්පිල
ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ රැඳී සිටීම පිළිබඳ මාස කිහිපයක සිට විවිධ පාර්ශවයන්ගෙන් කර්කශ විවේචන එල්ල වේ. ඊට හේතු වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය එම මණ්ඩලය තුල රැඳි සිටින්නේ ඇයිදැයි පැහැදිලි නොකිරීමයි.

ත්‍රෛනිකායික මහ නායක හිමිවරු මේ අවස්ථාවේ නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැයි අනුශාසනා කර ඇත. සමස්ත ඒකාබද්ධ විපක්ෂය සිටින්නේ ද එම මතයේය. එමෙන්ම සකසන නව ව්‍යවස්ථාව විදේශිකයින්ගේ බලපෑම මත සකසන විනාශකාරි ව්‍යවස්ථාවක් බවට ද කවුරුත් එකඟය. එසේ නම් ඒකාබද්ධ විපක්ෂය තුල පරස්පරයක් මතු වී ඇත්තේ කෙසේද? ඇත්තෙන්ම ඒකාබද්ධ විපක්ෂය තුල ඇත්තේ මතවාදිමය වෙනස්කම් නොව උපාය මාර්ග පිළිබඳ වෙනස්කම්ය. නව ව්‍යවස්ථාව පරාජය කිරීම සඳහා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් පිටතට පැමිණිය යුතු බවට එක් පක්ෂයක් විශ්වාස කරන අතර අනෙකුත් පක්ෂ අට විශ්වාස කරන්නේ ඒ සඳහා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුල රැඳී සිටිය යුතු බවයි.

ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඇතුළු වීමේ පළමු අරමුණ වූයේ එම ක්‍රියාවලිය හැකි පමණ කල් දැමීමයි. ඒකාබද්ධ විපක්ෂය මණ්ඩලයෙන් ඉවත් වීමෙන් නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය අඩපණ නොවේ. ඇත්තෙන්ම සිදු වන්නේ එකී මණ්ඩලය තුල තිබෙන එකම බාධකය ද ඉවත් වී ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය වේගවත් වීම පමණි.
ව්‍යවස්ථාව යනු ජනතාවට සමීප කරුණක් නොවේ. එබැවින් ජනතාව ජනමත විචාරණයක දී ව්‍යවස්ථාවට ඡන්දය ලබා දෙන්නේ ව්‍යවස්ථාවේ අන්තර්ගත කරුණු අනුව නොව ආණ්ඩුව පිළිබඳ තිබෙන ප්‍රසාදය අනුවයි. ජනතාව ආණ්ඩුව පිළිබඳ ප්‍රසාදයෙන් සිටිත් නම් ව්‍යවස්ථාවට පක්ෂව ඡන්දය දෙනු ඇත. ජනතාව සිටින්නේ ආණ්ඩුව පිළිබඳ අප්‍රසාදයෙන් නම් එය පළ කිරීම සඳහා ව්‍යවස්ථාවට විරුද්ධ වනු ඇත.
ඉන්ධන මිළ පහත දමා රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළ නංවා සහනාධාර පිළිබඳ දැවැන්ත බලාපොරොත්තු ඇති කළ විට ජනතාවගෙන් බහුතරයකට බෙදුම්වාදය සහ ජාතික ආරක්ෂාව අමතක විය. මාස හතක විනාශකාරි පාලනයකින් පසු 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණය එජාපය ජය ගත්තේ එබැවිනි. එජනිස ලක්ෂ 47ක් ඡන්ද ගන්නා විට එජාපය ලක්ෂ 51ක් ඡන්ද ගත් අතර ද්‍රවිඩ සංධානය සහ ජවිපෙ යන නව ව්‍යවස්ථාවට පක්ෂ බලවේග ලැබූ ඡන්ද ද එකතු කළ විට එය ලක්ෂ 62 දක්වා ඉහළ නගියි. මෙරට ජනතාව පක්ෂ අනුව ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රවණතාවයක් ඇති බැවින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූ අවස්ථාවේ දී ජනමත විචාරණය පැවැත්වූයේ නම් නව ව්‍යවස්ථාවට මහජන අනුමැතිය ඉතාම පහසුවෙන්ම ලැබෙනු ඇත.

සිංහල සමාජය පක්ෂ අනුව බෙදී සිටියත් අන්තවාදින්ගේ ප්‍රචාරණ හේතුවෙන් දෙමළ සහ මුස්ලිම් සමාජයන්හි පෙඩරල් ක්‍රමය ජනප්‍රියය. ව්‍යවස්ථාව පරාජය කිරීම සිංහල ඡන්ද මත පමණක් රැඳෙයි නම් සිංහල ඡන්ද වලින් තුනෙන් දෙකක් ව්‍යවස්ථාවට එරෙහි විය යුතුය. එබැවින් ජනමත විචාරණයක දී නව ව්‍යවස්ථාව පැරදවීම දැවැන්ත අභියෝගයකි. නමුත් වාසනාවට ආණ්ඩුව දිනපතා දැවැන්ත පිරිහීමකට ලක් වෙමින් තිබේ. මේ පසුබිම අපට බල කරන්නේ ව්‍යවස්ථාව පිළිබඳ ජනමත විචාරණය හැකි පමණ කල් දමා ගැනීමටයි.
නව ව්‍යවස්ථාව එළි දැකීම මෙතෙක් කල් ගොස් ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය හේතුවෙනි. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවීමේ යෝජනාව 2016 ජනවාරි 9 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ එදිනම සම්මත කර ගැනීමේ අරමුණෙනි. නමුත් එය සම්මත කර ගැනීමට හැකි වූයේ 2016 මාර්තු 9 දිනයි. යෝජනාව සම්මත වීමට එතරම් කාලයක් ගත වූයේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් විසින් එකී යෝජනාවට ගෙනා සංශෝධනයන්ට ශ්‍රිලනිප ද සහය දැක්වූ හෙයිනි. සාමාජිකයින් විසිදෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ එ්කාබද්ධ විපක්ෂයෙන් සිටින්නේ දෙදනෙකු පමණි. ඒ දිනේෂ් ගුණවර්ධන සහ ප්‍රසන්න රණතුංග යන මන්ත්‍රිවරුන්ය. මෙම දෙදෙනා මෙහෙයුම් කමිටුව තුල නිරන්තරයෙන් කරන අරගල හේතුවෙන් මණ්ඩලය පිහිටුවා මාස 17ක් ගත වී ඇතත් තවමත් ව්‍යවස්ථාවේ කෙටුම්පතක්වත් සකසා නැත (සකසා ඇත්තේ යෝජනාවලියක් පමණි). මෙම දෙදෙනා කමිටුවේ නොසිටියේ නම් මේ වන විට නව ව්‍යවස්ථාව සැකසී අවසන්ය.
මණ්ඩලය තුල රැඳීමට දෙවන හේතුව වන්නේ කමිටුවේ තොරතුරු ප්‍රසිද්ධ කිරීමෙන් නව ව්‍යවස්ථාවට එරෙහිව ජනමතය සැකසීමයි. මණ්ඩලය විසින් පත් කළ අනුකමිටු හය විසින් පෙඩරල් ව්‍යවස්ථාවට අවශ්‍ය සැකිල්ල සකසා තිබිණි. මණ්ඩලය පිහිට වූ යෝජනාව අනුව නම් එකී වාර්තා නොපමාව ප්‍රසිද්ධ කළ යුතුය. නමුත් එය එසේ සිදු නොකරන ලදී. ඒවා ප්‍රසිද්ධ කලේ ඒකාබද්ධ විපක්ෂය විසිනි. එකී කමිටුව වාර්තා වලට සඟ රුවනෙන් නැගුණු විරෝධය හේතුවෙන් 2017 ජනවාරි මස 9, 10 සහ 11 දිනයන් හි පැවැත්වීමට තිබුණු කමිටු වාර්තා විවාදය දින නියමකින් තොරව කල් තැබිණි. අදටත් ඒ විවාදය පවත්වා නැත.
මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවක් ලෙස අපූරු යෝජනාවලියක් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින්ට ලැබිණි. එහි ඒකීය රාජ්‍යය පිළිබඳ කියවෙන දෙවන වගන්තියට විකල්ප 4ක් ද බුදු දහම පිළිබඳ කියැවෙන 9 වන වගන්තියට විකල්ප හතක් ද යෝජනා කර තිබිණි. මේ පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය රට දැනුම්වත් කලේය. එහි ප්‍රතිඵලයක් ලෙස ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් නව ව්‍යවස්ථාවට විරෝධය දැක්වූහ. රට පුරාම නව ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවයක් බිහි විය.

ඒකාබද්ධ විපක්ෂය කමිටුව තුල නොසිටියේ නම් අනු කමිටු වාර්තා හය මෙන්ම අතුරු වාර්තාව ද ප්‍රසිද්ධ නොවනු ඇත. එසේ නම් අදටත් සමස්ත ජාතිය ව්‍යවස්ථාව පිළිබඳ සිටින්නේ අඳුරේය. මෙම ලේඛණ ප්‍රසිද්ධ කළ පසුත් ජනපති සහ අගමැති බුදු දහම සහ ඒකීයභාවය පිළිබඳ වගන්ති වෙනස් නොකරන බවට ජාතියට ප්‍රතිඥා දෙති. එවිට පදනම් විරහිතව ආණ්ඩුවට චෝදනා එල්ල කර රට ගිනි තබන්නේ ඇයිදැයි සමහර නායක ස්වාමින් වහන්සේලා අපෙන් අසති. එවැනි අවස්ථාවන්හි අප පවසන කරුණු ඇත්ත බවට ඔප්පු කළ හැකි වන්නේ මෙම ලේඛණ අප සතු බැවිනි. අපට මණ්ඩලයෙන් ඉවත් වන මෙන් ඉල්ලා සිටින අය ද නව ව්‍යවස්ථාවට එරෙහිව ඉදිරිපත් කරන්නේ අප කමිටුව තුල සිට එළියට ගෙනා කරුණුය.

ආණ්ඩුව තවමත් ව්‍යවස්ථා කෙටුම්පතක් සකසා නැත. මෙම කෙටුම්පත තීරණාත්මකය. ආණ්ඩුව ඉදිරිපත් කරන්නේ නමින් ඒකීය වන නමුත් සැබෑවට පෙඩරල් වන ව්‍යවස්ථාවක් බව ඔවුන්ගේ කියුම් කෙරුම් වලින් පැහැදිලිය. එවිට ලංකාව ඒකීය රාජ්‍යයක් වන්නේය යන දෙවන වගන්තිය ඒ අයුරින්ම නව ව්‍යවස්ථාවේ ද තිබෙනු ඇත. නමුත් අනෙකුත් වගන්ති හරහා පෙඩරල් ලක්ෂණ ව්‍යවස්ථාවට ඇතුළු කරනු ඇත. යම් වගන්තියක වචන යොදා ඇති ආකාරයෙන් ව්‍යවස්ථාව පෙඩරල් වී ඇත්දැයි තේරුම් ගැනීමට දේශපාලකයින්ට හැකියාවක් නැත. එය කළ හැක්කේ ව්‍යවස්ථා විශාරදයින්ටයි.

ඒකාබද්ධ විපක්ෂය මණ්ඩලයෙන් ඉවත් වී සිටියොත් ව්‍යවස්ථා කෙටුම්පත සැකසීමෙන් පසු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය අහෝසි කර ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන අනුව නව ව්‍යවස්ථාව ගෙන ඒමට ආණ්ඩුවට හැකියාව තිබේ. එවිට නව ව්‍යවස්ථාව ගැසට් මගින් ප්‍රසිද්ධ කරන තෙක් එහි අන්තර්ගතය දැන ගැනීමට අපට නොහැකි වනු ඇත. ගැසට් කර සති දෙකකින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිය. නව ව්‍යවස්ථාවක් අනිවාර්රයෙන්ම ජනමත විචාරණයකට යොමු කෙරෙන බැවින් එය අධිකරණය ඉදිරියේ අභියෝග කිරීමට ද නොහැක. එබැවින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සතියක් ඇතුලත එය සම්මත කර ගත හැක. ඒ අනුව ව්‍යවස්ථා විශාරදයින්ට දැවැන්ත ව්‍යවස්ථාව හදාරා එහි පෙඩරල් ලක්ෂණ හඳුනා ගෙන ඒවා පිළිබඳ දේශපාලකයින් දැනුම්වත් කර දේශපාලකයින් විසින් ජනතාව දැනුම්වත් කර ව්‍යවස්ථාවට එරෙහිව ජනතාව පෙල ගැස්වීමට අපට තිබෙන්නේ සති තුනක කාලයක් පමණි. එවැනි දැවැන්ත කාර්රයකට සති තුනක් කෙසේවත් ප්‍රමාණවත් නොවේ. එබැවින් මෙතෙක් කළ අයුරින් මෙහෙයුම් කමිටුවේ සිදු වන දෑ සිදුවන සැනෙන් රටට හෙලි කිරීමට නම් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් මණ්ඩලය තුල සිටිය යුතුය.

තීරු ලිපියේ සීමිත ඉඩ හේතුවෙන් මෙම ලිපියේ ඉතිරි කොටස ලිවීමට සිදු වන්නේ ලබන සතියේය. මෙම ලිපියට පිලිතුරු ලිවීමට යමෙක් අපේක්ෂා කරත් නම් එතෙක් ඉවසීමට කාරුණික වනු ඇතැයි අපේක්ෂා කරමි.
-උදය ප්‍රභාත් ගම්මන්පිල 2017.07.27

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

2/14/2017

ඒකාබද්ධ විපක්ෂය කොර ගසන්නේ ඇයි?

කතෘ:යුතුකම     2/14/2017   No comments
-උදය ප්‍රභාත් ගම්මන්පිල-
 
“ඔහොම නම් බෑ. මීට වඩා උනන්දුවෙන් ආණ්ඩුවට ප්‍රහාර එල්ල කරන්න ඕනෑ. ඒකාබද්ධ විපක්ෂය පණ මදිනෙ. දැන් බලාගෙන හිටියා හොඳටෝම ඇති. මේ අවුරුද්දේ වත් ආණ්ඩුව පෙරලන්න බලන්න“. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට මෙවැනි මැසිවිලි හොඳින් හුරුය. ඇත්තෙන්ම ඒකාබද්ධ විපක්ෂය ප්‍රමාණවත් අයුරින් ක්‍රියාත්මක නැද්ද? එසේ නම් ඊට බල පා ඇති හේතු මොනවාද?

මා දකින අයුරින් ඒකාබද්ධ විපක්ෂය ලංකාවේ බිහි වුණු කාර්යක්ෂතම මෙන්ම නිර්මාණශීලීම විපක්ෂයයි. ආණ්ඩුව බලයට පැමිණ වසරක් ගත වන විට එය ජනතාවගෙන් සාතිශය බහුතරයක් ප්‍රතික්ෂේප කරන වාතාවරණයක් සැකසීමට ඒකාබද්ධ විපක්ෂයට හැකි විය. යම් ආණ්ඩුවක් වැරදි කළ පමණින් පිරිහීමට ලක් නොවේ. ජනතා ප්‍රසාදය පිරිහෙන්නේ එකී වැරදි ජනතාව අතරට ගෙන ගොස් ආණ්ඩුව පිලිබඳ අශුභවාදි ආකල්ප ඇති කිරීමට විපක්ෂය සමත් වුවහොත් පමණි. පසුගිය දෙවසර පුරා රට සිසාරා දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණ, දැවැන්ත රැලි, උද්ඝෝෂණ, පා ගමන්, දේව කන්නලව් සහ බෝධි පූජා පවත්වමින් ආණ්ඩු විරෝධය ජනතාව අතරට ගෙන යෑමට සමත් වී තිබේ. එමෙන්ම අයවැය යෝජනා මෙන්ම නව ව්‍යවස්ථාව ද ඇතුළුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් ගණනාවක් හකුලා ගත්තේ ඒකාබද්ධ විපක්ෂය දියත් කළ විරෝධතා හේතුවෙනි.

ආණ්ඩුව සිය පළමු වසර සම්පූර්ණ කරන විට ජනතාව ඉදිරියට යෑමට ඇති බිය හේතුවෙන් පලාත්පාලන මැතිවරණය දින නියමයකින් තොරව කල් තබා තිබිණි. ආණ්ඩුවේ බිය සාධාරණ බව පෙන්වූයේ සමූපකාර ඡන්ද ප්‍රතිඵලයයි. රට පුරාම සමූපකාර සමිති බලය අත්පත් කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය සමත් වූයේ 60% – 90% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් එසේ පිරිහෙන්නේ වසර 15ක් පමණ අඛණ්ඩව රට පාලනය කළ විටය. ඒ අනුව වසර 15කින් ලබා ගත හැකි ජයග්‍රහණයක් වසරක් තුල ලබා ගැනීමට ඒකාබද්ධ විපක්ෂය සමත් වී ඇත. එසේ නම් ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරිත්වය පිලිබඳ සමහරෙක් මැසිවිලි නගන්නේ ඇයි?

ආණ්ඩුවේ දැවැන්ත පිරිහීම පිලිබඳ සමූපකාර ඡන්ද ප්‍රතිඵල පමණක් නොව සමාජ වෙබ් ජාලා මෙන්ම රට පුරා පැන නැගී ඇති ආණ්ඩු විරෝධි උද්ඝෝෂණ ද සාක්ෂි දරයි. වත්මන් ආණ්ඩුව පිලිබඳ ජනතාවට ඇත්තේ කලකිරීමකි; කෝපයකි. නමුත් සිය කළකිරීම ප්‍රදර්ශනය කරමින් ආණ්ඩුව පරාජය කිරීමට නම් මැතිවරණයක් පැවැත්විය යුතුය. නමුත් ආණ්ඩුව කිසිම ආකාරයක මැතිවරණයක් නොපවත්වන හෙයින් ජනතාවට එම අවස්ථාව අහිමිය. පලාත්පාලන මැතිවරණය කල් දමා ඇත. ජනමත විමසුම ද හකුලා ගෙන ඇත. තමන්ට ආණ්ඩුව පරාජය කිරීමට මැතිවරණයක් නොමැති හෙයින් ආණ්ඩු පෙරලියක් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ සිදු වන පෙරලියකින් පමණි. එබැවින් අසහනයෙන් පෙලෙන ජනතාව ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩු පෙරලීමකට තල්ලු කරන්නේ එය මෙතෙක් නොකිරීම පිලිබඳ දෝෂාරෝපණ නගමිනි.

ඒකාබද්ධ විපක්ෂය මෙතරම් දැවැන්ත ජයග්‍රහණ ලබා ගත්ත ද එය ක්‍රියාත්මක වන්නේ දැවැන්ත සීමිත කම් මැද බැව් බොහෝ දෙනෙක් අමතක කරති. ලංකාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක ප්‍රධාන විපක්ෂයට විශේෂ පහසුකම් සහ වරප්‍රසාද ලැබේ. ඒ ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දීම මෙන්ම ඊ ළඟ ආණ්ඩුව භාර ගැනීමට සූදානම් වීම ද ප්‍රධාන විපක්ෂයේ වගකීමක් වන බැවිනි. සවිමත් විපක්ෂයක් තිබීම ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක අත්‍යාවශ්‍ය කොන්දේසියක් ලෙස සලකයි. එබැවින් ප්‍රධාන විපක්ෂය ද නඩත්තු කරන්නේ ආණ්ඩුවේ මුදලිනි. ඒ අනුව විපක්ෂ නායකවරයාට අමාත්‍යවරයෙකු ලැබෙන සියළුම වරප්‍රසාද ලැබේ. බොහෝ අවස්ථාවන් හි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකට නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ වරප්‍රසාද ලැබේ. ඒ අනුව ඇමතිවරයෙකුට ලැබෙන කාර්යාල, කාර්ය මණ්ඩල, වාහන, උපකරණ සහ නිල නිවාස විපක්ෂ නායකට ද ලැබේ. ඊට අමතරව පාර්ලිමේන්තුවේ ද කාර්ය මණ්ඩල සහ ඡායා පිටපත් යන්ත්‍ර සහ පැකුම් වැනි උපකරණ සහිත කාර්යාලයක් ලැබේ.

ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට විපක්ෂ නායක සහ විපක්ෂයේ සංවිධායක යන ධූර ද ඒවාට ලැබෙන සියළුම පහසුකම් ද ප්‍රධාන විපක්ෂයට අහිමි වී තිබේ. එකී වරප්‍රසාද ආණ්ඩුව බලයට පත් කිරීමට සහය දී දැන් විපක්ෂයේ නාමිකව සිටින දෙමළ ජාතික සංධානය සහ ජවිපෙ අතර බෙදා දී තිබේ. ජවිපෙ ආණ්ඩු විරෝධය පසෙක තබා ඒකාබද්ධ විපක්ෂය විවේචනය කිරීම සිය ප්‍රමුඛ කාර්රය කරගෙන සිටිය දී දෙමළ සංධානය ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහය ලබා දී ලෝක වාර්තාවක් ද තබා තිබේ. ඒ ආණ්ඩුවේ අයවැයට කිසිම සංශෝධනයක් එකතු නොකර ඊට සහය පල කළ ලොව ප්‍රථම විපක්ෂ නායක ලෙස ඉතිහාසයට එකතු වෙමිනි.

ඉහත පසුබිම තුල ඒකාබද්ධ විපක්ෂය සිය ආණ්ඩු විරෝධි සටන ගෙන යන්නේ ප්‍රධාන විපක්ෂයකට හිමි සියළුම වරප්‍රසාද සහ පහසුකම් අහිමි වුණු වාතාවරණයකය. එබැවින් සිය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය වැටුප් මන්ත්‍රිවරුන්ම සපයා ගත යුතුය. වාහන සඳහා ඉන්ධන සපයා ගත යුතුය. ලිපිද්‍රව්‍ය සපයා ගත යුතුය. එපමණක් නොව විපක්ෂයේ සාමාන්‍ය මන්ත්‍රි කණ්ඩායමකට හිමි වරප්‍රසාද ද ඒකාබද්ධ විපක්ෂයට අහිමිය. පක්ෂ නායක රැස්වීමට නියෝජිතයෙකු සහභාගි කරවීමට වසරකට ආසන්න කාලයක් අරගල කිරීමට සිදු විය. පාර්ලිමේන්තු කමිටු සඳහා නියෝජිතයින් පත් කර ගැනීමට අරගල කිරීමට සිදු විය. ආරම්භයේ දී පොදු ව්‍යාපාර හෙවත් කෝප් කමිටුවේ නියෝජිත අවස්ථා 4ක් මන්ත්‍රි ධූර 6ක් හිමි ජවිපෙට හිමි වන විට මන්ත්‍රි ධූර 51ක් හිමි ඒකාබද්ධ විපක්ෂයට හිමි වූයේ 2ක් පමණි. අදටත් පාර්ලිමේන්තු විවාදයන් හී දී ජවිපෙ මන්ත්‍රිවරුන් හය දෙනාට පැයක් වෙන් වන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් 51ට ද වෙන් වෙන්නේ පැයක් පමණි.

ඒකාබද්ධ විපක්ෂය මුහුණ දෙන දැවැන්තම අභියෝගය වන්නේ එහි සාතිශය බහුතරය පදනම් විරහිත නඩු වල පැටලවීමයි. තමන් නීතිය නමන බව පොලිස්පතිතුමා ප්‍රසිද්ධියේ පිලිගෙන ඇත. ඒ අනුව කෙතරම් චෝදනා එල්ල වුවත් ආණ්ඩුවට සහය පළ කරන දේශපාලකයින්ට එරෙහිව නඩු ගොනු නොවේ. අත්අඩංගුවට ගැනීම් සිදු නොවේ. නමුත් ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන්නේ නම් පදනම් විරහිතව නඩු පැවරේ. මැතිවරණ සමයේ දී මෙගා ඩීල් පිලිබඳ වේදිකා මත මොර දුන්නත් අද වන තුරු එවැනි දූෂණයක් පිලිබඳ කිසිම නඩුවක් පවරා නැත. මක් නිසා ද යත් එවැනි චෝදනා එල්ල වූ අය නඩු පැවරීම් මග හැරීම සඳහා ආණ්ඩුවට සහය පල කරන හෙයිනි. එබැවින් “උපන් දා සිට කරපු පව් නැත වරක් ආවොත් සිරිකොතේ“ යනුවෙන් පැරණි කවියක් වෙනස් කිරීමට දැන් සිදු වී තිබේ. මන්ත්‍රිවරුන් ඒකාබද්ධ විපක්ෂයේ සිටීම යනු තමන්ට පමණක් නොව තමන්ගේ බිරින්දෑවරුන්ට ද නඩු වැටීමේ අවදානමක් ගැනීමකි.
සමහරුන්ට එය තමන්ගෙන් සහ බිරිඳගෙන් නැවතී නැත. දරුවන්ට දෙමව්පියන්ට පමණක් නොව නැන්දම්මාට සහ මෙහෙකාරියට ද මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ප්‍රශ්න කිරීම් වලට ලක් වීමට සිදු වී ඇත. එබැවින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු උදය වරුව ගත කරන්නේ උසාවියේය. එක්කෝ තමන්ගේ නඩුවකි. නැතිනම් සහෝදර මන්ත්‍රිවරයෙකුගේ නඩුවක දී ඔහුට චිත්ත ධෛර්රය පිණිස පැමිණීමකි. දවල් වරුව ගත කරන්නේ ප්‍රශ්න කිරීම් සඳහා ගෙන ගිය සහෝදර මන්ත්‍රිවරයෙකුගේ සහයට පොලීසියේය. සවස බන්ධනාගාරයට ගොස් එහි සිටින තම සටන් සගයින්ගේ සුව දුක් විමසිය යුතුය. රාත්‍රිය වෙන් වන්නේ නීතිඥවරුන් සමග සාකච්ඡා කිරිමටත් ඔවුන් නියම කරන ලේඛණ සොයා ගැනීමටත්ය. මේ සියල්ල අතරේ ජනතාව හමු වෙමින් ද ආණ්ඩුවේ නිලධාරින් සමග රහසේ තොරතුරු හුවමාරු කර ගනිමින් ද මාධ්‍ය ඉදිරියේ පෙනී සිටිමින් ද උද්ඝෝෂණ වලට සහභාගි වෙමින් ද ආණ්ඩු විරෝධි අරගලයට නායකත්වය ලබා දීමට සිදු වී ඇත. මෙම පසුබිම තුල යම් මන්ත්‍රිවරයෙකු කිසිවක් නොකර ඒකාබද්ධ විපක්ෂයේ රැඳී සිටීම ද දැවැන්ත කැප කිරීමකි. නමුත් මන්ත්‍රිවරුන් සියළු දෙනාම මෙම ගැටළු සියල්ලම මැද ආණ්ඩු විරෝධි අරගලයේ දී සිය ජනතාවට නායකත්වය ලබා දෙති.

උදය ප්‍රභාත් ගම්මන්පිල 2017.01.26

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

2/05/2017

යමපාලනයේ පළමු දෙවසර

කතෘ:යුතුකම     2/05/2017   No comments
-උදය ප්‍රභාත් ගම්මන්පිල-ජනවාරි 9 දිනට වත්මන් ජනපති පත් වී වසර දෙකකි. පදවි ප්‍රාප්තිය සැමරීම සඳහා ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රධාන ඇමති චන්ද්‍ර බාබු නයිදුගේ සහභාගිත්වයෙන් උත්සවයක් පැවැත්විණි. ගත වූ දෙවසර ආණ්ඩුවට යහපාලනයක් වුවත් ජනතාවට නම් යමපාලනයකි. දෙවසර සැමරීමට මුහුණුපොතේ කළු කොඩි ඔසවන මෙන් පිවිතුරු හෙළ උරුමය ඉල්ලා සිටියේ එබැවිනි. පසුගිය දෙවසර ජනතා බලාපොරොත්තු සුන් කලේ කෙසේදැයි විමසීමට මෙතරම් උචිත අවස්ථාවක් තවත් නොවේ.

ජනපති මහින්දගේ දෙවන පදවි ප්‍රාප්තිය සිදු වූයේ 2007 නොවැම්බර් 19 දිනය. ඒ වන විට ඉතිහාසයේ ප්‍රථම වරට නැගෙනහිර පලාත කොටි සංවිධානයේ ග්‍රහණයෙන් සම්පූර්ණයෙන් මුදවාගෙනය. එපමණක් නොව උතුරු පලාතේ ද කොටි ත්‍රස්තයින් පරාජය කරමින් රණවිරුවෝ ඉදිරියට ඇදෙමින් සිටියහ. කොටි ත්‍රස්තවාදයේ අවසානය ආරම්භ වී ඇති බවට ප්‍රථම වතාවට ජනතාවට දැනෙමින් තිබිණි.

ජනපති ප්රේ මදාස යුගයේ පටන් විරෝධතා හේතුවෙන් ගල්අඟුරු බලාගාරයක් ලංකාවේ ඉදි කිරීමට නොහැකි වී තිබිණි. නමුත් දෙවසර පිරෙන විට නොරොච්චලේ ගල්අඟුරු බලාගාරය ඉදිවීම ඇරඹී තිබිණි. එමෙන්ම විරෝධතා හේතුවෙන් නැවතී තිබුණු ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාර ද කෙරවලපිටිය තාප විදුලි බලාගාරය ද ඉදිවෙමින් තිබිණි. මෙම විදුලි බලාගාර විසින් ආයෝජකයින්ට අවශ්ය බලශක්ති සුරක්ෂිතතාව සහතික කෙරුණු බැවින් යුද වාතාවරණයක මැද වුවත් ආයෝජකයින් ආකර්ෂණ වෙමින් තිබිණි. ජාතික සවිය ව්යාණපෘතිය යටතේ දුෂ්කර දිස්ත්‍රක්කයන්හි ජලය, විදුලිය, වාරිමාර්ග සහ මහමාර්ග ඉදි කරන දැවැන්ත කඩිනම් ව්යාණපෘතියක් දියත් වී තිබිණි. ගැමි මාර්ග කොන්ක්රිිට් වන විට නාගරික මාර්ග කාපට් වෙමින් යටිතල පහසුකම් විප්ලවයක් සිදු වෙමින් පැවතිණි.

සෑම ක්ෂේත්‍රයකම සිදු වෙමින් පැවැති විප්ලවයේ ආශ්වාදය දැනුනේ ආණ්ඩු පාක්ෂිකයින්ට පමණක් නොවේ.එය එජාපයට හෙළ උරුමයට මෙන්ම ජවිපෙට ද දැනී තිබුණි. හැමෝටම අවශ්ය් වුණේ රට රකින රට හදන ජනපති මහින්දගේ දෑත සවිමත් කිරීමටයි. එ් අනුව විපක්ෂයේ සිට ආණ්ඩුවට විවේචනාත්මක සහයෝගයක් ලබා දුන් හෙළ උරුමය ආණ්ඩුවට එක් වී ඇමති ධූරයක් ලබා ගත්තේය. එජාප නියෝජ්යේ නායක කරු ජයසූරිය මහතා ඇතුළු මන්ත්‍රවරුන් 17ක් ජනපති මහින්ද සවිමත් කිරීම සඳහා ආණ්ඩුවට එක් විය. ආණ්ඩුවේ යුද වෑයමට සහයෝගය ලබා දිය යුතු බවට ජවිපෙ තුල අභ්යබන්තර සංවාදයක් මතු විය. ජනපති මහින්දගේ තෙවන වසර තුල ජවිපෙ දෙපළු වී ජනිපෙ බිහි වන්නේ එකී අභ්ය න්තර සංවාදයේ ප්‍රතිඵලයක් ලෙසය.

ඉහත පෙන්වූයේ ජනපති මහින්ද සිය පළමු දෙවසර තුල රටට ගෙනා ජයග්‍රහණ සහ එහි ප්‍රතිඵලයක් ලෙස පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව ජනතාව ඔහු වටා එකතු වුණු අයුරුයි. දැන් අපි ජනපති සිරිසේනගේ පළමු දෙවසර දෙසට අවධානය යොමු කරමු. එතුමාගේ ප්‍රමුඛතම සටන් පාඨය වූයේ දින සීයක් තුල විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවයි. එම දින ගණන ද ඔහු පොලොන්නරුවේ සිය ගමේ සිට රට පාලනය කරන බව කීවේ තමන් විධායක බලය එම කෙටි කාලයට ද භාවිතා නොකරන බව පෙන්වීමටයි. නමුත් දෙවසර පිරුණු දින ඔහුගේ පක්ෂ ලේකම් පැවසුවේ විධායක ජනපති ධූරය අහෝසි නොකරන බවත් ඊ ලඟ ජනාධිපතිවරණයට ජනපති සිරිසේන ඉදිරිපත් වන බවත්ය. සිය ප්‍රමුඛතම මැතිවරණ පොරොන්දුව පිලිබඳ ඔහු ජනතා පැතුම් බිඳ දැම්මේ එලෙසය.

ජනපතිවරණ වේදිකාවේ දී සිරිසේන පිල මොර දුන්නේ මෙගා ඩීල් පිලිබඳය. රාජපක්ෂවරු කළ මහ වංචාවන් පිලිබඳය. ව්යාිපෘතියකට වැය කළ මුදලින් 90%ක්ම සොරකම් කළ බව ප්‍රතිපත්ති ප්‍රකාශයනයේම සඳහන් විය. එබැවින් ඔවුන්ගේ දෙවන ප්‍රමුඛතම පොරොන්දුව වූයේ සොරුන්ට දඬුවම් කර සොරකම් නොකර යහපාලනයක් බිහි කිරීමයි.පසුගිය දෙවසර තුල ආණ්ඩුව කළ සමාන්තර ව්යා පෘති වල දී 90%කින් තබා 10%කින් වත් වියදම අඩු වී නොතිබුණි. කඳුරට අධිවේගි මාර්ගයට ලබා දී තිබුණු කොන්ත්‍රත්තුව අහෝසි කර වත්මන් ආණ්ඩුව අළුත් කොන්ත්‍රත්තුවක් ප්‍රදානය කලේ පෙර මිළට වඩා රුපියල් බිලියන 12ක් වැඩි අගයකටය. එසේ නම් එක්කෝ මේ ආණ්ඩුව යටතේ දූෂණය 90% සිට 95% දක්වා වැඩි වී තිබිය යුතුය. නැතිනම් පසුගිය ආණ්ඩුවේ දූෂණයක් නොතිබිය යුතුය.

පසුගිය ආණ්ඩුවේ සිදු වුණු බව පැවසූ කිසිම මෙගා ඩීල් එකක් පිලිබඳ නඩු ගොනු කිරීමට ආණ්ඩුව අසමත් වී ඇත. ඒ වෙනුවට නඩු ගොනු කර ඇත්තේ මැතිවරණ සමයේ දින දර්ශන බෙදීම, කැරම් බෝඩ් බෙදීම හෝ කොඩි කණු බෙදීම වැනි සරල කාරණා පිලිබඳය. බොහෝ දෙනෙකුට නඩු ගොනු කර ඇත්තේ නියමිත ගණනට වඩා වාහන භාවිතා කළ බවටයි. ඒ චෝදනාව වත්මන් ඇමති මණ්ඩලයේ ද 70%කට පමණ අදාල චෝදනාවකි. මේ හරහා යහපාලනය පිලිබඳ සිහින මැවූ තරුණ පරපුරට අද ඇත්තේ රැවටීමට ලක්වීම පිලිබඳ කේන්තියකි.
ආණ්ඩුවේ තෙවන ප්‍රධාන සටන් පාඨය වූයේ ස්වාධීන කොමිෂන් සභා හරහා රාජ්ය යාන්ත්‍රණය දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව අදීනව පවත්වා ගන්නා බවයි. එය ආරම්භයේ දීම පුස්සක් විය. ව්ය වස්ථාදායක සභාව නීතිපති සහ පොලිස්පති වැනි ඉහළ තනතුරු වලට පුද්ගලයින් පත් කිරීම පිලිබඳ රීති සැකසිය යුතු වුවත් මේ වන තුරුත් එය සිදු කර නැත. රීති නැති නම් කළ යුත්තේ ජ්යෙ ෂ්ඨතම පුද්ගලයාට තනතුර ලබා දීමයි. නමුත් අකාර්යක්ෂමතාව හෝ විනය ගැටළු මත ජ්යෙරෂ්ඨතම පුද්ගලයා නුසුදුසු විය හැක. එසේ ජ්යෙදෂ්ඨතම පුද්ගලයාට තනතුර නොදෙන්නේ නම් ඊට හේතු දක්වා ඊ ලඟ ජ්යෙඨෂ්ඨයාට තනතුර ලබා දිය යුතුය.

රීති නොමැති පසුබිමක ව්යේවස්ථාදායක සභාව විසින් පොලිස්පති සහ නීතිපති ලෙස පත් කළ යුතුව තිබුණේ ජ්යෙ ෂ්ඨතම නිලධාරින්ය. ඔවුන්ට එම තනතුරු නොදී වෙනත් අයෙකුට දෙන්නේ නම් ඊට හේතු හෙලි කළ යුතුය. නමුත් එසේ ජ්යෙ ෂ්ඨතම පුද්ගලයින් පත් නොකර දේශපාලන පක්ෂග්‍රහිත්වය මත වෙනත් අය එම තනතුරු වලට පත් කෙරිණි. එහි ප්‍රතිඵලය වූයේ නීතිය නමන පොලිස්පතිවරයෙකු සහ නීතිය කොත්තු දමන නීතිපතිවරයෙකු රටට හිමි වීමයි. එයින් ව්යතවස්ථාදායක සභාව මෙන්ම 19 වන සංශෝධනය ද ජාතික විහිළු බවට පත් විය.

රාජ්යත සේවා කොමිසම නොදැන දේශපාලකයින්ගේ වුවමනාව මත ජ්යොෂ්ඨ නිලධාරින්ට මාරුවීම් සහ උසස්වීම් ලැබීම හේතුවෙන් එම කොමිසම පුස්සක් වී ඇත. ආණ්ඩුවේ න්යායය පත්‍රය අනුව මැතිවරණ කොමිසම මැතිවරණ නොපවත්වන කොමිසම බවට පත් වී ඇත. පලාත්පාලන මැතිවරණය පැවැත්විය යුතු දිනය ඉක්මවා වසර දෙකක් ගත වී ඇතත් තවමත් මැතිවරණයක් පවත්වන සේයාවක් ද නැත. ජනාධිපති, අගමැති සහ ඇමතිවරු මැතිවරණය පවත්වන කාල වකවානු ප්‍රකාශ කරමින් මැතිවරණ කොමිසම විහිළුවක් බවට පත් කරමින් සිටිති.

ජාත්ය්න්තර ජය ගැනීම වත්මන් ආණ්ඩුවේ තවත් ප්‍රබල මැතිවරණ පොරොන්දුවකි. විදේශ විනිසුරන් යුද අපරාධ විනිශ්චයට සහභාගි වීම නැවැත්වීමට ජනපතිට අවශ්ය වුවත් එය අසාර්ථක වූයේ ජාත්යින්තර ප්‍රජාව ආණ්ඩුවට ඇහුම්කන් නොදෙන බව පෙන්වමිනි. ඇත්තෙන්ම මේ ආණ්ඩුව බටහිර බලවතුන් දිනා ගෙන නැත. ඔවුන්ව දිනා ගෙන ඇත්තේ දෙමළ බෙදුම්වාදින්ය. දෙමළ බෙදුම්වාදින් සහ ආණ්ඩුවේ ඉල්ලීම එකක් වන විට ඊට බටහිර බලවතුන්ගේ සහය හිමි වේ. දෙමළ බෙදුම්වාදින් සහ ආණ්ඩුව අතර බෙදීමක් ඇති විට බටහිර බලවතුන් සිට ගන්නේ දෙමළ බෙදුම්වාදින් සමගය.
ජාත්යනන්තර දිනා ගත් ආණ්ඩුවක විදේශීය ප්‍රදාන, අපනයන ආදායම්, සෘජු විදේශීය ආයෝජන, කොටස් වෙළඳපොලේ කරන වක්ර අයෝජන සහ විදේශීය ප්‍රදාන ඉහළ යා යුතුය. නමුත් 2014ට සාපේක්ෂව 2015 දී මේ සියල්ල පහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තාව කියයි. එසේ නම් මේ ආණ්ඩුව මේ රටට ගෙනා කිසිම ජයග්‍රහණයක් නැත. ඒ වෙනුවට සිදු වුණේ රණවිරුවන් මර්දනය, බෙදුම්වාදය සවිමත් කිරීම සහ ජාතික සම්පත් නොරටුන්ට විකිණීම පමණි. එවැනි පසුබිමක ආණ්ඩුවේ නායකයින් සතුටු සිතින් දෙවසර පිරීම සැමරුවත් ජනතාවට සිදු වුණේ දත් මිටි කමින් කළු කොඩි ඔසවන්නටය.

උදය ප්‍රභාත් ගම්මන්පිල 2017.01.12

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

11/13/2016

ආණ්ඩුවේ ෆෙඩරල් කුමන්ත්‍රණය

කතෘ:යුතුකම     11/13/2016   1 comment
-උදය ප්‍රභාත් ගම්මන්පිල-ආණ්ඩුවේ ෆෙඩරල් කුමන්ත්‍රණය

2016 මාර්තු 9 දින පාර්ලිමේන්තුවේ සම්මත කළ යෝජනාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය නම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 225 ම සිටින නියෝජිත ආයතනයක් බිහි කරන ලදී. එහි වගකීම වූයේ නව ව්‍යවස්ථාවක් හෝ පවතින ව්‍යවස්ථාවට සංශෝධනයක් සිදු කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමයි. එකී මණ්ඩලය ඒ ඒ විෂය සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ අඩංගු විය යුතු කරුණු අධ්‍යනය කර වාර්තා කිරීමට අනු කමිටු පත් කරන ලදී. ඒ අනු කමිටු වාර්තා පිලිබඳ ඉතාම වැදගත් දෙයක් යෝජනාවේ 11 වගන්තියේ අඩංගු වේ. එනම් මෙම අනු කමිටු වාර්තා සකස් වුණු වහාම ප්‍රසිද්ධ කළ යුතුය යන්නයි. එසේම ව්‍යවස්ථා මණ්ඩලයේ සහ අනුකමිටු වල කටයුතු විකාශනය කිරීමට ද කටයුතු කළ යුතු බවත් එහි සඳහන් වේ. එකී ප්‍රසිද්ධ කිරීම් මගින් පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝණය නොවන බව ද ඉතාම පැහැදිලිව එකී යෝජනාවේ සඳහන් වේ.

ව්‍යවස්ථා මණ්ඩලය විසින් පත් කළ අනුකමිටු 6ක් 2016 අගෝස්තු මාසය අවසන් වන විට සිය වාර්තා අගමැති නායකත්වය දෙන මෙහෙයුම් කමිටුවට භාර දී තිබුණි. ඒවා වහාම ප්‍රසිද්ධ කිරීමට නීතියෙන් බැඳී සිටියත් මෙහෙයුම් කමිටුව මෙන්ම අනුකමිටු සභාපතිවරු ද එකී වගකීම ඉටු නොකළහ. මේ වාර්තා අතරින් වඩාත්ම භයානක වන්නේ බලය බෙදීම පිලිබඳ අනු කමිටු වාර්තාවයි. එකී කමිටුව නම් කර තිබුණේ පරිධිය සහ මධ්‍ය (පලාත් සභා සහ මධ්‍යම ආණ්ඩුව) අතර සබඳතාවය පිලිබඳ අනු කමිටුව ලෙසයි. එකී කමිටු වාර්තාව හරහා ලංකාව තුල මධ්‍යම ආණ්ඩුවට අමතරව තවත් ස්වාධීන ආණ්ඩු නවයක් ගොඩ නැගීමට ෆෙඩරල් කුමන්ත්‍රණය දියත් කර තිබේ. මෙකී කුමන්ත්‍රණය ජාතිය ඉදිරියේ තැබීම අපේ වගකීමක් හෙයින් ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය ඒකාබද්ධ මාධ්‍ය හමුවක් තබා නොවැම්බර් 8 දින මෙම වාර්තාව ප්‍රසිද්ධ කලෙමු.
ආණ්ඩුවේ නායකයින් වන ජනපති සිරිසේන සහ අගමැති රනිල් නිරතුරුව පැවසුවේ “අපි ඒකීය භාවයට අත තියන්නේ නෑ“ යනුවෙනි. නමුත් බලය බෙදීම කමිටුවට උපදෙස් දීමට පත් කළ විශේෂඥ කමිටුවේ ඒකීය රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටින කිසිම ව්‍යවස්ථා විශේෂඥයෙකු පත් කර නැත. ඩී එස් විජේසිංහ, ගෝමින් දයාසිරි, මනෝහර ද සිල්වා, ආතර් සමරසේකර වැනි ව්‍යවස්ථා නීතිය පිලිබඳ ගැඹුරු දැනුමක් තිබෙන ජනාධිපති නීතිඥයෙකු එම කමිටුවේ සිටිය යුතුව තිබුණි. නැති නම් ආචාර්ය දයාන් ජයතිලක වැනි දේශපාලන විද්‍යාඥයෙකු සිටිය යුතුව තිබුණි. එවැනි ඒකීය විශේෂඥයින් කිසිවෙකු නොමැති නමුත් ෆෙඩරල්වාදින් නම් බුරුතු පිටින් පත් කර තිබේ. එයින් පෙනී යන්නේ ජනාධිපති සහ අගමැති කතාවට කියන ඒකීය රාජ්‍ය ක්‍රියාවේ නොමැති බවයි. ෆෙඩරල් විශේෂඥයින්ගෙන් උපදෙස් අර ගෙන නව ව්‍යවස්ථාව සැකසීමෙන් තහවුරු වන්නේ අපේ ඒකීය රාජ්‍යය අනතුරේ බවයි.

එම කමිටු වාර්තාවේ ඇති සියළුම භයානක ප්‍රතිපාදන සාකච්ඡා කිරීමට මෙම තීරු ලිපිය ප්‍රමාණවත් නොවන බැවින් කාරණා කිහිපයකට පමණක් අවධානය යොමු කරමු.

ව්‍යවස්ථා අර්ථ නිරූපණ බලය යනු ශ්‍රේෂ්ඨාධිකරණය සතු කියන ඉහළම බලයයි. එකී බලය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත් කර බහුවාර්ගික නියෝජනයක් සහිත ව්‍යවස්ථා අධිකරණයකට පැවරීමට යෝජනා කර තිබේ. බෙදා වෙන් කිරීමේ පාලන ක්‍රමය හඳුන්වා දුන් ඉංග්‍රීසින්වත් ජාතිවාදි පදනමින් අධිකරණ පිහිටුවා අධිකරණයට ජාතිවාදය ගෙන යෑමට වෙර දැරුවේ නැත. නිදහසින් පසු අවස්ථා ගණනක දී දෙමළ ජාතිකයින් අගවිනිසුරු ධූරය ද ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූර හොබවා තිබේ. වර්තමානයේ ද සිටින්නේ දෙමළ ජාතික අගවිනිසුරුවරයෙකි. එය කිසිවෙකු ගැටළුවක් කර ගෙන නැත. ජාතිවාදි පදනමෙන් විනිසුරුවරු පත් කලොත් ව්‍යවස්ථා අර්ථ නිරූපණය හරහා සමස්ත නීති පද්ධතියම ජාතිවාදි පසුබිමකින් සැකසීමේ අවදානමක් මතු වේ.

උතුරේ ජාතිවාදි මහ ඇමතිවරයාගේ පීඩනයෙන් මිදෙන්න සිංහල සහ මුස්ලිම් ජනතාවට තිබෙන එකම අස්වැසිල්ල සමගාමි ලැයිස්තුවයි. සිංහල ප්‍රදේශයක පාසලකට හෝ රෝහලකට හෝ මාර්ග ප්‍රතිසංස්කරණයට පලාත් සභාව ප්‍රතිපාදන වෙන් කිරීම අඛණ්ඩව ප්‍රතික්ෂේප කරන්නේ නම් මධ්‍යම ආණ්ඩුවට එය ඉටු කළ හැක. ඒ පලාත් සභාවට මෙන්ම මධ්‍යම ආණ්ඩුවටත් බලය තිබෙන සමගාමි ලැයිස්තුව තිබෙන බැවිනි. එකී සමගාමි ලැයිස්තුව ඉවත් කිරීමට මෙම අනුකමිටුව යෝජනා කර ඇත. ඉන්දියාව, පකිස්තානය සහ දකුණු අප්‍රිකාව වැනි ෆෙඩරල් රාජ්‍යන්ගේ ව්‍යවස්ථාවේ දැකිය හැකි මෙම ලැයිස්තුව අපේ ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමෙන් අන් ෆෙඩරල් රාජ්‍යයන් ඉක්මවා බලය බෙදීමේ පිපාසයකින් ආණ්ඩුව පෙලෙන බව පෙනේ.

බෙදුම්වාදි ප්‍රවණතාවයක් තිබෙන ස්ථානයක පොලිස් බලතල අනිවාර්රයෙන් තිබිය යුත්තේ මධ්‍යම ආණ්ඩුවටයි. නමුත් පොලිස් බලතල පලාත් සභාවට ලබා දීමට යෝජනා කර තිබේ. පොලිස් බලතල වලට මුවා වී 1989 දී උතුරු මහ ඇමති වර්ධරාජා පෙරුමාල් විසින් දෙමළ විමුක්ති හමුදාව නමින් සන්නද්ධ බලකායක් සකසන ලදී. වාසනාවට ඉන්දියානු හමුදාව ලංකාවෙන් නික්ම යෑමත් සමග ඒ අය ද අතුරුදහන් විය. අනාගත බෙදුම්වාදි යුද්ධයක් ඇති වුණොත් දෙපාර්ශවය වෙන්නේ ශ්‍රී ලංකා හමුදාව සහ ත්‍රස්තවාදින් නොවේ. ශ්‍රි ලංකා හමුදාව සහ උතුරේ පොලිසියයි. එවිට ත්‍රස්තවාදින්ට රහසේ ආයුද සහ පුහුණුවීම් ලබා දුන් ඉන්දියාවට ප්‍රසිද්ධියේම බෙදුම්වාදයට සහය දිය හැක. මක් නිසා ද යත් නීත්‍යානුකූල පොලිස් හමුදාවට සහය දැක්වීම ජාත්‍යන්තර ගැටළු මතු නොකරන බැවිනි.

පූර්ණ ඉඩම් බලතල පලාත් සභාවන්ට ලබා දීමට මෙම අනුකමිටුව යෝජනා කර ඇත. මෙම බලතල භුක්ති විඳිනු ඇත්තේ උතුරෙන් සිංහලයින් එලවන විග්නේශ්වරන් මහ ඇමතිතුමාය. එවිට නීත්‍යානුකූලවම දෙමළ පමණක් සිටින පලාතක් බවට උතුර පත් කිරීමට හැකි වනු ඇත. ලංකාවේ අනෙකුත් පලාත් ජනාවාස, වගා බිම් සහ කර්මාන්ත ශාලා වී අද ඉඩම් තිබෙන්නේ උතුරු පලාතේය. සිංහල රාජ්‍ය නිරිතදිගට සංක්‍රමණය වීම ආරම්භ වුණු 12 වන සියවසේ සිටම ජන ශූන්‍ය ඉඩම් තිබුණේ උතුරේය. එය සමස්ත ජාතියටම අයිතිය. එමෙන්ම වෙනම රාජ්‍යයක් යනු භූමිය පිලිබඳ ගැටළුවකි. එබැවින් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින විග්නේශ්වරන් ඇතුළු දෙමළ සංධානයට ඉඩම් බලතල ලබා දීම විනාශයකට අත වැනීමකි.

බලතල රහිත මහ ඇමතිගේ අල්ලේ නැටවෙන රූකඩ ආණ්ඩුකාරවරයෙකු බිහි කිරීම සහ ජාතික ප්‍රතිපත්ති සැකසීමේ මධ්‍යම ආණ්ඩුවේ අයිතිය ඉවත් කිරීම වැනි බෙදුම්වාදයට රුකුල් දෙන යෝජනා ගණනාවක් මෙහි අඩංගුය. කෝකියන් අනුව හොද්දේ ගුණ පැවසිය හැකි අයුරින්ම බලය බෙදීමේ යෝජනාව සම්පාදනය කළ පිරිස අනුව එහි භයානක කම පිලිබඳ අනතුරු ඇඟවීමට අපට පුළුවන් විය. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රිතුමා දෙමළ ජාතික සංධානයට පාර්ලිමේන්තුවේ වෙන් කර තිබෙන කාමරයට වෙලා මාස ගණනක් සැකසූ වාර්තාවයි. මෙම යෝජනා ක්‍රියාත්මක කළොත් අනිවාර්රයෙන් ලංකාව දෙපළු තිපළු වෙලා ජනවර්ග එකිනෙකා සමග ඇණ කොටා ගන්නා ලේ විලක් වීම වැලැක්වීමට නොහැකි වනු ඇත.

1987 දී ලංකා මාතාවගේ උතුරු පලාත සරුංගලයක් බවට පෙරලා අහසට යවන ලදී. නමුත් නූල තිබුණේ ලංකා මාතාව අතේය. එබැවින් සරුංගලේ පාලනය තිබුණේ ලංකා මාතාව අතය. මේ යෝජනා වලියෙන් උත්සාහ කරන්නේ ඒ සරුංගලේ නූල කපලා නිදහසේ පා වී ගිහින් දෙමළ ඊළම බවට පත්වීමට අවශ්‍ය පසුබිම සැකසීමටයි.

පලාත් සභා සවිමත් කරනවා යනු විග්නේශ්වරන් මහ ඇමතිතුමා සවිමත් කිරීමකි. මෙම ව්‍යවස්ථා යෝජනාව ක්‍රියාත්මක කලොත් උතුරේ බිහි වෙන බියකරු චිත්‍රය තේරුම් ගන්න නම් පුංචි බලයක් ලැබුණු විග්නේශ්වරන්ගේ ක්‍රියා කලාපය දෙස බැලිය යුතුය. ලැබුණු පුංචි බලයෙන් හමුදාව උතුරෙන් ඉවත් කරන්න කටයුතු කරන, සිංහලයින් පදිංචි කිරීමට විරෝධය පල කරන, බුදු පිලිම උතුරෙන් ඉවත් කරන්න කටයුතු කරන විග්නේශ්වරන්ට තවත් බලතල දුන්නොත් සිදු වන්නේ බියකරු විනාශයකි. එය සම කළ හැක්කේ මතට ඇබ්බැහි වුණු අයෙකු පුනරුත්ථාපනය කිරීම සඳහා ඉහළ මාත්‍රාවෙන් හෙරොයින් ලබා දීමටයි.

උදය ප්‍රභාත් ගම්මන්පිල
2016.11.10

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook  : https://www.facebook.com/yuthukama

7/31/2016

ජන සටන පාද යාත්‍රාව

කතෘ:යුතුකම     7/31/2016   No comments
-උදය ප්‍රභාත් ගම්මන්පිල-ඒ 1930 මාර්තු 12 දිනයි. ඉන්දියාවේ පමණක් නොව ඇමෙරිකාවෙන් සහ යුරෝපයෙන් පැමිණි මාධ්‍යවේදින් සිය ගණනක් සබාර්මති ආශ්‍රමය අවට කඳවුරු ලා ගෙනය. ඒ සියළුම දෙනාගේ බලාපොරොත්තුව ලොව වෙනස් කරන ප්‍රවෘත්තියක් ලොවට වාර්තා කිරීමටයි. ජීවිත පූජා කිරීම අරමුණු කර ගත් පාද යාත්‍රාවක් එදින අරඹන බව මහත්මා ගාන්ධි පවසා දැන් සති ගණනක් ගත වී ඇත. 1930 ජනවාරි මස 26 දින “ඉන්දියාවෙන් වහා පිටවනු“ යන දැනුම් දීම ඉන්දියානු කොංග්‍රස විසින් ඉංග්‍රීසි අධිරාජ්‍යවාදින්ට කිරීමෙන් පසු ඇරඹෙන පළමු සටන වීමෙන් එයට තවත් වැදගත්කමක් එකතු වී තිබිණි.

පෙනුමෙන් කුඩා ක්‍රියාවෙන් අහිංසක මහත්මා ගාන්ධි අභියෝග කරන්නේ සුළු පටු අයෙකුට නොවේ. ඒ හිරු නොබසින අධිරාජ්‍ය ලෙස විරුදාවලිය ලත් ඉංග්‍රිසි අධිරාජ්‍යටයි. කැනඩාවේ සහ පෝක්ලන්තයේ සිට නවසීලන්තය දක්වාම ලෝකය පුරාම බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසිරී පැවැති හෙයින් දවසේ පැය විසි හතර පුරාම අධිරාජ්‍යයේ කොතැන හෝ තැනක හිරු පායා තිබිණි. ඒ දැවැන්ත අධිරාජ්‍යය හකුලා ගෙන යළි බ්‍රිතාන්‍ය දක්වා පසු බැසීමට ඉංග්‍රීසින්ට සිදු වූයේ මෙම පා ගමන හේතුවෙනි.

ඉංග්‍රීසි ආණ්ඩුව විසින් බලපත්‍රයක් ලබා ගැනීමෙන් තොරව ලුණු නිෂ්පාදනය කිරීම තහනම් කර තිබිණි. ලුණු සඳහා දැවැන්ත බද්දක් ද පනවා තිබිණි. මෙම පා ගමනේ අරමුණ වූයේ එම නීතිය බිඳ බලපත්‍රයකින් තොරව ලුණු නිෂ්පාදනය කර ඉංග්‍රීසින්ගේ ආධිපත්‍යයට අභියෝග කිරීමයි. සබාර්මති ආශ්‍රමයෙන් පා ගමන අරඹන විට එයට එක් වී සිටියේ ගාන්ධි විසින් තෝරා ගත් 79දෙනෙකු පමණි. නමුත් දින 24ක් පුරා කිලෝ මීටර් 390ක් දුරක් ගෙවා පා ගමන අප්‍රේල් 6 දින ඩැන්ඩි වෙරළට ලඟා වන විට දශ ලක්ෂයකට අධික පිරිසක් ඔහුට එක් වී සිටියහ. ඉන්දියාව පුරා තවත් දශ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ගාන්ධි සමග නීතිය බිඳ ලුණු නිෂ්පාදනයට වෙරළට පැමිණ සිටියහ.

ලුණු පා ගමන හේතුවෙන් බහුල වශයෙන් ඉන්දියානු ප්‍රභූන්ට සීමා වී තිබුණු ඉන්දියානු නිදහස් සටන සාමාන්‍ය ජනතාව අතරට ගිය බව ඉතිහාසඥයින්ගේ මතයයි. ඒ වගේම ඉන්දියානු කාන්තාවන් ද ක්‍රියාකාරිව නිදහස් සටනට එක් වූයේ ලුණු පා ගමනෙනි. ඒ කෝටි සංඛ්‍යාත ජනතාවගේ අරගලය නොසලකා සිටීමට ඉංග්‍රිසින්ට නොහැකි වීමෙන් ඉන්දියාවට නිදහස ලබා දීමට සිදු විය. ඉන්දියානු නිදහස් අරගලයේ ආශ්වාදයෙන් නිදහස් සටන් ඇරඹූ අනෙකුත් යටත්විජිතයන්ට ද ඉදිරි දශක දෙක තුල සම්පූර්ණයෙන්ම නිදහස ලැබුණේ මහත්මා ගාන්ධිගේ ලුණු පා ගමන ලෝක ඉතිහාසය වෙනස් කරමිනි.

ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගනිමින් ඒකාබද්ධ විපක්ෂය ද පා ගමනක් සංවිධානය කර තිබේ. ඒ ඉංග්‍රිසි අධිරාජ්‍යවාදින් ඉන්දියාව පෙලූ අයුරින් ඇමෙරිකානු සහ ඉන්දියානු අධිරාජ්‍යවාදින් සිය රූකඩ ආණ්ඩුවක් හරහා ලංකාවේ ජනතාව පීඩාවට පත් කරන හෙයිනි.

ශ්‍රී ලංකාව අද පංච විධ අර්බූදයකට මුහුණ පා තිබේ. එකී අර්බූදයන් පහ එකිනෙකා අතර වෙලෙමින් එකිනෙකා විනාශ කරමින් සමස්ත රාජ්‍යයම ප්‍රපාතයකට තල්ලු කරමින් තිබේ. රටට නිසි නායකයෙකු නොසිටීම දේශපාලන අර්බූදයයි. ජනපති සිරිසේන මෙන්ම අගමැති රනිල් ද සිතන්නේ තමන් රටේ නායකයා ලෙසයි. 2015 අගෝස්තු මස 17 දින පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු සැප්තැම්බර් 03 දින තුරු ඇමති මණ්ඩලයක් පත් කිරීමට නොහැකි වූයේ ද සැප්තැම්බර් 23 තුරු අමාත්‍යාංශ අතර ආයතන සහ විෂයන් බෙදීම කළ නොහැකි වූයේ ද මෙම නායකයින් දෙදෙනාගේ කඹ ඇදීම හේතුවෙනි. 2016 ජූලි 01 දින උදා වූයේ ශ්‍රී ලංකාවට මහ බැංකු අධිපතිවරයෙකු නොමැතිවය. එය ලොව කලාතුරකින් වන සිදුවීමකි. එසේ සිදු වූයේ නායකයින් දෙදෙනාගේ කඹ ඇදීම හේතුවෙනි.

ජනපති සහ අගමැති එක් කර මෙම ආණ්ඩුව බිහි කිරීමට පුරෝගාමි කාර්රය කලේ තමන් බැවින් රට පාලනය විය යුත්තේ තමන්ට රිසි අයුරින් යැයි හිටපු ජනපතිනි චන්ද්‍රිකා සිතයි. එමෙන්ම ඇමෙරිකානු සහ ඉන්දියානු තානාපතිවරුන් ද ලංකාව පාලනය විය යුත්තේ තමන්ට රිසි අයුරින් යැයි සිතති. එක්ටා සහ හනුමා පාලම ඉන්දියානු න්‍යාය පත්‍රයේ ඉහලින්ම තිබෙන අතර යුද අපරාධ අධිකරණය සහ පෙඩරල් ව්‍යවස්ථාව ඇමෙරිකානු න්‍යාය පත්‍රය අනුව ප්‍රමුඛ කාර්රයන්ය. එබැවින් අද ලංකාව ආඬි පස්දෙනෙකුගේ කැඳ හැලිය බවට පත් වී ඇත.

දෙවන අර්බූදය වන්නේ පරිපාලන අර්බූදයයි. ආණ්ඩුවේ නිලධාරින් හයසීයකට
වැඩි පිරිසක් එෆ්සිඅයිඩි ගෙන ගොස් ප්‍රශ්න කර ඇත. ඒ අතර විශාල පිරිසකට නඩු පැවරීම මෙන්ම රක්ෂිත බන්ධනාගාර ගත කිරීම ද සිදු කර ඇත. ඒ හේතුවෙන් නිලධාරින්ට එෆ්සිඅයිඩී භීතිකාවක් වැලඳී ඇත. එබැවින් රාජ්‍ය නිලධාරින් තීන්දු ගැනීමට දැන් මැලිය. තීන්දු ගත්තත් නැතත් ඔවුන්ට මාස් පතා වැටුප් ලැබේ. තීන්දු ගත් විට ආණ්ඩු පෙරලියකින් පසු පොලිස් අත්අඩංගුවට පත් වීමේ අවදානමක් ඇත. එබැවින් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය හදිසියේ ක්‍රියා විරහිත වී ඇත. නාය යෑමෙන් ජල ගැලීම් වලින් මෙන්ම සාලාව ගින්නෙන් අවතැන් වූවන්ට මෙතෙක් සහන නොලැබී ඇත්තේ රාජ්‍ය යාන්ත්‍රණයට වැලඳී ඇති එෆ්සිඅයිඩී භීතිකාව හේතුවෙනි.

තෙවන අර්බූදය වන්නේ ආර්ථික අර්බූදයයි. ශ්‍රී ලංකාව ආනයන මත යැපෙන රටකි. ආහාර, ඇඳුම්, ඖෂධ, විදුලි උපකරණ, යන්ත්‍ර සූත්‍ර, වාහන සහ ඉන්ධන යනා දී අත්‍යාවශ්‍ය බොහෝ දේ පිටරටින් ආනයනය කරනු ලබයි. ආණ්ඩුව මුහුණ දී සිටින විදේශ විනිමය හිඟය හේතුවෙන් ඉදිරියේ දී ණය ගෙවීමට පමණක් නොව අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම ද දුෂ්කර වනු ඇත. එමෙන්ම ආනයන බදු මත රැඳුනු රාජ්‍ය ආදායම පහත වැටීමෙන් තව තවත් ජනතාව මත බදු බර පැටවෙනු ඇත.

සිව්වන අර්බූදය වන්නේ ආරක්ෂක අර්බූදයයි. උතුරෙන් හමුද කඳවුරු ඉවත් කරමින් තිබේ. භයානක කොටි ත්‍රස්තවාදින් ජනපති සමාවෙන් සිර ගෙදරින් නිදහස් වන විට රණවිරුවන් තොග ගණනින් අත්අඩංගුවට පත් වෙමින් සිටිති. නව ව්‍යවස්ථාවෙන් දෙමළ බෙදුම්වාදින් අපේක්ෂා කරන බලය බෙදීම සිදු වුවහොත් රණවිරුවන් දිවි පුදා දිනා ගත් බිම් සදහටම යළි අහිමි වනු ඇත. යාපනයේ සිංහල සිසුන්ට දෙමළ සිසුන් විසින් පහර දී විශ්ව විද්‍යාල බිමින් ඉවත් වන මෙන් නියෝග කිරීම ලංකාව යළි 1983ට ගමන් කරමින් තිබෙන බවට කදිම සාක්ෂියකි.

පස්වන අර්බූදය වන්නේ සමාජ අර්බූදයයි. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමෙන් යලි පාතාලය හිස ඔසවා තිබේ. මත්කුඩු මිළ තුන් ගුණයකින් පහත වැටීමෙන් පෙනී යන්නේ එය දැන් සුලබව තිබෙන බවයි. මිනීමැරුම්, ස්ත්‍රි දූෂණ, කප්පම් ලබා ගැනීම් මෙන්ම වාහන අනතුරු ද පසුගිය වසර දෙකේ ඉහළ යෑමෙන් පෙනී යන්නේ නීතිය ක්‍රියාත්මක වීමේ දුර්වලතාවයයි.

මෙම “වැඩ බැරි ආණ්ඩුව“ මෙම අර්බූදයන්ට පිලිතුරු සෙවීමට ගෙනෙන විසඳුම් හේතුවෙන් සිදු වී ඇත්තේ අර්බූදයන් තවත් තීව්‍ර වීම පමණි. ආණ්ඩුවේ හැසිරීම සිහි ගන්වන්නේ මඩේ ගිලිණු අයෙකු ගොඩ පැමිණීමට දැඟලීමේ දී තව තවත් මඩේ ගිලීමයි. මෙම ආණ්ඩුවට 2020 තෙක් බලයේ සිටීමට ජන වරමක් ඇතත් එම අවස්ථාව දී නිහඬව බලා සිටියොත් රටට හෙටක් කෙසේ වෙතත් අපට රටක් නම් ඉතිරි නොවනු ඇත. ආණ්ඩුව ගෙදර යවන ජන සටන පා ගමන ක්ෂණික අවශ්‍යතාවයක් වුණේ එහෙයිනි.

අගෝස්තු 01 දින පා ගමන කොළඹ නගරයට ලඟා වනු ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ පා ගමනක් ලෙස නොව “වැඩ බැරි ආණ්ඩුවට“ විරෝධය පල කරන ජනතාවගේ පා ගමනක් ලෙසය. වැට් බදු විරෝධි ව්‍යාපාරික ප්‍රජාව, එක්ටා විරෝධි වෘත්තීයවේදින්, පොහොර සහනාධාරය මෙන්ම සහතික මිළ ද අහිමි වූ වී ගොවීන්, පොරොන්දු වූ වැඩි වැටුප් නොලැබූ කම්කරුවන්, සහතික මිළ නොලබන තේ සහ රබර් වැවිලිකරුවන් මෙන්ම ජීවන වියදම දරා ගත නොහැකි දශ ලක්ෂ සංඛ්‍යාත පාරිභෝගිකයින් ද මෙම පා ගමනට එක් වනු ඇත.
එදා ලුණු පා ගමන ලෝක ඉතිහාසය වෙනස් කළ අයුරින්ම ජන සටන පා ගමන ලංකා ඉතිහාසය වෙනස් කරනු ඇත. එම ඉතිහාසයට එක් වීමට නියමිත පා ගමනේ ජීවමාන සාක්ෂිකරුවෙකු වීම මව්බිමට සැබැවින්ම ආදරය කරන සෑම ලාංකිකයෙකුගේම යුතුකමකි.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

11/17/2014

ජනපතිවරණයේ දී රනිල්ගේ උපාය

කතෘ:යුතුකම     11/17/2014   No comments
ජනපති මහින්දගේත් සංධානයේත් ජනපතිවරණ උපාය වී ඇත්තේ තම ප්‍රතිවාදියා වන රනිල් වික්‍රමසිංහ මහතාගේ දුර්වලතා සමාජයට සිහිපත් කර ඒ මත ජයග්‍රහණය ලැබීමයි.  මේ සඳහා බොහෝ අවස්ථාවන් හි යොදා ගන්නේ වික්‍රමසිංහ මහතා අගමැති ධූරය දරමින් රට මෙහෙය වූ මාස 29යි.  කොටි ත්‍රස්තවාදය සවිමත් කිරීම, බටහිර බලවේගයන්ට ගැති වීම සහ ආර්ථික සහ දේශපාලන වශයෙන් රාජ්‍යය දුර්වල කිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාය.  රාජ්‍ය සේවය කුඩා කිරීම, රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය සහ සමහර සේවාවන්ගෙන් ආණ්ඩුව ඉවත් වීම රාජ්‍ය දුර්වල කිරීම සම්බන්ධයෙන් නැගෙන චෝදනා අතර වේ. 

ඉදිරි ජනපතිවරණය පැවැත්වෙන්නේ මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර පමණක් නම් කළු පැල්ලම් පිරුණු වික්‍රමසිංහ මහතාගේ අතීතය හේතුවෙන් ජනපතිවරණයේ වාසිය ඇත්තේ ජනපති මහින්දටයි.  වාමාංශික හෝ සුළුජන අපේක්ෂකයෙකු පැමිණීමෙන් රනිල් තවත් දුර්වල වන අතර ප්‍රබල සිංහල බෞද්ධ අපේක්ෂකයෙකු පැමිණියොත් එයින් අවාසියක් සිදු වන්නේ ජනපති මහින්දටයි.

 

ඉහත තත්වය යටතේ වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරනු ඇතැයි කිසිවෙක් නොසිතති.  වික්‍රමසිංහ මහතා පරදින බව පවසමින් එතුමාට නායකත්වයෙන් ඉවත වන මෙන් අරගල කළ එස් බී දිසානායක, ලක්ෂ්මන් සෙනෙවිරත්න, රාජිත සේනාරත්න සහ දයාසිරි ජයසේකර වැනි අය ඔහුගේ කෙනෙහිලිකම් දරා ගත නොහැකිව සංධානයට එක් වන ලදී.  ඉම්තියාස් බාකිර් මාකර් සහ රංජිත් මද්දුම බණ්ඩාර වැනි අයට පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකත්වය අහිමි විය.  ජෝර්ජ් පෙරේරා සහ ශිරන්ත අමරසේකර වැනි අයට ආසන සංවිධායකකම් අහිමි විය.  ශිරාල් ලක්තිලක සහ මෛත්‍රි ගුණරත්න වැනි අයට පක්ෂ සාමාජිකත්වය ද අහිමි විය.  එබැවින් අද එජාපය තුල සිටින කිසිවෙක් වික්‍රමසිංහ මහතාට ජනපතිවරණයක් ජයග්‍රහණය කිරීමේ හැකියාව ඇතැයි නොසිතන නමුත් තම තනතුර රැකගෙන දේශපාලනයේ පැවතීමේ අවශ්‍යතාවය හේතුවෙන් ඔව්හු වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය පිළිබඳ කතා පවත්වති.

 

සමහරෙක් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය අනුමාන කරන්නේ බදුල්ලේ දිසාවේ පළාත් සභා ප්‍රතිඵලය පෙන්වමිනි.  එහි දී සංධානය 47%ක් ගන්නා විට එජාපය 45%ක් ගත් බව සැබෑය.  නමුත් එදාම එම පළාතේම මොනරාගල පැවැති පළාත් සභා මැතිවරණයේ දී සංධානය 58%ක් ලබා ගන්නා විට එජාපය ලබා ගත්තේ 39%ක් පමණි.  බදුල්ල දිසාවේ මැතිවරණ ප්‍රතිඵලයෙන් රටේ ප්‍රතිඵලය මැනිය නොහැක්කේ 1994, 2000 සහ 2004 දී පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණ වලදී සංධානය රට දිනා ගත් නමුත් බදුල්ල දිසාව පරාද වූ බැවිනි.  ඇත්තෙන්ම බදුල්ලේ ඉතිහාසය පුරාම එජාපයට වාසිදායකව පැවැති දිසාවකි.  ඊට අමතරව තරුණ නැවුම් නායකයෙකු වුණු හරින් ප්‍රනාන්දු මැතිවරණයට එළැඹීමෙන් එජාපයට නව ජවයක් ලැබිණි.  නමුත් රනිල්ගේ ඉදිරිපත් වීම සමාන කළ හැක්කේ හරින්ට නොව මීට පෙර දෙවරක් මහ ඇමති ධූරයට තරග කර පරාජය වූ රවි සමරවීර නැවතත් මහ ඇමති අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමටයි.

 

හරින් ඌවේ ඇති කළ නැවුම් ජවය ජනපතිවරණයට ගෙන ඒමට නම් එජාප ජනපති අපේක්ෂක විය යුත්තේ රනිල් නොව සජිත් ප්‍රේමදාසයි.  නමුත් විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස සජිත්ව නොව කිසිම එජාප පාක්ෂිකයෙකු ඉදිරිපත් කිරීමට රනිල් සූදානම් නැත.  ඊට ප්‍රබල හේතුවක් තිබේ.  එජාප ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයා එජාප සාමාජිකයෙකු නම් ඔහුට නිල බලයෙන් පක්ෂ නායක ධූරය ද හිමි වේ.  එබැවින් එජාප සාමාජිකයෙකු ජනපතිවරණයට ඉදිරිපත් කර ඔහු ජයග්‍රහණය කළොත් ඔහු ජනපති ධූරයේ දිවුරුම් දෙන මොහොතේම රනිල්ට එජාප නායකත්වය අහිමි වේ.  එවැනි දේශපාලන සිය දිවි හානි කර ගැනීමක් රනිල් කිසි දිනක නොකරනු ඇත.  එසේනම් රටේ රාජ්‍ය බලය වික්‍රමසිංහ මහතාට ලබා ගැනීමට ඇති උපාය කුමක්ද?

 

ජනපතිවරණය ප්‍රකාශයට පත් කරන තෙක් තමන් අපේක්ෂකයා ලෙස ප්‍රකාශ කරමින් වික්‍රමසිංහ මහතා සිටිනු ඇත.  එවිට සංධානය ද කොටි හිතවත්කම, බටහිර ගැතිකම, ලිබරල් ආර්ථිකය, රටේ සංස්කෘතියෙන් සහ ඉතිහාසයෙන් දුරැස් වීම, බටලන්ද වධකාගාරය වැනි ඔහුට එරෙහිව ඇති ආයුද මුවහත් කරමින් ජනපතිවරණයට සූදානම් වනු ඇත.  ඒ අනුව නොවැම්බර් 19 දින හෝ ඊට පසු ආණ්ඩුව ද රනිල් පරදවා ලබන ජයග්‍රහණය පිළිබඳ සිහින දකිමින් ජනපතිවරණයක් ප්‍රකාශයට පත් කරනු ඇත.  වික්‍රමසිංහ මහතා සිය උපාය දියත් කරන්නේ ඉන් පසුය.

 

වික්‍රමසිංහ මහතාට කරනු ඇත්තේ ඉතාම සරල දෙයකි.  එනම් විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සිය සටන් පාඨය කර ගත් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි වැනි පොදු අපේක්ෂකයෙකුට සහය පල කිරීම පමණි.  එජාප අපේක්ෂකයෙකුට සහය පළ කිරීමට නොහැකි ජවිපෙ සහ ප්‍රප ද එවැනි අපේක්ෂකයෙකුට සහය පල කරනු ඇත.  එමෙන්ම සංධානයට යෑමට නියමිත බෞද්ධ ඡන්ද යම් ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට ද එම අපේක්ෂකයාට හැකි වනු ඇත.  එමෙන්ම එජාප නායකත්වයේ අඛණ්ඩ පරාජයන් පිළිබඳ කලකිරී නිවසේ නවතින ඡන්දදායකයින් ද ආකර්ෂණය කර ගැනීමට හැකි වනු ඇත.  මේ පසුබිම තුල විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට ද ඉඩ ඇත.

 

ජනපතිවරණයෙන් පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කර ඇත්නම් ඉන්පසු එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරනු ඇත්තේ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට එක් වුණු පක්ෂ එකතුවයි.  එහි දී වැඩිම මන්ත්‍රි ධූර ගණනක් දිනා ගනු ඇත්තේ එම පක්ෂ එකතුවේ ප්‍රධාන පක්ෂය වන එජාපයයි.  එවිට පොදු අපේක්ෂක ජනාධිපති විසින් අගමැති ධූරය භාර කරනු ලබන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාටයි.  එජාපයට ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය කරන අවම මන්ත්‍රිවරු ගණන නොසිටියොත් “රනිල්ගේ දෑත සවිමත් කිරීමට“ දුසිම් ගණනින් සංධානයේ මන්ත්‍රිවරුන් ඉදිරිපත් වනු ඇත.

 

චන්ද්‍රිකා සහ මහින්ද යන ජනපතිවරුන්ට තමන් පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ධූරය අහෝසි නොකර පැවතීමට හැකි වුණේ ඔවුන් ආණ්ඩු බලය තිබුණු පක්ෂයේ නායකත්වය දැරූ බැවිනි.  පොදු අපේක්ෂක ජනපතිට සහය දක්වන එවැනි මන්ත්‍රිවරුන් පිරිසක් නැත.  පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රිවරුන් සහය දක්වන්නේ ජනපතිට නොව අගමැතිටයි.  එබැවින් කිසිම අසීරුතාවයකින් තොරව වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එනු ඇත.  එයට විපක්ෂයේ සහය හිමි වුණොත් අවසානයේ දී විධායක ජනාධිපති සතු වූ බලතල වලින් බහුතරයක් අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙනු ඇත.  මේ අනුව පොදු අපේක්ෂක සූත්‍රයෙන් සිදු වන්නේ වික්‍රමසිංහ මහතාට සෘජුව ලබා ගත නොහැකි විධායක බලය වක්‍රව ලබා ගැනීමට මග පෑදීමයි.  එබැවින් වික්‍රමසිංහ මහතා ආණ්ඩු ප්‍රධානියා වනු දැකීමට අකැමති පිරිස් පොදු අපේක්ෂකයාට සහයෝගය ලබා දීමෙන් ද වලකිනු ඇත.

 

ඉහත විග්‍රහය අනුව පෙනෙන්නේ වික්‍රමසිංහ මහතා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ඉදිරියේ දී කටයුතු කිරීමට ඉඩ ඇති බවයි.  එය ඔහුට බලය ලබා ගැනීමට ඇති සරලම මෙන්ම ප්‍රායෝගික ක්‍රමයි.  මෙය තේරුම් ගැනීමට තරම් ඔහු බුද්ධිමත්ය.  එබැවින් ඔහුගේ අපේක්ෂකත්වය ඇස් බැන්දුමක් බැව් මගේ ඇගයීමයි.  නමුත් එජාප ආරංචි මාර්ග පවසන්නේ ඔහු අවංකවම තම ජයග්‍රහණය පිළිබඳ විශ්වාස කරමින් ජනපතිවරණයට ඉදිරිපත් වන බවයි.

 

වික්‍රමසිංහ මහතා සිය ජයග්‍රහණය පිළිබඳ විශ්වාස කළත් එජාපයේ අනිත් නායකයින් එය විශ්වාස කරන බවක් නොපෙනේ.  නමුත් ඔවුන් හොර ගල් අහුලන්නේ නිසි කල උදා වන තුරුය.  තවමත් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර නැත.  එබැවින් ඔවුන්ට කලබල වීමට හේතුවක් නැත.  එජාපය ඇතුලේ විප්ලවය පවතිනු ඇත්තේ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඇරඹෙණ සති දෙක තුලයි.  ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සහ නාමයෝජනා දිනය අතර තිබිය හැකි අවම දින ගණන 16කි.  එබැවින් සති දෙකක් ඇතුලත වික්‍රමසිංහ මහතා වෙනුවට වෙනත් අපේක්ෂකයෙකු තෝරා ගැනීමට එජාපයට සිදු වේ.

 

1994 දී මීට සමාන සිදුවීමක් විය.  පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කරන විට අගමැති අපේක්ෂිකාව වූයේ ශ්‍රීලනිප සභාපති මෙන්ම පොදු පෙරමුණේ නායිකාව ද වූ සිරිමාවෝ මැතිණියයි.  නමුත් මැතිවරණ ව්‍යාපාරය මැද දී අගමැති අපේක්ෂිකාව ලෙස චන්ද්‍රිකා මැතිණිය නම් කිරීමට ක්‍රියාකාරින්ගේ බලපෑම් මත පක්ෂය නායකත්වයට සිදු විය.  ජනපතිවරණයක නාමයෝජනා දිනයට පෙර අපේක්ෂකයා නම් කළ යුතුය.  එබැවින් ඉදිරි සති කිහිපය තුල එජාපයේ තීරණාත්මක සිදුවීම් ගණනාවක් සිදුවීමට නියමිතය.


-උදය ප්‍රභාත් ගම්මන්පිල
[ලංකාදීප ]
යුතුකම සංවාද කවය
www.yuthukama.com

11/09/2014

ජනපතිවරණයේ දී හෙළ උරුමයේ උපාය

කතෘ:යුතුකම     11/09/2014   3 comments
එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ශවකරුවෙකු ලෙස වසර නවයක් කටයුතු කළ ජාතික හෙළ උරුමය ඉදිරි ජනපතිවරණයේ දී සංධානයේ ඉවත් වන බවට බොහෝ දෙනෙක් විශ්වාස කරති. නමුත් සංධානයෙන් ඉවත් වී හෙළ උරුමයට ඇති විකල්ප පිළිබඳ බහුතරයක් ව්‍යාකූල වී ඇත. එබැවින් හෙළ උරුමයට ජනපතිවරණයේ දී කළ හැකි දෑ පිළිබඳ අපි විමසමු.

2005 ජනපතිවරණය ලංකාවට අතිශයින්ම වැදගත් වූවකි. දෙමළ ත්‍රස්තවාදය සමග සාකච්ඡා කරනු වෙනුවට යුදමය ලෙස පරාජය කිරීම තෝරා ගත්තේ 2005 දී පත් වුණු ජනපතිය. කොටි ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි බවට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ගොඩ නැගී තිබුණු මත වාදය පුස්සක් කරමින් වසර තුනක් වැනි කෙටි කාලයක් ඇතුලත කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට එම ආණ්ඩුවට හැකි විය. 2005ට පෙර ආණ්ඩු විශ්වාස කලේ ලංකාව සන්ධීය හෙවත් පෙඩරල් රාජ්‍යයක් බවට පෙරලීමෙන් දෙමළ බෙදුම්වාදය පරාජය කළ හැකි බවයි. නමුත් 2005 දී පත්වුණු ආණ්ඩුව විශ්වාස කලේ සන්ධීය රාජ්‍යයක් තුල දෙමළ බෙදුම්වාදය සවිමත් වන බවයි. එබැවින් ඉන්දියාවෙන් සහ ඇමෙරිකාවෙන් කුමන බලපෑම් එල්ල වුවත් ඒකීය රාජ්‍යය රැක ගැනීමට ආණ්ඩුව සමත් විය.
තම ප්‍රධාන ආදායමක් බවට පත් වී තිබුණු දුම්වැටි සහ මත්පැන් අලෙවිය සීමා කරන නීති ගෙන ඒම ද එම ආණ්ඩුව ඉටු කළ තවත් වැදගත් කාර්යභාරයකි. ක්‍රීඩා සඳහා මත්ද්‍රව්‍ය සමාගම් කරන අනුග්‍රහයන් නැවැත්වීම, සියළුම ආකාරයේ මත්ද්‍රව්‍ය ප්‍රචාරණය තහනම් කිරීම, ප්‍රසිද්ධියේ මත්ද්‍රව්‍ය පාවිච්චිය තහනම් කිරීම, මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීම සහ ආණ්ඩුවේ මන්ත්‍රිවරුන්ට තෑග්ගක් ලෙස ලබා දුන් මත්පැන් අලෙවිසැල් බලපත්‍ර නවතා දැමීම “මතට තිත“ සංකල්පය යටතේ සිදුවිය. එමෙන්ම ආණ්ඩුවේ ලාභ ලබන ආයතන කුණු කොල්ලයට පෞද්ගලිකරණය නැවැත්වීම ද ආණ්ඩුවෙන් සිදු වුණු තවත් වැදගත් සේවාවකි.

මෙම ජයග්‍රහණ සියල්ලටම හේතු වූයේ හෙළ උරුම සංධානය සමග ඇති කර ගත් එකඟතාවයේ කොන්දේසිය. ඒකීය රාජ්‍ය සුරැකීම සහ ලාභ ලබන ආයතන පෞද්ගලීකරණය නැවැත්වීම එකී ගිවිසුමේ මූලික කොන්දේසි විය. කොටි ත්‍රස්තවාදය සටන් විරාම ගිවිසුම කඩ කළහොත් යුදමය ප්‍රතිචාර දැක්වීම දෙපාර්ශවය අතර ඇති වුණු අලිඛිත එකඟතාවය විය. ජාත්‍යන්තර බලපෑම් හමුවේ එය ගිවිසුමේ කොන්දේසියක් කිරීමට සංධානය මැලි විය. මාවිල් ආරු සොරොව්ව වසා දමා කොටි සටන් විරාමය බරපතල ලෙස උල්ලංඝණය කළ විට හෙළ උරුම නායකයින් මාවිල් ආරු බලා පා ගමනක් ඇරඹුවේ එම එකඟතාවය අනුව සටන් ඇරඹීමට ආණ්ඩුවට බල කරමිනි. හෙළ උරුමයේ එම ඓතිහාසික පා ගමන කොටි සංවිධානයේ අවසානයේ ආරම්භය සනිටුහන් කළ ජයග්‍රාහී යුද්ධයට ආණ්ඩුව තල්ලු කෙරිණි.

හෙළ උරුමය විසින් “මතට තිත“ ව්‍යාපෘතිය “මහින්ද චින්තන“ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කළා පමණක් නොව එය ‍ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. පසුගිය අට වසර තුල ලංකාවේ දුම්වැටි භාවිතය 30%කින් පහත වැටුණේ මෙම ව්‍යාපෘතිය හේතුවෙනි. එමෙන්ම ලංකාවේ සංචාරකයින්ගේ පැමිණීම ද ඒක පුද්ගල ආදායම ද තුන් ගුණයකින් ඉහළ ගිය පසුබිමකත් ඒක පුද්ගල මත්පැන් පරිභෝජනයෙන් ලෝකයේ 131 ස්ථානයේ සිටීමට ලංකාවට හැකි වූයේ ද මෙම ව්‍යාපෘතිය හේතුවෙනි.

2005 ජනපතිවරණය ආසන්නයේ දී ජාතික හෙළ උරුමය විසින් නුගේගොඩ දී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වා සංධානයට සහය පළ කිරීමට ඉදිරිපත් කළ කොන්දේසි හේතුවෙන් රටට දැවැන්ත ජයග්‍රහණ අත් කර ගැනීමට හැකි විය. 2005 දී අත්සන් කළ ගිවිසුමේ ප්‍රගතිය සළකා 2010 දී ගිවිසුමකින් තොරව සංධානයට සහය පළ කිරීමට හෙළ උරුමය තීරණය කරන ලදී. නමුත් ජාතික හෙළ උරුමයේ අපේක්ෂාවන් 2010 දී ඉදිරිපත් කළ “මහින්ද චින්තන ඉදිරි දැක්ම“ට අඩංගු කෙරිණි. එකී ගිවිසුම ඉදිරි ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අවසන් වේ. එබැවින් ජාතියට ජයග්‍රහණ ගෙනෙන නව කොන්දේසි සමූහයකට ජනපති රාජපක්ෂ එකඟ කර ගැනීම හෙළ උරුමයේ අපේක්ෂාවයි.
දූෂණ විරෝධි ආයතන සවිමත් කිරීම, ජනපති ධූරයේ බලතල අඩු කිරීම සහ මනාප ඡන්ද ක්‍රමය අහෝසි කර ඒ වෙනුවට සමානුපාතික සහ කොට්ඨාශ යන දෙවර්ගයම මුසු ක්‍රමයක් ස්ථාපිත කිරීම හෙළ උරුමයේ යෝජනා අතර වේ. මෙම යෝජනාවන්හි සෘජු ඉලක්කය වී ඇත්තේ ජනපති මහින්දයි. ඒ මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විධායක බලය ද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය ද ඔහු සතු බැවිණි. වෙනත් අයෙකු මෙම යෝජනා වලට එකඟ වුවත් ඔහුට කළ හැක්කේ තම ප්‍රතිපත්ති ප්‍රකාශයට මෙම යෝජනා අඩංගු කිරීම පමණි. එවැනි අපේක්ෂකයෙකු ජයග්‍රහණය කළත් මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට අත්‍යාවශ්‍ය පාර්ලිමේන්තු තුනෙන් දෙකේ බලයක් ඔහු සතු නොවේ. එවැනි බලයක් සමානුපාතික ක්‍රමය යටතේ කිසිම අයෙකුට ලබා ගැනීමට ද නොහැක. මෙම පසුබිම තුල වඩාත් ප්‍රායෝගික වන්නේ මෙම යෝජනා ජනපති මහින්ද මගින් ක්‍රියාත්මක කිරීමට වෑයම් කිරීමයි.

ඉහත විස්තර කළ අයුරින් අනෙකුත් අපේක්ෂකයින්ට මෙන් නොව ජනපති මහින්දට පෙරොන්දු ලබා දෙනු වෙනුවට පොරොන්දු ඉටු කිරීමට අවශ්‍ය බලය තිබේ. නමුත් ගැටළුව වී ඇත්තේ එම පොරොන්දු ඉටු කරයි ද යන්නයි. රටේ ඒකීයභාවය සුරැකීම සහ සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හි ජනපති මහින්ද දැවැන්ත ජයග්‍රහණ ජාතියට ලබා දී ඇත. නමුත් ඔහු දුර්වලව කටයුතු කර ඇත්තේ යහ පාලනය ක්ෂේත්‍රයේය. 2005 දී හෙළ උරුමයට ද 2010 දී සමස්ත ජාතියට ද පොරොන්දු වූයේ විධායක ජනපති ධූරයේ බලතල කප්පාදු කිරීමටයි. නමුත් එය කිසිම අයුරකින් සිදු නොවිණි. එමෙන්ම මැතිවරණ කොමිසම ස්ථාපිත නොකෙරුණු අතර දැනට ක්‍රියාත්මක වන්නේ ඵලදායී නොවන දූෂණ විරෝධි කොමිසමකි. එබැවින් හෙළ උරුමය මෙම ක්ෂේත්‍රයේ සිදු කිරීමට අපේක්ෂා කරන සංශෝධන හුදු මැතිවරණ ප්‍රකාශනයක අඩංගු කිරීම ප්‍රමාණවත් නොවේ. ජනපති මහින්ද මෙම යෝජනා අතුරෙන් වැදගත්ම යෝජනා කිහිපයක් ජනපතිවරණයට පෙර සිදු කර තම සද්භාවය පෙන්නුම් කළ යුතුය.

අද බොහෝ දෙනෙක් මතු කරන ප්‍රශ්නයක් තිබේ. ඒ ජනපති මහින්ද ඉහත යෝජනා පිලි නොගත්තොත් හෙළ උරුමයට කළ හැක්කේ කුමක්ද? ජනපතිවරණයට පෙර කිසිම යෝජනාවක් ක්‍රියාත්මක නොකළොත් හෙළ උරුමයට ගත හැකි විකල්ප තිබේ ද? හෙළ උරුමය මහ හඩින් ගර්ජන කළත් මහින්ද හැර වෙනත් විකල්පයක් හෙළ උරුමයට තිබේ ද? රනිල් වික්‍රමසිංහට සෘජුව හෝ වක්‍රව සහය පළ කිරීමට හෙළ උරුමයට හැකි ද? ජනතාව මතු කරන මෙම ප්‍රශ්න වලට පිළිතුරු සපයා ගත යුතුය.

ජනපති මහින්ද හෙළ උරුමයේ ඉල්ලීම් ඉටු නොකළොත් හෙළ උරුමයට ඇති එකම විකල්පය රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීම නොවේ. ඒ වෙනුවට තෙවන අපේක්ෂකයෙකුට සහය ලබා දීමට හෙළ උරුමයට හැකිය. ජනපතිවරණය ද්විත්ව සටනකි. එබැවින් කුඩා පක්ෂ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනු වෙනුවට වඩාත් ප්‍රිය කරන්නේ ජය ගත හැකි අපේක්ෂකයෙකුට සහය පළ කිරීමටයි. නමුත් විවිධ හේතු මත මේ බලවේග සහ පක්ෂ වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට මැලි වෙති. බොහෝ පක්ෂ මෙන්ම වෘත්තීය සහ වෘත්තීය සමිති බලවේග අපේක්ෂා කලේ විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකුට සිය සහය පළ කිරීමටයි. දැවැන්ත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් සමග මාදුළුවාවේ සෝභිත නාහිමි පෙරට පැමිණි අවස්ථාවේ දී මෙම බලවේගයන්හි බලාපොරොත්තු දැල් වී තිබිණි. නමුත් එජාපය විසින් රනිල්ගේ අපේක්ෂකත්වය ප්‍රසිද්ධ කරමින් එම අපේක්ෂාවන් සුන් කරන ලදී. ජවිපෙ සහ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය ජනපතිවරණ වර්ජනයකට සැරසෙන්නේ සියළු දෙනාට සහය දිය හැකි පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තිබුණු අවස්ථාව එජාපය විසින් විනාශ කළ බැවිනි.

පසුගිය වසර නවය තුල ලංකාවේ මධ්‍යම පන්තිය පස් ගුණයකින් පමණ වර්ධනය වුණු බව මීට පෙර අපි පෙන්වා දුන්නෙමු. සංධානය මෙන්ම එජාපය ද පිළිබඳ කළකිරී සිටින්නේ මෙම පිරිසයි. පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී ජවිපෙට සහ ප්‍රපට 14%ක තීරණාත්මක ඡන්ද කුට්ටියක් ලබා දුන්නේ මෙම පිරිසයි. මෙම ඡන්ද කුට්ටිය ඉලක්ක කර ගනිමින් අනෙකුත් කුඩා පක්ෂ වල ද සහයෙන් යහ පාලනය තේමාව කරගත් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට හෙළ උරුමයට හැකියාව ඇත. පරිසර හිතකාමිත්වය, යහ පාලනය, ධාර්මික බව සහ කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි හෙළ උරුමය පෙන් වූ හැකියාව සහ කැපවීම මෙහි ලා සුදුසුකම්ය.


ජවිපෙ සහ ප්‍රප පොදු අපේක්ෂක යෝජනාව ප්‍රතික්ෂේප කරතියි අපි මොහොතකට සිතමු. හෙළ උරුමයට තවත් විකල්පයක් ඇත. ඒ බොදු බල සේනා සහ සිහළ රාවය වැනි සිංහල බෞද්ධ සංවිධාන එකමුතු කර ගනිමින් නිහඬ බහුතරය වෙනුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමයි. 2004 දී ඇති වුණු බොදු රැල්ල හමුවේ හෙළ උරුමයට 5%ක් ඉක්මවා ඡන්ද හිමි විය. වත්මන් පිබිදීම ඊටත් වඩා තීව්‍ර හෙයින් එවැනි අපේක්ෂකයෙකුට ඉහළ බලාපොරොත්තු තබා ගත හැක.

තෙවන අපේක්ෂකයෙකුගේ පැමිණීමෙන් මහින්ද පරදවා රනිල් ජය ගනු ඇතැයි සමහරෙක් බිය පළ කරති. ඇත්තෙන්ම තෙවන අපේක්ෂකයෙකු සමස්ත ඡන්ද ගණනින් 3.5%ක් හෙවත් ලක්ෂ 5ක් ගන්නේ නම් ජනපතිවරණයේ ජයග්‍රාහකයා කවුදැයි එතරම් වැදගත් නොවේ. ජනපතිවරණය වැනි ධ්‍රැවිකරණය වූ ඡන්දයක දී එවැනි අපේක්ෂකයෙකු ලක්ෂ 5ක් ලබා ගන්නේ නම් ඊ ළඟට එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී අනිවාර්රයෙන් ඒ බලවේගය ඡන්ද ලක්ෂ 8ක් ලබා මන්ත්‍රි ධූර 15ක් පමණ ලබා ගනු ඇත. එවිට කවුරුන් ජනපති වුවත් ඒ ආණ්ඩුවේ දුරස්ථ පාලකය තිබෙන්නේ මෙම තෙවන බලවේගය අතේය. ඇත්තෙන්ම රට පාලනය කරන්නේ ඔවුන්ය.
ඉහත දැක්වූ විකල්ප අපට භාවිතා කිරීමට සිදු වන්නේ ව්‍යුහමය වෙනසකට ජනපති මහින්ද එකඟ නොවුණොත් පමණි. තුනෙන් දෙකේ ව්‍යවස්ථාදායක බලය මෙන්ම විධායක බලය ද අත ඇති ජනපතිවරයා දැවැන්ත සමාජ පෙරලියකට එකඟ කර ගැනීම ජාතියට ජයග්‍රහණ ගෙන ආ හැකි පහසුම ක්‍රමයයි.

-උදය ප්‍රභාත් ගම්මන්පිල
ප්‍රදීපය – ලංකාදීප | 2014.10.16
යුතුකම සංවාද කවය
www.yuthukama.com

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions