5/09/2016

ලෙඩ්ඩුන්ටත් බදු ගහන යහපාලන මහා මොළය

කතෘ:යුතුකම     5/09/2016   No comments
-ඉඳුනිල් ප්‍රසන්න-
සාමාන්‍ය ජනතාව වෛද්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා පෞද්ගලික වෛද්‍යවරුන් සහ රෝහල් වෙත යොමු වන්නේ ඔවුන් අත යහමින් මුදල් ගැවසෙන නිසා නොවේ.

රජයේ රෝහලකට යොමු වුවහොත් බොහෝ විට රෝගියා පරීක්ශා කරන්නේ බාහිර රෝගී අංශයේ සාමාන්‍ය වෛද්‍යවරයෙකු විසිනි.

විශේෂඥ සායනයක් වෙත යොමු වුවද එහිදී සෑම විටෙකම විශේෂඥ වෛද්‍යවරයා වෙත රෝගියා යොමු වීම සිදු නොවිය හැකිය. බොහෝ විට රෝග පරීක්ශාව, වාර්ථා පරීක්ශාව ආදිය සිදුවන්නේ විශේෂඥ වෛද්‍යවරයාට සහාය වන අනෙක් වෛද්‍යවරුන් අතිනි.

එමෙන්ම රෝහලේ ඇති අධික තදබදය, රෝගීන් අධික වීම හේතුවෙන් එක් එක් රෝගියා වෙත විශේෂිත අවධානයක්, ප්‍රමානවත් කාලයක් යොමු නොවිය හැකිය.
බොහෝ රෝහල්වල විශේෂඥ සායන පැවැත්වෙන්නේ සතියේ දින කිහිපයකදී පමණි. එයද කුඩා දරුවන් සඳහා, වැඩිහිටියන් සඥහා, ගැබිනි මාතාවන් සඳහා ආදී ලෙස වෙන් වී පැවතිය හැකිය. එබැවින් රෝගියෙකුට රෝහලේ සායනය වෙත යොමු වීමට ඉඩ කඩ ඇත්තේ සතියේ නිශ්චිත දින කිහිපයක් තුළ පමණි. එයද උදේ වරුවකදීය. දෛනික රැකියාවල නිරත වන්නන්, පාසැල් ළමුන් ආදී බොහෝ පිරිසකට මෙවන් සායනයකට යොමු වුවහොත් එම මුළු දිනයම ඒ වෙත කැප කිරීමට සිදුවේ. එයද ඉතා අපහසු කටයුත්තකි. ඒ සඳහා ප්‍රමානවත් ආර්ථික ශක්තියක්ද නැත.

මේ සියල්ලටම වඩා බරපතළ කරුණ නම් බොහෝ රෝහල් වල විශේෂඥ සේවා නොමැති වීමයි. එම සේවා බොහෝ විට පළාත් මහ රෝහල් වලට සීමා වී ඇත. අනෙක් රෝහල් වෙත ව්‍යාප්ත වී ඇත්තේ සායන කිහිපයක් පමණි.

රෝහල් වලදී සිදුකරන පරික්ශන වාර්ථාද ප්‍රමාදයකින් තොරව ලැබෙතැයි සහතික විය නොහැක. පෞද්ගලික ආයතනයකට යොමු වී එක් දිනකින් ලබා ගත හැකි වාර්ථාවක් රජයේ රෝහලකදී දින කිහිපයක් ප්‍රමාද විය හැකිය.

බොහෝ රජයේ රෝහල් වල සියළු රෝග පරීක්ශාවන් සඳහා පහසුකම් නැත. එවිට රෝගියාට සිදුවන්නේ අගනගරයක පිහිටි රජයේ රෝහලක් වෙත යොමු වීමට හෝ පෞද්ගලික ආයතනයක් වෙත යොමු වීමටය. එවන් රෝහල් දුරින් පිහිටීම, වැඩි කාලයක් ශ්‍රමයක් ඒ වෙනුවෙන් යෙදිය යුතු වීම, වාර්ථා නිකුත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් ආදිය සැළකීමේදී රෝගීන්ට පෞද්ගලික ආයතනයක් වෙත යොමු වීම හැර වෙනත් විකල්පයක් නැත.

සැත්කම් සහ විශේෂිත වෛද්‍ය පරීක්ශණ සිදු කරගැනීමට රජයෙ රෝහල් වල පොරොත්තු ලේඛන වල් කල් මැරීමට සිදුවීමද මරණයට අත වැනීමකි. සමහර අවස්ථාවල වසර ගණනාවක් එළෙසින් කල් මැරීමට සිදුවේ. එසේ කල් ගතකළ පසුවද නියමිත දිනයේදී වෙනත් වඩාත් අසාධ්‍ය රෝගියෙකු ඇතුළත් වීම, උපකරණ ක්‍රියා විරහිත වීම වැනි හේතුන් නිසා තව දුරටත් කල් මැරීමට සිදුවන වස්ථාද විරළ නොවේ. එවන් අවස්ථාවල පෞද්ගලික වෛද්‍ය පහසුකම් වල පිහිට හැර වෙන පිහිටක් නැත.

රෝගියා නිරතුරුවම සටන් වදින්නේ මරුවාත් සමඟය. කිසිවෙක් කැමැත්තෙන් රෝගී වන්නේ නැත. ලෙඩේ අමාරුව දන්නේ ලෙඩාත් ඔහුගේ සමීපතමයනුත් පමණි. රෝගියෙකු තරම් අසරණයෙකු මෙළොව නැත. ආරෝග්‍යා පරමා ලාභා ලෙසින් බුදුන් වදාළේ එබැවිනි.

මේ කරුණු අනුව පැහැදිලි වන්නේ රෝගීන් පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික වෛද්‍ය සායන වෙත යොමු වීමට ඉතා සාධාරන හේතු පවතින බවයි. එය කිසි සේත් අතමිට සරු බවේ සළකුනක් නොවේ. යාන වාහන, ගේ දොර, ඉඩකඩම්, කන කර ආභරණ ඈ සියල්ල කැපකර නිරෝගීබව, ජීවිතය යදින්නෙකු දෙස නිරතුරුවම සානුකම්පිත දෑසින් බැලිය යුතුය.

නමුත් අද පෞද්ගලික රෝහල් ගාස්තු, වෛද්‍ය ගාස්තු, ඖශධ මිළ ගණන් අහස උසට නැග ඇත. එක් අතකින් මේ සම්බන්ධ කිසිඳු නියාමනයක් නැත. එය තනිකරම ක්ශේත්‍රයේ හිමිකරුවන්ගේ ඒකාධිකාරයක් බවට පත් වී ඇත. මේ රජය වුවද රට පුරා අඬ බෙර ගසා ඖශධ පණතක් ගෙන ආවද ඉන් ජනතාවට කිසිඳු සෙතක් වී නැත. එම පණත් මගින් සිදුවී ඇත්තේ ඖශධ වෙළෙන්දන්ගේ මාෆියාවට නිල පිළිගැනීමක් ලැබීම පමණක් බව දැන් ඔප්පු වී හමාරය.

ජනතාවගේ සෞඛ්‍ය තත්වය නැංවීම, ඔවුන්ව ජාවාරම් කරුවන්ගේ ග්‍රහනයෙන් මුදා ගැනීම රජයක වගකීමකි. ඒ වගකීම පිළිබඳ කතිකාව ඉදිරියට දමා මේ රජය සිදු කලේ ජාවාරම්කරුවන්ටම ඉණිමං බැඳීමයි. නමුත් ඒ අමානුශික ප්‍රතිපත්තිය එතැනින් නතර වී නැත. මැයි පළමුවෙනිදා ආණ්ඩුව ජනතාවට කීවේ කැප කරන්නට කියාය. ඊට පසුදා සිටම සෞඛ්‍ය ක්ශේත්‍රයටද අදාළ වන පරිදි 15% ක වැට් බද්දක් පැනවීය.

ඉතා පැහැදිලිය. පාලකයන් ජනතාවට කියන්නේ තමන්ගේ, තම දූදරුවන්ගේ, දෙමාපියන්ගේ ජීවිත කැපකරන ලෙසය. අපට කෝටි ගණන් වල වාහන වල යන්නට, කෝටි ගනන් වල නිවාස මිළදී ගන්නට, විදේශ සවාරි යන්නට, මහ බැංකුව සූරා කන්නට නුඹලාගේ ජීවිත කැප කරන ලෙසටය. සෞඛ්‍ය අංශයේ කප්පරක් අඩුපාඩු තිබියදී, පැනඩෝල් පෙත්තේ සිට බයි පාස් සැත්කම දක්වාම වෙළඳ ඒකාධිකාරයක් ක්‍රියාත්මක වන තත්ත්වයක් තුළ ලෙඩුන්ගේ චැනල් බිලට, ලේ පරීක්ශන වාර්ථාවට, සැත්කමට පවා බදු ගසන මේ වියරුව තේරුම් ගැනීමට වෙනත් ක්‍රමයක් නැත.

ලොකුම විහිළුවනම් මේ සියල්ල සිදුවන්නේ සෞඛ්‍ය ඇමතිවරයෙක් ජනාධිපත් වී ඇති රටක වීමය. ජනතාව බදු බරින් නිදහස් කිරීමට සපත කර බලයට පැමිණි ආණ්ඩුවකින් වීමය. නාස්තිය දූශනය නතරකර රටේ සංවර්ධනය තුන් ගුණයකින් වැඩි කරන බවට පාරම් බෑ පිරිසක් විසින් වීමය.

ආසියා අප්‍රිකා කලාපය ඇතුළු ලොව කිසිම රටක කෙතරම් ආර්ථික අපහසුතා තිබුනද මෙතරම් නරුම අමානුශික ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නේ නැත. 2002 දී පමණ රටේ ආර්ථිකය ඍණ අගයක් දක්වා කඩා වැටිනි. තිස් අවුරුද්දක් පුරා යුද්ධයක් පැවතිනි. නමුත් ඒ කිසිම රජයක් මේ සා විනාශකාරී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර නැත. සෞඛ්‍ය, අධායපනය ආදිය මෙතෙක් කල් නොමිලේ ලබා දුන් රටක මේ ප්‍රවනතාවය කිසි සේත් අනුමත කළ නොහැකිය. මෙය සිදුකරනුයේ IMF ණය කොන්දේසි අනුවනම්, ඉන් ප්‍රකට වන්නේ ආණ්ඩුව පැටළී ඇති ජාත්‍යන්තර උගුලේ තරමය. රටේ ජනතාව කන්නට, බොන්නට, ප්‍රතිකාරයක් ලබා ගන්නට නොහැකිව මැරී වැටෙයිනම් දිනාගත්තායැයි කියන ජාත්‍යන්තරයෙන් ඇති ඵලය කුමක්ද?
අපේ අසරන මිනිසුන් ජීවිත බේරා ගන්නේ මග තොටේ, බස් රියේ කැට වලට සම්මාදම් එකතුකිරීමෙනි. එලෙසින් නොවිඳිනා දුක් විඳ ජීවිතයක් බේරා ගැනීමට රැස් කරන මුදලිනුත් කොටසක් ආණ්ඩුව සූරා කයිනම් ඒ ආණ්ඩුවක් විය හැකිද? මෙම පාලකයන් මිනිසුන් විය හැකිද?

මෙම තත්වයට වහ වහා විසඳුම් සෙවිය යුතුය. මෙම ප්‍රවනතාවය අද අදම නතර කළ යුතුය. ඒකාබද්ධ විපක්ෂය ඇතුළු විපක්ෂ දේශපාලකයන් වෙත බරපතල වගකීමක් පැවරී ඇත. කතා කළ යුත්තේ රුපියල් 100ක රී ලෝඩ් එකක් දැමූ විට ඉන් කපාගන්නා රුපියල් 47 පිළිබඳව පමනක් නොවේ. ජීවිතයත් මරණයත් අතර සිරවී දුක් විඳින මෙම පීඩිත ජනයා පිළිබඳවද ඔබ හඬ නැගිය යුතුය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

5/06/2016

වෛරී හනුමන්තලා යොදවා පාර්ලිමේන්තුව ගිනි තබන වියරු ඒකාධිපතියා : රනිල්

කතෘ:යුතුකම     5/06/2016   1 comment
-ඉඳුනිල් ප්‍රසන්න-
පසුගියදා පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුමට සම්බන්ධවීමේ චෝදනා මත නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ මන්ත්‍රී ප්‍රසන්න රනවීර යන මහත්වරුනට පාර්ලිමේන්තුව වාරණය කොට ඇත. මේ රටේ කොතෙකුත් සිදුවන්නේ පය බරවාට පිටිකර බෙහෙත් බැඳීමේ ක්‍රියාය.

පාර්ලිමේන්තුව තුළ මෙවන් ගැටුම් ඇතිවූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. සිරිසේන ජනාධිපතිවරයාද ප්‍රකාශ කලේ තමන්ද 1992 දී මෙවැනිම පහරදීමකට ලක් වූ බවයි. මෙය මෙරටට පමනක් සීමා වූවක්ද නොවේ. මෙම ගැටුම සිදුවූ දිනම තුර්කි පාර්ලිමේන්තුවේද මෙවැනිම සිදුවීමක් වාර්ථා විය.
ඒ කෙසේ වෙතත් වත්මන් පාර්ලිමේන්තුව මෙවන් තත්ත්වයකට පත් වීමේ සම්පූර්ණ වගකීම අගමැති රනිල් වික්‍රමසිංහ භාරගත යුතුය. අද කතානායකවරයා අගමැතිවරයාගේ ඉත්තෙකු පමණි.

එක් අවස්ථාවකදි මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඉන්දියාව සහ ලංකාව අතර පාලමක් සෑදීම සම්බන්ධයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ වූ අදහස් දැක්වීමක් පිළිබඳ ලංකාවේ රජයේ ස්ථාවරය විමසා සිටියේය. රටේ ස්වෛරීත්වයට, පැවැත්මට ඉතා තදින් බලපාන කරුණක්, එට්කා ගිවිසුම වැනි හානිකර ක්‍රියාමාර්ග ඔස්සේ ඉන්දියාවේ ග්‍රහනයට ලංකාව නතුවෙමින් ඇති මොහොතක විමසා සිටීම අත්‍යාවශ්‍ය වූවකි. නමුත් විරුද්ධ පක්ශයෙන් ඉදිරිපත් වූ එම පැනයට අගමැතිවරයා දුන් පිළිතුර කුමක්ද?

ඔහු කීවේ තමන් හින්දි භාශාව නොදන්නා නිසා මේ පිළිබඳව කීමට නොහැකි බවයි. ඔබ හින්දි දන්නේදැයි ඔහු ගම්මන්පිලගෙන පෙරලා ප්‍රශ්න කළේය. හින්දි භාශාව දන්නා පරිවර්ථකයෙකු ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්‍යාලයේ නැතිදැයි ඇසූ විට මහින්ද රාජපක්ශ සමයේ චින දන්න පිරිස් ඇමරිකාවට යැවීමක් පිළුබඳ බයිලා කියවන්නට විය. බල්ලාගෙන් පටන්ගෙන මැක්කාගෙන් අවසන් කරන පොඩි එකාගේ රචනය මෙන් මේසා අතිශ්‍ය වැදගත් තීරණාත්මක පැණයට ප්‍රජාතන්ත්‍රවාදයෙන් අගතැම්පත්, බුද්ධියෙන් කෙළ පැමිනි අගමැතිවරයා දුන් පිළිතුර වූයේ රාජපක්ෂ රෙජීමයට බැන වැදීමයි.

ගම්මන්පිළ මන්ත්‍රීවරයා අගනැතිවරයාගේ මෙම තුච්ච පාදඩ හැසිරීම හමුවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගණිකා වෘතියේ යෙදවීම හමුවේ ඉවසීමෙන් නිහඬ වුවද මා එදා සිතුවේ මොහුගේ හොම්බට දෙකක් ඇනීමට කිසිවෙකු ඉදිරිපත් නොවූයේ ඇයිද කියාය.
වරෙක මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතාගේ කතාවකට නිර්ලජ්ජිත ලෙස අගමැතිවරයා කළ බාධා කිරීම දෝරෙ ගලා ගියේය.

මෙවරද සිදුවූයේ එයමය. 30 වසරක ජාතිවාදී කැරැල්කක් මැඩළූ මහින්ද රාජපක්ෂ මහතා අදත් ත්‍රස්තවාදීන්ගේ සහ ඔවුන්ට සහාය දෙන මෙරට සහ පිටරට විරුද්ධවාදීන්ගේ අංක එකේ සතුරාය. සුදු කොඩි කතාව කියා යුධ හමුදාව පාවා දුන් සරත් ෆොන්සේකා, ත්‍රස්තවාදීන් නිදහස් කරමින් හමුදා නිලධාරීන් සිරගත කරන වත්මන් පාලකයින් මෙන් නොව ත්‍රස්තවාදීන්ට සහ බටහිර යටත්විජිතවාදයට එරෙහිව අභීතව ක්‍රියාකළ මහින්ද රාජපක්ෂ මහතා එදත් අදත් එක ලෙස සතුරාගේ ඉලක්කයකි.

හමුදා නිලධාරීන්, බුද්ධි අංශ සාමාජිකයින් නිසි සාක්ෂි නොමැතිව, අධිකරනය පවා අපහසුතාවට පත් කරවමින් සිරගත කරන වත්මන් පාලකයන් යුධ හමුදා ආරක්ෂාව ලබා ගැනීමට බියෙන් පසුවෙනවාදැයි නොදනිමි. ඒ කෙසේ වෙතත් ලොව දරුණුතම ත්‍රස්තවාදය මැඩලමින් තවමත් සක්‍රීය ජාතිවාදයට එරෙහිව දැවැන්තම ප්‍රහාරය එල්ලකල රටට සුවිශිෂ්ඨ මෙහෙයක් කළ මහින්ද රාජපක්ෂ මහතාට ලබාදිය හැකි ඉහළම ආරක්ෂාව ලබා දීම ජනාධිපතිවරයාගේත්, අගමැතිවරටා ප්‍රමුඛ රජයේත්, ජනතාවගේත් වගකීමකි. ඒ පිළිබඳව ප්‍රශ්න කළ විට සුපුරුදු පරුදි රනිල් වික්‍රමසිංහ හැසිරුනේ තුච්ඡ තක්කඩි විලාසයෙනි. තමාගේ හෙංචයියෙකු, හමුදාව පාවා දුන් අයෙකු ඉදිරියට දමා මඩ ගැසීමයි.

ඒ අනුව, පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයෙකුට හිමි ප්‍රශ්න විමසීමේ හිමිකම යටපත් කරමින්, පිළිතුරු දීමට ඇති වගකීමෙන් නින්දාසහගත ලෙසින් පළා යමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක් කරන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ තක්කඩි ඒකාධිපති හැසිරීම මෙම තත්වයට හේතුවයි. දඬුවම් කළ යුත්තේ ඔහුටය.
නමුත් කතානායකවරයාදා ඔහුගේ සුවච කීකරු සේවකයෙකු පමනක් වන තත්ත්වයක් තුළ එවන් සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකිය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

1/03/2016

කිලිනොච්චි විජයග්‍රහණයට එරෙහි මැදවච්චිකාරයන්ගේ ව්‍යවස්ථා සංශෝධන මර උගුල - ජනවාරි 9

කතෘ:යුතුකම     1/03/2016   2 comments
වසර 7 කට පෙර අද වැනි දිනක අපි නිදහසේ අරුණළු ජයග්‍රාහීව විදගනිමින් සිටියෙමු. වීරෝධාර හමුදාවෝ ප්‍රභාකරන්ගේ බලකොටුව වූ කිලිනොච්චිය අත්පත් කොටගත් පුවතින් ඔද වැඩුනු මුළු මහත් ජාතියම එකාවන්ව ප්‍රීති වෙමින් සිටියේය.
වසර 7කදී බොහෝ දේ වෙනස් වී ඇත. ඔය කිලිනොච්චි නොවෙයි මැදවච්චි කියමින් ඒ ජාතියේ වීර වික්‍රමාන්විත ගමන හෑල්ලු කල ජාතිභ්‍රෂ්ඨයන් රජවී ඇත.

කිලිනිච්චි ජයග්‍රහණයේ ජීවමාන මහා සෙන්පතියා වූ මේජර් ජනරාල් ජගත් ඩයස් මහතා යන්තම් වසර 55 සපිරෙන විටම ගෙදර යැවීමට ඔවුන් ක්‍රියා කර ඇත.
ඒ සටනට දිගින් දිගටම අකුල් හෙළූ බටහිරයන් විසින් ගෙන ආ යුධ අපරාද චෝදනා රජය විසින් ඉස් මුදුනින් පිළිගනු ලැබ ඇත. ඒ සටන ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, සමූහ මිනී මැරීම් යුධ උපක්‍රම ලෙසින් භාවිතා කරමින් සිදු කරන ලද නින්දනීය මෙහෙයුමක් යැයි කියන්නේ වෙන කිසිවෙකු විසින් නොව අපේ රටේම පාලකයන් විසිනි.

කැලම් මැක්‍රේ වැනි කොටි හිතවාදීන් නිර්මාණය කළ චිත්‍රපටවල ඇති දර්ශන පාදක කරගනිමින් ජාත්‍යන්තරයට අවශ්‍ය පරීක්ෂන දැනටමත් ආරම්භ කර ඇත. හමුදා සෙබළුන් අත් අඩංගුවට ගනිමින් සිටී.
රජයේ බුද්ධි අංශය සහමුළින්ම විනාශකොට තිබේ.

වසර 30 ක් පුරා ප්‍රභාකරන්ගේ ඍජු උපදෙස් යටතේ ක්‍රියාත්මක වෙමින් දකුනේ මිනී මැරූ, තවමත් ඒ ත්‍රස්ත මානසිකත්වය ඉවත් කර නොගත් මිනී මරුවන් නිදහස් කරමින් සිටී.
ඉන් හිස් වන සිර ගෙවල් හමුදා සෙබළුන්ගෙන් පුරවමිනි සිටියි.

27000ක් රන විරුවන් දිවි පුදා, 50000ක් රනවිරුවන් අත් පා දන් දී දිනාගත් භූමිය නැවතත් මේ බිමෙන් වෙන් කොට ඒ බෙදුම්වදින් වෙතටම තෑගි දීමට පිඹුරුපත් සැකසෙමින් පවතී. මැදවච්චිකාරයන් පවත්නා ව්‍යවස්ථාවත් වෙනස් කරමින් රට දෙකඩකිරීමේ සාපලත් මෙහෙයුම ඇරඹීමට සියළු කටයුතු සූදානම් කොට හමාරය. අද පවත්නා ව්‍යවස්ථාව යටතේ රට දෙකඩ කළ නොහැකිය. එයට නව ව්‍යවස්ථාවක් අවශ්‍යය. ජනවාරි 9 වැනිදාට රට දෙකඩකිරීමේ ඒ ව්‍යවස්ථා මගඩිය කරළියට පැමිනීමට නියමිතය.

නව වසර උදාවන්නේ සුභ පෙරනිමිති සමගින් නොවේ. වසර දෙදහසක් පුරා සිය අනන්‍යතාවය රැකගත් අදීන අභීත ජාතියක් කොදු සිද ගත්, හීන දීන නිහීන නපුංසකත්වයක් තුළ සිර කිරීමේ අමනයන්ගේ හෝරාව එළඹී ඇත. දකුණේ දෙවුන්දර තුඩුවේ සිට උතුරේ පේදුරු තුඩුව දක්වාත්, බටහිර කොළඹ සිට නැගෙනහිර සංගමන් කන්ද තුඩුව දක්වාත් නිදහසේ ඇවිද යන, මේ අපේ රට යැයි සෙනෙහසින් උදම් අනන අවසන් වසර එළඹි 2016 විය හැකිය.

මේ හරිගිය තැන් වැරදුනු තැන් සෙවීමට අවස්ථාව් නොවේ. පක්ෂ, පාට, ඇද, කුද සෙවීමට කාලය නොවේ. උතුර උන්ගේය, නැගෙනහිර අරුන්ගේය, මේ ඉතිරි කොටස අපි හැමෝගෙමය කියමින් තපස් රකිමුද? හිස ගිනි ගත්තකු එගිනි නිවන ලෙස මේ අනතුරෙන් රටත් ජාතියත් සසුනත් රැක ගැනීමට පෙරමුණ ගනිමුද?


-ඉඳුනිල් ප්‍රසන්න
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

10/06/2015

බොරුවෙන් ප්‍රොඩාවෙන් ගොඩනැගුනු හෘදසාක්ෂියේ සම්මුතිය

කතෘ:යුතුකම     10/06/2015   No comments
“එළඹෙන අගෝස්තු 17 දින පැවැත්වෙනුයේ නව පාර්ලිමේන්තුවක් සඳහා හුදු අපේක්ෂකයන් තෝරා පත් කර ගැනීම සඳහා වන තවත් එක් මැතිවරණයක් නොවේ. එය වසර 67ක් පුරා අයාලේ ගිය රට නව මාවතකට යොමු වන්නේද නැද්ද යන්න සළකුනු කරන්නා වූ අතිශය තීරණාත්මක කඩඉමකි. පසුගිය ජනවාරි 8 වන දින මේ රට ඒකාධිපති පවුල් පාලනයකින් මුදා ගැනීම සඳහා ලැබුනු ජනවරම පාවාදෙනු ලබන්නේද නැතහොත් එය ඉදිරියට ගෙනයනු ලබන්නේද යන්න තීරණය කරන්නකි. ජනවරමට වගකියන බවට ඉතිහාසය පුරා ඔප්පු කර ඇති එකම පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ, අපේක්ෂභංගත්වයට පත් කර ඇති රටේත් ජනතාවගේත් බලාපොරොත්තු නියත ලෙසම ඉටු කිරීම සිය වගකීම බවට පත් කර ගැනීමට සූදානම්ය.”

ඉහතින් දැක්වෙන්නේ පසුගිය මහ මැතිවරණයේදී අපේක්ෂක ලයිස්තුව ජනතාව වෙත ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් බෙදා හරින ලද අත් පත්‍රිකාවේ වූ සටහනකි. එහි පැහැදිලි ලෙසම සඳහන් වන්නේ ජනවාරි 8 වන දින මේ රට ඒකාධිපති පවුල් පාලනයකින් නිදහස් වූ බවයි. ඒ අනුව ජනවාරි 8 වන දින සිදුවූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහනය ජනතා විමුක්ති පෙරමුණ බලාපොරොත්තු වූ ආකාරයේ ජනතාවාදී ජයග්‍රහනයක් බවද ඒ සමග සිදුවූ පරිවර්ථනය ජනතා විමුක්ති පෙරමුණ අනුමත කරන බවද පැහැදිලි වේ. ඔවුහු ජනතාව හමුවේ පවසන්නේ පවුල් පාලනය පරදා දිනාගත් ජයග්‍රහනය අගෝස්තු 17 දින නැවත පාවා දෙන්නේද යන්න තීරනය කිරීම මැතිවරණයේ අරමුණ වී ඇති බවයි. එහි ජනවාරි 8න් පසු ඇතිවූ නව පාලනයට එරෙහි කිසිඳු විවේචනයක් නැත. අවධාරනය කරන එකම කරුන රට නැවතත් මහින්ද රාජපක්ෂට භාර නොදෙන්න යන්න පමනි. 

ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ වූ බව පැහැදිලිය. ඉහත ප්‍රකාෂයෙන්ද පැහැදිලිවම "ඒකාධිපති පවුල් පාලනය" ලෙස ලේබල් ගසා ප්‍රතික්ෂේප කරන්නේ එතුමාය. එසේ වුවද ජනවාරි 8න් පසු ඇතිවූ රනිල් වික්‍රමසිංහ රජයට එරෙහිව මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විවේඡනය කුමක්ද? එවන් විවේඡනයක් නැත. ඔවුන් රට පුරා සිදුකළ කතාවලදී අතරින් පතර ගැලවිජ්ජාවට එජාපයට එරෙහිව වචනයක් දෙකක් පිටවන්නට ඇත. යහපාලනය වෙනුවෙන් ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද ප්‍රබලව පෙනී සිටි මාදුළුවාවේ සෝභිත හිමියන්ගෙන්ද එවන් සුළු සුළු කරුණු පිටවන්නට ඇත. නමුත් ඔවුහු එජාපයට එරෙහි තීරණාත්මක විරෝධයක් එල්ල නොකළේය. අවධාරනය වූ එකම දෙය ඉහත ප්‍රකාෂයේ සඳහන් පරිදිම මහින්දට නැවත බලය නොදෙන්න යන්න පමනි.

ජනතා විමුක්ති පෙරමුණ එජාපයේ තරුන සංවිධානය ලෙසින් ක්‍රියාත්මක වන බව පැහැදිලි වන්නේ මෙහිදීය. යම් ලෙසකින් ඔවුහු රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිවද ප්‍රබල විරෝධයක් එල්ල කළේනම් ජනතාව තුලනාත්මකව සිතා ප්‍රධාන පක්ෂ දෙකටම එරෙහිව ජනතා විමුක්ති පෙරමුණට වැඩි ඡන්ද ප්‍රමානයක් ලබා දීමට තිබිණි. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට එවැන්නක් අවශ්‍ය නොවුනු බව පැහැදිලිය. ඔවුන්ට අවශ්‍ය වූයේ යහපාලනය ඉදිරියට ගෙනයාමට ජනවරමකි. එයට කළ යුතු වූයේ මහින්ද රාජපක්ෂව පරාජය කර නිතැතින්ම රනිල් වික්‍රමසිංහට ජය ගැනීමට ඉඩ ලබා දීමයි. ජවි පෙරමුණේ එජාප හිතෛශී ප්‍රචාරණයේ ප්‍රතිඵලය එය විය.

ඒ අනුව අගොස්තු 17 වන දින ජනතා විමුක්ති පෙරමුණ ජයග්‍රහනය කර ඇත. ඔවුහු ජනතාවගෙන් ඉල්ලූ දෙය ඉටුවී ඇත. මැතිවරණයේ ප්‍රකාෂිත ප්‍රතිඵල වලට අනුව මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූ අතර ජවිපෙ ඉල්ලූ ලෙසටම මෙන්ම ඔවුන්ට අනුව ජනතාවාදී ජනපති මෛත්‍රීපාල මහතාට අවශ්‍ය වූ පරිදිම ජනවාරි 8 ජයග්‍රහනය ඉදිරියට ගෙනයාමට බලය හිමිවිය.

ඉතිහාසයේ මැතිවරණ ප්‍රතිඵල අධ්‍යයනයේදී ජනතා විමුක්ති පෙරමුණට ඍජුව ලැබෙන ඡන්ද ප්‍රමානය අඩු වුවද ඔවුන් වෙනත් ප්‍රධාන පක්ෂයක් සමඟ එක්ව ඉදිරිපත් වූ විට ඔවුන්ගේ අපේක්ෂකයන් ඉහලින්ම දිනවීමට ජනතාව ක්‍රියාත්මක වී ඇති බව පෙනී යයි. විවිධ හේතු නිසා ප්‍රධාන පක්ෂ දෙකෙන් ඉවත් වීමට ජනතාව අකමැති වුවද ඔවුන් ජවිපෙ කෙරෙහි විශ්වාසය තබා ඇති බව ඉන් පෙනී යයි. එක් අවස්ථාවක පාර්ලිමේන්තු ආසන 39ක් ජවිපෙට ප්‍රධානය කිරීමට ඔවුන් නිර්ලෝභී වූයේ එබැවිනි. ඒ විශ්වාසය අද දවසේද ජනතාවගේ සිත් වලින් ඉවත් වී නැත. ජවිපෙ නායකයන් එය අවබෝධ කරගෙන ඇති බව පැහැදිලිය. ඔවුන් මේ සෙල්ලම් කරන්නේ ඒ විශ්වාසය සමඟය. මහින්ද හොරෙකැයි, ඒකාධිපතියෙකුයැයි අනුර කුමාර දිසානායක පවසන විට එය ඇත්ත යැයි භාර ගැනීමට ජනතාව සූදානම්ය. නමුත් ඔහු රනිල් වික්‍රමසිංහට එරෙහිව විවේඡනයක් එල්ල නොකරයි. ඉන් කියැවෙන්නේ ඔහු හොඳ බවද? ජනතාව දූශිත මහින්දව පැරදවීමට පහසුම මග ලෙසින් රනිල්ව තෝරා ගනී.
නමුත් රනිල් වික්‍රමසිංහ යනු කවරෙක්ද යන්න ජවිපෙ නායකයන් තරම් දන්නා වෙනත් අයෙකු සිටිය නොහැකිය. ජවිපෙ ඔහුව හඳුනන්නේ දූෂනයෙන් භීෂනයෙන් රටම වෙළාගත් 80 දශකයේ සිටය. එබැවින් ජවිපෙ රනිල් වික්‍රමසිංහ සමග ප්‍රසිද්ධියේ දීග කා අපවාද විඳීමට සූදානම් නැත. ජනවාරි 8ට පෙර ජවිපෙ පැවැත්වූ මාධ්‍ය හමුවක අනුර කුමාර දිසානායාගේ වහෙන් ඔරෝ භාශාවෙන් කළ පැහැදිලි කිරීමක් අවසානයේ මාධ්‍යවේදියෙකු විමසූවේ "ඔබ ඔය පවසන්නේ මෛත්‍රීපාල මහතාට ඡන්දය දෙන ලෙස නොවේද?" කියාය. නමුත් එහිදී ජවිපෙ නායකයා ඍජු පිළිතුරක් නොදී ලිස්සා ගියේය. ජවිපෙ මෛත්‍රීපාල මහතාට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීම ගැටළුවක් නොවේ. එය ඔවුන්ගේ දේශපාලන තීරණයකි. නමුත් ගැටළුව වන්නේ ඔවුන් එසේ සහාය දක්වන බව ජනතාව වෙතින් වසන් කිරීමයි. ජවිපෙ වත්මන් නායකයන්ට රනිල් වික්‍රමසිංහ ඔසවා තැබීමට අවශ්‍යය. නමුත් ඒ දූෂිත ක්‍රියාවේ අපවාදයට ලක්වීමටද සූදානම් නැත. ජවිපෙ ජනවාරි 8 වනදා මෙන්ම අගෝස්තු 17 වනදාද කළේ වහෙන් ඔරෝ භාශාවෙන් ජනතාව රනිල් වෙත දක්කාගෙන යාමය.

එබැවින් අද දවසේ ජවිපෙ විසින් වත්මන් රජයට එරෙහිව කරන කිසිඳු විවේඡනයක් සද් භාවයෙන් කරන ජනතාවාදී විවේඡන නොවේ. මේ ඔවුන් විසින් බිහි කළ රජයකි. "ජනවාරි 8 වනදා" "ලැබුනු ජනවරම" "ඉදිරියට ගෙනයාමට" ඡන්දය දෙන්නැයි කියූ ජවි පෙරමුණ මෙම රජය සම්බන්ධයෙන් ජනතාවට වග කිව යුතුය. ඔවුන්ට ඉන් ගැලවී යාමට නොහැකිය. ජනතාව තමන් කෙරේ තැබූ විශ්වාසය රනිල් වික්‍රමසිංහට පවාදී ගැලවී යාමට ඔවුන්ට ඉඩ නොතැබිය යුතුය.

ජනතා විමුක්ති පෙරමුණ තම මැතිවරණ ප්‍රකාශනය ලෙසින් පසුගිය මහ මැතිවරණයේදී ජනතාවට ඉදිරිපත් කළේ හෘදසාක්ෂියේ සම්මුතිය නම් පිටු 40කින් යුත් ලියැවිල්ලයි. එහි පෙරවදනේදී ඔවුන් පවසන්නේ "2015 ජූලි 22 වැනි දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ විශේෂ සමුළුවේදී 'හෘදසාක්ෂියේ සම්මුතිය' නම් වූ ජාතික වැඩ පිළිවෙළ එළිදක්වනු ලැබිණි. පිටු 90කින් යුතු වූ එම වැඩපිළිවෙළ ඇතුළත් ලියවිල්ලෙන් මේ මොහොතේ, එනම් 2015 මහ මැතිවරණය අභියස, ජනතාව පෙළන ප්‍රධානතම ගැටළු සඳහා වන විසඳුම් ඇතුළත් කොට ජනතාවට වැදගත්ම කොටස් උපුටා ගනිමින් මෙම සාරංශගත මුද්‍රණය සකස් කරනු ලැබ ඇත." යනුවෙනි.

මහ මැතිවරණය අවසන් වී, නව රජයක් පත්වී ගෙවුනු මේ කෙටි කාලය තුළ රටේ ආන්දෝලනයට තුඩු දී ඇති කරුණු සළකා බැලීමෙන් රටේ ජනතාව සංවේදී විය යුතුව තිබූ ප්‍රධානතම ගැටලු මොනවද යන්න වටහාගත හැකිය. වසර 30ක් පුරා ඇදී ගිය යුද්ධය අවසන් වී යන්තම් වසර 6 ගෙවී ගියා පමනි. එහි උනුසුමත් ජාත්‍යන්තරයෙන් එල්ළවන යුධ අපරාධ, මානව හිමිකම් කඩවීම් ආදිය පිළිබඳ චෝදනාත් පහව ගොස් නැත. නමුත් රට පුරා ජනතාව අතර ජවිපෙ බෙදා හැරි මේ ලියැවිල්ල තුළින් ඒ ජාතික ගැටළුව කෙරේ කිසිඳු අවධානයක් දක්වා නැත. කරුණු 12 ඔස්සේ පැහැදිලි කරන ඔවුන්ගේ වැඩපිළිවෙළ තුළ ජාත්‍යන්තරය කළමනාකරණය කිරීම, ජාතික ආරක්ෂාව, ව්‍යවස්ථා සංශෝධන ආදිය පිළිබඳ වචනයක් හෝ නැත. මහ මැතිවරණයේදී එය සළකා බැලිය යුතු කරුණක් නොවන්නේ කෙසේද?

මෙම ගැටළුවලට විසඳුම් ලෙස තමන් ඉදිරිපත් කරන වැඩ පිළිවෙළ කුමක්ද යන්න තබා එවන් ගැටළුවක් රට හමුවේ ඇතැයි යන කරුණ පවා ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට වසන් කර ඇත. හෘදසාක්ෂියේ සම්මුතිය යනුවෙන් ජූලි 22 වැනිදා ඉදිරිපත් කළ ප්‍රධාන ලියැවිල්ලෙහි ඔවුන් සමස්ථයක් ලෙස සිදුකිරීමට අදහස් කරන දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ යම් පැහැදිලිකිරීමක් අඩංගු වුවද මහ මැතිවරනයේදී ජනතාව සංවේදී විය යුතු ප්‍රධානතම කරුනු ලෙස හුවා දක්වමින් රට පුරා බෙදා හැරි මෙම ලියවිල්ලට ඒ පිළිබඳ කිසිවක් ඇතුළත් නොවූයේ කුමක් නිසාද? එහිදී ගැටළු දෙකක් පැන නගී. පළමු කරුණ නම් ක්ෂනිකව අවධානය යොමු කළ යුතු මෙවන් ගැටළුවක් රට හමුවේ ඇතැයි යන්න පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ නොදැන සිටියේද යන්නයි. අනුර කුමාර දිසානායක සහ අනෙක් නායකයන් විසින් පසුගිය සමයේ දිගින් දිගටම ප්‍රකාෂ කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ රජය ප්‍රකාශ කරන ආකාරයේ ජාත්‍යන්තර අත පෙවීමක් ලංකාවට එරෙහිව නොමැති බවයි. යුධ අපරාධ චෝදනා, මානව හිමිකම් චෝදනා ආදී මෙම ප්‍රශ්න මහින්ද රජය විසින් ජනතාවගේ අවධානය දිනා ගැනීම සඳහා මවා පෙන්වන බොරු බව ඔවුහු පැවසූහ. මැතිවරණ ප්‍රකාශනයට ඒ පිළිබඳ කිසිවක් අඩංගු නොවීම ඔවුන්ගේ එම අතීත කියුම් කෙරුම් සමඟ මනාව ගැලපේ.

නමුත් අද වන විට ඇස් පනා පිට පෙනෙන පරිදි මෙය ඉතා බරපතල ප්‍රශ්නයකි. මෙම රජය පත් වූ දා සිටම අවධානය යොමු කළ ප්‍රධානතම කරුන මෙම ජාත්‍යන්තර ගැටළුවයි. අපට එරෙහිව මානව හිමිකම් කඩවීම් පිළිබඳ චෝදනා මෙන්ම යුධ අපරාද චෝදනා එල්ල වී ඇත. මෛත්‍රී- රනිල් රජය ඒ සම්බන්ධයෙන් මැතිවරණ සමයේද පැවසූ පරිදි ඔවුන්ගේ ස්ථාවරය මත පිහිටා යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් සිටී. මෛත්‍රීපාල මහතා ගිය සතියේ ලංකාවට පැමිනියේ රට වෙනුවෙන් අති උදාර මෙහෙවරක් කළ පුද්ගලයෙකු වශයෙනි. එයින්ම මෙම ගැටලුවේ බරපතලකම වැටහේ. (මේ සම්බන්ධයෙන් රජය ගන්නා ක්‍රියාමාර්ග නිවැරදිද යන්න පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා නොකරමි). ජාත්‍යන්තර අතපෙවීම් යනු තවදුරටත් ගෝනි බිල්ලකු නොවේ. එය ඇත්තකි.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් අති විශාල ඇමති මණ්ඩලයක් ඇතිකරමින් දෙමුහුන් ආණ්ඩුවක් බිහි කිරීම සාධාරනීකරණය කරන්නේද ඉදිරි වසර තුළ ඔවුන් ඉදිරිපත් කරන අනපනත් සහ ව්‍යවස්ථා සංශෝධන ආදිය සම්මත කරගැනීමට යැයි කියමිනි. සමහර විට මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ජනමත විචාරනයක් තෙක් ගමන් කළ හැකිය.

මේසා ප්‍රබල ප්‍රධාන ගැටළුව පිළිබඳව මහ මැතිවරණ ප්‍රකාශනය තුළ ජවිපෙ කිසිඳු අවධානයක් යොමු නොකිරීම ඔවුන්ගේ නොදැනුවත් කම ලෙසින් සිතිය හැකිද? ඔවුන් රට කරවීමට යන්නේ පටු ලිංමැඩි නුවනකින්ද?

එසේ නැතිනම් රට හමුවේ ඇති මෙම තීරනාත්මක ගැටලුව ජනතාව වෙතින් වසන් කිරීමේ කිසියම් වුවමනාවක් ජනතා විමුක්ති පෙරමුනේ නායකයන්ට තිබිණිද?

එලෙසින් ප්‍රශ්නය දෙස බැළුවහොත් අපට පිළිගැනීමට සිදුවන්නේ ජාත්‍යන්තර අත පෙවීමක් නැත හෝ එය මහින්දගේ ගෝනි බිල්ලෙකු පමනක්ය යනුවෙන් පසුගිය රජය සමයේ ජවිපෙ නායකයන් ගෙන ගිය දැවැන්ත ප්‍රචාරනය හිතාමතාම ජනතාව මුළා කිරීමට සිදු කළ දෙයක් බවයි. ඔවුන් තම මැතිවරණ ප්‍රකාශනය තුළින්ද මේ ගැටළුව හෝ ඒ හා බද්ධ වී ඇති ව්‍යවස්ථා සන්ශෝධන පිළිබඳ වචන මාත්‍රයක් හෝ නොපවසන්නේ ජනතාව සත්‍ය වටහාගැනීම තුළ රනිල්ව දිනවීමේ වැඩපිළිවෙළට බාධාවක් වේය යන බිය හේතුවෙනි.

රෝහන විජේවීර සමයේ සිටම ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභා අහෝසි කළ යුතුය යන ස්ථාවරයේ සිටි පක්ෂයකි. එබැවින් ඔවුන්ට ප්‍රසිද්ධියේ එම ස්ථාවරයන් වෙනස් කරගනිමින් මෙම ජාතික ගැටළුව සම්බන්ධ රනිල්වාදී බටහිර ගැති ස්ථාවරය වෙත තල්ලු වීම අපහසු කරුණකි. එබැවින් වත්මන් නායකත්වය සිදුකරන්නේ එවන් ගැටළු මග හැර යාමයි. එමගින් මුල් කාලීන ජවිපෙට මෙන්ම ජනතාවටද එරෙහි රනිල්ගේ වැඩපිළිවෙලට ඉඩ කඩ සළසාදීම ඔවුන්ගේ උපාය වී ඇත.

අද වන විට ඔවුන් කළ ඒ මහා බොරුව හෙළි වී ඇත. මහින්ද හොරා යැයි කියමින් වහෙන් ඔරෝ භාශාවෙන් රනිල් සහ මෛත්‍රී යුගලය බලයට පත් කර ඔවුන් සිදුකළ වෙනස කුමක්ද? අද හොරකම නතර වී තිබේද? හොරු අල්ලා තිබේද? මහ බැංකුව නිරුපද්‍රිතද? ගිය වසරේ 7.4% ක් වූ ආර්ථික වර්ධන වේගය අද වන විට 6.7% තෙක් පල්ළම් බැස ඇත. මහින්ද රජයේ වැරදි යැයි ජවිපෙ හුවා දැක්වූ කිසිඳු කරුණක් මෙම රජය වෙතින් නිවැරදි වී නැත. කරුණු එසේ තිබියදී මහින්ද රජය මගින් කරගෙන ගිය ජාතික ආරක්ෂාව, ස්වාධීනත්වය, නිදහස, සංවර්ධනයට අදාල සාධනීය දෑ දිනෙන් දින දුර්වල වෙමින් පවතී.

මේ මාස දෙකකටත් අඩු කෙටි කාලයක් තුළදී රටේ අවධානය යොමු වූයේ ඒ වෙතටය. ඉදිරි වසර දෙක තුළ මේ රජයේත් ජනතාවගේ ප්‍රධාන අවධානය යොමු වනු ඇත්තේ ඇමරිකාව, ඉන්දියාව ප්‍රමුක රටවල් විසින් ඉදිරිපත් කරන මෙම යුධ අපරාද චෝදනා සහ ඒ අනුසාරයෙන් අපේ ගෙල සිරකර අප ලවා සම්මත කරවාගැනීමට වෙර දරන ව්‍යවස්ථා සංශෝධනය වෙතටය. ඒ ප්‍රධාන ප්‍රශ්නය වෙත කිසිඳු අවධානයක් යොමු නොකල ජනතා විමුක්ති පෙරමුනේ ඊනියා "හෘදසාක්ෂියේ සම්මුතිය" පුස්සක් බවට පත් වී ඇත.

නැත්ත ඇත්ත බවට පත් කිරීමට බොරු ප්‍රචාරය කරමින්, රටේ ප්‍රධාන ප්‍රශ්න ජනතාව වෙතින් වසන් කරමින් ජවිපෙ කරන මේ විනාශයේ අරමුණ කුමක්ද? ඉදිරියේදී ජනතා ද්‍රෝහී ලෙස බටහිර රටවල් හා එක්ව මෙම රජය ගන්නා විනාශකාරී තීන්දු තීරන හමුවේ රට කැළඹීම නොවැළැක්විය හැකිය. එවන් අවස්ථාවකදී නැවතත් ජනතාවට වැදි බන දෙසමින් බොර දියේ මාළු බෑම මොවුන්ගේ දේශපාලන උපක්‍රමය වනු ඇත. නමුත් ජනතාව තමන් කෙරේ තැබූ විශ්වාසය පවා දෙමින් සැබෑ ප්‍රශ්න ජනතාවගෙන් වසන් කර රටට විනාශය කැන්දන දේශපාලකයන් තව දුරටත් විශ්වාස කල යුතුද?

මාස දෙකකින් අවලංගුවන මැතිවරණ ප්‍රකාශනයක් ඉදිරිපත් කරන පක්ෂයකින් රටට වන යහපතක් නැත. ඔවුන් කරන්නේ ජනතාවාදී දේශපාලනයක් නොව තම බඩගොස්තරය වෙනුවෙන් එදා වේල ටුවර්ස් රැකියාවකි.
ඔවුන්ට නිසි දඬුවම් දීම ජනතාවට භාරයි. 

සම්බන්ධ ලිපි :
-ඉඳුනිල් ප්‍රසන්න
යුතුකම සංවාද කවය
www.yuthukama.com


ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

8/13/2015

රනිල්ට රට බිලි දීම සඳහා අනුර කුමාර ගෙතූ මෙගා ටොම් පච වලින් ටිකක්.

කතෘ:යුතුකම     8/13/2015   1 comment
අනුර කුමාර දිසානායක- බොරුවේ උපත

වසර 30ක් පුරා පැවති යුද්ධය අවසන් කර රට එක් සේසත් කර ඒ නිදහස් නිවහල් සාමකාමී ජාතිය සංවර්ධනය වෙත යොමු කළ යුගයේ විශිෂ්ඨතම නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමාය. එවන් ජනමූල නායකයෙකු පැරදවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ජනවාරි 8 වනදින වෙනස සිදුවන්නේ විරුද්ධ වාදීන් පසුගිය වසර කිහිපය පුරාම රටේ පැවති මාධ්‍ය නිදහස උපයෝගී කරගනිමින් ජනතාව අතර බොරු පැළ කිරීම හේතුවෙනි. එකම බොරුව සිය දහස් වර ප්‍රකාෂ කරන විට එය විශ්වාස කරන තැනට ජනතාව තල්ලු විය. එම බොරු පැතිරවීමේ මූලාරම්භකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා හඳුනාගත හැකිය. ඔහු පාර්ලිමේන්තු වරප්‍රසාද වලට ආවරණය වෙමින් පැතිරවූ බොරු දහස් ගනනක් අතුරින් අතලොස්සක් ඔබ වෙත නැවත සිහිපත් කර දෙමු.

ජනවාර 8 වන දින ඇතිවූ දේශපාලන වෙනස හේතුවෙන් රටේ ජාතික ආරක්ෂාව දුර්වල වීම, සංවර්ධනය අඩාල වීම, ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව වන මහබැංකු මංකොල්ලය වැනි අභාග්‍ය සම්පන්න තත්ත්වයන් වර්ධනය විය. ඒ සියල්ලටම මේ බොරුවට උප්පත්තිය ලබා දුන් අනුර කුමාර දිසානායක ප්‍රමුඛ දේශපාලන පෙරමුණ වගකිව යුතුය.  

(1)

දිනය                     : 2014-11-01 පාර්ලිමේන්තුව

බොරුව                 : 2014 ජුලි වනවිට මුලු ණය ප්‍රමානය බිලියන 7341 යි. අපි හිතනව ඉතිරි මාස  6 තුළ තව බිලියන 500ක් වත් ගනීවි. 2015 ඇස්තමේන්තු කරල තියනව බිලියන 1780ක් ගන්න. 2015 අග වන විට මේ රටේ මුළු ණය ප්‍රමානය බිලියන 9621ක් වෙනව. ඒ කියන්නෙ හැම පුරවැසියෙක්ම 474957ක් ණයයි. ණය වල හිර වෙච්ච ණය වල ගිලිච්ච රාජ්‍යයක් බවට පත් කරල තියනව. ආදායම මුළුමනින්ම හිඳුනු රාජ්‍යයක්. ආදායම හීන කරපු රටක්, මුළු ආදායම කඩා වට්ටපු රටක් බවට පත් කරල තියනව. රාජ්‍ය ආදායම එන්න එන්න හීන වෙනව ඇරෙන්න වර්ධනය වෙමින් තිබෙන්නෙ නෑ. එක් පැත්තකින් නිශ්පාදන කඩා වට්ටපු රටක්. අනෙක් පැත්තෙන් ණය වල හිර කරපු රටක්.             

සත්‍යතත්ත්වය     : 1948 සිට 2005 දක්වා දළ දේශීය නිශ්පාදිතය වර්ධනය වී ඇත්තේ ඇ. ඩොලර් බිලියන 24.41 කින් පමනි. නමුත් පසුගිය දස වසර තුළ පමනක් එය ඇ. ඩොලර් බිලියන 74.94 දක්වා වර්ධනය වී ඇත. එය 300%ක වර්ධනයකි. 2002න් පසුව රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය යටතේ රජයේ ණය ප්‍රමානය දළ දේශීය නිශ්පාදිතයට වඩා වැඩි විය. එය ප්‍රතිශතයක් ලෙස 103% ඉක්මවීය. නමුත් 2005න් පසුව එය සීග්‍රයෙන් අඩුවී 2014 අවසාන වන විට 75% ලෙසින් අවම අගය වාර්ථා කර ඇත. එසේනම් සිදුවී ඇත්තේ ආදායම දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කරන අතර ණය බර ක්‍රමයෙන් අඩු වීමයි. දළ දේසීය නිශ්පාදිතය සහ ණය සන්සන්ධනය නොකර ණය ඉලක්කම පමනක් පෙන්වා අනුර කුමාර දිසානායක මහතා ජනතාව මුළා කර ඇත.  

                              මුලාශ්‍ර:
Economics and Social Statistics of Sri Lanka -
ශ්‍රී ලංකා මහ බැංකුව - 2015 මැයි ප්‍රකාශනය.
www.cbsl.gov.lk/…/_do…/statistics/other/econ_&_ss_2015_e.pdf
http://www.tradingeconomics.com/sri-lanka/gdp



(2)

දිනය                     : 2014-11-01 පාර්ලිමේන්තුව

බොරුව                 : ජනාධිපතිතුමාගෙ වියදම් ශීර්ෂය බලන්න. 2014 ඇස්තමෙන්තු කළේ මිලියන 8564 යි. නමුත් පරිපූරක ඇස්තමෙනිතුත් එක්කම මේ වන විට අරන් තියනව මිලියන 10490ක්. අගමැති වැය ශීර්ෂය තියෙන්නෙ මිලියන 307යි. ඊක අඩුවෙලා තියනව 2015 දි 385 දක්වා…ජනාධිපතිවරයාගේ දවසක වියදම ලක්ෂ 262ක්. ඊයෙත් 262යි, අදත් 262 යි, හෙටත් 262 යි. දවස් 365ම එහෙමයි. පන්දාහෙ කොල කනවද. උදේට පන්දාහෙ කොල මැල්ලුම. රෑට පන්දාහෙ කොල හොද්ද.          

සත්‍යතත්ත්වය     : 2015 සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට වෙන් කරන ලද මුදල රුපියල් කෝටි 959ක් පමනි. ජාතික වැටුප් කොමිසම, ජාතික සාගර කටයුතු පිළිබඳ කමිටුව වැනි ආයතන 25ක් ඒ යටතේ ක්‍රියාත්මක විය. ඊට අමතරව හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ වැන්ඳඹුවන්ගේ වියදම්ද මේ යටතට වැටේ. ඒ සියල වෙන් වූ පසු ජනාධිපතිවරයාගේ කාර්යාලය වෙනුවෙන් වෙන් වන මුදල කෝටි 375කි. එයින්ද කෝටි 100ක් ජනාධිපතිවරයාගේ මැදිහත්විමෙන් විවිධ ප්‍රදේශවල කරන සුළු ව්‍යාපෘති සඳහා වෙන්වේ. එවිට ජනාධිපතිවරයාගේ කාර්යාලයේ වියදම වසරටම කෝටි 275ක් පමනි.එයද එතුමාගේ පෞද්ගලික පරිහරනය පිණිස නොවන බව සැලකිය යුතුය. යහපාලන රජය විසින් සම්මත කරන ලද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය පරීක්ෂා කිරීමෙන් මෙය තවදුරටත් පැහැදිලි කරගත හැකිය.

                               

(3)

දිනය                     : 2014-09-09 පාර්ලිමේන්තුව

බොරුව                 : මෙ අපේ රට වර්ශයකදී උපයාගන්නා ලද මුළු ආදායම ප්‍රමානවත් නෑ ඒ අවුරුද්දේ ණය පොළී වාරික ගෙවීමටත්. ණය ගෙවීමටත් ණයට ගන්න සිදුවී තිබෙන රාජ්‍යයක්. මේ රට ණය වළින් බංකොලොත් කරල තියෙන්නෙ. රාජපක්ෂ ජනාධිපතිවරයගෙ පාලනයත්, ඔහුගෙ පවුලත්, පවුල වටා සිටින කල්ලියත් අපේ රටේ ආර්ථිකය සුනු විසුනු කොට විනාශ කොට දමා තිබෙනව. හැමදාම අයවැය ලේකනය ඉදිරිපත් කරමින් කියනව අපි අයවැය පරතරය අඩු කරගන්නව කියල. ජනතාවගෙ අත්‍යාවශ්‍ය භාන්ඩ මත අතිශ්‍යය අධික බදු ප්‍රමානයක් පනවල තියනව. සීනි, පරිප්පු, සුදු ළුෑනු, කහ කුඩු, කොත්තමල්ලි, සූදුරු, සැමන් වැනි බඩු මත බදු පණවල තියනව. 

සත්‍යතත්ත්වය     : වසර 25ක ඉතිහාසයේ අවම අයවැය පරතරය වන 5.9% වාර්තා වන්නෙ 2014 වසරේ මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත්කළ අයවැයෙනි. එහි උපරිම අගය වන 10.2% රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමය තුළ වාර්තා විය. යහපාලන රජයේ ආර්ථික දත්ත වළට අනුව 2006 දී 15.2% ක් වූ දුප්පත්කම 6.7% දක්වා අඩු කිරීමට මහින්ද රාජපක්ෂ මහතා සමත් වී ඇත. ආහාර ද්‍රව්‍ය මත අධික බදු පනවනවායැයි කියූ යහ පාලන ආණ්ඩුව අඩු කර ඇත්තේ කහ කුඩු, කොත්තමල්ලි සහ උම්බලකඩ වැනි ද්‍රව්‍ය කිහිපයක මිළ පමනි. මෙයද තවත් එක් පුම්බන ලද බොරුවක් පමනි.  

                              මුලාශ්‍ර:
Economics and Social Statistics of Sri Lanka -
ශ්‍රී ලංකා මහ බැංකුව - 2015 මැයි ප්‍රකාශනය.
www.cbsl.gov.lk/…/_do…/statistics/other/econ_&_ss_2015_e.pdf
www.tradingeconomics.com/Sri-Lanka

                         

(4)

දිනය                     : 2013-12-20 පාර්ලිමේන්තුව

බොරුව                 : පවුලක් සහ සමීපතමයන් මෙහෙයවන ආණ්ඩුවක්. කොටස් වෙළඳපොළ ඔවුන් අතේ. කුඩා කල්ලියක් ආර්ථිකය මෙහෙයවනව. ආර්ථික වර්ධන වේගය ඉහල අගයකලු. මේ දත්ත ඇත්තද නැත්තද? මේව වැරදි දත්ත. බොරු. ආර්ථික වර්ධන වේගයත් උද්ධමනයත් බොරු. හදපු දේවල්. රාවය පුවත් පතේ තියනව ඇත්ත ආර්ථික වර්ධන වේගය 5.5% කියල.        

සත්‍යතත්ත්වය     : මෙය අනුර කුමාර දිසානායක මහතා රටේ ආර්ථිකය කඩාවැටී ඇති බවට වරින් වර ගොඩනගන බොරු තර්ක යුක්ති යුක්ත කිරීමට ඔහු විසින්ම නිර්මාණය කළ තවත් බොරුවකි. මහ බැංකුව, සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුව වැනි ආයතන මගින් එළිදක්වන වාර්ථා අවිශ්වාස කරන තැනට ජනතාව මෙහෙයවූයේ මෙවන් පදනම් විරහිත බොරු මගිනි. නමුත් අද වනවිට මේ චෝදනා පුස්සක් වී ඇත. මහින්ද රාජපක්ෂ මහතා යටතේ 7.4%ක් ආර්ථික වර්ධනයක් අත්කරගෙන තිබූ බවටත්, එකල ඉදිරිපත් කර ඇති සියළු වාර්ථා නිවැරදි බවටත් ඇති ප්‍රබලම ශාක්ෂිය යහපාලන රජයේ මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා විසින් ඉදිරිපත් කරන ලද අයවැය වාර්ථාවයි.

                              මුලාශ්‍ර:

                              Economics and Social Statistics of Sri Lanka - ශ්‍රී ලංකා මහ බැංකුව - 2015 මැයි ප්‍රකාශනය.
http://www.cbsl.gov.lk/…/statist…/other/econ_&_ss_2015_e.pdf



(5)

දිනය                     : 2014-09-09 පාර්ලිමේන්තුව

බොරුව                 : අධ්‍යාපනේ මුදල් හරි අඩකට වඩා කැපුව. අද සාමාන්‍ය ජනතාවට පාසලේ ගුරුවරුන්ගෙ පඩි ගෙවන එක හැරුනු කොට අනෙක් සියල්ල කරන්න සිදුවී තිබෙනව. පාසලේ හුනු පිරියම් කරගන්න, වැට හදාගන්න, පිට්ටනිය හදාගන්න. දැන් මහින්ද්‍යෝදය ගොඩනැගිලි විවෘත කරන්න එන කොට උත්සවේ තියන්න සල්ලි දෙන්න මේ ඔක්කොම කරන්නෙ ජනතාව.              

සත්‍යතත්ත්වය     : අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවූ ඉහලම ආයෝජනය සිදුවූයේ පසුගිය දස වසර තුළදීය. 2005 සිට 2014 වනවිට අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල 275% කින් වැඩි කර ඇත.අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදල රජයේ මුළු විඅයදමින් 9.3% වෙයි. මහින්ද්‍යෝදය විද්‍යාගාර වැනි ව්‍යාපෘති හරහා පහසුකම් සංවර්ධනය කෙරිණි. 3% මට්ටමේ තිබුනු පරිගණක සාක්ෂරතාවය පසුගිය දස වසර තුළ 46% දක්වා වර්ධනය කර ඇත. විප්ලවීය වෙනසක් කරමින් තාක්ෂණික විශය උසස් පෙළට හඳුන්වාදී ඇත. විරැකියාව 8.1% සිට 4.3% දක්වා අඩු කර ඇත.නමුත් අනුර කුමාරලා මෙසේ බොරු ප්‍රචාරය කර බිහි කළ යහපාලන රජයේ අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කර ඇත්තේ මහින්ද මහතා වෙන් කළ ප්‍රමානයට වඩා අඩු අගයකි.

                              මුලාශ්‍ර:

                              Economics and Social Statistics of Sri Lanka - ශ්‍රී ලංකා මහ බැංකුව - 2015 මැයි ප්‍රකාශනය.
http://www.cbsl.gov.lk



(6)

දිනය                     : 2014-09-09 පාර්ලිමේන්තුව

බොරුව                 : තොරණ් ආර්ථිකයක් ගොඩනගමින් තිබෙනව. පාරවල් මත, ගොඩනැගිලි මත, විදුලි බුබුලු මත, වතුර මල් මත ආර්ථිකයක් ගොඩනගමින් තිබෙනව. නමුත් තුන්වේල කන්න නැති මිනිස්සු මේ රටේ ජීවත් වෙනව. නෙළුම් අල, තුඹ කරවිල විකුණල ජීවත්වෙන ළමයි ගම් වල ඉන්නව. ගැබිනියන්ට රක්ත හීනතාවය. දරුවන්ට මන්දපෝෂණය.       

සත්‍යතත්ත්වය     : ලංකාව සංවර්ධනයේ උපරිමයට ලඟා වී ජනතාව සුඛිත මුදිත වීයැයි අපි නොකියමු. නමුත් පසුගිය දස වසර තුළ ලංකාව ඌන සංවර්ධිත තත්ත්වයේ සිට මැදි ආදායම් ලබන රටක් බවට පරිවර්ථනය විය. විදුලිය, මංමාවත් වැනි සංවර්ධනයට අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ විය. තාක්ෂනික අධ්‍යාපනය තොරතුරු තාක්ෂනය දරුවන් වෙත සමිප විය. ලෝකයේ ප්‍රධාන වරාය 10 අතරට වැටෙන හම්බන්තොට වරාය වැනි දැවැන්ත ආදායම් මාර්ග විවර විය. අනුර කුමාර දිසානායක මහතා උත්සාහ කරන්නේ එම සත්‍යය යටපත් කිරීමටයි.

                              මුලාශ්‍ර:

                              http://www.mahinda.info/2015/07/hambanthota-and-maththala/

(7)

දිනය                     : 2014-09-09 පාර්ලිමේන්තුව

බොරුව                 : අපේ ගෙදරනම් ලයිට් කපනව. හැම ඉරිදම බොහෝ දුරට දැන් ලයිට් කපන පුරුද්දක් තියනව. එතුම කියනව එක විනාඩියක්වත් පහුගිය අවුරුදු පහේ කැපුවෙ නෑ කියල. ඒක ඇත්ත. එතුමගෙ ගෙදර ලයිට් කපන කොටම ස්වයංව ක්‍රියාත්මකවන ජෙනරේටරයක් තියනව. නමුත් බහුතර ජනතාවට එහෙම නෑ. මේ ආණ්ඩුවෙ තියන තක්කඩි කම තමයි හොරෙන්මයි ලයිට් කපන්නෙ.       

සත්‍යතත්ත්වය     : මෙය නොදැනුවත්කම හේතුවෙන් කරන ප්‍රකාශයකි. මුහුදුකරයේ ඇති විදුලි මාර්ගවල ලවණ ඉවත් කිරීම, කැලෑ මාර්ගවල ගස් ඉවත් කිරීම වැනි නොවැළැක්විය හැකි නඩත්තු කටයුතු සඳහා විදුලිය විසන්ධි කිරීමට සිදුවේ. එය රජයේ වරදක් නොවේ. නමුත් 2005න් පසු විදුලි බල ක්ශේත්‍රයේ ලද විශිෂ්ඨ ජයග්‍රහනයක්නම් රටේ ජනතාවගෙන් 98.6%කට විදුලි බලය ලබා දීමත් ජනන හැකියාව නොමැති කමින් පැය හත අට විදුලිය කපමින් සිටි රට එම අඳුරෙන් මුදවා ගැනීමත්ය. අසූව දශකයේ සිට ගල් අඟුරු බලාගාරය ප්‍රමාද කරමින් අධි මිළ ඩීසල් මගින් විදුලිය නිපදවූ යුගය අවසන් කළේ, සැමට විදුලිය ව්‍යපෘති හරහා රටටම විදුලිය ලබා දුන්නේ මහින්ද චින්තන වැඩපිළිවෙල හරහාය. 

මුලාශ්‍ර:

http://www.ceb.lk/sub/publications/statistical.aspx

(8)

දිනය                     : 2014-11-01පාර්ලිමේන්තුව

බොරුව                 : වැඩකරන ජනතාව එක් රැස් කරන ධනයට මොකද්ද වෙලා තියෙන්නෙ. උඩ ඉන්න ඉතා කුඩා පිරිසක් අතිශය ධනයක් එක් රැස් කරගෙන තිබෙනව. ඒ එක් රැස් කරගත්ත ධනය ඒගොල්ලන්ට පුලුවන්කම තිබෙනව ලැම්බෝගිනි කාර් ගෙනල්ල රේස් පදින්න. හැබැයි ඒ ගොල්ලො තේ වත්තෙ දළු කඩල නෑ. රබර් වත්තෙ කිරි කපල නෑ. ධනය උත්පාදනය කරන ජනතාවගෙ ධනය එක් රැස් කරල ඒ ධනය නාස්ති කරන පාලකයන්ගෙ දරුවො ඇති වෙලා තියනව. දරුවො මිලියන පන්සිය ගනන් වල කාර් ගෙනල්ල පාවිච්චි කරනව. එක්තරා පැලැන්තියක් එක්තරා කල්ලියක් බිහි වෙලා තියනව.

සත්‍යතත්ත්වය     : යහපාලන මාස 6 තුළම රංජන් රාමනායක ඇමතිවරයා ලැම්බෝගිනී සොයා වෙහෙසුනේය. ප්‍රදර්ශනය සඳහා මෝටර් රථ ව්‍යාපාරික ලෝරන්ස් පෙරේරා මහතා විසින් ලැම්බෝගිනි 3ක් මෙරටට තාවකාලිකව ගෙන්වා ඇත. ඔහු හරහා මේ වන විට මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් ලැම්බොගිනියක් මිළදී ගෙන ඇති අතර තවත් රථයක් මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා සතුව පවතී. ලංකාවේ ඇත්තේ එම ලැම්බොගිනී දෙක පමනි.

මුලාශ්‍ර:

                              http://www.mahinda.info/2015/07/lamborghini/

(9)

දිනය                     : 2014-11-01පාර්ලිමේන්තුව

බොරුව                 : අරලියගහ මන්දිරෙත් පාවිච්චි කරනව. ජනාධිපති මන්දිරෙත් පාවිච්චි කරනව. මහියංගනේ මන්දිරයක් අළුත්වැඩියා කරල හැදුව. කතරගම මන්දිරයක් හදනව. ඇඹිලිපිටියෙ මන්දිරයක් හදනව. අනුරාධපුරේ මන්දිරේ ලොකු කරල හැදුව. නුවර එලියෙ මන්දිරයක් හදනව. කන්කසන්තුරේ මන්දිරයක් හදනව. මොකද්ද මේ පිස්සුව. ජනතාවට හරි හමන් ඉන්න කාමරයක් නා. ගෙයක් දොරක් නෑ. මේකයි සිද්ධ වෙලා තියෙන්නෙ ජනතාවට. ගෙයක් දොරක් හදාගන්න තමන්ගෙ මුළු පඩියම බැංකුවට උකස් තියන්න ඕනි. ඕටී කරන්න ඕනි. වෙන වෙන වැඩ කරන්න ඕනි. හැබැයි රටේ නායකය රට පුරා මන්දිර හදනව. මොකද්ද මේ වෙලා තියන පිස්සුව.         

සත්‍යතත්ත්වය     : අරලියගහ මන්දිරය යටත්විජිත සමයේ සිට පවතින ගොඩනැගිල්ලකි. කොළඹ ජනාධිපති මන්දිරයද චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමය තුළ ඉදිකරන ලද්දකි. මෙහි සඳහන් රටපුරා පවතින ජනාධිපති මන්දිර ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් ගම් උදාව වැඩසටහනට සමගාමීව නිර්මාණය කරන ලද දෑය. වසර 25ක් පමණ පැරණි එම ගොඩනැගිලි පසුගිය රජය සමයේදී දිනේශ් ගුනවර්ධන මහතා අමාත්‍ය ධූරය දැරූ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මගින් අලුත්වැඩියා කරනු ලැබ ඇත. අනුර කුමාර මන්ත්‍රීවරයා පටලවාගෙන ඇත්තේ එම කරුණයි. කන්කසන්තුරේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ල සම්බන්ධයෙන් යහපාලන රජය පත්වූ පසුවද බොහෝ මත ප්‍රකාෂ වුනු අතර එය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව, පදනම් ආයතනය වැනි ආයතන මෙන් උතුරු පළාතේ ඉදිවන ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයක් බව හෙළි වී ඇත.

(10)

දිනය                     : 2014-05-05 පාර්ලිමේන්තුව

බොරුව                 : මෙතන ප්‍රධාන තර්කය කැසිනෝ තියනවද නැද්ද? එස් බී දිසානායක ගරු ඇමතිතුමාගෙ කතාවෙන් තේරුම් යන්නෙ සංචාරක ව්‍යාපාරය මේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත් කරගෙන තියනව.ජේම්ස් පැකර් එක්ක අත්සන් කරපු ගිවිසුම ඉදිරිපත් කරන්න. ජේම්ස් පැකර්ගෙ ව්‍යාපෘති වාර්තාව ඉදිරිපත් කරන්න. ඇත්ත කියන්න. මේකෙ කැසිනෝ තියනව. තමුන්නාන්සෙල කැතයි. කරන දේ කියන්නෙ නෑ.   

සත්‍යතත්ත්වය     : ලංකාව තුළ එජාප රජය යටතේ 1990 පමන සිට කැසිනෝ ක්‍රියාත්මක වේ. දැනටද ක්‍රියාත්මක වන්නේ එකල්හි නිකුත් කරන ලද කැසිනෝ බලපත්‍රයි. මහින්ද රාජපක්ෂ මහතාගේ රජයෙන් එකදු කැසිනෝ බලපත්‍රයක් හෝ නිකුත් කර නැත.එතනෝල් ආනයනය පසුගිය රජයට එල්ල වූ තවත් ප්‍රධාන චෝදනාවක් විය. නමුත් මෙම යහපාලන දින සියය තුළදී එතනෝල් බලපත්‍ර 26කට අධික ප්‍රමානයක් නිකුත් කර ඇති අතර ගිය වසර මුළුල්ලේම ආනයනය කළ එතනෝල් ප්‍රමානය මෙම වසරේ මුල් මාස හය තුළ පමනක් ආනයනය කර ඇත.

(11)

දිනය                     : 2014-03-17 ප්‍රසිද්ධවේදිකාව

බොරුව                 : මහින්ද රාජපක්ෂ මහත්මය බණ අහනව, අරලියගහ මන්දිරේ. ඔයාල හිතන්නෙ සජීවීව බණ අහන එක ලේසි වැඩක් කියලද?ඕන්න, කැමරා හයක් විතර තියනව වටේට. කැමරා මානන කොල්ලො 6යි.කැමරා අල්ලන්ඩ කොල්ලො 6 දෙනෙක් ඕනි. වයර් එක අල්ලන්න කොල්ලො 6යි. නියෝග දෙන්න තව කීපදෙනෙක්. අරෙහෙට දුවනව, මෙහාට දුවනව. ලයිට් මානනව. මහින්ද මහත්තය මේ ජරමර අස්සෙ වාඩිවෙලා බණ අහනව. ඔහොම බණ අහන්න පුළුවන්ද? රටට පේන්න. අපේ අම්මල තාත්තල හිතනව පෙරුම් පුරන බෝසතානෝ        

සත්‍යතත්ත්වය     : 1977 උපන් විවෘත ආර්ථික සංස්කෘතික වටපිටාව හේතුවෙන් සංස්කෘතික ආගමික නැඹුරුව සමාජයෙන් අතුරුදහන් වෙමින් පවතී. එවන් තත්ත්වයක් යටතේ රාජ්‍ය නායකයා ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදායන් රකිමින් කටයුතු කිරීම පැසසිය යුත්තකි. නමුත් ආගම අබිං ලෙසින් උගන්වන මාක්ස් වාදය තම ආගම කරගත් දේශපාලකයෙකුට එය විහිළුවකි. සංස්කෘතික හර පද්ධතීන් මෙසේ හෑල්ලුවට ලක් කරමින් අනුර කුමාර දිසානායකලා ජනවාරි 8 සිදුකල වෙනසින් පසුව රූපවාහිනියට අරක් ගත් පිරිස් ජය ශ්‍රී මහා බෝධිය යට සිට අඩියක් ගැසීමට කතා කරති. ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ආගම නොඇදහිය යුතුය වැනි හානිකර මත තරුණයන් අතර පතුරවමින් සිටිති. අනුර කුමාරලා එම පාපයට වග කිව යුතුය.  

(12)

දිනය                     : 2015-07-08 මැතිවරණවේදිකාව

බොරුව                 : උතුරේ ඡන්ද වර්ජනය කරන්න එල්ටීටී එකට සල්ලි දුන්න. ඒ අනුව තමයි උතුරේ ඡන්ද වර්ජනය වුනේ. හැබැයි ඒ වෙලාවෙ ගොඩක් සල්ලි තිබුනෙ නෑ. ඔක්කොම සල්ලි දෙන්න සල්ලි මදි වුනා. ජනාධිපති වුනාට පස්සෙ උතුරෙ හැදුව නිවාස ව්‍යාපෘතියක් සුනාමියෙන් විපතට පත් වූවන්ට.සල්ලි වෙන් කළා රාඩා ආයතනයට.එල්ටීටීඊ එකට සල්ලි දුන්නෙ ඒක හරහා.   

සත්‍යතත්ත්වය     : මෙම චෝදනාවට මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ බවට කිසිඳු සාක්ෂියක් නොමැති බවට නීතිපතිවරයා විසින් 2015-07-30 දින ශ්‍රේශ්ඨාධිකරනයට දැනුම් දී ඇත. මෙය තවත් එක් බොරුවක් පමණි. මහින්ද රාජපක්ෂ යනු කොටි සංවිධානය සහමුලින් විනාශ කළ නායකයාය. එම සත්‍ය ජනතාවගෙන් වසන් කළ නොහැකිය. එමෙන්ම එම යුද්ධය මෙහෙයවූයේ තමන් බවට ජවිපෙ මෙන්ම අනෙක් විරුද්ධ දේශපාලකයන් විටින් විට කරන විහිළු කතා ජනතාව පිළි නොගන්නා බවද පැහැදිලිය. එබැවින් මොවුන් උත්සාහ කරන්නේ මෙවන් බොරු හරහා එතුමාගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කිරීමටයි.

                              මුලාශ්‍ර:

                              http://www.dailymirror.lk/81611/ag-clears-mr-in-rada-case



මෙම බොරු ප්‍රචාරය කිරීමෙන් ඔබ්බට ගොස් 2015-07-17දිනජනතා විමුක්ති පෙරමුණ විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කරන ලෙස මානව හිමිකම් කොමිසමට පැමිනිලි කරයි. මෙය ඔවුන්ගේ වෛරී දේශපාලනය එළිපිටම ප්‍රදර්ශනය වූ අවස්ථාවකි.

බොරු වාග් ප්‍රහාර වළින් ප්‍රතිවාදියා මැඩළිය නොහැකි වූ විට ඔහුගේ ජීවිතය හෝ අවධානමේ හෙළීමේ වෛරී කොන්ත්‍රත්තුව අනුර කුමාර දිසානායක විසින් අද වන විට භාර ගෙන ඇත.මෙය මාක්ස් වාදයද, එසේත් නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදයද, එසේත් නැතිනම් යුක්තියද, එසේත් නැතිනම් සාධාරනයද, ඒ කිසිත් නොවෙයිනම් අඩුම තරමින් මේ මනුස්සකමද?

නොමිනිස්කමින් මිනිසත්කම වෙන්කර ගැනීමඔබට භාරයි.



-ඉඳුනිල් ප්‍රසන්න
යුතුකම සංවාද කවය
www.yuthukama.com 

[cartoon  :දෙරණ ]

5/18/2015

තාවකාලිකව රජවුනු විජාතිකත්වය පරදා ජාතික ධජය ළෙලවමු

කතෘ:යුතුකම     5/18/2015   2 comments
1815දී අපව ඉංග්‍රීසීන් විසින් ගිවිසුමක් මාර්ගයෙන් කපටි ලෙස (ඔවුන්ගේ කපටිකම් වලට අපි එදවස සිටම රැවටෙමින් සිටිමු.) යටත් කර ගැනීමෙන් පසුව 1818, 1848 ආදී ලෙසින් විවිධ නිදහස් සටන් ඇතිවිය. ඒ සමහර සටන් ජයග්‍රහණයෙන්ද ඇතැම් ඒවා පරාජයෙන්ද කෙළවර විය. ජයග්‍රහණය කළද පරාජය වුවද ඒ සියල්ලම අධීන වූ නිදහසක් බටහිරින් වියෝවූ ජාතික අනන්‍යතාවයක් ගොඩනගාගැනීමට අප යන අනවරත ගමනේ සංධිස්ථාන වෙයි.

අද අපේ හිසට ඉහලින් සුද්දගේ කඩුව එල්ලා නැත. අසු පිට නැගගත් බූට් දාගත් සුදු සොල්දාදුවන් රටේ ඒ කොන මේ කොන කරක් නොගසයි. එසේ හෙයින් අප දැන් නිදහස් ජාතියක්යැයි සමහරෙක් සිතති. එසේ නැතහොත් එසේ සිතන්නට සුද්දන් අපව පුහුණුකර ඇත. නමුත් මේ විශ්ව ගම්මාන බිහිවන යුගයයි. අප සියල්ලෝම විශ්ව ගම්මානයක සාමාජිකයන් යැයි කියැවෙයි. ලංකාව ඒ විශ්ව ගම්මානයේ පිහිටි ගැමි ගෙදරකි. අගහිඟකම් වළින් ගහන අපි එම ගම්මානයේ කටුමැටි ගෙයක වසන හීන්සැරේ හේනක් කොටාගෙන ජීවත් වන හවසට පහළ වෙළෙන් නාගෙන හාල්මැස්සන් හොද්දක් සමඟ පිට්ටුවක් කා පිළේ බූරු ඇඳක නිදාගන්නා ගැමියෙකුට සමාන වෙමු. පසුගිය දොහක අපේ මිදුලට පය තැබූ කෙරී උන්නාන්සේ අපේ ගම් මුලාදෑනියා වෙයි.
අද අපව පාලනය කරන්නේ ඒ මුලාදෑනියා විසිනි. ඒ තුවක්කුවෙන් නොවේ. ආර්ථික ශක්තිය, ජෝර්ජී මහ රජ්ජුරුවන් සහ එලිසබෙත් මහා රාජිනිය නිර්මාණය කරදී ඇති මානව හිමිකම් ආදී නීති රීතිවල අනුහසිනි. 
අප එහෙවු අසරණ  ජාතියකි. ඒ අසරණකම අපේ ස්වභාය ලෙසින් සිතාගෙන දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙනද අපට ජීවත් විය හැකිය. ඉල්ලූ දවසට නාඹර කෙළීවද නාවා උගෙ වලවුවට පිටත් කර හැරිය හැකිය. ඇය ගෙන එන උම්බලකඩය පිරිමසාගෙන රහට හොද්දක් කා නිදාගත හැකිය. එය ජාතියක් ලෙස අපට ජීවත් විය හැකි එක් ක්‍රමයකි.  
මැයි 18 දා කරන්නට දෙයක් නැතිකමට පිළ උඩ ඇනතියාගෙන සිටින ඔබට කල්පනාකිරීමට මම ප්‍රශ්නයක් අසමි. ඇෆ්ඝනිස්තානයට ටොන් ගනනක් බෝම්බ දමා රටම පුපුරවා හැරීමේදී මානව හිමිකම් නොරැකි, ඉරාකය සුන්න දූලි කරද්දී මානව හිමිකම් නොරැකි, ලිබියාව අමු සොහොනක් කිරීමේදී මානව හිම්කම් නොරැකි මේ මුලාදෑනියා අපි මානව හිමිකම් රැක්කාදැයි මෙතරම්ම සොයන්නේ ඇයි? නන්දිකඩාල් කලපුව දෙබෑකරමින් වෙල්ලමුල්ලි වයික්කාල්හි සිරවී සිටි ජනයා දිව ආවේ අපේ හමුදාවන් වෙතටයි. අපේ හමුදාව ඔවුන්ට වෙඩි තැබුවේනම් වෙඩිකමින් ඔවුන් අප වෙතටම දිව ඒවිද? කරුණු එසේ තිබියදී ඔවුහු අප පසුපසම එලවන්නේ ඇයි. අපේ ගෙයි ප්‍රශ්නයම හාරා ඇයිස්සීමට මේ කුඩුකේඩු මුලාදෑනියාට පහළවූ සත්ත කරුණාව කුමක්ද?

1933දී ව්‍යවස්ථාදායක සභාවට සුද්දන් විසින් මන්ත්‍රීන් පත් කලේ ජන අනුපාතයට අනුව නොවේ. ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙසින් ඔවුහු එයට සිංහල සහ දෙමළ
මන්ත්‍රීන්  සමාන ගනනක් පත් කළහ. එලෙසින් ඉන්ංග්‍රීසි උගත් සුපිරි දෙමළ පන්තියට නොසරිලන බලයක් දී ඔවුන්ව ජාතිවාදයක් දෙසට තල්ලු කලේ සුද්දන් විසිනි. දෙමළ නායකයන්ගේ මුල්කාලීන ඉල්ලීමක් වූ අසාධාරන 50 ට 50 ඉල්ලීමට පදනම වැටෙන්නේ ඒ හරහාය. නමුත් 70%ක් පමන සිටින සිංහලයා 50 ට බැස්සවීම සාධාරන වන්නේ කෙසේද? මේ සියල්ලෙන්ම වූයේ සිංහලයාට අසාධාරණයකි. තිස් හය වසරකට පෙර ඇරඹී අදින් හය
වසරකට පෙර නිමා වූ ත්‍රස්තවාදය එළෙසින් ඇරඹි අසාධාරණ උත්සාහයක ප්‍රතිඵලයකි.
වරෙක මගේ මිතුරෙකු මගෙන් ප්‍රශ්න කළේ මේ කුඩා රටට ඔයතරම් බලපෑම් කිරීමට බටහිර ප්‍ර බල රටවලට ඇති වුවමනාව කුමක්ද යන්නයි. එබැවින් ජාත්‍යන්තර අතපෙවීම් විය නොහැක්කක් යැයි ඔහු තර්ක කලේය. එහෙත්
ප්‍රභාකරන් පණ අදින මොහොතේ ඔහුව බේරා ගැනීමට අපේ ජනාධිපති වෙත දුවගෙන ආවේ ඒ ප්ර බල රටවල ප්‍රබල විදේශ ඇමතිවරුය. කෞශ්ල්ය න් මැරුණු අවස්ථාවේ ශෝක පණිවිඩ නිකුත් කලේ ප්‍රබල රාජ්‍යතාන්ත්‍රිකයන්ය. යන්නට අනේකවත් ප්‍ර බල රටවල් තිබියදී කෙරීද මෙහි දුවගෙන ආවේ නිවාඩුවක් කත කිරීමට නොවේ. ඔහු පවසා ඇති පරිදි සමහර විට මේ රජය "හොඳින්" වැඩ කළහොත් ඔබාමාද මෙහි පැමිනෙනු ඇත. අපට නොවටින නමුදු අපේ රට ඔවුන්ට ඒ සා වැදගත්කමකින් යුක්ත වෙයි.

අපව ඔවුන්ගේ ග්‍රහනයේ තබා ගැනීමට ඔවුන් විසින් භාවිතා කරන්නේ මෙම දෙමළ ජාතිවාදී  ප්‍රශ්නයයි. එමඟින් ජාතියේ ගමන් මග දෙපසට ඇද අපව දෙපළු කර දුර්වල කර හැකිනම් මරා දැමීම ඔවුන්ගේ අභිප්‍රායයි.
මේ කුඩුකේඩු ජාත්‍යන්තරය අපේ රටට මේ සා බලපෑම් කරන්නේ මෙම දෙමළ ජාතිවාදී ප්‍රශ්නය ඔවුන් අපව දුර්වල කිරීම සඳහා නිර්මාණය කර පවත්වාගෙන යන දෙයක් බැවිනි. මහින්ද රාජපක්ෂ මහතා ඔවුන්ගේ තරවටුවලට යටත් නොවී ත්‍රස්තවාදය මුළිනුපුටා දමන විට ඔවුන් එතුමා සමඟ වෛර බැඳගන්නේ ඒ ඔවුන්ට එරෙහි ප්‍රහාරයක් වූ බැවිනි. අප දිගින් දිගටම ඔවුන් යටතේ හීන ධීනව දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන සිටිය යුතුයැයි ඔවුහු අපේක්ෂා කරති. අපේ ඇතැමෙකුට එළෙසින් කරබාගෙන සිටිය හැකි නමුදු බහුතරයකට එය කළ හැකි නොවේ.
අප 2009 වසරේ මැයි 18 දින ජයග්‍රහනය කලේ මේ බටහිර අධිරාජ්යබවාදයට එරෙහිව කල සටනකි. ප්‍රභාකරන් සහ ඔහුගේ ජාතිවාදී හමුදාව සුද්දන්ගේ කුලී හේවායින් පමණි. 2009 ජයග්‍රහණය අයත් වන්නේද 1818, 1848 ආදී නිදහස් සටන් වලටමය.

මේ ජයග්‍රහණය අධිරාජ්‍යවාදීන් අපේ නිවට නායකයන් සමඟ සටන් විරාම ගිවිසුම් ගසා හමුදාව බැරැක්ක වලට සීමා කර තිබුනු අවස්ථාවක ලත් ජයග්‍රහණයකි. ප්‍රභාකරන් අනභිබවනීය යැයි ඔවුන්ගේ යුධ විශේෂඥයන් පවසන අතරතුර ලත් ජයග්‍රහණයකි. ඔවුන් අපට අවි ආයුධ භාවිතා කිරීම තහනම් කර තිබූ අවස්ථාවක ලත් ජයග්‍රහ
යකි. චීනය, රුසියාව වැනි අතලොස්සක් හැර ජාත්‍යන්තරය අපට එරෙහිවූ අවස්ථාවක ලත් ජයග්‍රහණයකි. බටහිරයන් කුලියට ගත් නායකයින් නායිකාවන් අපේ බුද්ධි අංශ පාවා දෙමින්, රටපුරා තවලම් යමින් අපේ කොඳු කඩා දමා තිබූ අවස්ථාවක ලත් ජයග්‍රහණයකි. මෙම නිදහස් සටන ජය කෙහෙළි නංවා හත් දොහක් මඟුල් කා සැමරිය යුතු ජයග්‍රහණයක් වන්නේ එබැවිනි.
මෙම
ජයග්‍රහණයේ උරුමකරුවන් වන්නේ 1818දී රටවෙනුවෙන් ජීවිත පූජා කළ කැප්පෙටිපොල ප්‍රමඛ උදාර වීරයන්ගේ පරපුරට මිස එම සටන පාවාදුන් මොල්ලිගොඩගේ නිවට පරපුරට නොවේ. මෙම ජයග්‍රහණයේ උරුමකරුවන් වන්නේ වීර පුරන් අප්පු ගොන්ගාලෙගොඩ බණ්ඩා ප්‍රමුඛ විරුවන්ගේ පරපුරට මිස 1848දීද විරුවන් පාවා දුන් නිවට පරපුරට නොවේ. මේ ජයග්‍රහණයේ උරුමකරුවන් වන්නේ 20වන සියවස මුලදී නැවතත් ජාතිය පුබුදු කළ ධර්මපාලතුමා බිහිකළ පරපුරට මිස ධර්මපාලතුමාට හොරකම් දූශන පිළිබඳ අභූත චෝදනා නගා එතුමාව රටෙන් පන්නා දැමූ විජේවර්ධනලාගෙන් පැවතෙන ජයවර්ධනලාට වික්රරමසිංහලාට නොවේ. අප 2009දී ලැබුවේ බටහිරයන්ට සහ ඔවුන්ගේ මෙරට නියෝජිතයන් වූ 1815 සිටම පැවතෙන නිවට ද්රෝාහී පරපුරට එරෙහි විජයග්‍රහණයකි. යම් හෙයකින් සුද්දන්ට එදත් අදත් කත් අදින සුපිරි පන්තියේ විජේවර්ධනලා ධර්මපාලතුමන් එළවා නොදමන්නට එම නිදහස් සටන පාගා නොදමන්නට මේ ජයග්‍රහණය මීට බොහෝ කලකට පෙර උදාවන්නට තිබිනි.
දැන් මෙම වි
ජයග්‍රහණය සැමරීමෙන් ඉවත්ව එය යටගැසීමට උත්සාහ කරන්නේ කවුරුන්ද යන්න පැහැදිලිය.

ඒ මොල්ලිගොඩලාගේ කාලයේ සිටම අප අතරම ජීවත් වන අපව පාවාදී සුද්දන්ට කත් අදින හීනධීන මනසක් ඇත්තන්ය. ඒ හතුරන්ගෙන් සුළු කොටසක් තිස් වසරක් පුරා ජාතිවාදී විශ පොවා ඇතිදැඩි කළ දෙමළ ජාතිවාදීන්ගෙන්ද ඔවුන්ගේ නායකයන් වන ඉංංග්‍රීසි පන්නයට ඇති දැඩි වුනු සුපිරි දෙමළ පැළැන්තියෙන්ද සමන්විතවෙයි. අනෙක් කොටස ජාතිය පුබුදුවාලූ ධර්මපාල තුමන්ව රටෙන් එළවා දැමීමට කටයුතු කළ ඉංග්‍රීසීන්ගෙන් වරදාන වප්‍රසාද ලද සුපිරි පන්තියයි. මෙම සුපිරි පන්තිය දෙමළ සිංහල භේදයකින් තොරවම ජාතික නිදහසට එරෙහි වෙයි. ඒ ඔවුන්ගේ සුදු ස්වාමිවරුන්ගේ වුවමනාවයි. අවාසනාවකට අද රටේ පාලන බලය එම සුපිරි සුදු සේවකයන් ඩැහැගෙන ඇත. එබැවින් මෙම විජයග්‍රහණය රාජ්‍ය මට්ටමින් සැමරීම සිදු නොවිය හැක්කකි.

සරළ භාෂාවෙන් කිවහොත් කිළිනොච්චි සටන මැදවච්චියෙන් නතරකරන්නට උත්සාහ කළ, තොප්පිගල සටන හෑල්ලු කළ, සටන් විරාම හරහා කොටින්ට රට ලියා දුන් ඇත්තන්ගෙන් මේ විජයග්‍රහණය  සැමරීම බලාපොරොත්තු විය නොහැක. උතුරේ ප්‍රභාකරන් සමරා බෙදුම්වාදී ජවය එහි ජනයා තුළ රෝපනය කිරීමත්, අපෙන් ඒ ජයග්‍රහණය  සඟවා ජාතිය අබල දුබල කර දැමීමත් බටහිරයන්ගේ අවශ්‍යතාවය වෙයි. මේස් ගලවා අතට අත දෙන්නේද කෙරී මෙහි පැමිනෙන්නේද එම අවශ්‍යතාවය ඉටුවන පමනටය.


අප 1818 සටන් කළේ මේ සුපිරි බලවතුන්ගේ ආශිර්වාදයෙන් නොවේ. 1848 සටන් කළේ ඔවුන්ගේ ආශිර්වාදයෙන් නොවේ. ධර්මපාලතුමා ජාතික සටන දියත් කළේ ධන බලයෙන් නිල බලයෙන් වරප්‍රවසාද වලින් සන්නද්ධ මෙම සුපිරි පැලැන්තියේ ආශිර්වාදයෙන් නොවේ. 2009දී මහින්ද රාජපක්ෂ මැතිඳුන් රට විජයග්‍රහණය  කළේ මේ සුපිරි ද්රෝහීන්ගේ අනුබලයෙන් නොවේ. මේ බිමේ උපන් අපට සහජයෙන් උරුම වන ශක්තියක් වෙයි. සුද්දන්ගෙනුත් කලු සුද්දන්ගෙනුත් කෙතරම් බැට කෑවද අදත් අප ජාතියක් ලෙස නැගී සිටින්නේ එම ශක්තිය හේතුවෙනි.
 
2009 ජයග්‍රහණයෙන් වසර 6ක් යන්නට පෙර නැවතත් අපට මහ රැජිනට ආචාර කරන්නට සිදුවී ඇත. කෙරීලාගේ නියෝග වලට යටත් වන්නට සිදුවී ඇත. උතුරේ කොටියා නැවතත් අපේ හමුදාවට පශ්චාත් භාගය පෙන්වන්නට පටන්ගෙන ඇත. අපේ කොල්ලන් 30000ක් පමන වසර 30ක් පුරා එකාමත එකා මැරී වැටෙමින් දිනාගත් මේ දේශයේ නිදහස සමරන්නට හෝ අවස්තාවක් අද අපට නැත.
නමුත් අපි නිවට නොවෙමු. ලැබූ නිදහස පාවා නොදෙමු. දෑසට වැලි ගසා තාවකාලිකව රජවුනු විජාතිකත්වය පරදා නැවතත් ජාතික ධජය මාතෘ භූමිය තුළ ලෙළවන්නට පෙරමුණ  ගනිමු.

 
-ඉඳුනිල් ප්‍රසන්න
යුතුකම සංවාද කවය
www.yuthukama.com

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions